Thursday, September 17, 2015

ලාංකීය දේශපාලනය උඩුයටිකුරු කල මංගලගේ විශ්මිත ග්‍රහ බලය

ලාංකීය දේශපාලනය තුල පසුගිය කාලවකවානුවේදී ඇතිවූවා වූ වෙනස්කම් දෙස බැලීමේදී ඊට සහසම්බන්ධ වූ විප්ලවවාදි දේශපාලන චරිත අතර ජ්‍යොතිෂ්‍යයම කෝණයකින් දේශපාලඥයින් කෙරේ විමසිලිමත් වූ කල එයින් ප්‍රමුඛ ස්ථානය හිමිවන්නේ  මංගල සමරවීර මහතා කෙරෙහිය.
 ලාංකීය දේශපාලනයට කාලානුරූපිව යම් යම් වෙනස්කම් ඇතිකල ඔහු ජ්‍යොතිෂ්‍යයම කෝණයකින් බැලූ කල අප දකින්නේ රජුන් තනන්නෙක් ලෙසය.
එනම් අප එතුමන්ගේ උප්පත්ති ග්‍රහ බලය සූක්ෂම අයුරින් විමසා බැලුවෙමු.

1956 අප්‍රේල් මස 21 වන දින සඳු හිමි කටක ලග්නයෙන් හා සිකුරුට හිමි වූ පුවපල් නැකතෙන් උප්පත්තිය ලැබූ මෙතුමා අද වනවිට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ ප්‍රබලම අමාත්‍ය ධූරයක් වන විදේශ අමාත්‍ය ධූරය හොබවමින් සිටි.
● උප්පත්ති කේන්දරයේ ලග්න භාවයේ ගුරු/බ්‍රහස්පති ග්‍රහයා උච්ච බලයෙන් සිටි.
එය පංච මහා පුරුෂ යෝගයක් වන “ගුරු හංස යෝගය“ යි.
(https://www.facebook.com/irusewaya/photos/a.908983269118753.1073741832.833656709984743/981737555176657/?type=)
ගුරු ලග්න භාවයේ සිටින මෙතුමාට ජිවිත ආරක්ෂාව නිරන්තරයෙන්ම ලැබෙන බව අපගේ විශ්වාසයයි.
මන්ද ගුරු 1 බලවත්ව සිටින අය පෙර ආත්ම භාව වල දිවි සුරකිමින්, ජිවිත හානි නොකරමින් පින් රැස්කල අය වෙති.
එමනිසා අපල උපද්‍රව මැඩගෙන එම කාලයෙදි තමාගේ දේශපාලනය ඉදිරියට ගෙනගොස් ඇත. දැන් හොදම හරිය පටන්ගන්නෙ මෙතනින්ය.


● 2 වැන්න වන සිංහ රාශියේ සඳු බලවත්ව තැන්පත්ය. මෙම චන්ද්‍රයා මෙතුමන් උප්පත්තිය ලබන අවස්ථාව වන විට සිකුරුට අයත් පුවපල් නැකතේ ගමන්කොට ඇත.

● සෙනසුරු සහ රාහු යන ග්‍රහයන් 2ම උප්පත්තියේදි 5 වැන්නේය.

● අඟහරු හෙවත් කුජ ග්‍රහයා උච්ච බලයෙන් 7 වන භාවයේ පිහිටා ඇත.
එය රුචක පංච මහා පුරුෂ යෝගයයි.
(https://www.facebook.com/irusewaya/photos/a.908983269118753.1073741832.833656709984743/913390735344673/?type=)

● කේන්දරයට අනුව රවි සහ බුධ ග්‍රහයන් 10 වන භාවයේ බලවත්ව සිටි.
එය භාග්‍ය යෝගය වේ.
(https://www.facebook.com/photo.php?fbid=203085916553087&set=)
10 වැන්නේ රවි බලවත්ව මයුරපාල යෝගය යෙදී ඇත.
(https://www.facebook.com/photo.php?fbid=138501226344890&set=)

● සිකුරු ග්‍රහයා ස්වක්ෂෙත්‍ර බලයෙන් 11 වැන්නේ තැන්පත්ය, කේතුද එහිම වෙති.
සිකුරු ස්වක්ෂෙත්‍ර බලයෙන් හිඳීම “විෂ්ණු යෝගය“ යි.
(https://www.facebook.com/photo.php?fbid=184723338389345&set=)


එසේ නම් මෙම කේන්දරයේ ඇති බලවත්කම බැලූ බැල්මටම ඔබට පෙනෙනවා නේද....

● ස්වක්ෂෙත්‍ර බලයෙන් සිකුරු 11 වැන්නේ වීම ඉතාම ශුභ තත්වයකි.

පුරාණ කීමට අනුව,  “අයස්ථාන ලැබුවොත් කිවි වමිනා, සියස්ථාන ලැබ සුපිරි සමානා “.

මෙම කේන්දරයේ ඇති ග්‍රහ බලය ඉතාම ප්‍රබල බව ඔබටම වැටහේ.

●● සිව්වැන්නේ පමණක් සෙනසුරු ග්‍රහයා උච්චව සිටියේ නම් මෙතුමාට චක්‍රවර්ති යෝගයද යෙදේ. එය යෙදී තිබුනේ අප සිදුහත් මහ බෝසතාණන්ට පමණි.

මෙතුමාගේ ජිවන වටපිටාවට අදාලව දේශපාලනික තත්වය මේ සමග ලඝු කර බැලීමේදි අප ටිකක් අතීතයට යමු.

● 1983 වසරේදි දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ආරාධනාවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර දිස්ත්‍රික් සංවිධායක ධුරයට පත්වූ මෙතුමා මුල් වරට පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ 1989දීය.

* ඉතාම භීෂණකාරි වටපිටාවක මාතර දිස්ත්‍රික්කය තුල ශ්‍රිලනිපය ජයග්‍රහණය කරවීමටත් එහි අභිවෘද්ධියටත් තරුණ මංගලගේ දායකත්වය ඉතාම ඉහලින් තිබුනි.
ඒ හේතුව නිසාම 1989 දී දැවැන්ත වූ බාධක මැඩගෙන පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් ලෙස පාර්ලිමේන්තුවට පිවිසිමේ භාග්‍ය මෙතුමාට ලැබුනි.


● ඔබ අප සියලුදෙනා දන්නා පරිදි 88-89 භීෂණකාරි වටපිටාව තුල එවකට රැට හැරදා ගිය හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය එංගලන්තයේ සිට ලංකාවට නැවත ගෙන්වන්නට මූලිකත්වය ගත් කෙනෙකි.
චන්ද්‍රිකා මහත්මිය මහ ඇමති, අගමැති, ජනාධිපති වන්නට උදව් කරමින් මෑතක් වනතුරු ශ්‍රීලනිප ප්‍රමුඛ රජයකට මූලික අඩිතාලම දැමීමට මංගල සමරවිර මහතා කල කාර්යභාරය සුළුපුටු නැත.

* යම් කේන්දරයක ගුරු බලවත්ව සිටියදි සිකුරු 11 වැන්නේ බලවත් නම් ඔවුන්ට ඕනෑම අභියෝගයක් විසදා ගැනීමේ හැකියාව පවති. විශේෂ බුද්ධියක් සහ මනා තීරණ ගැනිමේ හැකියාවක් මේ කේන්දරය තුලින් පෙන්වයි.
* තවද අඟහරු 7 වැන්නේ සිටිමෙන් රුචක යෝග බලයද සමගම, දේශපාලනයට අවශ්‍ය වන ඍජු බව, ප්‍රතිපත්ති ගරුක බව මෙම කේන්දරයෙන් මනාව ගම්‍ය වේ.


● 2004 වසරේදී එවකට පැවතුනු රනිල් වික්‍රමසිංහ මහතාගේ එජාප රජය පෙරලා දැමීමට ජනතා විමුක්ති පෙරමුණ සමග සන්ධාන ගතවූ එම කතිකාවේද ප්‍රමුඛත්වය ගත් කෙනෙකි.
ඉන්පසු 2005 දි අගමැතිව සිටි මහින්ද රාජපක්ෂ මහතාව ජනාධිපති ධූරයට පත් කිරිමට දිවා රෑ වෙහෙස වී මනාව සංවිධාන ශක්තියකින් යුක්තව කටයුතු කොට ඔහුව එම පුටුවේ වාඩි කෙරෙව්වේද මෙතුමා යැයි කිව්වොත් එය වැරදි නැත.

● 2005 වසරේදි මෙතුමාට ගුරුගේ මහ දසාව ලැබුවා.
ලග්නයේ සිටින ගුරුගේ මහ දසාව නිසා ඒ ආනුභාවයට මහින්ද රාජපක්ෂ මහතාට උදව් කල මෙතුමා, තම ග්‍රහ බලය නිසාම ජයග්‍රහණය අත්කරගැනිමට හැකිවුවා.
ඉන්පසු ගුරුගේ මහ දසාවේ සෙනසුරු අතුරු දසාව 2007 ආසන්නව ලැබීම නිසා ඉතාම ගැටළුකාරි තත්වයකට පත්වීම නිසා අමාත්‍ය ධූරයද නැතිව එක්සත් ජාතික පක්ෂයට එක්වූවා.

* 2007 සිට ඔහු නුවණින් ක්‍රියාත්මක කල යම් යම් සැලසුම් එක්සත් ජාතික පක්ෂය අද ලැබු ජයග්‍රහණයට සහ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණයට හේතු සහගත වී ඇති බව පෙනියයි.

● දැන් එතුමාට ගතවන්නේ ගුරුගේ මහ දසාවේ සිකුරු අතුරු දශාවයි.
මෙතුමාගේ දේශපාලන ගමන සැබවින්ම නැවැත්විය නොහැක,,

● අප සිතන්නේ ශ්‍රී ලාංකිය දේශපාලනඥයන්ගෙන් ඉතාම වාසනාවන්තම ග්‍රහ බලයක් හිමි පුද්ගලයන් අතර මංගල සමරවිර මහතා ප්‍රමුඛ ස්ථානයේ පසුවේ. එතුමා අතගසන ඕනෑම වැඩක් ඉතාම සාර්ථක වීමේ රහස උප්පත්තියෙන් ගෙනා ග්‍රහ බලයයි.

* විශේෂ දෙයක් කිව යුතුය, ගුරු ලග්නයේ සිටින බැවින් මෙම ග්‍රහ බලය තමන්ට වඩා අන් අය වෙනුවෙන් කැප කර ඇති බව දන්වනු කැමැත්තෙමි.
*සිකුරු ග්‍රහ තාරකාව 11 වැන්නේ බලවත් වීම සාමාන්‍ය කෙනෙකුට බොහෝ මිතුරන් ඇති කරගැනීමට හේතුවකි. එසේ නම් ශ්‍රී ලංකාවේ විදේශ රාජ්‍යතාන්ත්‍රිකයා වන්නේ මංගල සමරවිර මහතා බැවින් අනාගතයෙදි බොහෝ විදේශ රටවල් අප රට සමග මිත්‍රත්වයෙන් අත්වැල් බැඳ ගැනීමට හේතුවක් වනු ඇත.
එයට ආසන්නම හේතුවක් ලෙස මෑතකදි යුරෝපය සමග නවතා තිබු ගුවන් ගමන් සම්බන්ධව සිහිපත් කල හැක.

●  උප්පත්තිය මයුරපාල යෝගයෙන් අලංකෘත වීම නිසා තීක්ෂණ බුද්ධියත්, මනාව තර්කානුකූල වාග් චාතුර්යයත් සිකුරුගේ බලවත්වීම තුල ඉංග්‍රිසි භාෂාව මැනවින් හැසිරවිමත්, චන්ද්‍රයා 2 බැවින් මුඛරි බවත් මෙතුමාට ජන්මයෙන්ම ලැබි ඇත. ගුරු හංස යෝග බලයෙන් සිටින මෙතුමා කිසිවිටෙකත් කෝපාවිෂ්ඨ වන්නේද කලාතුරකිනි.

මංගල සමරවිර මහතාගේ ඉදිරි දේශපාලන කටයුතු -  රටට කරන සේවයන්ට අදාල කටයුතුද සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !

No comments:

Post a Comment