Wednesday, December 21, 2016

සතියේ ලග්න පලාපලය - දෙසැ 20 සිට

-

මේ සියල්ල පොදු කරුණුය - කේන්දරය අනුව වෙනස් විය හැක.

-
● මේෂ
ආර්ථික දියුනුව උදා කර ගැනිමට බාධා මතුවේ. ආදායම් මාර්ග බිද වැටීමේ අවදානමක් පවතින බැවින්  කල්පනාකාරිව කටයුතු කල යුතුය.
රැකියාවේ ඉදිරි දියුනුවට බාධා පැමිණීමටද ඉඩ ඇත. උසස්විම් සහ තරග විභාග ආදිය ප්‍රමාද වන්නට හේතු යෙදේ.
ගෘහ ජිවිතය තුල  
පවුලේ අය සමග සමගියෙන් හා සහයෝගයෙන් සිටීමට අවස්ථා උදාවේ. තම   වැඩ කටයුතු සාර්ථකව ඉටුකර ගැනීමට අවස්ථාවන් හිමි වෙයි.

-

● වෘෂභ
ආදායම් මාර්ග වලින් නිසි ප්‍රතිඵල ලබාගැනිමට හැකි වෙයි. වෙළදාම් කටයුතු සහ එම තත්වයන් යහපත්ව පවත්වාගෙන යාමට හැකිවේ.
නව  රැකියා සොයන අයට හොද රැකියා ලැබේ. ආයතන ප්‍රධානීන් සමග ගැවසිමට අවස්ථාවන් උදාවේ. රැකියාවේදී  විනෝද ගමන් බිමන්වලට යාමට අවස්ථා උදා වෙයි.
ගෘහ ජිවිතය තුල පවුලේ සමගිය වර්ධනය වේ. ප්‍රීති උත්සව, ප්‍රිය සම්භාෂණ ආදියට සහභාගි වීමටත් ඒ තුලින් යම් විනෝදයක් ලැබීමටත් හැකියාව ඇත.

-


● මිථුන
නව ආදායම් මාර්ග වලට යොමු විමට අවස්ථා උදාවේ. මෙතෙක් තිබුනු බාධා සැලකිය යුතු ලෙස  ඉවත් වේ. එහෙත් තරමක් වියදම වැඩිවන කාලයක් බැවින් අරපරිස්සම් වන්න.
නව  රැකියා සොයන අයට නව රැකියා අවස්ථාවන් උදාවේ.  නමුත් කරන රැකියාවෙන් තමන්ට යහපත් ප්‍රතිඵල ලැබීමත්, උත්සාහයේ තරමට ප්‍රතිඵල ලැබීමත් අඩුය.
ගෘහ ජිවිතය තුල පවුලේ සහයෝගය ලැබීම අඩු විය හැකිය. මේ තුල බුද්ධිමත්ව කටයුතු කරන්න.
 ඉගෙනීම් කටයුතුවල යෙදෙන දරුවන්ට ඒ පිලිබදව පවතී ගැටළු විසදා ගැනීමටඅවස්ථාව උදාවේ.

-

● කටක
නව ආදායම් මාර්ග වලට යොමු විමට අවස්ථා උදාවේ. බාධා - කරදර ඉවත් වේ. වියදම වැඩිවීමට හේතු ඇති වන කාලයකි.
නව රැකියා සොයන අයට නව රැකියා අවස්ථා උදාවේ. නමුත් රැකියාවෙන් සාර්ථක ප්‍රතිඵල ලැබීම අඩු විය හැක. නොපසුබස්නා උත්සාහයෙන් යුතුව කටයුතු කරන්න.
ගෘහ ජිවිතය තුල පවුලේ සහයෝගය ලැබීම අඩු විය හැකිය. එම කටයුතු සාමාන්‍ය පරිදි සිදුවෙයි.
 ඉගෙනීම් කටයුතුවල යෙදෙන දරුවන්ට ඒ පිලිබදව පවතී ගැටළු විසදා ගැනීමට හැකි වේ.

-

● සිංහ
අාදායම් මාර්ග වලින් යහපත් ප්‍රතිඵල ලැබීමට අවස්ථා උදාවේ. මුල්‍ය ආයතන වලින් ණය ලැබෙයි. ආර්ථික ගැටළු වලට විසදුම් සොයා ගැනීමට හැකි වෙයි.
කරන රැකියාවෙ උසස්වීමක් හො වෙනස් විමක් සිදුවන කාලයකි. ආයතන ප්‍රධානින්ගෙන් පැසසුම් ලැබෙනු ඇත. නව රැකියා අවස්ථා උදාවේ. බාධා ජය ගැනිමට හැකියාව ලැබෙනු ඇත.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වනු ඇත. සතුටින් ගත කිරිමට හැකියාව ඇත.
 දරුවන්ගේ ඉගෙනීම් කටයුතු වල නව ප්‍රවණතාවක් ඇතිවේ.

-

● කන්‍යා
ලොතරැයි ජයග්‍රහණය - හදිසි ලාභ හිමිකර ගැනීමටද වාසනාවන් උදාවන කාලයකි. අදායම් තත්වය යහපත් වේ. මෙතෙක් පැවති ගැටළුකාරි තත්ව විසදා ගැනීමට හැකිවෙයි.
  නව රැකියා අවස්ථා උදාවේ. රැකියා ස්ථානයේ  තමන්ට මෙතෙක් තිබු ගැටළු විසදා ගැනීමට හැකිවේ. සිතට තරමක සතුටක් දැනෙනු ඇත.
ගෘහ ජිවිතය තුල  පවුලේ සමගිය වර්ධනය වෙයි. මිතුරන් - ඤාතින් අතර හොද හිත වර්ධනය වෙයි. අවිවාහක අයට මංගල යෝග උදා වේ. දුර බැහැර විනෝද ගමන් බිමන් යෙදේ.

-


● තුලා
මුල්‍ය කළමනාකරණයේ අඩුපාඩු පෙන්වයි. එනිසාම වියදම් පාලනය කරගත යුතු වෙයි. නැතහොත්  ණය ලබා ගැනිමට පවා සිදුවිය හැක.
රැකියාව කාර්යබහුල වේ. සුදුසුකම් වලට සරිලන රැකියා අවස්ථා උදාකර ගැනීමට වාසනාව ඇති වේ. බාධා ජය ගැනිමට හැකියාව ලැබේ.
ගෘහ ජිවිතය තුල අවිවාහක අයට  මංගල යෝග උදාවේ.  තීරණ ගැනීම් වලටද අවස්ථා උදා වන අතර මනා බුද්ධියකින් එය කල යුතුය. මිතුරු ඇසුර වර්ධනය වනු ඇත.

-


● වෘශ්චික
මෙතෙක් පැවති බාධා තරමක් ඉවත්වේ. ආදායම් මාර්ග යහපත් කර ගැනිමට හැකි වුවද  ආදායමට වඩා වියදම වැඩි වන්නට ඉඩ වැඩි බැවින් කල්පනාකාරි විය යුතුමය.
 රැකියා ස්ථානයේ ගැටලු තරමක් නිරාකරණය වේ. නව රැකියා අවස්ථා උදාකර ගැනීමට හැකිවේ. රැකියාව කාර්යබහුල වේ.
ගෘහ ජිවිතය තුල අනාගතය පිළිබද වැදගත් තීරණ කිහිපයකට යොමු වන්නට හැකියාව ලැබෙනු ඇත. අවිවාහක අයට මංගල යෝග උදා වේ.
 අධ්‍යාපන කටයුතු වලට තරමක්  බාධාවන් මතු වෙයි. 

-

● ධනු
මෙතෙක් තිබු බාධා ජය ගැනිමට හැකියාව ලැබෙනු ඇත. ආදායම් මාර්ග වැඩි දියුණු කර ගැනිමට හැකිවෙයි. මනා බුද්ධියකින් යුතුව කටයුතු කල යුතුය
  රැකියාවේද  බාධා ජය ගැනිමට හැකියාව ලැබේ.  සුදුසුකම් වලට සරිලන රැකියා අවස්ථා උදාකර ගැනීමට හැකි වෙයි.  රැකියාව බාධා මැද කරගෙන යාමට සිදුවන්නට ඉඩ ඇත.
ගෘහ ජිවිතය තුල  මංගල යෝග උදාවේ. පවුලේ සමගියට තරමක බාධා පැමිණිය හැකි නිසා කල්පනාකාරි විය යුතුය.

-


● මකර
ආර්ථික මට්ටම යහපත්ව  පවත්වාගෙන යාමට හැකි වෙයි. ව්‍යාපාර - වෙළදාම් කරන අයට තරමක දියුණුවක් ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. ඉල්ලුම් කල ණය ලැබේ.
 නව රැකියා ලැබේ. රැකියා ස්ථානයේ ගැටලු නිරාකරණය වෙයි.
ගෘහ ජිවිතය තුල ආදර සබදතා වර්ධනය වේ. අවිවාහක අයට මංගල යෝග උදා වේ. දුර බැහැර ගමන් - විනෝද ගමන් බිමන් යෙදෙයි.

-


● කුම්භ
 දේපල සම්බන්ධ ගැටළු විසදා ගැනීමට හැකියාව ලැබේ. ආර්ථික තත්වය වෙනදාට වඩා ඉහල නංවා ගැනීමටද ඉඩකඩ සැලසේ.
 රියදුරැ රැකියා වල නියුතු අයට සුබ සතියකි. නව රැකියා සොයන අයට මෙතෙක් තිබු බාධා අඩුවේ.
 සුදුසුකම් වලට සරිලන රැකියා අවස්ථා උදාකර ගැනීමට හැකි වෙයි.ගෘහ ජිවිතය තුල  ප්‍රේම සබදතා වලට අවස්ථා උදාවීම වැඩිය. උසස් මට්ටමේ අයගෙන් මංගල යෝජනා ඉදිරිපත් වනු ඇත. පවුලේ සමගියට තරමක බාධා පැමිණෙන්ටද ඉඩ ඇත.

-

● මීන
මුල්‍ය කළමනාකරණයේ අඩු පාඩු පෙන්වයි. එනිසා මුදල් පරිහරණයේදී අරපරිස්සමෙන් කල යුතුමය. ආර්ථික තත්වය පසුබැමකට  ලක්වන්නට ඉඩ ඇති කාලයකි. සුදුසුකම් වලට සරිලන රැකියා ලැබෙනු ඇත. කරන රැකියාව තුල ආයතන ප්‍රධානින්ගේ  දෝෂාරෝපණ එල්ල වීමට ඉඩ ඇති නිසා බුද්ධිමත් වන්න.
ගෘහ ජිවිතය තුල පවුලේ තුල හොද හිත වර්ධනය වන කාලයකි. විනෝද ගමන් බිමන් වලට යාමට අවස්ථා උදා වෙයි.

-
Iru Sewaya

irusewaya@gmail.com
077 2238041

No comments:

Post a Comment