Monday, December 5, 2016

සතියේ ලග්න පලාපලය - දෙසැ 6 සිට

* මේ සියලු කරුණු පොදු කරුණු බව සලකන්න.


-
● මේෂ
දේපල පිලිබද ගැටලු තරමක් නිරාකරනය කර ගැනිමට හැකිවෙයිත නව ව්‍යපාර ආරම්භ කිරිම තරමක් ප්‍රමාද කල යුතු වේ. කරගෙන යන ව්‍යපාර වලටද බාධා පැමිණ්.
නව රැකියා අවස්ථා ප්‍රමාද විය හැක. රැකියා ස්ථානයේ කාර්‍යය බහුල වෙයි. රැකියා ජිවිතය තරමක් ඒකාකාරි ලෙස දැනෙනු ඇත.
ගෘහ ජිවිතය තුල පවුලේ අය වෙනුවෙන් වෙහෙසීමට සිදු වෙයි. කලබල කාරි ගති වැඩි වෙයි.
සෙම් ආසාදන ඇති වීමට ඉඩ ඇත.
-

● වෘෂභ
ව්‍යාපාර වලට ණය ලැබෙයි. ආදායම් මාර්ගවල ආදායම වැඩි කර ගැනීමට හැකියාව ඇත. ඒ සදහා පියවරක් ගැනීමට සිදුවෙයි. ‍නව ව්‍යාපාර ආරම්භ කිරිමට සුභ කාලයකි.       
රැකියාවේ උසස් වීමක් හෝ වෙනස් වීමක් සිදුවිය හැක. ප්‍රධානීන්ගේ පැසසුම් ලැබේ.  නව රැකියා උදා වේ.
ගෘහ ජිවිතය තුල තම දරුවන්, පවුල වෙනුවෙන් කැපවීමට සිදුවන කාලයකි. නව මිතුරු සබදතා ගොඩ නැගේ. විවාහ යෝජනා වලට තරමක බාධා පෙන්වයි.
-

● මිථුන
ආදායම් මාර්ග ඇහිරේ. ණය ගැනිමට සිදුවෙයි. ණය ඉල්ලුමි කිරිමට හෝ ව්‍යාපාර සැලසුමි කිරීමට සුබ කාලයකි. කල්පනාකාරිව කටයුතු කලයුතු වෙයි. රැකියා සොයන අයට නව රැකියා ලැබෙයි.  රැකියා කරන අයගේ රැකියා ස්ථිර වේ.  නිතර ප්‍රධානීන් සමග ගැවසිමට සිදු වේ.
ගෘහ ජිවිතය තුලා ඥාතින් සමග හොඳ හිත වර්ධනය වෙයි. පවුලේ අය සමග සමගිය තහවුරු වේ. නිෂ්ඵල ගමන් යෙදිය හැක. තරුණ අයට යහපත් විවාහ යෝජනා පැමිණේ.

-

● කටක
මුල්‍ය කලමනාකරණයේ ගැටළු මතුවිය හැකි සතියකි.
ණයලැබීම ප්‍රමාද විය හැක. වියදම් අධික විය හැකි නිසා කල්පනාකාරිව කටයුතු කල යුතුය.
රැකියාව කිරිමේදී තමන්ට පෙරදී තිබුනු බාධා ඉවත් වේ. උසස් තරග විභාග ආදියට යොමුවීමට අවස්ථා උදා වේ. නව රැකියා අවස්ථා උදා වේ.
ගෘහ ජිවිතය තුල ආදර සබදතා වර්ධනය වේ. මංගල යෝග උදා වේ. නිෂ්පල ගමන් යෙදිය හැක.
සෙම් අධික රෝග වැලදීමට ඉඩක් ඇත.
-

● සිංහ
බලවත් අය ඇසුරු කිරීමට ඉඩ ලැබෙයි. ඔවුන්ගේ ඇප උපකාර හිමිවෙයි. නව ආදායම් මාර්ග උදා වේ.  ණය ලැබෙයි.  ව්‍යාපාර  සැලසුම් කිරිමට සුබ කාලයකි. හදිසි ධනලාභ ලැබිය හැක.
 නව රැකියා උදාවෙයි.  රැකියා කර්මාන්ත  වලදී අවිවේකි ගති වැඩිවෙයි. දුර බැහැර ගමන් බිමන්ද යෙදෙනු ඇත.
ගෘහ ජිවිතය තුල  ආදර සබදතා වර්ධනය වේ. මංගල යෝග උදාවේ. දෙමාපියන්ගේ අවවාද ලැබේ.
මංගල යෝජනා ස්ථිර වෙයි.

-

● කන්‍යා
ව්‍යාපාර ක්ෂෙත්‍රෙය් ගත් පියවරක් සාර්ථක වෙයි. නව ව්‍යාපාර ආදිය ඇරඹීමට සුබ කාලයකි. මූල්‍ය ආයතන වලින් ණය ලැබෙයි. ණය ඉල්ලුම් කිරිමටද සුබ කාලයකි.
රැකියාවේ උසස් වීමක් හෝ තරග විභාග ආදියට මුහුණ දීමට ඉඩ ලැබේ. රැකියා කටයුතු වෙනදාට වඩා ප්‍රබෝධයකින් කරගෙන යා හැක.
ගෘහ ජිවිතය තුල මංගල යෝග උදා වේ. තම නිවසේ කටයුතු වෙනුවෙන් මහන්සි විය හැක. ඥාතින් අතර හොද හිත වර්ධනය වෙයි. මංගල යෝග උදාවේ.

-

● තුලා
ආදායම් මාර්ග වලද, මුල්්‍ය කලමනාකරනයේද සුලු සුලු අඩුපාඩු පෙන්නුම් කරන සතියක් වෙයි. ව්‍යාපාර සැලසුම් කිරිමට සුබ කාලයකි.
කළමනාකරණ ක්ෂෙත්‍රයේ රැකියා වලට සුබ කාලයකි. රැකියා ස්ථානයේ මාරු වීමක් හෝ නව රැකියා උදා විමට ඉඩ ඇත.
ගෘහ ජිවිතය තුල ආදර සබදතා වර්ධනය වෙයි. මංගල යෝග උදා වෙයි. ඥාතින් අතර හොද හිත වර්ධනය වේ. පවුල සහ දරුවන් වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි.

-


● වෘශ්චික
ව්‍යාපාර ණය ලැබෙයි. ආදායම් මාර්ග වල ආදායම වැඩි කර ගැනීමට ඉඩ ලැබේ. නව ව්‍යාපාර ඇරඹීමට ඉඩ ලැබෙන සතියකි.
සුදුසුකම් වලට සරිලන රැකියා අවස්ථා උදා කර ගැනීමට හැකියාව ඇත. රැකියා කරන ස්ථානයේ ප්‍රධානින්ගේ පැසසුම් ලැබෙයි. සබුයි.
ගෘහ ජිවතිය තුල පවුලේ අයගේ සහයෝගය අඩු වෙයි. මංගල යෝග උදා වෙයි.
අධ්‍යාපන කටයුතු වලට තරමක බාධා පෙන්වයි.

-

● ධනු
නව ව්‍යාපාර ආදිය ආරම්භ කිරිමට සුබ සතියකි. ව්‍යාපාර පරිපාලනයේ සුළු පසුබෑමක් පෙන්නුම් කරන සතියකි. ණය ඉල්ලුම් කිරිමට සුබයි.
රැකියාවේ ආයතන ප්‍රධානින් සමග හොද හිත පලුදු විය හැක. රැකියා සොයන අයට රැකියා ලැබේ. රැකියාවේ කටයුතු මනා කැපවීමෙන් කල යුතුය.
ගෘහ ජිවිතය තුල ආදර සබදතා පළුදු විය හැක. පිරිස් ඇසුරට අවස්ථා උදා වේ. දුර බැහැර ගමන් බිමන් යෙදෙනු ඇත.

-


● මකර
ඉඩම් මිලදී ගැනීම් වලටද ව්‍යාපාර ණය ගැනීම් වලට අවස්ථාවන් උදා වෙයි. සුබ සතියකි. ආර්ථිකය තත්වය වර්ධනය වේ. ආදායම් මාර්ග වල වැඩි කර ගැනීමට ඉඩ ලැබේ. ව්‍යාපාර ආරම්භ කිරිමට සුබ කාලයකි.
රැකියාවේ උසස් වීමක් හෝ වෙනස් වීමක් සිදුවිය හැක. ආයතන ප්‍රධානින්ගේ පැසසුම් ලැබිය හැක. නව රැකියා අවස්ථා උදා වේ.
ගෘහ ජිවිතය තුල ආදර සබදතා වර්ධනය වෙයි. මංගල යෝග උදා වේ.
උදරය සම්බන්ධ රෝගාබාධ වැලදෙන්නට ඉඩ ඇත.

-

● කුම්භ
ආර්ථික තත්වය වර්දනය වෙයි. ව්‍යාපාර ක්ෂෙත්‍රයේ ගත් පියවරක් සාර්ථක වෙයි. නව ව්‍යාපාර ඇරඹීමට සුබ කාලයකි. මුදල් පරිහරණය අරපරිස්සමෙන් කල යුතුය.
සුදුසුකමට සරිලන රැකියා අවස්ථා උදා කර ගැනීමට යම් බාධාවන් මතුවිය හැක. කෙසේ වුවද ඒ කටයුතු සාර්ථක වනු ඇත. කැපවීමෙන් කටයුතු කරන්න.
ගෘහ ජිවිතය තුල අවිවාහක අයට විවාහය පිලිබද තීරණ ගැනීම් කල හැක. ප්‍රීති උත්සව පැවැත්වීමට, ඒවාට සහභාගි විමට අවස්ථා යෙදෙනු ඇත.
ගුප්ත දෝෂ තත්වයන් වල බලපෑම් තුලින් මතුවන අසනීප ඇති විමට ඉඩ ඇත.

-

● මීන
ව්‍යාපාර කටයුතු වල නිරත වීමේදී තමන් බලාපොරොත්තු වන ප්‍රතිඵල ලැබීමට තරමක බාධා ඇතිවිය හැක. ව්‍යාපාර කටයුතු වලට යොමු වීමෙීද දෙවරක්වත් සොයා බලා යොමුවන්න.
රැකියාවේ කාලයක් තිස්සේ  බලාපොරොත්තු වූ ගැටළුදායක තත්වයක් විසදා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. නව රැකියා අවස්ථා උදා කරගත හැකිවනු ඇත.
ගෘහ ජිවිතය තුල මංගල යෝග උදා වෙයි. දෙමාපියන්ගේ ආශිර්වාදය ප්‍රේම සබදතා සහ තමන්ට ලැබේ. පවුලේ අය, ඥාතින් සමග හොද හිත වර්ධනය වෙයි.

-

irusewaya@gmail.com
077 22 38041

No comments:

Post a Comment