Monday, December 12, 2016

සතියේ ලග්න පලාපලය - දෙසැ13 සිට

* පොදු පලාපලයක් පමණි - කේන්දරය අනුව වෙනස් විය හැක.


-

● මේෂ
නව ව්‍යපාර ආරම්භ කිරීම නොකලයුතු කාලයකි. ආදායම් මාර්ග ඇනහිටින්නට ඉඩ ඇති බැවින්  ප්‍රවෙසම් වියයුතු කාලයකි. මුදල් නාස්තිවිමට කරුණු යෙදේ.
රැකියාවේ පීඩාකාරි ගති වැඩිවන කාලයකි. මහන්සියේ තරමට ප්‍රතිපල නොලැබෙන කාලයකි. නිෂ්ඵල ගමන් බිමන් වලට අවස්ථා උදාවෙයි.
ගෘහ ජිවිතයතුල  විවාහ යෝජනා තරමක්  ප්‍රමාද විය හැක. කල්පනාකාරිව කටයුතු කරන්න. බුද්ධිමත්ව සහ ඉවසීමද ප්‍රගුණ කල යුතු කාලයකි.

-


● වෘෂභ
ආදායම වැඩි කර ගැනිමට පියවරක් ගැනිමට සිදුවන කාලයකි, නැතහොත් ආදායමට වඩා වියදම වැඩිවන කාලයකි.
 නව රැකියා සොයන අයට නව රැකියා අවස්ථාඋදාවේ.  උසස්වීම්, තරඟ විභාග ආදිය ප්‍රමාද වන්නට ඉඩ ඇත. කැපවීමේ මහන්සියේ තරමට ප්‍රතිපල නොලැබේ.
ගෘහ ජිවිතය තුල පවුලේ අය සමග  හොද හිත වර්ධනය වන කාලයකි. විනෝද ගමන් බිමන්වලට යාමට අවස්ථා උදාකර ගත හැක.

-

● මිථුන
ආදායම් මාර්ග වල බාධා ගැටලු නිර්මානය වේ. කල්පනාකාරි විය යුතුය. ණය ගැනීමට හෝ ඉල්ලුම් කිරීමට සිදුවෙයි.
මනා කැපවිමෙන් උත්සාහයෙන් කටයුතු කිරිම තුලින් රැකියා ස්ථානයේ ගැටලු නිරාකරනය කර ගැනීමේ හැකියාව ඇත.
 ඉගෙනීම් කටයුතුවල යෙදෙන දරුවන්ට ඒ පිලිබදව පවතී ගැටළු විසදා ගැනීමට හැකිවේ.
ගෘහ ජිවිතය තුල තුල ආදර සබදතා වර්ධනය වේ. අවිවාහක අයට මංගල යෝග උදා වේ

-

● කටක
නව ව්‍යාපාර ආරම්භ කිරිමට සුබ සතියකි. නව ආදායමි මාර්ග උදාවෙයි. ණය ලැබෙනු ඇත. ව්‍යාපාර ක්ෂෙත්‍රයේ නව  පියවරක් ගැනිමට සුබ කාලයකි. රැකියා කර්මාන්ත වලට තිබු නිදහස අඩුවේ.  දුර බැහැර ගමන් බිමන් යෙදෙයි, වෙනදාට වඩා පිරිස් ඇසුරට අවස්ථා උදාවෙයි.
ගෘහ ජිවිතය සාමකාමිව, සාමාන්‍ය ලෙස ගත කිරිමේ හැකියාව ඇත. දෙමාපියන්ගේ අවවාද ලැබේ. සිතට තරමක සහනයක් දැනෙනු ඇත.

-

● සිංහ
ආදායම වැඩිකර ගැනිමට මෙතෙක් තිබුනු බාධා ඉවත් වේ. එහෙත් වියදම තරමක් වැඩි විය හැක. අලුත් අදායම් මාර්ග වලට යොමු වීමටද අවස්ථාවන් උදා විය හැක.
රියදුරු රැකියා වල නියුතු අයට සුබ සතියකි. නව රැකියා සොයන අයට මෙතෙක් තිබු බාධා අඩුවේ. සාපේක්ෂව රැකියා කරන අයට යහපත් සතියකි.
ගෘහ ජිවිතය තුල ඥාතින් අතර හොඳ හිත වර්ධනය වෙයි. අවිවාහක අයට මංගල යෝග උදා වේ. දරුවන්ගේ ඉගෙනීම් කටයුතු වල නව ප්‍රවනතාවක් පෙන්නුම් කරයි. ඒ කටයුතු වලට යහපත් පසුබිම් සැකසෙනු ඇත. දරුවන් වෙනුවෙන් කැප වන සතියකි.

-


● කන්‍යා
මූල්‍ය ආයතන වලින් ණය ලැබෙයි. ආර්ථික ගැටළු වලට විසදුම් සොයා ගැනීමට හැකි වෙයි. නව ආදායම් මාර්ග උදා වෙයි.
 රැකියාවේ උසස්වීමක් හෝ තරඟ විභාග ආදියට මුහුණ දීමට ඉඩ ලැබේ.   නව රැකියා අවස්ථා උදා වේ. රැකියාව සතුටින් කරගෙන යා හැක.
ගෘහ ජිවිතය තුල  පවුලේ සමගිය වර්ධනය වේ. මංගල යෝග උදා වේ. පවුලේ අය සමග මනා එකමුතුවකින් කටයුතු කල හැක.
අධ්‍යාපන කටයුතු වලට යම් යම් බාධාවන් මතුවෙයි.

-

● තුලා
ආදායමට වඩා වියදම වැඩිවේ. අදායම් මට්ටම පහල බැසීමට කරුණු යෙදේ. මනා බුද්ධියකින් සහ  කල්පනාකාරි කටයුතු කරන්න. ආදායම් මාර්ග වල ගැටළු නිර්මාණය වේ.
නව රැකියා සොයන අයට රැකියා අවස්ථා උදාවේ. රැකියාවේ කටයුතු වලට තරමක් බාධා මතුවේ. කල්පනාකාරි විය යුතුය.
ඉගෙනිමට අමතරව ක්‍රීඩා කටයුතු ආදියට සම්බන්ද වීමට අවස්ථා උදාවේ. ගුරුවරුන්ගේ පැසසුමට ලක්වේ.
ගෘහ ජිවිතය තුල දෙමාපියන්ගේ ආදරය මෙන්ම සැලකීම්ද ලැබෙනු ඇත.

-

● වෘශ්චික
ආදායම් මට්ටම තරමක් පහල යයි. එහෙත් ආර්ථික ප්‍රතිලාභ ලැබීමටත්, ව්‍යාපාර වල දියුණුව උදාකර ගැනීමටත් අවස්ථාව යෙදෙනු ඇත.
නව රැකියා අවස්ථා උදාකර ගැනීමට හැකිවේ. රැකියාව කාර්යබහුල වේ, නමුත්  කැපවීම තුලින්ම ගැටළුදායක තත්වයන් විසදා ගැනීමට හැකි වෙයි.
ගෘහ ජිවිතය තුල ආදර සබදතා වර්ධනය වේ. මංගල යෝග උදා වේ. දුර බැහැර විනෝද ගමන් බිමන් යෙදෙනු ඇත.

-

● ධනු
ආර්ථීක තත්වය තරමක පසුබෑමකට හෝ කඩා වැටිමකට ලක්වන කාලයකි. ප්‍රවේසම්  වියයුතුය, නැතහොත් ණය ගැනිමට හෝ ඉල්ලුම් කිරිමට පවා සිදුවිය හැක.
රැකියාවේ උසස්විමක් හෝ වෙනස් විමක් සිදුවන කාලයකි. රැකියාවේ කටයුතු තුලදී ආයතන ප්‍රධානීන්ගේ00  පැසසුම් ලැබෙයි. නව රැකියා අවස්ථා උදාවේ.
ගෘහ ජිවිතය තුල වැඩිහිටි අයගේ දෝෂාරෝපණයට එල්ල  විය හැක. ඉගෙනීම් කටයුතු වල දී දරුවන් වෙනදාට වඩා උනන්දු විය යුතුය.

-

● මකර
ආර්ථික තත්වය  වර්ධනය වෙයි. ව්‍යාපාර ක්ෂෙත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක්  පෙන්නුම් කරයි. ආර්ථික වශයෙන්  ප්‍රතිලාභ ලැබෙන සතියක් වේ.
කරන රැකියාව කාර්යබහුල වේත සුදුසුකම් වලට සරිලන නව රැකියා අවස්ථා උදාකර ගැනීමට හැකිවේ. සිතට සතුටක් ඇති වේ.
ගෘහ ජිවිතය තුල තරුණ තරුණියන්ගේ  ප්‍රේම සබදතා වර්ධනය වේ.

-

● කුම්භ
මෙතෙක් පැවති ගැටලුකාරී තත්වයන් නිරාකරණය කර ගැනිමට හැකි වෙයි. භූමිය සම්බන්ධ ව්‍යාපාර කරන අයට සුබ සතියකි.
රැකියා සොයන අයට නව රැකියා ලැබේ. රැකියාවේ කාලයක් තිස්සේ පවතී ගැටළුදායක තත්ව විසඳා ගැනීමට හැකිවෙයි.
ගෘහ ජිවිතය තුල  මංගල යෝග උදා වේ. කටයුතු වලදී තීරණ ගැනීම් වලටද අවස්ථා උදාවේ, මනා බුද්ධියකින් කටයුතු කරන්න.  මිතුරු ඇසුර වර්ධනය කරගත හැක.

-

● මීන
ඉතිරි කරන ලද ධනය වියදම් වේ. වියදම් පාලනය කරගත යුතු වෙයි. මුල්‍ය කලමනාකරනයේ පාඩු පෙන්වයි. එනිසා බුද්ධිමත් වන්න. නව ව්‍යපාර ඇරඹීම ප්‍රමාද කල යුතුය.
 රැකියා කරන අයගේ උනන්දුව වැඩිවෙයි. නිසි ලෙස කටයුතු කිරීම තුලම ප්‍රධානීන් සමග ගැවසිමට අවස්ථා උදාවෙයි.  නව  රැකියා අවස්ථා උදාකර ගැනීමට හැකිවේ.
ගෘහ ජිවිතය තුල පවුලේ සමගිය වර්ධනය වේ. පවුලේ කටයුතු සහ දරුවන් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. ප්‍රීති උත්සව, ප්‍රිය සම්භාෂණ අවස්ථාවලට සම්බන්ධ වීමට හැකිවේ

-

@Iru Sewaya @Iru Astrology


077 2238041
irusewaya@gmail.com

No comments:

Post a Comment