Saturday, November 19, 2016

මහා බ්‍රහ්ම දිව්‍ය රාජයා

මහා බ්‍රහ්මයාද පින්කම් වලදී වැදගත් කාර්යභාරයක් කරන කෙනෙකි. දිව්‍ය ලෝකයට එහා ගිය බ්‍රහ්ම ලෝකයෙ වැඩ වාසය කරන බ්‍රහ්මයන් ගැන අපට දිව්‍ය ලෝකයේ සිටින දෙවිවරු ගැන තරම් තොරතුරු නැත. දෙවියන් තරම් නොමැති වුවද බ්‍රහ්මයන්ද පින්කම් කටයුතු වලට සම්බන්ධ වන අධ්‍යාත්මික ශක්තිය ඉහල කොටසකි.

දෙවියන්ගේ සහ බ්‍රහ්මයන්ගේ අවබෝධ ශක්තිය ඉහල බව සත්‍යයකි. නමුත් නිවන් සාක්ෂාත් කරගන්නට අවම ලෙස සෝවාන් හෝ ඒ මගට පැමිණ නැත්නම් දෙව් ලොව, බ්‍රහ්ම ලොව සිටියද අපාගාමි වන්නට පවා ඉඩ ඇත. එනිසා සෑමවිටම නිසි පින්කම් කර නිවන් ප්‍රාර්ථනා කිරීම උචිතය.

නිසි ලෙස සීලය - ප්‍රතිපත්තිය රැකගෙන පින්කම් කරන්න. දෙවියන්ට, බ්‍රහ්මයන්ට ඇතුළුව සියලු සත්වයන්ට අනුමෝදන් කරන්න.

බුදු සරණයි !

#ඉරු


irusewaya@gmail.com.
077 22 38041

No comments:

Post a Comment