Tuesday, August 2, 2016

සතියේ ලග්න පලාපලය - අගෝස්තු 02 සිට

● මේෂ

ආර්ථික අපහසුතා මඟහැරෙන සතියකි. මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීමට ඉඩ ලැබේ. නව ආදායම් මාර්ග වලට යොමු වීමට සුභ කාලයකි. වෙළද ව්‍යාපාර වලට සුබයි.
රැකියාවේ කාර්යබහුල බව වැඩි වේ. වෙනදාට වඩා කැපවීම වැඩි කාලයකි.
ගෘහ ජිවිතය තුල නෑයන්ගෙන් උදව් ලැබෙයි. යන තැන ප්‍රධානත්වය ලැබෙයි, පෙර තිබූ අපහසුතා මග හැරෙයි. මංගල යෝග උදා වන කාලයකි.



● වෘෂභ

ව්‍යාපාර වලින් වෙනදාට වඩා වැඩි ලාභ උපයන්නට හැකි කාලයකි. භූමිය ආශ්‍රිත ව්‍යාපාර කරන අයටද වෙනදාට වඩා සුභ ඵල ලැබෙයි.
රැකියා කටයුතු වල බලාපොරොත්තු මල්ඵල ගැන්වෙයි. නව රැකියා සොයන අයට රැකියා ලැබෙයි. රැකියාවේ වෙනස්කම්ද, දියුණුවද අපේක්ෂිතය.
ගෘහ ජිවිතය වෙනදාට වඩා උනන්දුවෙන් ගෙදරදොර වැඩ කටයුතු වලට සහභාගි වීමට ඉඩ ලැබෙයි. ප්‍රිය සම්භාෂණ, විනෝද අවස්ථා උදා වෙයි. මිතුරන්ගේ ඇසුර වැඩිවේ.


● මිථුන

ණය ලැබේ. තරමක් අසුභ ඵල ආර්ථික පැත්තෙන් ලැබෙන සතියකි. මුදල් අාශ්‍රිත ගැටළු ඇතිවෙයි.  මූල්‍ය කළමනාකරණයේ දුර්වලතා මඟහරවා ගත යුතුමය. ඒ ගැන බුද්ධිමත් වන්න.
රැකියාව වැඩි දියුණු කර ගැනීමට වැඩි ඉඩකඩක් උදා වේ. පුහුණු වීම්, තරඟ විභාග ආදියට අවස්ථාව උදා වෙයි. නව රැකියා අවස්ථාද උදා වේ.
ගෘහ ජිවිතය සතුටින් ගත වේ. මංගල යෝග උදා වේ. මිතුරු ඇසුර වැඩි වේ. නෑයන්ගේ පැමිණීම සහ ආශ්‍රය අපේක්ෂා කල හැක. නෑයන්ගේ සහ වැඩිහිටියන්ගේ ගෞරවයට පාත්‍ර වේ.


● කටක

ආර්ථික ගැටළු විසඳා ගැනීමට හැකියාව ලැබෙයි. නව ආදායම් මාර්ග විවර වෙයි. ගැටළුකාරි තත්වයන් මඟ හරවා ගැනීමට හැකියාව ලැබේ.
නව රැකියා උදා වේ. රාජ්‍ය අංශයේ රැකියා වලට සුබයි. ප්‍රධානීන්ගෙන් වැඩි වගකීමක් තමා වෙත පැවරෙන්නට ඉඩ ඇති සතියකි.
ගෘහ ජිවිතය තුල පවුලේ සමගිය - සාමදානය වැඩි වන කාලයකි. පවුලේ අය සමග වැඩියෙන් කාලය ගත කරන්නට හැකියාව ලැබේ.
අධ්‍යාපන කටයුතු වලට සුබ කාලයකි.


● සිංහ

ආර්ථික වාසි වැඩි වී ආර්ථිකය යහපත් වේ. නව ආදායම් මාර්ග උදා වෙයි. නව ආදායම් මාර්ග වලින්  සුභ ඵල අපේක්සා කල හැකි සතියකි.
රැකියාවේ මිත්‍ර සබදතා වැඩි වීම නිසා, රැකියා ස්ථානයේ තරමක් ගැටළු මතුවිය හැකි නමුත්, ප්‍රීතිමත්ව විනෝදයෙන් කාලය ගත කරන්නටද හැකියාව ලැබේ. නව රැකියා අවස්ථා උදා වේ. රැකියාවේ දියුණුව සහ වෙනස්වීම්ද අපේක්ෂිතය.
ගේ දොර වැඩ කටයුතු වලට වැඩි කාලයක් ගත කරන කාලයකි. නෑයන්ගේ, හිත මිතුරන්ගේ උදව් ලැබේ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට සුබයි.
මෙතෙක් තිබුනු ගැටළුකාරි තත්වයන් මඟ හැරේ.


● කන්‍යා

ආර්ථික ගැටළු නිර්මාණය වන සතියකි. ආදායම අඩු වෙන්නට ඉඩ ඇත. මූල්‍ය ආයතන වල පිහිට පැතීමට සිදුවිය හැක. මානසික පීඩනය වැඩි වන්නටද ඉඩ ඇත. සති අග වන විට ආර්ථිකයේ පවතින දුර්වලතා සමනය වෙයි.
රැකියාව උසස් විය හැක. රැකියා ස්ථානය මාරු වීමට ඉඩ ඇත. නව රැකියා උදා විය හැක. කාර්යබහුලතාවය වැඩි වෙයි. එනිසාම අතපසුවීම්ද වැඩිවිය හැක.
ගෘහ ජිවිතය තුල හිතමිත්‍රාදින්ගේ ඇසුර වැඩි වෙයි. වැඩිහිටියන්ගෙන් උපදෙස් ලැබෙයි. මංගල යෝග උදා වුවද පෙම් සබදතා වලට ගැටළු මතුවිමට ඉඩ ඇත.



● තුලා

ආදායම් තත්වය සරු වෙයි. ආර්ථික ගැටළු නිරාකරණය වෙයි. ආදායම් තත්වය වර්ධනය කර ගැනීමට ගන්නා පියවර සාර්ථක වේ.
රැකියාවේ ගැටළු නිර්මාණය විය හැක. මානසික පීඩාද ඇති විමට ඇත. කාර්යබහුලතාවය වැඩි විය හැක. විදෙස් ගමන් වලට සුභ කාලයකි.
ගෘහ ජිවිතය තුල පෙම් සබදතා වර්ධනය වෙයි. පෙම් සබදතා වල සාර්ථකත්වය වැඩි වේ.
දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට සුබයි.


● වෘශ්චික

ආර්ථික තත්වය දුර්වල වේ. ආදායම් මාර්ග ඇහිරිය හැක. පොලව සම්බන්ධ ව්‍යාපාර කරන අයට සුබයි, ඉඩම් මිලදී ගැනීම් ආදියටද සුබයි.
රැකියා ස්ථානයේ මාරුවීම් අපේක්ෂිතය. රැකියාවේ වෙනසක්ද සිදුවිමට ඉඩ ඇත. නව රැකියා උදා වෙයි.
ගෘහ ජිවිතය තුල වැඩිහිටියන්ගේ ඇසුර වැඩි වෙයි. පවුල් වල ප්‍රධානත්වය හිමි වෙයි. සිතට සතුට ලැබෙන සතුටුදායක කාලයකි.


● ධනු

බුද්ධියෙන් වැඩ කටයුතු කිරීමට සිදු වන කාලයකි. ආර්ථික ගැටළු නිර්මාණය වෙයි. නව ව්‍යාපාර වලට සුබ කාලයකි. ණය ලැබෙයි.
රැකියා අපේක්ෂිත අයට තරමක බාධා පෙන්වයි. රැකියාවේද ගැටළු මතුවිය හැක. ප්‍රධානින්ගේ දෝෂාරෝපණයන්ට ලක්විමට ඉඩ ඇත. ගමන් බිමන් වැඩි වේ.
ගෘහ ජිවිතය තුල සතුරු කරදර වලට මුහුණ දීමට ඉඩ ඇත. අසල්වැසියන් සමග හිත් අමනාපකම් ඇති වෙයි. මංගල යෝග උදා වෙයි.



● මකර

ආර්ථිකය වෙනදාට වඩා යහපත් වෙයි. ආර්ථික ගැටළු විසදා ගත හැකි කාලයකි. නව ව්‍යාපාර වලට සුබ කාලයකි. ණය ලැබෙයි.
රැකියා තත්වය උසස් වෙයි. රැකියා ස්ථානයේ වෙනසක් සිදුවීමට ඉඩ ඇත. විදෙස් රැකියා වලට යොමු වන අයට සුබ කාලයකි.
ගෘහ ජිවිතය හිත මිත්‍රාදීන්ගේ ඇසුර වැඩි වෙයි. ගේ දොර වැඩ කටයුතු වලට වැඩි කාලයක් ගත කිරිමට සිදු වෙයි, තමන්ගේ වැඩ කටයුතු අතපසු වීමටද හැකියාව ඇත.



● කුම්භ

ආර්ථික තත්වය වර්ධනය වෙයි. ආදායම් වර්ධනය කර ගැනීමට සුභ කාලයකි. ආදායම් වැඩි කර ගැනීමට ගත් පියවර සාර්ථක වේ. මූල්‍යමය ආයතන වලින් ණය ලැබේ.
රැකියාවේ වෙනදා ඇති ගැටළුකාරි තත්වයන් මග හැරෙයි. නව රැකියා වලට සුබ කාලයකි. රැකියාවේ වෙනසක්ද අපේක්ෂා කල හැක.
ගෘහ ජිවිතය තුල මංගල යෝග උදා වෙයි. අසල්වැසියන්ගේ ඇසුර වැඩි වේ. පෙම් සබදතා පළුදු වන්නට ඉඩ ඇත, බාධා ඇත.
දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේ.


● මීන

ආදායම් මාර්ග වෙනස් වේ. ආදායම් තත්වයන් වර්ධනය වෙයි. මූල්‍ය ආයතන වලින් ණය ලැබෙයි. මානසික පීඩනය වැඩි සතියකි.
රාජ්‍ය අංශයේ රැකියා වලට සුබයි. පුහුණු වීම්, තරඟ විභාග ආදියට ඉඩ ලැබෙයි. නව රැකියා අවස්ථා උදා වෙයි.
ගෘහ ජිවිතය තුල ගෙදර දොර වැඩ කටයුතු වලදී වෙනදාට වඩා උනන්දුවෙන් වැඩ කටයුතු කරන්නට සිදු වේ. විනෝද අවස්ථා, ප්‍රිය සම්භාෂණ, විනෝද සවාරි ආදියට සහභාගි වන්නට ඉඩ ලැබේ. මිතුරු ඇසුර වැඩි වේ.
සෙම් අමාරු, උගුර ආශ්‍රිත අසනීප ආදිය වැලදීමට ඉඩක් ඇත, අවදානමත් වන්න.

No comments:

Post a Comment