Monday, September 21, 2015

සතියේ ලග්න පලාපලය - සැප් 21 සිට

● මේෂ
ඉතාම ශුභයි.
මෙම සතියෙදි ආර්ථික වාසි නිරායාසයෙන්ම ඔබ කරා පැමිණේ. හිතවතුන්ගෙන් උසස් වැඩිහිටි අයගෙන් දියුණුවට ආධාර උපකාර ලැබේ. සතිය මැදදී ආර්ථික තත්වය යහපත් කරගැනිමට යම් දුරකට යෑමට, පිට පලාත් වල යෑමට සිදුවේ. ආනයන අපනයන කටයුතු කරන අයට, ව්‍යාපාරික කටයුතු කරන අයට ඉතාම සුබ සතියකි.
ගෘහ ජිවිතය ඉතාම සාමකාමිව පවතින මේ සතියෙදි ආගම දහමට සිත නැඹුරු වේ. ගුණ යහපත්කම ගැන අන් අයටද උපදෙස් දෙයි. පවුලේ අය සමග ඉතාම සුහද කිට්ටු සම්බන්ධයක් ඇති කරන ඔබ වැඩිහිටියන්ටද ගෞරව කරයි. ඔවුන්ව වන්දනා ගමන් ආදියට සහභාගි කරගැනිමට සිතයි. ප්‍රීතිමත්ව සිටිය හැක.
ප්‍රබල ග්‍රහ අපලයක් නැත. සෙනසුරු 8 තත්කාලයේ සිටින බැවින් නිදන්ගත රෝග ඇති අය එම තත්වයන් ගැන අවදානයෙන් සිටිය යුතුය.


● වෘෂභ
ශුභ සතියකි.
චන්ද්‍ර චාරය අනුව, සතියේ මුල් දවස් 2දි තරමක අපල පැවතියද එය එතරම් ගණන් ගත යුතු දෙයක් නොවේ. ආදායම් මාර්ග තරවේ. හදිසියේ මිතුරෙකුගෙන්, ඥාතියෙකුගෙන් දියුණුවට උදව් උපකාර ලැබේ.
ව්‍යාපාර කරන අයට, රැකියා කරන අයට සුබයි. රැකියාවේ වැටුප් වැඩිවිම්, ව්‍යාපාරය දියුණු වීම් ආදිය අපේක්ෂිතය.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත් වේ. මේ සතියෙදි මංගල යෝග උදා වේ. අවිවාහක අයට තමාගේ සහකරුවා මුණ ගැසේ. එසේම සිත ප්‍රීතියෙන් පිරෙන කාලයකි. විනෝද වීමට අවස්ථාව උවමනාවටත් වඩා යෙදේ.
සෞඛ්‍ය සෙම් අමාරු සම්බන්ධව ප්‍රවේසම් විය යුතුය. අත්‍යවශ්‍යම කාරණාවකි.


● මිථුන
ඉතාම හොඳ සතියක්.
හවුල් ව්‍යාපාර වලින් හොද ආදායමක් හිමිකරගත හැක. එසේම සියලුම ආර්ථික කටයුතු දියුණු වේ. කරන කියන කටයුතු වල හොද දියුණුවක් ඇතිවේ. මේ සතියෙදි ඔබට අලුත් ආදායම් මාර්ග ඇති වේ. එනිසා ඔබට ඇත්ත වශයෙන්ම දියුණුවෙන් දියුණුවට පත්විය හැක.
ගෘහ ජිවිතය තුල ඉතා යහපත් සම්බන්ධකම් ඇති වේ. එසේම ඔබට මංගල යෝග උදා වේ.  ප්‍රේම සබදතා ඇති අයගේ ඒවා ස්ථිර වේ. ඒ අතර ඔබට සති අන්තයෙදි විනෝද අවස්ථා, ප්‍රිය සම්භාෂණ වලට සහභාගි විමටද වාසනාව ඇත.
සෞඛ්‍ය තත්වය නම් උදරාබාධ, එසේම සෙම් ආශ්‍රිතව එන රෝග ගැන ආරක්ෂා වන්න.


● කටක
සමඵල සතියකි.
කරන කියන කටයුතු වල යම් දුර්වලකම් ඇතිවිය හැක. ආදායම් තත්ව අවහිර වීමට පුලුවන්. ණය තුරුස් වීම නිසා ඔබගේ ව්‍යාපාරික කටයුතු ඇණ හිටිමට පුලුවන්. එසේම ඔබ තවත් මේ සතියෙදි යම්කිසි රැවටීමකටද භාජනය වීමට පුලුවන්, ප්‍රවේසම් වන්න.
ගෘහ ජිවිතය එතරම් ශුභ නොවේ. මේ සතියෙදි ඉවසීමෙන් කටයුතු නොකලොත් ඔබට අඹුසැමි ආරවුල් පවා ඇතිවිය හැක. දෙදෙනා අතර සමගියට සමාදානයට ගැටළු ඇතිවේ. ඉවසිලිමත්ව කටයුතු කරන්න.
නිදන්ගත රෝග ඇති අය පරිස්සම් විය යුතුයි, ඇඟපත වේදනාව, අත්පා වේදනා, සෙම් ආශ්‍රිත රෝග ගැන අවධානයෙන් සිටින්න.


● සිංහ
සමඵලයි.
සතියේ මුල් දවස් 2 කාලය හොදයි. සතිය අගට වෙන්නට මුදල් පාඩු ඇතිවිය හැක. එසේම තමාගේ ඥාති හිතවතෙක් නිසා මුදල් නිස්කාරණයේ වියදම් වීමට පුලුවන. එසේම තමා නොදැනුවත්වම තමා අතින් වියදම් වීමට ඇති ඉඩකඩ ඉතාම වැඩිය.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වේ. මේ සතියෙදි ඥාතින්ගෙන් හිතවතුන්ගෙන් යම් කරදර විමට ඉඩ ඇත. ඒ ගැන සැලකිල්ලෙන් සිටිය යුතුය. ඒ හා සමාන යම් යම් කරදර ඇතිවේ. බුද්ධියෙන් කටයුතු කරන්න.
සෞඛ්‍ය තත්වයේ, අජීර්ණ රෝග, ඇතිවිමට ඉඩ තිබේ.


● කන්‍යා
සාමාන්‍ය සතියකි.
මේ සතියේදි ආර්ථික වාසි ඇති කරගැනිමට බොහෝසෙයින් ඔබ වෙහෙසුනහොත් එයින් ඔබට මහගු ප්‍රතිඵල ලබාගැනිමට පුලුවන. එය ඇත්ත වශයෙන්ම ඔබට හොද සතියක් වීමේ පෙර නිමිතිය.
ගෘහ ජිවිතය ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව ගත වන අතර නිවසට අවශ්‍ය බඩුබාහිරාදිය මිලදී ගැනිමට හැකිය. නිවසට හිතවතුන් ඥාතින් නිතර දෙවේලේ එයි. පවුලේ අය සමග වැඩිපුර වෙලාවක් ගත කරන්නට පුලුවන. සතිය අගදී මංගල යෝජනා පැමිණේ.
සෞඛ්‍ය තත්වය නම්, පපුවෙ සෙම් අමාරු සහ නිදන්ගත රෝග ඇති අය ඒ ගැන පරිස්සම් වන්න.


● තුලා
ඉතාම හොඳයි.
තමාගේ උත්සාහයට අනුව, ප්‍රතිඵල ලැබෙන සතියකි. එසේම පිට පලාත් වල කරන ව්‍යාපාරික කටයුතු වලින් හොද ආදායම් ලැබේ. ඥාතින්ගෙන් - මිතුරන්ගෙන් දියුනුවට අතහිත ලැබේ. මේ සතියෙදි ඔබට බොහෝ හදිසි ධනලාභද ඇතිවිමේ ඉඩකඩක් ඇත.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව ගත වේ. තවද නිවසේ අය සමග යම්කිසි ආකාරයකට සංචාරයක් ඇතිවිමට ඉඩ ඇත. ප්‍රීතිමත් අවස්ථා යෙදේ.
සෞඛ්‍ය තත්වය පපුවේ සෙම සහ යම් ආකාරයකට උදරාබාධ වැළදීමේ තත්වයක්, බෝවන රෝග වැලදීමේ අවදානමක් පවති, කල්පනාකාරි වන්න.


● වෘශ්චික
ඉතාම හොද සතියකි.
මේ සතියෙදි තමාගේ වාසනාවට මෙන් ආදායම් මාර්ග ඉබේ පෑදේ. එසේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේ. සතිය අගදී නොසිතුවිරූ හදිසි ධනලාභයක් ඇතිවිමට හේතුයි.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව ගත වේ. තමාගේ පවුලේ අය සමග ප්‍රිය සම්භාෂණ පැවැත්වීමට හා සහභාගි වීමට ඉඩ තිබේ. වෙනත් සති වලට වඩා දරුවන් සම්බන්ධව උනන්දු වීමට මේ කාලයේ අවස්ථාව ලැබේ.
උගුරේ සෙම් රෝග, පපුවේ සෙම් අමාරු ගැන කල්පනාවෙන් සිටින්න.


● ධනු
ඉතාම සුභ සතියකි.
මෙ සතියෙදි ඔබගේ වාසනාවට අනුව ඉතාම හොද විදියට මුදල් හදල් හම්බ කරගැනිමට ඔබට හැකියාව ඇත. ඔබගේ දියුණුවට හොද පිටුවහලක් මෙමගින් ලැබේ. ආර්ථික වාසි බොහෝසෙයින්ම ලැබේ. සතිය අගදී දියුණුවට උදව් උපකාර හිමි වේ.
ගෘහ ජිවිතය තුල ඔබගේ සතුට සමාදානය හිමි වේ. මෙම සතිය තුල ඔබට දුර බැහැර ගමන් යෙදේ. අසල්වාසින්ගේ ඥාතින්ගේ පැමිණීම ඇතිවේ. එසේම මේ සතියෙදි ඔබ වෙනදාට වඩා පවුලේ දියුණුව වෙනුවෙන් කැපවන බව පෙනේ.
සෞඛ්‍ය තත්වයේ චන්ද්‍රයා ලග්නයේ සිටින බැවින් හිසේ කැක්කුම, සෙම වැඩිවිම, හදිසියේ ජලයෙන් හැදෙන රෝග ආදිය ඇතිවිමට පුලුවන.


● මකර
සාමාන්‍ය සතියකි.
සතියේ මුල් දවස් 2 තුල ආදායම අඩුවිමට, පාඩු සිදුවිමට පුුලුවන. නමුත් ඉන්පසු උදාවන්නේ ඉතාම හොද දවස් කීපයකි. එහිදි ඔබගේ රැකියා කටයුතු මෙන්ම ව්‍යාපාරික කටයුතු වලටද දියුණුව හිමිවේ. නොසිතුවිරු කෙනෙක්ගෙන් දියුනුවට උදව් හිමි වේ.
ගෘහ ජිවිතය තුල අඹුසැමි ප්‍රේමය දළුලන අතර දෙදෙනා අතර කායික මානසික බැඳිම ඉහල යයි. එසේම දරුවන්ටද විශේෂ ලෙන්ගතුකමක් දක්වන කාලයකි. ඔබට සතිය අගදී දුරබැහැර ප්‍රදේශයකට යෑමට සිදුවිය හැක.
සෞඛ්‍ය තත්වයේ, ජලය ආශ්‍රිත බෝවන රෝග, සෙම වැඩිවිමද මේ අතර ප්‍රධානයි, මුල් දින 2-3දි මේ තත්වයෙන් පරිස්සම් වන්න.


● කුම්භ
සමඵල සතියකි.
ඉතාම උද්යෝගයෙන් ඇරඹෙන මේ සතියෙදි ඔබගේ කටයුතු දින 2කට පසු යම් පසුබෑමකට ලක්විය හැක. ඒ තුලදි ඔබ නඩු හබ ආදියට පැටලීම, මුදල් හානියක් ඇතිවිම ආදිය ප්‍රධානයි. එසේම ව්‍යාපාරික කටයුතු කරන ඔබට කිසියම් දුෂ්කරතාවයකට මුහුණ පෑමට සිදුවේ. ඒ ගැන කල්පනාකාරිව සිටිය යුතුය.
ගෘහ ජිවිතය තුල ඔබ වෙනදාට වඩා ප්‍රියමනාප භාවයක් දක්වයි. එනම් දරු පවුලට ලැදියාවක් දක්වයි. අඹුසැමි ප්‍රේමය ඉහල යයි. සතිය අගදි ඔවුන් සමග විනෝද වීමට ඉඩ ඇති අතර, ඔබට විශේෂිත මිතුරෙකු හෝ මිතුරියක් මුණ ගැසිමටද මේ අතර ඉඩ ප්‍රස්ථාව ලැබේ.
සෞඛ්‍ය තත්වය ඇඟපත අසනීප, එසේම සෙම් අමාරු මේවා ප්‍රධානයි.


● මීන
ශුභ සතියකි.
ආර්ථික තත්වය යහපත් කරගැනිමේ විශේෂිත හැකියාවක් ඔබට පවති. කරන කියන කටයුතු මෙන්ම ව්‍යාපාරික කටයුතු වලටද මේ කාලයෙදි යහපත් තත්වයක් උදා වෙයි.
ගෘහ ජිවිතය තුල ඔබගේ දියුණුව මනාව ඉස්මතු වේ. ඔබට සතුටින් සිටිමට සියලුම අවස්ථාව ග්‍රහමය පැත්තෙන් ලැබේ. තවද ඔබට නව මිතුරු මිතුරියන් හඳුනා ගැනීමට අවස්ථාවන් හිමි වේ.
සෞඛ්‍ය තත්වය එතරම් අයහපත් නොවේ. ඇස්වහ කටවහ දෝෂ නිසා ඔබට යම් ගැටළුවක් ඇතිවිමට ඉඩ ඇත. එම තත්වයන් දුරු කරගන්න.

_____________________









No comments:

Post a Comment