Saturday, December 17, 2016

රවි මාරුව - 2016 දෙසැ

ග්‍රහලොව නායකයා මෙන්ම පියා වන රවි හෙවත් සූර්යයා පසුගිය 15 වනදා, වෘශ්චික රාශියෙන් ඉවත්ව ධනු රාශියට පැමිණියේය.  මෙම ග්‍රහ ගෝචරය 2017 ජනවාරි 14 වනතුරු එනම් පුරා මාසයකට ආසන්න කාලයක් තිබෙයි.

- ලග්න 12ට රවි මාරුව මෙසේය -
-

● මේෂ
9 වැන්නට රවි පැමිණ ඇත.
ව්‍යාපාර ආරම්භ කිරිමට තිබුනු බාධා අඩු වේ. නව ආදායම් මාර්ග ලැබේ.
රැකියාවටද තිබුනු බාධා ඉවත් වේ.
මංගල යෝජනා ස්ථිර වෙයි. සතුට ලැබේ. ප්‍රධානත්වය ලැබේ.

-

● වෘෂභ
8 වැන්නට රවි පැමිණ ඇත.
ආදායම් මාර්ග වලට තරමක් බාධා පැමිණෙයි. කල්පනාකාරි විය යුතුය.
රැකියාවෙ කටයුතු වලටද තරමක බාධා, උසස් වීම් ප්‍රමාද විය හැක. රැකියාවේ වෙනසක් හෝ ස්ථාන මාරුවක් විය හැක.
සිරුරට තරමක් පීඩාකාරි තත්වයන්ද ඇති විය හැක.

-

● මිථුන
7 වැන්නට රවි පැමිණ ඇත.
වියදම් අධික විය හැක. හවුල් ව්‍යාපාර වලින් තරමක සුබ ඵල ගෙන දෙන කාලයකි.
රැකියාවේ බලාපොරොත්තු සඵල වේ. රැකියාවේ වෙනස් වීම් ඇති කරයි.
මංගල යෝග උදා වෙයි, ඒ සම්බන්ධව තිබුනු බාධා ඉවත් වේ.
හදිසි අනතුරු, පීඩා යනාදිය පැමිණිය හැක.

-

● කටක
6 වැන්නට රවි පැමිණ ඇත.
දේපල මිලදී ගැනීමට, දේපල විකිණීම් යනාදියට සුබයි. කලක් තිස්සේ පැවති ප්‍රශ්න විසදා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
රැකියාව යහපත් වේ.
අසනීප තත්වයන්ගෙන් නිරෝගී භාවය ලැබේ.


-

● සිංහ
5 වැන්නට රවි පැමිණ ඇත.
ආදායම් මාර්ග යහපත් වෙයි.
රැකියා කටයුතු සාමාන්‍ය පරිදි සතුටින් කල හැක. නව රැකියා ලැබේ.
අධ්‍යාපන කටයුතු වලට පැවති බාධා ඉවත් වී ඒ සම්බන්ධව විශේෂ උනන්දුව ඇති වේ. දරුවන් වෙනුවෙන් කැපවී කටයුතු කරන කාලයකි.

-

● කන්‍යා
4 වැන්නට රවි පැමිණ ඇත.
බලාපොරොත්තු සඵල වෙයි. එහෙත් වියදම් අධික විය හැක. ගේ - දොර කටයුතු වලදී තරමක අසුභ ඵල උදා විය හැක.
නව රැකියා ලැබේ. රැකියාවේ උසස් වීම් අපේක්ෂිතය.

-

● තුලා
3 වැන්නට රවි පැමිණ ඇත.
උනන්දුව, උත්සාහය වැඩි වෙන කාලයකි, එනිසාම තිබුනු බාධා ඉවත් වෙයි. වියදම්ද අධික වෙන කාලයකි. හදිසි ධනලාභ වාසනාවද පවති.
නව රැකියා ලැබේ.
පවුලේ අය සමග සුහදතාවය වර්ධනය වෙයි.

-

● වෘශ්චික
2 වැන්නට රවි පැමිණ ඇත.
මුදල් වියදම් වීම අධික වන්නට ඉඩ ඇත.
රැකියාවේ දියුණුව සහ උසස් වීම් අපේක්ෂිතය. තරඟ විභාග ආදියට යොමුවිය හැක.
වචන භාවිතයෙදි මනා සංයමයකින්, බුද්ධියකින් එය කල යුතුය.

-

● ධනු
1වැන්න/ලග්නයට රවි පැමිණ ඇත.
මෙතෙක් තිබුනු කරදර බාධා ඉවත් වනු ඇත. ඉගෙනීමේ කටයුතු වලට සුබයි.
නෑ හිතවතුන් සමග දුර බැහැර ගමන් යෙදිය හැක.
නිවසේ කටයුතු වෙනුවෙන් වෙහෙසන කාලයකි.

-

● මකර
12 වැන්නට රවි පැමිණ ඇත.
තරමක පීඩාකාරි තත්වයන් බලපානු ඇත. එසේ වුවද ඒ තුලම කරදර දුරු වී යාමටද ඉඩක් තිබේ.
රැකියාවේ උසස් වීම්, තරඟ විභාග ආදිය ප්‍රමාද විය හැක.
පෙම් සබදතා වලට බාධා ඇති විය හැක.

-


● කුම්භ
11 වැන්නට රවි පැමිණ ඇත.
කලක් පැවතුනු ගැටළු විසදා ගැනීමට ඉඩ ලැබෙන කාලයකි. ණය ලැබේ. හදිසි ලැබීම් හිමි වීමටද වාසනාව පවති.
රැකියාවේ ස්ථාන මාරු, තනතුරු මාරු වීම් වලටත් ඉඩ ඇත.
අඹුසැමියන් අතර හොඳ හිත පළුදු වීමටද ඉඩක් ඇත.
සෞඛ්‍ය තත්වය ගැන අවදානමත් වන්න.

-


● මීන
10 වැන්නට රවි පැමිණ ඇත.
ආදායම් මාර්ග වල දියුණුවක් ඇති වේ. කටයුතු වලට වෙනදාට වඩා උනන්දුව සහ කාර්යශූරත්වය ඇති වෙයි. දේපල ලාභ ඒ සම්බන්ධව සුභදායක තත්වයක් ඇති වෙයි.
රැකියාවේ දියුණුව පෙන්නුම් කරයි.
මිතුරන් ඇසුරට ඉඩ ලැබේ. නව මිතුරන් ඇති විය හැක.
හදිසි අනතුරු සහ රෝගාබාධ ගැනද අවදානමත් වන්න.






irusewaya@gmail.com
+94 77 2238041







No comments:

Post a Comment