Wednesday, November 16, 2016

සතියේ ලග්න පලාපලය - නොවැ.20 දක්වා

* මෙය පොදු පලාපලයක් පමණි - කේන්දර සටහන අනුව වෙනස් විය හැක.

-


● මේෂ
වගකීම් වැඩි වන කාලයකි. ව්‍යාපාර නව මුහුණුවරකින් ආරම්භ කිරිමට සිතා සිටි අයට ඒවා කර ගැනීමට හැකියාව ලැබෙන සතියකි. මෙතෙක් තිබුනු අලස ගති නැති වේ. හවුල් ව්‍යාපාර හෝ බද්ධ ව්‍යාපාර ආදියට සුබයි. ව්‍යාපාර අරමුණු ඉටු කරගත හැක.
නව රැකියා අවස්ථා උදා වේ. රැකියා බලාපොරොත්තුව සිටි අයගේ පැතුම් සඵල වේ. උසස් වීම්, තරඟ විභාග ආදියෙන් ජය ලැබේ. කලා ක්ෂෙත්‍රය, නිරූපණ ක්ෂෙත්‍ර වල නියුතු අයට සුභ ඵල හිමිවේ.
ගෘහ ජිවිතය තුල වියදම් අධික වනු ඇත. පවුලේ අයෙකු වෙනුවෙන් වැයවීම් සිදුවේ. ප්‍රිය සම්භාෂණ වලට සහභාගි වීමට හැකියාව ලැබේ. පවුලේ සමගිය වර්ධනය වේ.

-

● වෘෂභ
ව්‍යාපාර කටයුතු වලට සුබයි. ව්‍යාපාර සහයෝගයෙන් යුතුව කරගෙන යාමට හැකියාව ලැබේ. හවුල් ව්‍යාපාර ආදියට සුභ සතියකි. ව්‍යාපාරික ගමන් බිමන් යෙදෙන අතර ඒවායින් ජය ලැබෙනු ඇත.
රජයේ රැකියා හෝ රජයට අනුබද්ධ රැකියා කරන අයට සුබ සතියකි.  රැකියාවේ කටයුතු කාර්යබහුල වේ. උසස් වීම් වාසනාවද පවති. මෙතෙක් තිබුනු ගැටළුකාරි තත්වයන් මඟ හැරේ.
ගෘහ ජිවිතය තුල අසල්වාසින් සමග සුහදතාවය වර්ධනය වේ. දරුවන්ගේ ඉගෙනීම් කටයුතු වලින් ජය ලැබේ. අධ්‍යාපන කටයුතු යනාදියේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන සතියකි.
සෙම් අමාරු ආදි අසනීප ආදිය ගැන අවදානමත් වන්න.

-

● මිථුන
ණය ලැබේ. ව්‍යාපාර කටයුතු වලට නව පියවරක් ගැනීමට සිටි අයට සාර්ථක ප්‍රතිඵල ලැබේ. විදේශ ආයෝජන සහ විදේශ ආධාර යනාදිය ලැබෙනු ඇත. මෙතෙක් තිබුනු බාධා ඉවත් වේ.
නව රැකියා අවස්ථා උදා වේ. තරඟ විභාග ආදියෙන් ජය ලැබෙනු ඇත. වෙනදාට වඩා කලබලකාරි ගතිද ඇතිවේ. කාර්යබහුල වේ. කල්පනාකාරිව කටයුතු කරන්න.
ගෘහ ජිවිතය තුල මංගල යෝග උදා වේ. ආදර - ප්‍රේම සබදතා වර්ධනය කර ගැනීමට හැකි වේ. දෙමාපියන්ගේ ආශිර්වාදය හිමි වේ. දෙමාපිය - වැඩිහිටියන්ගේ අවවාද ලැබෙනු ඇත. මිතුරු ඇසුර වැඩි දියුණු වේ.

-

● කටක
නව ව්‍යාපාර ආරම්භයට සුබ සතියකි. ව්‍යාපාර වල සුළු සුළු අතපසු වීම් ඇති විය හැක. විශේෂයෙන්ම මූල්‍යමය ක්ෂෙත්‍රයට අදාල ව්‍යාපාර වල සුළු පසුබෑමක් සිදුවිය හැක. කලක් පැවති ප්‍රශ්නයක් නිරාකරණය කර ගැනීමට හැකි වේ. ව්‍යාපාර වලට ආධාර - උපකාර ලැබේ.
රැකියා අපේක්ෂාවෙන් සිටි අයගේ පැතුම් ඉටු වේ. ස්ථාන මාරුවක් හෝ රැකියාවේ වෙනසක් පෙන්නුම් කරන සතියකි. මූල්‍යමය ක්ෂෙත්‍රය, රාජ්‍ය අංශයේ රැකියා වල දියුණුව සහ උසස් වීම් පෙන්නුම් කරයි.
ගෘහ ජිවිතය තුල විවාහය ප්‍රමාද වූ අයට මංගල යෝග උදා වේ.  ගේ දොර අලුත්වැඩියා කිරීමට හැකියාව ලැබෙන සතියකි. පවුලේ නායකත්ව හිමිවන සතියකි. පවුල් ආර්ථිකයට අත දීමට හැකියාව ලැබෙනු ඇත.

-

● සිංහ
නව ආදායම් මාර්ග උදා වේ. නව ආදායම් මාර්ග වලට යොමු වීමට මෙතෙක් තිබුනු බාධා ඉවත් වේ. සුළු සුළු අතපසු වීම් නිසා තම ව්‍යාපාර කටයුතු වල අඩුපාඩු පෙන්වයි. මූල්‍යමය ණය ලැබේ.
රැකියා කටයුතු වලදි ප්‍රධානීන්ගේ පැසසුම් ලැබේ. උසස් වීම්, තරඟ - විභාග ආදියෙන් ජය ලැබේ. මෙතෙක් තිබුනු බාධා ඉවත් වේ. කෘෂිකාර්මික කටයුතු වලට සම්බන්ධ රැකියා වල නියුතුව සිටින අයට සුභ ඵල ලැබෙන සතියකි.
ගෘහ ජිවිතය තුල විවාහ අපේක්ෂාවෙන් සිටි අයට  මංගල යෝග උදා වේ. අධ්‍යාපන කටයුතු වලින් ජය ලැබේ. ගේ දොර මිලදී ගැනීම් වලට සුභ සතියකි. මව්පියන්ගෙන් අවවාද ලැබේ.

-

● කන්‍යා
මූල්‍යමය ක්ෂෙත්‍රයේ අඩුපාඩු පෙන්වන සතියකි. මූල්‍යමය ගනුදෙනු වලදි ඉතා ප්‍රවේසම් විය යුතු සතියකි. සතුරු කරදර - බාධා ඇතිවිය හැක. හවුල් ව්‍යාපාර ආරම්භ කිරීමට සිතා සිටියා නම් ඒවා ප්‍රමාද කිරීම වඩා යහපත්ය.
රැකියාවේ වෙනස් වීමක් හෝ ස්ථාන මාරු වීමක් පෙන්නුම් කරයි. රැකියා වල නියුතු අයට තම කටයුතු ක්‍රමවත්ව කරගෙන යාමට හැකියාව ලැබේ. ස්වයං රැකියා යනාදියේ නියුතු අයට වැඩි වාසි අත්වන සතියක් වෙයි.
ගෘහ ජිවිතය තුල ආදර සබදතා වර්ධනය වේ. ගේ දොර අලංකාරය සදහා පියවරක් ගැනීමට සිදුවේ. මිතුරු ඇසුර වර්ධනය වේ.  දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු වලට යොමු වීමට, උදව් කිරිමට හැකියාව ලැබේ.

-

● තුලා
මූල්‍ය ක්ෂෙත්‍රයේ ණය ලැබේ. නව ව්‍යාපාර කරගෙන යාමේදී සතුරු කරදර එල්ල වීමට හැකියාවක් ඇත. මූල්‍යමය ආධාර ලබා ගැනීමට හැකියාව ඇති සතියකි. නව ව්‍යාපාර ආරම්භ කිරීමේදි මනා සැලැස්මකින්, බුද්ධිමත්ව සිතා බලා කල යුතුය.
රැකියාවට බාධා ගෙන දෙයි. මහන්සියේ තරමට ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි වේ. වගකීම් භාර ගැනීමට සිදුවන සතියකි. විදේශගත රැකියා බලාපොරොත්තු වන අයට සුබයි.
ගෘහ ජිවිතය තුල විවාහ ජිවිතයේ සුළු සුළු මත ගැටුම් ඇති වීමට ඉඩ ඇත. අධ්‍යාපන කටයුතු වලටද තරමක බාධා ඇත.
උදරාශ්‍රිත රෝගාබාධ වලින් ප්‍රවේසම් වන්න.

-

● වෘශ්චික
නව ව්‍යාපාර ආරම්භ කිරීම ප්‍රමාද කල යුතුය, සතුරු කරදර - බාධක එල්ල විය හැක. කරගෙන යන ව්‍යාපාරයේ මූල්‍යමය පාඩු පෙන්නුම් කරයි.
රැකියා කටයුතු වලදී ණය ලබා ගැනීම් වලට ඉල්ලුම් කිරීමට සුභ සතියකි. ප්‍රධානීන් සමග සුහදව කටයුතු කිරීමට හැකියාව ලැබෙන සතියකි. රජයේ රැකියා වල නියුතු අයට රැකියා අහිමි වීමට/වෙනස් වීමට/උසස් වීම් ලැබීමට හේතු කාරණා ඇතිවිය හැකි බැවින් මනා බුද්ධියෙන් කටයුතු කරන්න.
ගෘහ ජිවිතය තුල දුර බැහැර ගමන් බිමන් වලදී අඹුසැමියන් අතර සුළු සුළු මත ගැටුම් නිර්මාණය විය හැක. පදිංචිය වෙනස් විය හැකි සතියකි.

-

● ධනු
ව්‍යාපාරික කටයුතු වලදී ඇප උපකාර ලැබෙන සතියකි. නව ව්‍යාපාර වලට සැලැසුම් කිරීමටත්, ව්‍යාපාරික ණය ඉල්ලුම් කිරීමටත් සුභ සතියකි. මූල්‍යමය ගැටළු විසදා ගැනීමට ආධාර ලැබිය හැකි සතියකි.
රැකියාවේ මෙතෙක් තිබුනු ගැටළුකාරි තත්වයන් නිරාකරණය කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත. ප්‍රධානීන්ගේ පැසසුම් ලැබෙනු ඇත. දක්ෂතාවය මත රැකියාවකට යොමු වීමට ඉඩ ලැබෙනු ඇත. නව රැකියා අවස්ථා උදා වේ.
ගෘහ ජිවිතය තුල ප්‍රීති උත්සව, ප්‍රිය සම්භාෂණ වලට යොමු වීමට අවස්ථා ලැබේ. අධ්‍යාපන කටයුතු වල තරඟකාරි වර්ධනයක් පෙන්වයි. අධ්‍යාපනයෙන් ජය ලැබේ. දෙමාපියන්ගෙන් උපකාර මෙන්ම අවවාදද ලැබෙනු ඇත. යහපත් මිතුරු ඇසුර වර්ධනය වනු ඇත.

-

● මකර
මූල්‍යමය පාඩු සිදුවිය හැක. මූල්‍යමය ගැටළු විසදා ගැනීමට ණය ආධාර ලබා ගැනිමට සිදුවිය හැකි සතියකි. ව්‍යාපාරික කටයුතු වලට ගමන් බිමන් බහුල විය හැක, ඒවායින් යහපත් ප්‍රතිඵලද ලැබෙනු ඇත.
රැකියා කටයුතු වලදී ප්‍රධානින් සමග ගැවසීමට සිදුවේ, ඔවුන්ට අවනත වීමට සිදුවේ. භූමිය ආශ්‍රිත රැකියා කටයුතු වල නියුතු අයට යහපත් ප්‍රතිඵල ලැබෙනු ඇත. රැකියාව උසස් වීමේ වාසනාවද පවති.
ගෘහ ජිවිතය තුල මංගල යෝග උදා වේ. ප්‍රීති උත්සව වලට සහභාගි වීමට ලැබේ. අසල්වැසියන් සමග හොද හිත වර්ධනය වේ.
අධ්‍යාපන කටයුතු වලින් ජය ලැබෙනු ඇත.

-

● කුම්භ
ව්‍යාපාර ආරම්භ කිරිමටත්, ව්‍යාපාර සැලසුම් කිරිමත්, ඒවාට ණය ලබා ගැනීමටත් සුභ සතියකි. යහපත් මිතුරන්ගෙන් මූල්‍යමය උපකාර ලැබෙනු ඇත. මෙතෙක් තිබුනු බාධා තත්වයන් ඉවත්වේ.
රැකියා කටයුතු වලදී ස්ථාන මාරු වීම් පෙන්නුම් කරන සතියකි. නව රැකියා අවස්ථා උදා විය හැක. විදේශ රැකියා වල නියුතු සහ ඒ සම්බන්ධ කටයුතු කරන අයට වාසි හිමි වේ. මූල්‍ය අංශයේ රැකියා කරන අයට උසස් වීම්, තරඟ විභාග ආදියට යොමු වීමටද අවස්ථා හිමි වේ.
ගෘහ ජිවිතය සාමාන්‍ය ආකාරයෙන් පවත්වාගෙන යාමට හැකියාව ලැබේ. දෙමාපියන්ගෙන් අවවාද ලැබේ. මංගල යෝග උදා වේ. ප්‍රේම සබදතා වර්ධනය වේ.
අධ්‍යාපනයෙන් ජය ලැබේ.

-

● මීන
මෙතෙක් තිබුනු බාධා තත්වයන් ඉවත්වනු ඇත. ව්‍යාපාර ආරම්භ කිරීමටත්, ඒවා සැලසුම් කිරිමටත් සුභ සතියකි. ව්‍යාපාර වලට තිබුනු සතුරු කරදර ඉවත් වේ. මූල්‍යමය ණය ලැබෙනු ඇත. විදේශ ගමන් වලින් යහපත් ව්‍යාපාරික සබදතා ගොඩ නැගේ.
රැකියා අපේක්ෂාවෙන් සිටින අයට හොද රැකියා අවස්ථා උදා වේ. රජයේ රැකියා වල නියුතු අයට උසස් වීම් හිමි විය හැක.  රැකියා කටයුතු වලදී කීර්තිය - ප්‍රශංසාව හිමි වේ. ප්‍රධානින්ගෙන් ඇගයුම් - පැසසුම් ලැබෙන කාලයකි.
ගෘහ ජිවිතය තුල මෙතෙක් තිබුනු ගැටළුකාරි තත්වයන් ඉවත් වේ. අසල්වැසියන් සමග හොද හිත වර්ධනය වේ. නිවසේ අලංකාරය වෙනුවෙන් දවසේ වැඩි කාලයක් ගත කිරීමට සිදුවේ. ප්‍රීති උත්සව - ප්‍රිය සම්භාෂණ ආදිය පැවැත්වීමට අවස්ථා සහ සහභාගි වීමට අවස්ථා උදා වේ. කාර්යබහුල වේ.
අධ්‍යාපනයෙන් ජය ලැබේ.

-

@Iru

irusewaya@gmail.com.
077 22 38041

No comments:

Post a Comment