Monday, August 22, 2016

සතියේ ලග්න පලාපලය - අගෝ. 23 සිට

● මේෂ
තරමක් ශුභයි.
ආදායම් මාර්ග වලට දියුණුවක් ඇති කරගැනීම වෙනුවෙන් කැප වන අයට යහපත් ප්‍රතිඵල ලැබෙනු ඇත. ආදායමට වඩා වියදම ඉහල යා හැකි බැවින් කල්පනාකාරි වන්න.
නිශ්ඵල දේට මුදල් යෙදවීමට සිතෙනු ඇත.
රැකියා කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යාමට හැකිය. නව රැකියා අවස්ථා උදා වේ. රාජකාරි කටයුතු වලදී තමන්ට වන දුර්වලතා මඟහරවා ගැනීමට කැපවී කටයුතු කල යුතුය.
ගෘහ ජිවිතය තුල සහෝදරයින්ගේ දියුණුව දැකීමට හැකි වේ. ගේ දොර අලංකාරයට පවත්වාගෙන යාමට තිබෙන උනන්දුවද වැඩි වෙයි. ප්‍රිය සම්භාෂණ වලදී වැදගත් අමුත්තන් මුණ ගැසීමට හැකිය.
සෙම් අසනීප තිබෙන අයට, යම් සහනයක් මේ සතියේදි ලැබිය හැක.

-

● වෘෂභ
සමඵලයි.
ආදායම් තත්වයට යම් යම් බාධා ඇති වන සතියකි. මුදල් නිසි අයුරින් පරිහරණය කරන්නට කටයුතු කල යුතුවේ. ධනය වැය වීමට කරුණු යෙදේ.
රැකියාවේ ක්‍රියාකාරි වීමට අවස්ථා යෙදේ. රාජකාරියේදී උනන්දුවෙන් යුතුව තම කටයුතු කිරීමට හැකියාව ලැබේ. වාහන සම්බන්ධව රැකියා වල නියුතු අයට, පින්තාරූ කිරිම් ආදි රැකියා වල නියුතු අයට  වඩා සුභ ඵල ලැබිය හැකි කාලයකි.
ගෘහ ජිවිතය තුල කටයුතු සාමාන්‍ය අයුරින් කරගෙන යාමට හැකියාව ලැබේ. සතියේ මුල් දින කීපය තුල තමන්ට සතුරු කරදර ඇතිවීමට යම් ඉඩක් පවතින බැවින් ප්‍රවේසම් විය යුතුය.  විවාහ වන වයසේ පසුවන අයට යහපත් විවාහ යෝජනා පැමිණේ. දරුවන්ගේ දියුණුවට අවශ්‍ය කටයුතු කිරීමට හැකියාව ලැබේ.


-
● මිථුන
තරමක් ශුභයි.
ආදායම් මාර්ග වලින් යහපත් ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව ලැබේ. ව්‍යාපාර වලට තිබුනු බාධා වලට විසඳුම් ලැබෙයි. ඉක්මණ් ප්‍රතිඵල බලාපොරොත්තු විය හැකි සතියකි. ව්‍යාපාර දියුණුවට ගන්නා පියවරකින් තමන්ගේ මුදල් නිකරුණේ මුදල් නාස්ති වීමේ අවදානමක්ද පවති.
රැකියා කටයුතු වලදි තමන්ට යහපත් ප්‍රතිඵල තරමක් අඩුවෙන්, බාධා ඇතිවිය හැක. රාජකාරි මට්ටමෙන් වගකීම් වැඩි වන සතියකි. නිදහස අඩුවේ.
ගෘහ ජිවිතය තුල තමන්ට සාමාන්‍ය ප්‍රතිඵල උදා වෙයි. ඉක්මණ් තීරණ වලට හා අනිත් අයට යටත් නොවන ගති ආදියෙන් ලග ඉන්නා අයට තරමක් දුරට අසහනකාරි තත්වයන් උදා වන තත්වයන් විය හැකි බැවින් ඒ ගැන සැලකිලිමත් වන්න.

-

● කටක
සමඵලයි.
තමන්ගේ දියුණුව උදෙසා කැපවීමෙන් යුතුව වැඩ කටයුතු කල හැකි සතියකි. මුදල් වලින් වැඩ කටයුතු මනාව කර ගත හැකි කාලයකි. තමන්ට මතුවන ආර්ථික ගැටළු වලට විසදුම් උදා කරගත හැකිවනු ඇත. ගෘහ භාණ්ඩ, රෙදිපිලි වෙලදාමට සුභ කාලයකි.
රැකියාවේ කටයුතු වලදී තමන්ගේ පහසුව වෙනුවෙන් කටයුතු සම්පාදනය කරගත හැක.
සතියේ මුල් දින කීපයේදී ගනු ලබන පියවර සාර්ථක වනු ඇත. රැකියාවේ දියුණුව වෙනුවෙන් පියවරක් ගත හැකි සතියකි.
ගෘහ ජිවිතය තුල තමන් ඉවසීමෙන් කටයුතු කිරිම තුලින් ගැටළු අවම වනු ඇත. අධ්‍යාපනයේ යෙදෙන දරුවන්ගේ සාර්ථකත්වය තරමක් අඩු වන සතියකි. විනෝදයට සෙල්ලමට අවධානය වැඩියෙන් යොමු වන සතියකි.
-


● සිංහ
තරමක් ශුභයි.
ආර්ථික වශයෙන් තමන්ට සුභ ඵල උදා කරගැනීමට හැකියාව ලැබෙනු ඇත. බාධාවන් කටයුතු වලට යෙදීමට හැකි වුවද, බාධාවන් මැඩ පවත්වා ගත හැකි අතර, බාධා නිසා තරමක් ප්‍රතිඵල අඩු විය හැක. රාහු දසා ගත කරන අයට මිල මුදල් නාස්ති වීමට අවස්ථාවන් යෙදෙනු ඇත.
යාන - වාහන මිලදී ගැනීමටද, ඉඩකඩම් විකිණීමේ කටයුතු කරන අයටද සුභ කාලයකි.
රැකියාවෙන් තමන්ට යහපත් ප්‍රතිඵල ලැබීමට හැකියාවක් ඇති වුවද රාහු දසාවන් ගත කරන අයට ඉවසීම අඩු කලබල ගතිය තුලින් ගැටළු මතු වීමට ඉඩ ඇති සතියකි. ප්‍රධානීන් සමග ඉවසීම ප්‍රගුණ කල යුතු අතර, ඉක්මණ් තීරණ නොගත යුතුය.
ගෘහ ජිවිතය  තුල තර්ක විතර්ක තුලින් තමන්ට ජය ලැබෙනු ඇත. ඉගෙනීම් කටයුතු වල යෙදෙන දරුවන්ට දක්ෂතා වර්ධනයට අවස්ථා උදා වේ. පදිංචි ස්ථාන වල වෙනසක් ඇතිවිය හැක. තම සහෝදර ආදින්ගේ කටයුතු වලට සහය දීමටත්, ජය ලැබීමටත් හැකිය.

-

● කන්‍යා
ශුභ සතියකි.
ආදායම් තත්වය යහපත් කර ගැනීමට හැකියාව ලැබේ. අලුත් ආදායම් මාර්ග වලින් සුභ ප්‍රතිඵල ලබා ගැනීමටත්, හවුල් කටයුතු වල තිබුනු බාධා අඩු කරගැනීමටත් හැකියාව ලැබෙයි. මුදල් ඵලදායක දේ සදහා වැය කල හැකි සතියකි.
රැකියාවේ කටයුතු සදහා කැපවීමෙන් කල යුතුය. රාජකාරි කටයුතු වලදි ඒවා සාර්ථකව කර ගැනීමට අවස්ථා සැලසෙනු ඇත. රැකියා විරහිත අයට නව රැකියා උදා වනු ඇත.
ගෘහ ජිවිතය තමන් කෙරේ ආත්ම විශ්වාසයෙන් යුතුව තම වැඩ වල යෙදීමට හැකියාව ලැබෙනු ඇත. පවුලේ වගකීම් වැඩි වනු ඇත. මිතුරු ඇසුර වැඩි වේ. සිත් රිදීම්ද ඇතිවිය හැක.

-


● තුලා
ශුභයි.
නව ආදායම් මාර්ග වලට යොමුවීමට අවශ්‍ය පියවර  ගැනිමට හැකියාව ලැබේ. මුදල් නාස්ති වීමට කරුණු මතුවිය හැකි බැවින් ඒ පිලිබදව සැලකිලිමත්ව කටයුතු කරන්න. නිවාස විකුණා ගැනීමට උත්සාහ දරන අයට ඒ සදහා අවස්ථාව උදා වෙයි. ව්‍යාපාර දියුණු කර ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට හැකියාව ලැබේ.
නව රැකියා ආදියට යොමුවීමට උත්සාහ දරන අයට ඒ සදහා තිබුනු බාධා අඩු වේ. රාජ්‍ය අංශයේ රැකියා කරන අයට සුභ ප්‍රතිඵල අත්වන කාලයකි.
ගෘහ ජිවිතය තුල දෛනික වැඩ කටයුතු පිලිබදව උනන්දුවෙන් කටයුතු කරනු ඇත. ඥාති මිත්‍රාදින් මුණ ගැසීමට අවස්ථා උදා වේ. දරුවන්ගේ ඉගෙනීම් කටයුතු වල උනන්දුව වැඩි කිරීමට පියවරක් ගත යුතුය. මිත්‍ර සබදතා ගොඩනගා ගැනීමට හැකියාව ලැබේ.

-

● වෘශ්චික
සුභ සතියකි.
ආදායම් මාර්ග වලින් යහපත් ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව ලැබේ. මුදල් පරිහරණය තුලදී සිදුවන දුර්වලතා මඟහරවා ගැනීමට පියවරක් ගැනීම කල යුතුය. අමතර ආදායම් මාර්ග වලට අවස්ථා ලැබෙනු ඇත. ණය මුදල් වලින් නිදහස් වීමට හැකියාව ලැබෙනු ඇත.
රැකියාවේ කටයුතු වල රාජකාරි වලින් තමන්ට සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. රැකියා සොයන අයට නව රැකියා අවස්ථා යෙදෙනු ඇත. ප්‍රධාන තනතුරු දරන අයට තමා යටතේ සිටින අය පාලනය කිරීමේදි වෙනදාට වඩා ගැටළු මතුවිය හැක.
ගෘහ ජිවිතය තුල දෛනික කටයුතු වලින් යහපත් ප්‍රතිඵල ලැබිය හැක. පෙම් සබදතා වලට ඉඩ සැලසෙනු ඇත. පවුල් ජිවිතය තුල මෙතෙක් තිබුනු ගැටළු වලට විසදුම් ලැබෙනු ඇත. දෙමාපියන්ගෙන් උදව් උපකාර ලැබෙනු ඇත.  බිරිඳ/ස්වාමියා සමග පෙරට වඩා අදහස් හුවමාරු කරගැනීමට අවස්ථා උදා වේ.

-

● ධනු
මධ්‍යස්ථඵලයි.
ආදායම් මාර්ග වල දියුණුවට බාධා මතු වේ. සතිය මැද වනවිට ආදායම් තත්වයේ වෙනසක් ඇතිවනු ඇත. ආර්ථික තත්වයට යම් පියවරක් ගැනීමට සිදු වේ. ඉඩම් මිලදී ගැනීමට උත්සාහ දරන අයට ඒ සදහා අවස්ථා උදා වේ.
රැකියා සදහා ඉල්ලුම් කරන අයට ඒ සදහා අවස්ථා උදා වේ. සතියේ ආරම්භයේ තරමක් ගැටළු මතුවිය හැක. සතිය මැද වනවිට ඒවාට විසදුම් ලැබෙනු ඇත. ඉංජිනේරු ක්ෂෙත්‍රයේ රැකියා කරන අයට, රැකියා දියුණුවට මාර්ග සැලසේ.
ගෘහ ජිවිතය තුල ඉවසීම අඩු වන සතියකි. ගැටළු මතුවිය හැකි බැවින් බුද්ධිමත්ව කටයුතු කල යුතුය.
අධ්‍යාපන කටයුතු වලට මේ සතිය එතරම් යහපත් නැත. ගමන් බිමන් වලට අවස්ථා උදා වේ. පුණ්‍යකර්ම කටයුතු වලට වැඩි ඉඩක් උදා වෙයි.

-

● මකර
එතරම් ශුභ නැත.
ආදායම් තත්වය යහපත් නොවනු ඇත. තමන් උපයන මුදල නාස්ති වීමට ඉඩ ප්‍රස්ථා උදා වේ. හිතවතුන්ට උපකාර කිරීම් ආදියට මුදල් යෙදීමට සිදුවේ. ණය ගනුදෙනු සම්බන්ධව යම් යම් ගැටළුදායක තත්වයන් මතුවිය හැක.
රැකියාවේ කටයුතු වලදී ඉවසීමෙන් යුතුව, තම රාජකාරි කටයුතු කල යුතුය. දුර්වලතා මගහරවා ගත යුතුය. නැත්නම් ගැටළු ඇති වේ. වෙනදාට වඩා රාජකාරි පැවරෙන තත්වයක්ද උදා වේ.
ගෘහ ජිවිතය තුල පවුලේ අයගේ අසනීප ආදිය නිසා තරමක් සිතට කණගාටුව ඇතිවනු ඇත. විශේෂයෙන් දරුවන්ගේ කටයුතු වලට යම් බාධා තත්වයන් ඉස්මතු වේ. දුර දිග නොසිතා තීරණ ගැනීමෙන් ගැටළු මතුවිය හැක.

-

● කුම්භ
සමඵලයි.
ආදායම් මාර්ග වලින් සාමාන්‍ය ප්‍රතිඵල උදා කරගැනීමට හැකියාව ලැබෙනු ඇත. දියුණුව උදෙසා ගනු ලබන පියවර සාර්ථක වෙයි. ගමන් බිමන් වලට මුදල් වැයවීම සිදුවන බැවින් ඒ කටයුතු වලදි මනාව බුද්ධියෙන් කටයුතු කරන්න.
රැකියාවේ කටයුතු වල යෙදීමේදි ප්‍රධානින්ගේ අවධානය තමන් වෙත යොමුවනු ඇත. රැකියා සොයන අයට මේ සතියේදි රැකියා අවස්ථා උදා කරගත හැක. තමන්ට පැවරෙන රාජකාරි පිලිබදව උනන්දුවෙන් ක්‍රියාත්මක වන සතියකි.
ගෘහ ජිවිතය තුල පිරිස් ඇසුරට අවස්ථාව උදා වෙයි. දුර බැහැර ගමන් බිමන් යෙදීමට ඉඩ ඇත. පෙම් සබදතා වලට යම් යම් ගැටළු මතුවිය හැකි නිසා බුද්ධියෙන් කටයුතු කරන්න.
ස්නායු රෝග වලින් පෙලෙන අයට අපහසුතා වර්ධනය විමට ඉඩ ඇති බැවින් අවදානමත් වන්න.

-

● මීන
තරමක් ශුභයි.
ආදායම් මට්ටම සතියේ මුල් දින වල බිඳ වැටීමට ඉඩ ඇත. සතුරු කරදර - බාධක ආදියද ඇති වන්නට ඉඩ ඇත. සතිය මැද වන විට හවුල් ව්‍යාපාර වලින් තමන්ට සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකි සතියකි. දෛනිකව සිදුවන මුදල් වැයවීම වැඩි විය හැක.
රැකියා කටයුතු සාමාන්‍ය පරිදි වෙයි. ස්වයං රැකියා වලට යොමුවීමට උත්සාහ කරන අයට ඒ සදහා අවස්ථා උදා වෙයි. නව රැකියා සොයන අයට මේ සතිය සුභ සතියකි. කෘෂිකර්මාන්තය ආශ්‍රිත රැකියා කරන අයට තරමක් බාධා ඇතිවිය හැක.
ගෘහ ජිවිතය තුල මිතුරන් ඇසුරු කිරිම තුලින් ගැටළුකාරි තත්වයන්ට මුහුණ පෑමට සිදුවිය හැක.
ආරක්ෂාකාරිව තම වැඩ වල යෙදීමට සිතට ගත යුතුය. පවුලේ අය සමග සමගියෙන් සාමදානයෙන් කටයුතු කිරිමට අවස්ථාව උදා වනු ඇත. දරුවන් සම්බන්ධ වැඩ වලදී සතුටුදායක ප්‍රතිඵල ලැබෙනු ඇත.




No comments:

Post a Comment