Monday, December 19, 2016

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සෙනසුරු මාරුවට(2017-01-26) පෙර මිය යාවිද ?



බොහෝදෙනෙක් නිතරම විමසනවා විජිත රෝහණ මහතා විසින් කියන ලද මේ අනාවැකිය ගැන.

අප පැහැදිලිව මේ ගැන අපගේ ස්ථාවරය අවස්ථා කීපයක පල කර තිබෙනවා.
එසේම අප යම් පලකිරිමක් කරන බව කියා ඇත්නම් එය පල කර ඇති. ඒ ගැන දැනගැනීමට නම් අපගේ පලකිරිම් මනාව පරික්ෂා කල යුතුය. ඒවා නොකර සිහිනෙන් නැගිට්ටා සේ දේවල් ඇසීම ගැන අපට ඇතිවන්නේ අප්‍රසාදයකි.

- ඒ මහතා යන අය විසින්, ජාතික නාලිකාවක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ චන්ද්‍රාධියෝගයද නිසා කිසිවෙකුට පරාජය කල නොහැකි බවද, එතුමා නැවත ජනාධිපති වන බව පැවසූ අතර, පෞද්ගලික නාලිකාවක මහින්ද රාජපක්ෂ මහතා නැවත පත් නොවන බව කීවේය.
- මේවා නිසි ලෙස නොසොයා, ඒ මහතා කියන ලද කිසිවක් වරදින්නේ නැති බව කියමින් අපට මසේජ් එවීම ගැනද අපට ඇතිවන්නේ බලවත් අප්‍රසාදයකි.

* අප දන්නා දැනුම සහ අධ්‍යාත්මික දියුණුව ඇති භාවනානුයෝගි උතුමන්ගෙන් අප විමසන ලද කරුණු අනුව, මෛත්‍රිපාල ජනාධිපතිතුමන්ට කිසිදු ජිවිත හානියක් සෙනසුරු මාරුවට පෙර(2017 ජනවාරි 26) සිදුවන්නේ නැත.
එතුමාට තිබුනු මාරකය ගෙවී අවසන්ය.
අනිත් කාරණය කිසිවෙකුගේ මරණය ගැන උදම් අනමින් පැවසීම සදාචාරයට පටහැනි අමානුෂීය කාරණාවකි.
ජ්‍යොතිෂ්‍යය වැනි ගරු කටයුතු ශාස්ත්‍රයක් එවන් බාල කටයුතු වලට භාවිත කිරීම සැබවින්ම කණගාටුදායකය.

* එසේම විවිධාකාර අවස්ථාවල පවතින ආණ්ඩුව මාරු කර අලුත් ආණ්ඩුවක් ඇති වන බව විවිධ ජ්‍යොතිර්වේදින් සහ විවිධ යක්ෂ - ප්‍රේත - භූත වැනි අමනුෂ්‍ය කොටස් වලින් වැඩගන්නා බොහෝ අය කරතත්, එවන්නක් 2020 වනතුරු සිදුවන්නේද නැත.

- සෙනසුරු මාරුවට තව ඇත්තේ මාස 1 සති 2කටත් අඩු කාලයකි. එනිසා සත්‍යතාවය බලාගැනීමට සැමටම හැකියාව ඇත.

** මෙය විජිත රෝහණ මහතාට අපහාසයකට පල කරන්නක් නොව, එතුමා විසින්ම කල කතාවන් නැවත පලකිරිමක් පමණි !!!


#ඉරුඅනාවැකි2016 - Iru Sewaya

irusewaya@gmail.com
+94 77 2238041

No comments:

Post a Comment