Monday, December 12, 2016

කේන්දරය ඇත්තේ එය බලා කියා තමන්ගේ ජිවිතය යහපත් කරගැනීමටය.

ඒ හැර ජිවිතය කේන්දරය නිසා වෙනස් කරගෙන, දුකින් කල් ගෙවීමට නොවේය.
අප විසින් විවිධාකාර අනාවැකි, හදිසි අනතුරු ආදිය ගැන කියන්නට අකමැති වන්නේද, ජෝතිෂ්‍යය ඇත්තේ වැරදි හදාගෙන, අපල දුරු කරගෙන ජිවිතය සැපවත් කරගැනීමට විනා වෙන දේකට නොවන බැවිනි.

“ අර අනතුරේ පලාපලය මම කලින් කිව්වා“ වැනි ප්‍රකාශයන් අපට පෙනෙන්නේ ජෝතිර්වේදින්ට නොමනා කතා බවය.
“ අර අනතුරු ගැන මම කියලා ඒ වෙන්න තියෙන හානිය වැළකුණා“ කියා කියන්නේ නම් අප එවන් දේකට කැමතිය.

අනිත් කාරණය, ඔබ වෛද්‍යවරයෙක් මුණ ගැසීමට ගොස් අදාල බෙහෙත් දුන්විට ඔබට ඇති අසනීපය ගැන දීර්ඝව සොයා බලා එයට තනියම බෙහෙත් කරගන්නට සිතනවාද ?
ඒ ආකාරයට ජෝතිෂ්‍ය ගැනද සිතා බලන්න..

බුදු සරණයි !

#ඉරුසේවය

No comments:

Post a Comment