Showing posts with label අනාවැකි. Show all posts
Showing posts with label අනාවැකි. Show all posts

Wednesday, November 13, 2019

“ නාග ලෝකයෙන් ධාතු වැඩමවීම සහ බැඳුනු මුසාව “



අප දන්නා ඉතිහාසයේ ලංකාවට නාග ලෝකයෙන් සර්වඥ ධාතුන් වැඩම වූයේ රුවන්වැලි මහා සෑය නිමවීමේදීය. එයට හේතුව එහි නිමැවීම මෙන්ම ඊටත් පෙර සම්බුදු රජාණන්වහන්සේ විසින් දන්වන ලද ආකාරයට එවකට සිටි ඉංජිනේරුවරු සහ එම නිර්මාණ ශීල්පීන් කල උපදෙස් අනුවය.
- එම කටයුත්ත සිදු කලේ සෝනුත්තර නම් මහානුභාවසම්පන්න මහරහතුන්වහන්සේ විසිනි. නාග ලෝකයෙන් සර්වඥ ධාතුන් වඩම්මවාගෙන ආ කතාව රසවත් එකකි. එය සොයාගෙන කියවන්න. කෙසේ වුවද මේ ආකාරයට, ධාතුන්වහන්සේලා වඩම්මාගෙන ඒම ගැන උරණ වූ එවකට නාග ලොවේ රජතුමා, රජ දේවිය සහ බාල දියණිය ඊට පලිගැනිමක් ලෙස කල් යල් බලා දුටුගැමුණු මහ රජුට දෂ්ට කරන්නේය. එනිසාම මහා සෑය නිමවන්නටත් පෙර රෝගී වූ රජතුමාට මිය යන්නට සිදුවන්නේය. එය එම නාග රජු, දේවිය සහ දියණිය කරගත් බරපතල අකුසලයකි. එනිසාම ඔවුන්ගේ නිවන් ගමන බොහෝ ප්‍රමාද වූ අතර වසර 2000කටත් වැඩි කාලයක් එම අකුසලය විඳිමින් සිටියහ. මහ පින් කල, සැබවින්ම මගේ ව්‍යායාම බුදු සසුන රැකීම ලෙස කටයුතු කල දුටු ගැමුණු රජු මරණින් පසුව නිදා සිට පිබිදියාක් මෙන් දිව්‍ය ලෝකයේ ඉපිද මහානුභාවසම්පන්න මහේශාක්‍ය දෙව් රජෙක්ව වැඩ සිටී. උන්වහන්සේ නැවත මනුෂ්‍ය ලොව උපදින්නේ ඊලග බුදු සසුනේදී නිවන් දකින්නටය.


● මණි අක්ඛිත නාග රජ්ජුරුවන් යනු නාග ලොවේ රජතුමා නොවේය. එතුමා නාග ලෝකයේ ජිවත් වූ අතර, කැලණියට ලගින් ජීවත්ව සිටි කෙනෙකි. ( නාග ලෝකයෙන් මනුෂ්‍ය ලෝකයට එන දොරවල් 2කි. 1ක් ඇත්තේ ථූපාරාමය අසලය. අනික කැළණි ගංගා පතුලය).
මණි අක්ඛිත නාග රජතුමා කැළණි විහාරයද, කිත්සිරි මෙවන් කැළණි විහාරය ( එගොඩ කැළණියද) ඇති කලේය.
අප අත්දැකීමෙන් දන්නා පරිදි නාග ලෝකයෙන් එම විහාර 2ම වන්දනාමාන කරන්නට පැමිණෙති. කැළණි චෛත්‍ය ගර්භයේ ඇති මැණික් පුටුව බුදුන්වහන්සේට පූජා කල දෙයකි.
අප විසින් ගිය වසරේදි මණි අක්ඛිත නාග රජුගේ පින්තුරයක්ද දෙව් පින්තූර වල පලකර ඇත. එය කැළණි විහාර භූමියේ ඇති පිලිමයයි. මණි අක්ඛිත නාග රජ්ජුරුවන් ඒ දිනවලම දේවත්වයට පත් විය. පසුව නිවන් අත්දකිනා ලදි.
( නාග ලෝකය, මනුෂ්‍ය ලෝකයට වඩා ඉතා කුසලයෙන් සහ සැප සම්පතින් ආඪ්‍ය ජිවිත හිමි අයට ලැබෙන්නකි. නමුත් දිව්‍ය ලෝක තරම්ම නොවෙති. නාග ලෝකයේ බොහෝ අය පුද පූජා පිණිස අප රටට එන අතර, නිවන් සාක්ෂාත් කරගැනිමට මනුෂ්‍ය ආත්ම භව පතන අයද ඕනෑ තරම් වෙති නාග ලොවේ).

ඔබට තවත් කාරණාවක් මෙහිදි කිව යුතුය, වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේනද, හිටපු ජනපති මහින්ද රාජපක්ෂද යන දෙදෙනාම සෝමාවාතිය ජලයෙන් යට වීම වලකනු වස් වේල්ලවල් සාදන ලදි. එයට මහත් පරිශ්‍රමයක් දරන ලදි. නමුත් එම උත්සාහයන් රාජ්‍ය නායකයන් විසින් සිදු කලද කරගැනිමට හැකියාවක් නොවුනි. එයට හේතුව සෝමාවතිය ජලයෙන් යටවීම වසරකට වරක්වත් සිදුවන්නකි. එනම් නාග ලෝකයේ අයට සෝමාවතී දන්ත ධාතුන්වහන්සේ වැද පුදා ගැනීමටය. එය වෙනස් කරන්නට මේ කල්පයේ නොහැක.

- දැන් අපි දෙරණේ කතාවට එමු. දෙරණේ දේශපාලන භාවිතය අප දනිමු.
කැළණි විහාරාධිපති හිමියන්ගේ දේශපාලන භාවිතයද පසුගිය කාලයේ මාධ්‍ය හරහා ඉදිරියට පැමිණියේය.
ඒ අතරයි මේ කාතව එන්නෙ. රුවන්වැලි සෑයට සර්වඥ ධාතුන්වහන්සේලා ලැබුනු අයුරින් දැන්ද එසේ වෙනවා යයි සහ අලුත් නායකයෙක් ලෙස දේශපාලන කාරණාවක් පැවසීම සැබවින්ම කුමන ආකාරයේ දෙයක්ද යන්න බුද්ධිමත් ඔබ තීරණය කල යුතුය !!!

* අපගේ අත්දැකීමෙන්, ප්‍රත්‍යක්ෂයෙන් දත්තා වූ කරුණු අනුවම නිවන් ගොස් ඇති මණි අක්ඛිත නාග රජතුමා මෙසේ නොකරන බව වගකීමෙන් ප්‍රකාශ කරමු !!!

-  @Thivantha Harischandraගේ ඉල්ලීම පරිදි විස්තර සහිතව  පල කරන ලදි !

#ඉරු

irusewaya@gmail.com

Tuesday, November 12, 2019

ජනපතිවරණය 2019 - ජනපතිවරණ සටනේ ඒකාන්ත ජය සජිත්ට,


- මෙවර ප්‍රධාන අපේක්ෂකයන් 2කි.
මින් පෙරද මේ පිං බිම තුල කිරුළ දරා ඇති ඔහුගේ ජයග්‍රහණය නියතයකි.

“ ජ්‍යොතිෂ්‍යයම සිද්ධාන්තයන් අනුව “

● එයින් සජිත් ප්‍රේමදාස මහතාට රාජ යෝග තිබෙන අතර, ගෝඨාභය රාජපක්ෂ මහතාට රාජ යෝග 1ක්වත් නැත. ඒ අනුව මූලිකම සිද්ධාන්තයක් ලෙස ගෙන උවද සජිත් ප්‍රේමදාස මහතා දිනන බව පැහැදිලිව කිව හැක.
- එක තර්කයක් ලෙස මහින්ද රාජපක්ෂ මහතාට රාජ යෝගයක් තිබෙන නිසා ගෝඨාභය දිනනු ඇති බවයි. අප පවුලක යම් නැකතක් සාදන විට නම් අපල අඩුම හෝ හොදම කාලය ගත කරන කෙනාට අනුව නැකත පවුලේ දියුණුවට නැකැත් ලබා දෙයි.
නමුත් ඒ ආකාරයට රටක නායකත්වය ලැබෙන්නේ නැත. රාජ යෝගයක් නැතිව රටේ නායකයා වීම ජ්‍යොතිෂ්‍යය අනුව විය නොහැක.
- තවද බොහෝ අය කතා කල ආකාරයට ඉන්දික තොටවත්ත මහතා පවසන ආකාරයට රාජ යෝගය ඵල නොදීමේ කාලයක් නොවෙයි මේ කාලය සජිත් ප්‍රේමදාසට. ඉහලින්ම ඵල දෙන කාලයක් වෙයි !
( සජිත් ප්‍රේමදාසයන්ගේ නියම කේන්දරය උපතේ සිටම එලියට නොපැමිණි අතර, අප විශ්වාස කරන්නේද අප විසින් කේන්දරය වසර 40කට පමණ පෙර බලා ඇත්තේද මිථුන ලග්නයට අදාලවය)

● ලංකාවේ කේන්දරය අනුව ලග්නය කුම්භ වේ. කුම්භයේ ලග්නාධිපතියා සෙනසුරු හෙවත් ශනිය.
සෙනසුරු නියෝජනය කරන්නේද මහජනතාවය. එසේම ලංකාවේ රාජ්‍ය බලයට ඉතාම වැදගත් ග්‍රහයාද සෙනසුරු වෙයි.
● සජිත් ප්‍රේමදාසගේ සෙනසුරු සිටින්නේ සමවය. නමුත් ගෝඨාභය රාජපක්ෂගේ සිටින්නේ සෙනසුරු ග්‍රහයා සතුරුවය.
● තවද මහ දසා අතුරු දසා අනුව බැලුවත්, තත්කාල ගෝචරය අනුව බැලුවත් මේ කාලයේ සජිත් ප්‍රේමදාස මහතාට රාජ යෝග සපිරි වාසනාවන්ත කාලයක් වන අතර ගෝඨාභය රාජපක්ෂයන්ට ඒරාෂ්ටක අපලයක්ද ගත වන අයහපත් කාලයකි.



 “ මුල - මැද - අග යන 3 විශ්වයටම අදාලව “

⭕ දෙවියන්ගේ ඇල්ම බැල්ම ඇති, පෙර ආත්ම භව වලද ලංකාවේ රාජත්වයට පත් වී ඇති “සජිත් ප්‍රේමදාස මහතා“ මේ පොලවේ රාජ්‍ය නායකත්වයට පත්විම නියතය. දේවාශිර්වාදය ලැබෙන නිසා දිනුම අනිවාර්ය වෙයි. රණසිංහ ප්‍රේමදාසයන්ට තිබුනු ජන ආකර්ෂණය ඔහුටද තිබේ. ඒකාලේ ඇගලුම් කර්මාන්ත ඇරඹීමද, නිවාස ව්‍යාපෘතිද නිසා ජනතාවගෙන් ඔහුට කෘතගුණ සැලකීමට ඡන්දයද හිමි වෙයි.
යම් ජ්‍යොතිර්වේදියෙක්ට වරදී නම් වරදින්නේ ග්‍රහමය පදනමෙන් පමණක් විග්‍රහ කිරීමෙනි. ග්‍රහමය පදනම අනුව කියැවෙන්නේ මැද අවකාශයට අයත් කර්ම ශක්තිය පමණය. එනම් උඩ සහ යට මග හැරෙයි. තවද ජන්ම කේන්දරය කියැවෙන්නේ, උප්පත්ති කේන්දරයේ තිබෙන පෙර කර්ම ශක්තියයි.
⭕ කුමන කෙනා ඡන්දයට පැමිණියද සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වලක්වන්නට බැරි වෙයි.  කුමන හූනියම, ගුරුකම කලත් ඔහු පරාජය කිරීමට හැකියාවක් නැත. සජිත් ප්‍රේමදාසයන්, පෙර සංසාරයේ රහතුන්වහන්සේලාට පැහැදුනු සිතින් උවැටන් කර ඇති නිසාම ඒ මහා කුසලය මේ ජිවිතයේ පමණක් නොව නිවන් දක්නා ජාතිය දක්වාම ඵල දෙයි.
ඔහු ඉතා ඉහලින් ජය ලබනු ලබයි !
එය ඔහුගේ රාජ යෝගයේ බලයට වඩා සැබෑ පිනේ බලයි. පෙර කරන ලද පිනේ විපාකය එසේ වෙයි. දිගු කාලයකට රටේ නායකත්වය දැරීමට ඔහුට පින තිබේ.

⭕ ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙවන්නේ තමන්ගේ අකුසල් ඵල දෙන දැඩි දුෂ්කර කාලයකි. එනිසාම ඉතා දැඩි මානසික පීඩන වලින් යුතුව සිටින කෙනෙක් වන අතර, අකුසල් ඵල දෙන කාලයේ යහපතක් නම් වෙන්නේ නැත. කුමන ආගමික මතවාද, අන්තවාද තිබෙන අය ගෝඨාභය රාජපක්ස මහතාට උදව් කලද කිසිසේත්ම ඔහු දිනන්නේ නැති අතර, බුදු දහම කියා වෙනත් දේ කරනා යම් යම් අසපුද මේ අවස්ථාවේ තමන්ට වෙනම විශේෂයක් කරගැනිමට මාන බැලුවත්, ඔවුන්ද දහමට පිටින් වැඩ කරන අය නිසා සිදුවන්නේ අයහපත්ක පමණි !!!

-
#ඉරු

irusewaya@gmail.com

Saturday, September 28, 2019

2020 ජනාධිපති වන්නේ සජිත්ය - ඉරු අනාවැකි

ඉදිරිය සහ දැන් පවතින තත්වයන් ගැන සියලු කරුණු කාරණා සලකා බැලීමෙන් පසුව, ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට වැඩියම සුදුසුකම සහ ඊට අදාල පින සපුරා ඇත්තේ “ සජිත් ප්‍රේමදාස “ මහතාය.

-  24  ඉදිරියට කාලයෙදි ඔහුගේ පිනට සම්බන්ධ කාරණා 1 බැගින් සිදුවෙමින් ඔහුට රාජ්‍යත්වය ලැබෙන්නට අවශ්‍ය කටයුතු සිදුවනු ඇත.


● සජිත් ප්‍රේමදාස මහතාගේ පින බලවත් බැවින්, පක්ෂයෙන් ඉවත්ව සිටි පරණ පාක්ෂිකයන් මෙන්ම වෙනත් පක්ෂ වල අයද සපිරිවරාගෙන ඉතා ඉහල ජයක්, වාර්තාගත ජයක් ලැබීමට නියමිතය.
( මෙය කුමනාකාරයේ හදි හූනියම් - ගුරුකමකින්වත් වැලැක්විය නොහැකි බවද අවධාරණය කරමු)

පසුගිය දිනවල බොහෝදෙනා කතා කරනවා ඇසුනේ, සජිත්ට යුඑන්පියෙන් අපේක්ෂකත්වය දෙන්නෙ නෑ කියාය. දැන් එය ලැබී ඇත.
ඒ ආකාරයටම, ඉහල ප්‍රතිශතයකින් ඊලග ජනාධිපතිවරයා ලෙස සජිත් ප්‍රේමදාස පත්වීමට නියමිතය !!!

රටේ ඊලග වසර 10කට පමණ කාලයකට නායකත්වය මෙන්ම ඊට පසුව පවා දේශපාලනේ වැදගත් භූමිකාවක් කරන්නට සජිත් ප්‍රේමදාසයන්ට වාසනාව - පින පවති !


 #sajithpremadasa #spg2020

#ඉරුසේවය #ඉරුසැප්2019

Tuesday, August 20, 2019

ඔබ මනා විමසිලිමත්භාවයකින් සහ බුද්ධියකින් යුතුව අපගේ ජනාධිපතිවරණ අනාවැකි බැලුවේ නම්, දැනටම ඉදිරි ජනාධිපතිවරයා ගැන ඔබට නිවරදිවම සිතාගත හැකි පරිදි අප විසින් පල කිරීම් කර ඇත !!!

- 2015 ජන 6 වන දින රාත්රී පල කල සතියේ ලග්න පලාපලයේ, අප විසින්,

එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටද - “ කන්යා ලග්නය “
එවකට පොදු අපේක්ෂක - මෛත්රීපාල සිරිසේන - “ තුලා ලග්නය “

කල පලකිරීම ගැන සිතන්න. ඒ අනුව ලබාදී ඇති ඉඟි අනුව ව්යංගයෙන් නොකියා කියූ දෙය තීරණය කිරීම බුද්ධිමත් පාඨක ඔබට භාරය !!!
( අදාල ලින්ක් එක
https://www.facebook.com/irusewaya/photos/a.1177395292277548/1046614745355604/?type=3&theater
)

#ඉරු #ඉරුඅගෝ2019 #srilanka #lka #president2020

Friday, June 14, 2019

සිංහලයන් 71-72%

යම් පිරිසක් ඉතා බියවී ඇත්තේ ලංකාවේ බහුතරය මුස්ලිම් අය වනු ඇත කියාය. සමහර ස්වාමින්වහන්සේලා විසින් කරන ලද ප්‍රකාශද මේවා මෙසේ සිතන්නට තුඩු දී ඇත.

- මේ රට ඊලග කල්පාන්තය තෙක්ම සිංහල බෞද්ධයන් මූලිකව සිටින රටකි ( දැන් සිට)
- අප දන්නාදේ අනුව, භාවනානුයෝගී උතුම් අධ්‍යාත්මික ගුණ සහිත අයගේ දැනුම අනුව එය වෙනස් වන්නේ නැත. යම් පිරිසක් එසේ කරන්නට උත්සාහ කරන්නේ නම් ඔවුන්ටද විශ්වය විසින්ම දඩුවම් දෙනු නියතය.

● මේ කාරණා අපගේ අංශයෙන් හැරුණුකොට දැනගැනීමට, අප විසින් මෑතකදී ජන සංඛ්‍යාලේඛන සම්බන්ධව සොයන ලදි. ඒ අනුව, සිංහලයන් 71-72% අතර ප්‍රමාණයක් සිටිති.
* යුද්ධයෙන් පසු එනම් 2009ට පසුව සිංහල ජන ප්‍රමාණය වැඩි වීමද සිදුවී ඇත. ළමයින් 1-2 හැදුවද සිංහල ජාතිය අඩු වී නැත ( ළමයි 1-2 ප්‍රමාණවත් නැත). යම් ප්‍රමාණයක් වැඩිවී ඇත.
● 9.7-10.1% සිටින ජනවර්ගයකට ලංකාවේ ප්‍රධාන ජන කොටස වන්නට නම්, එයට ඔවුන්ගේ වර්තමාන වේගය අනුවද 2200ටත් එහා කාලයක් ගත වනු ඇත. මුස්ලිම් ජනයා වැඩිම ජන සංඛ්‍යාව බවට පත්වූ රටවල් බොහෝමයක් එසේ කර ඇත්තේ යුද්ධයන් මුල් කරගෙනය. දරු උපත් ප්‍රමාණයෙන් නොවේය.
- නැති භංග වෙමින් පවතින ISIS බෝම්බ පිපිරෙව්වේද ඔවුන්ට අවශ්‍ය පරිදි මුස්ලිම් ජනතාවට අනිකුත් ජනතාව විසින් ප්‍රහාරයන් එල්ල කර ඉන්පසුව මේ රට තුල ත්‍රස්තවාදි කටයුතු සිදු කරගෙන යෑම මුල් කරගෙන විය යුතුය.

- නමුත් 30 වසරක යුද්ධය ගැන දන්නා ලංකාවේ ජනතාව එසේ මෝඩ වූයේ නැත. දේශපාලුවන්ට වාසි ලැබෙන්නට, ජනතාවට කරදර වන්නට නැවත ජාතිවාදි ගිනි ඇවිලෙව්වේ නැත.
එනිසා දැනටද පවතින පරිදි ISIS ඉතාම පසුබෑමක සිටින අතර ඉදිරි වසර වල නැත්තටම නැතිවනු ඇත.

● මුස්ලිම් ජනතාව පසුගිය වසර 10-20 කාලයෙදි, ඇඳුමින්, ආහාර වලින්, බැංකු, විවාහ නීතියෙන් සහ තවත් යම් යම් දෑ වලින් ශ්‍රී ලාංකේය ජනතාවගෙන් ඈත් විය.
- තවමත් ඔවුන් නියම ශ්‍රී ලාංකේය මුස්ලිම් වරුන් වන්නට නිසි සූදානමක් ඇති බවක් අපට පෙනෙන්නේ නැත. එසේ වන්නේ නම් ගැටළු අවම වනු ඇත.

* වසර යම් ගණනාවකට පසුව, ලෝකයම ජනශූන්‍ය තත්වයට පත්වෙයි. එදාට වැඩිම ජන සංඛ්‍යාව සිටින්නේ කාටද යන්න කාටවත් ප්‍රශ්නයක් නොවනු ඇත බව අපගේ විශ්වාසයයි !!!

#ඉරු #ඉරුජුනි

Sunday, April 21, 2019

_ ඊලග ජනාධිපතිවරණය සහ අපගේ අදහස _



ඊළඟ ජනාධිපතිවරණය 2019ට පෙර පැවැත්විය යුත්තකි. එනම් 2019 ජන. 8 වනවිට නව ජනාධිපතිවරණයෙක් සිටිය යුතුය.

●  ජනාධිපතිවරණයට අනිවාර්ය ඉදිරිපත් වන අපේක්ෂකයා වන්නේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය.
●  එජාපයෙන්ද මෙවර  අපේක්ෂකයෙකු ඉදිරිපත් කරනු ඇත.
●  මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ පොහොට්ටුවෙන්ද අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම සිදුවන අතර, ඒ ගෝඨාභය රාජපක්ෂ මහතාද යන්න නිවරදිවම කීමට තාම නොහැක්කේ, පොහොට්ටුවේ 90%ක බලයට, වාසනාවට හිමිකම් කියන චන්ද්‍රාධියෝගය නම් සුවිශේෂි රාජ යෝගය හිමි මහින්ද රාජපක්ෂ මහතා තවමත් ඒ ගැන නිශ්චිතව කියා නැති බැවිනි.

●  ජනාධිපතිවරණය බොහෝවිට තුන්කොන් සටනක් වන්නට ඉඩ ඇත.
ඡන්ද හිමි නාම ලේඛනයන් සහ රටේ ජනගහණය අනුව බැලූ කල ජයග්‍රහණය කරන අපේක්ෂකයාට මෙවර ලක්ෂ 65-70ක්වත් උවමනාය.

- එජාපයේ ජනාධිපති අපේක්ෂකයා වන්නේ වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හෝ නිවාස ඇමති සජිත් ප්‍රේමදාස මහතාය.
- පොහොට්ටුව නියෝජනය කරන අය සෑමදෙනාම ගෝඨාභය රාජපක්ෂ මහතාට කැමති නැති අතර, එනිසා සහ ඉදිරියෙදි සිදුවන තත්වයන් නිසා(පොහොට්ටුව ඒකමතිකව සිටිද නැත්නම් පාර්ශවය කීපයක් වේද යන්න) ඒ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වේද යන කාරණාවත් සැකසහිතය.

●  පොදුවේ සියලු දේශපාලකයන් ගැන අප්‍රසාදයක් ගොඩනැගී ඇති වුවද සියල්ල සලකා බලා කෙනෙක් පත් කරගැනීම ජනතාව විසින් සිදු කරනු ඇත. අනාගත ජනාධිපතිවරයා දැනටද දේශපාලනයේ නිරත කෙනෙක් වීමද අප විසින් විශ්වාස කරන දෙයකි.

#ඉරුඅනාවැකි #ඉරු

Wednesday, January 30, 2019

“ දෑස නොපෙනුනාට හොද අනාගතයක් හිමි බව“ - වසර 5කට පෙර අප ඉන්දික තොටවත්ත ගැන කියූ දේ !

අද ලංකාවේ ප්‍රසිද්ධම ජ්‍යොතිර්වේදියෙකු වන, ඉන්දික තොටවත්ත මහතා ගැන, වසර 5කට පෙර ස්වර්ණවාහිනිය ප්‍රවෘත්ති අනුව බලා අප පල කල අනාවැකිය,
“ දෑස නොපෙනුනාට හොද අනාගතයක් හිමි බවයි“ ..

-අම්බලන්ගොඩ වතුපිටිවල සිට කේන්දර පරික්ෂා කල ඉන්දික තොටවත්ත මහතා දැන් කොළඹ ප්‍රදේශයේ බොහෝ දෙනෙක්ට සේවය ලබාදෙනවා.
- ඔහුට ජ්‍යොතිෂ්‍යයට අමතරව, පෙර ආත්මගත සම්බන්ධ විඥානයකද සහය තිබෙන බව අපට කිව හැකිය.


* අප කියා ඇත්තේ, ඉන්දික තොටවත්ත මහතාගෙ අනාවැකි හරියනවාද වරදිනවාද ගැන නොව, ඔහුගේ අනාගතය හොද බැවින් ඔහු ප්‍රසිද්ධ වන බවයි. එය දැන් සිදුවී ඇත.

Tuesday, December 18, 2018

ඉදිරියේදීද බලය ලැබීමට නියමිත..

ඔක් 26 සිදු වූ දෙය, රටේ ව්‍යවස්ථාවට පටහැනි බව අධිකරණයෙන් තීන්දු කර ඇත.

● එම බල හුවමාරුව තාවකාලික එකක් වනු ඇති බව අප ඒ දිනවල ප්‍රකාශ කරන ලදි !
https://www.facebook.com/iruastrology/posts/957397894455215

● 2015 ජනාධිපතිවරණයේද ඍජුව නොකියා යම් ඉඟි ලබාදී ඇති අතර,
https://www.facebook.com/…/a.11773952922…/1046614745355604/…

● 2015 මහමැතිවරණය එජාපයට වැඩි බලයක් එන බව ප්‍රකාශ කරන ලදි.
https://www.facebook.com/…/a.11773952922…/1177395312277546/…

**මේ ආකාරයට ‍‍බොහෝ අවස්ථා වල අප විසින් දේශපාලනයට මෙන්ම වෙනත් කටයුතු ගැනද අනාවැකි පල කර ඇත.

● ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ වලින් වැඩි බලයක් ලැබෙන්නේ එජාපයට වන අතර, රනිල් - සජිත් මූලිකව දෙදෙනාගේ කර්ම ශක්තිය බලවත් නිසා ගමන යනු ඇත. ‍‍මෙයින් කියවෙන්නේ එම දෙදෙනා පව් කර නැති අය බව නොව, එම නායකයන් දෙදෙනාගේ කර්ම ශක්තිය මේ කාලයේ බලවත් බවයි. එනිසා දෙදෙනාට මේ කාලයේ බාධා මැඩගෙන ඉදිරියට යනු ඇත.
- 2019 වසර බොහෝමයක් දේශපාලකයන්ට කර්ම විපාක ලැබෙන වසරක් වීමටද බොහෝ ඉඩ ඇත !

#ඉරු

Iru Sewaya

irusewaya@gmail.com


Monday, December 19, 2016

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සෙනසුරු මාරුවට(2017-01-26) පෙර මිය යාවිද ?



බොහෝදෙනෙක් නිතරම විමසනවා විජිත රෝහණ මහතා විසින් කියන ලද මේ අනාවැකිය ගැන.

අප පැහැදිලිව මේ ගැන අපගේ ස්ථාවරය අවස්ථා කීපයක පල කර තිබෙනවා.
එසේම අප යම් පලකිරිමක් කරන බව කියා ඇත්නම් එය පල කර ඇති. ඒ ගැන දැනගැනීමට නම් අපගේ පලකිරිම් මනාව පරික්ෂා කල යුතුය. ඒවා නොකර සිහිනෙන් නැගිට්ටා සේ දේවල් ඇසීම ගැන අපට ඇතිවන්නේ අප්‍රසාදයකි.

- ඒ මහතා යන අය විසින්, ජාතික නාලිකාවක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ චන්ද්‍රාධියෝගයද නිසා කිසිවෙකුට පරාජය කල නොහැකි බවද, එතුමා නැවත ජනාධිපති වන බව පැවසූ අතර, පෞද්ගලික නාලිකාවක මහින්ද රාජපක්ෂ මහතා නැවත පත් නොවන බව කීවේය.
- මේවා නිසි ලෙස නොසොයා, ඒ මහතා කියන ලද කිසිවක් වරදින්නේ නැති බව කියමින් අපට මසේජ් එවීම ගැනද අපට ඇතිවන්නේ බලවත් අප්‍රසාදයකි.

* අප දන්නා දැනුම සහ අධ්‍යාත්මික දියුණුව ඇති භාවනානුයෝගි උතුමන්ගෙන් අප විමසන ලද කරුණු අනුව, මෛත්‍රිපාල ජනාධිපතිතුමන්ට කිසිදු ජිවිත හානියක් සෙනසුරු මාරුවට පෙර(2017 ජනවාරි 26) සිදුවන්නේ නැත.
එතුමාට තිබුනු මාරකය ගෙවී අවසන්ය.
අනිත් කාරණය කිසිවෙකුගේ මරණය ගැන උදම් අනමින් පැවසීම සදාචාරයට පටහැනි අමානුෂීය කාරණාවකි.
ජ්‍යොතිෂ්‍යය වැනි ගරු කටයුතු ශාස්ත්‍රයක් එවන් බාල කටයුතු වලට භාවිත කිරීම සැබවින්ම කණගාටුදායකය.

* එසේම විවිධාකාර අවස්ථාවල පවතින ආණ්ඩුව මාරු කර අලුත් ආණ්ඩුවක් ඇති වන බව විවිධ ජ්‍යොතිර්වේදින් සහ විවිධ යක්ෂ - ප්‍රේත - භූත වැනි අමනුෂ්‍ය කොටස් වලින් වැඩගන්නා බොහෝ අය කරතත්, එවන්නක් 2020 වනතුරු සිදුවන්නේද නැත.

- සෙනසුරු මාරුවට තව ඇත්තේ මාස 1 සති 2කටත් අඩු කාලයකි. එනිසා සත්‍යතාවය බලාගැනීමට සැමටම හැකියාව ඇත.

** මෙය විජිත රෝහණ මහතාට අපහාසයකට පල කරන්නක් නොව, එතුමා විසින්ම කල කතාවන් නැවත පලකිරිමක් පමණි !!!


#ඉරුඅනාවැකි2016 - Iru Sewaya

irusewaya@gmail.com
+94 77 2238041

Wednesday, November 2, 2016

මේ වසරේ(2016) #දෙසැම්බර් මාසයේ සිට ක්‍රමිකව, සෙමින් රටට #යහපත් කාලයක් උදා වෙයි.
ලබන වසරේ(2017) #ජනවාරි අග සිදුවන #සෙනසුරු මාරුවත් සමග එය තවත් යහපත් වන්නට පටන් ගනු ඇත.

කුමන කාලයක වුවද #අකුසල් කර්ම #විපාක ඇති අයට ඒවා ගෙවීමට සිදුවෙයි. අපල උපද්‍රව යනාදියෙදි හැකි තරම් ධාර්මික වීමත්, ඉවසීමෙන් බුද්ධියෙන් කටයුතු කිරීමත් කල යුතුය.

නිසි ලෙස #සීලය රැකීමද, ප්‍රතිපත්තියට අනුව කටයුතු කිරීමද අනිවාර්යෙන්ම විය යුතු දෙයකි. එවිට දේවාශිර්වාදයද ලැබෙනු ඇත.

ඉදිරි වසර කීපයේදී #රටට - ලොවටම #ධාර්මික වන කාලයක් උදා වෙයි.
වැරදි කල අයට තමන්ගේ කර්ම #ශක්තිය අනුව අකුසල් විපාක ලැබෙයි. එයට ලොකු - පොඩි භේදයක් නැත.
අන්තවාදීත්වයත්, ත්‍රස්තවාදිත්වයත් කරපින්නාගෙන ලොවටම කරදර කරන ආගමික මතවාද වේ නම් ඒවායේ මූලස්ථාන වලට පවා විපාක #දේව මණ්ඩලයෙන් ලබාදෙනු ඇත.

#ජිවිතය නිසි ලෙස ගත කරමින්, මරණින් පසු ජිවිතයද වඩා යහපත් කර ගන්නට නිවරදිව කටයුතු කරන්න !

#ඉරු Iru Sewaya

#ඉරුඅනාවැකි2016