Thursday, November 3, 2016

නවාංශකය යනු කුමක්ද ? - 01 ලිපිය

මුලින්ම කිව යුත්තේ, කේන්දරයක ලග්න කේන්දරය මෙන්ම නවාංශක කේන්දරයද වැදගත් බවයි.

● නවාංශකයෙන් අතීතයේ පටන් ස්ත්‍රි-පුරුෂ භාවය සොයා ගැනීමට භාවිත විය.
( අදද සමහර ජ්‍යොතීර්වේදින් පිරිමි දරුවකුට, ස්ත්‍රි නවාංශකයක් පැමිණිය හොත් එය කේන්දරයේ නොලියා, ඊලගට ලැබෙන පිරිමි නවාංශකය සඳහන් කරති, ගැහැණු දරුවෙකුට පිරිමි නවාංශකයක් පැමිණි විටද මෙය කරති. එය වැරදි බව තේරුම් ගත යුතුය. - පිරිමි දරුවෙකුට ගැහැණු නවාංශකයක් පැමිණියහොත් ගැහැණු ලක්ෂණ තරමක් තිබිය හැක. ගැහැණු දරුවෙක්ටද පිරිමි නවාංශකයක් පැමිණි විට පිරිමි ලක්ෂණ තරමක් තිබේ.)

● නවාංශකය විවාහය සම්බන්ධව බැලීමේදීද වැදගත් වෙයි.

● යමෙකුගේ ලග්නය සහ නවාංශකය යන 2ම එකක් වේ නම් එය “වර්ගෝත්තම“ තත්වයක් ලෙස හඳුන්වයි. එය යහපත් තත්වයකි.


● නවාංශකය යනු,
ලග්නයක් අංශක 9කට බෙදීමෙන් ඇතිවන කොටසයි. හිරු-සදු සහ තාරකා සියල්ලම උදාවෙමින් බැස යයි. ලග්නයද එසේය. ලග්නය මේෂ රාශියෙන් පටන්ගෙන මීන රාශියෙන් අවසන් වේ.

* ලග්න 12කි. එහි එකතුව අංශක 360ක ප්‍රමාණයක පවති. එය 12න් බෙදී කල එක් ලග්නයකට අංශක 30ක් ලැබේ.
එයින් එනම් අංශක 30ද නැවත 9කට බෙදෙයි.
9කට බෙදූකල ඉතුරු වන එක කොටසක්, අංශක 3යි කලා 20ක් වේ.

උදාහරණයක් විදියට, අපි මේෂ ලග්නය ගැන සිතමු.
* මේෂ ලග්නය පටන් ගන්නේ. අංශක 00 කලා 1 සිට අංශක 30 දක්වානේ.
එසේ නම් 1 වෙනි අංශකය බෙදුවාම මේෂයේ මේෂ නවාංශකයට අයිති වේ.
එය අංශක 03යි කලා 20 වූවායින් පසු අවසන් වේ.
ඊලග නවාංශකය පටන් ගනී. එය වෘෂභ නවාංශකයයි. එය ඉවර වන්නෙ අංශක 6 කලා 40නි.
ලග්නය ගෙවීමේදි ඒ ලගා වන සීමා මායිම් වශයෙන් නවාංශක සඳහන් කිරීමට පුලුවන්.
මේෂ ලග්නයේ මේෂ නවාංශකයෙන් ඉපදුනොත් ලග්නය පටන්නෙ සුළු වෙලාවක් ගත වෙලා.

* අපි හිතමු මේෂ නවාංශකයේ සිංහ නවාංශකය කියල. මේෂ ලග්නයේ මධ්‍යය කොටසේ. එනම් මේෂ ලග්නයේ මධ්‍ය කොටසට අංශක 15කට පමණ වෙලා. මෙය තනිකරම ගණිතමය දෙයකි. ලග්නයේ සිටින අය කුමන බලතල වලින් සිටිනවාද කියල අපිට බලන්න පුලුවන්. මේ සම්බන්ධව තවත් විස්තර අපිට ඉදිරියේදි බලාගන්න පුලුවනි.

තෙරුවන් සරණයි !

No comments:

Post a Comment