Thursday, November 10, 2016

හතර කේන්දරය පාළුද ? ඉදිරියක් එවන් අයට නැත්ද ??

හතර කේන්දරය පාළු අයට ජිවිතය ඉදිරියට ගෙන යෑමට නොහැකි බවත්, මොවුන් හිස් මිනිසුන් බවත්, ඔවුන්ගේ ඉදිරි ජිවිත අනපේක්ෂිත බව යන කාරණා සමාජගතව ඇත.
මෙවන් අයට පවුල් ජිවිතය නිවරදිව ගත කිරීමට සුදුසු එකම සාධකයක්වත් නොමැති බවත්, එනිසා හතර කේන්දරය පාළු අය මහණ කිරීමට සුදුසු අය පමණක් ලෙසද මතයක් අතීතයේ පටන් පැමිණ ඇත.
එවන් අදහස් මිථ්‍යාවක් බව අපගේ අත්දැකීම් වලින්ම අප පසක් කරගෙන ඇත.

හතර කේන්දරය යනු 1, 4,7, 10 යන ස්ථානයි. මෙම ස්ථාන වල ග්‍රහයන් නොමැති වීමෙන් එවන් කේන්දර සටහන් “හතර කේන්දරය පාළු“ ඒවා බව කියවෙයි.


● 01 වැනි කොටුව හෙවත් ලග්න ස්ථානය
මෙයින් චරිතවත් බව, ගුණවත් බව, ඥානය ගැන කියවෙයි.

● 04 වැනි කොටුව
මින් ගේ දොර - දේපල, යාන වාහන ආදිය ගැන කියවෙයි.

● 07 වැනි කොටුව
සහකරු හෝ සහකාරිය සහ විවාහය ගැන කියවෙයි.

● 10 වැනි කොටුව
රැකියාව ගැන කියවෙයි.


* කේන්දරයක, හතර කේන්දරයට අධිපතිත්වය දරන්නේ ශ්‍රී විෂ්ණු දෙවියන්ය.

● අපගේ පර්යේෂණාත්මක ජ්‍යොතිෂ්‍යයට අනුව, ධනපතියන්, විධායක ශ්‍රේණියේ නිලධරයින්, යහපත් පවුල් ජිවිත ගත කරන අයට මෙම තත්වය තිබී ඇත.
- අපගේ අදහස නම්, සුළු දුබලතාවයක් පමණක් බවයි.

** ජ්‍යොතිෂ්‍යයට අනුවම හතර කේන්දරයේ දුබලතාවය මඟ හැරී යන පිහිටීම් කේන්දර සටහන තුලම දක්නට ලැබේ ( විශේෂත්වය නම් ඒ ගැන කාරණා නිවරදි ලෙස සමාජගත නොවීමයි).

01) ගුරුට හෝ සඳුට අනිත් ග්‍රහයන් කේන්ද්‍ර ගත වීම ( උදා. ගුරුගේ හෝ සදුගේ සිට 4,7 ස්ථාන වල).
02) කේන්දරයක 2,6,8,12 ස්ථාන වල ග්‍රහයන් තැන්පත් වීම (මෙය සිංහාසන යෝග තත්වයයි)

● හතර කේන්දරය පාළු වුවද මෙවන් බොහෝ අය කුමන ආකාරයකින් හෝ සමාජයේ ඉහල පිලිගැනීමකට ලක්වෙන තත්වයට පත්වෙන බව අපගේ අත්දැකීමෙන් දනිමු. අප දැක ඇති පරිදි හතර කේන්දරය පාළු සමහර අය හිතුවක්කාර තීරණ ගනිති. ඒ නිසාම දියුණුවද ලබති.

මේ සියලු කරුණු අනුව කේන්දර සටහනේ දුබලභාවයක් තිබූ පමණින් සියල්ල නොවරදින බව මතක තබාගන්න. යම් දුලබතාවයක් තිබේ නම් එය මඟහරවා ගන්නා ආකාරයද කේන්දරයේ පවති.


- මේ සියලු කරුණු පොදු කරුණුය - කේන්දර සටහන අනුව වෙනස් විය හැක.

irusewaya@gmail.com
+94 77 22 38041

No comments:

Post a Comment