Monday, November 28, 2016

සතියේ ලග්න පලාපලය - නොවැ28 සිට

පොදු පලාපලයක් පමණි.
-

● මේෂ
ගෙවල් ඉඩම් මිලදිගැනිම් වලටද, ව්‍යාපාර ණය ලබා ගැනිමටද උදාවන සතිය තුල තරමක් බාධාවන් ඉස්මතු කරවනු ඇත. ආර්ථික දියණුව උදාකර ගැනීමට තරමක බාධාවන් මතුවේ.  බුද්ධියෙන් කටයුතු කිරිමෙන් මඟහරවා ගත හැක.
රැකියාවේ මෙතෙක් තිබුනු බාධා ඉවත් වේ. ප්‍රධානීන්ගෙන් ප්‍රසංසා ලැබේ. තරඟ විභාග වලින් ජයග්‍රහණය හිමි වන සතියකි. තම වැඩ කටයුතුවලින් යම් සාර්ථක බවක් උදාකර ගැනීමට හැකිවෙයි.
ගෘහ ජිවිතය තුල තම පවුලේ සාමාජිකයන් සමග සමගියෙන් හා සහයෝගයෙන් සිටීමට හැකිවන සතියකි.

-

● වෘෂභ
ව්‍යාපාර ණය ලබා ගැනීමට ආර්ථික දියුණුව උදාකර ගැනීමට සුභ සතියකි. නව  ව්‍යපාර  ආරම්භ කිරිම තරමක් ප්‍රමාද කලයුතු කාලයකි. ආදායම් තත්වය යහපත් කර ගැනීමට  යම් පියවරක් ගත යුතුවේ.
නව රැකියා සොයන අයට ඒ සදහා අවස්ථාවන් යෙදනු ඇත. වෙනදාට වඩා කාර්යබහුල වෙයි. කැපවීමෙන් කටයුතු කල යුතුය.
ගෘහ ජිවිතය තුල අඹුසැමියන් අතර හොඳ හිත වර්ධනය වේ. සාමකාමිව ජිවිතය ගත කල හැක.
අධ්‍යාපනයෙන් ජය ලැබේ.

-

● මිථුන
තම ව්‍යපාර ආරම්භ කිරිමට සුබ කාලයකි. ස්ව ව්‍යාපාර වල යෙදෙන අයට ලාභ වැඩි වන සතියකි. මුල්‍යය කලමනාකරණය කලයුතු වේ. එසේ නැතහොත් පාඩු සිදුවීමට වැඩි ඉඩක් ඇත.
නව රැකියා සොයන අයට ඒ සඳහා අවස්ථාවන් උදාවෙයි. ආයතන ප්‍රධානින්ගේ අවධානය තමාට යොමුවේ. ප්‍රධානින් සමග ගැවසීමට සිදුවෙයි.
ගෘහ ජිවිතය තුල විවාහ යෝජනා ප්‍රමාද විය හැක. නව මිතුරු සබදතා ගොඩනගා ගතහැක.

-

● කටක
උදාවන සතිය  තුළ යහපත් ප්‍රතිඵල උදාකර ගැනීමට හැකිවේ. මෙතෙක් තිබුනු බාධා ඉවත්වෙයි.  නව ආදායම් මාර්ග නිසි අයුරින් කලමනාකරණය කරගත යුතුවේ.
රැකියාෙවේ දියුණුව සහ  උසස්වීම් වලට අවස්ථාව උදාවෙයි. නව රැකියා අවස්ථා  උදා වෙයි.
ගෘහ ජිවිතය තුල ඥාතින් වෙනුවෙන් වැඩිපුර කාලය වැය කිරීමට සිදුවේ. ප්‍රේම සබදතා වලට සුබයි. මංගල යෝග උදා වෙයි.

-

● සිංහ
අදායම් මාර්ග වලදී තමන් තුලම ඇතිවන දුර්වලතා තුලින් මුදල් නාස්ති වීම් සිදු වේ. අලුත් අදායම් මාර්ග වලට යොමු වීමට අවස්ථා උදා වේ.
රැකියාවල නියුතු අයට ගැටළු විසදා ගැනීම් ආදියට ඉඩකඩ යෙදේ . තමන් සමග රාජකාරි වල නියුතු අයට යෙදෙන ගැටළු හේතුවෙන් ඔවුන්ගේ රාජකාරීන් තමන්ට ඉටු කිරීමට සිදුවන අවස්ථා උදවිය හැකිය.
ගෘහ ජීවිතය යහපත් වේ. තමන්ට ගැටළු මතු වීම අඩුය. පවුලේ සමගිය වර්ධනය වේ. තරුණ අයට යහපත් විවාහ අවස්ථා උදාකර ගැනීමට හැකි වේ. ගමන් අධික විය හැක, නිෂ්ඵල ගමන් බිමන් වීමටද ඉඩ ඇත.

-

● කන්‍යා
මූල්‍ය කලමනාකරණයේ ගැටළු මතු විය හැකි සතියකි. ණය ලැබීම ප්‍රමාද විය හැක.  මූල්‍ය ආයතන වලින් ගැටළු මතු විය හැක. තම ව්‍යාපාර වල තරමක් ගැටළු මතු විය හැක. මෙතෙක් තිබුනු ආදායම් මාර්ග ඇහිරේ.බුද්ධිමත්ව කටයුතු කිරීම තුල වඩා යහපත් ඵල ලැබෙනු ඇත.
රැකියාවේදී කාර්යබහුල වේ. නව රැකියා උදා වේ. අලෙවිකරණ රැකියා වල යෙදෙන අයට සුබ සතියකි.
ගෘහ  ජිවිතය තුල ප්‍රීති උත්සව වලට සහභාගි වීමට ඉඩ ලැබේ. දෙමාපියන්ගේ අවවාද අනුශාසනා ලැබේ. යහපත් මංගල යෝජනා ලැබේ. මංගල යෝජනා ස්ථිර වෙයි.

-

● තුලා
ධනය අධිකව වැය විය හැක.  කළමනාකරණයේ සුළු සුළු අඩුපාඩු පෙන්වයි.  තිබු ආදායම් මාර්ග ඇහිරීමටද ඉඩක් ඇත.
රැකියා වල උසස් වීම්, තරඟ විභාග ආදියෙන් ජය ලැබෙනු ඇත ළුහෙත් ආයතන  ප්‍රධානීන් සමග මත ගැටුම් ඇති වීමට ඉඩ ඇති සතියකි වේ. දුර පළාත් වල රැකියා අවස්ථාවන් යෙදීමට ඉඩකඩ සැලසේ. විදෙස් ගත විම්වලදට යහපත් සතියකි.
ගෘහ ජිවිතය තුල ඥාතින් අතර හොද හිත වර්ධනය වේ.  තරඟකාරිව ඉදිරියට යාමට  ඉඩ ලැබෙයි.
අධ්‍යපනය ලබන දරුවන්ට සුබ සතියකි

-


● වෘශ්චික
තරමක් බාධා මතු වීම් ගෙන දේ. අදායම් මට්ටම එතරම් අයහපක් නොවෙයි. මූල්‍ය ආයතන වලින් ණය ලැබේ. මුල්‍ය කලමනාකරනයේ ගැටළු මතු විය හැකි සතියකි. කල්පනාකාරිව කටයුතු කල යුතුවේ.
 රැකියාව කිරීමේදී තමන්ට පෙරදී තිබු බාධා ඉවත් වේ. උසස් තරග විභාග ආදියට යොමු විමට අවස්ථාව උදාවෙයි.
ගෘහ ජිවිතය තුල ආදර සබදතා වර්ධනය වේ. මංගල යෝග උදා වේ. තම නිවසේ වැඩ කටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදුවිය හැක. සුබයි.

-


● ධනු
නව ව්‍යාපාර ආරම්භ කිරිමට සුබ සතියකි. ව්‍යාපාර පරිපාලනයේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන සතියක් වෙයි.
 රැකියාවේ මාරු විමක් හෝ උසස් විමක් පෙන්නුම් කරන සතියක් වෙයි. වෙනදාට වඩා කාර්ය බහුල වේ. එදිනෙදා කටයුතු වලදී තමන්ට පැවරෙන වගකීම් වැඩි වේ.
ගෘහ ජිවිතය තුල පවුලේ අයගේ සහයෝගය අඩු තත්ව උදාවීම පහසුය. අධ්‍යාපන කටයුතු වලට යම් යම් බාධාවන් මතු වන්නටද ඉඩ ඇත.

-

● මකර
ව්‍යාපාර ක්ෂෙත්‍රයේ  ගත් පියවරක් සාර්ථක වෙයි. නව ව්‍යාපාර  ඇරඹීමට හෝ ව්‍යාපාරය වෙනස් කිරිමට සුබ කාලයකි.
 නව රැකියා අවස්ථා උදාකර ගැනීමට දරන උත්සාහයන්ද සාර්ථක වේ.  කලා අංශයේ රැකියා වලට සුබ කාලයකි. ආයතන ප්‍රධානින්ගේ ගෞරවයට පාත්‍ර වේ. එදිනෙදා කටයුතු වලට මතු වූ බාධාවන් අඩු වී යාම නිසා සිතට සතුටක් ඇති වේ.
ගෘහ ජිවිතය තුල  මංගල යොග උදාවෙයි. පවුල් ජිවිතය සාමාන්‍ය පරිදි ගත වනු ඇත.

-

● කුම්භ
අදායම් මට්ටම යහපත් කර ගැනීමට ඉඩ සැලසේ. ගෙවල් ඉඩම් මිලදිගැනිම වලටද සුබයි. ව්‍යපාර ණය ලබා ගැනිමට උදාවන සතියකි. සුබ සතියකි, ආර්ථික තත්වය වෙනදාට වඩා සාර්ථක ලෙස ඉහල නංවා ගැනීමටද ඉඩකඩ සැලසේ. ව්‍යාපාර කටයුතු වලදී පෙරට වඩා ඒවායින් ප්‍රතිලාභ ලබා ගැනිමට හැකි සතියකි.
 සුදුසුකම් වලට සරිලන රැකියා අවස්ථා උදාකර ගැනීමට හැකි වෙයි.  ආයතන ප්‍රධානින්ගේ අවධානය තමාට යොමුවේ. පිරිස් ඇසුරට අවස්ථා උදාවෙයි.  දුර බැහැර ගමන් බිමන් යෙදෙනු ඇත. ප්‍රමාද වූ විවාහ කටයුතු වලට තිබුනු බාධා දුරු වෙයි.

-


● මීන
නව ව්‍යාපාරයකට යොමු වීමට උත්සාහ දරන අයට ඒ සඳහා අවස්ථෘ උදාවෙයි.  මූල්‍ය ආයතන වලින් ණය ඉල්ලුම් කිරීමට සුබ සතියකි. නව ව්‍යාපාර ඇරඹීමටද සුබයි.
රැකියා කටයුතු වල නිරත අයට ප්‍රබල ගැටළුකාරි තත්වයන් උදා විය හැකි බැවින් කල්පනාකාරිව වැඩ කටයුතු කල යුතුය. සතුරු කරදර නිර්මාණය විය හැක.
ගෘහ ජිවිතය තුල ගේ - දොර වැඩ නිසි පිලිවෙලින් කරගෙන යාමට හැකි වේ. උත්සව අවස්ථාවලට සම්බන්ධ වීමට අවස්ථා යෙදෙනු ඇත. රූපලාවන්‍ය කටයුතු වලටද තමන්ගේ කාලය යොදවන සතියකි.


___

irusewaya@gmail.com.
077 22 38041

No comments:

Post a Comment