Tuesday, November 22, 2016

සතියේ ලග්න පලාපලය - නොවැ 22 සිට

පොදු පලාපලයක් පමණි.


-

● මේෂ
බලාපොරොත්තු ඉටු කරගත හැකි සතියකි. මෙතෙක් තිබුනු සතුරු කරදර - බාධක දුරුවේ. යහපත් ව්‍යාපාරික සබදතා ගොඩනගා ගත හැක. මිතුරන්ගෙන් ණය ලැබේ.
රැකියා උසස් වීම් ලැබේ. තරඟ විභාග ආදියට මුහුණ දීමට හැකියාව ලැබේ. ප්‍රධානින්ගේ ඇප උපකාර හිමි වෙයි. නිෂ්පාදන අංශ වල රැකියා වල නියුතු අයට සුබයි.
ගෘහ ජිවිතය තුල විවාහ ප්‍රමාද වූ අයට මංගල යෝග උදා වෙයි. තමාට වඩා වැදගත් - ධනවත් අය විවාහ යෝජනා වල කියවේ. ආදර සබදතා වැඩි දියුණු වෙයි. දරුවන් නිසා කීර්තිය - ප්‍රශංසාවද, සතුටද ඇති වන සතියකි.

-

● වෘෂභ
ව්‍යාපාරික ක්සෙත්‍රයේ ණය ලැබේ, මුල්‍යමය ආයතන වලින් උපකාර ලැබේ. විදේශීය ව්‍යාපාරික කටයුතු වලට විදේශීය සහය ලැබේ. ව්‍යාපාර ක්ෂෙත්‍රයේ මෙතෙක් තිබු බාධා ඉවත් වේ. ප්‍රභූන් මුණ ගැසීමට හැකියාව ලැබේ, උපකාර ලැබේ. නව ව්‍යාපාර, ආදායම් මාර්ග සැලසුම් කල හැක.
රැකියා අපේක්ෂා කරන අයගෙ පැතුම් ඉටු වේ. වෙළද අංශයේ විසිතුරු දෑ වෙළදාම් යනාදියට සම්බන්ධ රැකියා කරන අයට වැඩි වාසි ලැබේ. ආරක්ෂක අංශ වල රැකියා කරන අයටද සුබ සතියකි. ප්‍රධානින්ගේ පැසසුම් - ගරු නම්බු නාම ලැබෙන සතියකි.
ගෘහ ජිවිතය තුල ප්‍රීති උත්සව - ප්‍රිය සම්භාෂණ වලට ඉඩ ලැබෙයි. මංගල යෝජනා ස්ථිර වෙයි. අඹුසැමියන් අතර හොද හිත වර්ධනය වන සතියකි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට තරමක බාධා ඇත.


-


● මිථුන
මෙතෙක් තිබුනු බාධා තත්වයන් ඉවත් වේ. නව ව්‍යාපාර වලට යොමුවීමට හෝ නව ව්‍යාපාරයක් සැලසුම් කිරිමට සුබයි. සතුරු කරදර ඉවත් වේ. මූල්‍යමය අංශයේ පාඩු සිදුවිය හැක. කල්පනාකාරිව - බුද්ධියෙන් වැඩ කටයුතු කලොත් සාර්ථක ප්‍රතිඵල අත්වනු ඇත.
නව රැකියා අවස්ථා උදා වේ. මෙතෙක් තිබුනු බාධා (රැකියා වලට) ඉවත් වනු ඇත. ප්‍රධානින්ගේ පැසසුම් ලැබෙනු ඇත. නිෂ්පාදන ක්ෂෙත්‍රයේ වෙළදාම් වල නියුතු අයට වැඩි ලාභ උපයා ගත හැක.
ගෘහ ජිවිතය තුල වැඩිහිටියන්ගෙන් සහ බන්ධු වර්ගයාගෙන් උපකාර - උපදෙස් ලැබේ. පදිංචිය වෙනස් කිරිමට හෝ නව්‍යකරණය කිරීමට සිතෙන සතියකි.
තරඟකාරි කටයුතු වලින් ජය ලැබේ.

-

● කටක
අතපසු වී ගිය කටයුතු සාර්ථකව නිමකර ගැනීමට හැකියාව ඇති සතියකි. මූල්‍යමය ආයතන වලින් සහය ලැබේ. නව ව්‍යාපාරයක් ඇරඹීමට සුබ සතියකි. මූල්‍යමය ණය ඉල්ලුම් කිරිමටද සුබ සතියකි. උද්යෝගයෙන් යුතුව තම කටයුතු කරගෙන යා හැක.
රැකියා කටයුතු වලදි ප්‍රධානින් සමග හොද හිත වර්ධනය වේ. සේවා කටයුතු වල ප්‍රගතියක් කරගත හැකි සතියකි. රැකියා කටයුතු වල දියුණුව අත් වේ. වෙළදාමට සම්බන්ධ රැකියා සහ ස්වයං රැකියා කරන අයට සුභ සතියකි.
ගෘහ ජිවිතය තුල වැඩිහිටියන් වෙනුවෙන් කාලය - ධනය වැය කිරිමට සිදු වෙයි. මෙතෙක් තිබුනු යම් යම් බාධා තත්වයන් වෙනස් වේ. ගෘහ ජිවිතය සාමකාමිව ගත වේ. අඹුසැමියන් අතර තරමක් මත ගැටුම්ද නිර්මාණය විමට ඉඩක් ඇත. ඉවසීමෙන් කටයුතු කරන්න.

-


● සිංහ
තරමක් ගැටළුදායක තත්වයන් වලට මුහුණු පෑමට සිදුවන සතියකි. සතිය මුල කාර්යබහුල වෙයි. බලාපොරොත්තු නොවූ ආකාරයෙන් කරදර වලට මුහුණ පෑමට සිදුවිය හැක. ව්‍යාපාරික ක්ෂෙත්‍රයේ නීතිමය ගැටළු - මූල්‍යමය ගැටළු වලට මුහුණ පෑමේ අවදානමක් ඇත. කල්පනාවෙන් - බුද්ධියෙන් කටයුතු කිරිම තුලින් මේ තත්වයන් දුරු කරගත හැක.
රැකියා අපේක්ෂාවෙන් සිටින අයට තමන් බලාපොරොත්තු වූ රැකියා ලැබෙනු ඇත. සිතට සහනයක් ලැබෙනු ඇත. ආයතන ප්‍රධානින්ගේ ඇප උපකාර ලැබේ. මූල්‍යමය ආයතන වල රැකියා වල නියුතු අයට තරමක ගැටළු ඇතිවිය හැක. ආර්ථික අපහසුතා වලදි ප්‍රධානින්ගේ උපකාර ලබාගත හැක.
ගෘහ ජිවිතය තුල දරුවන් - දෙමාපියන් අතර සුළු සුළු මත ගැටුම් නිර්මාණය විය හැක. දෙමාපියන්ට දරුවන් නිසා තරමක් මානසික පීඩා ගෙනදිය හැක. පෙම් සබදතා වලින් ජය ලැබේ.
පාසල් අධ්‍යාපනය ලබන දරුවන්ගේ කටයුතු සාර්ථක වෙයි.

-


● කන්‍යා
උසස් මිතුරන්ගෙන් උපකාර ලැබේ. විදේශ ගමන් වලින් ව්‍යාපාරික මිතුරන් හමුවී සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක. නව ආදායම් මාර්ග නිර්මාණය කර ගැනීමට හැකියාව ඇති සතියකි. මෙතෙක් තිබුනු ගැටළුකාරි තත්වයන් මඟ හරවා ගත හැකි තත්වයකි.
රැකියාවේදී ආයතන ප්‍රධානින් සමග මත ගැටුම් නිර්මාණය විය හැක. පොලවෙන් හෝ පොලව ආශ්‍රිතව රැකියා කරන අයට තරමක සුබ - අසුබ මිශ්‍ර ඵල ඇතිවිය හැක. කල්පනාකාරිව කටයුතු කල යුතුවේ. මූල්‍යමය ආයතන වල රැකියා වල නියුතු අයට වඩාත් වාසිදායකි.
ගෘහ ජිවිතය තුල අසල්වාසින් වෙනුවෙන් වැඩිපුර වෙහෙසීමට සිදුවන අතර, කාලය - ධනය ඔවුන් වෙනුවෙන් වැය කිරිමට සිදුවන සතියකි. සහෝදර සහෝදරියන්ගේ කටයුතු වලට සහය දීමට සිදුවිය හැක. මිතුරන් සමග විනෝද උත්සව - ප්‍රිය සම්භාෂණ ආදියට සහභාගි වීමටද හැකියාව ඇත.
අධ්‍යාපන කටයුතු වලට සුබයි.

-

● තුලා
ව්‍යාපාරික ක්ෂෙත්‍රයේ ණය ලැබේ. මූල්‍යමය ආයතන වල සහයෝගය ලැබේ. විදේශ ගමන් වලින් ආදායම් තත්වය සරු කර ගත හැක. නව ආදායම් මාර්ග සැලසුම් කිරීමට - ආරම්භ කිරීමට සුබ සතියකි.
රැකියා කරන අයගේ බලාපොරොත්තු ඉටු වේ. රැකියාවේ දියුණුවද - උසස් නිලතලද අපේක්ෂිතය. ප්‍රධානින්ගේ පැසසුම් ලැබෙනු ඇත. බාධා තත්වයන් දුරු වේ. නව රැකියා උදා වේ.
ගෘහ ජිවිතය තුල පවුලේ සමගිය වර්ධන වේ, මෙතෙක් තිබුනු කරදර - බාධා ඉවත් වේ. සාමකාමිව ගත වේ. මිල මුදල් පාලනයට ලැබේ. අඹුසැමියන් අතර හොඳ හිත තහවුරු වේ. පෙම් සබදතා වලට සුබයි. මංගල යෝග උදා වේ.
 අධ්‍යාපනයෙන් ජය ලැබේ.

-


● වෘශ්චික
නව ව්‍යාපාර සැලසුම් කිරිමට සුබ සතියකි. මූල්‍ය අංශයේ ව්‍යාපාර ක්ෂෙත්‍ර වලට තරමක බාධා මතු කරයි. මූල්‍යමය ආයතන වලින් ණය ලබා ගැනිමට සිදුවේ. කල්පනාකාරිව කළමනාකරණයෙන් කටයුතු නොකලොත් ආදායමට වඩා වියදම වැඩි විය හැක.
රැකියා කටයුතු කෙරෙහි වෙනදාට වඩා අවධානය යොමු වේ. අලෙවිකරණය, වෙළදාම ආශ්‍රිත රැකියා කරන අයට වැඩි සුබ ඵල ගෙන දෙයි. ආයතන ප්‍රධානින්ගේ පැසසුමට ලක්විය හැක. තරඟ විභාග ආදියට යොමුවීමට උත්සාහ දරන අයට ඒ සදහා අවස්ථාව හිමි වේ.
ගෘහ ජිවිතය තුල මංගල යෝග උදා වේ. මව්පියන් සමග මත ගැටුම් නිර්මාණය විය හැක. ඥාතින් සමගද ගැටුම් ඇතිවිය හැක. අධ්‍යාපන කටයුතු වලින් ජය ලැබේ.
 
-

● ධනු
මෙතෙක් තිබුනු බාධා ඉවත්වනු ඇත, එහෙත් සුළු බාධා තත්වයන් මතුවිය හැක. ව්‍යාපාරික මිතුරන් මුණ ගැසී යහපත් ව්‍යාපාර වලට මඟ පෑදේ. බාධා තත්වයන් ඉවත් වේ. ව්‍යාපාර කරගෙන යාමට විදේශීය මිතුරන්ගේ උපකාර ලැබෙනු ඇත.
රැකියා කටයුතු වල ස්ථානය වෙනස් වීමට හෝ උසස් වීමට ඉඩ ඇති සතියකි. ප්‍රධානින් තමන් කෙරේ වැඩියෙන් අවධානය යොමු කරන සතියකි. ව්‍යාපාර හා ප්‍රවාහන ක්සෙත්‍ර වල කටයුතු කරන අයට සුබ සතියකි. රැකියා අපේක්ෂා කරන අයට සුබයි.
ගෘහ ජිවිතය තුල පදිංචි ස්ථානය වෙනස් විය හැක. මෙතෙක් තිබු බාධා ඉවත් වේ. කටයුතු අපහසුතාවයකින් තොරව කරගෙන යාමට හැක. මව්පියන්ගේ උපදෙස් ලැබේ. අධ්‍යාපන කටයුතු වලටද තිබුනු බාධා තත්වයන් ඉවත් වේ.

-

● මකර
විදේශීය ගමනකින් තම ව්‍යාපාර කටයුතු සාර්ථක කරගත හැක. ව්‍යාපාරික ක්ෂෙත්‍ර වල මෙතෙක් තිබුනු ගැටළු නිරාකරණය කරගත හැක. කටයුතු ක්‍රමානුකූලව සැලසුම් සහගතව කරගෙන යාමට හැකි වේ. දියුණුවට අදාල කටයුතු වල නිරත වන අයට ඒ සදහා බාධා තරමක් මතුවිය හැක.
විදේශීය රැකියා වල නියුතු අයට සුබයි. විදෙස් රැකියා බලාපොරොත්තු වූ අයට ඒ පැතුම් ඉටු වේ. ආයතන ප්‍රධානින්ගේ පැසසුම් ලබයි. නිෂ්පාදන ක්ෂෙත්‍ර වලට අදාල රැකියා කරන අයට සුබයි. තම රැකියා නිසි ලෙස කරගෙන යාමට ඉඩ ලැබේ.
ගෘහ ජිවිතය තුල මංගල යෝග උදා වේ. සහකරු/සහකාරිය සමග විනෝදයෙන් ගත කිරිමට ඉඩ ලැබේ. පවුල් ජිවිතය තුල සමගිය වර්ධනය වේ.
අධ්‍යාපන කටයුතු වල යෙදෙන දරුවන්ට සුබයි. දරුවන් නිසා කීර්තිය දෙමාපියන්ට ලැබේ.

-


● කුම්භ
ව්‍යාපාර කටයුතු වලට තිබුනු බාධා ඉවත් වේ. ප්‍රශ්න - ගැටළු විසදාගත හැකි සතියකි. පරණ ණය ලැබෙනු ඇත. බලාපොරොත්තු ඉටු වේ. බලාපොරොත්තු වන ව්‍යාපාර අරමුණු කරා යොමු වීමට ඉඩ ලැබේ. හදිසි ධනලාභ වාසනාව පවති.
රැකියා අපේක්ෂාවෙන් සිටින අයගේ පැතුම් සඵල වේ. රැකියා උසස් වීම් තරඟ විභාග ආදියෙන් ජය ලැබේ. රැකියා වල නියුතු අයට ජය ලැබේ.
ගෘහ ජිවිතය තුල අඹුසැමියන් අතර මත ගැටුම් ඇති විමට ඉඩ ඇත. කල්පනාකාරිව කටයුතු කරන්න. විපත් - කරදර ආදියට මුහුණ පෑමටද යම් ඉඩක් ඇත. තරඟකාරි කටයුතු වලින් ජය ලැබේ. මෙතෙක් තිබුනු දුර්වලතා මඟහරවා ගත හැක. ප්‍රේම සබදතා ගොඩ නැගේ.

-

● මීන
විදෙස් ආයෝජන වලින් උසස් ප්‍රතිඵල ලබාගත හැක. කරගෙන යන ව්‍යාපාර නව මානයකට යොමු කරගත හැකි සතියකි. දුරබැහැර ගමන් බිමන් වලින් හොද ව්‍යාපාරික මිතුරන් මුණ ගැසෙනු ඇත. ගේ දොර ඉඩකඩම් මිලදී ගැනීමටද සුබ සතියකි.
රැකියාවක් නොමැති අයට කුමන හෝ රැකියාවක් සොයාගත හැක. ආරක්ෂ ක්ෂෙත්‍ර වල රැකියා වල නියුතු අයට උසස් වීම්, විදේශ සංචාර ආදියද හිමිවිය හැක. ආයතන ප්‍රධානින්ගේ පැසසුමට ලක් වේ, උපකාර හිමි වේ.
ගෘහ ජිවිතය තුල පදිංචි ස්ථානය වෙනස් කිරිමට හෝ අලුත් කිරීමට ඉඩ ලැබේ. සහෝදරයින්ගේ ගැටළු ප්‍රශ්න වෙනුවෙන් වැඩි කාලයක් යොමු කරනු ඇත. අධ්‍යාපන කටයුතු වල යෙදෙන දරුවන්ට ගුරුවරුන් හා මිතුරන්ගෙන් සහයෝගය ලැබේ.


-

irusewaya@gmail.com
0711 345364

No comments:

Post a Comment