Tuesday, March 28, 2017

බුධ මාරුව (27මාර්තු-03ජුනි) 2017


ග්‍රහ ලොව රජ කුමාරයා වන බුධ ග්‍රහයා  සෙන්පතියාගේ නිවසට එනම් මේෂ රාශියට පැමිණියේය.
ජුනි මාසයේ 03 දක්වා බුධ මේෂයේ සිටි.
මෙතෙක් පැවති උෂ්ණාධික කාලගුණයෙන් තරමක් මිදී වර්ෂාව අපේක්ෂා කල හැක.
ජනතාව වෙනදාට වඩා බුද්ධිමත්ව තීරණ ගන්නා කාලයකි.


-
ලග්න 12ට මෙය පොදු පලාපලයක් පමණි - කේන්දරය අනුව වෙනස් විය හැක.

-

● මේෂ
 මේෂ ලග්නයේ 3 වැන්නාදිපති බුධ ලග්නයේ/1 වැන්නේ ගෝචර වේ.
  ආදායම් මාර්ග වල ආදායම වැඩිවි ආර්ථික වාසි උදාවිය හැකිය.  එහෙත් නොසිතු මොහොතක කරදර වලටද ලක්විය හැක. රැකියාවේ තීරණ ගැනිමට හැකියාව ලැබෙනු ඇත.
ගෘහ ජිවිතයේ තරමක් බාදා ඇති විය හැක.
 හදිස්සි අසනීප තත්වයන්ට ලක්විය හැකි බැවින් කල්පනාකාරිව කටයුතු කලයුතුය.

-

● වෘෂභ
වෘෂභ ලග්නයේ 2 වැන්නාධිපති 12 වැන්නේ ගෝචර වේ.
 තම ආදායම් මාර්ග වල අවහිරතා පෙන්නුම් කරයි.
 රැකියාවේ මෙතෙක් තිබු නිදහස අඩුවේ. ආයතන ප්‍රධානින්ගේ තීරණ නිසා   කරදර වැඩි විය හැක.
 විදෙස් ගමන් යාමට හැකියාව ඇත.
 පවුල වෙනුවෙන් වැදගත් තීරණ වලට යොමු වීමට ඉඩ ලැබිය හැක.
ළමයින්ගේ අධ්‍යපන තත්වය වර්ධනය වේ.

-

● මිථුන
මිථුන  ලග්නයේ ලග්නාධිපති 11 වැන්නේ ගෝචර වේ
  මුල්‍යය ප්‍රශ්න විසදා ගත හැක. ආදායම් මාර්ග වල අවහිරතා මග හැරියයි.
 රැකියාවේ දියුණුව පෙන්නුම් කරයි.
රැකියා ස්ථානයේ කරදර බාධා ඉවත් වේ.  තරග  විභාග ආදියෙන් ජය ලැබේ.
 පවුලේ සමගිය වර්ධනය වේ.
 ඉගෙනීම් කටයුතු වල දී දරුවන් වෙනදාට වඩා උනන්දු වියයුතුය වේ.

-

● කටක
කටක ලග්නයේ වැයස්ථානාධිපති(12) කර්මස්ථානයේ(10) ගෝචර වේ.
 ආර්ථික මට්ටම යහපත්ව පවත්වාගෙන යාමට හැකිවේ. උත්සාහයෙන් ආර්ථිකය ගොඩ නගා ගැනීමට ගන්නා තීරණ සාර්ථක වේ.
උසස්විම් තරග විභාග ආදියෙන් ජය ලබාගත හැක.
රැකියාව කිරීමේදී තමන්ට පෙරදී තිබු බාධා  තත්ව වලට විසදුම් ලැබීය හැකිය.
 පවුලේ සමගිය වර්ධනය වේ

-
● සිංහ
සිංහ ලග්නයේ අයස්ථානාධිපති(11) බුධ  පුණ්‍යස්ථානයේ(9) ගෝචර වේ.
 ආර්ථික මට්ටම පවත්වාගෙන යාමට හැකි වේ. නව්‍යතාවයකින් යුතුව තම වැඩ කටයුතු කරගෙන යාමට හැකි වේ. පහසුවෙන් තම ඉලක්ක සපුරා හැනිමට හැක වනු ඇත.
 නව රැකියා ලැබේ.
පවුලේ සමගිය වර්ධනය වේ. ඉගෙනීම් කටයුතු වල දී පෙර තිබු දක්ෂතා වර්ධනය කර ගැනිමට හැකිවේ.
-

● කන්‍යා
කන්‍යා ලග්නයේ ලග්නාධිපති බුධ 8 වැන්නේ ගෝචර වේ.
හදිස්සි කරදර ඇතිවිය හැකිය.
ආදායම් මාර්ග වල ආදායම් තත්වය පහල යා හැක. කල්පනාකාරිව කටයුතු කල යුතුය.
 රැකියාවට තරමක් බාධා මතු වේ, කල්පනාකාරි විය යුතුය. ඉගෙනීමට අමතරව ක්‍රීඩා කටයුතු ආදියට සම්බන්ධ වීමෙදි ගැටලු නිර්මාණය විය හැක.

-
● තුලා
තුලා ලග්නයේ 9 වැන්නාදිපති බුධ 7වැන්නේ ගෝචර වේ. වෙනදාට වඩා මුදල් වැය වීමට කරුණු යෙදෙනු ඇත.
 ව්‍යාපාර සැලසුම් කිරිමට සුබ කාලයකි. ණය ලැබේ. වෙනදාට වඩා තම ව්‍යාපාර වෙනුවෙන් වෙහෙසීමට සිදුවිය හැක.
 නව රැකියා අවස්ථා උදාකර ගැනීමට හැකි වේ. රැකියාව කාර්ය බහුල වේ.
 පවුල් ජීවිතයේ සමගිය ඇතිවේ.

-
● වෘශ්චික
වෘශ්චික ලග්නයේ 8 වැන්නාධිපති 6 වැන්නේ ගෝචර වේ. එම නිසා ආදායම් මාර්ග වල අවහිරතා පෙන්නුම් කරයි. ආදායමට වඩා වියදම වැඩිවන කාලයක් වේ.
 සුදුසුකම් වලට සරිලන රැකියා අවස්ථා උදාකර ගැනීමට හැකිවනු ඇත.
 ‍ප්‍රෙම  සබදතා පවත්වාගෙන යාමෙදි එවායේ ගැටලු මතු විය හැක.

-
● ධනු
ධනු ලග්නයේ 7 වැන්නාධිපති 5 වැන්නේ ගෝචර වේ.
 පෙර පැවති වියදම් තත්වය මග ඇරි යයි. මුදල් හානි අවම වේ. යම් මුදලක් ඉතිරි කර ගැනිමට හැකියාව ලැබෙනු ඇත.
 රැකියාවෙ බාධාකාරි තත්වයන් තරමක් දුරට පහව යයි.
 විදෙස් ගමන් යාමට හැකියාව ඇත.
පවුල වෙනුවෙන් වැදගත් තීරණ වලට යොමු වීමට ඉඩ ලැබේ. ප්‍රෙම සබදතා වර්ධනය විය හැක.

-
● මකර
මකර ලග්නයේ රෝගස්ථානාධිපති(6) 4 වැන්නේ ගෝචර වේ. වැය පස ඉහල යයි. සතුරු කරදර ඇතිවිය හැක. එහෙත්  ණය ලබා ගැනිමට අවශ්‍ය කටයුතු කර ගැනිමට හැකියාව ලැබිය හැකි වනු ඇත. අනෙක් අය වෙනුවෙන් මුදල් වැය කිරීමට අවස්ථා ගෙන දේ.
නිෂ්ඵල ගමන් බිමන් වල යෙදීමෙන් රැකියා කටයුතු අඩාල විය හැකි බැවින් ඒ පිළිබද සැලකිලිමත් විය යුතුය.
ප්‍රෙම  සබදතා වලදි ප්‍රශ්න ගැටලු මතුවේ.  ගෙදර සමගියට බාධා  ඇතිවිය හැක.

-
● කුම්භ
කුම්භ ලග්නයේ 5 වැන්නාධිපති 3 වැන්නේ ගෝචර වේ.
ආර්ථික තත්වය වෙනදාට වඩා සාර්ථක ලෙස ඉහල නංවා ගැනීමට හැකිවේ. තම ව්‍යාපාර වෙනුවෙන් නව තීරණ ගැනීමට සිදුවේ. රාජකාරි වල නියුතු අයට යෙදෙන ගැටළු විසදා ගැනිමට පියවර ගතයුතු වේ. නව රැකියා උදා වේ.
  ගෘහ ජීවිතය යහපත් වේ.
පපුවේ අසනීප ඇති වීමට ඉඩ ඇත.
ඉගෙනීම් කටයුතු වල දී දරුවන් වෙනදාට වඩා උනන්දු විය යුතුය.
-

● මීන
මින ලග්නයට බුධ 2 වැන්නේ ධනස්ථානයේ ගෝචර වේ. ආර්ථික ප්‍රතිලාභ ලැබීමටත්, ව්‍යාපාර වල දියුණුව උදාකර ගැනීමටත් අවස්ථාව යෙදිය හැකි වනු ඇත.
රැකියාවෙ බාධාකාරි තත්වයන් තරමක් දුරට පහව යයි.
පවුලේ සමගිය වර්ධනය වේ.
අධ්‍යාපන කටයුතු තරමක් වර්ධනය කර ගත හැකි වනු ඇත.

-

Sunday, March 26, 2017

රටේ රත්රන් මිල පහල යන අවස්ථාවල සහ උකසට තබන ලද රන් භාණ්ඩ නියමිත දිනට බේරා ගැනීමට නොහැකි වූ අයගේ රන් භාණ්ඩ බැංකු විසින් පාඩු මඟහරවා ගැනීමට රන් මිලටත් වඩා අඩුවෙන් ඉදිරිෙය්දි වෙන්දේසි කිරීමට ඉඩ අැත.

එවිට ඔබ ඒවා ගන්නේ නම් එහිදී අප දන්නා ශාස්ත්‍රය අනුව ගැටළු 2ක් ඇත.

1. එම රන් ආභරණ උගස් තැබූ අයගේ ඇති චිත්ත පීඩා සහ සිත නරක්වීම් තුලින් ඇතිවන සෝ සුසුම් ආදිය ඔබටද යම් තරමකින් හෝ බලපානු ඇත.

2. වෙනත් අය වෙනුවෙන් සාදා ඇති, ඔවුන්ගේ ආකර්ෂණය හුරු හෝ එවන් කටයුතු කර ඇති දෙයක් තමන් ලග තබාගැනීමට සුභ පල ලැබීම කෙසේ වෙතත් අසුභ පල ලැබීමට බොහෝ දුරට ඉඩ ඇති බව අපගේ පර්යේෂණ වලින් සොයාගෙන ඇත.

ඒනිසා එසේ කරන්නේ නම් එම ආකාරයටම භාවිත නොකර මකවා භාවිත කරන්න. එයද එතරම්ම සාර්ථක බව කිව නොහැක.

* තමන්ට හිතමිතුරන් දුන් බව කියමින්, ලාභෙට ලැබුනු බව කියමින් රන් ආභරණ මුදු වැනි දෑ භාවිත කල සමහර අය නැති කරදර අත් කරගෙන අයහපත් ප්‍රතිඵල අත්විඳි බව අත්දැකිමෙන් දන්නා බැවින් මෙසේ සඳහන් කරමු.

* දැනුවත් කිරීමක් පමණි !

#ඉරු Iru Sewaya

irusewaya@gmail.com
077 2238041

Saturday, March 25, 2017

සොහොන් කාලි මෑණියන්

කාලි මණ්ඩලයේ සිටින වැදගත්ම දේව මෑණියන් කෙනෙකි සොහොන් කාලි මෑණියන්.
එතුමිය ගැනද බොහෝ කතා, විස්තර අතීතයේ සිට පැවත එයි.

බොහෝදෙනෙක් දරුණු, නපුරු දේවතාවියක් ලෙස සිතා සිටින අතර, වරදට දඬුවම් දීම, හදි හූනියම් යනාදියෙදි එතුමිය ගැන ඒ ආකාරයටම සිතන අය වැඩි වුවද අපගේ අත්දැකීම පරිදි දියුණුව, ශාන්තිය පිණිසද උදව් උපකාර කරන ධාර්මික දේව මෑණියන් කෙනෙකි.

මෙම පිලිමයේ පරිදි, සියලු අධර්මය නසන කටයුතු වලට ශක්තිය කාලි මණ්ඩලයටම ලැබෙන්නේ ලෝක පාලක ශිව දෙවියන්ගෙනි. පිලිමයෙන් නිරූපණය වන්නේ එයයි.

විටෙක මේ ආත්ම භවයේ යහපත්ව ජිවිතය ගත කල කෙනෙක්ට සොහොන් කාලි මෑණියන් දඬුවම් දුන් දේ අප අත්දැකීමෙන් දනිමු. එයින් තේරුම් ගත යුත්තේ පෙර ආත්ම භවයක කරන ලද අකුසල කර්මයකට විපාක ලෙස එය ලැබුනු බවයි.

කෙසේ කොහොමට වුවත්, දෙවිවරු වඩාත් ප්‍රසන්න වන්නේ ධාර්මික අයටය. හැකි තරම යහපතින් හිඳ, සීලය - ප්‍රතිපත්තිය රැකගෙන ජිවිතය ගත කර, පින්කම් කරන්න. ඒ පින් සියලු දෙවිවරුන්ට අනුමෝදන් කරන්න. ඔබටද ආශිර්වාද ලැබෙනවා නොඅනුමානය.

-

#ඉරු

irusewaya@gmail.com
077 2238041

Friday, March 24, 2017

වාහන වල ආරක්ෂාව කරන ශාන්ති කර්මයකි.
විශේෂ වශයෙන් පිරිත් ආදිය සජ්ජායනා කර, මන්ත්‍ර විද්‍යාවේද උදව් ලබාගෙන දෙහි ගෙඩිය ජීවම් කර, කරනු ලබන කටයුත්තකි.

#ඉරු


irusewaya@gmail.com
077 22 38041

Wednesday, March 22, 2017

“ විවාහයට අදාල මාරක යෝග “

අද කාලයේ දකින්නට ලැබෙන දෙයක් තමයි, අලුත විවාහ වෙන අය ඉක්මණින් දික්කසාද වෙන එක.
කොළඹ දිස්ත්‍රික්කය තුල දික්කසාද ප්‍රතිශතය 60%ක්. ඒකියන්නේ බඳින 10ක්ගෙන් 6ක් වෙන් වෙනවා.
මේ තත්වයන් හිතද්දි තමයි විවාහයෙදි ජ්‍යොතිෂ්‍යය අනුව නොගැලපීමත්, හරි අවබෝධයක් නැතිකමත් ගැන අපිට සිහියට එන්නෙ.
අතීතයේ බැලුවාම, නොගැලපීම උනත් නැතත්, පවුල් ජිවිතය ආරක්ෂා කරගත යුතුයි කියන මතය නිසා කරදර - බාධක ඉවසගෙන විවාහය රැකගෙන ඉදල තියෙනවා.
නමුත් නිසි ගැලපීම නැත්නම්, ලෙඩ රෝග, කරදර - බාධක වගේම මරණය පවා ගෙන දෙන්නට හේතු වෙනවා. එහෙම නැත්නම් වෙන්වීමක් තියෙනවා.

මේ සියලු කාරණා සලකලා, ප්‍රායෝගිකව බුද්ධියෙන් සිතිය යුතු කාරණා ඔබට සිතන්නට භාර කරලා, විවාහයට අදාලව ජ්‍යොතිෂ්‍යය පැත්තෙන් දැනුවත් කල යුතු කාරණා කීපයක් සරලව ලබාදෙන්නට තීරණය කලා.

 විවාහයෙදි පරික්ෂා කිරීමෙදී සූක්ෂමව ස්ත්‍රී - පුරුෂ කේන්දර 2ම “මාරක යෝග“ තිබේදැයි පරික්ෂා කල යුතුය. නිසි ලෙස මාරක දෝෂ තිබී, ගැලපීමද සිදුවන්නේ නම් එවන් විවාහයක් කිරීමේ ගැටළුවක් නැත.

මෙවන් දෝෂ ජ්‍යොතිෂ්‍යෙයෙදී, “ මාරක යෝග, වෛධව්‍ය යෝග, වැන්දඹු යෝග“ ලෙස හැඳින්වේ.

●  එක කේන්දරයක පමණක්, මෙවන් යෝගයක් තිබී, අනිත් කේන්දරයේ අවශ්‍ය පරිදි එම ගැලපීම නැත්නම්, යෝගය ඇති කෙනා නොව, යෝගය නැති කෙනාට මරණය පවා(ලෙඩ රෝග, වෙනත් කරදර - බාධක) හිමි වීමේ අවදානමක් ඇත.
එහිදී මරණය හෝ එවන් කරදර සිදුවීමට වැඩි ඉඩක් ඇත්තේ, එම ග්‍රහයාගේ මහ දසා වලදී විශේෂයෙන්ද, අතුරු දසා වලදීද හැකියාවක් ඇත.

●  කුජ/ අඟහරු කේන්දරයක 1, 4, 7, 8, 12 රාශි වල සිටී නම් ස්ත්‍රී - පුරුෂ මාරක යෝග තත්වයකි.
මෙහිදී ඔබ තේරුම් ගත යුත්තේ, සෑහෙන කේන්දර වල මෙම තත්වය තිබිය හැකි බවයි. එනිසා මෙය අනවශ්‍ය ලෙස බිය වීමට අවශ්‍ය කාරණාවක් නොවේ.
කේන්දර 2හිම එම ස්ථාන වලින් 1ක, කුජ සිටිම හෝ රාහු, ශනි, කේතු වැනි පාපී ග්‍රහයන් සිටී නම් එම දෝෂයන් භංග වීමේ ඉඩක් පවතී(එය සූක්ෂමව බලා නිවරදිව කිව යුත්තකි).

● පාප සහිත රාහු, ලග්නයේ(1) සිටීමද, 8 - 12 කුජ සිටීමද, පුරුෂ කේන්දරයක යෙදෙන ස්ත්‍රී මාරක යෝගයකි.
මෙම ග්‍රහයන් ස්වක්ෂෙත්‍ර, උච්ච යනාදි බලයෙන්ද, නිසි සුභ දෘෂ්ටි යනාදියද, සුභ නැකැත් යනාදියෙන්ද යුක්ත වේ නම් මෙම දෝෂ තත්වයේ බල හීන විය හැකිය.

පොරොන්දම් පරික්ෂාවෙදී නිසි අංශක සහ සුදර්ශන චක්‍රය සමග සසඳා බැලීමේදී ග්‍රහයාගේ අංශක සහ සුභ නැකැත් සුභ දෘෂ්ටි අනුව ග්‍රහ දෘෂ්ටිය, අනෙක් කේන්දරය සමග සසඳා බැලීමේදී නොගැලපේ නම්, ග්‍රහ පොරොන්දමද සූක්ෂමව බැලීමේදී නොගැලපේ නම් මෙම සහකරු සහ සහකාරියගේ යුග ජීවිතය වැඩි කල් නොගොස් වෙන් වීමට හේතු සාධක පවතී.
එනිසා නිසි අත්දැකීම් ඇති, මනා බුද්ධියකින් හෙබී ජ්‍යොතිෂ්‍යයවේදියෙකු ලවා පරික්ෂා කර ගත යුත්තේ එබැවිනි.

* මේවාට කල යුතු පිලියම් - ශාන්ති කර්මද - පින්කම්ද ඇත. නිසි අයුරින් කිරීම තුලින් මේ දෝෂ තත්වයන් මග හරවා ගත හැක.

- ඊලග ලිපියකින් නැවත හමුවෙමු.

#ඉරු

077 2238041
irusewaya@gmail.com

____________________

●  පුරුෂ කේන්දරයක සිකුරු සිටින තැනින් 7 වැන්නේ පාපීන් සමග කුජ සිටීමෙන් ස්ත්‍රී මරණයද, ස්ත්‍රී කේන්දරයක ශනි සිටින තැනින් 8 වැන්නේ පාපීන් සිටී නම් පුරුෂයාට අපල ගෙන දෙන යෝගයක් වෙයි.

Monday, March 20, 2017

සතියේ ලග්න පලාපලය - මාර්තු 21-26 (2017)

පොදු පලාපලයක් පමණි. කේන්දරය අනුව වෙනස් විය හැක.
-

● මේෂ ලග්නය
ලග්නාධිපති කුජ  ලග්නයෙත්, බුධ-සිකුරු-රවි 1 2වැන්නේත්, කේතු 11වැන්නේත්, රාහු 5වැන්නේත්, ගුරු 6 වැන්නේත් ශනි 9 වැන්නේත්, සදු 8-9-10-11 වැන්නේත් මෙම සතිය තුල ගෝචර වේ.
මෙම සතිය තුල තම ආදායම් මාර්ග වල ආදායම වැඩිවි ආර්ථික වාසි උදාවිය හැක.  එහෙත් නොසිතු මොහොතක කරදර වලටද ලක්විය හැකි සතියක් වේ.
 රැකියා කරමාන්ත චංචල භාවයන් පෙන්නුම් කරන රැකියා වෙනස් වීම් පෙන්නුම් කරන නව රැකියා ප්‍රමාද වන සතියකි.
ගෘහ ජිවිතයෙ තමන්ට තිබු නිදහස අඩුවි යන තත්වයක් නිර්මාණය විය හැක. දරැවන් වෙනුවෙන් වෙනදාට වඩා වෙහෙසීමට සිදුවේ.
-

● වෘෂභ ලග්නය
ලග්නාධිපති සිකුරු - රවි - බුද සමග 11 වැන්නේත්, කුජ 12 වැන්නේත්, ගුරු 5 වැන්නේත්, ශනි 8 වැන්නේත්, රාහු 10 වැන්නේත්, කේතු 4 වැන්නේත්, සදු 7-8-9-10 ගෝචර වේ.
  මෙම සතිය තුල තම  ආදායම් මාර්ග වල පෙර තිබු අවහිරතා කරදර බාධක ඉවත්වි යා හැක. එහෙත් ආදායමට වඩා වැය පස ඉහල යාමට කරුනු යෙදිය හැක. කල්පනාකාරි විය යුතුය. රැකියාවේ බාධාකාරි තත්වයන් මග හැරි යා හැක.
නව රැකියා උදාවේ. තරග විභාග ආදියට සිත යයි.
ආදායමට වඩා වියදම වැඩි විම නිසා තම පවුල තුල ප්‍රකෝපකාරි සිදුවිම් හට ගැනිමේ අවදානමක් ඇතිවිය හැකි සතියක් වේ. කලපනාකාරිව වැඩ කටයුතු කලයුතුය.
-

● මිථුන ලග්නය
ලග්නාදිපති බුධ -රවි- සිකුරු සමග 10 වැන්නේත් කුජ 11 වැන්නේත්, ගුරු  4 වැන්නේත් ශනි 7 වැන්නේත්, රාහු 3 වැන්නේත්, කේතු 9 වැන්නේත්, සදු 6-7-8-9 වැන්නේත් මෙම සතිය තුල ගෝචර වේ.
 ආදායමට වඩා වැය පස ඉහල යා හැකි තත්වයන් නිර්මාණය විය හැක කල්පනාකාරි විය යුතුය. ආදායම් මාර්ග වල අවහිරතාද පෙන්නුම් කල හැක.
තිබුනු රැකියාවේ ගැටළු නිර්මාණය වී රැකියාවේ පෙර තිබු නිදහස නැතිවි යා හැක.
පවුල වෙනුවෙන් වැදගත් තීරණ වලට යොමු වීමට හැකියාව ලැබෙනු ඇත. දරුවන්ගේ අධ්‍යපන කටයුතු  වෙනදාට වඩා වර්ධනයක් පෙන්නුම් කරයි.

-

● කටක ලග්නය
ලග්නාධිපති සදු  5-6-7-8 වැන්නේද,  බුධ-සිකුරු-රවි 9 වැන්නේද,  කුජ 10 වැන්නේද, ශනි 6 වැන්නෙද,  රාහු 2 වැන්නේද, කේතු 8 වැන්නේද ගෝචර වේ.
තමන් ගන්නා තීරණ නිසා තමන්ට අර්බුදකාරි තත්වයනට මුහුණ පෑමට සිදුවේ. ආදායම් මාර්ග වල නිසි පල ලබාගැනිමට යම් පියවරක් ගැනිමට සිදුවේ.
  රැකියාවේ තිබු ගැටලුකාරි තත්වයන් පහව ගොස් තරග විභාග ආදියට යොමු වීමට අවස්ථාව උදාවේ.
තම විවාහය පිලිබද තින්දු තීරණ ගැනීමට හැකියාව ලැබිය හැක. පවුලේ සමගිය වර්ධනය වේ.
-

● සිංහ ලග්නය
ලග්නාධිපති රවි- බුද- සිකුරු සමග 8 වැන්නේද, ගුරු 2 වැන්නේද, කුජ 9 වැන්නේද, රාහු ලග්නයේද, කේතු 7වැන්නේද, සදු 4-5-6-7 වැන්නේද, ශනි 5 වැන්නේද  මෙම සතිය තුල ගෝචර වේ. ආදායම් තත්වය තරමක් පහල බැසිය හැකි වුවද උපායශිලි ක්‍රම මගින් එය මග හරවා ගත හැකි වනු ඇත. තමන් ගනු ලබන තීරණ තමාගේ වාසිය උදෙසා ගත හැකි වේ. නව ආදායම් මාර්ග උදාවිය හැක. රැකියාවේ සිදුවන සුලු සුලු වෙනස්වීම්, හේතුවෙන් පෙර තිබු කරදරකාරි තත්වයන් පහව යයි.
නව රැකියා උදාවේ.
ගෘහ ජිවිතයේ පෙර තිබු නිදහසට පාදා ගෙන දෙන සිදුවිම් නිර්මාණය විය හැක. මංගල යෝග උදා වේ.
-

● කන්‍යා ලග්නය
ලග්නාධිපති බුධ -රවි- සිකුරු සමග 7 වැන්නේද, කුජ 8 වැන්නේද, ගුරු ලග්නයේද,  ශනි 4 වැන්නේද, රාහු 12 වැන්නේද, කේතු 6 වැන්නේද, සදු  3-4-5-6 වැන්නේනේද ගෝචර වේ.
 තම තැන්පත් මුදල් වැයවිමට කරුණු යෙදෙනු ඇත.
ආදායම් මාරග වලට සතුරු කරදර එල්ල විය හැක.
දුර පළාත් වල රැකියා අවස්ථාවන් යෙදීමට ඉඩකඩ සැලසිය හැක. මංගල යෝග උදා වේ.  ප්‍රේම සබදතා වලට ඉඩ සැලසේ. තමන්ට යෙදුන ගැටළු විසදා ගැනීම් ආදියට ඉඩකඩ යෙදිය හැකි වනු ඇත.  ගෙදර පරිසරය අලංකාර ලෙස තබා ගැනිමට වෙනදට වඩා උනන්දුව වැඩිවනු ඇත.
 -

● තුලා ලග්නය
ලග්නාධිපති සිකුරු -රවි- බුද 6 වැන්නේද, ගුරු 12 වැන්නේද,  කුජ 7 වැන්නේද,  ශනි 3 වැන්නේද, රාහු 11 වැන්නේද, කේතු5 වැන්නේද සදු  2-3-4-5 වැන්නේද ගෝචර වේ.
 ආර්ථික තත්වය ඉහල නැංවිමට අවස්ථානුකූල පියවර ගැනීමට සිදුවිය හැකිය. නැතහොත් මුල්‍ය ගැටලු ඇතිවිය හැකිය.  නිෂ්ඵල ගමන් බිමන් වල යෙදීමෙන් රැකියා කටයුතු අඩාල විය හැකි බැවින් ඒ පිළිබද සැලකිලිමත් විය යුතුව ඇත.
ඉක්මන් තීරණ වලට යොමු වීමෙන් ගැටළු මතුවිය හැක.
පවුලේ සමගිය වර්ධනය වේ.  දරැවන් ගේ අධ්‍යපන කටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ.
-

● වෘශ්චික ලග්නය
ලග්නාධිපති 6 වැන්නේද, රවි- බුධ- සිකුරු 5 වැන්නේද, ගුරු 11 වැන්නේද, ශනි 2 වැන්නේද, රාහු 10 වැන්නේද, කේතු 4 වැන්නේද, සදු ලග්නයේ සහ 2-3-4 වැන්නේද  ගෝචර වේ. ආදායම් තත්වය වර්ධනය වේ. ආදායම් මාර්ග වැඩි දියුනු කිරිමට පියවර ගැනිමට සිදුවිය හැකිවනු ඇත. ණය ලබා ගැනිමට හා ඒ සදහා අවශ්‍ය වැඩ කටයුතු කරගත හැකි කාලයක් වේ.
නව  රැකියා උදාවේ.  රාජකාරි වල නියුතු අයට යෙදෙන ගැටළු හේතුවෙන් ඔවුන්ගේ රාජකාරීන් තමන්ට ඉටු කිරීමට සිදුවන අවස්ථා උදවිය හැකිය. පවුල්  ජිවිතය තුල ප්‍රීති උත්සව අවස්ථාවලට සම්බන්ධ වීමට අවස්ථා උදාවිය හැක. සමගිය වර්ධනය වේ.  මෙතෙක් තිබු කරදර බාධක මගහැරි යන කාලයක් උදා වනු ඇත.
-

● ධනු ලග්නය
ලග්නාධිපති ගුරු 10 වැන්නේද, ශනි ලග්නයෙද, රවි -බුධ- සිකුරු 4 වැන්නේද,  කුජ 5 වැන්නේද, රාහු 9 වැන්නේද, කේතු 3 වැන්නේද, සදු 12-1-2-3 ගෝචර වේ.
 ආදායම් මාර්ග වලින් සුබ ඵල ගෙන දෙන කාලයකි. නව ආදායම් මාර්ග උදා විමට කරනු යෙදේ.  ණය ලබා ගැනිමට උත්සාහ දරන අයට එ සදහා අවස්ථාව උදාවි හැකිය.
ව්‍යාපාර ක්ෂෙත්‍රයේ නව  පියවරක් ගැනීමට සුබ කාලයකි. මෙතෙක් තිබු ගැටලු නිරාකරණය වේ. රැකියා වෙනස් විමක් පෙන්නුම් කරන කාලයක් වේ. රැකියා දියුණුව ලැබීමට දරන උත්සාහයන් සාර්ථක වේ. පවුල් ජීවිතයේ සමගිය ඇති වේ.
පවුල වෙනුවෙන් කැපවීමට සිදුවේ.
-

● මකර ලග්නය
ලග්නාධිපති ශනි 12 වැන්නේද, ගුරු 9 වැන්නේද, සිකුරු -බුද- රවි 3 වැන්නේද, කුජ 4 වැන්නේද,  2 වැන්නේ කේතුද, 8 වැන්නේ රාහුද සදු 11-12-1-2 වැන්නේද ගෝචර වේ.
 ආර්ථික මට්ටම පවත්වාගෙන යාමට හැකිවිය හැක. තමන්ගේ ආදායම් මාර්ග වල සුළු සුළු  අඩුපාඩු නිසා නිසා තරමක් කලබලකාරි ගති මතුවිය හැකි  සතියක් වේ.
රැකියාවෙ මෙතෙක් තිබු කරදර බාධා ඉවත් වේ. නව රැකියා ලැබෙයි. වැඩිහිටි අයගේ අවවාද ලැබේ.
 විදෙස් ගත විම් වලටද යහපත් සතියකි.
පවුලේ සමගිය වර්ධනය වේ.  දරුවන් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ.
 -

● කුම්භ ලග්නය
ලග්නාධිපති  ශනි  11 වැන්නේද,  ලග්නයේ කේතුද, රාහු  7 වැන්නේද, ගුරු 8 වැන්නේද, කුජ 3 වැන්නේද, සිකුරු -රවි- බුද 2 වැන්නේද, සදු 10-11-12-1 වැන්නේද ගෝචර වේ.
 පහසුවෙන් තම ඉලක්ක සපුරා ගැනිමට හැකියාව ලැබෙනු ඇති  සතියක් වේ.  ආර්ථික මට්ටම පවත්වාගෙන යාමට හැකියාව ලැබිය හැකි සතියකි. නව්‍යතාවයකින් යුතුව තම වැඩ කටයුතු කරගෙන යාමට හැකි වේ.
කාර්මික ක්ෂෙත්‍රයේ රැකියා වලට සුබ සතියකි. රැකියා සොයන අයට හොද රැකියා අවස්ථා උදා වේ. පවුල් ජීවිතයේ සමගිය ඇති වේ. පවුල වෙනුවෙන් කැපවීමට සිදුවේ.
-

● මින ලග්නය
ලග්නයේ ලග්නාධිපති ගුරු 7 වැන්නේද, ශනි 10 වැන්නේද, කුජ 2 වැන්නේද,  රාහු 6 වැන්නේද,  කේතු 12 වැන්නේද, සිකුරු- රවි- බුධ ලග්නයේද,  සදු 9-10-11-12 වැන්නේද  ගෝචර වේ. ආර්ථික මට්ටම පවත්වාගෙන යාමට හැකිවේ. තමන්ගේ ආදායම් මාර්ග වල සුලු සුලු  අඩුපාඩු නිසා නිසා තරමක් කලබලකාරි ගති මතුවිය හැකි  සතියක් වේ.
උසස්වීම් තරග විභාග ආදියෙන් ජය ලබා ගැනිමට වැඩි ඉඩක් ඇත. රැකියාව කිරීමේදී තමන්ට පෙරදී යෙදුන බාධක තත්ව වලට විසදුම් ලැබී යහපත් කාලයක් උදාවිය හැකිය.
  විදෙස් ගත විම් වලටද යහපත් සතියකි.  මංගල යෝග උදා වේ.  පවුල් ජීවිතයේ සමගිය වර්ධනය වේ.
-

#ඉරු @Iru sewaya

irusewaya@gmail.com
077 2238041

ඔබ දක්ෂ - ලස්සනම කෙනා නොවෙන්න පුලුවන් - ඒත් ඒක එතනින් ඉවර නැහැ..



-

රූපයත්, මොලයත් කියන 2ම තනි තනි විදියට උනත් මහා පරිමාණයෙන් හැමෝටම ලැබෙන්නෙ නැහැ.

ඒත් ඔබට රටට - ලෝකයට වැඩදායි කෙනෙක් වෙන්න රූපයවත්, මොලයවත් අත්‍යාවශ්‍ය නැහැ..

මට මතකයි කාලෙකට කලින් එක්තරා නාලිකාවක ටෙලි නාට්‍යයක් පෙන්නුවා. ඒකේ ප්‍රධාන චරිතය උනු කාන්තා චරිතය කළු කෙනෙක්, ඒ තරම් රූපසම්පන්න නෑ. ප්‍රියමනාපත් නැහැ.  මුලදි මතත් ඒ චරිතයට කැමති නැහැ. නමුත් කාලයක් යද්දි ඊට වඩා රූමත් චරිත වලට වඩා අපි අර චරිතයට කැමතියි.

මොකක්ද ඒකට හේතුව ?

හේතුව ඇය හොඳ චරිතයක් නිරූපණය කිරීම.

අපි සමාජයේදී උනත්, දක්ෂ, ප්‍රියමනාප ලස්සන චරිත වලින් බලාපොරොත්තු වෙනවා, ඔවුන් හොඳ - යහපත් අය කියල. රූපයෙන්, දක්ෂතාවයෙන් වැඩි නම් අපි හිතාගන්නවා ඒ අය නිහතමානි, යහපත් අය කියල.

ඉතින් අපි හැමෝම වගේ වෙලාගෙන ඉන්න මායාව දැන් පැහැදිලිද ?

ඔබ දක්ෂයෙක්, ගොඩක් රූමත් කෙනෙක් නොවෙන් පුලුවනි. ඒනිසාම මුල් කාලයේ සමහර අයව ඔබව ගණන් නොගෙන ඉන්න, එහෙම නැත්නම්  නොසලකා හරියන්න පුලුවන්. ඒත් ඒ අයම පසුකාලීනව ඔබේ යහපත් ගති දැනගත්තාම ඔබට කැමති වෙන අවස්ථා අත්විඳ තියෙනවද ??
ඒක තමයි ඇත්ත. හැමෝම වගේ කැමති දක්ෂකමටවත්, රූපයවටත් නෙමෙයි, හොඳ ගති ගුණ වලට..

ඔබ යහපත් කෙනෙක් නම්, අන් අය ගැන හිතනවා නම්, කරුණාවන්ත, සංවේදි කෙනෙක් නම් කවදා උනත්, මොන තත්වයෙන් ඔබ හිටියත් ඔබට කැමති අය ඉදීවි.
ඒ තුලම ඔබ ඇති කරගන්න අධ්‍යාත්මික ගුණ ධර්ම ඔබට ජිවිතය පුරාම ආශිර්වාදයක් වේවි !

ජීවිතේ හැමෝටම වරදින්න වගේම හරියන්නත් ලොකු වෙලාවක් නොයන්න පුලුවන්, කෙනෙක් වයස 20දි කරන දේවල් තව කෙනෙක් 30 දි කරන්න පුලුවන්. ඒක එක එක්කෙනාගේ ජිවිතේ අනුව වෙන දේවල්..
ඒත් හැමදාම හොඳින් ඉන්න උත්සහ ගත්තොත්, එහෙම හිටියොත් කවදම උනත් සැනසීමෙන් ජිවිතේ හැමදාම ඉන්න පුලුවන්..

Saturday, March 18, 2017

අනුහස් ඇති රංවල මුත්තා දෙවියන්

රංවල මුත්තා දෙවියන් ගැන විවිධාකාර ජනප්‍රවාද අැත. එයින් ජනප්‍රියම එක වන්නේ, කැළණි ගඟ අසබඩ ජිවත් වෙමින් ඒ කාලයේ රාත්‍රියෙදි ඔරු - පාරු විනාශ වීමේ අනතුර වලක්වා ලීමට පහන් දැල්වා, පහනද ආවරණය කරමින් ඒ කටයුත්ත මනාව ඉටු කල කෙනෙක් බවයි. පසුකාලිනව මරණයට පත්වූ පසුවද එම පහන් ආලෝකය තිබිම තුලින් ජනතාව අතරම දෙවි කෙනෙකු ලෙස උප්පත්තිය ලැබූ බවයි.

අපද අත්දැකීමෙන් දන්නා පරිදි, අවිස්සාවේල්ල පුවක්පිටියේ රංවල මුත්තා දෙවියන්ගේ දේව රූපයට අධිෂ්ඨාන කරමින් යන ගමනේදි ආරක්ෂාව ඉල්ලා සිටි විට එය නිවරදිවම ලැබී ඇත. එසේම හදිසි අනතුරු වලට ලක්වීමට ගිය අයට පවා එම දෙවියන් සහ පරිවාර සේනාවගේ ආශිර්වාදයන් ලැබී එම කරදර අනතුරු නොවුනු අවස්ථා අප අත්දැකීමෙන් දනිමු.

“ කතං මයා ඉමං පුඤ්ඤං
 සබ්බ සම්පත්ති සාධකං
රංවල දේව රාජස්ස
ඉමං පුඤ්ඤානුමෝදනං “

( රංවල දෙවියන්ට පින් දෙන ගාථාව)

* දෙවියන් කැමති වන්නේ සීලවන්ත - යහපත් අයටය. එනිසා ඔබද මුලින්ම යහපත් අයෙක් විය යුතුය. පන්සිල් රැකිය යුතුය. නිසි පින්කම් කල යුතුය. ඒවා දෙවියන්ටද අනුමෝදන් කිරිම තුලින් දෙවියන්ගේ ප්‍රසාදයද ආශිර්වාදයද ලබාගත හැක.
( මේ පින් දෙවියන්ට අනුමෝදන් වේවායි නමින් සිතීමෙන් පවා එම පින දෙවියන්ට ලැබේ)

#ඉරු

irusewaya@gmail.com
077 2238041

Wednesday, March 15, 2017

අලුත් අවුරුද්ද වනතුරු බලපාන රවි මාරුව (03/14 - 04/14) 2017


ග්‍රහලොව  රජතුමා හෙවත් පියා  සැප දුක් බැලීමට  පුරෝහිතයාගේ නිවසට පැමිණෙයි.

ලංකා කේන්ද්‍රයේ 2 වැන්න  වන මින රාශියට රවි පැමිණේ.
රටේ ජනතාවගේ ආර්ථික තත්වයේ තරමක අර්බුද ඇති විය හැක. වියදම් ඉහල යාමට ඉඩ ඇත.   බඩු මිල ඉහල යාමේ අවදානමක්ද පවති. ඒ අතර නැණවත්ව බුද්ධිමත්ව තීරණ ගැනීමට හැකි වන කාලයක් වෙයි.

-
ලග්න 12ට පලාපලය මෙසේය.
(මෙය පොදු පලාපලයකි. කේන්දරය අනුව වෙනස් විය හැක)

● මේෂ ලග්නය
12 වැන්න වන වැයස්ථානයට හිරු නොහොත් රවි පැමිණියේය.
කලබලකාරි ගති වැඩිවිම නිසා වෙනදාට වඩා  ගැටලු ඇති විය හැක. කල්පනාකාරි විය යුතුය. වෙනදාට වඩා තම ව්‍යපාර වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ.
නව රැකියා අවස්ථා උදාකර ගැනීමට හැකි වේ.
ගෙදෙර වැඩකටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි.
-

● වෘෂභ ලග්නය
 11 වැන්න වන අයස්ථානයට රවි පැමිණියේය.
ආර්ථික ප්‍රතිලාභ ලැබීමටත්, ව්‍යාපාර වල දියුණුව උදාකර ගැනීමටත් අවස්ථාව යෙදෙනු ඇත. එහෙත් ආදායමට වඩා වියදම වැඩි විය හැක. කල්පනාකාරි විය යුතුය.
  රැකියා අවස්ථා උදාකර ගැනීමට හැකිවේ. රැකියාව කාර්යබහුල වේ.
ආදර සබදතා වර්ධනය වේ. මංගල යෝග උදා වේ. දුර බැහැර විනෝද ගමන් බිමන් යෙදීමට ඉඩ  ඇත.
-

● මිථුන ලග්නය
10 වැන්න  වන කර්ම ස්ථානයට රවි පැමිණියේය.
  ව්‍යපාරික අවශ්‍යතා ඉටු කර ගැනීමට හැකි කාලයක් උදාවේ.
රැකියාවේ බාධාකාරි තත්වයන් තරමක් දුරට පහව යයි. විදෙස් ගමන් යාමට හැකියාව ඇත.
පවුල වෙනුවෙන් වැදගත් තීරණ වලට යොමු වීමට ඉඩ ලැබේ. ප්‍රිති උත්සව වලට සහභාගි විමට ඉඩ ලැබේ.
-

● කටක ලග්නය
රවි පුණ්‍යස්ථානය වන 9 වැන්නට පැමිණියේය.
  මෙතෙක් තිබු කරදර බාධක තත්වයන් මග හැරි යන තත්වයක් උදාවේ. වෙනදාට වඩා උනන්දුවෙන් උත්සාහයෙන් යුතුව වැඩ කටයුතු කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
 ආර්ථික වාසි සැලසේ.
නව රැකියා උදාවේ. අධ්‍යයාපනයට තිබු බාධා ඉවත් වේ.
උසස් අධ්‍යාපන වරම් ලැබීමට ඉඩ ඇත.
දරුවන්ගෙ අධ්‍යපන කටයුතු සාර්ථක විය හැකි කාලයකි.
-

● සිංහ ලග්නය
 රවි ආයුෂ ස්ථානය(8) ගතවේ.
වෙනදාට වඩා කලබලකාරි වැඩිවිම නිසා වෙනදාට වඩා  ගැටලු ඇති විය හැක. වෙනදාට වඩා තම ආදායම් මාර්ග වලට කාලය ශ්‍රමය වැය කිරිමට සිදුවෙයි.
 නව රැකියා අවස්ථා උදාකර ගැනීමට හැකි වේ. රැකියාව කාර්යබහුල වේ.
 පවුල් ජීවිතයේ සමගියට බාධා  මතුවිය හැකි බැවින් කල්පනාකාරි විය යුතුය.
-

 ● කන්‍යා ලග්නය
(12) වැයස්ථානාධිපති 7 වැන්නට පැමිණියේය.
  පවතින ප්‍රශ්න ගැටලු වලට විසදුම් සොයාගැනිමට අවස්ථාවන් ලැබිය හැකිය. ආදායම් මට්ටම පහල බැසීමට කරුණු යෙදිය හැක. ආදායම් මාර්ග වල ගැටලු නිර්මාණය විය හැකි බැවින් කල්පනාකාරි විය යුතුය.
 රැකියාවට තරමක් බාධා  මතු විය හැකි බැවින් කල්පනාකාරි විය යුතුය.
ඉගෙනීමට අමතරව ක්‍රීඩා කටයුතු ආදියට සම්බන්ධ වීමෙදි ගැටලු නිර්මාණය විය හැක.
-

 ● තුලා ලග්නය
(11) අයස්ථානාධිපති, (6)රොගස්ථානයේ ගෝචර වෙයි.
 මේ නිසා තුලා ලග්න හිමියන්ගේ ආර්ථික තත්වය තරමක් පහල බැසීමටද ආදායම් මාර්ග වල අවහිරතාද  ඇතිවිය හැකි  කාලයක් වේ.
 රැකියා ස්ථානයේද තරමක් ගැටලුකාරි තත්වයන් මතුවිමට කරුණු යෙදිය හැකිය.
ගෘහ ජිවිතයේ වැඩිපුර තම පෞද්ගලික කරුණු කාරණා වෙනුවෙන් වෙහෙසීමට සිදුවිය හැකි වනු ඇත.
-

 ● වෘශ්චික ලග්නය
10 වැන්නාදිපති රවි,  5 වැන්නට පැමිණියේය.
 ආර්ථික ප්‍රතිලාභ ලැබීමටත්, ව්‍යාපාර වල දියුණුව උදාකර ගැනීමටත් අවස්ථාව යෙදෙනු ඇත.
රැකියා අවස්ථා උදාකර ගැනීමට හැකි වේ. රැකියාව කාර්ය බහුල වේ.
ඉගෙනීමට අමතරව ක්‍රීඩා කටයුතු ආදියට සම්බන්ධ වීමට අවස්ථාවන් උදාවනු ඇත.
-

 ● ධනු ලග්නය
  4 වැන්න වන ගෘහ ස්ථානයට  ඉරු නොහොත් රවි පැමිණියේය. මුල්‍ය ගැටලු  විසදා ගත හැකි වනු ඇත. ආදායම් මාර්ග වල අවහිරතා මග හැරී යයි.
 රැකියාවේ දියුණුව පෙන්නුම් කරයි.   උසස් වීම්, තරග විභාග ආදියෙන් නිසි ඵල ලබාගත හැකි කාලයක් විය හැකිය.  ඉඩකඩම් මිලදි ගැනිම් වලට සුබ කාලයක් වේ.
පවුලේ සමගිය වර්ධනය වේ.
අධ්‍යාපන කටයුතු තරමක් වර්ධනය කර ගත හැකි වනු ඇත.
 -

 ● මකර ලග්නය
8 වැන්නාධිපති 3 වැන්නේ ගෝචර වේ.
 තරමක් සුබ පල ගෙන දෙන කාලයක් වේ. පෙර පැවති වියදම් තත්වය මග හැරි යන තත්වයක් උදාවේ. මුදල් හානි අවම වේ. යම් මුදලක් ඉතිරි කරගැනීමට හැකියාව ලැබෙනු ඇත.
රැකියාවෙ බාධාකාරි තත්වයන් තරමක් දුරට පහව යයි.
විදෙස් ගමන් යාමට හැකියාව ඇත.
පවුල් ජිවිතය තුල තරමක් බාධා මතු විය හැක.
-

 ● කුම්භ ලග්නය
 7 වැන්නාධිපති 2 වැන්නේ ගෝචර වේ.
 හවුල් ව්‍යපාර  තරමක් වෙනදාට වඩා සාර්ථකව ඉදිරියට ගෙන යාමට හැකියාව ලැබෙනු ඇත.
රැකියාවේ බාධා ඉවත් වේ. නව රැකියා උදා වේ.
 පවුල් ජිවිතයේ තිබු බාධා ඉවත් වේ.  යහපත් මංගල යෝජනා  ඉදිරිපත් වේ.
අධ්‍යාපනය ලබන දරුවන්ගේ දියුණුවට වෙනදාට වඩා වෙහෙසීමට සිදුවේ.
-

 ● මීන ලග්නය
 6 වැන්නාධිපති 1 වැන්නේ/ලග්නස්ථානයේ ගෝචර වේ. වෙනදාට වඩා බාධා ගැටලු මතු වීමට ඉඩ ඇත. ආදායම් මට්ටම තරමක් පහල යයි. එහෙත් ව්‍යාපාර වල දියුණුවට හා තම ආදායම් මාර්ග දියුණු කරගැනිමට  යම්  පියවරක්  ගැනීමට සිදු වෙයි, නැතහොත් ගැටලු මතු වේ.
රැකියාවට තරමක් බාධා මතුවේ. කල්පනාකාරි විය යුතුය. ඉගෙනීම් කටයුතු වල දී දරුවන් වෙනදාට වඩා උනන්දු විය යුතුය. ආදර සබදතා වලට බාධා - ප්‍රශ්න නිර්මාණය විය හැකිය.

-

#ඉරු

“ සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියො දපනං
ඒත් බුද්ධානු සාසනං “


- සියලු බුදුවරයන් වහන්සේලාගේ අනුශාසනය වන හෙයින් මහානුභාවසම්පන්න ගාථා රත්නයකි.

Monday, March 13, 2017

සතියේ ලග්න පලාපලය - මාර්තු 14 - 20

පොදු පලාපලයක් පමණි. කේන්දරය අනුව වෙනස් විය හැක.

● මේෂ ලග්නය
මේෂ ලග්නයෙ රවි ,බුද කේතු, 11 වැන්නේද, ගුරු 6 වැන්නේද කුජ, ශුක්‍ර 12ද, රාහු 5 වැන්නේද ශනි 9 වැන්නේද  සදු 6 ,7,8 වැන්නේද ගොචර වේ.
 එම නිසා ඉදිරි සතිය ඔබට සුබ සතියක් වේ.
 තම ආදායම් මාර්ග වල ආදායම් තත්වය ඉහල යා හැකි නව ව්‍යපාර ආරම්භ කල හැකි සතියක්වේ. තිබූ බාධාවන් ඉවත් වනු ඇත.
රැකියාවේ කරදර අඩු වෙයි. නව රැකියා උදාවේ. තම රැකියාවේ ප්‍රවනතාවයක් පෙන්නුම් කල හැකි වේ.
ගෘහ ජිවිතයේ තරමක ගැටලු තත්වයන් උදාවිය හැකි සතියක් විය හැකි නිසා  කල්පනාකාරිව කටයුතු කල යුතුය.
-

● වෘෂභ ලග්නය
වෘෂභ ලග්නයේ රවි ,බුද, කේතු, 10 වැන්නේද, ගුරු 5 වැන්නේද කුජ, ශුක්‍ර 11, රාහු 4 වැන්නේද, ශනි 8 වැන්නේද,  සදු 5, 6 ,7, වැන්නේද ගොචරවේ.
එම නිසා ඉදිරි සතිය තුල තම ආදායම් තත්වය යහපත්ව පවත්වාගෙන යා හැකිවනු ඇත. එහෙත් වියදම තරමක් වැඩිවිමට කරුනු යෙදෙන සතියක් වේ.
  රැකියා කර්මාන්ත වල තරමක දියුනුවක් බලාපොරොත්තු විය හැකි සතියක් වෙයි.
නව රැකියා ලැබේ.
  දෙමාපියන්ගෙන් ආධාර උපකාර ලැබිය හැකි සතියක් වේ.
 මංගල යෝග උදාවේ.
-

● මිථුන ලග්නය.
මිථුන ලග්නයේ රවි, බුද, කෙතු 9 වැන්නේද, ගුරු 4 වැන්නේද, කුජ, ශුක්‍ර 10, රාහු 3 වැන්නේද, සදු 4, 5, 6 වැන්නේද, ශනි 7 වැන්නේද  ගෝචර වෙයි.
එම නිසා ඉදිරි සතිය තම ව්‍යපාර වෙනුවෙන් තරමක් වෙහෙසිමට සිදුවේ. ව්‍යපාර හා තම ආදායම් මාර්ග වලින් ලැබෙන ලාබය වැඩි කරගැනිමට පියවරක් ගැනිමට හැකිවේ.
 රැකියාවෙ වෙනසක් හෝ උසස් විමක් ලබා ගැනිමට හැකිවේ.  නිවස තුල ප්‍රධානත්වය ගෙන වැඩ කටයුතු කිරිමට හැකිවනු ඇත. උත්සව අවස්තා සදහා සහභාගි විමට හැකිවනු ඇත.
-

● කටක ලග්නය
කටක ලග්නයේ රවි, බුද කේතු 8 වැන්නේද, ගුරු 3 වැන්නේද කුජ, ශුක්‍ර 9,  රාහු 2 වැන්නේද,  සදු3-4- 5 වැන්නේද, ශනි 6 වැන්නේද  ගෝචර වේ.
එම නිසා ඉදිරි සතිය ව්‍යාපාර වල පසුබෑමකට ලක්වන සතියක් වෙයි.  කල්පනාකාරිව කටයුතු කල යුතුය. කරන කටයුතු වෙනස් කිරිමෙන් සුබ එල ලබාගත හැක. මෙතෙක් තිබු ගැටලු නිරාකරනය වේ.
 රැකියාවේ වෙනස් විමක් පෙන්නුම් කරන කාලයක් වේ. රැකියා දියුණුව ලැබීමට දරන උත්සාහයන් සාර්ථක වේ.
පවුල් ජීවිතයේ සමගිය ඇතිවේ. පවුල වෙනුවෙන් කැපවිමට සිදුවේ.
-

● සිංහ ලග්නය
සිංහ ලග්නයේ රවි-බුධ-කේතු 7 වැන්නේද, ගුරු 2 වැන්නේද කුජ, සිකුරු 8,  රාහු 1 වැන්නේද, සදු1-3-4 ද, ශනි 5 වැන්නේද  ගෝචර වේ.
ආර්ථික මට්ටම යහපත්ව පවත්වාගෙන යාමට හැකි වෙයි. තමන්ගේ ආදායම් මාර්ග වල සුළු සුළු  අඩුපාඩු නිසා නිසා තරමක් කලබලකාරි ගති මතුවිය හැකි  සතියක් වේ.
 රැකියා කටයුතු සම්බන්ධව වෙනදාට වඩා උනන්දුවක් ඇති වේ. දුර පළාත් වල රැකියා අවස්ථාවන් යෙදීමට ඉඩකඩ සැලසේ.
විදෙස් ගත විම්වලදට යහපත් සතියකි.
 පවුලේ සමගිය වර්ධනය වේ.  දරුවන් වෙනුවෙන් වෙහෙසිමට සිදුවේ.
 -


●  කන්‍යයා ලග්නය
කන්‍යා ලග්නයේ රවි-බුද- කේතු 6 වැන්නේද,  ගුරු 1 වැන්නේද, කුජ, සිකුරු 7,  රාහු 12 වැන්නේද, සදු1-2-3ද , ශනි 4 වැන්නේද  ගෝචර වේ.
 තිබු කරදර බාධා ඉවත් වේ. ගනු ලබන ආර්ථිකමය තීරණ තමන්ට අවාසි සහගත විය හැකි බැවින් තමන් කල්පනාකාරිව කටයුතු කල යුතුය.
‍රැකියා සොයන අයට යහපත් රැකියා අවස්ථා උදාවේ. රැකියාවල නියුතු අයට තමන්ට යෙදුන ගැටළු විසදා ගැනීම් ආදියට සුබ සතියක් වේ.
 සෙම් රෝග වැලදිමේ අවදානමක් ඇත.  තම වැඩ කටයුතු වලට දෙමාපියන්ගේ අවවාද ලැබේ.
-

● තුලා ලග්නය
තුලා ලග්නයේ  රවි -බුද - කේතු 5 වැන්නේද, ගුරු 12 වැන්නේද, කුජ - සිකුරු 6 වැන්නේද, රාහු 11 වැන්නේද, සදු 12- 11-10 වැන්නේද, ශනි 3 වැන්නේද  ගෝචර වෙයි.
ව්‍යාපාර වල තරමක කරදර ගෙන දෙන කාලයක් විය හැකිය . ආදායම් මට්ටම එතරම් යහපත්ව පවත්වා ගෙන යාමට අපහසු තත්ව නිර්මාණය වේ. නිෂ්ඵල දේට තම කාලය හා මුදල් යෙදවීමට සිදුවේ.
 යහපත් රැකියා වලට අවස්ථා යෙදේ. රැකියාවේ බාධාවන් අඩු වී යාමෙන් සිතට සහනදායි බවක් ගෙන දෙනු ඇත.
ගෘහ ජීවිතය යහපත් සතියකි. මංගල යෝග උදාවේ.
-

● වෘශ්චික ලග්නය
වෘශ්චික ලග්නයේ රවි-බුද- කේතු 4 වැන්නේද ගුරු 11 වැන්නේද,  කුජ- සිකුරු 5 වැන්නේද, රාහු 10 වැන්නේද, සදු 11-10-9 වැන්නේද, ශනි 2 වැන්නේද  ගෝචර වේ.
මුල්‍ය කළමනාකරණයේ පාඩු පෙන්වයි. නව ආදායම් මාර්ග වල අවහිරතා පෙන්නුම් කරයි. හවුල් ව්‍යපාර වලද තරමක පාඩු පෙන්වන සතියක් වේ.
 රැකියාවන් සොයන අයට සුබ රැකියා ලැබේ. කරදර බාධක මග හැරී යයි. ප්‍රධානීන්ගේ පැසසුම් ලැබෙයි.
පවුලේ සමගිය වර්ධනය වේ. සුව පහසුවෙන් සිටීමට හැකි කාලයක් වේ.
-


● ධනු ලග්නය
ධනු ලග්නයේ රවි -බුද- කේතු 3 වැන්නේද, ගුරු 10 වැන්නේද, කුජ-සිකුරු 4 වැන්නේද, රාහු 9 වැන්නේද, සදු 10-9 - 8 වැන්නේද, ශනි 1 වැන්නේද  ගෝචර වේ.
 ආර්ථික තත්වය වෙනදාට වඩා සාර්ථක ලෙස ඉහල නංවා ගැනීමට හැකි වේ. තම ව්‍යාපාර වෙනුවෙන් වෙහෙසිමට සිදුවේ. රාජකාරි වල නියුතු අයට යෙදෙන ගැටළු හේතුවෙන් සිත් අමනාප කම් ඇති වේ.
 නව රැකියා උදා වේ.
 ගෘහ ජීවිතය යහපත් වේ.
පපුවේ අසනිප ඇති විය හැක.
 ඉගෙනීම් කටයුතු වල දී දරුවන් වෙනදාට වඩා පොත්පත් කෙරෙහි යොමු වීම අඩු විය හැක.
 -

● මකර ලග්නය
මකර ලග්නයේ රවි-බුද- කේතු 2 වැන්නේද, ගුරු 9 වැන්නේද කුජ - සිකුරු 3 වැන්නේද, රාහු 8 වැන්නේද, සදු 9-8-7 වැන්නේද ශනි 12 වැන්නේද  ගෝචර වේ.
 තිබු කරදර බාධා ඉවත් විය හැකිය.  ගනු ලබන ආර්ථිකමය තීරණ තමන්ට අවාසි සහගත විය හැකි බැවින් තමන් කල්පනාකාරිව කටයුතු කල යුතුය.
 රැකියා සොයන අයට යහපත් රැකියා අවස්ථා උදාවේ. රැකියා වල නියුතු අයට තමන්ට යෙදුන ගැටළු විසදාගැනීම් ආදියට ඉඩකඩ යෙදේ.
 පවුල වෙනුවෙන් ඉතා  කැපවිමට සිදුවේ. මෙතෙක් තිබු  සමගියට තරමක් බාධා මතුවිය හැක.
-

●  කුම්භ ලග්නය
කුම්භ ලග්නයේ රවි-බුද- කේතු 1 වැන්නේද, ගුරු 8 වැන්නේද, කුජ- සිකුරු 2 වැන්නේද, රාහු 7 වැන්නේද, සදු  8- 7- 6 වැන්නේද, ශනි 11 වැන්නේද  ගෝචර වේ.
 නව ආදායම් මාර්ග උදා වෙයි. ණය ලැබෙයි. ව්‍යාපාර ක්සෙත්‍රයේ නව  පියවරක් ගැනිමට සුබ කාලයකි. මෙතෙක් තිබු ගැටලු මග හැරි යයි.
 රැකියා දියුණුව ලැබීමට දරන උත්සාහයන් සාර්ථක වේ. නව රැකියා උදාවේ.  නිදහස අඩුවී යන තත්ත්වයන්  රැකියාවේ මතු විය හැක.‍්
හිතමිතුරන් නිසා  තරමක කරදර කාලයක් උදාවේ.
-

● මීන ලග්නය
මීන ලග්නයේ රවි - බුද- කේතු 12 වැන්නේද, ගුරු 7 වැන්නේද, කුජ - සිකුරු 1 වැන්නේද, රාහු 6 වැන්නේද, සදු  7- 6- 5 වැන්නේද, ශනි 10 වැන්නේද  ගෝචර වේ.
 ව්‍යාපාරික අවස්ථා වර්ධනය කර ගැනිමට, තමන්ට ණය ලබා ගැනිමටත්, ණය ඉල්ලුම් කිරිමටත් සුබ කාලයකි. කලමනා කරණයේ තිබෙන දුර්වලතා මග හැර ගත හැකිවනු ඇත.
නව රැකියා උදාවේ. රැකියා බාධාවන් අඩු වී යාමෙන් සිතට සහනදායි බවක් ගෙන දෙනු ඇත.
ගෘහ ජීවිතය යහපත් සතියකි. මංගල යෝග උදාවේ. දරුවන් වෙනුවෙන් වෙහෙසිමට සිදුවන කාලයකි.
-

#ඉරු
irusewaya

0772238041
irusewaya@gmail.com

Thursday, March 9, 2017

“ සිංහ ලග්නය - චන්ද්‍රාභරණය පොතෙන් “



සිංහයෙහි උපන් මිනිස්තෙම, ගැඹුරු ගුණ හා උසස් වචන වේ. මහත් මුහුණ වේ. නුවණය, ධර්මය, භොගය යන මෙයින් යුක්ත වේ. රැවටිලි ඇත්තේය. මනා මුඛය වේ. කරුණාධික සිත් වේ. කලකින් නිකරුණේ කිපෙයි. කුසගින්නෙන් වැහැරුණේ වේ. දිනන ලද ඉඳුරන් ඇති වේ. අධික වස්තු වෙයි. නොයෙක් දෙන අසුර කලේ වේ. වීර්ය ඇති වේ. වික්‍රම ඇති වේ. දිනූ සතුරන් ඇති වේ. ස්වල්ප දරුවන් වේ.

( ගාමභීය්‍යොනනතවාග්විශාලවදනො ධීධර්මභොගාන්විතො මායාවී සුමුඛං කෘපාලු හෘදයෝ කායෙර්ය චිරං කුප්‍යති ක්ෂුතකෙෂමාවිජිතෙන්ද්‍රියො‘ති විභවොනෛකාශ්‍රිතොවීයර්යවාන් වික්‍රානෙත විජිතාරිරල් පතනං සිංහෙ ප්‍රසූතො නරං)

- උපුටා ගත්තේ වෛද්‍යාචාර්ය ජේ.ඇස් රාජසුන්දර ආරච්චි මහතා විසින් පල කල පොතෙනි.
චන්ද්‍රාභරණය පොතේ මුල් කතෘ අඥාතය.

● අපගේ විස්තරයේ පරිදි සිංහ ලග්න අයගේ දුර්වලතා,
- තමාගේ මතයම පිහිටා කටයුතු කරයි.
- ලාභ උවත් පාඩු වුවත් තම ප්‍රතිපත්ති, තීරණ වෙනස් නොකරන ගතියක් ඇත. - කලබලකාරකම නිසා තමාගෙන් දේවල් අස්ථානගතවීමට පුලුවන.
- අන් අයගේ උපදෙස් පිලිගැනීමට තරමක අකමැත්තක් පෙන්වයි.
- බොහෝවිට ආඩම්බරකම සහ අහංකාරකම තරමක් හෝ ඇත.
මේ ගතිය රවි-බුද කේන්ද්‍ර ගතව(1වැන්නේ) තිබ්බොත් විශාල වශයෙන් දැකිය හැක. සැකය හා අවිශ්වාසය පවතී.

සිංහ ලග්නයේ පොදු ලක්ෂණ ගැන අපගේ විස්තරය
https://www.facebook.com/irusewaya/photos/a.1163510676999343.1073741846.833656709984743/1210410782309332/?type=3&theater
-

● ලග්න 12ම පොදු ලක්ෂණ ගැන අපගේ විස්තර
https://www.facebook.com/pg/irusewaya/photos/?tab=album&album_id=1163510676999343

@Iru Astrology

irusewaya@gmail.com
077 2238041

Wednesday, March 8, 2017

අතිධාවනකාරි කාම යෝග

ලෞකික ජීවිතයේ මනුෂ්‍යයන්ට කාම සම්පත් අවශ්‍ය වේ. එයින් ලිංගික අවශ්‍යතා වලට සම්බන්ධව අප සලකන්නේ සදාචාරාත්මක රාමුවක සිට එම සම්පත් වැළදීමයි. මෙහිදී විවිධාකාර අඩුපාඩුකම් නිසා වර්තමාන පවුල් ජීවිත ගත කරන සමහර අයට අනියම් සම්බන්ධතා බොහෝ සෙයින් ඇති බව පෙනේ.

සැබවින්ම අතිධාවනකාරි කාම යෝග වලින් කියවෙන්නේ ජන්මියාගේ චිත්ත ශක්තියේ සහ කායික ශක්තියේ එකතු වීම ගැනය.  මෙම යෝගයන් ඇති අය පොදුවේ බොහෝවිට ගෘහ ජිවිතය ඉතා ප්‍රීතිමත්ව ගත කිරීමට කැමැත්තක් දක්වයි.
මෙම යෝග ඇති වන්නේ, කුජ, රාහු, සිකුරු, සදු යන ග්‍රහයන් මුල් කරගෙනය.

● කුජ - රාහු
● කුජ - සඳු
● රාහු - සිකුරු

මෙම ග්‍රහ යෝගයන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කාම යෝග වීමට නම්, එම ග්‍රහයින්ගේ නැකතක හෝ පාප ග්‍රහයින්ගේ නැකතක ගමන් කල යුතුය.

● මෙම ග්‍රහ යෝග සුභ රාශියක වීනම් කලාකාම් අදහස් ඇති අය වන්නට ඉඩ වැඩිය.
● මේ ග්‍රහ යෝග වලට හෝ ලග්න ගතව ගුරු සිටිමෙන් 7 වැන්න දැකීම නිසා මෙම ග්‍රහ යෝග වල ඇති දෝෂ තත්වයන් මග ඇරි යයි.

* මෙහිදි පැහැදිලිව තේරුම් ගත යුතු කාරණය නම්, අතිධාවනකාරි කාම යෝග යෙදුනා කියා විවාහ ජිවිතය කඩාකප්පල් නොවන බවයි.
එහිදි කල යුත්තේ නිසි ලෙස සූක්ෂමව කේන්දරයන් පරික්ෂා කර, පොරොන්දම් පරික්ෂාවද ඇතුලත්ව කර විවාහය සිදු කිරීමයි.
(ඔබ විවාහයට අදාලව පරික්ෂාව කර ගන්නේ නිසි ජ්‍යොතිර්වේදියෙකුගෙන් නොවේ නම් ඔවුන් ඔබට වැරදි පලාපලයක් විවාහයට දිය හැක. එයින් ඔබගේ විවාහ ජිවිතය අවුල් වුවොත් එහි වරද නිසි ලෙස එය නොකල ජ්‍යොතිර්වේදියාගේය)

- තවද මෙම යෝග නිසා විවාහය යන කාරණය හැරුණු විට අනිකුත් සියල්ලෙන් ඉදිරියට යන ජිවිතද අප විසින් අත්දැකීමෙන් දැක ඇත. එනිසා මෙම යෝග නරකය කියා පැත්තකට දැමිය නොහැක. අප විසින් පල කර ඇති කේන්දර සටහන් වල පවා මේ යෝග ඇත.

* විවාහය සම්බන්ධව පරික්ෂා කිරීමේදී මූලික අවශ්‍යතාවයකි දෙදෙනාගේ ලිංගික ගැලපීම. එක් අයෙකුට ලිංගික ක්‍රියාකාරකම් වැඩියෙන් අවශ්‍ය වන අතර, අනිත් කෙනාට එය එතරම් අවශ්‍ය නොවිය හැක. එවන් අවස්ථා වලදී යුග දිවිය නීරස වීමට හෝ ඒකාකාරී වීමට අවදානමක් ඇත. මනා කේන්දර පරික්ෂාවකින් සහ නිසි ලෙස තමන් ගැන අවබෝධයෙන් යුතුව, සහකරු/සහකාරිය සමග සාකච්ඡාවෙන්ද යහපත් ප්‍රතිඵල උදා කරගත හැක.

පොදුවේ,

● කෙනෙකුගේ ජන්ම පත්‍රයේ “කුජ“ සිටින රාශියේ අනිත් අයගේ “සිකුරු“ සිටී නම් ඔවුන් දෙදෙනාගේ ‘අඹුසැමි ප්‍රිතිය‘ ඉතාම ඉහල වේ.

● ස්ත්‍රී ජන්ම පත්‍රයේ සඳු/චන්ද්‍ර, සිකුරු/ශුක්‍ර, කුජ ශුභ ස්ථාන වල(7, 9, 11) පිහිටා ඇත්නම් එම අයගේ ජීවිත ඉතාම යහපතින් සහ ප්‍රීතියෙන් ගත වීමට වැඩි ඉඩක් පවති.


- අප විසින් මේ පල කර ඇත්තේ, අත්දැකීම් පදනම් කරගත් ජ්‍යොතිෂ්‍යය කරුණු අනුව පොදුවේය.



#ඉරු

irusewaya@gmail.com
077 2238041 

Monday, March 6, 2017

සතියේ ලග්න පලාපලය - මාර්තු 07-12 (2017)

පොදු පලාපලයක් පමණි.
කේන්දරය අනුව වෙනස් විය හැක.

- චන්ද්‍රයාගේ ගෝචරය අනුව සකසා ඇත.

-
-
● මේෂ
ආදායම් මාර්ග වලින් සාර්ථක ඵල ලබන්නට හැකියාව ඇත. හවුල් ව්‍යාපාර වලින් මතු වන බාධා අවම කර ගැනීමට ඉඩ සලසා ගැනීමට හැකිවනු ඇත. ව්‍යාපාර දියුණුවට උවමනා කරන වැඩ පිලිවෙලවල් ක්‍රියාත්මක කර ගැනීමට අවස්ථාවන් උදා වනු ඇත.
රැකියා කටයුතු වලින් තමන්ට යහපත් ප්‍රතිඵල ලැබීමේ මාර්ග ලැබෙන්නට වාසනාව පවති. රැකියා කරන අයට, නව රැකියා ඉල්ලුම් කරන අයට ඒ සදහා අවස්ථාවන් උදා වනු ඇත.
ගෘහ ජිවිතය තුල සිතට සහනදායි කාලයක් උදා වනු ඇත. පෙර තිබුනු ගැටළුකාරි තත්වයන් මඟ හැරී යයි. උනන්දුවෙන් උත්සාහයෙන් කටයුතු කර වඩා දියුණුව ඇති කරගත හැක.
සතුරු කරදර ජය ගන්නට හැකියාව ඇත.


-

● වෘෂභ
ආදායම් මාර්ගයන් දියුණු කර ගැනීමට කල උත්සාහයන් සාර්ථක වනු ඇත. නිෂ්පාදන ක්ෂෙත්‍ර වල ව්‍යාපාර කරන අයට සුබයි. නිෂ්පාදන භාණ්ඩ ආශ්‍රිතව ව්‍යාපාර කරන අයට සුභ ඵල ලැබෙන කාලයකි. මුදල් ගනුදෙනු වලදී ප්‍රවේසම් නොවුනොත් අවාසි සහගත සතියක් විය හැක.
රැකියා කටයුතු වලදී තමන්ට නිදහස අඩු වී යාම සිදුවිය හැක. කාර්මික ක්ෂෙත්‍ර වල කටයුතු කරන අයට සුබ ඵල ලැබිය හැක.
විදෙස් ගත වීමට කටයුතු කරන අයට ප්‍රමාද වීම් විය හැක.
සහෝදර සහෝදරියන් සම්බන්ධව කටයුතු කිරීමටත්, ඔවුන් සමග කටයුතු කිරීමටත් අවස්ථාවන් උදා වන්නට ඉඩ ඇත. මංගල යෝග උදා වෙයි.

-


● මිථුන
දියුණුව සම්බන්ධව කරන කටයුතු වලින් සාර්ථක ඵල ලැබෙන්නට වාසනාව පවති. භූමිය සම්බන්ධ කටයුතු වලදී යහපත් ඵල ලැබීමටද වාසනාව පවති. මුදල් ඵලදායි දේට යොදවා ගැනීමට හැකියාවන් ලැබෙන්නට ඉඩ ඇත.
රැකියා කටයුතු වලදී මධ්‍යම ප්‍රතිඵල වලට මුහුණ දීමට හැකි විය හැක. රැකියා වෙනස් වීම්, තරග විභාග ආදියට ඉඩ සැලසෙනු ඇත. දුර බැහැර ගමන් යෙදීමට ඉඩ ඇත.
නිවසේ සිටිමට ඇති කාලය අඩු විය හැක.
පින් කටයුතු වලට සිත යොමු වනු ඇත.
මුත්‍රාශය සම්බන්ධ රෝග පීඩා ඇති විය හැක.


-

● කටක
ආර්ථිකය ස්ථාවරව ගොඩ නගා ගැනීමට අවස්ථාවන් උදා විය හැක. ඉඩම් මිලදී ගැනීම්, මුදල් සම්බන්ධ ප්‍රශ්න කරුණු කාරණා ඇති විය හැකි බැවින් ප්‍රවේශම් වන්න.
රැකියා කටයුතු වලදීද තමන්ගේ රාජකාරියෙදි වෙනදාට වඩා ප්‍රධානින් සමග ගැවසීමට ඉඩ වැඩි අතර එයින් සුළු ප්‍රශ්න ඇති වීමටද ඉඩ ඇත. රැකියා ස්ථානයේ වෙනදාට ලැබෙන සහයෝගය පවා නොලැබෙන්නට ඉඩ පවති.
පවුලේ සහෝදර සහෝදරියන් සමග තරමක් ගැටළුකාරි තත්වයන් පැන නැගීමට ඉඩ ඇති සතියකි. ඒවායින් යහපත් ප්‍රතිඵල ලබා ගැනීමට කල්පනාවෙන් වැඩ කටයුතු කල යුතුය.

-

● සිංහ
නව ආදායම් මාර්ග වලට උත්සාහ දරන අයට ඒ සදහා ඉඩකඩ සැලසිය හැක. මුදල් නාස්තිය සිදුවිය හැකි බැවින් ප්‍රවේශම් විය යුතුය. තමන්ගේ ආදායම් මාර්ගය සංවර්ධනයට අවශ්‍ය කටයුතු සලසා ගැනීමට ඉඩකඩ ලැබෙන්නට ඉඩ ඇති සතියකි.
රැකියා දියුණුව ඇති කර ගැනීමට අවස්ථාවන් උදා වෙයි. තමන්ට කිරිමට අපහසු රාජකාරි පවා කිරිමට සිදුවිය හැක.
ගෘහ ජිවිතය තුල ආත්ම විශ්වාසයෙන් යුතුව තම දෛනික කටයුතු වල යෙදිමට හැකියාව ලැබෙනු ඇත. පවුල් ජිවිතයේ අන් අය සමග පැවති සබදකම් දුරස් වීමට ඉඩ ඇත.
සුළු සුළු අනතුරු බාධා ඇති විමටද ඉඩ ඇති බැවින් ප්‍රවේශම් වන්න.

-

● කන්‍යා
මුදල් අවහිරතා යෙදීමට ඉඩ ඇති අතර, එයින් තමන්ට පාඩු සිදුවිය හැක. ණය ආදිය ගෙවා ගැනීමට යම් පියරවක් ගැනීමට සිදුවිය හැක. ආදායම් මාර්ග වලට යොමු වීමට උත්සාහ දරන අයට ඒ සදහා අවස්ථාවන් සලසා ගැනීමට හැකිවනු ඇත.
රැකියා කටයුතු මධ්‍යම ඵල සහිත විය හැක. තමන්ට සුදුසු මට්ටමේ රැකියා අවස්ථා උදා කර ගැනීමට වාසනාව පවති.
විදේශ රැකියාවකට යොමු වීමට උත්සාහ දරන්නේ නම් යම් බාධා මතු විය හැක.
ගෘහ ජිවිතය තුල ඉවසීම අඩු වුවොත්, ඉක්මණ් තීරණ ගත්තොත් තමන්ට අවාසි සහගත දේ වීමට ඉඩක් පවති. තරුණ අයට ගැලපෙන මංගල යෝජනා උදා විය හැක.

-

● තුලා
ආදායම් මාර්ග වලින් තමන්ට සිතු පැතූ ආකාරයට ප්‍රතිඵල ලබා ගැනීමේ වාසනාව තිබුනද, කලබල ගති වැඩි වීම නිසා තරමක් ප්‍රශ්න - ගැටළු මතු වීමට ඉඩක් ඇත.
රැකියා කටයුතු වලින් තමන්ට යහපත් ඵල ලැබීම අඩු විය හැක. දුර ගමන් වලින් පාඩු සිදුවීමට හේතු ඇත. සුදුසුකම් වලට සරිලන රැකියා ලැබීමේ වාසනාව පවති.
ගෘහ ජිවිතය තුල පෙම් සබදතා වලින් තමන්ට ගැටළු ප්‍රශ්න මතු වීමට ඉඩ ඇත. ඒවා විසදා ගැනීමට බුද්ධිමත්ව කටයුතු කල යුතුය.
සෞඛ්‍ය තත්වය දුර්වල වීමට ඉඩ ඇත.

-

● වෘශ්චික
ආදායම් මට්ටම තරමක් යහපත් වන්නට හේතු පවති. දේපල ලාභ, ව්‍යාපාර ලාභද, ඉවසීමෙන් කටයුතු කිරීමෙන් දියුණුව මනාව සලසා ගැනීමටද හැකියාව ඇත. දුර බැහැර ගමන් වලදී ව්‍යාපාර සබදතා පුළුල් කර ගැනීමේ වාසනාව පවති.
රැකියා කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යා හැක. තමන්ගෙ රාජකාරියට අමතරව පැවරුණු කටයුතු කිරිමටද සිදුවිය හැක.
ගෘහ ජිවිතය තුල දෛනික කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යා හැක. ආත්ම විශ්වාසයෙන් කටයුතු කරන්න.
යම් කලකිරිම් අැති විය හැක.
අධ්‍යාපන කටයුතු වලට සුබයි.

-


● ධනු
ආදායම් මාර්ග වැඩි දියුණු කර ගැනීමේ වාසනාව ඇත. වෙනදාට වඩා කලබලකාරි ගති පැවතුම් ඇති වීමටද ඉඩක් ඇත. තරමක් දුරට මූල්‍යමය ප්‍රශ්න පැන නගින්නට ඉඩ ඇත.
රැකියා කටයුතු වලදී යහපත් ඵල ලැබීම අඩු විමට ඉඩ ඇත. රැකියා විරහිත අයට නව රැකියා අවස්ථා උදා විමට හේතු ඇත. රැකියා කරන අයට වෙනස් වීම් අපේක්ෂා කල හැක.
පෙර ගෘහ ජිවිතයට පැවති බාධාකාරි තත්වයන් මග හැරිය හැක. තමන්ට විරුද්ධව සතුරු බලවේග මතුවිය හැක. බුද්ධිමත් වන්න.
අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට අවශ්‍ය කටයුතු කරන්න.

-

● මකර
ආර්ථික වශයෙන් යහපත් ඵල ලැබීමට වාසනාව පවති. නව ව්‍යාපාර වලට යොමු වීමට උත්සාහ දරන්නේ නම් ඒ සදහා අවස්ථාවන් උදා වනු ඇත. ඉඩකඩම් වලට පැවති බාධාකාරි තත්වයන් මග හරවා ගත හැකි වෙන සේ කටයුතු කරන්න..
රැකියා කටයුතු වලදි ඇති වන බාධා තත්වයන් වලදී ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න.
සිතට තරමක් අසහනකාරි තත්වයන් ඉස්මතු විය හැක. අරමුණු කරා යෑමේදි බාධා ඇතිවන්නට ඉඩක් පවති. සතුරු කරදර ඇතිවිමට ඉඩ ඇත. ඒවා ජය ගැනීමට බුද්ධිමත් වන්න..

-

● කුම්භ
ආදායම් තත්වය යහපත් කර ගැනිමට වාසනාව පවති. දියුණුව උදෙසා ගනු ලබන පියවර වලින් යහපත් පල ලැබෙනු ඇත. ඉඩකඩම් සම්බන්ධ ව්‍යාපාර කරන අයට යහපත් ප්‍රතිඵල ලබා ගැනිමට හැකියාව ලැබෙන්නට ඉඩ ඇත.
රැකියා සොයන අයට නව රැකියා උදා වීමට ඉඩ ඇත. රැකියා කටයුතු වලට තිබුනු බාධාවන් ඉවත් වී යනු ඇත. තරග විභාග, උසස් වීම්, ඉගෙනීම් යනාදියට අවස්ථාවන් උදා විය හැක.
පෙම් සබදතා වැඩි විය හැක.. විනෝදයෙන් කාලය ගත වනු ඇත.
දරුවන් සමබ්නධ කටයුතු වලදී කල්පනාකාරි විය යුතුය.

-

● මීන
නව ආදායම් මාර්ග වලට උත්සාහ කරන අයට ඒ සදහා වාසනාව පවති. පොලව සම්බන්ධ ව්‍යාපාර - මැණික් වැනි, ඒ සදහා යහපත් ඵල ලැබීමේ වාසනාව පවති.
රැකියා කටයුතු වලදි වෙනදාටත් වඩා කාර්යබහුල විය හැක. රැකියා සොයන අයට අවස්ථාවන් උදා විය හැක. දුර පලාත් වල රැකියා සොයන අයට ඒ සදහා වැඩි ඉඩක් පවති.
තරුණ අයට විවාහ කටයුතු වලට ඇති උද්යෝගය ඇති වේ. මංගල යෝග මේ කාලයේ උදා වේ.
ඉගෙනීමේ කටයුතු කරන අයට සුබයි.


-


#ඉරු

Saturday, March 4, 2017

පාර්වතී මෑණියන් හෙවත් දුර්ගා මෑණියන්

ලෝක පාලක ශිව දෙවියන්ගේ ප්‍රධාන දේවිය වන පාර්වතී හෙවත් දුර්ගා මෑණියන්ද අප අතරේ වැඩි කතාබහට ලක් නොවූවද අතිශයින් වැදගත් දේව මාතාවකි.

අප රටේද ඉමහත් ආදර භක්තියට පාත්‍රව ඇති කතරගම දෙවියන් සහ ගණ දෙවියන්ගේ මෑණියන් මෙතුමියයි.

එතුමියද ශිව දෙවියන්ගෙන් බලය ගෙන අධර්මය නැසීමට කටයුතු කරන්නීය. දරුවන් රැක බලා ගන්නීය.

දුර්ගා මෑණියන් සහ මහා භද්‍රකාලි මෑණියන් වරදවා වටහා නොගත යුතුය.
දුර්ගා මෑණියන්ගේ වාහනය සිංහයෙකි. භද්‍ර කාලි මෑණියන්ගේ වාහනය දිවියෙකි.

නිසි පින්කම් කර මේ දේව මෑණියන්ටද අනුමෝදන් කරන්න !

ආශිර්වාද ලැබෙනවා නොඅනුමානය !

#ඉරු


Thursday, March 2, 2017

කුජ බලවත් වීම ( මාර්තු02 - අප්‍රේල්13) 2017

ග්‍රහ ලොව චණ්ඩියා මෙන්ම සෙන්පතියාද වන කුජ හෙවත් අඟහරු මාර්තු 2 වනදා මීන රාශියෙන් මිදී තමන්ට ස්වක්ෂෙත්‍ර බලවත් රාශියක් එනම් තමන්ගේම රාශියක් වන මේෂ රාශියට පැමිණ අප්‍රේල් 13 වනදා දක්වා එහි රැඳෙයි.

පොදුවේ ලග්න 12ට බලපෑම මෙසේය.
කේන්දරය අනුව වෙනස් විය හැක.

-

● මේෂ
කුජ පැමිණෙන්නේ ලග්නයට එනම් 1 වැන්නටය.
ලග්නාධිපතියා 1 වැන්නට පැමිණීම තුල, තමන් බලාපොරොත්තු වු ගේ දොර ඉඩ කඩම් මිලදි ගැනිමට සුභ කාලයකි. අවහිර වී තිබුනු ආදායම් මාර්ග වල අවහිරතා මග හරවා ගැනිමට වාසනාව ඇත.  නව ආදායම් මාර්ග උදා වනු ඇත.
 රැකියාවේ දියුණුව පෙන්නුම් කරන කාලයක් වේ. නව රැකියා සදහා උත්සාහ දරන අයට එ සදහ අවස්ථාව උදා වෙයි.
 පවුල් ජිවිතය තුල පිඩාකාරි තත්වයන් මග ඇරි යනු ඇත.

-

● වෘෂභ
කුජ පැමිණෙන්නේ 12 වැන්නටය.
12 වැන්නාධිපති 12 වැන්නේම ගෝචර විම, තරමක් සුබ පල ගෙන දෙන කාලයක් වනු ඇත. පෙර පැවති වියදම් තත්වය මග ඇරි යනු ඇත. මුදල් හානි අවම වේ. යම් මුදලක් ඉතිරි කර ගැනිමට හැකියාව ලැබෙන කාලයක් වනු ඇත.
රැකියාවෙ බාධාකාරි තත්වයන් තරමක් දුරට පහව යනු ඇත.
විදෙස් ගමන් යාමට හැකියාව ඇත.
පවුල වෙනුවෙන් වැදගත් තීරණ වලට යොමු වීමට ඉඩ ලැබේ

-

● මිථුන
කුජ 11 වැන්නට පැමිණෙයි.
මිථුන ලග්නයේ අයස්ථානාධිපති අයස්ථාන ගත වෙයි.
මුල්‍යය ප්‍රශ්න විසදා ගත හැක. ආදායම් මාර්ග වල අවහිරතා මග ඇරි යයි.
 රැකියාවේ දියුනුව පෙන්නුම් කරයි.  උසස් වීම් තරග විභාග ආදියෙන් නිසි පල ලබාගත හැකි කාලක් වනු ඇත. ඉඩකඩම් මිලදිගැනිම් වලට සුබ කාලයක් වේ.
 පවුලේ සමගිය වර්ධනය වේ.
අධ්‍යපන කටයුතු තරමක් වර්ධනය කර ගත හැකි වේ.

-

● කටක
කුජ 10 වැන්නට පැමිණේ.
කර්මස්ථානාධිපති, කර්මස්ථාන ගතවේ.
තරමක කලබලකාරි ගති වැඩි වීම නිසා වෙනදාට වඩා  ගැටලු ඇති වන්නට ඉඩ ඇත. කල්පනාකාරි විය යුතුය. වෙනදාට වඩා තම ව්‍යාපාර වෙනුවෙන් වෙහෙසිමට සිදුවේ.
 නව රැකියා අවස්ථා උදාකර ගැනීමට හැකි වේ.
 ප්‍රෙම සම්බන්ධතා පවත්වාගෙන යාමෙදි එවායේ ගැටලු මතු වීමට ඉඩ ඇති නිසා කල්පනාකාරි විය යුතුය.

-

● සිංහ
කුජ 9 වැන්නට පැමිණේ.
අඟහරු පුණ්‍යස්ථානයේ ගෝචර වීම තුල වෙනදාට වඩා උද‍්යෝගයකින් යුතව වැඩ කිරිමට හැකියාව ලැබෙනු ඇත. පෙර තිබුනු බාධා ඉවත් වනු ඇත. ව්‍යාපාර දියුණුවට පියවර ගත හැකිවනු ඇත.
 රැකියාවේ පෙර තිබුනු බාධා ඉවත් වෙයි. ඍජු තීරන ගැනීමෙන් සුළු බාධා ඇති වන්නට ඉඩ ඇත.
උසස් අධ්‍යයාපනයට තිබුනු බාධා ඉවත් වී උසස් අධ්‍යපන වරම් ලැබිමට ඉඩ ඇත.
දරුවන්ගෙ අධ්‍යපන කටයුතු සාර්ථක වනු ඇත.

-


● කන්‍යා
කුජ 8 වැන්නට පැමිණෙයි.
කන්‍ය ලග්නයේ  ආයුෂ ස්ථානය වන 8 වැන්නෙ කුජ ගෝචර වේ.
 කලබල කාරි ගති වැඩිවිම නිසා වෙනදාට වඩා  ගැටලු ඇතිවේ, කල්පනාකාරි විය යුතුය.  හිතා බලා කටයුතු නො කිරිම නිසා කරදර ඇතිවිය හැක.
රැකියාවේ පීඩාකාරි ගති වැඩි විය හැක.
 පවුලේ සමගිය වර්ධනය වේ. සුව පහසුවෙන් සිටීමට හැකි කාලයක් වේ. තමන් තීරණ ගැනිමෙදි ඉවසා බලා කටයුතු කල යුතුය.

-


● තුලා
කුජ 7 වැන්නට පැමිණෙයි.
වෙනදා තිබු කරදරකාරි පීඩාකාරි ගති නැති වි සහනදායි කාලයක් උදාවේ.
හවුල් ව්‍යපාර සහ හවුල් කටයුතු වලින් තරමක් බාධා පැමිණිය හැක.
 රැකියාවේ තනි තීරණ ගැනිම නිසා ගැටලු මතුවිය හැක.
 මානසික නිදහස අඩු විය හැක.
ගෘහ ජිවිතය තුල පවුලේ සමගිය වර්ධනය වේ.

-


● වෘශ්චික
කුජ 6 වැන්නට පැමිණෙයි.
හයවැන්නට රෝග ස්ථානයට ලග්නාධිපති  කුජ පැමිනේ.
වෙනදාට වඩා මුදල් වැය වීමට කරුණු යෙදෙනු ඇත. වියදම් මුදල්  පාලනය කර ගතයුතු වෙයි, නැතහොත් ප්‍රශ්න ඇතිවේ.
රැකියාවල නියුතු අයට තමන්ට ඇතිවන ගැටළු විසදා ගැනීම්ට අපහසු විය හැක.
ගේ දොර සමගියට බාධා මතු විය හැක.
 පපුව සම්බන්ධ රෝගාබාධ ඇති වන්නට ඉඩ ඇත,  කල්පනාකාරි විය යුතුය.

-


● ධනු
කුජ 5 වැන්නට පැමිණෙයි.
5 වැන්නාධිපති 5 වැන්නේ ගෝචරය වීම නිසා ආදායම වර්ධනය විය හැක.
මෙතෙක් තිබුනු කරදර බාදා අඩු විය හැක.
විවාහය පිළිබද තීරණ ගැනීම් වලටද අවස්ථා උදාවේ. පෙම් සබදතා වර්ධනය කරගත හැක.
දරුවන්ගේ අධ්‍යාපන කාර්යයන් වෙනුවෙන් වෙහෙසිමට සිදුවේ.

-


● මකර
කුජ 4 වැන්නට පැමිණෙයි.
නිවාස දේපල සම්බන්ධ ප්‍රශ්න විසදා /ගැනිමට හැකියාව ලැබෙනු ඇත.
ආර්ථික තත්වය වෙනදාට වඩා සාර්ථක ලෙස ඉහල නංවා ගැනීමට හැකිවේ. ව්‍යාපාර වෙනුවෙන් වෙහෙසීමට සිදු විය හැක.
රාජකාරි වල නියුතු අයට යෙදෙන ගැටළු හේතුවෙන් සිත්අමනාප කම් ඇතිවිය හැක.

-


● කුම්භ
කුජ 3 වැන්නට පැමිණෙයි.
ආදායමට වඩා වියදම වැඩි වන කාලයක් වේ. ආදායම් මාර්ග වල අවහිරතා පෙන්නුම් කරයි. කල්පනාකාරි විය යුතුය. මුල්‍ය කළමනාකරණයේ පාඩු පෙන්වයි.
කාලයක් තිස්සේ පවතී ගැටළුදායක තත්ව විසදා ගැනීමට හැකිවේ. රැකියා  කරන අයට දියුණුව ලබා ගැනීමට හැකි වේ.
රැකියාවේ නව රැකියා අවස්ථා උදාවේ.
 සහෝදරයින්ගේ උපකාර ලැබිමෙ හැකියාව ඇත.

-

● මීන
කුජ 12 වැන්නට පැමිණෙයි.
ආර්ථික තත්වය වෙනදාට වඩා සාර්ථක ලෙස ඉහල නංවා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. තම ආදායම ස්ථිවරව පවත්වාගෙන යාමට ඉඩ ලැබෙනු ඇත.
 රැකියාවේ බාධාවන් අඩු වී යාමෙන් සිතට සහනදායි බවක් ගෙන දෙනු ඇත.
ඉවසිමෙන් කටයුතු කිරිම තුල ගෘහ ජීවිතය යහපත් කරගත හැකි වනු ඇත.

-

_ කුජගෙන් මේ මාරුව සමග සිදුවන අපල තත්වයන් සමනය වීමට _


* රාත්‍රි 8 - 9 අතර පහනක් දල්වන්න - දකුණු දිශාවට ( අඟහරුවාදා දින විශේෂයි)
* රතු මල් වට්ටි 01 * පැන් වීදුරු 03
* හඳුන්කූරූ 03

* කතරම දෙවියන්වහන්සේ, සෙල්ලි මෑණියන්, වල්ලි මෑණියන්වහන්සේගේ නාමයෙන් සතර බුදුවරයන් වහන්සේලාට(කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම) පූජා කරමි පූජා වේවා !
මේ කුසල් බෙලෙන් කුජ පීඩනය දුරු වී යහපත උදා වේවායි පතන්න.



#ඉරු


irusewaya@gmail.com
077 2238041




“ හැමෝම බය වෙන ඒරාෂ්ටක අපල “ න

ජ්‍යොතිෂ්‍යය පිළිබද සාමාන්‍ය වැටහීමක් ඇති අයෙකු වුවද, සෙනසුරු/ ශනි ග්‍රහයා පිලිබදව දැනුවත් වීමට හේතු වී ඇත්තේ සෙනසුරු විසින් ජන්මියාට ඉතා කටුක - අයහපත් ප්‍රතිඵල ලබාදෙන බැවිනි.
* සෙනසුරු දසාවන් සහ ඒරාෂ්ටක අපල වැනි තදබල අපල ක්‍රියාත්මක වීමේදී අදාල පුද්ගලයාට දුක, සන්තාපය, බිහිසුණු බව වැනි කරදර ලබා දෙයි.
* සමහර අයට ඒරාෂ්ටක අපල ගත වීමේදී පවා කරදර ඇති නොවෙයි. යහපත - වාසනාව තිබෙයි.

බොහෝ අය සෙනසුරු පිලිබදව ඇසූ පමණින් බියට පත් වෙයි.
සෙනසුරුගේ ගෝචරය(ගමන) සමග ජන්මියාට, අහිතකර තදබල අපලයන් වනුයේ සෙනසුරුගේ ඒරාෂ්ටක අපලයයි. මෙම ඒරාෂ්ටක අපලයද කීප ආකාරයකින් ක්‍රියාත්මක වෙයි. ඒරාෂ්ටක අපලයක් ක්‍රියාත්මක වූ පමණින්, අසුභ - කටුක - තදබල ප්‍රතිඵලයක් නොලැබිය හැක. සමහරවිට ඒ කාලය තුල ජන්මියාට අපලයක් ක්‍රියාත්මක වූවාදැයි කියාවත් නොදැනෙයි.

සෙනසුරු ග්‍රහයා එක් රාශියක වසර 2 හමාරක් සිටියි. සෙනසුරු ගෝචර ගමනින් රාශි 12 තුලම ගමන් කිරීමට වසර 30 කාලයක් ගත වෙයි. ජන්මියාගේ උපතේදී සිටි රාශියට නැවත පැමිණීමට වසර 30 කාලයක් ගත වෙයි.

අපල තත්වයන් ක්‍රියාත්මක වීමේදී බලපාන කරුණු රාශියකි. පහත කරුණු අසුභව යෙදුනු විට අපල තත්වයන් ක්‍රියාත්මක විය හැක.

* එම කරුණු අතුරින්, උපතේදී සෙනසුරුගේ බල - දුබල තත්වයන්, අපලය ක්‍රියාත්මක වන පුද්ගලයාගේ ලග්නය, සෙනසුරුට වැටෙන ග්‍රහ දෘෂ්ටි, යෝගව සිටින ග්‍රහයන්, ගත වන දසාවන් (මහ දසා - අතුරු දසා - විදසා , සූක්ෂම දසා), සෙනසුරු සිටින රාශිය(එහිදී අංශක අනුව බැලීම සහ නැකත) ප්‍රධාන වේ.
ඉහත  කරුණු අසුභව යෙදුනු විට කරදර බාධක සහිතව විපාක ලැබෙනු ඇත.

සෙනසුරුගේ ඒරාෂ්ටක කීප වර්ගයකි.

● ලග්න ඒරාෂ්ටක අපලය - වසර 7 හමාරකි.
(  2008 වසරේදී අභාවප්‍රාප්ත වූ හිටපු කථානායකවරයෙක් වූ අනුර බණ්ඩාරනායක මහතාටද දැඩිව බලපෑ අතර එය සියලුම සිංහ ලග්නකරුවන්ට බලපෑවක් විය.)

● ලග්න අෂ්ටම ඒරාෂ්ටක අපලය - වසර 2 හමාරකි.

● චන්ද්‍ර ඒරාෂ්ටක අපලය(ජන්ම ඒරාෂ්ටකය) - වසර 7 හමාරකි.

● චන්ද්‍ර අෂ්ටම ඒරාෂ්ටක අපලය - වසර 2 හමාරකි.
( හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බලයෙන් පහ වූයේ මෙම ඒරාෂ්ටකය ඇරඹී මාස කීපයකිනි)

අමතරව, රවි සම්බන්ධවී සූර්ය ඒරාෂ්ටක අපල නමින්ද අපල ඇත. එම අපල එතරම් ප්‍රසිද්ධ නොවී ඇත්තේ එහි තදබල අපල පොදුවේ නොදෙන බැවිනි.

සෙනසුරුගේ ඒරාෂ්ටක වර්ග ගැන එකින් එක පැහැදිලි කිරීමක් ඊලගට බලාපොරොත්තු වන්න.

- #ඉරු

irusewaya@gmail.com
077 2238041

---




Wednesday, March 1, 2017

පසුගිය දිනයක, සතියේ ලග්න පලාපලය ඇතුළු තවත් කටයුතු රාශියක් සිදු කරමින් සිටි අවස්ථාවකදී ගන්නා ලද්දකි..