Saturday, December 24, 2016

සුපින්වත් ස්කන්ධ කුමාර දෙවියන් සහ වල්ලි - සෙල්ලි දේව මෑණිවරු

දේව පුරාණයේ එන ප්‍රබලම දෙවි කෙනෙකු වන මහ දෙවියන් හෙවත් ශිව දෙවියන්ගේ පුතෙකු වන කතරගම දෙවියන් අප සැමගේ භක්ත්‍යාදරයට ලක්වූ සුපින්වත් සම්‍යක් දෘෂ්ටික දෙවි කෙනෙකි.

උන්වහන්සේ ප්‍රසිද්ධ වන්නේ අසරණ දුගී දුප්පත් අයට පිහිට වන දෙවි කෙනෙකු වශයෙන්ය. රණ මොණරා වාහනය වෙයි.
එසේම මා පෙර සඳහන් කල ආකාරයට විනෝදයට නැටුමට ගැයුමට උන්වහන්සේ ආශා කරන බව පුරාණ පොත් පත් වල සදහන්ය.
උන්වහන්සේව ප්‍රමෝදයට පත්කිරීමට කාවාඩි නැටුම පවත්වන බව පොත්පත්වල සඳහන් වේ.

ඉන්දියාවේ මුරුගන් යන ආදරණීය නාමයෙන් හැඳින්වෙන මෙම දෙවියන්ට බොහෝ කන්නලව් කිරිම ඔවුන් විසින් සිදුකරයි.
අතීත කතාවේ පරිදි සත්‍ය වශයෙන්ම කතරගම දෙවියන් ලංකාවට ගොඩබට විට උදව් ඉල්ලුවත්, ද්‍රවිඩ අය විසින් නොකල අතර සිංහල අය විසින් උදව් කල නිසා ද්‍රවිඩ අයට ආශිර්වාද ලබාදෙන්නේ බොහෝ කන්නලව්, ඉල්ලීම් සහ දැඩි කැපවීමකට පසුය. නමුත් සිංහල බෞද්ධයන්ට එසේ නොකර ප්‍රතිපත්තිය - සීලය රැකගෙන සිටිමෙන්, පින් අනුමෝදන් කිරිම් වලින් පමණක් දෙවියන්ගේ ආශිර්වාද ලබත හැක.


සෙල්ලි මෑණියන් සුදු වර්ණයෙන් යුතු වන අතර ලංකාවේය. වල්ලි මෑණියන් කළු වර්ණයෙන් යුතු වන අතර, ඉන්දියාවේය.
මෙම දේව මෑණිවරුන්ගෙන්ද සිදුවන සේවය අතිමහත්ය.

කතරගම දෙවියන් සහ සෙල්ලි - වල්ලි දේවි මෑණිවරු සුපින්වත් දෙවිවරු වෙති. ඔබද නිසි ලෙස සීලය ප්‍රතිපත්තිය රැකගෙන කටයුතු කරන්න.
මෙම දෙවිවරුන්ට අනුමෝදන් කරන්න. යහපත ප්‍රාර්ථනා කරන්න..
ආශිර්වාද ලැබෙනවා නොඅනුමානය !!!

#ඉරු @Iru Astrology

irusewaya@gmail.com
077 2238041

No comments:

Post a Comment