Sunday, November 6, 2016

#facebook ව්‍යාජ තොරතුරු වලට මූලික වන තැනක් බව පහුගිය කාලය පුරා බොහෝ රටවල කල සමීක්ෂණ වලින් වාර්තා විය.
එවන් දේ අප රටේද සිදුවන බව අප දනිමු.

අද අප දුටු දෙයක් ලෙස, දිවංගත පණ්ඩිත් අමරදේව අපගේ ගුරු පියාණන්ගේ මරණය සහ එහි කටයුතු වූ ආකාරය ගැන පල කර ඇති සමහර පෝස්ටු දේශපාලනික ඒවාය.
අප අත්දැකීමෙන් දන්නා පරිදි අමරදේවයන් කිසි කලෙක පක්ෂ දේශපාලනය කලේ නැත. එනිසා සහ තිබුනු යහපත් ගුණාංග නිසාම සියලුදෙනාගේම ගරුත්වයට පාත්‍ර විය.

එය පැහැදිලි වන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද එතුමා ඇසුරු කරමින්, සහයෝගය ලබාදෙමින්, අවවාද ලබමින් කටයුතු කිරීමයි.
අද මහින්ද රාජපක්ෂ මහතා බලයේ සිටියේ නම් සියලු රාජ්‍ය ගෞරව සහිතව මේ රජය කලා මෙන් අමරදේවයන්ට ගරුත්වය ලබාදෙනු ඇත.
එනිසා කුමන රජයද, කුමන පුද්ගලයාද යන්න නොව අමරදේවයන් වැනි ශ්‍රේෂ්ඨයෙක්ට සියල්ලෝම ගරු කරති.

 කරුණාකර දේශපාලනික අරමුණු වලට මෙවන් දේ භාවිත නොකරන්න.
(ආණ්ඩුවේ හා විපක්ෂයේ වැරදි විවේචනයට ඕනෑ තරම් ඇත.

No comments:

Post a Comment