Wednesday, November 23, 2016

වෘෂභ ලග්නය - චන්ද්‍රාභරණය පොතෙන්


-

වෘෂභ ලග්නයෙන් උපන් මිනිස්තෙම, උස්වූ වටවූ සිරුර වෙයි, බලවත් වෙයි, පලල් කලවා හා මුහුණ ඇතිවේ.
භෝග සම්පත්ති ඇති වේ. සැප ඇති වේ. නුවණ ඇති වේ. පර්වත කඳු රැළි වල හිඳිනේ වේ. දක්ෂ වේ.
නොයෙක් (ශාස්ත්‍ර) අර්ථයන්ට බෘහස්පතී සමාන වේ. ත්‍යාගී වේ. ධනවත් වේ. බොහෝ අඹුවන් විසින් දෙන ලද ද්‍රව්‍ය ඇති වේ. පිටෙහිද මුහුණෙහිද ලප වේ. ඉවසන්නේ වේ. මැද අග දෙවයස්හි සැප භජනය කෙරේ. වියදම් කෑම්පීම්හි සතුටු ඇත්තේද වේ.


( උළුෘතෙතාබලවාන් පථූරුවදනො භොගී සුඛී ඥානවාන් ආසිනොගිරිකන්ධරෙෂු නිපුණො නානාත්ථවාගීශ්වරං දාතා‘ර්ථබහුදාරිකාද්‍රවිණවාන් පෘෂටාස්‍යචිහ්නං ක්ෂ්මී මධ්‍යානෙත සුඛභාග් චෘෂොත්ථනුජො * දානානනපානප්‍රියං )

- උපුටා ගත්තේ වෛද්‍යාචාර්ය ජේ.ඇස් රාජසුන්දර ආරච්චි මහතා විසින් පල කල පොතෙනි.
චන්ද්‍රාභරණය පොතේ මුල් කතෘ අඥාතය.

● අපගේ විස්තරයේ පරිදි වෘෂභ ලග්න අයගේ දුර්වලතා,

- බොහෝවිට තමාගේ තනි මතයට වැඩ කරගැනිමටද තම මතයට අන් අය පොළඹවා ගැනීමටද උත්සහ කරයි.
- කිසිවෙකුගේ උපදේශන පිලිගැනීමට අකමැති දැඩි මතයක් දරයි. - එසේම ලෞකික සැප සම්පත් වලට අධික ගිජුකමක් හා මසුරුකමක් දක්වයි.
- තමන්ගේ අවශ්‍යතා වෙනුවෙන් අධිකව වියදම් කරන වෘෂභ ලග්න අය අන් අයට උදව් කිරීමට තරමකට මැලිකමක් දක්වයි.

● වෘෂභ ලග්නයේ පොදු ලක්ෂණ ගැන අපගේ විස්තරය
https://www.facebook.com/irusewaya/photos/a.1163510676999343.1073741846.833656709984743/1181687325181678/?type=3&theater


● ලග්න 12ම පොදු ලක්ෂණ ගැන අපගේ විස්තර
https://www.facebook.com/pg/irusewaya/photos/?tab=album&album_id=1163510676999343

#ඉරු - Iru Astrology

irusewaya@gmail.com
077 22 38041

No comments:

Post a Comment