Monday, November 7, 2016

මේෂ ලග්නය - චන්ද්‍රාභරණය පොතෙන්

මේෂ ලග්නයෙන් උපන් මිනිස්තෙම, රැවටිලි ඇත්තේ වේ.
විශේෂයෙන් දිනන ලද ඉඳුරන් ඇතිවේ.
ඉතා චංචල වේ. ශ්‍රී ඇතිවේ. ප්‍රශස්ථ දරුවන් ඇති වේ.
නින්දිත වූ හෝ බොහෝ වූ වචන කියන්නේය.
ලුහුඬු බොජුන් ඇති වේ. වකුටු වූ ගමන් ඇති වේ. නුවණැති වේ.
සභාවන්හි පූජිත වේ. පිත්ත ප්‍රකෘත වේ.
විකල බැලුම් ඇති වේ. පියාගෙන් වස්තු ඇති වේ.
දෙන සුළු වේ. කරුණාපර වේ. ප්‍රධාන වේ.
අලෝභි වේ. වීර්යවත් වේ. රාත්‍රියෙහිද ජලයෙහිද බියෙන් ඉන්නේ වේ.

( මායාවි විජිතේන්ද්‍රිෙයා්ච චපලං ශ්‍රීමාන් ප්‍රශස්ථාමජො
වාචාටොලඝු භොජනං කුටිලගෝ ඥානී සභා පූජිතං
පිත්තාමාවිකලෙක්ෂණං පීතෘධණසත්‍යගී දයාකතං ප්‍රභූර්
මෙෂො තෙථා‘කෘපණො නිශා මහභසිභයා - සීනොන රොවීයර්වාන්)

- උපුටා ගත්තේ වෛද්‍යාචාර්ය ජේ.ඇස් රාජසුන්දර ආරච්චි මහතා විසින් පල කල පොතෙනි.
චන්ද්‍රාභරණය පොතේ මුල් කතෘ අඥාතය.

● මේෂ ලග්නයේ පොදු ලක්ෂණ  ගැන අපගේ විස්තරය
https://www.facebook.com/irusewaya/photos/a.1163510676999343.1073741846.833656709984743/1163510743666003/?type=3

● අපගේ විස්තරයේ පරිදි දුර්වලතා,

* නිතරම තරඟකාරිත්වයට කෙසේ වෙතත් දබරයට යොමුවන අයයි.
* ක්ෂණික කෝපය ඇත. එසේම නම්‍යශීලිතාවයද එසේය.
* රාත්‍රියට පායන්නේ ඉර කියා කිව්වොත් එය අන් අය පිලිගත යුතුයි, නැත්නම් කේන්ති යනව.
* පරාජයේදී දැඩිලෙස කම්පාවට පත්වේ.

● ලග්න 12ම පොදු ලක්ෂණ ගැන අපගේ විස්තර
https://www.facebook.com/pg/irusewaya/photos/?tab=album&album_id=1163510676999343


#ඉරු

irusewaya@gmail.com
077 22 38041

No comments:

Post a Comment