Wednesday, December 28, 2016

සිකුරු මාරුව - (දෙසැ2016 - 2017ජන)

ග්‍රහ ලොව හැඩකාර තරුණිය වන සිකුරු/ ශුක්‍ර ග්‍රහයා මකර රාශියෙන් මිදී කුම්භ රාශියට (29) පැමිණේ. මෙම ග්‍රහ මාරුව පුරා මාසයකට ආසන්න කාලයක් බලපායි.
පොදුවේ රටටම සුභදායි ග්‍රහ මාරුවකි.

- ලග්න බෙහෝමයකට සුභ වන අතර මෙය පොදු පලාපලයක් පමණකි !

-

● මේෂ
11 වැන්නට සිකුරු පැමිණේ.
11 වැන්නට සිකුරු පැමිණීම නිසා ආදායම් මාර්ග වල දියුනුව පෙන්නුම් කරන කාලයක් වේ.
රැකියාවේ පෙර තිබු ගැටළු නිරාකරණය වේ.
 පවුල් ජිවිතය තුල පිඩාකාරි තත්වයන් මග හැරී යයි.

-

● වෘෂභ
10 වැන්නට සිකුරු පැමිණේ.
ලග්නාධිපති සිකුරු 10ට ගෝචර විම තුලින් මුල්‍යය ප්‍රශ්න විසදා ගත හැක. ආදායම් මාර්ග වල අවහිරතා මග ඇරි යයි.
රැකියාවේ දියුණුව පෙන්නුම් කරයි.
 තරඟ විභාග ආදියෙන් ජය ලැබේ.
පවුලේ සමගිය වර්ධනය වේ.

-


● මිථුන
9 වැන්නට සිකුරු පැමිණේ.
නව ව්‍යාපාර ආරම්භ කිරිමට සුබ කාලයකි. නව ආදායම් මාර්ග උදා වෙයි. ණය ලැබෙයි. ව්‍යාපාර ක්ෂෙත්‍රයේ නව  පියවරක් ගැනිමට සුබ කාලයකි. වාහන ලාබ ලැබේ.
  නව රැකියා උදාවෙන කාලයකි.
ඉගෙනීම් කටයුතු වල නව ප්‍රවණතාවක් පෙන්නුම් කරයි

-


● කටක
8 වැන්නට සිකුරු පැමිණේ.
ආදායම් මට්ටම පහල බැසීමට කරුණු යෙදේ. ආදායම් මාර්ග වල ගැටළු නිර්මානය වීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරි විය යුතුය.
 රැකියාවට තරමක් බාධා මතුවේ. කල්පනාකාරි විය යුතුය.
 ඉගෙනීමට අමතරව ක්‍රීඩා කටයුතු ආදියට සම්බන්ධ වීමේදී ගැටළු නිර්මාණය විය හැක.

-


● සිංහ
7 වැන්නට සිකුරු පැමිණේ.
ආර්ථික ප්‍රතිලාභ ලැබීමටත්, ව්‍යාපාර වල දියුණුව උදාකර ගැනීමටත් අවස්ථාව යෙදෙනු ඇත. එහෙත් ආදායමට වඩා වියදම වැඩිවේ. කල්පනාකාරි විය යුතුය.
නව රැකියා අවස්ථා උදාකර ගැනීමට හැකිවේ. රැකියාව කාර්යබහුල වේ.
 ආදර සබදතා වර්ධනය වේ. මංගල යෝග උදා වේ. දුර බැහැර විනෝද ගමන් බිමන් යෙදෙනු ඇත.

-

● කන්‍යා
6 වැන්නට සිකුරු පැමිණේ.
ආදායම් මට්ටම තරමක් පහල යයි. එහෙත් ආර්ථික ප්‍රතිලාභ ලැබීමටත්, ව්‍යාපාර වල දියුණුවටත් කරුනු යෙදෙයි.
රැකියාවට තරමක් බාධා මතුවේ. කල්පනාකාරි විය යුතුය. ඉගෙනීම් කටයුතු වලට දරුවන් වෙනදාට වඩා උනන්දු විය යුතුය.
ආදර සබදතා වලට බාධා මතුවේ.

-

● තුලා
5 වැන්නට සිකුරු පැමිණේ.
ලග්නාධිපති සිකුරු පස්වැන්නේ ගෝචර වීම, ව්‍යාපාර වල දියුණුව උදාකර ගැනීමටත් නව  අවස්ථාවන් උදා කරගැනීමටත් අවස්ථා උදාවේ.
 සුදුසුකම් වලට සරිලන රැකියා අවස්ථා උදාකර ගැනීමට හැකි‍ වෙයි.
තරුණ අයගේ ආදර - ප්‍රේම සබදතා වර්ධනය වේ. මංගල යෝග උදා වේ.

-

● වෘශ්චික
4 වැන්නට සිකුරු පැමිණේ.
ආර්ථික තත්වය  වර්ධනය වෙයි. ව්‍යාපාර ක්ෂෙත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක්  පෙන්නුම් කරයි. යාන වාහන සම්බන්ධ  ගැටළු නිරාකරණය කරගත හැක.
රැකියාවේදී ප්‍රධානින්ගේ පැසසුම් ලැබෙයි. නව රැකියා උදාවේ.
ඉගෙනීම් කටයුතු වලදී දරුවන්ගේ උනන්දුව වෙනදාට වඩා වැඩිවේ.

-

● ධනු
3 වැන්නට සිකුරු පැමිණේ.
සිකුරු වික්‍රමස්ථාන ගත වීම තුල ආර්ථික තත්වය  වර්ධනය වෙයි. මෙතෙක් පැවති ගැටලුකාරි තත්වයන් නිරාකරණය කර ගැනිමට හැකිවේ.
 සුදුසුකම් වලට සරිලන රැකියා අවස්ථා උදාකර ගැනීමට හැකිවෙයි.
 මිතුරු ඇසුර වර්ධනය කරගත හැක. නව මිතුරන් ඇති වේ.


● මකර
2 වැන්නට සිකුරු පැමිණේ.
ආදායම් මට්ටම යහපත්ව පවත්වාගෙන යා හැකි වේ. පැවති ගැටළුදායක තත්ව විසදා ගැනීමට හැකි වෙයි. න නව රැකියා ලැබේ. රැකියාවේ කාලයක් තිස්සේ පැවති ගැටළුදායක තත්වයන් වලට විසදුම් ලැබේ.
 පවුලේ සමගිය වර්ධනය වේ. ගෘහ ජිවිතය සතුටින් ගත කල හැක.


● කුම්භ
1 වැන්නට හෙවත් ලග්නයට සිකුරු පැමිණේ.
ව්‍යාපාර වල දියුණුව උදාකර ගැනීමට අවස්ථාව යෙදෙනු ඇත. මෙතෙක් පැවති ගැටළුදායක තත්ව විසදා ගැනීමට හැකිවෙයි.
රැකියාවට තරමක් බාධා මතුවේ.
ගෘහ ජිවිතය තුල  තරුණ තරුණියන්ගේ  ප්‍රේම සබදතා වර්ධනය වෙයි.

-

● මීන
12 වැන්නට සිකුරු පැමිණේ.
ආදායමට වඩා වියදම වැඩි වේ.  පැවතුනු  ගැටළු නිරාකරනය කරගැනීමට අවස්ථා උදා වේ.
නව රැකියා අවස්ථා උදාකර ගැනීමට හැකිවේ. කරන  රැකියාව කාර්ය බහුල වේ.
 මිතුරු ඇසුර වර්ධනය වේ. නව මිතුරන්, විනෝද අවස්ථා යෙදෙනු ඇත.


#ඉරු

irusewaya@gmail.com
077 2238041

No comments:

Post a Comment