Wednesday, December 7, 2016

මිථුන ලග්නය - චන්ද්‍රාභරණය පොතෙන්

-

මිථුන ලග්නයෙන් උපන්නේ, අනංගයා වැනිවේ. මහත් ඇස් ඇති වේ. ව්‍යක්ත වචන වේ. අස්ථිර වේ. විකල බැව් ඇත්තේය. කාමයෙන් පීඩිත වේ. මඳ වූ දරුවන් ඇතිවේ. දූ කෙළි සහ මත්පැන් ප්‍රිය වේ. නෑයන් නුරුස්නේ වේ. සෙම්වා දෙකෙින් පීඩා ඇති හෘදය වේ. දීමෙහි සතුටු වේ. අඹුන් ඇතිවේ. සිනා දනී. කෑම් පීම්හි නිබඳ ඇල්නේ වේ. ඉතා ඇවිදින්නේ වේ. දක්ෂ වේ.

(කන්දපෛපප්‍රතිමොවිශාලනයනො විෂප්ෂටවාගස්ථිරො වෛකල්‍යොමනාතුරො‘ ලපත්නයං සද්‍යුත්පානප්‍රියං බන්ධුවිට් කඵමාරුතාතෛතහෘදයො දානප්‍රියො දාරවාන් හාස්‍යෙඥාමිථුනෙ‘ නන්පානනිරතො ජාතං ප්‍රවාසි පටුං)

- උපුටා ගත්තේ වෛද්‍යාචාර්ය ජේ.ඇස් රාජසුන්දර ආරච්චි මහතා විසින් පල කල පොතෙනි.
චන්ද්‍රාභරණය පොතේ මුල් කතෘ අඥාතය.

● අපගේ විස්තරයේ පරිදි මිථුන ලග්න අයගේ දුර්වලතා,

- බොහෝ වෙලාවට ප්‍රතිපත්තිමය වශයෙන් ඍජු තීරණ වල නොපිහිටයි.
- මානසික ඒකාග්‍රතාවය ඇත්තේම නැත. බොහෝවිට කාම යෝග යෙදී තිබ්බොත් ස්ත්‍රීන්/පුරුෂයන් මුලා කිරීමට උපන් දක්ෂකමක් දක්වයි.
- සියලුම වැඩ එකවිට යොදාගනී. අවසානයෙදි එකක්වත් හරියට කරගැනිමට නොහැකි වේ.
- මෙවන් ලග්න වලින් උපන් අයට බොහෝ ඥාන සම්භාරයක් ඇතිමුත් කිසිදෙයක් හරියට කරගැනිමට නොහැකිව දුක්විඳින බවට සාක්ෂි ඇත.


● මිථුන ලග්නයේ පොදු ලක්ෂණ ගැන අපගේ විස්තරය
https://www.facebook.com/irusewaya/photos/a.1163510676999343.1073741846.833656709984743/1185733184777092/?type=3&theater

● ලග්න 12ම පොදු ලක්ෂණ ගැන අපගේ විස්තර
https://www.facebook.com/pg/irusewaya/photos/?tab=album&album_id=1163510676999343

#ඉරු - Iru Astrology

irusewaya@gmail.com
077 22 38041

No comments:

Post a Comment