Tuesday, September 8, 2015

අලුත් ආණ්ඩුවේ කල දසාව - 2015

2015 වසරේ අගෝස්තු 17 වන දින පැවැත්වූ මහ මැතිවරණයෙන් අප පල කල අනාවැකියේ ආකාරයට ජය ගත්තේ එක්සත් ජාතික පක්ෂයයි.
(https://www.facebook.com/irusewaya/photos/pb.833656709984743.-2207520000.1439821714./1177395312277546/?type=)

(https://www.facebook.com/irusewaya/photos/pb.833656709984743.-2207520000.1440561185./1189831971033880/?type=1)

දැනට හවුල් ආණ්ඩුවක ස්වරූපයක් ගන්නා මෙම රජයේ ඉදිරි අනාගතය කෙබඳු වේවිද.. ?

මෙය ලෝකායතන ජ්‍යොතිෂ්‍යය පාදක කරගනිමින් සහ තත්කාල ග්‍රහචාරය එසේම පාර්ලිමේන්තුව අභිනවයෙන් රැස් වූ වෙලාව හැදූ තත්කාල ග්‍රහචාරය මගින් කියන අනාවැකියකි.

● එම අවස්ථාවේ ලග්නය වශයෙන් නැගෙනහිර ක්ෂිතිජයේ මතුවි ඇත්තේ එම වෙලාවට කිවි හිමි #තුලා ලග්නයයි. විශේෂයෙන්ම #ආණ්ඩු බලය හිමිකරගෙන සිටින එක්සත් ජාතික පක්ෂයේ ලග්නයද තුලා ලග්නයයි. කෙසේ වෙතත් ලග්නය බැලූ බැල්මටම පෙනී යන්නේ ඉතාම බලවත් ආකාරයට ග්‍රහයන් කේන්ද්‍ර ගත වී ඇති ආකාරයකි.

* ලග්නාධිපති #සිකුරු ග්‍රහයා 10 වැන්නේ 7 වැන්නාධිපති #කුජත් සමග 10 වැන්නේ යෝග වීම, එසේම ආර්ථිකයට, කළමනාකරණයට මුල් වන #ගුරු ග්‍රහයා 11 වැන්නේ #රවි සමග බලවත් වීම රජයට වාසි සහගත බව කිව යුතුය. 11 වැන්නේ රවි ග්‍රහයා සිටිම කෝටියක් දෝෂ භංග කරන පිහිටිමකි.
* එසේම #රාහු ග්‍රහයා කේන්දරය තුල බුධ ග්‍රහයා සමග යෝග වීම නිසා 12 #විදේශ #තානාපති අංශ ශ්‍රී ලංකාව සමග අධි මිත්‍රත්වයෙන් කටයුතු කරන්නට පෙළඹෙයි. විදේශ සම්බන්ධතා ශක්තිමත් වන අතර, විදේශ ආධාර, ණය විශාල වශයෙන් රටට ලැබේ.

● රජයේ සිටින පාර්ශව ලබන වසර තුල, යම් කැළඹීමකට හේතුවන්නට හැකියාව ඇත. එසේම සමහර අමාත්‍යාංශ හොබවන අයගේ නොපනත්කම් නිසා ඔවුන්ට පදවි අහිමි වි යාමේද ප්‍රවණතාවයක් පවතී.

* කෙසේ වෙතත් ආර්ථික තත්වය ශක්තිමත් වන අතර, මනුෂ්‍යයන්ගේ එදිනෙදා ජිවිතයේ දුක් කරදර නිවෙන කාලයකි.
ඒ අතරතුර පක්ෂ ලග්නයටද පාර්ලිමේන්තු තත්කාල ග්‍රහචාරයට අනුව බලන කල කේතු 6 වැන්නේ සිටින නිසා කුමන්ත්‍රණ ඇතිවිමට පුලුවන්.
ඒ ගැන රජය විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි.

ලබන වසරේ 2016 වසරේ පෙබරවාරි සිට අප්‍රේල් මාසය දක්වා කාලයේ අමාත්‍ය මණ්ඩලයේ සංශෝධන විය හැක. එසේම රජයට තව පිරිසක් එකතු වීමේ හැකියාවද ඉදිරියේදි ඇතිවේ.

* ජනතාවට පොදුවේ ගත්කල මෙම තත්වය බොහෝ හිතකර බව අපගේ සුවහසක් ඉරු පාඨක ජනතාවට අවධාරණය කරන්නෙමු.
● තවද පසුගිය කාලයේ ව්‍යාජ මත පතුරුවන්නන් කියූ ආකාරයට රටේ නැවත ත්‍රස්තවාදයක් ඇතිවන්නට හැකියාවක් නැති බවද ග්‍රහචාරය අපට පෙන්වයි.

තව බොහෝදේ අවධාරණය කල යුතු වුවද ඒවා පලකිරිමෙන් යම් යම් පාර්ශව වලට අගතියක් සිදුවන නිසා ඒ සම්බන්ධව නිහඬ ප්‍රතිපත්තියක සිටියෙමු.

No comments:

Post a Comment