Thursday, October 15, 2026

රවි මාරුව

 




ග්‍රහලොව නායකයා වන ඉරු හෙවත් රවි ග්‍රහයා  කන්‍යා රාශියේ සම තත්වයෙන් මිදි තුලා රාශියට පැමිණ නීච භාවයට පත් වෙයි. මෙම ග්‍රහමාරුව ඔක් 17 සිට නොවැ 16 දක්වා පවති.

( පොදු පලාපලයක් පමණි )

* රවිගේ නීච වීම, ආණ්ඩුවට අයහපත්ය.
* විපක්ෂයට තරමක් වාසි සහගත වෙයි.
* වැසි තත්වය වැඩිවීමට හේතු විය හැක.

ලග්න 12ට බලපෑම මෙසේය.
-

● මේෂ
රවි 07 වැන්නට පැමිණ බුධ සහ සිකුරු සමග යෝග වෙයි.
පවුල තුල දැඩි තීරණ ගන්නා ස්වභාවයක් පෙන්නුම් කරයි.
අන් අයගේ කීම නොඇසීම තුල අඩදබර ඇතිවිමට ඉඩ ඇත.
වියදම් තත්වය තරමක් වැඩිවීමටද ඉඩ ඇත.
සෞඛ්‍ය තත්වය සාමාන්‍ය පරිදි වෙයි.

-
● වෘෂභ
රවි 06 වැන්නට පැමිණ බුධ සහ සිකුරු සමග යෝග වෙයි.
ප්‍රශ්න සහගත තත්වයන් පැනනැගිමට ඉඩ ඇත.
පෙර තිබුනු ගැටළුකාරි තත්වයන් වර්ධනය විය හැක.
සතුරු කරදර ඇතිවිමට ඉඩ ඇත.
මුදල් වියදම් වීම වැඩි වීමට ඉඩ ඇත.
යටිබඩ ආශ්‍රිත රෝග පීඩා ඇතිවිමට ඉඩ ඇත.

-
● මිථුන
රවි 05 වැන්නට පැමිණ බුධ සහ සිකුරු සමග යෝග වෙයි.
ඉගෙනීම් කටයුතු වලට යහපත් කාලයකි.
අන් අයගේ උදව් උපකාර ලැබෙන කාලයකි.
පෙර පැවති බාධා සහිත තත්වයන් දුරු වීමට ඉඩ ඇත.
දරුවන් බලාපොරොත්තු වන අයට දරුඵල සම්බන්ධව ප්‍රශ්න ඇතිවිමට ඉඩ ඇත .
ආර්ථික තත්වය තරමක් පෙරට වඩා වර්ධනය විය හැක.


-
● කටක
රවි 04 වැන්නට පැමිණ බුධ සහ සිකුරු සමග යෝග වෙයි.
නිවාස ගේදොර දේපල සම්බන්ධව ගැටළුකාරි තත්වයන් මගඅරවා ගැනිමට හැකිවනු ඇත.
ඒවාට විසදුම් සොයා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
අන් අය වෙනුවෙන් වැඩිපුර වෙහෙසීමට සිදුවන කාලයකි.
නිවාස ගේදොර වෙනුවෙන් වැඩිපුර වෙහෙසීමට සිදුවෙයි.
ආර්ථිකය තරමක් පිරිහීමට, වියදම් වැඩිවිමට ඉඩ ඇත.

-
● සිංහ
රවි 03 වැන්නට පැමිණ බුධ සහ සිකුරු සමග යෝග වෙයි.
පෙර පැවති ගැටළුකාරි තත්වයන් වලට විසදුම් ලබාගැනිමට හැකියාව ලැබෙනු ඇත.
උරහිස කොන්ද ආශ්‍රිත රෝග පීඩා ඇතිවිමට ඉඩ ඇත.
සහෝදර සහෝදරියන්ගෙන් උපකාර ලබා ගැනිමට සිදුවෙයි.
අධ්‍යාපන කටයුතු වලට වෙනදා තිබුනු අවුල් විසදෙන කාලයකි.

-
● කන්‍යා
රවි 02 වැන්නට පැමිණ බුධ සහ සිකුරු සමග යෝග වෙයි.
වියදම් අධික වෙයි.
ආදායම් මාර්ග ඇහිරෙන්නට ඉඩ ඇත.
විදේශගතව සිටින කන්‍යා ලග්න හිමියන්ට ප්‍රශ්න ගැටළු ඇතිවිමට ඉඩ ඇත.
දත් වල අපහසුතා, මුඛරෝග ඇතිවෙන්නටත් ඉඩක් ඇත.

-
● තුලා
රවි 01 වැන්නට පැමිණ බුධ සහ සිකුරු සමග යෝග වෙයි.
අන් අය සමග සහයෝගයෙන් වැඩ කටයුතු කරන කාලයකි.
ආර්ථික වශයෙන් වාසි සැලසෙන කාලයකි, ආර්ථික ගැටළු විසදෙන කාලයකි.
ආදායම් තත්වය වැඩි දියුණු කරගත හැක.
ලැබීම් තරමක් අඩු වෙයි.

-
● වෘශ්චික
රවි 12 වැන්නට පැමිණ බුධ සහ සිකුරු සමග යෝග වෙයි.
වියදම වැඩිවන කාලයකි.
රැකියා ස්ථානයේ ගැටළු ඇතිවිමට ඉඩ ඇත.
ස්ථානමාරු ඇතිවිමට ඉඩ ඇත.
අන් අය සමග මතගැටුම් නිර්මාණය වීමට ඉඩ ඇත.
රැකියාවෙන් ඉවත් වීම් පවා පෙන්වන කාලයකි.

-
● ධනු
රවි 11 වැන්නට පැමිණ බුධ සහ සිකුරු සමග යෝග වෙයි.
09 වැන්නාධිපති රවි, 11 වැන්නේ නීච වීම අධ්‍යාපන කටයුතු වලට තරමක් බාධා සිද්ධ වෙන්න පුලුවන් කාලයක්.
තමන් සිතන ලකුණු තත්වයන් කරා යෑමට අපහසුතා ඇතිවිමට ඉඩ තියෙනව තරග විභාග ආදියෙන්.
ආර්ථික තත්වය තරමක් දුර්වල වීමට ඉඩ ඇත
දුරබැහැර ගමන් බිමන් යෙදෙන්නට පුලුවන්.


-
● මකර
රවි 10 වැන්නට පැමිණ බුධ සහ සිකුරු සමග යෝග වෙයි.
රැකියා ස්ථානයේ තිබුනු ගැටළුකාරි තත්වයන් වැඩිවෙන්නට ඉඩප්‍රස්ථා වැඩියි.
ආර්ථික තත්වය පෙරට වඩා යහපත් පැත්තකට එන්නට පුලුවන්.
ණය ලැබෙන කාලයකි. අන් අයගේ උදව් ලැබෙන කාලයකි.
පිටකොන්ද ආශ්‍රිත රෝග පීඩා ඇතිවන්නට පුලුවන්.


-
● කුම්භ
රවි 09 වැන්නට පැමිණ බුධ සහ සිකුරු සමග යෝග වෙයි.
උසස් අධ්‍යාපන කටයුතු වලදි ගැටළු ඇතිවිමට ඉඩ ඇත.
උසස් අධ්‍යාපනයේ දුෂ්කරතා පෙන්නුම් කරයි.
ආර්ථික තත්වයද තරමක් දුර්වල වීමට ඉඩ ඇත.
තිබෙන ගැටළු නිරාකරණය කරගත හැකි කාලයකි.

-
● මීන 

රවි 08 වැන්නට පැමිණ බුධ සහ සිකුරු සමග යෝග වෙයි.
සතුරු කරදර ඇතිවිමට ඉඩ ඇත.
අන් අයගේ උදව් උපකාර ලැබෙන කාලයකි.
මලබද්ධය වැනි රෝග පීඩා ඇතිවෙන්නට පුලුවන්.
ආර්ථික වශයෙන් තරමක් දුර්වල වීමට ඉඩ ඇත.
වියදම වැඩි වීමට පුලුවන්, ආදායම තරමක් අඩුවන්නට පුලුවන්.
-

071 383 5369

(WhatsApp)

කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන,

Word Document සේවාව, කාර්යාලයට වේලාව වෙන් කිරීම,

අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම,

ඇතුළු සියලුම සේවාවන් 





Sunday, October 4, 2026

සතියේ ලග්න පලාපලය ( ඔක් 05-11)



-

● මේෂ
සදු 04 වැන්නේය.
කුජ + ගුරු + සදු යෝගය ඇති වෙයි.
වියදම වැඩිවෙයි. ආදායම අඩුවෙයි.
නිවාස කටයුතු, ගේ දොර කටයුතු වෙනුවෙන් වැඩිපුර වෙහෙසීමට මෙන්ම වියදම්ද කිරිමට සිදුවන කාලයකි.
රැකියා කටයුතු වල තරග විභාග ආදියට මුහුණ දිමට සිදුවෙයි.

-
● වෘෂභ
සදු 03 වැන්නේය.
කුජ + ගුරු + සදු යෝගය ඇති වෙයි.
වෙනදාට වඩා වෙහෙසී වැඩ කටයුතු කිරිමට සිදු වෙයි.
ආර්ථික තත්වයේ තරමක් ප්‍රශ්න ගැටළු ඇතිවිමට ඉඩ ඇත.
ඒ සම්බන්ධව අන් අයගේ, සහෝදර සහෝදරයින්ගේ උදව් උපකාර ගැනිමට සිදුවන කාලයකි.
මව්පියන් වෙනුවෙන් වෙහෙසීමට සිදුවන කාලයකි.


-
● මිථුන
සදු 02 වැන්නේය.
කුජ + ගුරු + සදු යෝගය ඇති වෙයි.
ආදායමට වඩා වියදම වැඩි වෙයි.
වියදම කළමනාකරණය කරගත්තේ නැතිනම් ණය ගැනිමට සිදුවිමට ඉඩ ඇත.
වචනයෙන් පාඩු සිදුවිමට ඉඩ ඇත.
රැකියාවේ ස්ථාන මාරුවීම් හෝ වෙනස් වීම් පෙන්නුම් කරන කාලයකි.
ව්‍යාපාර වල තරමක් කඩා වැටිම් පෙන්නුම් කරන කාලයකි.

-
● කටක
සදු  01 වැන්නේය.
කුජ + ගුරු + සදු යෝගය ඇති වෙයි.
නව ආදායම් මාර්ග උදාවන කාලයකි.
ආර්ථිකය ශක්තිමත් වීම පෙන්වන කාලයකි.
අන් අයගේ උදව් උපකාර ලැබෙන කාලයකි.
මංගල යෝග උදාවන කාලයකි.
ගෘහ ජිවිතයේ සතුට ඇතිවන කාලයකි.


-
● සිංහ
සදු 12 වැන්නේය.
කුජ + ගුරු + සදු යෝගය ඇති වෙයි.
වියදම් අධික වන කාලයකි.
ආර්ථික තත්වය කඩා වැටිමට ඉඩ ඇත.
නීති ප්‍රශ්න වලට මුහුණ දිමට ඉඩ ඇත, සැලකිලිමත් වන්න, ඒවායින් ජය ලැබෙන්නටත් පුලුවන් කාලයකි.
විදේශගත වීම් බලාපොරොත්තුව සිටින අයට යහපත් කාලයකි.

-
● කන්‍යා
සදු 11 වැන්නේය.
කුජ + ගුරු + සදු යෝගය ඇති වෙයි.
පෙර නොලැබි තිබුනු, තමන්ට අයිති දේවල් ලැබෙන කාලයකි.
ආර්ථික වාසි ලැබෙන කාලයකි.
අන් අයගේ උදව් ලැබෙන කාලයකි.
තම නිවසේ වැඩ කටයුතු වෙනුවෙන් පෙරට වඩා වෙහෙසෙන කාලයකි.
නව රැකියා බලාපොරොත්තු වන අයට ඒසම්බන්ධව කැදවීම් ලිපි හෝ සම්මුඛ පරික්ෂණ ලිපි ලැබෙන කාලයක් විය හැක.

-
● තුලා
සදු 10 වැන්නේය.
කුජ + ගුරු + සදු යෝගය ඇති වෙයි.
ආර්ථික වාසි සැලසෙන කාලයකි.
නව ව්‍යාපාර ඇරඹිමට හැකි කාලයකි.
වෙනදාට වඩා වෙහෙස මහන්සි වී වැඩ කටයුතු කිරිම නිසා ආයතන ප්‍රධානින්ගේ පැසසුම් ලැබෙන කාලයකි.
තම දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වෙහෙසීමට ඉඩ ලැබෙන කාලයකි.

-
● වෘශ්චික

සදු  09 වැන්නේය.
කුජ + ගුරු + සදු යෝගය ඇති වෙයි.
වෙනදාට වඩා වෙහෙස මහන්සි වි වැඩ කටයුතු කිරිමට ඉඩ ලැබෙන කාලයකි.
අන් අයගේ උපකාර ලැබෙන කාලයකි.
නිවසෙන් පිට දුරබැහැර ගමන් බිමන් යෙදෙන කාලයකි.
ආර්ථික තත්වය වෙනදාට වඩා වියදම අධික වන කාලයකි.

-
● ධනු
සදු 08 වැන්නේය.
කුජ + ගුරු + සදු යෝගය ඇති වෙයි.
සතුරු කරදර ඇතිවිමට ඉඩ ඇති කාලයකි, එනිසා කල්පනාකාරිව කටයුතු කල යුතු කාලයකි.
හවුල් ව්‍යාපාර වල ප්‍රශ්න ගැටළු ඇතිවිය හැකි කාලයකි.
තමන්ට පැවරෙන කාරණා නිසි ලෙස ඉෂ්ට නොකිරීම නිසා ආයතන ප්‍රධානින්ගෙන්, අන් අයගෙන් හෝ දෝෂාරෝපණ එල්ල විය හැකි කාලයකි.

-
● මකර
සදු 07  වැන්නේය.
කුජ + ගුරු + සදු යෝගය ඇති වෙයි.
හවුල් ව්‍යාපාර සිදුකරන අයට තරමක් පීඩා ගෙනදෙන කාලයකි. ප්‍රශ්න ගැටළු ඇතිවිමට ඉඩ ඇති කාලයකි. මුදල් සම්බන්ධ ගැටළු ඇතිවිමට ඉඩ ඇති කාලයකි.
ආර්ථික තත්වය තරමක් පිරිහීමට ලක්වන කාලයකි.
අන් අයගේ කටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදුවන කාලයකි.


-
● කුම්භ
සදු 06  වැන්නේය.
කුජ + ගුරු + සදු යෝගය ඇති වෙයි.
සතුරු කරදර ඇතිවිය හැකි කාලයකි.
ආර්ථික තත්වය තරමක් අඩපණ වන කාලයකි.
ආදායම් මාර්ග වල හිරවීම් පෙන්වන කාලයකි.
මව්පියන් හෝ දූ දරුවන් වෙනුවෙන් වෙනදාට වඩා වෙහෙසීමට සිදුවන කාලයකි.


-
● මීන 

සදු 05 වැන්නේය.
කුජ + ගුරු + සදු යෝගය ඇති වෙයි.
අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනිමට ඉඩ ලැබෙන කාලයකි.
දරුඵල ගැන බලාපොරොත්තුව සිටි අයට දරුඵල සම්බන්ධ සුභ ආරංචි ලැබෙන කාලයකි.
ආර්ථික තත්වය තරමක් දුර්වල වන කාලයකි.
මංගල යෝග, ප්‍රේම සබදතා ඇතිවිමට ඉඩ ඇති කාලයකි. ඒ සම්බන්ධව ගැටළු තිබුනු අයට විසදුම් ලැබෙන කාලයකි.


-


Monday, August 24, 2026

“ විවාහය කඩන යෝග “



අද කාලයේ විවාහ කටයුතු තරමක් සංකීර්ණය.
✮ විවාහ වන අය පොරොන්දම් සහ පූර්ණ විවාහ පරික්ෂාවක් කරගෙන විවාහ වන අය සිටින අතර, එවන් කිසිවක් නොකර විවාහ වන අයද සිටිති.
✮ විවාහයේදි විවාහ පොරොන්දම් බලන අය අතර, විවාහය පොරොන්දම් 20න් පමණක් බලා විවාහ වන අයද, විවාහයට අදාලව පොරොන්දම්ද ඇතුළුව පූර්ණ පරික්ෂාවක් කරගන්නා අයද සිටිති !

- රටේ ප්‍රධාන නගර වල විවාහ වී විවාහය වසර කීපයක් දක්වා හෝ රැකගෙන යන ප්‍රතිශතය 50% වැනි අගයන් වල කාලයක්ම තිබෙන බව විස්තර වලින් අසා ඇත.
- පොදුවේ අප විවාහයට නොගැලපෙන්නේ නම්, තවද ශාන්ති කර්ම සිදුකරගෙනද විවාහය රැකගත නොහැකි නම් නිර්දේශ කරන්නේ නැත.
( දෙදෙනෙක් අතර ප්‍රේමය වසර කීපයක් පවතින්නේ නම් මානුෂීය තත්වයන් යටතේ කල්පනා කර විවාහය සිදුවන තැනට කල යුතු සියලු දේ ගැන උපදෙස් දෙමු)

විවාහය කඩා දමන යෝග පොදුවේ මෙසේය.

✮ කුජ + රාහු යෝගය.
රාහු 07 සිටිම විවාහය කැඩෙන්නට ඉඩ තිබෙන පිහිටිමකි. මෙය පොදුවේ බහු විවාහ සිදුවන යෝග තත්වයකි.

✮ සිකුරු නීච වීම.
ග්‍රහලොව විවාහයට අදාල සහ සුකුමාල තරුණිය වන සිකුරු නීච වීම බරපතල ගැටළුවකි.
මෙය විශේෂයෙන් බලපාන්නේ තරුණියන්ටය. සිකුරු නීච වීම ඉතා අයහපත් වන්නේ කාන්තා පාර්ශවයටය. සිකුරු නීච වී යම් හෙයකින් ගුරු බලවත් වුවොත්, එවන් අයට කලකිරිම් වැඩි වශයෙන් යෙදෙන්නට මෙන්ම විවාහයෙන් වෙන් වී ආගමික ජිවිතයක් ගැන, තනිකඩව ජිවිත කාලයම සිටිම ගැනද අදහස් ඇති වෙයි.

✮ 07 වැන්නාධිපතියා නීච වීම.

✮ 07 වැන්නාධිපතියා, 22 දෙර්කාණාධිපතියා වීම.

✮ 07 වැන්නාධිපතියා, අස්විද, මා, මුල නැකතක තැන්පත් වීම.

✮ 07 වැන්නාධිපතියා 06 08 12 යන දුෂ්ට ස්ථානයක තැන්පත් වීම.

✮ කෙනෙකුගේ විවාහය බැලීමේදි විවාහයේ ස්වභාවය, විවාහයේ කාලය තීරණය කරන්නේ නවාංශකයෙනි.
- 07 වැන්නාධිපතියා නවාංශකයේදි නීච විම.


පෙර පලකර ඇති ආකාරයට අප පලකර ඇත්තේ “ පොදු “ වශයෙනි. ඒ තේරුම් ගැනීමේ සහ තේරුම් කිරිමේ පහසුව උදෙසාය. තවත් බලපාන කරුණු තිබේ !

–
____
071 383 5369
(WhatsApp)
කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන,
Word Document සේවාව, කාර්යාලයට වේලාව වෙන් කිරීම,
අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම,
ඇතුළු සියලුම සේවාවන් ..

Iru Sewaya

#iruastrology #colombo #galle