Wednesday, November 30, 2016

“ මල්වර වූ දිනය අනුව ඔබට ලැබෙන සහකරු “

ගැහැණු දරුවෙක් වැඩිවිය පැමිණීම ජිවිතයේ ඉතා වැදගත් දෙයකි.
මල්වර වීම ඉතා වැදගත් දෙයක් වන්නේ තරුණ දූවරුන්ටය. එසේම මෙම මල්වර වීම හේතු කරගෙන අනාවැකි පල කිරිමට පූර්ව ඍෂිවරුන් කටයුතු කර ඇත. මල්වර වීමට දී ඇති වැදගත්කම සුළුපටු නැත.
එසේම මල්වර පලාපලය ඔස්සේ එම දැරිවියගේ විවිධ වූ ජීවන පලාපල, මවට පියාට ඇතිවන බලපෑම ආදියද විස්තර කල හැක.

මල්වර දිනය අනුව ලැබෙන ස්වාමි පුරුෂයාගේ තත්වය කෙසේදැයි විමසා බලමු.
(සියලු කරුණු පොදු ඒවා බව සලකන්න)

-

● සඳුදා දින
ඉතාම සෞම්‍ය, ගුණෝපේත ස්වාමියෙක් හිමි වෙයි. විවාහ ජිවිතය ඉතා ප්‍රීතියෙන් ගත වෙයි. සඳුදා දින ඉතාම ශුභ දිනයකි මල්වර වීමට. නමුත් සෙම් රෝග ආදිය ඇතිවිමට පුලුවන්.

-

● අඟහරුවාදා දින.
මෙදින මල්වර වූ යුවතියට තරමක තද හිතක් ඇති, එතරම් සංවේදි නැති ස්වාමියෙක් ලැබීමට ඉඩකඩ වැඩිය. එසේ වුවද වස්තුව - භූමි ලාභ ලැබෙන වාසනාවන්ත ජිවිතයක් විය හැක.

-

● බදාදා දින
මෙදින මල්වර වූ යුවතියට බුද්ධිය ඇති, ශාස්ත්‍ර නිපුණත්වය ඇති උගත් ස්වාමි පුරුෂයෙක් හිමිවිමට වාසනාව තිබේ. වාසනාව සහිත කෙනෙකි.

-

● බ්‍රහස්පතින්දා දින
මෙදින මල්වර වූ යුවතියට මදක් ස්ථූල, මනාව පිරිපුන් සිරුරක් ඇති වාසනාවන්ත කෙනෙක් ස්වාමියාට ලැබීමට ඉඩකඩ වැඩිය. හෙතෙම ඔබගේ පවුලේ සියලු දෙනාටද සලකනු ඇත. වස්තුව - ධනය - භූමි ලාභ තිබෙන කෙනෙකි.

-

● සිකුරාදා දින
මෙදින මල්වර වූ යුවතියට ඉක්මන් විවාහයකට ඉඩ වැඩිය. එසේම වාසනාවන්ත පුරුෂයෙක් හිමි වේ. දේපල ලාභ සහිත, යාන වාහන තිබෙන සුඛෝපභෝගි ජිවිතයක් ගත කිරිමට ඉඩ වැඩිය.

-

● සෙනසුරාදා දින
මෙදින මල්වර වූ යුවතිය සිය ස්වාමියා තෝරා ගැනීමේදි බුද්ධියෙන් කටයුතු කල යුතුය. ආර්ථික පාඩු, හානි ආදිය ඇතිවිමටද අවදානමක් පවති. දුෂ්කරතා ඇතිවිමේ යම් ඉඩක් පවති. අධ්‍යාපන කටයුතු වලට වාසි ලැබේ. එනම් එවන් උගත්කමක් ඇති කෙනෙක් විය හැක.

-

● ඉරිදා දින
මෙදින මල්වර වන යුවතියට හිමිවන්නේ තේජස් සහිත ස්වාමි පුරුෂයෙකි. මෙදින මල්වර වන යුවතියද යම් ලෙසකින් අහංකාර ගති ඇත්තියක් විය හැක. තමන්ගේ තත්වය නිසා විවාහයට හොද සූදානමක් ගත හැක.

_

#ඉරු

* භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Doc. සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව
ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.

irusewaya@gmail.com.
0772 238 041

Monday, November 28, 2016

සතියේ ලග්න පලාපලය - නොවැ28 සිට

පොදු පලාපලයක් පමණි.
-

● මේෂ
ගෙවල් ඉඩම් මිලදිගැනිම් වලටද, ව්‍යාපාර ණය ලබා ගැනිමටද උදාවන සතිය තුල තරමක් බාධාවන් ඉස්මතු කරවනු ඇත. ආර්ථික දියණුව උදාකර ගැනීමට තරමක බාධාවන් මතුවේ.  බුද්ධියෙන් කටයුතු කිරිමෙන් මඟහරවා ගත හැක.
රැකියාවේ මෙතෙක් තිබුනු බාධා ඉවත් වේ. ප්‍රධානීන්ගෙන් ප්‍රසංසා ලැබේ. තරඟ විභාග වලින් ජයග්‍රහණය හිමි වන සතියකි. තම වැඩ කටයුතුවලින් යම් සාර්ථක බවක් උදාකර ගැනීමට හැකිවෙයි.
ගෘහ ජිවිතය තුල තම පවුලේ සාමාජිකයන් සමග සමගියෙන් හා සහයෝගයෙන් සිටීමට හැකිවන සතියකි.

-

● වෘෂභ
ව්‍යාපාර ණය ලබා ගැනීමට ආර්ථික දියුණුව උදාකර ගැනීමට සුභ සතියකි. නව  ව්‍යපාර  ආරම්භ කිරිම තරමක් ප්‍රමාද කලයුතු කාලයකි. ආදායම් තත්වය යහපත් කර ගැනීමට  යම් පියවරක් ගත යුතුවේ.
නව රැකියා සොයන අයට ඒ සදහා අවස්ථාවන් යෙදනු ඇත. වෙනදාට වඩා කාර්යබහුල වෙයි. කැපවීමෙන් කටයුතු කල යුතුය.
ගෘහ ජිවිතය තුල අඹුසැමියන් අතර හොඳ හිත වර්ධනය වේ. සාමකාමිව ජිවිතය ගත කල හැක.
අධ්‍යාපනයෙන් ජය ලැබේ.

-

● මිථුන
තම ව්‍යපාර ආරම්භ කිරිමට සුබ කාලයකි. ස්ව ව්‍යාපාර වල යෙදෙන අයට ලාභ වැඩි වන සතියකි. මුල්‍යය කලමනාකරණය කලයුතු වේ. එසේ නැතහොත් පාඩු සිදුවීමට වැඩි ඉඩක් ඇත.
නව රැකියා සොයන අයට ඒ සඳහා අවස්ථාවන් උදාවෙයි. ආයතන ප්‍රධානින්ගේ අවධානය තමාට යොමුවේ. ප්‍රධානින් සමග ගැවසීමට සිදුවෙයි.
ගෘහ ජිවිතය තුල විවාහ යෝජනා ප්‍රමාද විය හැක. නව මිතුරු සබදතා ගොඩනගා ගතහැක.

-

● කටක
උදාවන සතිය  තුළ යහපත් ප්‍රතිඵල උදාකර ගැනීමට හැකිවේ. මෙතෙක් තිබුනු බාධා ඉවත්වෙයි.  නව ආදායම් මාර්ග නිසි අයුරින් කලමනාකරණය කරගත යුතුවේ.
රැකියාෙවේ දියුණුව සහ  උසස්වීම් වලට අවස්ථාව උදාවෙයි. නව රැකියා අවස්ථා  උදා වෙයි.
ගෘහ ජිවිතය තුල ඥාතින් වෙනුවෙන් වැඩිපුර කාලය වැය කිරීමට සිදුවේ. ප්‍රේම සබදතා වලට සුබයි. මංගල යෝග උදා වෙයි.

-

● සිංහ
අදායම් මාර්ග වලදී තමන් තුලම ඇතිවන දුර්වලතා තුලින් මුදල් නාස්ති වීම් සිදු වේ. අලුත් අදායම් මාර්ග වලට යොමු වීමට අවස්ථා උදා වේ.
රැකියාවල නියුතු අයට ගැටළු විසදා ගැනීම් ආදියට ඉඩකඩ යෙදේ . තමන් සමග රාජකාරි වල නියුතු අයට යෙදෙන ගැටළු හේතුවෙන් ඔවුන්ගේ රාජකාරීන් තමන්ට ඉටු කිරීමට සිදුවන අවස්ථා උදවිය හැකිය.
ගෘහ ජීවිතය යහපත් වේ. තමන්ට ගැටළු මතු වීම අඩුය. පවුලේ සමගිය වර්ධනය වේ. තරුණ අයට යහපත් විවාහ අවස්ථා උදාකර ගැනීමට හැකි වේ. ගමන් අධික විය හැක, නිෂ්ඵල ගමන් බිමන් වීමටද ඉඩ ඇත.

-

● කන්‍යා
මූල්‍ය කලමනාකරණයේ ගැටළු මතු විය හැකි සතියකි. ණය ලැබීම ප්‍රමාද විය හැක.  මූල්‍ය ආයතන වලින් ගැටළු මතු විය හැක. තම ව්‍යාපාර වල තරමක් ගැටළු මතු විය හැක. මෙතෙක් තිබුනු ආදායම් මාර්ග ඇහිරේ.බුද්ධිමත්ව කටයුතු කිරීම තුල වඩා යහපත් ඵල ලැබෙනු ඇත.
රැකියාවේදී කාර්යබහුල වේ. නව රැකියා උදා වේ. අලෙවිකරණ රැකියා වල යෙදෙන අයට සුබ සතියකි.
ගෘහ  ජිවිතය තුල ප්‍රීති උත්සව වලට සහභාගි වීමට ඉඩ ලැබේ. දෙමාපියන්ගේ අවවාද අනුශාසනා ලැබේ. යහපත් මංගල යෝජනා ලැබේ. මංගල යෝජනා ස්ථිර වෙයි.

-

● තුලා
ධනය අධිකව වැය විය හැක.  කළමනාකරණයේ සුළු සුළු අඩුපාඩු පෙන්වයි.  තිබු ආදායම් මාර්ග ඇහිරීමටද ඉඩක් ඇත.
රැකියා වල උසස් වීම්, තරඟ විභාග ආදියෙන් ජය ලැබෙනු ඇත ළුහෙත් ආයතන  ප්‍රධානීන් සමග මත ගැටුම් ඇති වීමට ඉඩ ඇති සතියකි වේ. දුර පළාත් වල රැකියා අවස්ථාවන් යෙදීමට ඉඩකඩ සැලසේ. විදෙස් ගත විම්වලදට යහපත් සතියකි.
ගෘහ ජිවිතය තුල ඥාතින් අතර හොද හිත වර්ධනය වේ.  තරඟකාරිව ඉදිරියට යාමට  ඉඩ ලැබෙයි.
අධ්‍යපනය ලබන දරුවන්ට සුබ සතියකි

-


● වෘශ්චික
තරමක් බාධා මතු වීම් ගෙන දේ. අදායම් මට්ටම එතරම් අයහපක් නොවෙයි. මූල්‍ය ආයතන වලින් ණය ලැබේ. මුල්‍ය කලමනාකරනයේ ගැටළු මතු විය හැකි සතියකි. කල්පනාකාරිව කටයුතු කල යුතුවේ.
 රැකියාව කිරීමේදී තමන්ට පෙරදී තිබු බාධා ඉවත් වේ. උසස් තරග විභාග ආදියට යොමු විමට අවස්ථාව උදාවෙයි.
ගෘහ ජිවිතය තුල ආදර සබදතා වර්ධනය වේ. මංගල යෝග උදා වේ. තම නිවසේ වැඩ කටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදුවිය හැක. සුබයි.

-


● ධනු
නව ව්‍යාපාර ආරම්භ කිරිමට සුබ සතියකි. ව්‍යාපාර පරිපාලනයේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන සතියක් වෙයි.
 රැකියාවේ මාරු විමක් හෝ උසස් විමක් පෙන්නුම් කරන සතියක් වෙයි. වෙනදාට වඩා කාර්ය බහුල වේ. එදිනෙදා කටයුතු වලදී තමන්ට පැවරෙන වගකීම් වැඩි වේ.
ගෘහ ජිවිතය තුල පවුලේ අයගේ සහයෝගය අඩු තත්ව උදාවීම පහසුය. අධ්‍යාපන කටයුතු වලට යම් යම් බාධාවන් මතු වන්නටද ඉඩ ඇත.

-

● මකර
ව්‍යාපාර ක්ෂෙත්‍රයේ  ගත් පියවරක් සාර්ථක වෙයි. නව ව්‍යාපාර  ඇරඹීමට හෝ ව්‍යාපාරය වෙනස් කිරිමට සුබ කාලයකි.
 නව රැකියා අවස්ථා උදාකර ගැනීමට දරන උත්සාහයන්ද සාර්ථක වේ.  කලා අංශයේ රැකියා වලට සුබ කාලයකි. ආයතන ප්‍රධානින්ගේ ගෞරවයට පාත්‍ර වේ. එදිනෙදා කටයුතු වලට මතු වූ බාධාවන් අඩු වී යාම නිසා සිතට සතුටක් ඇති වේ.
ගෘහ ජිවිතය තුල  මංගල යොග උදාවෙයි. පවුල් ජිවිතය සාමාන්‍ය පරිදි ගත වනු ඇත.

-

● කුම්භ
අදායම් මට්ටම යහපත් කර ගැනීමට ඉඩ සැලසේ. ගෙවල් ඉඩම් මිලදිගැනිම වලටද සුබයි. ව්‍යපාර ණය ලබා ගැනිමට උදාවන සතියකි. සුබ සතියකි, ආර්ථික තත්වය වෙනදාට වඩා සාර්ථක ලෙස ඉහල නංවා ගැනීමටද ඉඩකඩ සැලසේ. ව්‍යාපාර කටයුතු වලදී පෙරට වඩා ඒවායින් ප්‍රතිලාභ ලබා ගැනිමට හැකි සතියකි.
 සුදුසුකම් වලට සරිලන රැකියා අවස්ථා උදාකර ගැනීමට හැකි වෙයි.  ආයතන ප්‍රධානින්ගේ අවධානය තමාට යොමුවේ. පිරිස් ඇසුරට අවස්ථා උදාවෙයි.  දුර බැහැර ගමන් බිමන් යෙදෙනු ඇත. ප්‍රමාද වූ විවාහ කටයුතු වලට තිබුනු බාධා දුරු වෙයි.

-


● මීන
නව ව්‍යාපාරයකට යොමු වීමට උත්සාහ දරන අයට ඒ සඳහා අවස්ථෘ උදාවෙයි.  මූල්‍ය ආයතන වලින් ණය ඉල්ලුම් කිරීමට සුබ සතියකි. නව ව්‍යාපාර ඇරඹීමටද සුබයි.
රැකියා කටයුතු වල නිරත අයට ප්‍රබල ගැටළුකාරි තත්වයන් උදා විය හැකි බැවින් කල්පනාකාරිව වැඩ කටයුතු කල යුතුය. සතුරු කරදර නිර්මාණය විය හැක.
ගෘහ ජිවිතය තුල ගේ - දොර වැඩ නිසි පිලිවෙලින් කරගෙන යාමට හැකි වේ. උත්සව අවස්ථාවලට සම්බන්ධ වීමට අවස්ථා යෙදෙනු ඇත. රූපලාවන්‍ය කටයුතු වලටද තමන්ගේ කාලය යොදවන සතියකි.


___

irusewaya@gmail.com.
077 22 38041

Sunday, November 27, 2016

Yesterday is History
Tomorrow is Future
Today's work will
Decide Tomorrow >>

Iru Sewaya Iru Astrology

irusewaya@gmail.com
077 22 38041

Saturday, November 26, 2016

අධ්‍යාපනයට ආශිර්වාද කරන සරස්වතී දේව මෑණියන්

නුවණැස පාදන, අධ්‍යාපනයට ආශිර්වාද කරන සුපින්වත් සරස්වතී දේවතාවිය


#ඉරුසේවය

irusewaya@gmail.com.
077 22 38041

Wednesday, November 23, 2016

වෘෂභ ලග්නය - චන්ද්‍රාභරණය පොතෙන්


-

වෘෂභ ලග්නයෙන් උපන් මිනිස්තෙම, උස්වූ වටවූ සිරුර වෙයි, බලවත් වෙයි, පලල් කලවා හා මුහුණ ඇතිවේ.
භෝග සම්පත්ති ඇති වේ. සැප ඇති වේ. නුවණ ඇති වේ. පර්වත කඳු රැළි වල හිඳිනේ වේ. දක්ෂ වේ.
නොයෙක් (ශාස්ත්‍ර) අර්ථයන්ට බෘහස්පතී සමාන වේ. ත්‍යාගී වේ. ධනවත් වේ. බොහෝ අඹුවන් විසින් දෙන ලද ද්‍රව්‍ය ඇති වේ. පිටෙහිද මුහුණෙහිද ලප වේ. ඉවසන්නේ වේ. මැද අග දෙවයස්හි සැප භජනය කෙරේ. වියදම් කෑම්පීම්හි සතුටු ඇත්තේද වේ.


( උළුෘතෙතාබලවාන් පථූරුවදනො භොගී සුඛී ඥානවාන් ආසිනොගිරිකන්ධරෙෂු නිපුණො නානාත්ථවාගීශ්වරං දාතා‘ර්ථබහුදාරිකාද්‍රවිණවාන් පෘෂටාස්‍යචිහ්නං ක්ෂ්මී මධ්‍යානෙත සුඛභාග් චෘෂොත්ථනුජො * දානානනපානප්‍රියං )

- උපුටා ගත්තේ වෛද්‍යාචාර්ය ජේ.ඇස් රාජසුන්දර ආරච්චි මහතා විසින් පල කල පොතෙනි.
චන්ද්‍රාභරණය පොතේ මුල් කතෘ අඥාතය.

● අපගේ විස්තරයේ පරිදි වෘෂභ ලග්න අයගේ දුර්වලතා,

- බොහෝවිට තමාගේ තනි මතයට වැඩ කරගැනිමටද තම මතයට අන් අය පොළඹවා ගැනීමටද උත්සහ කරයි.
- කිසිවෙකුගේ උපදේශන පිලිගැනීමට අකමැති දැඩි මතයක් දරයි. - එසේම ලෞකික සැප සම්පත් වලට අධික ගිජුකමක් හා මසුරුකමක් දක්වයි.
- තමන්ගේ අවශ්‍යතා වෙනුවෙන් අධිකව වියදම් කරන වෘෂභ ලග්න අය අන් අයට උදව් කිරීමට තරමකට මැලිකමක් දක්වයි.

● වෘෂභ ලග්නයේ පොදු ලක්ෂණ ගැන අපගේ විස්තරය
https://www.facebook.com/irusewaya/photos/a.1163510676999343.1073741846.833656709984743/1181687325181678/?type=3&theater


● ලග්න 12ම පොදු ලක්ෂණ ගැන අපගේ විස්තර
https://www.facebook.com/pg/irusewaya/photos/?tab=album&album_id=1163510676999343

#ඉරු - Iru Astrology

irusewaya@gmail.com
077 22 38041

Tuesday, November 22, 2016

සතියේ ලග්න පලාපලය - නොවැ 22 සිට

පොදු පලාපලයක් පමණි.


-

● මේෂ
බලාපොරොත්තු ඉටු කරගත හැකි සතියකි. මෙතෙක් තිබුනු සතුරු කරදර - බාධක දුරුවේ. යහපත් ව්‍යාපාරික සබදතා ගොඩනගා ගත හැක. මිතුරන්ගෙන් ණය ලැබේ.
රැකියා උසස් වීම් ලැබේ. තරඟ විභාග ආදියට මුහුණ දීමට හැකියාව ලැබේ. ප්‍රධානින්ගේ ඇප උපකාර හිමි වෙයි. නිෂ්පාදන අංශ වල රැකියා වල නියුතු අයට සුබයි.
ගෘහ ජිවිතය තුල විවාහ ප්‍රමාද වූ අයට මංගල යෝග උදා වෙයි. තමාට වඩා වැදගත් - ධනවත් අය විවාහ යෝජනා වල කියවේ. ආදර සබදතා වැඩි දියුණු වෙයි. දරුවන් නිසා කීර්තිය - ප්‍රශංසාවද, සතුටද ඇති වන සතියකි.

-

● වෘෂභ
ව්‍යාපාරික ක්සෙත්‍රයේ ණය ලැබේ, මුල්‍යමය ආයතන වලින් උපකාර ලැබේ. විදේශීය ව්‍යාපාරික කටයුතු වලට විදේශීය සහය ලැබේ. ව්‍යාපාර ක්ෂෙත්‍රයේ මෙතෙක් තිබු බාධා ඉවත් වේ. ප්‍රභූන් මුණ ගැසීමට හැකියාව ලැබේ, උපකාර ලැබේ. නව ව්‍යාපාර, ආදායම් මාර්ග සැලසුම් කල හැක.
රැකියා අපේක්ෂා කරන අයගෙ පැතුම් ඉටු වේ. වෙළද අංශයේ විසිතුරු දෑ වෙළදාම් යනාදියට සම්බන්ධ රැකියා කරන අයට වැඩි වාසි ලැබේ. ආරක්ෂක අංශ වල රැකියා කරන අයටද සුබ සතියකි. ප්‍රධානින්ගේ පැසසුම් - ගරු නම්බු නාම ලැබෙන සතියකි.
ගෘහ ජිවිතය තුල ප්‍රීති උත්සව - ප්‍රිය සම්භාෂණ වලට ඉඩ ලැබෙයි. මංගල යෝජනා ස්ථිර වෙයි. අඹුසැමියන් අතර හොද හිත වර්ධනය වන සතියකි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට තරමක බාධා ඇත.


-


● මිථුන
මෙතෙක් තිබුනු බාධා තත්වයන් ඉවත් වේ. නව ව්‍යාපාර වලට යොමුවීමට හෝ නව ව්‍යාපාරයක් සැලසුම් කිරිමට සුබයි. සතුරු කරදර ඉවත් වේ. මූල්‍යමය අංශයේ පාඩු සිදුවිය හැක. කල්පනාකාරිව - බුද්ධියෙන් වැඩ කටයුතු කලොත් සාර්ථක ප්‍රතිඵල අත්වනු ඇත.
නව රැකියා අවස්ථා උදා වේ. මෙතෙක් තිබුනු බාධා (රැකියා වලට) ඉවත් වනු ඇත. ප්‍රධානින්ගේ පැසසුම් ලැබෙනු ඇත. නිෂ්පාදන ක්ෂෙත්‍රයේ වෙළදාම් වල නියුතු අයට වැඩි ලාභ උපයා ගත හැක.
ගෘහ ජිවිතය තුල වැඩිහිටියන්ගෙන් සහ බන්ධු වර්ගයාගෙන් උපකාර - උපදෙස් ලැබේ. පදිංචිය වෙනස් කිරිමට හෝ නව්‍යකරණය කිරීමට සිතෙන සතියකි.
තරඟකාරි කටයුතු වලින් ජය ලැබේ.

-

● කටක
අතපසු වී ගිය කටයුතු සාර්ථකව නිමකර ගැනීමට හැකියාව ඇති සතියකි. මූල්‍යමය ආයතන වලින් සහය ලැබේ. නව ව්‍යාපාරයක් ඇරඹීමට සුබ සතියකි. මූල්‍යමය ණය ඉල්ලුම් කිරිමටද සුබ සතියකි. උද්යෝගයෙන් යුතුව තම කටයුතු කරගෙන යා හැක.
රැකියා කටයුතු වලදි ප්‍රධානින් සමග හොද හිත වර්ධනය වේ. සේවා කටයුතු වල ප්‍රගතියක් කරගත හැකි සතියකි. රැකියා කටයුතු වල දියුණුව අත් වේ. වෙළදාමට සම්බන්ධ රැකියා සහ ස්වයං රැකියා කරන අයට සුභ සතියකි.
ගෘහ ජිවිතය තුල වැඩිහිටියන් වෙනුවෙන් කාලය - ධනය වැය කිරිමට සිදු වෙයි. මෙතෙක් තිබුනු යම් යම් බාධා තත්වයන් වෙනස් වේ. ගෘහ ජිවිතය සාමකාමිව ගත වේ. අඹුසැමියන් අතර තරමක් මත ගැටුම්ද නිර්මාණය විමට ඉඩක් ඇත. ඉවසීමෙන් කටයුතු කරන්න.

-


● සිංහ
තරමක් ගැටළුදායක තත්වයන් වලට මුහුණු පෑමට සිදුවන සතියකි. සතිය මුල කාර්යබහුල වෙයි. බලාපොරොත්තු නොවූ ආකාරයෙන් කරදර වලට මුහුණ පෑමට සිදුවිය හැක. ව්‍යාපාරික ක්ෂෙත්‍රයේ නීතිමය ගැටළු - මූල්‍යමය ගැටළු වලට මුහුණ පෑමේ අවදානමක් ඇත. කල්පනාවෙන් - බුද්ධියෙන් කටයුතු කිරිම තුලින් මේ තත්වයන් දුරු කරගත හැක.
රැකියා අපේක්ෂාවෙන් සිටින අයට තමන් බලාපොරොත්තු වූ රැකියා ලැබෙනු ඇත. සිතට සහනයක් ලැබෙනු ඇත. ආයතන ප්‍රධානින්ගේ ඇප උපකාර ලැබේ. මූල්‍යමය ආයතන වල රැකියා වල නියුතු අයට තරමක ගැටළු ඇතිවිය හැක. ආර්ථික අපහසුතා වලදි ප්‍රධානින්ගේ උපකාර ලබාගත හැක.
ගෘහ ජිවිතය තුල දරුවන් - දෙමාපියන් අතර සුළු සුළු මත ගැටුම් නිර්මාණය විය හැක. දෙමාපියන්ට දරුවන් නිසා තරමක් මානසික පීඩා ගෙනදිය හැක. පෙම් සබදතා වලින් ජය ලැබේ.
පාසල් අධ්‍යාපනය ලබන දරුවන්ගේ කටයුතු සාර්ථක වෙයි.

-


● කන්‍යා
උසස් මිතුරන්ගෙන් උපකාර ලැබේ. විදේශ ගමන් වලින් ව්‍යාපාරික මිතුරන් හමුවී සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක. නව ආදායම් මාර්ග නිර්මාණය කර ගැනීමට හැකියාව ඇති සතියකි. මෙතෙක් තිබුනු ගැටළුකාරි තත්වයන් මඟ හරවා ගත හැකි තත්වයකි.
රැකියාවේදී ආයතන ප්‍රධානින් සමග මත ගැටුම් නිර්මාණය විය හැක. පොලවෙන් හෝ පොලව ආශ්‍රිතව රැකියා කරන අයට තරමක සුබ - අසුබ මිශ්‍ර ඵල ඇතිවිය හැක. කල්පනාකාරිව කටයුතු කල යුතුවේ. මූල්‍යමය ආයතන වල රැකියා වල නියුතු අයට වඩාත් වාසිදායකි.
ගෘහ ජිවිතය තුල අසල්වාසින් වෙනුවෙන් වැඩිපුර වෙහෙසීමට සිදුවන අතර, කාලය - ධනය ඔවුන් වෙනුවෙන් වැය කිරිමට සිදුවන සතියකි. සහෝදර සහෝදරියන්ගේ කටයුතු වලට සහය දීමට සිදුවිය හැක. මිතුරන් සමග විනෝද උත්සව - ප්‍රිය සම්භාෂණ ආදියට සහභාගි වීමටද හැකියාව ඇත.
අධ්‍යාපන කටයුතු වලට සුබයි.

-

● තුලා
ව්‍යාපාරික ක්ෂෙත්‍රයේ ණය ලැබේ. මූල්‍යමය ආයතන වල සහයෝගය ලැබේ. විදේශ ගමන් වලින් ආදායම් තත්වය සරු කර ගත හැක. නව ආදායම් මාර්ග සැලසුම් කිරීමට - ආරම්භ කිරීමට සුබ සතියකි.
රැකියා කරන අයගේ බලාපොරොත්තු ඉටු වේ. රැකියාවේ දියුණුවද - උසස් නිලතලද අපේක්ෂිතය. ප්‍රධානින්ගේ පැසසුම් ලැබෙනු ඇත. බාධා තත්වයන් දුරු වේ. නව රැකියා උදා වේ.
ගෘහ ජිවිතය තුල පවුලේ සමගිය වර්ධන වේ, මෙතෙක් තිබුනු කරදර - බාධා ඉවත් වේ. සාමකාමිව ගත වේ. මිල මුදල් පාලනයට ලැබේ. අඹුසැමියන් අතර හොඳ හිත තහවුරු වේ. පෙම් සබදතා වලට සුබයි. මංගල යෝග උදා වේ.
 අධ්‍යාපනයෙන් ජය ලැබේ.

-


● වෘශ්චික
නව ව්‍යාපාර සැලසුම් කිරිමට සුබ සතියකි. මූල්‍ය අංශයේ ව්‍යාපාර ක්ෂෙත්‍ර වලට තරමක බාධා මතු කරයි. මූල්‍යමය ආයතන වලින් ණය ලබා ගැනිමට සිදුවේ. කල්පනාකාරිව කළමනාකරණයෙන් කටයුතු නොකලොත් ආදායමට වඩා වියදම වැඩි විය හැක.
රැකියා කටයුතු කෙරෙහි වෙනදාට වඩා අවධානය යොමු වේ. අලෙවිකරණය, වෙළදාම ආශ්‍රිත රැකියා කරන අයට වැඩි සුබ ඵල ගෙන දෙයි. ආයතන ප්‍රධානින්ගේ පැසසුමට ලක්විය හැක. තරඟ විභාග ආදියට යොමුවීමට උත්සාහ දරන අයට ඒ සදහා අවස්ථාව හිමි වේ.
ගෘහ ජිවිතය තුල මංගල යෝග උදා වේ. මව්පියන් සමග මත ගැටුම් නිර්මාණය විය හැක. ඥාතින් සමගද ගැටුම් ඇතිවිය හැක. අධ්‍යාපන කටයුතු වලින් ජය ලැබේ.
 
-

● ධනු
මෙතෙක් තිබුනු බාධා ඉවත්වනු ඇත, එහෙත් සුළු බාධා තත්වයන් මතුවිය හැක. ව්‍යාපාරික මිතුරන් මුණ ගැසී යහපත් ව්‍යාපාර වලට මඟ පෑදේ. බාධා තත්වයන් ඉවත් වේ. ව්‍යාපාර කරගෙන යාමට විදේශීය මිතුරන්ගේ උපකාර ලැබෙනු ඇත.
රැකියා කටයුතු වල ස්ථානය වෙනස් වීමට හෝ උසස් වීමට ඉඩ ඇති සතියකි. ප්‍රධානින් තමන් කෙරේ වැඩියෙන් අවධානය යොමු කරන සතියකි. ව්‍යාපාර හා ප්‍රවාහන ක්සෙත්‍ර වල කටයුතු කරන අයට සුබ සතියකි. රැකියා අපේක්ෂා කරන අයට සුබයි.
ගෘහ ජිවිතය තුල පදිංචි ස්ථානය වෙනස් විය හැක. මෙතෙක් තිබු බාධා ඉවත් වේ. කටයුතු අපහසුතාවයකින් තොරව කරගෙන යාමට හැක. මව්පියන්ගේ උපදෙස් ලැබේ. අධ්‍යාපන කටයුතු වලටද තිබුනු බාධා තත්වයන් ඉවත් වේ.

-

● මකර
විදේශීය ගමනකින් තම ව්‍යාපාර කටයුතු සාර්ථක කරගත හැක. ව්‍යාපාරික ක්ෂෙත්‍ර වල මෙතෙක් තිබුනු ගැටළු නිරාකරණය කරගත හැක. කටයුතු ක්‍රමානුකූලව සැලසුම් සහගතව කරගෙන යාමට හැකි වේ. දියුණුවට අදාල කටයුතු වල නිරත වන අයට ඒ සදහා බාධා තරමක් මතුවිය හැක.
විදේශීය රැකියා වල නියුතු අයට සුබයි. විදෙස් රැකියා බලාපොරොත්තු වූ අයට ඒ පැතුම් ඉටු වේ. ආයතන ප්‍රධානින්ගේ පැසසුම් ලබයි. නිෂ්පාදන ක්ෂෙත්‍ර වලට අදාල රැකියා කරන අයට සුබයි. තම රැකියා නිසි ලෙස කරගෙන යාමට ඉඩ ලැබේ.
ගෘහ ජිවිතය තුල මංගල යෝග උදා වේ. සහකරු/සහකාරිය සමග විනෝදයෙන් ගත කිරිමට ඉඩ ලැබේ. පවුල් ජිවිතය තුල සමගිය වර්ධනය වේ.
අධ්‍යාපන කටයුතු වල යෙදෙන දරුවන්ට සුබයි. දරුවන් නිසා කීර්තිය දෙමාපියන්ට ලැබේ.

-


● කුම්භ
ව්‍යාපාර කටයුතු වලට තිබුනු බාධා ඉවත් වේ. ප්‍රශ්න - ගැටළු විසදාගත හැකි සතියකි. පරණ ණය ලැබෙනු ඇත. බලාපොරොත්තු ඉටු වේ. බලාපොරොත්තු වන ව්‍යාපාර අරමුණු කරා යොමු වීමට ඉඩ ලැබේ. හදිසි ධනලාභ වාසනාව පවති.
රැකියා අපේක්ෂාවෙන් සිටින අයගේ පැතුම් සඵල වේ. රැකියා උසස් වීම් තරඟ විභාග ආදියෙන් ජය ලැබේ. රැකියා වල නියුතු අයට ජය ලැබේ.
ගෘහ ජිවිතය තුල අඹුසැමියන් අතර මත ගැටුම් ඇති විමට ඉඩ ඇත. කල්පනාකාරිව කටයුතු කරන්න. විපත් - කරදර ආදියට මුහුණ පෑමටද යම් ඉඩක් ඇත. තරඟකාරි කටයුතු වලින් ජය ලැබේ. මෙතෙක් තිබුනු දුර්වලතා මඟහරවා ගත හැක. ප්‍රේම සබදතා ගොඩ නැගේ.

-

● මීන
විදෙස් ආයෝජන වලින් උසස් ප්‍රතිඵල ලබාගත හැක. කරගෙන යන ව්‍යාපාර නව මානයකට යොමු කරගත හැකි සතියකි. දුරබැහැර ගමන් බිමන් වලින් හොද ව්‍යාපාරික මිතුරන් මුණ ගැසෙනු ඇත. ගේ දොර ඉඩකඩම් මිලදී ගැනීමටද සුබ සතියකි.
රැකියාවක් නොමැති අයට කුමන හෝ රැකියාවක් සොයාගත හැක. ආරක්ෂ ක්ෂෙත්‍ර වල රැකියා වල නියුතු අයට උසස් වීම්, විදේශ සංචාර ආදියද හිමිවිය හැක. ආයතන ප්‍රධානින්ගේ පැසසුමට ලක් වේ, උපකාර හිමි වේ.
ගෘහ ජිවිතය තුල පදිංචි ස්ථානය වෙනස් කිරිමට හෝ අලුත් කිරීමට ඉඩ ලැබේ. සහෝදරයින්ගේ ගැටළු ප්‍රශ්න වෙනුවෙන් වැඩි කාලයක් යොමු කරනු ඇත. අධ්‍යාපන කටයුතු වල යෙදෙන දරුවන්ට ගුරුවරුන් හා මිතුරන්ගෙන් සහයෝගය ලැබේ.


-

irusewaya@gmail.com
0711 345364

Saturday, November 19, 2016

මහා බ්‍රහ්ම දිව්‍ය රාජයා

මහා බ්‍රහ්මයාද පින්කම් වලදී වැදගත් කාර්යභාරයක් කරන කෙනෙකි. දිව්‍ය ලෝකයට එහා ගිය බ්‍රහ්ම ලෝකයෙ වැඩ වාසය කරන බ්‍රහ්මයන් ගැන අපට දිව්‍ය ලෝකයේ සිටින දෙවිවරු ගැන තරම් තොරතුරු නැත. දෙවියන් තරම් නොමැති වුවද බ්‍රහ්මයන්ද පින්කම් කටයුතු වලට සම්බන්ධ වන අධ්‍යාත්මික ශක්තිය ඉහල කොටසකි.

දෙවියන්ගේ සහ බ්‍රහ්මයන්ගේ අවබෝධ ශක්තිය ඉහල බව සත්‍යයකි. නමුත් නිවන් සාක්ෂාත් කරගන්නට අවම ලෙස සෝවාන් හෝ ඒ මගට පැමිණ නැත්නම් දෙව් ලොව, බ්‍රහ්ම ලොව සිටියද අපාගාමි වන්නට පවා ඉඩ ඇත. එනිසා සෑමවිටම නිසි පින්කම් කර නිවන් ප්‍රාර්ථනා කිරීම උචිතය.

නිසි ලෙස සීලය - ප්‍රතිපත්තිය රැකගෙන පින්කම් කරන්න. දෙවියන්ට, බ්‍රහ්මයන්ට ඇතුළුව සියලු සත්වයන්ට අනුමෝදන් කරන්න.

බුදු සරණයි !

#ඉරු


irusewaya@gmail.com.
077 22 38041

Thursday, November 17, 2016

සැබෑ සතුට රඳන්නෙ සිතේය.

එය මුදල් හෝ වෙනත් භෞතික දේවල් මත නොරඳයි.
මුදල් හා අනිකුත් දෑ යනු ජීවිතය ක්‍රීඩාවේ ලකුණු සපයන මාර්ග පමණකි..

නියම සතුටක් ලැබෙන්නෙ පවුලෙ අය, හිතමිතුරන් හා විවේකීව සිටීමට කාලය ලැබීම, ඔවුන් හා සතුටුවීමට අවස්ථාව නිවරදිව ලබාගැනීමෙනි.

Wednesday, November 16, 2016

සතියේ ලග්න පලාපලය - නොවැ.20 දක්වා

* මෙය පොදු පලාපලයක් පමණි - කේන්දර සටහන අනුව වෙනස් විය හැක.

-


● මේෂ
වගකීම් වැඩි වන කාලයකි. ව්‍යාපාර නව මුහුණුවරකින් ආරම්භ කිරිමට සිතා සිටි අයට ඒවා කර ගැනීමට හැකියාව ලැබෙන සතියකි. මෙතෙක් තිබුනු අලස ගති නැති වේ. හවුල් ව්‍යාපාර හෝ බද්ධ ව්‍යාපාර ආදියට සුබයි. ව්‍යාපාර අරමුණු ඉටු කරගත හැක.
නව රැකියා අවස්ථා උදා වේ. රැකියා බලාපොරොත්තුව සිටි අයගේ පැතුම් සඵල වේ. උසස් වීම්, තරඟ විභාග ආදියෙන් ජය ලැබේ. කලා ක්ෂෙත්‍රය, නිරූපණ ක්ෂෙත්‍ර වල නියුතු අයට සුභ ඵල හිමිවේ.
ගෘහ ජිවිතය තුල වියදම් අධික වනු ඇත. පවුලේ අයෙකු වෙනුවෙන් වැයවීම් සිදුවේ. ප්‍රිය සම්භාෂණ වලට සහභාගි වීමට හැකියාව ලැබේ. පවුලේ සමගිය වර්ධනය වේ.

-

● වෘෂභ
ව්‍යාපාර කටයුතු වලට සුබයි. ව්‍යාපාර සහයෝගයෙන් යුතුව කරගෙන යාමට හැකියාව ලැබේ. හවුල් ව්‍යාපාර ආදියට සුභ සතියකි. ව්‍යාපාරික ගමන් බිමන් යෙදෙන අතර ඒවායින් ජය ලැබෙනු ඇත.
රජයේ රැකියා හෝ රජයට අනුබද්ධ රැකියා කරන අයට සුබ සතියකි.  රැකියාවේ කටයුතු කාර්යබහුල වේ. උසස් වීම් වාසනාවද පවති. මෙතෙක් තිබුනු ගැටළුකාරි තත්වයන් මඟ හැරේ.
ගෘහ ජිවිතය තුල අසල්වාසින් සමග සුහදතාවය වර්ධනය වේ. දරුවන්ගේ ඉගෙනීම් කටයුතු වලින් ජය ලැබේ. අධ්‍යාපන කටයුතු යනාදියේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන සතියකි.
සෙම් අමාරු ආදි අසනීප ආදිය ගැන අවදානමත් වන්න.

-

● මිථුන
ණය ලැබේ. ව්‍යාපාර කටයුතු වලට නව පියවරක් ගැනීමට සිටි අයට සාර්ථක ප්‍රතිඵල ලැබේ. විදේශ ආයෝජන සහ විදේශ ආධාර යනාදිය ලැබෙනු ඇත. මෙතෙක් තිබුනු බාධා ඉවත් වේ.
නව රැකියා අවස්ථා උදා වේ. තරඟ විභාග ආදියෙන් ජය ලැබෙනු ඇත. වෙනදාට වඩා කලබලකාරි ගතිද ඇතිවේ. කාර්යබහුල වේ. කල්පනාකාරිව කටයුතු කරන්න.
ගෘහ ජිවිතය තුල මංගල යෝග උදා වේ. ආදර - ප්‍රේම සබදතා වර්ධනය කර ගැනීමට හැකි වේ. දෙමාපියන්ගේ ආශිර්වාදය හිමි වේ. දෙමාපිය - වැඩිහිටියන්ගේ අවවාද ලැබෙනු ඇත. මිතුරු ඇසුර වැඩි දියුණු වේ.

-

● කටක
නව ව්‍යාපාර ආරම්භයට සුබ සතියකි. ව්‍යාපාර වල සුළු සුළු අතපසු වීම් ඇති විය හැක. විශේෂයෙන්ම මූල්‍යමය ක්ෂෙත්‍රයට අදාල ව්‍යාපාර වල සුළු පසුබෑමක් සිදුවිය හැක. කලක් පැවති ප්‍රශ්නයක් නිරාකරණය කර ගැනීමට හැකි වේ. ව්‍යාපාර වලට ආධාර - උපකාර ලැබේ.
රැකියා අපේක්ෂාවෙන් සිටි අයගේ පැතුම් ඉටු වේ. ස්ථාන මාරුවක් හෝ රැකියාවේ වෙනසක් පෙන්නුම් කරන සතියකි. මූල්‍යමය ක්ෂෙත්‍රය, රාජ්‍ය අංශයේ රැකියා වල දියුණුව සහ උසස් වීම් පෙන්නුම් කරයි.
ගෘහ ජිවිතය තුල විවාහය ප්‍රමාද වූ අයට මංගල යෝග උදා වේ.  ගේ දොර අලුත්වැඩියා කිරීමට හැකියාව ලැබෙන සතියකි. පවුලේ නායකත්ව හිමිවන සතියකි. පවුල් ආර්ථිකයට අත දීමට හැකියාව ලැබෙනු ඇත.

-

● සිංහ
නව ආදායම් මාර්ග උදා වේ. නව ආදායම් මාර්ග වලට යොමු වීමට මෙතෙක් තිබුනු බාධා ඉවත් වේ. සුළු සුළු අතපසු වීම් නිසා තම ව්‍යාපාර කටයුතු වල අඩුපාඩු පෙන්වයි. මූල්‍යමය ණය ලැබේ.
රැකියා කටයුතු වලදි ප්‍රධානීන්ගේ පැසසුම් ලැබේ. උසස් වීම්, තරඟ - විභාග ආදියෙන් ජය ලැබේ. මෙතෙක් තිබුනු බාධා ඉවත් වේ. කෘෂිකාර්මික කටයුතු වලට සම්බන්ධ රැකියා වල නියුතුව සිටින අයට සුභ ඵල ලැබෙන සතියකි.
ගෘහ ජිවිතය තුල විවාහ අපේක්ෂාවෙන් සිටි අයට  මංගල යෝග උදා වේ. අධ්‍යාපන කටයුතු වලින් ජය ලැබේ. ගේ දොර මිලදී ගැනීම් වලට සුභ සතියකි. මව්පියන්ගෙන් අවවාද ලැබේ.

-

● කන්‍යා
මූල්‍යමය ක්ෂෙත්‍රයේ අඩුපාඩු පෙන්වන සතියකි. මූල්‍යමය ගනුදෙනු වලදි ඉතා ප්‍රවේසම් විය යුතු සතියකි. සතුරු කරදර - බාධා ඇතිවිය හැක. හවුල් ව්‍යාපාර ආරම්භ කිරීමට සිතා සිටියා නම් ඒවා ප්‍රමාද කිරීම වඩා යහපත්ය.
රැකියාවේ වෙනස් වීමක් හෝ ස්ථාන මාරු වීමක් පෙන්නුම් කරයි. රැකියා වල නියුතු අයට තම කටයුතු ක්‍රමවත්ව කරගෙන යාමට හැකියාව ලැබේ. ස්වයං රැකියා යනාදියේ නියුතු අයට වැඩි වාසි අත්වන සතියක් වෙයි.
ගෘහ ජිවිතය තුල ආදර සබදතා වර්ධනය වේ. ගේ දොර අලංකාරය සදහා පියවරක් ගැනීමට සිදුවේ. මිතුරු ඇසුර වර්ධනය වේ.  දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු වලට යොමු වීමට, උදව් කිරිමට හැකියාව ලැබේ.

-

● තුලා
මූල්‍ය ක්ෂෙත්‍රයේ ණය ලැබේ. නව ව්‍යාපාර කරගෙන යාමේදී සතුරු කරදර එල්ල වීමට හැකියාවක් ඇත. මූල්‍යමය ආධාර ලබා ගැනීමට හැකියාව ඇති සතියකි. නව ව්‍යාපාර ආරම්භ කිරීමේදි මනා සැලැස්මකින්, බුද්ධිමත්ව සිතා බලා කල යුතුය.
රැකියාවට බාධා ගෙන දෙයි. මහන්සියේ තරමට ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි වේ. වගකීම් භාර ගැනීමට සිදුවන සතියකි. විදේශගත රැකියා බලාපොරොත්තු වන අයට සුබයි.
ගෘහ ජිවිතය තුල විවාහ ජිවිතයේ සුළු සුළු මත ගැටුම් ඇති වීමට ඉඩ ඇත. අධ්‍යාපන කටයුතු වලටද තරමක බාධා ඇත.
උදරාශ්‍රිත රෝගාබාධ වලින් ප්‍රවේසම් වන්න.

-

● වෘශ්චික
නව ව්‍යාපාර ආරම්භ කිරීම ප්‍රමාද කල යුතුය, සතුරු කරදර - බාධක එල්ල විය හැක. කරගෙන යන ව්‍යාපාරයේ මූල්‍යමය පාඩු පෙන්නුම් කරයි.
රැකියා කටයුතු වලදී ණය ලබා ගැනීම් වලට ඉල්ලුම් කිරීමට සුභ සතියකි. ප්‍රධානීන් සමග සුහදව කටයුතු කිරීමට හැකියාව ලැබෙන සතියකි. රජයේ රැකියා වල නියුතු අයට රැකියා අහිමි වීමට/වෙනස් වීමට/උසස් වීම් ලැබීමට හේතු කාරණා ඇතිවිය හැකි බැවින් මනා බුද්ධියෙන් කටයුතු කරන්න.
ගෘහ ජිවිතය තුල දුර බැහැර ගමන් බිමන් වලදී අඹුසැමියන් අතර සුළු සුළු මත ගැටුම් නිර්මාණය විය හැක. පදිංචිය වෙනස් විය හැකි සතියකි.

-

● ධනු
ව්‍යාපාරික කටයුතු වලදී ඇප උපකාර ලැබෙන සතියකි. නව ව්‍යාපාර වලට සැලැසුම් කිරීමටත්, ව්‍යාපාරික ණය ඉල්ලුම් කිරීමටත් සුභ සතියකි. මූල්‍යමය ගැටළු විසදා ගැනීමට ආධාර ලැබිය හැකි සතියකි.
රැකියාවේ මෙතෙක් තිබුනු ගැටළුකාරි තත්වයන් නිරාකරණය කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත. ප්‍රධානීන්ගේ පැසසුම් ලැබෙනු ඇත. දක්ෂතාවය මත රැකියාවකට යොමු වීමට ඉඩ ලැබෙනු ඇත. නව රැකියා අවස්ථා උදා වේ.
ගෘහ ජිවිතය තුල ප්‍රීති උත්සව, ප්‍රිය සම්භාෂණ වලට යොමු වීමට අවස්ථා ලැබේ. අධ්‍යාපන කටයුතු වල තරඟකාරි වර්ධනයක් පෙන්වයි. අධ්‍යාපනයෙන් ජය ලැබේ. දෙමාපියන්ගෙන් උපකාර මෙන්ම අවවාදද ලැබෙනු ඇත. යහපත් මිතුරු ඇසුර වර්ධනය වනු ඇත.

-

● මකර
මූල්‍යමය පාඩු සිදුවිය හැක. මූල්‍යමය ගැටළු විසදා ගැනීමට ණය ආධාර ලබා ගැනිමට සිදුවිය හැකි සතියකි. ව්‍යාපාරික කටයුතු වලට ගමන් බිමන් බහුල විය හැක, ඒවායින් යහපත් ප්‍රතිඵලද ලැබෙනු ඇත.
රැකියා කටයුතු වලදී ප්‍රධානින් සමග ගැවසීමට සිදුවේ, ඔවුන්ට අවනත වීමට සිදුවේ. භූමිය ආශ්‍රිත රැකියා කටයුතු වල නියුතු අයට යහපත් ප්‍රතිඵල ලැබෙනු ඇත. රැකියාව උසස් වීමේ වාසනාවද පවති.
ගෘහ ජිවිතය තුල මංගල යෝග උදා වේ. ප්‍රීති උත්සව වලට සහභාගි වීමට ලැබේ. අසල්වැසියන් සමග හොද හිත වර්ධනය වේ.
අධ්‍යාපන කටයුතු වලින් ජය ලැබෙනු ඇත.

-

● කුම්භ
ව්‍යාපාර ආරම්භ කිරිමටත්, ව්‍යාපාර සැලසුම් කිරිමත්, ඒවාට ණය ලබා ගැනීමටත් සුභ සතියකි. යහපත් මිතුරන්ගෙන් මූල්‍යමය උපකාර ලැබෙනු ඇත. මෙතෙක් තිබුනු බාධා තත්වයන් ඉවත්වේ.
රැකියා කටයුතු වලදී ස්ථාන මාරු වීම් පෙන්නුම් කරන සතියකි. නව රැකියා අවස්ථා උදා විය හැක. විදේශ රැකියා වල නියුතු සහ ඒ සම්බන්ධ කටයුතු කරන අයට වාසි හිමි වේ. මූල්‍ය අංශයේ රැකියා කරන අයට උසස් වීම්, තරඟ විභාග ආදියට යොමු වීමටද අවස්ථා හිමි වේ.
ගෘහ ජිවිතය සාමාන්‍ය ආකාරයෙන් පවත්වාගෙන යාමට හැකියාව ලැබේ. දෙමාපියන්ගෙන් අවවාද ලැබේ. මංගල යෝග උදා වේ. ප්‍රේම සබදතා වර්ධනය වේ.
අධ්‍යාපනයෙන් ජය ලැබේ.

-

● මීන
මෙතෙක් තිබුනු බාධා තත්වයන් ඉවත්වනු ඇත. ව්‍යාපාර ආරම්භ කිරීමටත්, ඒවා සැලසුම් කිරිමටත් සුභ සතියකි. ව්‍යාපාර වලට තිබුනු සතුරු කරදර ඉවත් වේ. මූල්‍යමය ණය ලැබෙනු ඇත. විදේශ ගමන් වලින් යහපත් ව්‍යාපාරික සබදතා ගොඩ නැගේ.
රැකියා අපේක්ෂාවෙන් සිටින අයට හොද රැකියා අවස්ථා උදා වේ. රජයේ රැකියා වල නියුතු අයට උසස් වීම් හිමි විය හැක.  රැකියා කටයුතු වලදී කීර්තිය - ප්‍රශංසාව හිමි වේ. ප්‍රධානින්ගෙන් ඇගයුම් - පැසසුම් ලැබෙන කාලයකි.
ගෘහ ජිවිතය තුල මෙතෙක් තිබුනු ගැටළුකාරි තත්වයන් ඉවත් වේ. අසල්වැසියන් සමග හොද හිත වර්ධනය වේ. නිවසේ අලංකාරය වෙනුවෙන් දවසේ වැඩි කාලයක් ගත කිරීමට සිදුවේ. ප්‍රීති උත්සව - ප්‍රිය සම්භාෂණ ආදිය පැවැත්වීමට අවස්ථා සහ සහභාගි වීමට අවස්ථා උදා වේ. කාර්යබහුල වේ.
අධ්‍යාපනයෙන් ජය ලැබේ.

-

@Iru

irusewaya@gmail.com.
077 22 38041

Monday, November 14, 2016

නවග්‍රහ සෙත් ජයමංගලම් කවි



* නිතර සජ්ජායනයෙන් යහපත, ශාන්තිය ලැබෙයි.


● අරුණ වේලෙහි බුදුව මුණිරජ දහම් දෙසු ජය   මංගලම්
  දරුණු වසවත් දහම් බලයෙන් පැරදු පින්සිරි   මංගලම්
  සොබන පරසතු මදාරා මල් අටමිටක් පිදු     මංගලම්
  ඉරුගෙ අපලේ එමුණි බලයෙන් දුරුවෙවා ජය මංගලම්

●  පිදුව දෙගුරුන් දෙඅත් බැඳ බමුණාට වෙසතුරු   මංගලම්
   සඳුගෙ විමනෙහි එමුණි ගුණකින් ඇන්ද සඳ මැද  මංගලම්
  හිඳුව යහනෙක යශෝදර සැම පැවිදිවුන ජය     මංගලම්
  සඳුගෙ අපලේ එමුණි බලයෙන් දුරු වෙවා ජය   මංගලම්

●  දරණ ලා සිටි නාරජුන් පිට වැඩ සිටිය ජය   මංගලම්
  දෙඅගසව්වන් සහිත සඟගව පිරිවැරූ ජය    මංගලම්
 සඟුන් දෙදෙනා රහත් පන්සිය සමග වැඩ සිටි මංගලම්
අඟහරුගෙ දොස් එමුණි බලයෙන් දුරුවෙවා ජය මංගලම්

● නොහැර ඔත්පල දෙනෙත් නැති මව්පියන් රැකි ජය මංගලම්
 අදහසින් දැඩි කරන මව්පිය නොවිඳ කී ජය    මංගලම්
 බුදුහු ගිරිමේඛලා ඇතු දැක දැපන කල ජය මංගලම්
 බුධහුගෙන් වන අපල උවදුරු දුරු වෙවා ජය මංගලම්

● රහස් උමගය කැපෙව් මහඔසු පඬිතුමා ජය මංගලම්
 දහස් සියයක් දනෝ එනුව යුදෙන් ගැලවුන මංගලම්
 දහස් සාවක පාලි ධර්මය නිපුණ කල ජය  මංගලම්
 බ්‍රහස්පතිගෙන් පැමිණි උවදුරු දුරු වෙවා ජය මංගලම්

● එකුරු දහමය ලොවට පූජිත කරපු ජයසිරි මංගලම්
අකුරු නිපුනව එසිව් සැට සිල්පයක් දැරු ජය මංගලම්
අකුරු පළමුව නිපැඳු මුනිඳුගෙ බෙලෙන් වේ ජය මංගලම්
සිකුරුගෙන් වන අපල උවදුරු දුරු වෙවා ජය මංගලම්

●  වෙන අයෙක් නැත යුද කරන්නට පුත්‍ර ලෙලදුන් මංගලම්
වෙන කෙනෙක් මට නැතැයි සිතමින් දස පෙරුම් පිරු මංගලම්
සෙන හඬින් හඬ තලා මරසෙන් දසත එසවූ  මංගලම්
සෙනසුරාගෙන් පැමිණි උවදුරු දුරුවෙවා ජය මංගලම්

● පාදවත් නැවතත් නොගත් සිරිපාද විහිදෙව් මංගලම්
රාහු අසුරිඳු එබල රජු මේ ලොවට වැඩමෙව් මංගලම්
රාහුලත් කුමරුන් කෙනෙක්වත් නැතැයි සිතු ඒ මංගලම්
රාහුගෙන් වන අපල උවදුරු දුරුවෙවා ජය මංගලම්

● ධාතු දාගැබ් වෙහෙර මහියංගනේ පිහිටවේ මංගලම්
දාතු නා ලෝ නා රජුන්ගේ බෙලෙන් වේවා මංගලම්
දාතු දළදා තුණුරුවන්ගේ බෙලෙන් වේවා මංගලම්
කේතුගෙන් වන අපල උවදුරු දුරුවෙවා ජය මංගලම්











Saturday, November 12, 2016

ශ්‍රී විෂ්ණු දෙවියන් සහ ලක්ෂ්මී මෑණියන්

විෂ්ණු දෙවියන් මධ්‍ය විශ්වයේ වැදගත්ම දෙවි කෙනෙකි. ලක්ෂ්මී මෑණියන් මූලිකව සෞභාග්‍යයට අධිපති වෙයි.
සෙනසුරුගෙන් පීඩා යමෙකුට ඇතිවන්නේ නම් එයට මූලික හේතුව පෙර ආත්ම භව වල වෙනත් අයට කරන ලද තාඩන පීඩාය. සෙනසුරු පීඩාවන් දැඩිව මේ ආත්ම භාවයේ විපාක ලැබෙන විට ඔවුන් අසරණ වන අතර එයින් ගැලවීමට මූලිකව ආශිර්වාද ලබාගත හැක්කේ විෂ්ණු දෙවියන්ගෙනි.
ලක්ෂ්මී මෑණියන් බොහෝවිට සිකුරුගෙන් වන පීඩා මෙන්ම සිකුරුගෙන් ලැබෙන වාසනාවන්ට ආශිර්වාද වෙයි.

සමහර අයට ඇති ගැටළුවක් වන්නේ විෂ්ණු දෙවියන් සම්‍යක් දෘෂ්ටිකද යන්නය...
අප මීට පෙරද පවසා ඇති පරිදි සියලු දේව මණ්ඩලයම දහමට අනුකූලය. ගරු කරති. එනිසා සම්‍යක් දෘෂ්ටිකද යන කාරණය අදාල නොවේ(දෙවියන්ගේ අවබෝධ ශක්තිය ඉහලය. එනිසා කුමන ආගමික මතවාද තිබුනද ඔවුන් සියලුදෙනා දහම අනුව කටයුතු කරන්නට කටයුතු කරති).
 බුදුන්වහන්සේ විසින් සම්බුදු දහම රැක ගන්නා ලෙස පැවසූවේ දෙදෙව් ලොවට අධිපති ( දිව්‍ය, බ්‍රහ්ම) සක් දෙව් රජට වන අතර, ශක්‍ර දෙවියන් විසින් එය උපුල්වන් දෙවියන්ට පැවරුවේය.
උපුල්වන් දෙවියන් යනු ශ්‍රී විෂ්ණු දෙවියන්මය.

ඔබ මතක තබා ගත යුත්තේ, දෙවියන්ගේ ආශිර්වාද ලැබෙන්නෙ ශ්‍රද්ධාවන්ත - පින්වන්ත අයට බවය.
පන්සිල් පද 5 රකින්නේ නැතිව බෞද්ධ යැයි කිව්වාට දේවාශිර්වාද හිමිවන්නේ නැත.
එසේම පුද පඬුරු, පූජා වට්ටි ආදිය ලබාදීම වරදක් නොවූවද, ඒවා විශාල වන තරමට රැවටීමට හෝ එවන් ලාභ සත්කාර වලට කැමති වන්නේ ප්‍රේත - භූත ආදි පහත් අමනුෂ්‍ය ආත්ම මිස දෙවිවරු නොවෙති.
එනිසා සැබෑවට ආශිර්වාද ගන්නට නම් නිසි ලෙස ප්‍රතිපත්තිය - සීලය රැකගෙන පින්කම් කරන්න. එසේ නැතිව යමෙක් වැරදි කරමින් වැජඹීගෙන සිටින්නේ නම් ඒ පෙර කල කුසල් බලය තවම තිබෙනතුරු බව මතක තබාගන්න. එය අවසන් වූ විට ඔවුන් කරදරේ වැටේ.

ඔබටද සැබෑ ලෙසම මෙවන් සුපින්වත් දෙවිවරුන්ගේ ආශිර්වාද ගන්නට නම්, කල යුත්තේ නිසි ලෙස පින්කම් කර(මෙයින් අදහස් වන්නේ ශ්‍රද්ධාවන්තව බවය, නැතිව වැඩි මුදලින් නොවේ) දෙවියන්ටද පින් අනුමෝදන් කරන්න.

#ඉරු

irusewaya@gmail.com.
077 22 38041

Thursday, November 10, 2016

හතර කේන්දරය පාළුද ? ඉදිරියක් එවන් අයට නැත්ද ??

හතර කේන්දරය පාළු අයට ජිවිතය ඉදිරියට ගෙන යෑමට නොහැකි බවත්, මොවුන් හිස් මිනිසුන් බවත්, ඔවුන්ගේ ඉදිරි ජිවිත අනපේක්ෂිත බව යන කාරණා සමාජගතව ඇත.
මෙවන් අයට පවුල් ජිවිතය නිවරදිව ගත කිරීමට සුදුසු එකම සාධකයක්වත් නොමැති බවත්, එනිසා හතර කේන්දරය පාළු අය මහණ කිරීමට සුදුසු අය පමණක් ලෙසද මතයක් අතීතයේ පටන් පැමිණ ඇත.
එවන් අදහස් මිථ්‍යාවක් බව අපගේ අත්දැකීම් වලින්ම අප පසක් කරගෙන ඇත.

හතර කේන්දරය යනු 1, 4,7, 10 යන ස්ථානයි. මෙම ස්ථාන වල ග්‍රහයන් නොමැති වීමෙන් එවන් කේන්දර සටහන් “හතර කේන්දරය පාළු“ ඒවා බව කියවෙයි.


● 01 වැනි කොටුව හෙවත් ලග්න ස්ථානය
මෙයින් චරිතවත් බව, ගුණවත් බව, ඥානය ගැන කියවෙයි.

● 04 වැනි කොටුව
මින් ගේ දොර - දේපල, යාන වාහන ආදිය ගැන කියවෙයි.

● 07 වැනි කොටුව
සහකරු හෝ සහකාරිය සහ විවාහය ගැන කියවෙයි.

● 10 වැනි කොටුව
රැකියාව ගැන කියවෙයි.


* කේන්දරයක, හතර කේන්දරයට අධිපතිත්වය දරන්නේ ශ්‍රී විෂ්ණු දෙවියන්ය.

● අපගේ පර්යේෂණාත්මක ජ්‍යොතිෂ්‍යයට අනුව, ධනපතියන්, විධායක ශ්‍රේණියේ නිලධරයින්, යහපත් පවුල් ජිවිත ගත කරන අයට මෙම තත්වය තිබී ඇත.
- අපගේ අදහස නම්, සුළු දුබලතාවයක් පමණක් බවයි.

** ජ්‍යොතිෂ්‍යයට අනුවම හතර කේන්දරයේ දුබලතාවය මඟ හැරී යන පිහිටීම් කේන්දර සටහන තුලම දක්නට ලැබේ ( විශේෂත්වය නම් ඒ ගැන කාරණා නිවරදි ලෙස සමාජගත නොවීමයි).

01) ගුරුට හෝ සඳුට අනිත් ග්‍රහයන් කේන්ද්‍ර ගත වීම ( උදා. ගුරුගේ හෝ සදුගේ සිට 4,7 ස්ථාන වල).
02) කේන්දරයක 2,6,8,12 ස්ථාන වල ග්‍රහයන් තැන්පත් වීම (මෙය සිංහාසන යෝග තත්වයයි)

● හතර කේන්දරය පාළු වුවද මෙවන් බොහෝ අය කුමන ආකාරයකින් හෝ සමාජයේ ඉහල පිලිගැනීමකට ලක්වෙන තත්වයට පත්වෙන බව අපගේ අත්දැකීමෙන් දනිමු. අප දැක ඇති පරිදි හතර කේන්දරය පාළු සමහර අය හිතුවක්කාර තීරණ ගනිති. ඒ නිසාම දියුණුවද ලබති.

මේ සියලු කරුණු අනුව කේන්දර සටහනේ දුබලභාවයක් තිබූ පමණින් සියල්ල නොවරදින බව මතක තබාගන්න. යම් දුලබතාවයක් තිබේ නම් එය මඟහරවා ගන්නා ආකාරයද කේන්දරයේ පවති.


- මේ සියලු කරුණු පොදු කරුණුය - කේන්දර සටහන අනුව වෙනස් විය හැක.

irusewaya@gmail.com
+94 77 22 38041

මෙවැනි පලකිරීමක් කරන්නට මූලික හේතුව වන්නේ යම් පිරිසක් විසින් මසේජ කරමින් අපද මෙම අනාවැකිය නිවරදිව කියූ බවට අපට ප්‍රකාශ කිරීමයි.
* සත්‍ය වශයෙන්ම 2016 ඇමරිකානු ජනාධිපතිවරණය ගැන අප කිසිදු අදහසක් පල කලේ නැත.

● අපට ඒ ගැන තිබුනු අදහස හිලරි ක්ලින්ටන් පරාජය විය යුතු බවයි, එසේ සිතුවේ ට්‍රම්ප්ගේ විශේෂ දෙයකට නොව, හිලරි ක්ලින්ටන් විසින් අපේ රටට හානිකර ප්‍රකාශ ගණනාවක් කල නිසාය.
එනිසා එම මහත්මිය ගැන අප්‍රසාදයක් අපට තිබුනි.

● විශේෂයෙන් කිව යුත්තේ මෙම ජයග්‍රහණය ලබන්නට ඇත්තේ ට්‍රම්ප්ගේ ඇති වාසනාවට - කුසල බලයකට විය යුතු බවයි.
අනාවැකිය නිවරදිව කීම දක්ෂතාවයකි.
ඒ ඇරුනු කොට ජයග්‍රහණය ගැන නිවරදිව අනාවැකි කියූ අයගේ බලයකට නොවන බවයි.

- කිසිවෙකු ජයග්‍රහණ ලබන්නේ තමන්ගේ පිනට මිස අන් අය විසින් කරන දේවල් නිසා නොවෙයි. රාජ්‍ය නායකත්වයක් වැනි දේකට අන් අයගේ බලපෑම අල්පය.


irusewaya@gmail.com
+94 77 22 38041

Tuesday, November 8, 2016

Right - Wrong & Time

Correct thing at the wrong time is the wrong thing
Wrong thing at a right time can be successful
Try to do the right thing at the right time..


Iru Sewaya

irusewaya@gmail.com
077 22 38041

Monday, November 7, 2016

මේෂ ලග්නය - චන්ද්‍රාභරණය පොතෙන්

මේෂ ලග්නයෙන් උපන් මිනිස්තෙම, රැවටිලි ඇත්තේ වේ.
විශේෂයෙන් දිනන ලද ඉඳුරන් ඇතිවේ.
ඉතා චංචල වේ. ශ්‍රී ඇතිවේ. ප්‍රශස්ථ දරුවන් ඇති වේ.
නින්දිත වූ හෝ බොහෝ වූ වචන කියන්නේය.
ලුහුඬු බොජුන් ඇති වේ. වකුටු වූ ගමන් ඇති වේ. නුවණැති වේ.
සභාවන්හි පූජිත වේ. පිත්ත ප්‍රකෘත වේ.
විකල බැලුම් ඇති වේ. පියාගෙන් වස්තු ඇති වේ.
දෙන සුළු වේ. කරුණාපර වේ. ප්‍රධාන වේ.
අලෝභි වේ. වීර්යවත් වේ. රාත්‍රියෙහිද ජලයෙහිද බියෙන් ඉන්නේ වේ.

( මායාවි විජිතේන්ද්‍රිෙයා්ච චපලං ශ්‍රීමාන් ප්‍රශස්ථාමජො
වාචාටොලඝු භොජනං කුටිලගෝ ඥානී සභා පූජිතං
පිත්තාමාවිකලෙක්ෂණං පීතෘධණසත්‍යගී දයාකතං ප්‍රභූර්
මෙෂො තෙථා‘කෘපණො නිශා මහභසිභයා - සීනොන රොවීයර්වාන්)

- උපුටා ගත්තේ වෛද්‍යාචාර්ය ජේ.ඇස් රාජසුන්දර ආරච්චි මහතා විසින් පල කල පොතෙනි.
චන්ද්‍රාභරණය පොතේ මුල් කතෘ අඥාතය.

● මේෂ ලග්නයේ පොදු ලක්ෂණ  ගැන අපගේ විස්තරය
https://www.facebook.com/irusewaya/photos/a.1163510676999343.1073741846.833656709984743/1163510743666003/?type=3

● අපගේ විස්තරයේ පරිදි දුර්වලතා,

* නිතරම තරඟකාරිත්වයට කෙසේ වෙතත් දබරයට යොමුවන අයයි.
* ක්ෂණික කෝපය ඇත. එසේම නම්‍යශීලිතාවයද එසේය.
* රාත්‍රියට පායන්නේ ඉර කියා කිව්වොත් එය අන් අය පිලිගත යුතුයි, නැත්නම් කේන්ති යනව.
* පරාජයේදී දැඩිලෙස කම්පාවට පත්වේ.

● ලග්න 12ම පොදු ලක්ෂණ ගැන අපගේ විස්තර
https://www.facebook.com/pg/irusewaya/photos/?tab=album&album_id=1163510676999343


#ඉරු

irusewaya@gmail.com
077 22 38041

Sunday, November 6, 2016

සිද්ධ සූනියම් දෙවියන්

සිද්ධ සූනියම් දෙවියන් ගැනද බොහෝ කතා - ජනප්‍රවාද ඇත.
සිද්ධ සූනියම් දෙවියන්ව ගම්භාර දෙවියන් ලෙසද හැඳින්වේ.

සිද්ධ සූනියම් දෙවියන් මූලිකව ලංකාවේ පමණක් කියවෙන දෙවි කෙනෙකි.
ග්‍රහ අපල, අකුසල කර්ම විපාක යනාදියේදී පින් දහම් අනුමෝදම් කර ආශිර්වාද ලබාගත හැකි පින්වත් දෙවි කෙනෙකි.

රාත්‍රි කාලයේ ගමන් කරන විට, පිටුපසින් කහ පැහැති එලියක් වැනි එලියක් ඔබට දැනී ඇත්නම් ඒ සූනියම් දෙවියන් හෝ එම දෙවියන්ගේ සේනාවට අයිති කෙනෙකි.
ආරක්ෂාවට කටයුතු මූලිකව එහිදි සලසනු ලැබේ. කර්ම විපාක තිබේ නම් ඒවාද ඒ ආකාරයෙන් ඉටු වීමට කටයුතු කරනු ලැබේ.


ඔබද සූනියම් දෙවියන්ගේ ආශිර්වාද ගැනීමට නිසි ලෙස පින්කම් කර පින් අනුමෝදන් කරන්න.
ආශිර්වාද ලැබෙනවා නොඅනුමානය.


බුදු සරණයි !


irusewaya@gmail.com.
077 22 38041

#facebook ව්‍යාජ තොරතුරු වලට මූලික වන තැනක් බව පහුගිය කාලය පුරා බොහෝ රටවල කල සමීක්ෂණ වලින් වාර්තා විය.
එවන් දේ අප රටේද සිදුවන බව අප දනිමු.

අද අප දුටු දෙයක් ලෙස, දිවංගත පණ්ඩිත් අමරදේව අපගේ ගුරු පියාණන්ගේ මරණය සහ එහි කටයුතු වූ ආකාරය ගැන පල කර ඇති සමහර පෝස්ටු දේශපාලනික ඒවාය.
අප අත්දැකීමෙන් දන්නා පරිදි අමරදේවයන් කිසි කලෙක පක්ෂ දේශපාලනය කලේ නැත. එනිසා සහ තිබුනු යහපත් ගුණාංග නිසාම සියලුදෙනාගේම ගරුත්වයට පාත්‍ර විය.

එය පැහැදිලි වන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද එතුමා ඇසුරු කරමින්, සහයෝගය ලබාදෙමින්, අවවාද ලබමින් කටයුතු කිරීමයි.
අද මහින්ද රාජපක්ෂ මහතා බලයේ සිටියේ නම් සියලු රාජ්‍ය ගෞරව සහිතව මේ රජය කලා මෙන් අමරදේවයන්ට ගරුත්වය ලබාදෙනු ඇත.
එනිසා කුමන රජයද, කුමන පුද්ගලයාද යන්න නොව අමරදේවයන් වැනි ශ්‍රේෂ්ඨයෙක්ට සියල්ලෝම ගරු කරති.

 කරුණාකර දේශපාලනික අරමුණු වලට මෙවන් දේ භාවිත නොකරන්න.
(ආණ්ඩුවේ හා විපක්ෂයේ වැරදි විවේචනයට ඕනෑ තරම් ඇත.

Friday, November 4, 2016


තුනුරුවන්ගෙ අනන්ත ගුණ බෙලෙන් නිවන් සාක්ෂාත් කරගන්නට හේතු වාසනා පහල වේවා !


Thursday, November 3, 2016

නවාංශකය යනු කුමක්ද ? - 01 ලිපිය

මුලින්ම කිව යුත්තේ, කේන්දරයක ලග්න කේන්දරය මෙන්ම නවාංශක කේන්දරයද වැදගත් බවයි.

● නවාංශකයෙන් අතීතයේ පටන් ස්ත්‍රි-පුරුෂ භාවය සොයා ගැනීමට භාවිත විය.
( අදද සමහර ජ්‍යොතීර්වේදින් පිරිමි දරුවකුට, ස්ත්‍රි නවාංශකයක් පැමිණිය හොත් එය කේන්දරයේ නොලියා, ඊලගට ලැබෙන පිරිමි නවාංශකය සඳහන් කරති, ගැහැණු දරුවෙකුට පිරිමි නවාංශකයක් පැමිණි විටද මෙය කරති. එය වැරදි බව තේරුම් ගත යුතුය. - පිරිමි දරුවෙකුට ගැහැණු නවාංශකයක් පැමිණියහොත් ගැහැණු ලක්ෂණ තරමක් තිබිය හැක. ගැහැණු දරුවෙක්ටද පිරිමි නවාංශකයක් පැමිණි විට පිරිමි ලක්ෂණ තරමක් තිබේ.)

● නවාංශකය විවාහය සම්බන්ධව බැලීමේදීද වැදගත් වෙයි.

● යමෙකුගේ ලග්නය සහ නවාංශකය යන 2ම එකක් වේ නම් එය “වර්ගෝත්තම“ තත්වයක් ලෙස හඳුන්වයි. එය යහපත් තත්වයකි.


● නවාංශකය යනු,
ලග්නයක් අංශක 9කට බෙදීමෙන් ඇතිවන කොටසයි. හිරු-සදු සහ තාරකා සියල්ලම උදාවෙමින් බැස යයි. ලග්නයද එසේය. ලග්නය මේෂ රාශියෙන් පටන්ගෙන මීන රාශියෙන් අවසන් වේ.

* ලග්න 12කි. එහි එකතුව අංශක 360ක ප්‍රමාණයක පවති. එය 12න් බෙදී කල එක් ලග්නයකට අංශක 30ක් ලැබේ.
එයින් එනම් අංශක 30ද නැවත 9කට බෙදෙයි.
9කට බෙදූකල ඉතුරු වන එක කොටසක්, අංශක 3යි කලා 20ක් වේ.

උදාහරණයක් විදියට, අපි මේෂ ලග්නය ගැන සිතමු.
* මේෂ ලග්නය පටන් ගන්නේ. අංශක 00 කලා 1 සිට අංශක 30 දක්වානේ.
එසේ නම් 1 වෙනි අංශකය බෙදුවාම මේෂයේ මේෂ නවාංශකයට අයිති වේ.
එය අංශක 03යි කලා 20 වූවායින් පසු අවසන් වේ.
ඊලග නවාංශකය පටන් ගනී. එය වෘෂභ නවාංශකයයි. එය ඉවර වන්නෙ අංශක 6 කලා 40නි.
ලග්නය ගෙවීමේදි ඒ ලගා වන සීමා මායිම් වශයෙන් නවාංශක සඳහන් කිරීමට පුලුවන්.
මේෂ ලග්නයේ මේෂ නවාංශකයෙන් ඉපදුනොත් ලග්නය පටන්නෙ සුළු වෙලාවක් ගත වෙලා.

* අපි හිතමු මේෂ නවාංශකයේ සිංහ නවාංශකය කියල. මේෂ ලග්නයේ මධ්‍යය කොටසේ. එනම් මේෂ ලග්නයේ මධ්‍ය කොටසට අංශක 15කට පමණ වෙලා. මෙය තනිකරම ගණිතමය දෙයකි. ලග්නයේ සිටින අය කුමන බලතල වලින් සිටිනවාද කියල අපිට බලන්න පුලුවන්. මේ සම්බන්ධව තවත් විස්තර අපිට ඉදිරියේදි බලාගන්න පුලුවනි.

තෙරුවන් සරණයි !

Wednesday, November 2, 2016

මේ වසරේ(2016) #දෙසැම්බර් මාසයේ සිට ක්‍රමිකව, සෙමින් රටට #යහපත් කාලයක් උදා වෙයි.
ලබන වසරේ(2017) #ජනවාරි අග සිදුවන #සෙනසුරු මාරුවත් සමග එය තවත් යහපත් වන්නට පටන් ගනු ඇත.

කුමන කාලයක වුවද #අකුසල් කර්ම #විපාක ඇති අයට ඒවා ගෙවීමට සිදුවෙයි. අපල උපද්‍රව යනාදියෙදි හැකි තරම් ධාර්මික වීමත්, ඉවසීමෙන් බුද්ධියෙන් කටයුතු කිරීමත් කල යුතුය.

නිසි ලෙස #සීලය රැකීමද, ප්‍රතිපත්තියට අනුව කටයුතු කිරීමද අනිවාර්යෙන්ම විය යුතු දෙයකි. එවිට දේවාශිර්වාදයද ලැබෙනු ඇත.

ඉදිරි වසර කීපයේදී #රටට - ලොවටම #ධාර්මික වන කාලයක් උදා වෙයි.
වැරදි කල අයට තමන්ගේ කර්ම #ශක්තිය අනුව අකුසල් විපාක ලැබෙයි. එයට ලොකු - පොඩි භේදයක් නැත.
අන්තවාදීත්වයත්, ත්‍රස්තවාදිත්වයත් කරපින්නාගෙන ලොවටම කරදර කරන ආගමික මතවාද වේ නම් ඒවායේ මූලස්ථාන වලට පවා විපාක #දේව මණ්ඩලයෙන් ලබාදෙනු ඇත.

#ජිවිතය නිසි ලෙස ගත කරමින්, මරණින් පසු ජිවිතයද වඩා යහපත් කර ගන්නට නිවරදිව කටයුතු කරන්න !

#ඉරු Iru Sewaya

#ඉරුඅනාවැකි2016