Saturday, December 10, 2016

කුජ මාරුව (2016 දෙසැ)

2016-12-11 සිට ‎2017-01-20 දක්වා ගෝචරය තිබෙයි.

-

ග්‍රහ ලොව සෙන්පතියා වන කුජ හෙවත් අඟහරු සිය උච්ච භවනය වූ මකර රාශියෙන් මිදී කුම්භ රාශි ගත වෙයි.  මෙය තරමක සහනදායි කාලයක් ලෙස බලාපොරොත්තු විය හැක.

(කේන්දර සටහන් අනුව වෙනස් වනු ඇත - මෙය පොදු පලාපලයකි)

-

● මේෂ
ලග්නාධිපති කුජ පැමිණෙන්නේ 11 වැන්නටය.
මෙම කාලය වෙළද ව්‍යපාර කටයුතු වලට තරමක අසුබ කාලයකි.  ව්‍යපාර කටයුතු වලදී හදිස්සි තීරණ ගැනිමෙන් වැලකිය යුතුය.
 භූමිය සම්බන්ධ රැකියා  සහ කාර්මික තාක්ෂණික අංශයෙ රැකියා වලට වඩා සුබයි. පොදුවේ අනිකුත් රැකියා කටයුතු වලටද සුබයි.
පවුල් ආරවුල් ඇති විමට ඉඩ ඇත. මිතුරන් අතර මතභේද  ඇතිවිමට ඉඩ ඇත. එනිසා කල්පනාකාරි විය යුතුයිත බුද්ධිමත්ව කටයුතු කරන්න. 


-

● වෘෂභ
කුජ පැමිණෙන්නේ 10 වැන්නටය.
වෘෂභ ලග්න හිමියන්ට ආදායම් මාර්ග වැඩි දියුණු කර ගැනිමට හැකි වෙයි. තනි තීරණ ගැනිමට හැකි වේ. කෙසේ හෝ තම කටයුතු කරගෙන යාමට අවස්ථාවන් උදාවෙයි.
 රැකියාවෙදි තම හැකියාවන් එලි දැක්විමටත් පිරිස් පාලනයට හැකිවෙයි. මෙනිසා සිතට සතුටක්, ජවයක් ඇති වනු ඇත.
ගෘහ ජිවිතය තුල යුග දිවිය සාර්ථකව, සාමකාමිව ගෙන යාමට හැකි වෙයි. අඹු සැමියන් අතර ප්‍රේමය වර්ධනය වෙයි.

-


● මිථුන
කුජ පැමිණෙන්නේ 9 වැන්නටය.
බලාපොරොත්තු සඵල කර ගැනිමට  හැකිවෙයි.  ආදායම් මාර්ග වැඩි දියුනු කර ගැනිමට හැකි වනු ඇත.
රැකියා කර්මාන්ත වලට මෙතෙක්  තිබුනු බාදා ඉවත් වෙයි.  රැකියා බලාපොරොත්තු වන අයගේ පැතුම් සඵල වෙයි.
ගෘහ ජිවිතය තුල ඤතින් හිතවතුන් සමග ගැටුම් ඇති වන්නට ඉඩ ඇති බැවින් කල්පනාකාරිව කටයුතු කලයුතුය.


-

● කටක
කුජ පැමිණෙන්නේ 8 වැන්නටය.
ආර්ථිකයෙ කඩාවැටිම් සිදුවන්නට ඉඩ ඇත. ආදායමි මාර්ග වල ඇණ හිටිම් පෙන්නුමි කරයි. මෙනිසා මනා බුද්ධියකින් යුතව කටයුතු කල යුතුය.
 රැකියාවෙ කටයුතු වලදී දෝෂාරෝපණ එල්ල විය හැක. රැකියාව එපා වන්නට පවා ඉඩ ඇත. රියදුරැ ආදි රැකියා කරන අයට ඉතාමත් අසුබ කාලයකි. මනා ඉවසීමකින් රිය පැදවිය යුතුය.
ගෘහ ජිවිතය තුල ඤතින් සමග ගැටුම් ඇතිවෙයි.
හදිස්සි අනතුරැ වලින් ආරක්ෂා විය යුතුය. රෝගාබාධ ආදියෙන්ද පරිස්සම් විය යුතුය.


-

● සිංහ
කුජ පැමිණෙන්නේ 7 වැන්නටය.
ආර්ථික තත්වයෙ  සුළු කඩා වැටිම් පෙන්වයි.  හවුල් ව්‍යාපාර කරන අයට තරමක අසුබ පල දෙන කාලයකි. මනා බුද්ධියකින් යුතුව කටයුතු කරන්න.
රැකියාවෙ කටයුතු වලට බාධා මතුවෙයි. 
 රැකියා කටයුතු වලදි වෙනදාට වඩා කැපවන්නට සිදුවනු ඇත.ගෘහ ජිවිතය තුල සුළු සුළු පවුල් ආරවුල් ඇති වන්නට ඉඩ ඇති බැවින් ඉවසීමෙන් කටයුතු කරන්න. ඒතුලින් මනා සාමකාමි පරිසරයක් පවත්වාගනෙ යාහැකි වනු ඇත.

-

● කන්‍යා
කුජ පැමිණෙන්නේ 6 වැන්නටය.
ව්‍යාපාර කටයුතු  වලට තරමක් සුබ කාලයකිත ව්‍යාපාර ක්ෂෙත්‍ර වල තම සතුරන් පරාජය කර ඉදිරියට යාමට හැකිවෙයි.
 රැකියාවෙ මෙතෙක් තිබු බාධා ජය ගැනිමට හැකියාව ලැබේ. රැකියාවේ කටයුතු සාර්ථක වෙයි. 
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත කිරිමට හැකියාව ඇත.
සෞඛ්‍ය තත්වයේ  
යටිබඩ ආශ්‍රිත සහ ආමාශ ගත රෝග හටගැනිොමේ  අවදානමක් ඇති නිසා  ප්‍රවෙසම් විය යුතුය.

-

● තුලා
කුජ පැමිණෙන්නේ 5 වැන්නටය.
ආදායම් මාර්ග වැඩි දියුනු කර ගැනිමට හැකිවෙයි. මෙතෙක්  තිබු බාදා ඉවත්වෙයි. හදිසි ධනලාභ,  ලොතරැයි ජයග්‍රහන ආදියට වාසනාව උදා වෙයි.
 රැකියා බලාපොරොත්තුවෙන් සිටි අයගේ පැතුම්  ඉටුවේ.  රැකියා කරන අයට ඉතාමත් සුබ කාලයකි. රැකියාවේ කටයුතු වලදි උනන්දුව වැඩිවෙයි.
ගෘහ ජිවිතය තුල පවුලේ සමගිය වර්ධනය වෙයි. සිතට ප්‍රීතිය ලැබේ.

-


● වෘශ්චික
ලග්නාධිපති කුජ පැමිණෙන්නේ 4 වැන්නටය.
තමන්ට මෙතෙක් තිබුනු බාධා ජය ගැනිමට හැකිවෙයි. භූමි උරැම කම් ලබා ගැනිමට හැකි වේ. එම ගැටළු තිබුනේ නම් ඒවා නිරාකරනය කර ගැනිමට හැකිවෙයි.
 රැකියාව බාධා මැද කරගෙන යාමට හැකිවෙයි. ඒ කටයුතු වලදි මනා සංයමයකින් කටයුතු කරන්න.
ගෘහ ජිවිතය තුල පවුලේ සමගියට තරමක බාධා පැමිනේ. මනා බුද්ධියෙන් සහ කල්පනාකාරිව කටයුතු කලයුතුය.

-

● ධනු
කුජ පැමිණෙන්නේ 3 වැන්නටය.
වික්‍රමස්ථානය වන 3 වැන්නට කුජගේ පැමිණිම තුල ආදායම් මාර්ග වැඩි දියුනු කර ගැනිමට හැකි වනු ඇත. බලාපොරොත්තු සපල කර ගැනිමට හැකිවෙයි.
 රැකියාවෙ මෙතෙක් තිබු බාධා ජය ගැනිමටත්, රැකියාවේ කටයුතු වෙනදාට වඩා හොදින් කිරිමටත් හැකියාව ලැබේ.  පෙරට යාමේ ගති වැඩි වන කාලයකි.
 මිතුරන් ඤතින් අතර හොද හිත වර්ධනය වෙයි. නව මිතුරන් ඇති කර ගැනීමටද හැකියාව පවති.

-


● මකර
කුජ පැමිණෙන්නේ 2 වැන්නටය.
බාධා ජය ගැනිමට හැකියාව ලැබේ.  පෙරට යාමේ ගති පෙන්නුම් කරයි. වෙනදාට වඩා තම කටයුතු කෙරේ උනන්දුව වැඩිවේ.
 රැකියාව බාධාවකින් තොරව කරගෙන යාමට හැකිවෙයි. මේ සියලු යහපත් තත්වයන් අතර තමන්ගේ  වචනය මනාව භාවිත කරන්නට  ප්‍රවේසම් විය යුතුය.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ප්‍රීතිමත්ව ගත වෙයි. පවුලේ සමගියට තරමක බාධා පැමිණෙන්නේ ඔබගේ වචනය නිසාය, ඒනිසා ඒ ගැන කල්පනාකාරිව කටයුතු කලයුතුය.

-

● කුම්භ
කුජ පැමිණෙන්නේ 1 වැන්න හෙවත් ලග්නයටය.
පෙරට යාමේ ගති වැඩි වන කාලයකි. හැකියාවෙන් මනාව ප්‍රයොජන ගතහැකි කාලයකි. කරන කටයුතු කෙරේ උනන්දුව සහ ක්‍රියාකාරි ගති වැඩිවෙයි.
 රැකියාව බාධා මැද කරගෙන යාමට සිදුවෙයි. එසේ වුවද ඒ සියලු ගැටළු සමග රැකියාව මනාව කරගෙන යාමට හැකියාව ඇත.
ගෘහ ජිවිතය තුල  පවුලේ සමගියට තරමක බාධා පැමිණීය හැකි බැවින් මනාව කල්පනාකාරිව කටයුතු කල යුතුය.

-

● මීන
කුජ පැමිණෙන්නේ 12 වැන්නටය.
තම ආර්ථික තත්වයේ තරමක හෝ  කඩාවැටිම් විය හැක. ආදායමි මාර්ග වලට බාධා සහ ඇනහිටිම් පෙන්නුම් කරයි.
 රැකියාවෙ කටයුුතු වලටද බාධා පැමිණෙන්ට ඉඩ ඇත. එසේම
 වචන භාවිතයෙදි මනා බුද්ධියකින් යුතුව ඒ කටයුතු කල යුතුය.
ගෘහ ජිවිතය තුල වචනය නිසා හෝ වෙනත් දෙයක් නිසා ගැටුම්කාරි
  තත්වයන් වලට පවා මුහුණ පැමට සිදුවන්නට ඉඩ ඇත. පවුලේ සමගියට බාධා යෙදේ. මනා ඉවසීමකින් කටයුතු කරන්න.


*** මේ සියලු යහපත සහ අයහපත සමග වැඩි යහපතක්. ආශිර්වාදයක් ලබා ගැනීමට කතරගම දෙවියන්ට රතු මල් වට්ටියක්, පැන් වීදුරු 1ක්, හඳුන් කූරු 3ක් සහ පහනක් දල්වා යහපත උදා වන්නට පතන්න.
ඒ සියලු පින් කතරගම දෙවියන්ට, සෙල්ලි - වල්ලි දේව මෑණිවරු ඇතුළු සියලු දෙවියන්ට, සියලු ඥාතින්ට, සියලු සත්වයන්ට අත් වේවායි පතන්න.
දෝෂ ඇත්නම් දුරුවන්නටත්, යහපත වැඩි දියුණු වන්නටත් ප්‍රාර්ථනා කරන්න !!!
( පහන් දැල්ල දකුණු දිශාවට විය යුතුය. අඟහරුවාදා දින විශේෂයි. වෙලාව සවස 6-8.30 අතර)

බුදු සරණයි !


No comments:

Post a Comment