Thursday, October 29, 2015

“ වාලම්පුරි කතාව “ -2

විශේෂයෙන්ම සඳහන් කල යුතු කාරණාවක් නම්, අප මීට කලින් අවස්ථාවක අප ඉදිරිපත් කලා වාලම්පුරි සම්බන්ධව විශේෂ කතිකාවක්.
(https://www.facebook.com/photo.php?fbid=296403773887967&set=)
එනම් එම කතිකාව අනුව සඳහන් කල යුතුයි, අද කාලයේ වාලම්පුරි ගැන කතා කරන කාලයක් නොතිබුනු තරම්ය.

එසේම රූපවාහිනි චැනල වල වාලම්පුරි සම්බන්ධව පලවන දැන්වීම් සම්බන්ධව යම් අවස්ථාවක කල්පනාකර බලන විට, එම දැන්වීම් දමන පුද්ගලයන් වැඩසටහන් වලට පැමිණ පවසන්නේ සිතූ පැතූ දේ දෙන, දේවල් දෙන ඇලඩින්ගේ පුදුම පහන මෙන් දෙයක් කියාය.

● වාලම්පුරියක් යනු, බෙල්ලෙකුගෙන් හට ගන්නා යම්කිසි කැල්සියම් ප්‍රධාන සංඝටකය ප්‍රතිඵලයකි.
එම සත්වයා ගැඹුරු මුහුදේ ජිවත් වේ. එම සත්වයා කිසියම් ආකායරයකට මිය ගියහොත්, එම තත්වයෙන්(කට්ටෙන්) ගැලවුනොත් වාලම්පුරියක් නැමති එම දේ වෙරළට ගොඩ බැසීමට ඉඩ ඇත. එය කිසියම් ආකාරයකට කලාතුරකින් සිද්ධ වන දෙයකි.
එහි වාසනාවක් ඇති බවත්, සත්‍යතාවයක් ඇති බවත් පිලිගැනිමට තරමක් දුරට පුලුවන.
මේ අයුරට කල්පනා කර බලන කල, විශේෂයෙන්ම කිව යුතුයි, වාලම්පුරි වර්ග අද කාලයේ වශයෙන් ගත්කල සොයාගැනීමත් ඉතා දුර්ලභ කටයුත්තකි.

●  අප දකින වාලම්පුරි අලෙවිකරණ අයගේ හැකියාවන් සහ ශිල්පීය ඥානය සම්බන්ධව කිසිම ගැටළුවක් නැත.
ඔවුන්ට ඒ සම්බන්ධව ඉතා හොද දැනුමක් හැකියාවක් තිබේ. එම අයට ඇති දක්ෂතාවය, හැකියාව සහ අත්දැකීමෙන් කියන කරන දේ ගැන නම් එතරම් ගැටළුවක් නැත්තේ අපට ඒ ගැන අවබෝධයක් ඇති නිසාය.

නමුත් මේවා දෙන්නට ලේසියෙන් බැරිය. උදාහරණයක් විදියට අප පල කල පින්තූරයේ ඇති වාලම්පුරිය දෙස බලන්න.

* මෙම වාලම්පුරිය ව්‍යාජ එකක් බව බැලු බැල්මට ඔබට පසක් වෙනවාද ?

●  මෙය අච්චුවක දමා සෑදු කෘතිම වාලම්පුරියකි. එක එක ප්‍රමාණ වලට වාලම්පුරි තිබෙනවා යැයි පැවසිමද ජනතාව මුලා කරන පව්කාර වැඩකි. එනම් පොඩි වාලම්පුරි එක ගණනකටත්, ලොකු වාලම්පුරි ඊට වඩා වැඩි ගණනකටත් යනාදි වශයෙනි.
මෙම වාලම්පුරිය තනිකරම වාලම්පුරියේ ඇති සංඝකට වලට සමාන ද්‍රව්‍ය උණු කර අච්චුවකට දමා සෑදු කෘතිම වාලම්පුරියකි.

● නියම වාලම්පුරියකට, නියමිත බරක්, හැඩයක් සහ ස්වභාවිකත්වයක් ඇත.
නියම වාලම්පුරියක් දැනගැනීමටත් සාමාන්‍යයෙන් ලේසි වන්නේ නැත. එනිසා එයට නිසියාකාර දැනීමක් ඇති එම විෂය ගැන අවබෝධයක් ඇති අයෙක් සිටිය යුතුය.

● බොහෝදෙනෙකු අපෙන් විමසනවා නිවරදිව වාලම්පුරියක් තනිවම අඳුනා ගන්නා ක්‍රමය ගැන.

* ඔබ වෛද්‍යවරයෙක් ලගට ගිය විට බෙහෙත් දෙන ක්‍රමය අසනවාද  ? - එසේ සිතන්න.

● අපගේ තහවුරු දැනුම අනුව, කන්ටේනර ගණන් දෙන්නට තරම් වාලම්පුරි සොයාගැනීම අතිශයින් දුෂ්කර බවයි.
අද විකිණෙන බොහෝ වාලම්පුරි ව්‍යාජව සකස් කරන ලද ඒවා බව අපට අනාවරණය වී ඇත.

● පසුගිය කාලයේ ලංකාවෙ රාජකීය දෛවඥයා ලෙස කියාගෙන සිටි එක්තරා මහත්තයෙක් අපගෙන් සේවා ලබාගන්න මහතෙකුට නියම වාලම්පුරියක් කියා, ලබාදී තිබුනේ චීනයෙන් සාදවා ගෙන්වාගන්නා ලද විශේෂ ප්ලාස්ටික් වලින් තැනු ව්‍යාජ එකකි.
රාජකීය දෛවඥයා යන නම කෙසේ වෙතත් එයින් කරදර නොවි බේරුනේ බොහෝ අපහසුවෙන් වන්නේ අපගෙන් සේවා ගත් මහතාද සම්භාවනීය මහතෙකු නිසාය.

● එවන් පට්ටම් කියාගත් රටටම තමන් මෙවන් කෙනෙකු බව කියාපාමින්, රූපවාහිනි චැනල, පත්තර වල පවා නම රැන්ඳූ අයත් වාලම්පුරි කියා වංචා කලා නම් තවත් කවර කතාද...

වාලම්පුරියක් ලග තබාගැනීමේ වරදක් නැත. එය යම් වාසනාවක් ලැබෙන දෙයක් ලෙස කිව හැක.
● ඊට වඩා වාසනාවක් ආශිර්වාදයක් ප්‍රතිපත්ති රැකගෙන, සීලවන්තව සිටින අයට දහම විසින් ලබාදෙන බවද කිව යුතුය.

බුදු සරණයි !

#ඉරුසේවය

Wednesday, October 28, 2015

" වෘශ්චික ලග්නය "

12කින් සමන්විත රාශි වළල්ලේ 8 වැනි රාශියයි.
කුජට අයත් නිශා බල රාශියක් වන මෙම රාශිය ජල රාශියක් වශයෙන් හඳුන්වයි. මෙම රාශිය ගෝනුස්සකුගේ හැඩයකින් යුක්තව අහසේ පිහිටා තිබේ.
මෙය උදාවන විට නැගෙනහිර ක්තිජයේ විශාල ප්‍රදේශයක පැතිර පවතින පරිදි මේ රාශිය අහසේ දක්නට ලැබේ.

ගෝනුසු හැඩය ඇති රාශියෙන් උපදින අය, තරමක් ගුප්ත ගතිගුණ පිහිටන අය වෙති. විශේෂයෙන්ම වෘශ්චික ලග්න හිමියන් කෙරෙහි අමුතුම ගති ස්වරූප පෙන්නුම් කරයි.
& ඉතා වේගයෙන් වැඩ කල හැකි, කාර්ය ශූර අයවෙති. එඩිතරකම ඇත. ටිකක් ආත්මාර්ථකාමි ලක්ෂණද ඇත. බුද්ධියෙන් කටයුතු කරන කෙනෙකි. රහස් වැඩ සාමාන්‍ය ලෙස නැති කෙනෙකි. කැපවීමෙන් කුමන බාධා ආවද ඉදිරියට යාමට දිගටම කටයුතු කරන කෙනෙකි.
කෙනෙකු තමාගේ වරදක් කිව්වත් අසාගෙන සිටී. අන් අයගේද වැරදි දකි. ආඩම්බර ගතිද ඇත. ඕනෑම වැඩක් එක්වරම සොයාගෙන තේරුම් ගෙන කිරීමට ඇති හැකියාව විශේෂිතය.

* සමාජයේ කැපී පෙනෙන චරිතයක් වේ.
තමාගේ කටයුතු පමණක් සිතා බලා කරන විලාශයක්ද ඇත. ඕනෑම දෙයක් පිළිගැනීමට පෙර ඉතා ගැඹුරින් සොයා බැලීමට කටයුතු කරන අය වෙති. තමාගේ දක්ෂභාවය ගැන කිසිදු සැකයක් නොකර ඒ අනුවම ක්‍රියාකිරීමට බලන අය වෙති.
රහස් හංගා ගැනීමට හැකියාවක් නැත. ක්‍රීඩා, උත්සව ආදියට ප්‍රිය අයවෙති.

● මෙම ලග්නයේ අය හොඳට ඉතාම හොඳය.
නරකට නම් ඉතාම නරක බවත් කිව යුතුය.
ඔබට වෘශ්චික රැසෙන් උපන් මිතුරු-මිතුරියන් ඇත්නම් ඔවුන් සමග ආශ්‍රය කිරීමේදී ඉතා ප්‍රවේසම් විය යුතුයි. මන්ද යම් වැරැද්දකදී ඔවුන් ඔබ සමග අමනාප වුවහොත් නැවත යාළු කරගැනීමට නම් ඔබට ලේසියට හැකියාවක් නැත. එය ප්‍රබලම ගැටළුවකි.
* මන්ද ප්‍රතිපත්ති පණ මෙන් රකින මොවුන්, වැරදි දෙයට නම් වැරැද්දම කියයි. සමාව දෙන ගතිය අඩුය.
වෘශ්චික ලග්නකරුවන් තරමක් තමන් ගැන පමණක් සිතන අය වුවත්, 9 වැන්නාධිපති සහ 5 වැන්නාධිපතියා වන්නේ, ගුරු සහ සිකුරු යන ග්‍රහයන් නිසා එම තත්ව වල යම් යම් වෙනස්කම් අඩුවැඩි වශයෙන් දක්නට ලැබේ.

● පර්යේෂණාත්මක ජ්‍යොතිෂ්‍යය කටයුතු වලදි අප දැක ඇති වෘශ්චික ලග්න හිමියන් බොහෝවිට සාමකාමිව, සාමදානයෙන් අනුන්ට කරදරයක් නැතිව දුක හෝ සැප විඳගෙන තමන්ම ජීවත් වන සැටියකි.
බොහෝවිට සමාජයට යම් යම් අවවාද අනුශාසනා දී ඔවුන්ව නිවරදි කරන අතර, තම පවුලේ අයටද හොඳ නරක කියාදී යහපත්ව ජිවත් වන පුද්ගලයන්ද වෘශ්චික ලග්නයෙන් උපදින බව අප දැක ඇත්තෙමු.

● මොවුන්, බොහෝ ක්ෂෙත්‍ර වල පෙරමුණ ගෙන සිටී. ව්‍යාපාරික ක්ෂෙත්‍රය, කලා ක්ෂෙත්‍රය යනාදි ක්ෂෙත්‍ර ඇතුළු බොහෝ ක්ෂෙත්‍ර වෘශ්චික ලග්නයට ගැලපේ.
වෘශ්චික ලග්න හිමියන් ඕනෑම ක්ෂෙත්‍රයකට ඉතාම හොදින් සමර්ථකම් දක්වයි.
* ලෝක පූජිත බොලිවුඩ් නිළියක් වන, අයිශ්වර්යා රායිද වෘශ්චික ලග්නයෙන් උපන් කෙනෙකි.
ඇයගේ ජනප්‍රියත්වය දෙස බැලූ කල, ඔබට වැටෙහනවා ඇති ග්‍රහ බලය.

ව්‍යාපාර කටයුතු ගත්කල රෙදිපිළි වෙළදාම, එසේම මනුෂ්‍යයාට සැප සනීපයට අවශ්‍ය බඩු භාණ්ඩ ආදිය වෙළදාම මේ අයට ඉතාම ගැලපේ.

● ව්‍යාපාරික කටයුතු එසේ වෙද්දි වෘශ්චික ලග්නයට සුදුසු රැකියා වන්නේ මේ ඒවාය.
ඉංජිනේරු වෘත්තිය එසේම විශේෂයෙන්ම නාවුක හා ගගන යාත්‍රා වල සේවය. එසේම ගුවන්තොටුපල, වරාය, ධීවර කර්මාන්තය ආශ්‍රිත රැකියා එසේම වෘශ්චික ලග්නයේ ලග්නාධිපති කුජ බැවින් ආරක්ෂක සන්නද්ධ සේවාවල වෘත්තින්, පතල්, රසායන ක්ෂෙත්‍ර වල වෘත්තින් මේවාද ඉතාම ගැලපෙන රැකියාවන්ය.


● ආදර සම්බන්ධතා ගැන, සැලකිලිමත් වීමේදී වෘශ්චික ලග්න හිමියන්, තමාගේ පෙම්වතාගෙන් පෙම්වතියගෙන් ඉතාම ප්‍රතිපත්තිගරුක ආදරයක් බලාපොරොත්තු වෙයි. වෘශ්චික ලග්න හිමියන් සැඟවුනු කාමාශාවක් සිත්හි දරාගෙන ජීවත් වන්නන් වේ. නමුත් තමාගේ භාර්යාවට/ස්වාමියාට ඉතාම තදබල ලෙස ආදරය කරන අය මේ අය වෙති. විශේෂයෙන්ම මේ අය ගැන බැලූකල තම පෙම්වතාට පෙම්වතියටද පණ මෙන් ආදරය කරයි.

* එසේම මීට තව හේතුවක් වන්නේ 7 වැන්නාධිපතියා සිකුරු/ශ්‍රක්‍ර වීම නිසාය.
විශේෂයෙන්ම ආදරය ගැන සැලකීමේදී මොවුන්, ඉතාම දැඩි මානසිකත්වයකින් ආදරය කරයි. එහිදී පවා වැරදි දේට හිස නොමන, වැරදි දේට අනුකම්පා නොකරන තත්වයක් පෙන්වයි.
විවාහයේදී වෘශ්චික ලග්න කරුවන් ඉතා ප්‍රවේශමෙන් කල යුතු කටයුත්තකි. විවාහයට තෝරාගැනීමේදී විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුය.

* විවාහයට ගැලපෙන ලග්න වන්නේ, වෘශ්චික, මකර, කුම්භ, මීන ලග්නයන් වන අතර වෘෂභ ලග්නයද ඉතාම හොදට ගැලපේ. කටක, සිංහ, කන්‍යා ලග්නද ගැලපේ.
ග්‍රහ බල ගැලපේ නම් තුලා ලග්නයද සුභ බව කිව යුතුයි.
(කේන්දර සටහන් අනුව වෙනස් වේ)

● වෘශ්චික ලග්න අයට සෑදෙන විශේෂ අසනීප අතර, රහස් රෝග විශේෂයි.
එනම් යටි බඩේ රෝග, ලිංගාශ්‍රිත රෝග, එසේම මුත්‍රා අමාරු, හිසේ කැක්කුම් ආදියයි.

● ලග්නයට හොඳ ග්‍රහ බලයක් එල්ල වේ නම්, විශේෂයෙන්ම ලග්නයට ඉතාම සුභ ග්‍රහයා වන ගුරු, සඳු ග්‍රහයන් බලවත් නම් මේ අය අවුරුදු 90ක් පමණ වුවත් ආයුෂ වින්දනය කරති.
විශේෂයෙන්ම කිව යුතුයි, වෘශ්චික ලග්න සුභ ග්‍රහ බල ඇති අය ඉතාම ප්‍රසන්න පෙනුම ඇති, ආරෝහ පරිණාහ දේහයෙන් යුක්ත පුරුෂයන් වෙති.
හොඳ ග්‍රහ බලයක් ඇති කාන්තාවන් ඉතාම රූමත් අය වෙති.

රාශි 12න් වෘශ්චික ලග්නයට අප ඉතාම කැමති වන්නේ ප්‍රතිපත්ති සහ ඇති විවිධත්වය නිසා.

_  දුර්වලතා  _

රහස් රැකීම බැරිවීම, දැන දැන වැරදි කිරීම, අනවශ්‍ය ආකාරයට සකසුරුවම් විමට ගොස් අන් අයට උදව් නොකිරිම.
අන් අය අවිශ්වාස කිරීම, ඉක්මන් කෝපය, ඉක්මන්බව දුර්වලතාය.


 * සුභ දින - විශේෂයෙන්ම සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ විවාහ සහ ව්‍යාපාරික කටයුතු වලට සිකුරාදා, දේපල සහ භූමිය සම්බන්ධ කටයුතු කිරිමට, නීති මාර්ග කටයුතු වලට ඉරිදා ශුභයි.

* ශුභ අංක - 1, 2, 3, 6 වැනි අංක සහ 9

* ශුභ දිශාව - නැගෙනහිර , විශේෂ අවස්ථා වලදි ඊසාන සහ උතුරද සුභයි.

* ශුභ වර්ණය - ඇත්දළ පැහැය, තැඹිලි සහ කහපැහැති වර්ණයන්ය.

* ඉෂ්ට දෙවියන් වන්නේ ඊශ්වර සහ කතරගම දෙවියන්ය.

* එසේම ලංකාද්වීපයේ සමන්තකූට පර්වතයට අධිගෘහිත, මාර්ගඵල ලාභි සුමනසමන් දිව්‍ය රාජෝත්තමයාණන්වහන්සේ වන්දනාමාන කිරිමද වෘශ්චික ලග්නකරුගේ දියුණුවට හේතු වේ.


***  මේ සියල්ල කේන්දර සටහන අනුව වෙනස් විය හැක.
පොත් පත් වලින් අටවා දමන කරුණු නොව අපගේ පර්යේෂණ වලින් සාක්ෂාත් කරගත් කරුණුය.











“ දස දහසක් සක්වලට ගුණ ඇති සූරිය පිරිත “



“නමෝ තේ බුද්ධ වීරත්ථු
විප්ප මුත්තෝසි සබ්බධී
සම්බාධපටිපනෝන්ස්මි
තස්ස මේ සරණං භවාති

තථාගතං අරහන්තං
සූරියෝ සරණං ගතෝ
රාහු සූරියං පමුච්චස්සු
බුද්ධා ලෝකානුකම්පකාති

යෝ අන්ධකාරේ තමසී පභංකරේ
වෙරෝචනෝ මණ්ඩලී උග්ගතෙජො,
මා රාහු ගිලිං චරං අන්තලික්ඛෙ
පජං මම රාහු පමුඤච සූරියන්ති.

කින්නු සන්තරමානෝව
රාහු චන්දං පමුච්චසී
සවිග්ගරූපො ආගම්ම
කින්නු භීතො තිට්ටසීති

සත්තධා මේ ඵලේ බුද්ධා
ජීවන්තොන සුඛං ලභෙ
බුද්ධා ගාථාභිගී තොමහි
නොචෙ මුඤෙචය්‍ය චන්දිමයන්ති “

දළ විස්තරය

“සූර්ය දිව්‍ය පුත්‍රයව රාහු අසුරයා විසින් ගිලගත්ත අවස්ථාවේ, සූරිය දිව්‍ය පුත්‍රයා බුදුන්වහන්සේගෙන් අසරණකම කියා උදව් ඉල්ලයි.
ඉන්පසු බුදුන්වහන්සේ රාහු අසුරයාට කියා සිටින්නෙ සූරිය දිව්‍ය රාජයා ලෝතුරා බුදුන්වහන්සේ සරණ ගිහින් සිටින්නේ, බුදුවරු තුන්ලෝකයටම අනුකම්පා කරනවා කියල.
බුදුන්වහන්සේගෙ වචනයට පිටුපාන්න බැරිව රාහු අසුරයා සූරිය දිව්‍ය පුත්‍රයව නිදහස් කරන අතර වේපචිත්ති නම් අසුර නායක විමසූ විට පිලිතුරු දෙන්නේ, බුදු හිමියන්ගේ වචනයක් පිලි නොගත්තේ නම් තමාගේ හිස සත් කඩකට පැලී මිය යාමට හෝ කිසිදා සැනසීමක් නොලැබීමට ඉඩ තිබුනු බවයි.“

සියලු අපල උපද්‍රව දුරු කරන මහානුභාවසම්පන්න පිරිත් රත්නයකි. විසේසයෙන් රාහු අපල වලට සජ්ජායනය වැදගත් වේ.

බුදු සරණයි !

https://www.facebook.com/irusewaya/photos/a.962468447103568.1073741837.833656709984743/1227618810588529/?type=3

Monday, October 26, 2015

සතියේ ලග්න පලාපලය - ඔක් 26 - නොවැ 2 දක්වා


● මේෂ
ඉතාම ශුභ සතියකි.
වෙනදා මෙන්ම කරන කියන කටයුතු වල දියුණුව අනිවාර්යෙන්ම ලැබේ. ආර්ථික තත්වය යහපත්ය. විශේෂයෙන්ම ඔබ උත්සාහයෙන් මහන්සියෙන් කරන කටයුතු වල ප්‍රතිඵල ලැබේ. පිට පලාත් වල රැකියා, ව්‍යාපාර කරන අයට සුබයි. සියලුම ගනුදෙනු වලින් කුමක් හෝ වාසි ලැබෙන කාලයකි.
ගෘහ ජිවිතයෙදි ඔබගේ කටයුතු සාර්ථක වනවා සේම වෙනදා මෙන්ම ප්‍රබෝධයෙන් සිටිය හැක.
සතියේ මුල් දින 1 හමාරෙදි පමණ යම් යම් මානසික අවුල්, ගැටළු ඇතිවුවද ඒවා හරියයි. පවුලේ අය සමග ධනෝපායන මාර්ග සම්බන්ධව කතිකා ගොඩනැගේ.
සෙම් අමාරු සහ ඇඟපත වේදනා සෞඛ්‍ය තත්වය අනුව ප්‍රධානයි.


● වෘෂභ
සමඵල සතියකි.
ආර්ථික තත්වය, මුල් දින 1 හමාරෙන් පසු දින 2කට පමණ තරමක ව්‍යාකූල තත්වයක් පවති. එය චන්ද්‍ර චාරය අනුවයි. නමුත් මේ තත්වය ක්‍රමානුකූලව හරියනු ඇත. සතිය අගට වෙන්නට ඔබගේ ආර්ථික තත්වය දියුණු කරගැනීමට ඔබටම යම් අදහසක් එනු ඇත.
ගෘහ ජිවිතය ඉතාම හොඳයි. නිවසට නෑදෑ හිතමිතුරන් එන සතියකි. නමුත් එමනිසාමද කොහෙදෝ යම් මුදලක් වැයවීමේ තත්වයක් පවතී.
සෞඛ්‍ය තත්වය සෙම් අමාරු, දණිස්, කකුල් වල වේදනා, ඇඟපත වේදනා මේ අතර ප්‍රධානයි.


● මිථුන
හොඳ සතියක් වශයෙන් කිව හැක.
වැඩි වැඩියෙන් ආදායම් මාර්ග ලැබේ. නව ධනෝපායන මාර්ග ලැබේ.
ව්‍යාපාරයට අලුත් දේ මිලදී ගැනීමට හැකියාව තිබෙනවා, විශේෂයෙන්ම යාන වාහන මිලදී ගැනීම ඒ අතර ප්‍රධානයි.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව ගතවන අතර, අතමිට මුදල් ගැවසෙන නිසා සහ බාහිර සහයෝගය නිසා ඔබ ප්‍රීති ප්‍රමෝදයෙන් සිටින කාලයකි. පවුලේ අය සමග දුරබැහැර විනෝද ගමන් ආදිය යෙදීමට පුලුවන්.
සෞඛ්‍ය තත්වයේ විශේෂ වරදක් නැහැ. නිදන්ගත රෝග ඇති අය ආරක්ෂා වන්න.


● කටක
ඉතාම ශුභ සතියකි.
විශේෂයෙන්ම ඔබට මේ සතියදෙි ආදායම් මාර්ග නොයෙකුත් විදියෙන් පෑදෙයි. ඒවා නිසි ආකාරයට කළමනාකරණය කරගැනීමට බුද්ධිමත්ව කටයුතු කල යුතුය. කරන කියන ව්‍යාපාරික කටයුතු සාර්ථක වෙයි. පිටපලාත් වල කරන රැකියා සාර්ථක වන අතර, විදේශ රැකියා වල නියුතු අයගේ කටයුතුද දියුණු වේ.
ගෘහ ජිවිතය ඉතා හොදින් ගත වේ. වැඩිහිටියන් සමගද හොද සහයෝගයක් ගොඩනගා ගැනීමට පුලුවන්. විශේෂයෙන්ම පවුලට එකතු වී සිටින කාන්තා පක්ෂයේ අයගේ සහයෝගය ලැබේ. උරුමහරුමකම් ලැබීමට නියමිතයි.
සෞඛය තත්වයේ සෙම් අමාරු ප්‍රධානයි. පාද වලට යම් වේදනා ඇත්නම් ඒ ගැන සැලකිලිමත් වන්න.


● සිංහ
ඉතාම ශුභ සතියක් !
චන්ද්‍රචාරයේ ගමන දිහා බැලුවාම ඔබට නව ආදායම් මාර්ග ලැබෙනවා. එසේම සතියේ මුල් දින කීපයේදී ඔබට වැඩිහිටියන්ගෙන් දියුණුවට උදව් උපකාර ලැබෙනවා. බැංකු ණය එහෙම අයදුම් කර ඇත්නම් ඒවා ලැබෙනවා. කරන කියන කටයුතු වලට හොද ආරම්භයක් මේ සතියෙදි ලැබෙනවා.
ගෘහ ජිවිතය ඉතාම හොදින් ගත වෙන සතියකි. ඔබගේ නිවසට නෑදෑ පිරිවර එන සතියක්. අලුත් ඥාති හිතමිත්‍රකම් ගොඩනැගෙනවා. පෙම් සබදතා ස්ථිරසාර වෙනවා. මංගල යෝග උදා වෙනවා.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැහැ, නිදන්ගත රෝග ඇති අය ආරක්ෂා වන්න.


● කන්‍යා
එතරම් ශුභ නෑ, සමඵලයි.
විශේෂයෙන්ම ඔබ ණයතුරුස් වලට හසුවීමට ඉඩ තිබෙනවා. කරන කියන කටයුතුවල යම් බාධක කරදර ඇතිවිමට පුලුවන්. එසේම ඔබගේ දියුණුවට යම් බාධක තිබේ. එනිසා ඉවසීමෙන් බුද්ධියෙන් කටයුතු කරන්න, ප්‍රවේසම් වන්න. සතිය අගදී මේ තත්වයෙන් බැහැර වීමට පුලුවන්.
ගෘහ ජිවිතය අතින් ගත්කල මේ සතියෙදි යම් අභියෝග රාශියක් එල්ල වේ. පවුලේ සමගිය සම්බන්ධව බාධක එල්ල වන්නේ පවුලේ ඇති යම් ගැටළු නිසාය. අඹුසැමියන් අතරද මත ගැටුම් ඇතිවිය හැක. ඒවායින් ආරක්ෂා විය යුතුයි.
සෙම් අමාරු, ඇඟපත වේදනා සහ නිදන්ගත රෝග ඇති අය ඒවා උත්සන්න වීම් ආදිය ගැන කල්පනාකාරී වන්න.


● තුලා
මේ සතිය සමඵලයි.
විචල්‍ය සතියකි. ආදායම් මාර්ග එක ආකාරයට පවතින්නෙ නැහැ.
කරන කියන කටයුතු වල දියුණුවේ උස්පහත් වීම් තියෙනවා. විශේෂයෙන් ණය තුරුස් වලින් පරිස්සම් වන්න. ව්‍යාපාර වලදි හවුල්කාර පාර්ශව, ඔබගේ ගනුදෙනුකරුවන් සමග අවබෝධාත්මක සම්බන්ධයක් තිබිය යුතුයි. කල්පනාකාරි වන්න.
ගෘහ ජිවිතය තුල ඔබගේ භූමිකාව මේ සතියෙදි බොහෝ ගැටළුකාරි තත්වයක් තියෙන්නෙ, ප්‍රවේසම් විය යුතුයි. අඹුසැමි භේද, පවුලේ අය සමග හිත් නොහොදකම් ඇතිවන්නට ඉඩ තිබෙනවා. බුද්ධිමත්ව කටයුතු කරන්න. වචන භාවිතයෙදි කල්පනාකාරි වන්න.
සෞඛ්‍ය තත්වය සෙම් අමාරු, ආමාශගත රෝග, ජීර්ණ පද්ධතියේ රෝග ඇතිවිය හැක.


● වෘශ්චික
ශුභ සතියක් කියන්නට බැහැ.
ඔබද ණය තුරුස් වලින් පරිස්සම් විය යුතුයි. ණය ගැනීමේදි හා ණය දීමේදී ඔබ ප්‍රවේසම් විය යුතුයි. එසේ නොමැති වුවහොත් ඔබ ඇත්තටම කරදරයට වැටෙන්න පුලුවන්. ඒ ගැන විමසිලිමත් වන්න. හවුල්කාර පාර්ශව සමග අවබෝධයෙන් කටයුතු කරන්න.
ගෘහ ජිවිතය තුල ඔබට විචල්‍ය සතියකි. අඹුසැමි භේද, ඥාතින් සමග ගැටළු, මානසික තැවුල් ආදිය ඇතිවන්නට පුලුවන්. යුග දිවිය ගැන සැලකිලිමත් විය යුතුයි. ආර්ථික ප්‍රශ්න නිසාද පවුලේ සමගියට යම් බාධාවක් ඇතිවන්නට පුලුවන්, සැලකිලිමත් වන්න.
සෙම් අමාරු, අතපය වේදනාව ආදිය ගැන සැලකිලිමත් වන්න, ආරක්ෂා වන්න.


● ධනු
ශුභ සතියකි.
මුල් දින 4 ඉතාම හොදයි. කරන කියන නව ව්‍යාපාර වලට මේ තත්වය ඉතාම හොදයි. අලුත් ආදායම් මාර්ග ලැබීමද, උරුමහරුමකම් ලැබීමෙන් දියුණු වීමටද හැකියාව ලැබෙ. ව්‍යාපාර කටයුතු නව මානයකට ගෙනයාමට පුලුවන්, ඊට අවශ්‍ය වන යානවාහන මිලදී ගැනීමේ හැකියාව ඔබට තිබේ.‍ෙගෘහ ජිවිතය තුල ස්වාමියා, භාර්යාව සමග සතුටින් සිටිය හැක. නිවසට අවශ්‍ය වන අලුත් බඩුමුට්ටු ගැනීමේ හැකියාව තිබෙනවා. තවත් දෙයක් ලෙස, පවුලේ අය සමග වැඩි කාලයක් ගතකිරිමටත්, දරුවන්ගේ කටයුතු වෙනුනේ වෙහෙසීමටත් හැකියාව ලැබේ.
ප්‍රබල ගැටළු නැත, ආමාශගත රෝගාබාධ ගැන සැලකිලිමත් වන්න.



● මකර
ඉතා සුභයි.
පිටපලාත් වල රැකියා කරන අයට විදේශ රැකියා කරන අයට අලුත් ආදායම් මාර්ග ලැබේ. දියුණුවට ඉතාම හොදයි. ඔබටද නව දේපල ලාභ, යානවාහන ලාභ මේ සතියෙදි පවතිනවා. ඒවා මිලදී ගැනීමට පුලුවන්, ඒ භාග්‍යය පවති.
ඉතා හොදින් ගෘහ ජිවිතය ගත වේ. සහෝදර සහෝදරියන් සමග සතුටින් සිටිය හැක. නව මිතුරන් ඥාතින් ඇතිවේ. ඔවුන් නිවසට පැමිණේ. සතිය අගදී දරුවෙකුගේ ජයග්‍රහණයක් වෙනුවෙන් සිතේ සතුට පැමිණේ.
සෞඛ්‍ය තත්වය ප්‍රබල ගැටළු නැහැ. පපුවේ සෙමෙන් පරිස්සම් වන්න.


● කුම්භ
මේ සතිය ඉතාම හොද සතියක් !
ඔබට පසුගිය සති වලදි අතපසු වූ බොහෝදේ කරගැනීමේ හැකියාව පවති. විශේෂයෙන්ම කිව යුතුයි, අලුත් ව්‍යාපාර ආරම්භ කිරිමට සුබයි. පවතින ව්‍යාපාර දියුණු කරගැනීමටත්, දියුණුවටත් උපදෙස්ද ලැබෙන කාලයකි. ඔබගේ දේපල ලාභ, වාහන ලාභද පවතින කාලයකි.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව ගත වේ. අඹුසැමියන් ඔවුනොවුන් සතුටු වේ. හිතේ සතුට සතිය පුරාම තිබේ. දේපල ලාභ ලැබේ. සතියේ අගදි දරුවෙකුගේ දියුණුව වෙනුවෙන් කැපවීමට සිදුවිය හැක. සතුටින් සිටින කාලයකි.
සෙම් අමාරු, සෙම් ගෙඩි, ජලාශ්‍රිත රෝග වැලදිය හැක, කුඩා දරුවන් ආරක්ෂා කරගන්න.


● මීන
ඉතාම හොඳ සතියකි.
පසුගිය කාලයෙදි අතපසුවූ බොහෝදේ කරගැනීමේ හැකියාව පවති. ඔබට බොහෝ වාසිදායක තත්ව මේ සතියේදි ඇතිවේ. විදේශ රැකියා කරන අයටද, ව්‍යාපාර කරන අයටද සුබයි. ඔබගේ කීර්ති නාමය පැතිරෙන කාලයකි.
ගෘහ ජිවිතය ඉතාම හොදයි. වෙනදාට වඩා පවුලේ අය සමග ගැවසෙන කාලයක් මේ කාලය. අලුත් ප්‍රබෝධයක් ඇතිවන කාලයකි. නව ඥාති හිතමිතුරන් ඇතිවන කාලයකි. විවාහ ප්‍රේම සබදතා වලට සුභ කාලයක්. නව නිවසක් තැනිමට ඔබට සිත් පහල වෙන කාලයකි.
සෙම් අමාරු ප්‍රධාන රෝග, ජලාශ්‍රිත රෝග වලින් ආරක්ෂා විය යුතුයි.


* පොදු පලාපල පමණකි.
ඔබගේ කේන්දර සටහන අනුව, ගතවන මහ දසා, අතුරු දසා ආදිය මෙන්ම තමන්ගේ තීරණ වල ඇති බුද්ධිමත්බව අනුව මෙම පලාපලයන් වෙනස් වනු ඇත.

Sunday, October 25, 2015

“ සෝමාවතී චෛත්‍යරාජයාණන්වහන්සේ

“ සෝමාවතී චෛත්‍යරාජයාණන්වහන්සේට වඳින ගාථාව “

“ සම්බුද්ධ රාජ මුඛපංකජධම්මරේණු
ඵස්සං මනුඤ්ඤසිතරංසි විරෝචමානං
බ්‍රහ්මාමරාසුරනිරේහි සුපූජිතං තං
වන්දාමහං සුගත දක්ඛිණ දන්තධාතුං “


තාරා මෑණියන් වහන්සේ රකින සෝමාවති ඓතිහාසික පුදබිම !

Saturday, October 24, 2015

“ නිදන විට ඔබ හිස තබන දිශාව කුමක්ද “ ?

* පොදුවේ පිරිමි අය හිස තැබිය යුත්තේ, වයඹ සහ ඊසාන දිශාවලටය.

* පොදුවේ ගැහැණු අය හිස තැබිය යුත්තේ, නැගෙනහිර සහ දකුණු දිශා වලටය.

* සත් දිනට මරු පැමිණෙන දිශාවල් අතර “ඊසාන“ දිශාවට කිසි දින මරු එන්නේ නැති බැවින් ඊසාන විශේෂය.
ඊට අමතරව දෙවිවරුන්ගේ ආකර්ෂණය හොඳින්ම ලැබෙන්නේද ඊසාන දිසාවෙනි.

- නිවසක බුදු පිලිමය ඊසානට තබන්නට කියන්නේ, බුදුන්වහන්සේට දිශා ආදි කිසිවක් බල නොපෑවත්, සාමාන්‍ය මිනිසුන්ට දිශාවන් බලපාන බැවිනි.

** තවද ඊසාන සහ උතුර පොදුවේ සුභ දිශා වෙයි !

* මෙම තත්වයන් තමන්ගේ කේන්දර සටහන අනුව වෙනස් වීමට ඉඩ ඇත.

Friday, October 23, 2015

අතීතයට දොර වහන්න !


ඔබගේ මනසෙන් අතීතය ගැන සිතමින් සිටිනවාට වඩා, එම අතීතය ගැන සිතන එක නතර කොට, අතීතයෙන් ලැබූ අත්දැකීම් අනාගතය වාසනාවන්ත කරගැනීමට භාවිත කරන්න.
● දැන් ඔබ කුමන තත්වයක සිටියද, සමහරවිට එය අභාග්‍යසම්පන්න තත්වයක් විය හැකියි. එසේ වුවද, සෑම කරදර බාධකයකම වෙස්වලාගත් ආශිර්වාදයක්ද ඇති බව සිතේ තබාගන්න.
* අප අතීතය ගැන උවමනාවට වඩා සිතන්නට ගියොත්, සිතට ඇතිවන්නේ කණගාටුව පමණි !
එනිසා සියලු යහපත් දේ ගැන මිස අයහපත් දේ ගැන නොසිතන්න.

● ඔබ විසින් එම දුක්බර, කණගාටුදායක සිදුවීම් ගැන සිතීම නතර කල විට... කාලය විසින්ම ඔබට වඩා යහපත් අනාගතයකට මග සලසනු ඇත.

● ලෝකයේ බොහෝමයක් කරදර බාධක ජයගෙන ලෝකප්‍රසිද්ධ වූ සියලුදෙනාම අතීතයේ කරදර බාධක වලින් පන්නරය ලැබ ජිවිතය දියුණු කරගත් අයයි !
* වසර ගණනාවක් එංගලන්තයේ අගමැති පදවිය දැරූ John Major, වතාවක් ‘කොන්දොස්තර‘ විභාගයද ෆේල් වූ කෙනෙක් බව ඔබ දන්නවාද ?
* Knut Hamsun නෝවීජියන් සංක්‍රමණිකයෙක් වූ අතර, ඇමරිකාවට ඇතුළු වීමට කල සියලු උත්සහයන් අසාර්ථක වූවෙක් විය.
තමා විඳි කරදර බාධක සහිත අරගලය ගැන ග්‍රන්ථයක් ඔහු ලියූ අතර, එයට නොබෙල් ත්‍යාගය පවා හිමිවිය( Hunger).
* රැකියා ගණනාවක් කර ඒවායින් අසාර්ථක වී තමා අසාර්ථක කෙනෙක් බව පිලිගත් Harry S. Truman, ඇමරිකාවේ 33වන ජනාධිපතිවරයා විය,
මේ ආකාරයටම ඉංජිනේරුවෙක් වන්නට උත්සහ කල, ගබඩා පාලකයෙක් වන්නට උත්සහ කල, යුද්ධයට බැඳී කපිතාන්වරයෙක් වූ ආදරය කර පසුව විවාහ වූ කාන්තාව අකාලයේ මරණයට පත්වූ, දේශපාලනයට පිවිස මුලින් පරාජය වූ Abraham Lincoln අදටද ලෝකයේම පිලිගැනෙන ජනාධිපතිවරයෙකි !
ලෝකයේ ඉහලටම පැමිණි කිසිවෙක් සරල සුන්දර ජිවිතයකට හිමිකම් කියා ඒ තැන්වලට පැමිණ නැත.

● මතක තබාගන්න ජිවිතය මෙහෙමයි....

අප ඔබ කල යුත්තේ ජිවිතය ගැන කම්පා වීම හෝ දොස් තැබීම තමන් ගැන කණගාටුවට පත්විම නොව, ඉදිරිය යහපත් කරගැනීමට සහ තිබෙන යහපත ඇති කරගැනිමට, තිබෙන යහපත රැකගැනීම උනන්දුවෙන් බුද්ධියෙන් යුතුව කටයුතු කිරීමයි..

Wednesday, October 21, 2015

" සඳු සමග සංයෝග "



සඳු/චන්ද්‍රයාය. පෘථිවියට ආසන්නම ග්‍රහයා වන චන්ද්‍රයා නක්ෂත්‍රයෙදි ප්‍රමුඛස්ථානයක් හිමිකර ගන්නා ග්‍රහයෙකි. මන්ද පුද්ගලයෙක්ගේ සිතට අධිපති සඳු, ජලයටද මහා සමුද්‍රයටද අධිපතිකම් කරයි.
එසේම සඳුගේ කලාවක් පිහිටයි. මෙම කලාව පුද්ගලයෙකුගේ ශරිරයේ නිල වලටද බලපෑම් කරයි.
වෛද්‍ය විද්‍යාවෙදිද පෙරදිග මෙන්ම බටහිර රටවල් වලද සදුගේ ගමන සහ තිථිය, කලාව ගැන අවධානයක් යොමු කරයි.
එසේ නම් අද අපි ඉදිරිපත් කරන්නෙ චන්ද්‍රයා සමග ග්‍රහයින් යෙදුනොත් කෙසේ වෙයිදැයි කියාය.

● සඳු - කුජ

මෙම යෝගය චන්ද්‍ර/මංගල යෝගය ලෙසද හදුන්වයි.
මෙම යෝගය ඇති තැනැත්තන් අධික කාමාශාවක් ඇති අය වෙති. මොවුන්ගේ උත්පාදන ශක්තිය වැඩිය. එසේ නම් ශුක්‍ර නිෂ්පාදනය සහ කාන්තාවන්ගේ ප්‍රජනන ශක්තිය ඉතාම ශක්තිමත්ය. ලිංගික ශක්තිය ඉතාම ඉහල තත්වයක පවති.
මෙම යෝගයෙන් උපන් පුරුෂයන්, එක් කාන්තාවකගෙන් සතුටට පත්වන්නේ නැත. බොහෝවිට ඔවුන් ලිංගික ජිවිතයෙදි විවිධත්වය කල්පනා කරයි.
- විශේෂ -
මෙම යෝගය ඇති අයට, විවිධත්වය කල්පනා කරන ලිංගිකව බොහෝ විෂමතා ඇති එසේම කේන්ති යන ඉවසීම අඩු පුද්ගලයන් නිසා විවාහ ජිවිතයෙදි විවාහය දෙදරා යාමේ අවදානම වැඩිය. එනිසා මෙවන් අය කල්පනා කල යුත්තේ, මේ නිසා තමා විවාහය දෙදරා යන්නේ, ඒ ගැන ස්වයං පුහුණුවක් ඇති කරගෙනවිවාහ ජිවිතය සහ තමාගේ අනාගතය ආරක්ෂා කරගැනිම ගැනයි.

● සඳු - රාහු

මෙම යෝගය පිහිටන පුද්ගලයාගේ මව, විශේෂයෙන්ම පීඩාකාරි ජිවන තත්වයක් තුල ජීවත් වේ.
බොහෝවිට මෙවැනි අය බිහිවන්නේ මග යන එන අතරතුරය. එනම් රෝහල් වල කෙසේ වෙතත් මහ මඟය. අප පර්යේෂණාත්මක අත්දැකීමෙන් එය දැක ඇත්තෙමු. මෙවන් අයට පුද්ගලයන්ට, ලග්නාධිපති සහ 9 වැන්නාධිපති දුර්වල නම් මානසික රෝග වැළදීමේ ප්‍රවණතාවයක් ඇත. අධිකව සුරාවට, සූදුවට යොමුවිමට හේතු ඇත.
මෙවන් යෝග ඇති දරුවන් කුඩා කල සිටම නිසි මාර්ගයේ යොමු කල යුතුය. එසේ නොවි මේ අය යම්කිසි දුෂ්චරිතයකට යොමු වුවොත් එයින් මුදා ගැනීම ඉතාම අපහසුය.
මේ යෝගය තිබියදි ලග්නාධිපති, 3වැන්නාධිපති හා 9 වැන්නාධිපති බලවත් නම් විදේශිය රටවල ඉහලම රැකියා කිරිමේ වාසනාව පවති.


● සඳු - ගුරු

මෙම යෝගය ඉතාම බලගතුම යෝගයකි.
යම්කිසි කෙනෙකුගේ කේන්දරයක කේන්දරස්ථාන වල එනම් 1, 4, 7, 10 හෝ 1න් 7 සප්තමව හෝ 1ට ඇත්නම් එම යෝගයට ගජකේශරී යෝගය යයි හඳුන්වනු ලැබේ. මෙම යෝගය පුද්ගලයෙකුට යෙදෙන වාසනාවන්තම යෝගයකි.
පෙර ආත්ම භව වල පොදු ජනතාවට උදව් කර ඔවුන්ගේ ජිවිත සුඛිත මුදිත කල අයට මෙම යෝගය යෙදෙන බව ඍෂි මතයයි.
මෙම යෝගය යෙදුන තැනැත්තා පරිවාර සම්පත්තියෙන් අනූන වූවෙකි. ඔහු නිතරම ප්‍රඥාවන්තව කල්පනා කරයි. හොඳ අධ්‍යාපනයක් ලබයි. සමාජයට නිතරම වැඩදායි දෙයක් කරයි. එසේම ජිවිතයේ ජයග්‍රහණය මධ්‍යම වයසින් පසු හිමි කරගනි. එනම් වයස අවු 35න් පසුවය.


● සඳු - ශනි

මෙම යෝගය යෙදෙන්නේ, හොඳට නරකට 2ටමය.
එනම් මේ යෝගය ඇති තැනැත්තා ජන්ම ඒරාෂ්ටක අපලයකින් උපන් කෙනෙක් ලෙස හැඳින්විය හැක.
 කුඩා කලදී, විපතට පත් නොවුවහොත් වැඩි වයසට පත්වී රජවන බව ඇතැම් ජ්‍යොතිෂ්‍ය ග්‍රන්ථ වල සඳහන්ය.
මේ යෝගය ඇති අයට උත්සාහවන්තකම, උට්ඨාන වීර්යය එසේම ඉවසිලිමත්බව ඇත.
මේ යෝගය පවතින විට ලග්නාධිපති සහ 9 වැන්නාධිපති දුර්වල නම් එම අයගේ ජිවිත ඉතා අවාසනාවන්ත විය හැක, දෙමාපියන් කිසිවෙකු නැතිව මහමඟ වැටෙන්නට තරම් අසරණභාවයකට පත්විය හැක.
පොදුවේ ගත්කල කෙනෙක් තිගැස්සෙන ග්‍රහ සංයෝගයක් ලෙස හැඳින්විය හැක.

● සඳු - බුධ

මෙය ඉතාම වටිනා යෝගයකි. උපන් තැනැත්තේ බොහෝ මුදු මොලොක් සෞම්‍ය ගතිගුණ ඇති තැනැත්තෙකි. හුරුබුහුටි පෙනුමෙන්ද මනා බඳිනා රූ සපුවකින්, කවට කොමල කතාවෙන්ද අලංකෘත පුද්ගලයෙකි.
මේ යෝගය වටින්නෙ විශේෂයෙන්ම කාන්තාවන්ටය. එසේ නම් ඔවුන් ඉතාම ශෝභමාන රූප සොබාවයක් ඇති අය වෙති.
පුරුෂයෙකුට මේ යෝගය යෙදුනොත් ව්‍යක්ත, මුඛරි වචන ඇති, තර්කානුකූල සිහි බුද්ධියෙන් කතා කරන, කුඩා දරුවන්ට ආදරය කරන චරිත සොබාවයක් මොවුන්ගෙන් ගම්‍ය වේ.
කෙසේ වෙතත් වටිනා ග්‍රහ සංයෝගයක් ලෙස හැඳින්වේ.


● සඳු - කේතු

මේ යෝගය යෙදුන තැනැත්තාට, බුද්ධිය සහ සහජ දක්ෂතා ඇත. එසෙම අධ්‍යාපනික කටයුතු වලට සහ මතක තබාගැනීමේ තත්වය ඉතාම ඉහල තත්වයක පවති. බොහෝ කල්පනාකාරි අය වෙති.
ලග්නයේ යෙදුනොත් එය එසේම වේ. 3 වැන්නේ සහ 11 වැන්නේ යෙදුනොත් මහත් ධනයකට හිමිකම් කියන අතර, විදේශ ගතවිමටද මෙය රුකුලකි. තීක්ෂණ බුද්ධියක් ඇතිවිමට හේතුවකි.
අසුභ තැනක යෙදුනොත් රෝග ඇතිවන පිහිටිමකි, සෙම් රෝග හෝ තුන්දොස් කිපීමේන ඇතිවන විවිධාකාර සංකූලතා, ඇස් රෝග ඇතිවිමේ අවදානමක් පවතින පිහිටිමකි.


● සඳු - සිකුරු

යෙදුන තැනැත්තා ඉතාම ශෝභමාන දේහ විලාශයක් ඇතිව උපදි.
විශේෂයෙන්ම කලා ක්ෂෙත්‍ර වල සිටින ගායක ගායිකාවන්, නළු නිලියන්ට මේ යෝගය යෙදේ. ඉතාම ප්‍රියමනාපව කතා කරයි, අනුකම්පා සහගත අය වෙති.
ඉන්ද්‍රිය පිනවීම සම්බන්ධව විශේෂ උනන්දුවක් පවති, එනම් කම් සැපතට ලොල් වේ. ලිංගික ආශාව කුඩා කල සිටම තිබේ.
ඉතාම පිරිසිදුව සිටීමට කැමතිය. බබලන ඇස් සහ අන්‍යන් ආකර්ෂණය කරගන්නා රූපය විශේෂ ලක්ෂණ වශයෙන් කිව හැක. පොදුවේ ගත්කල මෙම යෝගය හො ද යෝගයක් ලෙස හැින්විය හැක.

● සදු - රවි

මේ යෝගය මධ්‍යස්ථ යෝගයකි. විශේෂ හොදක් හෝ නරකක් නොමැත.
රජ බිසව හා රජු එකතු විම වශයෙන් හැදින්විය හැක. මේ යෝගය ජ්‍යෝතිෂ්‍යයේ හැටියට සුභ වන්නේ වෘශ්චික ලග්න කරුට පමණි. එයින් ධර්ම කර්මාධිපති රාජ යෝගය යෙදේ.
මේ යෝගය යෙදුන තැනැත්තන්ට බොහෝ වෙලාවට ඇදුම සහ සෙම, හතිය ආදි රෝග වැළදීමේ යම් ප්‍රවණතාවයක් පවති. විශේෂ සුභ තත්වයක් නොමැත.


+Iru Astrology

* කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Doc. සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව
* නාමකරණය (නම් තැබීම).
* නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය,
* කාර්යාලයට පැමිණ සේවා ලබාගැනීම ඇතුළු
 සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.
irusewaya@gmail.com.
0711 345 364

Tuesday, October 20, 2015

පින්කමකට දායක වූයෙමු !


මධ්‍යම පලාතේ, නුවර එළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇති නාගසේන පන්සලේ වස් පින්කම සඳහා ආධාර කරන ලෙස පසුගිය දිනක අප විසින් පෝස්ටුවක් පල කල අතර එම උතුම් පින්කමට දායක වූ අයට පුණ්‍යානුමෝදනා කරමු !

මෙහිදි අපගේ ඉල්ලීම පිට විශේෂයෙන් අදාල ආධාර සපයා දුන් Aravinda Bandara Rathnasinghe සහ Piyum Srilal මහත්වරුන්ට සහ එම පිංකමට දායක වූ සියලුදෙනාට ස්තූතිවන්ත වෙමු.

විහාරාධිපති උඩුගම පියදස්සී ස්වාමින්වහන්සේ සමග ඉරු සේවයේ ප්‍රධාන ජ්‍යොතිර්වේදි රාජකරුණා මහතා මෙම පින්තූරයේ සිටී.

https://www.facebook.com/photo.php?fbid=433517386843271&set=a.222168657978146.1073741846.100005550390980&type=

අප සේවා කරන ආකාරය ගැන යමක් !

අප මෙතන අප විසින් පල කර ඇති, යන්ත්‍ර හෝ මුදු යනාදිය ෂෙයා කිරිමක් කල සැණින් අපට ලැබෙන දුරකථන ඇමතුම් ප්‍රමාණය ඉහල යයි.

අදාල විස්තරය කියවූ පසු, කතා කරන අය සිතන්නේ, යන්ත්‍රය හෝ මුදුව ගත්පසු සියල්ල හරියන බවක් කියා සිතේ.
ලංකාවෙ බොරුවට කරන අය කෙතරම් හම්බ කරනවාදැයි සිතෙන්නෙ මේ ආකාරයට හිතන ජනතාවක් සිටින නිසාය.

අතිබහුතරය හැමදාම කැමති රැවටෙන්නටය, එය බුද්ධ කාලයේද තිබුනු දෙයකි. එවන් ධර්මතා කිසිවෙකුට වෙනස් කරන්නට නොහැක.

කෙසේ වුවද අප අපගේ සේවාව ලබාදෙන්නෙ නිසි ක්‍රමවේදයකට අනුවය.
අදාල කේන්දර සටහන සූක්ෂමව බලා, අවශ්‍ය දෙයක් වේ නම් ඒවා කරන ආකාරය තීරණය කර ඉන්පසු කරදෙනු ලබයි.
එයින් බැහැරව කිසිදු සේවාවක් ලබාදෙන්නෙ නැත.

පසුගිය කාලයේ පවා විවිධාකාර දේශපාලන බලවතුන්ගේ අය කියූ අය අප හරහා ඔවුන්ට උවමනා වැඩ කරගන්නට ගොස්, අවසානයේ කීපදෙනෙකුට තමන් සිටි තත්වයෙන් පහලට වැටෙන්නට පවා සිදුවිය.
එයට හේතු වූයේ ඔවුන්ට වඩා පැතිරුණු සහ බලය අතින් වැඩි සේවාව ලබාගත් අය අපට සිටි නිසාය.
එනිසා වෙනත් අය සමග කරන ආකාරයට කටයුතු අප සමග කරන්නට, බය ගන්වන්නට සූදානම් වන අය වේ නම් එම අදහස් අතැර ගන්න.

කුමන කෙනා කුමන බලයක් ලබාගෙන තිබුනද, අපි අපගේ කර්ම ශක්තිය සහ ග්‍රහචාරය ගැන හොඳින් හඳුනමු..

එනිසා අපට ගැටළුවක් ඇතිවන්නේ නැත.

බුදු සරණයි !

Sunday, October 18, 2015

සතියේ ලග්න පලාපලය - 19-26 Oct


● මේෂ
ඉතාම ශුභ සතියකි.
මේ සතිය ඇතුලත ආර්ථික වාසි ඉතාම ඉහලින් ඔබට ලැබේ. මන්ද කිවහොත්, සඳුගේ ගමන ඔබට මේ සතිය ඇතුලතදී 9 - 10 -11 වැනි ශුභ ස්ථාන වලය. දියුණුවට වැඩිහිටියන්ගේ උදව් උපකාර ලැබේ. එසේම ව්‍යාපාරික කටයුතු කරන ඔබට ඉතාම හොඳයි. එම කටයුතු සීග්‍රගාමිව දියුණු වේ.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව ගත වන අතර,
ඔබට මේ සතියෙදි පවුලේ වැඩිහිටියෙකුට සැලකීමට ඔබට අවස්ථාව ලැබේ. එසේම ඔවුන් සමග ගමන් බිමන්, වන්දනා ගමන් ආදිය යෑමට හැකියාව ලැබේ.
සෞඛ්‍ය ගැටළු විශේෂයෙන් පැන නොනගී. නමුත් සතිය අගදී සෙම් අමාරු ආදිය ඇතිවිමට පුලුවන්, සැලකිලිමත් වන්න.



● වෘෂභ
හොඳ සතියකි.
කරන කියන වෙලද ව්‍යාපාරික කටයුතු දියුණු වේ. රැකියා කරන අයටද සුබයි. සංචාරක ක්ෂෙත්‍රයට සුබයි. යම් ක්ෂෙත්‍රයක විහිදුනු රැකියා, ව්‍යාපාර කරන ඔබට මේ සතියෙදි වාසිදායක තත්වය ඇතිවෙනව. දියුණුව නිරායාසයෙන්ම ඇතිවෙන කාලයකි.
ගෘහ ජිවිතය තුල ඔබගේ සතුට සමාදානය රැඳෙන සතියක් මේ සතිය. ආදායම් මාර්ග වලින් අතමිට හිඟ නොවීම නිසා ඔබට මේ සතියෙදි දුරබැහැර ගමන් බිමන් යාමටද විනෝද වීමටද හැකියාව ලැබෙනවා.
සෞඛ්‍ය තත්වය,
යම් ගැටළු තත්වයක් සතිය මුලදි පෙනේ, එනම් සෙම් අමාරු, බඩේ අමාරු යන රෝග ඇතිවිය හැක. අවධානයෙන් කටයුතු කරන්න.


● මිථුන
සමඵලයි.
චන්ද්‍ර චාරය අනුව සතිය මුල් කොටසෙදි නම් ඔබට ආදායම් තත්ව වල අඩුවීම් දක්නට ලැබේ. ඔබව රැවටීම් සහ පාඩු ඇතිවිමට පුලුවන්. බුද්ධියෙන් කටයුතු කරන්න. මේ සතියේ ඔබ ඒ කටයුතු කල යුත්තේ ඉතාම පරිස්සමෙනි.
ගෘහ ජිවිතයේ, අඹුසැමියන් අතර ගැටුම් සහ හිත් නොහොඳකම් මතුවිමට පුලුවන්. ඉවසීමෙන් යුක්තව කටයුතු කල යුතු බව අපගේ උපදේශයයි.
සෞඛ්‍ය ගැටළු ඇතිවිමට පුලුවන්, එනම් අතපය වේදනාව, හන්දිපත් අමාරු, සන්ධිවල වේදනා යනාදි දේවල්ය.


● කටක
සමඵල සතියකි.
සතියේ මුල් දවස් 3ක් වැනි කාලයක යම් හොඳ තත්වයක් තිබුනද ඉතිරි දින කීපයෙදි ඔබ ආර්ථික වශයෙන් දැඩි ගැටළුකාරි තත්වයකට මුහුණ පෑමට ඉඩ තිබේ. එම තත්වය ඔබට උදා වන්නේ, ඔබ සමහරවිට නොසිතූ ආකාරයෙන්ය. විවිධ රැවටීම් වලටද හසුවීමට පුලුවන්. පරිස්සමට කටයුතු කරන්න.
ගෘහ ජිවිතයෙදි සංයමයෙන් කටයුතු කරන්න. නැත්නම් ගැටළු ඇතිවේවි. පවුලේ සාමාජිකයන් සමග මෙන්ම ඉන් පිට අය සමගද සුහදව සංයමයෙන් කටයුතු කරන්න.
සෞඛ්‍ය ගැටළු වශයෙන් නිදන්ගත රෝග ඇති අය ප්‍රවේසම් විය යුතුය.


● සිංහ
සමඵලයි.
සතිය පුරාම විචල්‍යවූ ආර්ථික රටාවක් පවති. එසේ නම් අක්‍රමවත්ය. ලැබෙන ආදායමට වඩා වැය පක්ෂය ඉහල යන බව පෙනීයයි. ඔබට මේ සතියේදි ණය වන්නට පවා සිදුවිය හැක. අරපිරිමැස්මෙන් වැඩකල යුතු කාලයකි.
ගෘහ ජිවිතය තුල ඔබගේ භූමිකාව සම්බන්ධව සතුටින් සිතිය නොහැක. යම් යම් කරුණු කාරණා මුල් කරගෙන පවුලේ අය සමග හෝ ඔබට මත ගැටුම් වලට යාමට සිදුවිය හැක. කෙසේ වෙතත් ඔබ සාමදානයෙන් සිටිමට වග බලාගත යුතුය.
සෞඛ්‍ය තත්වයේ, ඔබට ගැටළු සහගත වීමට බොහෝ ඉඩ ඇත. සෙම් අමාරු, ආහාර ජීර්ණ පද්ධතියේ ඇති අජීර්ණ ප්‍රශ්න, ඇඟපත අමාරු ආදිය බලපෑමට පුලුවන්.
● කන්‍යා
තරමක් අශුභයි.
ඔබට සුභ පල ලැබෙන්නේ සැබවින්ම සතියේ දවස් 2 හමාරක වැනි කාලයකටය. ඔබ මුදල් හදල් හම්බ කිරිම් වැනි භාරධූර කාර්යයන් වල නියැලෙන්නෙක් නම් සතියේ මුල් දවස් 2 තුල, අභියෝගාත්මක කටයුතු ඉටු කරගැනීම ශුභයි. විශේෂයෙන්ම සඳහන් කල යුතුයි, සතිය මධ්‍ය කොටසට වන්නට ඉතාම දැවැන්ත වූ ගැටළු ඇතිවිමට පුලුවන්.
ගෘහ ජිවිතය තුල ඔබගේ භූමිකාව මේ සතියෙදි එතරම් සුභ නොවේ. දරුවන් සම්බන්ධ කටයුතු වලට යම්, කාලයක් ගතවේ. එසේම ඔබට ඉන් අනතුරුව යම් ආකාරයකට වැඩ කටයුත්තක් නිර්මාණය කරගැනීමේ හැකියාව ඇත.
සෞඛ්‍ය තත්වය සතියේ අගට වන්ට නරක අතට හැරීමට පුලුවන්. එයින් ආරක්ෂා විය යුතුයි.
● තුලා
මේ සතිය තරමක ශුභයි.
විශේෂයෙන්ම මේ සතියෙදි ඔබ දුක් මහන්සියෙන් උපයා සපයා ගන්නා දේ රැකබලා ගැනිමේ හැකියාව පවතිනවා. ආදායම් තත්වය දියුණු වෙනවා. ව්‍යාපාරික කටයුතු කරන ඔබගේ බලාධිකාරිය වැඩි වෙනවා. අලුත් ව්‍යාපාර ආදිය ව්‍යාප්ත කිරිමේ හැකියාවද පවතිනව.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව ගත වෙනවා. මංගල යෝජනා ඇතිවෙනවා. පෙම් සබදතා ස්ථිර වෙනවා. මව් පාර්ශවයේ ඥාතින්ද, ඥාති හිතමිතුරන්ද නිවසට පැමිණෙනවා, එය අපේක්ෂිතයි.
සෞඛ්‍ය තත්වය ලොකු ගැටළුවක් නැහැ. සෙම් අමාරු ගැන විශේෂයෙන් පරිස්සම් වන්න. සීතල ආහාරපාන අනුභවයෙන් ඇතිවන රෝග ගැනද සැලකිලිමත් වන්න.
● වෘශ්චික
ඉතාම ශුභයි.
ඔබට මේ සතිය තුල විදේශ ගතවීමටද පුලුවන්. ආදායම් තත්ව, විදේශ රැකියා ඇතිවෙනවා. විදේශ රැකියා සඵල වෙනවා. විදේස රැකියා වල නියුතු අයට ඉතා හොදයි. ව්‍යාපාරික කටයුතු කරන අයට තමාගේ ආදායම් මාර්ග වැඩි කරගැනිමට අලුත් ආදායම් මාර්ග එකතු වෙනවා. රැකියා කරන අයට ශුභයි.
ගෘහ ජිවිතය ඉතාම ශුභයි. තම දරු පවුල සමග ඉතාම ප්‍රීතියෙන් සිටිමට හැකියාව ඇති කාලයක්. නිවසට අලුත් බඩු මුට්ටු ආදිය මිලදී ගැනීමට පුලුවන්. බිරිඳට - ස්වාමියාව “සප්‍රයිස්“ කරන(සතුට දනවන දේ සදහා) සතියක් වශයෙන් මේ සතිය කියන්ට පුලුවන්.
සෞඛ්‍ය තත්වයේ ගැටළු නැහැ. නමුත් හිස සම්බන්ධ රෝග ඇති අය, හිසේ කැක්කුම් ඇති අය, නිදන්ගත රෝග ඇති අය පරිස්සම් විය යුතුය.


● ධනු
ඉතාම ශුභ සතියක් !
සතිය මුලදි පවතින ජවය, සතිය මුළුල්ලේම පවතිනවා. ආර්ථික පැත්ත ඉතාම හොදයි. ඔබගේද උත්සහය උනන්දුව ඇත්නම් මේ සතියෙදි අභියෝග රාශියක් ජයගැනිමට පුලුවන්. අපට මතකයේ හැටි ධනු ලග්නයට කලකට පසුව හොදම සතියකි. නව ව්‍යාපාර ඇරඹීමට සහ නව රැකියා වලට ඉල්ලුම් කිරිමට හොද කාලයකි. නව රැකියා ලැබෙන කාලයකි.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව ගත වෙනවා. වෙනදා සිතේ ඇති නොවු සතුටකින් සිත පිරි යනවා. මංගල යෝග උදා වෙනවා. පෙම් සබදතා ස්ථිර වෙනවා. පවුලේ සාමාජිකයන්, අසල්වැසියන් සමග සතුටින් ප්‍රිතියෙන් සිටිය හැකි කාලයකි.
සෙම් අමාරු, උගුරේ සෙම සහ සමහරවිට කකුලේ අමාරුකම් අතපය වේදනා ආදිය ඇතිවන්ට පුලුවන්.


● මකර
ඉතාම හොඳ සතියකි.
මේ සතියෙදි ඔබ හොඳින් ආර්ථිකය මෙහෙයවනවා. අලුත් ආදායම් මාර්ග සෙවීමට උනන්දු වන මේ සතියෙදි ඔබ එයද ජයගන්නවා. සතිය අගදී ඔබට යම් දුරබැහැර පලාතකට යාමකට ගමන් බිමන් යෙදිමට ඉඩ තිබෙනවා. ආර්ථිකය දියුණු කරගන්නා කාලයකි.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව ගත කිරිමට පුලුවන්. වෙනදා මෙන් නොව ඔබටත් මේ සතිය තුල සතුට සමාදානය රජ කරනවා. පවුලේ අය සමග විනෝද විය හැක. දරුවන් වෙනුවෙන් සහ භාර්යාව/ස්වාමියා වෙනුවෙන් කිසියම් විශේෂ කටයුත්තක් කිරිමට ඔබට පුලුවන්.
සෞඛ්‍ය තත්වය ප්‍රබල ගැටළු නැහැ. සෙම් අමාරු සහ ජලයාශ්‍රිත බෝවන රෝග ගැන ප්‍රවේසම් වන්න.


● කුම්භ
හොඳ සතියකි.
මේ සතියෙදි සඳුගේ ගමන කෙසේ වෙතත් ලග්නයට ඇති කරන ප්‍රබල ග්‍රහචාරය අලුත් ආදායම් මාර්ග, අලුත් මිතුරන් මාර්ගයෙන් වාසි ඇතිවේ. ව්‍යාපාර කරන අයට එම ව්‍යාපාර ක්ෂෙත්‍ර වල සුභදායක ආරංචි ලැබෙනවා. ඔබට ඉතාම හොදින් ඔබගේ කාර්ය කරගන්නට පුලුවන්. නව රැකියා අපේක්ෂිත අයට නව රැකියා ලැබෙන කාලයකි.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව ගත වෙනවා. තමාගේ ආර්ථික තත්වය හොද නිසා පවුලේ සාමාජිකයන් සමග විනෝද වීමට පුලුවන්. ඔබට ඉතාම හොද සතියකි.
සෞඛ්‍ය තත්වය, තුල ඔබ හොදින් රැකෙනවා. කකුලේ අතපයේ වේදනාවද සමහරවිට සෙම් අමාරුද ඇතිවිමට ඉඩ තිබේ.


● මීන
ශුභ සතියකි.
චන්ද්‍ර චාරය අනුව ආදායම් තත්ව වලට ඉතාම හොදයි. නව ආදායම් තත්ව වැඩි දියුුනු වෙනවා. සියලුම ක්ෂෙත්‍ර වල රැකියා කරන අයට ව්‍යාපාර කරන අයට හොදයි. වෙලද ව්‍යාපාර කටයුතු කරන අයට අලුත් මානයන් ඔස්සේ එම කටයුතු දියුණු කරගැනිමට හැකියාව ලැබෙනවා. ඥාති හිතමිත්‍රාදින්ගෙන් හෝ වෙනත් ආයතන වලින් දියුණුවට අතහිත ලැබේ. අලුත් දෙයක් කරගැනිමට පුලුවන්.
ගෘහ ජිවිතය ඉතාම හොදින් ගත වෙනවා. පවුලේ අය සමග සතුටින් සිටිමට පුලුවන්. දුරබැහැර ගමන් යෙදෙනවා. බොහෝවිට මේ සතියෙදි වන්දනා ගමන් ආදියද යෙදීමට ඉඩ තිබෙනවා.
සෞඛ්‍ය තත්වය ප්‍රබල ගැටළු නැහැ. උෂ්ණ රෝග සහ සෙම් අමාරු, උගුරේ සෙම් ගෙඩි ආදිය ඇතිවන්නට පුලුවන්.



















විෂ්ණු දෙවියන් සහ ලක්ෂ්මී මෑණියන් !

විශ්ව පාලක විෂ්ණු දිව්‍ය රාජයා සහ සෞභාග්‍යයට මූලිකත්වය දරන ලක්ෂ්මී දේව මාතාව !

Saturday, October 17, 2015



අපගේ සේවයේ යන්ත්‍ර කටයුතු වල මූලිකත්වය දරණ මහා හෙල ගුරු උක්කුං බණ්ඩා මහතා පාරම්පරික යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර විද්‍යාවේ යෙදෙන ඍෂිවරයෙක් හා සමාන උතුම් ගති ඇති කෙනෙකි.

එතුමා ජීවිත කාලයේම නිර්මාංශීව සිටි පන්සිල්-අටසිල් රකින උතුම් ගුණ ඇති කෙනෙකි. විශේෂයෙන්ම කිරි අම්මාවරුන්ගේ දාන ඉතාම භක්තියෙන් කරන කෙනෙකි.

එතුමා පරිශීලනය කරන මෙම පුස්කොළ ග්‍රන්ථ, ඉතාමත්ම පැරණිම ඒවාය.
අපගේ “ධන වන්තරී ශ්‍රී කාර්ය සිද්ධි“ යන්ත්‍ර වලටද පුද්ගල ආකර්ෂණ යන්ත්‍ර වලටද අත්පොත් තබා ඇත්තේ මෙම ග්‍රන්ථානුසාරයෙනි.

අප සේවයෙන් යන්ත්‍ර කරනු ලබන්නේ, අදාල ලෙස සූක්ෂමව කේන්දර සටහන් පරික්ෂා කොට, අදාල සුභ නැකැත් ඒ අනුව සාදා, නිසි ජප සංඛ්‍යාව තීරණය කර යනාදි වශයෙනි.
යන්ත්‍ර මෙන්ම මුදු ආදියද කරනු ලබන්නේ ඒ ආකාරයෙනි.




Thursday, October 15, 2015

තුලා ලග්න හිමියන් !


තුලා රාශිය රාශි වළල්ලේ 7 වන රාශියයි. සිකුරු ග්‍රහයාට හිමිවන පුරුෂ රාශියක් වන මෙය, වායු බල රාශියකි.
නැගෙනහිර අහසේ තරාදියක ස්වරූපයෙන් ඇති තාරකා පන්තිය තුලා රාශිය යනුවෙන් ආදියේ ඍෂිවරු මෙම රාශිය හැඳින්වීය.

තුලා රාශියේ චන්ද්‍රයා/සඳු ගමන් කරන විට නැකැත් 3ක් මුණ ගැසේ. එනම් කුජ හිමි සිත නැකත, රාහු හිමි සා නැකත, ගුරු හිමි විසා නැකතයි.
මෙම නැකැත් 3කට රාශි වළල්ලේදි ඉඩදෙන තුලා රාශියෙන් උපදින අය ගැන විමසමු.

● තුලා ලග්නයෙන් උපදින අය බොහෝම මධ්‍යස්ථ අයවලුන් වෙති.
විශේෂයෙන්ම මෙහිදී කිව යුත්තේ, සාධාරණ, සමාජ සාධාරණය ගැන කතා කරන විශේෂයෙන්ම ධර්මිෂ්ට, නීතිගරුක, සාධාරණ මිනිසුන් මේ ලග්නයෙන් උපදී.

● තරාදිය මෙන් ජීවිතය සමබරව පවත්වාගෙන යන පුද්ගලයන් වෙති.
කෙලින් වැඩ කරයි. අන් අයට අනුකම්පා කර උදව් කිරීමටද පෙළඹේ. යුක්තිගරුක, නීතිගරුක අය වෙති. සමගියෙන් සාමදානයෙන් ජීවත් වීමට කැමති අයයි. තමා ගැන සිතනවාට වඩා අනුන් ගැන සිතන ලක්ෂණද ඇත. අන් අයට උදව් කිරීමට තම කාලය ශ්‍රමය ධනය වැය කරයි.
* වැඩට ශූර අයවෙති. සිදුවන දේවල් ගැන දැනගැනීමේ සහජ හැකියාවක් ඇත.
තරහ ආවද ඉතා ඉක්මණින් තරහ නැතිවේ. කතාවෙන් අන් අයගෙ සිත් සතුටු කිරීමටද හැකි අය වෙති. අන් අයගෙ හොද හිත දිනාගෙන කටයුතු කරන මානුෂවාදි චරිත බොහෝ තුලා ලග්න හිමියන් තුලින් දැක ඇත. ලෞකික ආශා සහිතයි

තුලා ලග්නයේ ලග්නාධිපති වන්නේ සිකුරු ග්‍රහ තාරකාවයි.
අප මීට කලින් සිකුරුට අයත් එක ලග්නයක් සම්බන්ධව විග්‍රහ කලෙමු. එම ලග්නය වූයේ වෘෂභයයි.
වෘෂභ ලග්නයේ මෙන් නොව සිකුරු තුලා රාශියෙදි, තුලාව ඔහුට දිවා බල පුරුෂ රාශියකි.

● වෘෂභ රාශියේ නැති යම් යම් සිකුරුට අයත් ආවේණික ගතිගුණ, තුලාවෙදි ප්‍රකටව පෙන්වයි.
එනම්, සත්‍යවාදි බව විශේෂයෙන්ම මධ්‍යස්ථ බව, ආදරය ප්‍රේමයට ඇති නම්‍යශීලිභාවය එසේම සිකුරු ග්‍රහයා ලිංගික කටයුතු එසේම ඊට අදාල සියලුම කටයුතු වලට යම් ආකාරයකට මූලිකත්වය දෙන බැවින් ඒ ඒ කටයුතු වල ඇති සමමිතික භාවය තුලා රාශියෙදි මනාව පෙන්වයි.

● මේ තුලා රාශියෙදි දුකට අධිපති ශනි/සෙනසුරු ග්‍රහ තාරකාව, උච්ච බලයට පත් වේ. මේ උච්ච බලයට පත්වෙන ශනි, විශේෂයෙන්ම ලෝකෝත්තර පැත්ත ගැන කල්පනාකාරි වේ. එය විශේෂිත කාරණාවකි.

● තුලා ලග්නයේ අයට බොහෝදුරට, වානිජ ක්ෂෙත්‍රය ගැලපේ යැයි අපගේ නිගමනයයි.
මන්ද අපගේ පර්යේෂණාත්මක ජ්‍යොතිෂ්‍යය අත්දැකීම් තුල තුලා ලග්න බොහෝ අය ව්‍යාපාරික කටයුතු වලින් ඉදිරියට ගොස් එහි විශේෂිත ජයග්‍රහණ හිමි කරගෙන සිටි. එනම් ඒ අයට එයින් වාසි සහගත තත්ව ඇතිවි ඇත.
තුලා ලග්නයේ අයට තවද විදේශ රැකියාවන් මනාව ගැලපේ. කළමණාකරණ ධූර, රාජ්‍ය සේවයේ ඉහල තල, ගුරු වෘත්තිය, විශේෂයෙන් නීතිය හා සාමය බැඳුනු වෘත්තීන් හොඳින් ගැලපේ.
* එසේම යම් ජන්මියෙකුගේ අඟහරු/කුජ තුලා රාශියේ තැන්පත් වීමෙන් ඔහු විනිශ්චකාරධූරයකට පවා සුදුසු බව එක්තරා ජ්‍යොතිෂ්‍ය ග්‍රන්ථයක තිබුනි- ඒ ගැන කල්පනාකර බලන විට එය සත්‍ය කාරණාවකි.
මන්ද එම පුද්ගලයා බොහෝවිට පක්ෂග්‍රාහි නොවන අපක්ෂපාති පුද්ගලයෙක් බවට පත්වන නිසාය.

● ආදර සබදතා ගැන කල්පනා කර බැලුවහොත් ආදරයට ප්‍රේමයට ඉතාම නම්‍යශීලි ආකාරයට යොමුවේ.
තුලා ලග්න කරුවා, වෘෂභ ලග්න කරුවා මෙන්ම ආත්මාර්ථකාමි හැඟීම් ඇති කෙනෙක් නොවේ. විශේෂයෙන්ම පෙම් සබදතා වලදී බොහෝවිට තමන් දක්වන ආදරයට සමාන ආදරයක් ආදරවන්තයා/වන්තියගෙන් බලාපොරොත්තු වේ. මොවුන් ඉතා කලාතුරකින්වත් වරදේ නොබැඳෙන අයවෙති. ඒ තරමටම සිතිවිලි වල ස්ථාවරත්වය පවත්වාගෙන යයි. (මේ කේන්දරය අනුව වෙනස් වේ)
විශේෂයෙන්ම සඳහන් කල යුත්තේ, විවාහයෙන් පසු භාර්යාවට/ස්වාමියාට දැඩි සෙනෙහසක් දක්වන තුලා ලග්න හිමියන් ඉන්පසු තම දුවාදරුවන්ටද බොහෝ ආදරය කරුණාව දක්වයි.
පවුලේ සියලුම ඥාතින්ටද එක හා සමානව සලකයි. මොවුන් පටු භේද සලකන්නේ නැත.
ගෘහ ජිවිතය තුල ඉතා සාමකාමිව හැසිරෙන කෙනෙකි, තුලා ලග්න හිමියා.

● තුලා ලග්න අයට බොහෝවිට මුත්‍රා අමාරු, ජීර්ණ පද්ධතියේ ආසාදන හෝ රෝග වැළදීමේ ඉඩකඩ ඇත. කෙසේ වෙතත් පර්යේෂණාත්මක ජ්‍යොතිෂ්‍යය කටයුතු වල නියැලෙන අපට තුලා ලග්න හිමියන් බොහෝවිට නිරෝග ජිවිත ගත කරන අය වෙති. විශේෂිත උපද්‍රව ඔවුන්ට නොමැත.

 * ලග්නයට හොද ග්‍රහ බල එල්ල වී තිබුනොත්, ඔවුන් සාමාන්‍යයෙන් අවුරුදු 80 ඉක්මවා ආයු බලය වින්දනය කරති.

_ දුර්වලතා_

ගතානුගතික මත වල එල්ලී සිටී. එයට අමතරව නවීන ලෝකය හා කටයුතු කිරීමට මැලිකමක් දක්වයි.
සිත තුල මානසික ඒකාග්‍රතාවය අඩුවීම ඇත.
අන් අයට උදව් කිරීමට ගොස් අමාරුවේ වැටිය හැක.


● ශුභ දවස - සෙනසුරාදා දිනය හැරුනු විට බදාදා සහ සිකුරාදාය

● දිශාව - උතුර, ඊසාන (සියලුම ලග්න වල සාමාන්‍ය ලෙස උතුර සහ ඊසානය සුබයි)

● ශුභ වර්ණය - ලා නිල් පාට සහ ලා කොළ පාටයි.

● ශුභ අංක - , 5-6-9

Wednesday, October 14, 2015

මුහුණු පොතේ අප හා බැඳි සියලුම සහෘද පාඨක ජනතාව සහ පාඨක නොවන ජනතාවට, අති විශේෂ නිවේදනයයි.



දයාබර පාඨකයිනි, අන්තර්ජාලයේ අංක 1 ජ්‍යෝතිෂ්‍යය සේවා සපයන්නා වශයෙන් අප මේ අවස්ථාවේදී ඉහලින්ම සිටින්නෙ පාඨක ඔබට සාරවත් දේ දීමට පැය 24ම බැඳී සිටින බැවිනි.
අපගේ සේවය රැඳි පවතින්නේ දක්ෂම වාස්තු සහ ගුප්ත විද්‍යා ජ්‍යොතිර්වේදින්ගෙන් මෙන්ම ඊට එහා ගිය භාවනානුයෝගී මහතුන්ගෙනි.

* අප විශේෂයෙන්ම සඳහන් කල යුත්තේ, අන්තර් ජාලයේ සේවා සපයනවා යැයි පිරිසක් පවසාගෙන යන අතර අපගේ  “ ශ්‍රී රාවණමුඛ ධන යන්තරී සිද්ධි ආකර්ෂණ යන්ත්‍රය “ සහ අනිකුත් යන්ත්‍ර  ඉතාම අවම අගයකට හෝ නොමිලේ දෙන බව පවසමින් මේ දිනවල රාවයක් පැතිර යවමින් පවති.

• අපගේ සියලුම කටයුතු ගුප්ත විද්‍යා අංශයෙන් ඉෂ්ට සිද්ධ කරනු ලබන්නේ, මූලිකත්වය දරන්නේද අපගේ ගෞරවනීය හෙල පරම්පරා ගුරු උක්කුං බණ්ඩා ගුරුන්නාන්සේ මැතිතුමාය.
සමහරවිට අපට පැමිණිලි ලැබී තිබෙනවා, අපගේ යන්ත්‍ර වලට සමාන යන්ත්‍ර විවිධාකාර පුද්ගලයන් බෙදා හරින බව. පාඨක ඔබට හෝ පාඨක නොවන ඔබට ඕනෑම තැනකින් ඕනෑම වැඩක් කරගැනිමේ අයිතිය පවතින බවත්, එම අයිතියට අප නොපිරිහෙලාම ගරු කරන බවත් ප්‍රකාශ කරමු !

• පිටින් කරගන්නා දේවල් වලට, අප ආයතනය සම්බන්ධ නොකරගන්නා ලෙසද, අප ඒවාට වග නොකියන බවද සඳහන් කරනු කැමැත්තෙමු.

• අප ආයතනය මෙපමණ කලක් පැවත ඇත්තේ හරි දේ හරියට සහ නිසි ප්‍රමිතියට කර ඇති නිසාය.
අප යන්ත්‍ර කටයුතු කරන්නේ, අදාල එක් පුද්ගලයෙකුට එක් අවස්ථාවක පමණි.
එසේම එම යන්ත්‍රය කරනු ලබන්නේ කේන්දර සටහන සූක්ෂමව පරික්ෂා කර අදාල ග්‍රහයන්ගේ හැසිරීම් අංශක ආදියෙන් පවා බලා ඊට අනුකූලව සුභ නැකැත් සාදා ජප අරඹා නිසි ජප සංඛ්‍යාව පූර්ණය කෙරෙන පරිද්දෙනි.
(බොහෝ තැන් වල මෙන් එක ජාතියේ යන්තර 100ක් පමණ ජප කරන කටයුතු අපගේ නැත)

• මේ සම්බන්ධව අප +Iru Astrology , ඉරු සේවයේ ගුප්ත ශාස්ත්‍රීය කටයුතු වල මූලිකත්වය ගන්නා මහා හෙලගුරු ගෞරවනීය උක්කුං බණ්ඩා ගුරුන්නාන්සේ මහතා ඉදිරියේදි ප්‍රකාශයක් කිරීමට නියමිතයි.

Monday, October 12, 2015

සතියේ ලග්න පලාපලය - ඔක් 12 සිට 19

● මේෂ
සමඵලයි.
ආර්ථික තත්වය මේ සතිය තුලදි තරමක විචල්‍යතාවයක පවති. විශේෂයෙන්ම ඔබ පරිස්සම් විය යුතුයි, ණයට ගැනීමෙන් ණයට දීමෙන්. විශේෂ වශයෙන් ගිවිසුම් වලට බැඳිමෙන් පරිස්සම් වන්න. තැන්පත් ධනය අනිසි ආකාරයට වියදම් කරගැනීමෙන් පරිස්සම් විය යුතුයි.
ගෘහ ජිවිතය තුල ඔබගේ සතුට සමාදානය ගැන වෙනදාට වඩා සිතිය යුතුයි. මන්ද මේ කාලය තුල චන්ද්‍රයා හැසිරෙන්නේ කන්‍යාව, තුලාව සහ වෘශ්චික යන රාශි වලය. මේ කාල වලදි අඹුසැමි භේද ඇතිවිය හැකියි. පවුලේ සමගියට බාධා පැමිණිය හැකියි. දරුවන්ගේ කටයුතු වලටද යම් බාධා පෙන්වයි.
සෞඛ්‍ය තත්වය මේ සතියෙදි අයහපත් විය හැකියි. ජලාශ්‍රිත රෝග පීඩා ඇතිවිය හැකියි. සෙම් අමාරු, මුත්‍රා අමාරු ආදි රෝගද ශල්‍යකර්ම කල අයද පරිස්සම් වන්න. නිදන්ගත රෝගාබාධ ඇති අය ප්‍රවේසම් වන්නට කටයුතු කරන්න.


●  වෘෂභ
සමඵලයි.
මේ සතියෙදි ආර්ථික තත්වය දියුණු කරගන්න පුලුවන් වන්නේ සතියේ මුල් දවස් 2-3 ආදි කාලයේය. ණයට දුන් මුදල් අය වෙනවා. හදිසි ධනලාභ වාසනාව, හදිසි මුදල් ආදිය නිසා ආර්ථිකය දියුනු වේ. සතියේ මැදට යන්නට යන්නට ආර්ථිකයේ යම් අඩුවක් පෙන්වයි. ආර්ථිකය රැකගන්න. ණයට දීම, ණය තුරුස් වල පැටලීම සහ තැන්පත් ධනය වියදම් කිරිමෙදි පරිස්සම් වන්න.
ගෘහ ජිවිතය තුල සතුට ඒකාකාරිව පවත්වාගෙන යාමේ ගැටළුවක් පවති, චන්ද්‍රයාගේ ගමනද අනුව දරුවන් සම්බන්ද කටයුතු වල ප්‍රගතියක් තියෙනවා. සතිය මැදදී ආර්ථික ප්‍රශ්න සහ ගැටළු තුල විවාහ ජිවිතයේ අඹුසැමියන් අතර යම් සිත් අමනාපකම් ඇතිවිය හැකියි.
ජලාශ්‍රිත බෝවන රෝග වලින් පරිස්සම් විම අත්‍යාවශ්‍යයි. සෞඛ්‍ය සම්පන්න ජිවන රටාවකට හුරු වන්න.


●  මිථුන
සුභයි.
ආර්ථික වාසි ලැබේ. උරුමහරුමකම් දේපල ලැබේ. වැඩිහිටි ඥාතින්ගෙන් දියුණුවට උදව්, මුදල් ආධාර උපකාර ලැබේ. මේ සතියෙදි විශේෂ වශයෙන්ම නිවසට අලුත් බඩු මුට්ටු මිලදී ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා. ඔබ භූමි ලාභයකට, වස්තු ලාභයකට අදහස් ඇත්නම් ඒවා සාර්ථක වෙනවා.
ගෘහ ජිවිතය සතුටින් ගත වෙනව. නිවසට අලුතින් කොටසක් එකතු කරගත හැකියි. අලුත් බඩු මට්ටු මිලදී ගැනීමට වාසනාව ලැබේවි. සිතට ප්‍රීතිය ලැබේ.
සෞඛ්‍ය තත්වය තුල ඔබට විශේෂ ගැටළු නෑ. නිදන්ගත රෝග ඇති අය පරිස්සම් වන්න.
ඇති රෝග පාලනය කරගන්න.


●  කටක
පැහැදිලිවම ශුභ සතියකි.
ආර්ථිකය දියුණු වේ. උත්සහයේ උනන්දුවේ හැටියට දියුණුව ලැබේ.  පිටපලාත් වල රැකියා කරන අයට විශේෂයෙන්ම හොදයි. රසකැවිලි වැනි ව්‍යාපාර සහ කාන්තාවන්ට අවශ්‍ය දේ අලෙවි කරන අයටත් මේ සතියෙදි ඉතා හොඳයි. විශේෂ කාරණාවක් නම් ඔබගේ ඥාතියෙකුගෙන් හෝ හිතවතෙකුගෙන් මේ සතිය ඇතුලතදී ඔබට දියුණුවට අතහිත ලැබේ.
ගෘහ ජිවිතය තුල ඔබගේ සමාදානය රැකේ. අඹුසැමි ප්‍රේමය වැඩි දියුණු වේ. ප්‍රේම සබදතා ශක්තිමත් වේ. වැඩිහිටියන්ගේ ආශිර්වාදයන් ප්‍රේම සබදතා වලට ලැබේ. අවිවාහක අයට මංගල යෝග උදා වේ.
සෞඛ්‍ය තත්වය තුල ශරීරයට සෙම් අමාරු සහ උදරාබාධ වැළදෙන්නට පුලුවන්. නිතර දෙවේලේ ගමන් බිමන් නිසා යම් ආතතියක් ඇතිවිය හැක.


●  සිංහ
ඉතාම ශුභ සතියකි.
ආර්ථික ස්ථාවරත්වය සතිය පුරාම රඳා පැවතෙනවා. පැරණි හිතවතෙක්ගෙන් ඥාතියෙක්ගෙන් මුදලක් ලැබිමේ වාසනාව පවති. උරුමහරුමකම් ලැබේ. ඒවගේම අලුත් ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරිමටත් ඒවා සාර්ථක කරගැනිමටත් වාසනාව පවති.
ගෘහ ජිවිතය තුල ඔබගේ භූමිකාව ඉතාම ප්‍රබලව ඉස්මතු වන සතියක්. නිවසට අලුත් බඩුබාහිරාදිය ගැනීමටත් නිවසට අලුත් කොටසක් එකතු කිරිමටත් හැකියාව ලැබේ. ආර්ථික වාසි සමග ගෘහ ජිවිතයේ තත්වයද සැනසිලි දායක වේ. දරුවන් සමග පිටපලාත් වල සංචාරයද විනෝද චාරිකා, විනෝද ගමන් ආදියටද වාසනාව මේ සතියේ පවති.
සෞඛ්‍ය තත්වය යහපත් වුවත්, නිදන්ගත රෝග ඇති අය පරිස්සම් වන්න.
උපතෙදි සෙනසුරු-රාහු 3 සහ 4 තැන්පත්ව සිටි අයට ස්වල්ප වශයෙන් ඇඟපත වේදනා, කැක්කුම් ආදිය ඇතිවන්නට පුලුවන්.


●  කන්‍යා
ඉතාම සුභයි.
කාලෙකට පස්සෙ ආර්ථික වාසි සැලසෙන සතියකි. තමාගේ ප්‍රියමනාප කතා විලාශය සහ හොඳ නම ඇති අයට බොහෝ දියුණුව ලැබේ. ව්‍යපාරික කටයුතු දියුණු වේ. පිට පලාත් වල වෙළදාම් කරන අයට ආර්ථික වාසි සැලසෙනවා වගේම විදේශ රටවල සේවය කරන අයටත් වාසි ලැබේ.
ගෘහ ජිවිතය තුල ඔබට සතුට සමාදානය රජ කරයි. විශේෂයෙන්ම දුවාදරුවන් සමග හොඳ සම්බන්ධතාවයක් ඇති කරගන්නට පුලුවන්. මේ කාලයෙදි අලුත් ඥාති සබදතා හිතවත්කම් ගොඩනැගේ. අවිවාහක අයගේ මංගල කටයුතු සාර්ථක වේ. ඒවාට පදනම වැටේ. ප්‍රේම සබදතා ස්ථිර වේ.
සෞඛ්‍ය තත්වයේ සෙම් අමාරු ආදියෙන් පරිස්සම් වන්න.


●  තුලා
වාසනාවන්ත සතියකි.
ඔබගේ උත්සහයේ හැටියට දියුණු වෙන්ට පුලුවන්. නමුත් සතියේ මුල් දවස් 2-3දි කිසියම් ආකාරයකට යම් පීඩාවක්, පීඩනයක් එල්ල වෙන්න පුලුවන්. තමන්ගේ කරන කියන කටයුතු වල අඩියක් පස්සට ගන්න සිද්ධ වේවි, නමුත් එය ඔබගේ උත්සහය සමග වලකින්න පුලුවන්.
ගෘහ ජිවිතය තුල බොහොම ප්‍රියමනාපව කටයුතු කරන්නට පුලුවන්. අඹුසැමි ප්‍රේමය දළුලනවා. ඔවුනොවුන්ගේ සිත් වල කාලාන්තරයක් තිබුනු බලාපොරොත්තුවක් ඉටු වෙන්නට පුලුවන්. ඒ සම්බන්ධව සියලු දේ ඔබට හොඳයි.
සෞඛ්‍ය තත්වයේ යම් ගැටළු තිබෙනවා. චන්ද්‍රයා 12 හැසිරෙන මුල් දවස් 2ත් චන්ද්‍රයා වෘශ්චික රාශියේ හැසිරෙන අවසාන දවස් වලත් යම් ගැටළුකාරි තත්ව ඇතිවෙන්ට පුලුවන්. සෙම් අසනීප, ඇඟේ පතේ අමාරු, උදරාබාධ ගැන පරිස්සම් වන්න. නමුත් සතියේ වැඩි කොටසක් නිදහසේ මානසික ඒකාග්‍රතාවය රැකගෙන සිටිමට හැකියාව ඇත.


●  වෘශ්චික
වාසනාවන්ත සතියක්.
අයස්ථානයේ චන්ද්‍රයා සිටියදි ඇරඹෙන සතිය හොඳයි. අතුරු ආදායම් මාර්ග ලැබේ. ඥාතින්ගෙන් හිතවතුන්ගෙන් ආර්ථික වාසි වලට උදව් ලැබේ. විදේශ රැකියා වල නියුතු අයට විශේෂ වාසි ලැබේ. වැඩිහිටි ඥාතින්ගෙන් උදව් ලැබේ. තමාගේ දියුණුවට බොහෝ අයගෙන් උදව් ලැබේ.
ගෘහ ජිවිතය තුල ඔබගේ භූමිකාව ප්‍රබලව හොද ආකාරයට පරිවර්ථනය වේ. ඔබ බිරිඳට/ස්වාමියාට නව බඩු භාණ්ඩ ආදිය මිලදි දෙන්නට ඔබට සිත් පහල වේ. නිවසේ යම් අලුත්වැඩියාවකට ඔබගේ සිත යොමුවේවි. සමහර වෙලාවට පිට පලාත් වල ඉඩකඩම්-භූමිලාභ-වස්තු ලාභ හිමි වේවි.
සෞඛ්‍ය තත්වය හොඳ තත්වයක තියෙනවා. සතියේ මධ්‍ය කොටසෙදි ඔබට කිසියම් ආකාරයකට සෞඛ්‍ය ගැටළු පැනනගින්න පුලුවන්. හිස කැක්කුම, ඇඟපතේ වේදනාව ආදිය විය හැක.


●  ධනු
ඉතාම වාසනාවන්ත සතියක්.
ආර්ථික වාසි හිමි වේ. ව්‍යාපාරික කටයුතු දියුණු වේ. රැකියා කරන අයටත් උසස්වීම් - වැටුප් වර්ධක හිමිවීමට වාසනාව තියෙනව. පිටපලාත් වල කරන රැකියා දියුණු වේ.
ගෘහ ජිවිතය බොහොම වාසනාවන්ත මේ සතියෙදි අලුත් දේවල් මිලදී ගෙන බිරිඳට ලබාදිමට සිතේ. දුරබැහැර ඥාතියෙක් නිවසට පැමිණෙන්නට පුලුවන්. ඥාතින්, අසල්වාසින් සමග සතුටින් සමාදානයෙන් සිටින සතියකි. සිතට සතුට ලැබේ.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැහැ. සතිය අගදී සෙම් අමාරු, ඇඟපත වේදනාව වැනි රෝග වලින් පරිස්සම් වන්න.


●  මකර
ඉතාම ශුභ සතියකි.
භාග්‍යස්ථානයේ චන්ද්‍රයා සිටියදි ඇරඹෙන මේ සතියෙදි ආර්ථික තත්වය දියුණු වෙන්නේ පෙර පිනට වාගේය. වැඩිහිටි ඥාතින්ගෙන් උදව් උපකාර ලැබේ. රැකියා කරන අයටද ඉතාම සුබයි. පිටපලාත් වල රැකියා සහ විශේෂයෙන්ම ව්‍යාපාර කරන අයටත් සුබයි. විදෙස්ගත අයටත් සුබයි.
ගෘහ ජිවිතය තුල දියුනුව ඇතිවේ. ඔබට ආර්ථික වාසි සැලසෙන නිසාම පවුලේ අය සමග පිට පලාත් වල සංචාරයට, විනෝද ගමන් යාමට වාසනාව ලැබෙන සතියකි. ඔබ නිතරම සතුටින් සිටින කාලයක් ලෙස මේ සතිය හැඳින්විය හැකියි.
සෞඛ්‍ය තත්වය තුල ඔබගේ සෞඛ්‍යයට හානි කරන විශේෂ දේවල් මේ සතියෙදි සිද්ධ වෙන්නෙ නැහැ. නමුත් සතිය අගදී ඔබගේ දෙපා සහ ඇඟපත වේදනා ආදිය ගැන ප්‍රවේසම් වන්න.


●  කුම්භ
සමඵල සතියකි.
චන්ද්‍රයා 8 වැන්නේ සිටියදී උදාවන මේ සතිය යම් මානසික චිත්ත පීඩා ඇති කරන්න පුලුවන්. විශේෂයෙන්ම ණය තුරුස් සම්බන්ධවත්, ව්‍යාපාර වස්තු වල හවුල්කාර පාර්ශව සමග යම් මත ගැටුම් ඇතිවිම නිසාත් ප්‍රශ්න ඇතිවෙන්න පුලුවන්. රැකියා කරන අයට රැකියා ස්ථානයේ යම් දුෂ්කරතා ඇතිවෙන්නට පුලුවන්. ඒ ගැන සැලකිලිමත් වන්න.
ගෘහ ජිවිතයේ අඹුසැමියන් අතර සැකය නිසා යම් ගැටළු සහගත තත්වයන් ඇතිවෙන්නට පුලුවන්, මතභේද ඇතිවෙන්නට පුලුවන්. ඒවා ඉවසීමෙන් සහ දූරදර්ශීව කටයුතු කරන සමනය කරගන්න.
සෞඛ්‍ය තත්වයේ, විශේෂයෙන්ම ශල්‍යකර්ම වලට භාජනය වී ඇත්නම් ප්‍රවේසම් වන්න, පසු සංකූලතා ඇතිවිය හැකියි. සෙම් අමාරු වලින්ද පරිස්සම් වන්න.



●  මීන
සමඵලදායකයි.
සතියේ මුල් දවස් 2-3දි ඔබට ආර්ථික වාසි සහ කොටස් කරුවන් සමග ‍බොහෝම කුළුපගව කටයුතු කරන්නට හැකියාව ලැබේවි. නමුත් සතියේ මැදදී යම් ණය තුරුස් සහ ඔබට යම් ගැටළු මතුවිය හැකියි. ඒ ගැන ඔබ විමසිලිමත් වන්න. ඔබට මේ සතියෙදි දඩ හෝ එවන් අවාසි සහගත තත්වයන් ඇතිවිය හැකියි. ඔබට දෙන අවවාදය නම් මේ සතියෙදි ඇපයට අත්සන් කිරිම්, ණය තුරුස් වලට මැදිහත් කරුවෙක් ලෙස කටයුතු කිරිම් ආදියෙන් පරිස්සම් වන්න.
ගෘහ ජිවිතය තුල මුල් දින කීපයෙදි ඔබ සතුටින් සමාදානයෙන් සිටිනවා. නමුත් සතිය මැදදී ඔබට දුරබැහැර ගමන් නිසා පවුලේ අයගෙන් යම් දුරස් වීමක් වේවි තාවකාලිකව,නමුත් ඒවා ඔබට ආර්ථික වශයෙන් වාසිදායක ගමන් වෙන්නට පුලුවන්.
සෞඛ්‍ය තත්වයේ, ලොකු ගැටළු නැහැ.
නමුත් චන්ද්‍රයා 8 වැන්නේ හැසිරෙන නිසා විශේෂයෙන්ම මීන ලග්නයේ කුඩා දරුවන් ජලාශ්‍රිත රෝග වලින් ආරක්ෂා කරගන්නවා වගේම, වැව් පොකුණු තටාක ගංඟා වලින් නෑම මේ සතියෙදි නොකල යුතුයි. පරිස්සම් වන්න.













Saturday, October 10, 2015







මිනිසුන්ගේ හැටි සෑමදෙයම අමතක කිරීමය.
එය ලංකාවෙ වෙන රටවලටත් වඩා ඇත. අකෘතඥකම් මිනිසුන්ගේ තරම් තිරිසන් සතුන්ගේවත් නැත.


අපගෙන් සේවාගෙන බොහෝ කරදර බාධක තිබියදී ජිවිතය සාර්ථක කරගත් අය, වෙනත් අයට ආවැඩිම දැකීම සිතට ඇති කරන්නේ කලකිරිමකි.
ආර්ථික අපහසුකම් කියූ අයට අප විසින් නොමිලේ  සේවා ලබාදී ඇත. එය කල විට අප බලාපොරොත්තු වන්නේ ඉන්පසු තම ජිවිතය යහපත් කරගැනිමය. එසේ නොකර තව තවත් අපගෙන්ම දේවල් කරගන්නට කටයුතු කරන්නේ වෙනත් ව්‍යාජ අයටම වියදම් කර තමන්ගේ සේසතම නැති කරගත් සමහරුය. ටිකක් හරි ගිය පසු, වියදම් දීම කෙසේ වෙතත් තවත් දේ බලෙන් වාගේ කරගැනීමට තැත් කිරීම් ආදිය නිසා අපට ඇතිවු කලකිරිම් වලින් අප විසින් ඔවුන්ව ඉවත් කර ඇත.
ඒවායින් අප කෙනෙකුට කරන උදව් නතර නොකලද, ඒවායෙන් ලැබෙන අත්දැකීම් තුලින් යම් තීරණ වලට අප එළඹී ඇත.

අප සේවයේ සියලුදෙනා මෙතන බලාගන්නා අය ඇතුලුව, වෙනත් රැකියා සහ ව්‍යාපාර වල යෙදීම නිසා මෙම සේවාව හරහා පමණක් යැපෙන තත්වයක කිසිවෙකු නැතිවීම අපට ඇති ශක්තියයි.
ඉරු සේවය මෙතන කරන්නෙ සේවයකි. පවත්වාගෙන යන්නේද ඒ ආකාරයෙන්ය.

තවද එක් එක් දේශපාලඥනයන් හෝ වෙනත් ඉහල තනතුරු දරණ කිසිවෙකුට හෝ ඔවුන්ගේ හෙංචයියන්ට, බත් බැලයන් ගැන අප සැලකීමක් කරන්නේද නැත.
හිටපු ජනාධිපතුමන් මෙන්ම දැන් ජනාධිපතිතුමන් ගැනද අප දන්නා අතර, ඒ සියලු අය සමග සබදතා අපට ඇත.
ඒ කාට වුවද සේවා සපයන්නෙ එකම ආකාරයකටය.

ස්තූතියි !
#ඉරු

Friday, October 9, 2015

ඔබට දැන් හිමිව ඇත්තේ පරාජය හෝ තමන්ට ලැබිය යුතු තත්වය නොවේ නම්, එය ඉක්මණින්ම අමතක කර අතීතයේ තබන්න.

● තම හිතේ තබාගත යුත්තේ අනාගතයෙදි හිමි කරගන්නා ජයග්‍රහණ, තමන් ලැබිය යුතු තත්වයන් ආදි දේ පමණි.
අතීතයේ සිදුවුනු වැරදි භාවිත කල යුත්තේ අනාගතය වාසනාවන්ත කරගැනීමටය..

● එසේ සිතන්නේ නම් අද කුමන අසරණ තත්වයක් තිබුනද සිතේ ඇති ධෛර්යය නිසාම අද දවස යහපත්ව ගත කල හැකිසේම යම් දිනක සාර්ථකත්වය ලැබීමටත්, ජය ලැබීමටත් හැකියාව ඇති බව සිතේ තබාගන්න..

Tuesday, October 6, 2015

සතියේ ලග්න පලාපලය - ඔක්. 6 සිට

● මේෂ
ශුභයි.
ඉතාම හොඳ සතියකි. ආර්ථික තත්වය දියුණු වේ. විශේෂයෙන්ම මෙම සතිය ඇතුලතදී හදිසි ධනලාභ වලට හේතුයි. කරන කියන කටයුතු දියුනු වෙයි. වෙළදාම් වල නියුතු අයට ඉතා ශුභ පල ඇතිවේ.
ගෘහ ජිවිතය සාමකාමිව ගත වේ. තමන්ගේ දියුණුව සම්බන්ධයෙන් හොඳ තත්වයක් ලැබේ. දරුවන් සම්බන්ධ කටයුතු වල ප්‍රමුඛස්ථානයක් ගනී. එසේම මේ සතිය අගදී පවුලේ කෙනෙකු වෙනුවෙන් මුදල් වියපැහැදම් කිරිමට සිදුවනු ඇත.
සෙම් රෝග සම්බන්ධව යම් ගැටළු ඇතිමුත් ඒවා සමනය වන අතර සතිය අගදී ආමාශගත අජීරණයන්ට හේතුයි.


● වෘෂභ
හොඳ සතියකි.
මේ සතිය ඇතුලතදී ඔබගේ උත්සහයේ තරමට ප්‍රතිඵල ලැබෙන අතර, ඔබගේ ධෛර්යයමත්භාවය ඉස්මතු වුවෝත් ක්‍රමානුකූලව මේ සතිය අගදී ඔබට පිවිසිය හැක. එසේම සංචාරක ක්ෂෙත්‍ර වල නියුතු ඔබටද එසේම වෙලහෙලදාම් පිට පලාත් වල කරන ඔබටද මේ සතියෙදි ආර්ථික වාසි වැඩි වැඩියෙන් අත්පත් කරගැනිමට හැකිය.
ගෘහ ජිවිතය තුල මේ සතියෙදි සතුට සමාදානය ඇති වේ. අඹුසැමි ප්‍රේමය වර්ධනය වන අතර, තමාගේ ඥාති මිතුරන් එසේම පවුලේ සහෝදර සහෝදරියන් ආදිය නිවසට පැමිණෙනු ඇත. ඔවුන් සමග ප්‍රීති වීමට ඔබට වාසනාව ලැබේ.
සෞඛ්‍ය සම්බන්ධව විමසා බලන කල, චන්ද්‍රයාගේ ගමන අනුව සිතන කල පපුවේ සෙම් රෝග සහ ජලය ආශ්‍රිත බෝවන රෝග වලින් පරිස්සම් විය යුතුය.



● මිථුන
ඉතාම ශුභ සතියකි.
මේ සතියෙදි ආර්ථික තත්වය ඉතාම බලවත් තත්වයක පිහිටන බව පෙනී යයි. එසේම ඔබගේ වෙලහෙලදාම් කටයුතු දියුණු වේ. රැකියා කරන අයටද දියුණු තත්වයක් ඇතිවන බව කිව යුතුය. මිථුන ලග්නයේ කලා ක්ෂෙත්‍රයේ නියුතු අයට මේ කාලයෙදි නව නිර්මාණ කිරිමට සහ නව නිර්මාණ වලට දායක වීමට ඉඩ ප්‍රස්ථාව වැඩියෙන් ලැබේ. සියලුම ක්සෙත්‍ර වල අයට මේ සතිය සුබයි.
ගෘහ ජිවිතය තුල සතුට සමාදානය ඇතිවන අතර, දුවාදරුවන් සමග වැඩිපුර කාලය ගත කිරිමට අවස්ථාව ලැබේ. ඥාති මිත්‍රාදින් නිවසට පැමිණෙනු ඇත. මංගල යෝග බලවත් වන කාලයකි, ප්‍රේම සම්බන්ධතා වල නැවුම් බවක් ඔබට අත්කර දෙන මේ සතිය තුල ධන-ධාන්‍ය තත්වයද දියුණු වේ.
සෞඛ්‍ය තත්වය තුල, ප්‍රබල ගැටළු නොමැත. නමුත් ජලය ආශ්‍රිත බෝවන රෝග වලින් පරිස්සම් විය යුතුය.


● කටක
මේ සතිය ඉතාම ශුභ සතියකි.
ලග්නාධිපති සදු බලවත් වන මේ සතියෙදි ඔබගේ වාසනාවට මෙන් විවිධ කටයුතු වල දියුණුව ඇතිවේ. එනම් වෙලදාම, විවිධ ධනෝපායන මාර්ග වල නියුතු ඔබට විදේශ රැකියා කරන ඔබටද මේ සතිය සුභයි.
ගෘහ ජිවිතය තුල සතුට සමාදානය ඇතිවේ. අඹුසැමි ප්‍රේමය ඇතිවේ. වෙනදාට වඩා පවුලට හිතෛශීව කටයුතු කිරිමට ඔබට සිත් පහල වේ. සතිය අගදි විනෝද චාරිකා සතුට ඇතිවන කාරණා වල යෑමට ඔබට අවස්ථාව උදා වේ.
සෞඛ්‍ය තත්වය නම් හිසේ කැක්කුම, සෙම කරවිම නිසා හිසේ බරගතිය ආදිය ඇතිවිමට හැක.


● සිංහ
සමඵල සතියකි.
ඔබ මේ සතියේ මුල් දවස් 2 -3 තුල ගිවිසුම් ප්‍රකාර කටයුතු වලින් බැහැර විය යුතුය. විශේෂයෙන්ම රැවටිලිකාර කටයුතු වලට හසුවිමට ඉඩ ඇත. එසේම ඔබ ආයෝජනය කරන මුදල් මැනවින් කල්පනා කර බලා එම කටයුතු වල යොදවන්න. නමුත් සතියේ දින 2 හැරුනු විට ඉතුරු දින වලදි ඔබගේ දියුණුව නැවත ක්‍රමානුකූලව හිස ඔසවයි.
ගෘහ ජිවිතය තුල ඔබගේ චිත්ත සමාධිය ප්‍රවේසම් කරගත යුතුයි. මන්ද සතියේ මුල් කොටසෙදි ඔබට කේන්ති යාම සහ අනවශ්‍ය කලබලය නිසා ඔබ කරදර වල පැටලිමට ඉඩ ඇත. නමුත් මේ තත්වය ක්‍රමයෙන් පහව යයි. ඉන්පසු ඔබට මානසික නිදහස හිමිවනු ඇත. පවුලේ අය සමග සතුටින් සිටිය හැක.
සෞඛ්‍ය තත්වය නම්, අතපය වල වේදනාව, පාද වල වේදනාව, නිදන්ගත රෝග ඇති අය රෝග සංකූලතා ආදිය ගැන කල්පනාවෙන් සිටින්න.


● කන්‍යා
සමඵල සතියකි.
සතියේ මුල් දින කීපයෙදි ආර්ථික ප්‍රබෝධයක් ඇතිවේ. නව ආදායම් ගැන අදහස් ඇතිවේ. ඔබ කරන කියන කටයුතු වලට පිලිගැනීමක් ලැබේ. නමුත් සතියේ මුල් දින 2න් පසු ඔබ අනවශ්‍ය මුදල් නාස්තියකට පෙළඹීමට ඉඩ තිබේ. ඒ ගැන බුද්ධිමත්ව කටයුුතු කිරිම ඔබට යහපත් වනු ඇත.
ගෘහ ජිවිතය තුල ඔබ වෙනදාට වඩා පිබිදිමෙන් වැඩ කරයි. කෙසේ වෙතත් අඹුසැමියන් අතර සතුට සමාදානය මෙන්ම පවුලේ හිතවතුන්ගේ ආදර ගෞරවය මේ සතියෙදි ලැබෙනු ඇත. ඔබට සතිය අගදී අලුත් මිතුරු ඇසුරක් හෝ ඥාති සබදතාවක් ඇතිවීමේ වැඩි ඉඩක් පවති.
සෞඛ්‍ය තත්වයේ ගැටළු ප්‍රබලව නැත. හදිසි කලබලය, මානසික ආතතිය ඇතිවිමේ ඉඩක් ඇති නිසා ඒවායින් ආරක්ෂා විමට කල්පනාකාරි වන්න.


● තුලා
හොඳ සතියකි.
මේ සතියෙදි ඉතාම සුවිශේෂි වන්නේ ආහාර, රසකැවිලි සහ කාන්තාවන්ට අවශ්‍ය ව්‍යාපාරික කටයුතු කරන වෙළද ව්‍යාපාරික ඔබටයි. එසේම සමාජයත් සමග උරෙනුර ගැටි කරන කටයුතු කරන අයගේ ආර්ථිකය දියුණු වේ. විදේශ රැකියා කරන අයගේ වැටුප් සම්බන්ධව සුභවාදි ආරංචි ලැබේ. සතිය මැදදී හදිසි ධනලාභ වලට හේතුයි.
ගෘහ ජිවිතය තුල ප්‍රීතිය සමාදානය ඇතිවේ. ආර්ථික සමෘද්ධිය නිසාම නිවසේ ප්‍රීතිමත් භාවය එක ලෙස පවති. අවිවාහක අයට මංගල යෝග උදා වේ. එසේම කරන කියන කටයුතු වල දියුණුව නිසා සිතේ සමාදානය ඇති වේ.  ඔබට ඉතාම හොද කාලයකි.
සෞඛ්‍ය තත්වය ප්‍රබල ගැටළු නොමැත.


● වෘශ්චික
ඉතාම සුභ සතියකි.
මේ සතියෙදි ඔබගේ දියුණුව ඉතාම විශිෂ්ටයි. ඔබට විවිධාකාරයෙන් විවිධ අංශ වලින් මුදල් හදල් උපයාගැනිමට පුලුවන්. කොටින්ම කියනවා නම් ඔබ නිකන් හිටියත් මුදල් ලැබෙන කාලයකි මෙය. ඔබගේ උත්සහය අනුව ඔබට මේ සතියේදී ජිවිතයේ දිගුකාලීන ආර්ථික පදනමකට යම් අලුත් දෙයක් පටන් ගැනිමට පවා වාසනාව ඇත. ඒ ගැන විමසා බලා කටයුතු කරන්න.
ගෘහ ජිවිතය තුල අලුත් මිතුරු සබදතා ඇතිවේ. ඥාති මිතුරු සබදතා ඇතිවේ. ප්‍රේම සබදතා වල නව පිටුවක් පෙරලේ. ඔබ සමාජයේ ජනප්‍රිය වේ.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැහැ. නමුත් මේ සුභවාදි ග්‍රහචාරය නිසා ඔබ අනවශ්‍ය ලෙස කලබල ඇති කරගන්න එපා. මානසික ඒකාග්‍රතාවය පවත්වාගෙන යන්න.


● ධනු
මධ්‍යස්ථඵලයි.
ආර්ථික කටයුතු වල ප්‍රබල ගැටළු නැ. සතිය මුලදි සතුරු කරදර වලින් ආර්ථික තත්වයට කරදර විය හැක. හවුල් ව්‍යාපාර කටයුතු කරන අයට පාර්ශවකරුවන් සමග අමනාප වීම හොද නැහැ. නමුත් සතියේ මුල් දින 2 පසුවූ පසු මේ තත්වයන් ක්‍රමානුකූලව පහව යයි. දියුණුව සැලසේ.
ගෘහ ජිවිතය තුල ඔබ ප්‍රීතිමත්ව සිටි. අලුත් මංගල යෝජනා, ප්‍රේම සබදතා සඵල වීම්. වැඩිහිටියන්ට ඔබ ගරු කරයි. වැඩිහිටියන්ව වන්දනා ගමන් ආදියට යොමු කිරිම, සැලකීම ආදි ගුණ ධර්ම ඔබගෙන් මේ සතියේදි මතුවනු ඇත.
සෞඛ්‍ය තත්වය ප්‍රබල ගැටළු නැත. සෙම් රෝග ආදියෙන් පරිස්සම් වන්න. එසේම ධනු ලග්නයේ කුඩා දරුවන් ජලය ආශ්‍රිත රෝග වලින් පරිස්සම් කරගැනිම අත්‍යාවශ්‍යයි.


● මකර
සමඵල සතියකි.
සතියේ මුලදි පවතින ආර්ථික ප්‍රබෝධය සතිය මැදදී නැති විමට ඉඩ ඇත. විශේෂයෙන්ම හවුල් ව්‍යාපාර කරන අය මේ සතියෙදි ඔවුනොවුන්ගේ කටවල් පරිස්සම් කරගත යුතුය. එසේම අනවශ්‍ය කලබල වීම් නිසා ඔබට මේ සතියේ ලැබෙන්ට තියෙන දේවත් නොලැබි යාමට ඉඩ ඇත. නිස්කාරණයේ දඩ හෝ ණයතුරුස් වලට මුදල් වැයවීමට ඉඩ ඇත.
ගෘහ ජිවිතය තුල ඔබ තරමක් ප්‍රචණ්ඩකාරිව හැසිරිමට ඉඩ තිබේ. එසේම ඔබගේ තත්වය ඔබ තේරුම් ගත යුතුයි. විශේෂයෙන්ම අඹුසැමියන් අතර සාමාන්‍ය දේකට පවා දුරදිග යන සිත් අමනාපකම් ඇතිවිමට හේතු තිබේ. ආරක්ෂා වන්න.
සෞඛ්‍ය තත්වය නම්, ඔබ මෙම කාලයේදී ඔබගේ සෙම් අමාරු සහ ඇඟපතේ වේදනාවන් ගැන ඔබ කල්පනාවෙන් සිටිය යුතුය.



● කුම්භ
සමඵල සතියකි.
ආදායම සතුරු කරදර නිසා බිඳ වැටිමේ යම් ඉඩකඩක් පවති. ඔබ මේ සතියෙදි ඉතාම සූක්ෂමව ඉවසීමෙන් ඔබට ධනය එන මාර්ග ගැන කල්පනා කර බැලිය යුතුයි. එසේ නොමැති නම් ඔබ ඇත්තටම අමාරුවේ වැටිය හැක. ඔබ අලුතින් මුදල් සොයනවාට වඩා තිබෙන මුදල්, දේපල රැකගැනිමට කටයුතු කිරිම ඔබ විසින් කල යුතු දෙයකි.
ගෘහ ජිවිතය තුල ඔබගේ සතුට සමාදානය කෙරේ යම් අයහපත් ග්‍රහ බලපෑමක් පවතී. මෙම තත්වයන් නිසා ඔබ ඉවසීමෙන් කටයුතු කල යුතුයි. ඥාති මිත්‍රාදින් සමග මත ගැටුම් ඇතිවිමට පුලුවන් බැවින්, ඒ අය සමග වාද වලට නොගොස් සිටිය යුතුයි. ඉවසීමෙන් කටයුතු කරන්න.
සෞඛ්‍ය තත්වය ප්‍රබල ගැටළු නම්, ආමාශගත රෝග, විෂබීජ ශරීරගත වීම්, අපිරිසිදු ජලය පානයෙන් කුඩා දරුවන්ට යම් රෝග ඇතිවිම් ආදියයි, ආරක්ෂා වන්න.


● මීන
සමඵලයි.
මේ කාලය තුල ආර්ථික තත්වයේ යම් විචල්‍ය භාවයක් පෙන්වයි. චන්ද්‍රචාරය අනුව ලැබෙන මුදල් ප්‍රවේසම් කරගැනිම ඔබගේ වගකීමයි. ඔබ බලාපොරොත්තු නොවු හදිසි විය පැහැදම් නිසා ඔබ මානසිකව බිඳ වැටිමට ඉඩ ඇත, මුදල් පරිහරණයෙදි එනිසා දෙවරක් සිතා කටයුතු කරන්න.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වේ. එයින්ද තමාගේ දුවාදරුවන් සමග වැඩි කාලයක් සිටිමට ඔබට ඉඩ ලැබේ. විශේෂයෙන්ම ඔබගේ අවිවාහක ඔබට මංගල යෝග උදා වීමට මේ සතියේදී ඉඩ ප්‍රස්ථාව ඇතිවෙයි. තවද ප්‍රේම සබදතා සඵල වනවා, අලුත් ඥාති හිතවතුන්ගේ බැඳීම නිසා ඔබ ප්‍රීතියෙන් සිටිනව.
සෞඛ්‍ය තත්වයට නම් ප්‍රබල ගැටළු නැති වුවත් ආමාශගත අජීර්ණ රෝග, ගැස්ට්‍රියිටිස්, ජලය මගින් ඇති කරන රෝග, ඇඟපතේ වේදනාව ආදිය ඇතිවිමට හේතුයි.





Monday, October 5, 2015

කන්‍යා ලග්නය

ලග්න රාශි වළල්ලේ 6 වන රාශියට වැටෙන, කන්‍යා ලග්නය, ලග්න 12 අතරේ බැලූ කල අපූර්වතම ලග්නයකි.
මෙම ලග්නය නිරූපණය වන්නේ, ඉතාම ප්‍රියකරු කාන්තාවක් ඔරුවක නැගී, එක් අතකින් වී කරල් මිටියක් සහ අනිත් අතින් පහන් ආලෝකයක් දල්වාගෙන ගමන් කරන ආකාරයයි.
මෙම රටාවට ඇදුනු තාරකා පන්තිය ඉතාම පැහැදිලි අහස් කුසක් ඇති රාත්‍රි කාලයේ පියවි ඇසින් දර්ශනය කල හැක.

* කන්‍යා ලග්නය බුධට අයත්, උභය ස්ත්‍රි රාශියකි. බුධට අයත් අනිත් රාශිය වන්නේ මිථුන රාශියයි.

ඔබට මතක ඇති, අප මීට ප්‍රථම මිථුන රාශියේ ඇති ලක්ෂණ පහදා දුන්නා.

ඊට ලගින් ලගින් යන, සාධණීය තත්වය මෙම ලග්නයටද පොදු බව සිත්හි තබාගන්න.

● පර්යේෂණාත්මකව අප දකින කන්‍යා ලග්න කරුවන් ඉතාම නිර්මාණශීලිය. විචක්ෂණ බුද්ධියකින් හෙබි ඔවුන් අත්දැකිම් සම්භාරයක් ඇති අය වෙති.
* කන්‍යා ලග්න හිමි කුඩා දරුවන් ඉගෙනීමට ඉතා දක්ෂ පක්ෂකම් දක්වන අය වෙති.

● බුධගෙන් නිවේදනය වන්නා වූ තීක්ෂණ බුද්ධිය, එසේම ගණිත මිණිත ආදියට ඇති දක්ෂතාවය, දැන උගත් බව, ව්‍යක්ත මුඛරි භාවය, විවාද මුඛ භාවය එසේම ඉතාම සුලලිත බව, මුදු සුමුදු ගතිය ආදි බොහෝ ලක්ෂණ ඇත.
ඉතාම සාමකාමි සහ ප්‍රගතිශීලි ජිවිත ගත කරන මොවුන්, සමාජයට ප්‍රියමනාප බවක් පෙන්වයි. එසේම ලෝ සුපලත විද්‍යාඥයින්, තානාපති වරුන්, ලේඛකයන්, නළු-නිලියන් මේ ලග්නයෙන් උප්පත්තිය ලබා ඇත.

* එසේම අප අමතක නොකල යුතුයි, බුධ ග්‍රහයාට හිමි මෙම කන්‍යා ලග්නයෙන් උපන් අය ක්‍රීඩා වලටද සූරකම් පාන අයවලුන් බව.
කන්‍යා ලග්න හිමි අයට ඉතාම ගැලපෙන රක්ෂා වන්නේ, මහජන උපයෝගිතා කටයුතු වල ඇති රක්ෂාය. ඒ අතර තැපැල්, විදුලි සංදේශ සේවා, දුම්රිය ගමනාගමන කටයුතු, එසේම විශේෂයෙන්ම ජනමාධ්‍ය අංශය(නිවේදන වෘත්තිය, වාර්තාකරණය ඒ ආදි සියල්ලම), තානාපති ධූර, උපදේශන ධූර, දේශකයන් වශයෙන් යනාදිය වේ.

● ඔබ දන්නවාද ?
කන්‍යා ලග්නය හිමි කෙනෙක්, අඩු අධ්‍යාපනයක් හිමි කරගත්තද ඔහුගේ බුධ සහ සිකුරු යන ග්‍රහයන් යම් ස්ථානයක බලවත් නම් ඔවුන්ට බ්‍රෝකර් වැඩ කර (වාහන, ඉඩම්) මුදල් උපයා ගැනීමට පුලුවන්.
මා දන්නා එක්තරා කන්‍යා ලග්න හිමියෙක් සිටිනවා. ඔහු වෘත්තියෙන් තැරැව්කාරයෙක් හෙවත් බ්‍රෝකර්වරයෙකි. මල පොතේ අකුරක්වත් නොදත් ඔහු අද ඉතාම ඉහල ආර්ථික මට්ටමක සිටින්නෙ ඔහුගේ රාජකාරිය ඔහු අකුරටම කරන නිසාය.

* එසේම බුධ හිමි කන්‍යා ලග්නයට පාප බල, පාප දෘෂ්ටි සහ චන්ද්‍රයා දූෂිත වුවොත් එවැනි අය රජයේ ඉහල නිලතල වලට පත්වි රාජ්‍ය සම්පත් බොරු ගණන් යොදා පිල්ලි ගැසීමට සහ මාටියා ගැසීමට මේ අය පෙළඹෙනවා.
ඔබ දන්නවා ඇති විවිධ රාජ්‍ය ආයතන වල ඉහල තැන්වල විශේෂයෙන් විගණන ක්ෂෙත්‍රයට අදාලව, වැජඹෙන සමහරක් මහත්හොරුන් මෙවැනි කුප්‍රකට බුධගෙන් යෙදෙන, කුජ-බුධ යෝග රවි-බුධට ශනිගෙන් යෙදෙන දෘෂ්ටි ආදිය නිසැක වශයෙන් තිබෙන්නට පුලුවන.
අල්ලස් ගන්නා පගා ගන්නා අයටද මෙම යෝග ඇතිවිමට ඉඩ ඇත.


● කන්‍යා ලග්න හිමියන්ගේ ලග්නාධිපති බුධට අයත් නැකැත් 3කි. අස්ලිස-දෙට- රේවතී යන නැකැත්ය.
ඒ අතරින් රේවතී නැකත ඉතාම බලවත් නැකතක් බව කිව යුතුය.


● එසේම කන්‍යා ලග්න හිමි අය ඉතාම වයසට පත් වුවත් තරුණ බව සදාකාලිකවම පවති. එයට හොඳම උදාහරණය නම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය.
ඔහුට වයස අවුරුදු 70ක් වුවත් තරුණ පෙනුමක් සහ ජවයක් ආඪ්‍ය වී ඇත්තේ මේ ලග්නයේ ඇති ගුණාංග නිසා බව අපට උපකල්පනය කල හැක.
අප රට පාලනය කල පාලකයන් බොහෝමයක් කන්‍යා ලග්නයෙන් උප්පත්තිය ලබා ඇත.


● කන්‍යා ලග්න හිමි අයගේ ප්‍රේම සබදතා, පූජනීය තත්වයකින් පැවතීමට යම් ඉඩකඩක් ඇත.
එය ග්‍රහ බලය අනුව සිදුවන දෙයකි. විශේෂයෙන්ම කන්‍යා ලග්න අය ජිවිතය ගැන බැරෑරුම්ව නොදකී.
මේ අයගේ සිත චංචල බව කිව යුතුය. සිත එහා මෙහා දුවයි. පරම පූජනීය ප්‍රේමාන්විත සිතක් බිහිවිමට ග්‍රහ බල අවශ්‍යයි. ඒ ගැන නම් කේන්දරය බලාම කිව යුතුය.
* පොදුවේ කන්‍යා ලග්න අය විනෝදයෙන් සහ කෙලිදෙලෙන් සිටිමට කැමති අයයි. වගකීම් ගැනිමට සහ ජිවිතයේ බර කරට ගැනිමට එතරම් කැමති නැත.

** මා සිතන්නේ මෙම කන්‍යා ලග්න හිමි අය විවාහ විය යුත්තේ, වයස අවුරුදු 28න් පසුව බව කියාය. එවිට ජිවිතයේ ඇති බැරෑරුම් ගතිය ක්‍රමයෙන් අවබෝධ වීමට ගනී.

● කන්‍යා ලග්න හිමි අය බොහෝවිට නිරෝගී අය වෙති.
මේ අයට ලෙඩ රෝග වැළදෙන්නෙ කලාතුරකිනි.
විශේෂයෙන්ම මධ්‍යස්ථ වයසෙන් පසු ශරීර සෞඛ්‍ය ගැන විමසිලිමත් වීම හොදයි.

* කන්‍යා ලග්න අයට හොඳ ග්‍රහ බල ඇත්නම් වසර 90කට ආසන්න කාලයක් ජිවත් වේ.

__ කන්‍යා ලග්න අයගේ දුර්වලතා __

තමාගේ ආත්ම විශ්වාසය ටිකක් අඩුවීමට පුලුවන. නිතර අන් අය අවිශ්වාස කරයි.
සියලුම දෙනා කෙරෙහි යම්කිසි සැකයක් තබාගෙන බලයි.
අනුන්ගේ වැරදි අඩුපාඩු සෙවීමට නිතැතින් දක්ෂයි. මුඛරිබව නිසා තැන නොතැන බලන්නේ නැත. වුවමනාවට වඩා පිලිවෙලට වැඩ කිරිමට ගොස් අමාරුවේ වැටීමට ඉඩ ඇත.

කන්‍යා ලග්න හිමියන්ට,

● ශුභ වර්ණ - කොළ පාට සහ ලා නිල් පාටය.

● ශුභ දින  - බුධ දිනය සහ සිකුරාදාය.

●  ශුභ අංක  - 5, 6 ආදියයි. 3ද මධ්‍යම ප්‍රමාණයෙන් ගැලපේ.

● ශුභ මාණික්‍ය රත්නය  - මරකත පච්ච ගලයි.


* විශේෂයෙන්ම කිව යුතුයි, කන්‍යා ලග්න හිමි අය සුභ කටයුතු ආරම්භ කිරිමේදි හෝ තවත් විශේෂ අවස්ථා වලදි තමන්ගේ ලග්නය අනුව ඉෂ්ට දෙවියන් වන මහා විෂ්ණු දෙවියන්ට වැඳ පුදා ආරක්ෂාව ඉල්ලීම් යහපති.


***** පොත් පත් වලින් අටවා දමන කරුණු නොව අපගේ පර්යේෂණ වලින් සාක්ෂාත් කරගත් කරුණුය.

___ *** මෙම සියලු කරුණු පොදු කරුණුය. කේන්දර සටහන අනුව මෙම පලාපලය වෙනස් විය හැක. ___

Sunday, October 4, 2015

ලෝක පාලක ‪#‎ඊශ්වර‬ හෙවත් ශිව දෙවියන් !!!

මෙම දෙවියන් පෙර අත් භවයේ බලගතු ඍෂිවරයෙකි. එනිසාම එම බලයද සහිතව දේවත්වය ලබා ඇත.

* මෙම දෙවියන්ගේ මූලිකත්වයෙන් ඉදිරියෙදි අධර්මය කල සියලුදෙනාට සිදුවන විනාශය ගැන විග්‍රහයක් ලබාදිමට අප බලාපොරොත්තු වනවා.

** එසේම විශේෂ වශයෙන්, ගවයන් මරණ, ගවමස් කන අයට සිදුවන හානියද, එවන් රටවල් වලට සම්බන්ධ, එවන් ස්ථාන වලට සම්බන්ධ මුලික තැන් වලට වෙන විනාශයන් ගැනද ඉඟියක් ලබාදීමට අප බලාපොරොත්තු වෙනව.

Saturday, October 3, 2015

* ජ්‍යොතිර්වේදියෙක් විසින් තවත් ජ්‍යොතිර්වේදියෙකු පැසසු දුර්ලභ අවස්ථාවක් !

ශ්‍රී ලංකාවේ, ජ්‍යොතිෂ්‍යයවේදින් අතර තමාගේ මතය අවංකව සහ නිර්භීතව ප්‍රකාශ කරන K AU සරත් චන්ද්‍ර මැතිතුමා අප ඉරු සේවය හරහා මුහුණු පොත් සාමාජිකයන්ට සහ සියලුම දෙනාට ඉටු කරන සේවය පැසසුමට ලක් කර ඇත.
විශේෂයෙන්ම එතුමා අප සේවය මගින් සතිපතා පල කරනු ලබන, ලග්න පලාපලය අගය කොට පසසා ඇත.
උගත් බුද්ධිමත් ජ්‍යොතිෂ්‍යයවේදියෙක් වන එතුමාට අපගේ සේවය සම්බන්ධව පල කල ශුභවාදි අදහසට එතුමාට ස්තුති වන්ත වෙමු !

එතුමා කරගෙන යන සේවයද ඉතාම හොඳින් කරගෙන යෑමට එතුමාට ධෛර්යය ශක්තිය ප්‍රාර්ථනා කරමු.

ස්තූතියි !

Friday, October 2, 2015

සිකුරු මාරුව ඔබට කොහොමද ?


______ග්‍රහ ලොව මනාලිය හෙවත් ශීත බල ගුණෝපේත සිකුරු ග්‍රහතෙම බ්‍රහස්පතින්දා(ඔක් 01) සවස් භාගයේදී තම සතුරු රාශිය වූ කටක රාශියෙන් ඉවත්ව සිංහ රාශිගත වෙයි.
මනුෂ්‍යයාගේ  ප්‍රේමය, ආදරය කරුණාව යන මානුෂීය ගති ගුණ වලට මෙන්ම කාම භෝගී ජිවිතය, වස්තුව එසේම සුඛෝපභෝගි ජිවිතය, යාන-වාහන නිවේදනය කරනුයේද මේ සිකුරු ග්‍රහයාය.
ඔක්තෝබර් 1 වෙනිදා සිට මාසයකුත් දින 3ක් වැනි කාලයක් සිංහ රාශියේ සිකුරු ගත කරයි.

එසේ නම් මෙම ග්‍රහ මාරුව ඔබගේ ලග්නයට කෙසේ බලපාවිද ?



● මේෂ
ශුභයි.
5 වැන්නට සිකුරු පැමිණේ.
මංගල යෝග උදා වේ. පෙම් සබදතා ස්ථිරසාර වේ. පුත්‍රලාභ හිමි වේ.
හදිසි ධනලාභ හිමි විය හැක. දරුවන් සම්බන්ධ කටයුතු දියුණු වන කාලයකි.
කලාත්මක හැකියාව මතු වේ.


● වෘෂභ
ඉතාම ශුභ කාලයක්.
4 වැන්නට සිකුරු පැමිණේ.
දේපල හිමිකම හිමි වේ. වාසනාවන්තයි. අලුත් යාන වාහන ගැනීමට බලාපොරොත්තු වන අයට මේ කාලයෙදි එම බලාපොරොත්තු ඉෂ්ට වේ. උරුමහරුමකම් ලැබේ. තමාගේ කටයුතු දියුණු වේ.


● මිථුන
ඉතාම ශුභ කාලයකි.
3 වැන්නට සිකුරු පැමිණේ.
ශරීරය වර්ණවත් වන යෝග යෙදේ. උපතේදී 3වැන්නේ සඳු සිටී නම් විදේශ ගත වන යෝග යෙදේ. ශරීර සැපයට අවශ්‍ය කරන සියලුම පහසුකම් ලැබේ. රසවත් බොජුන් ලැබෙන කාලයකි. මෙම කාලය තුල නිතර නිතර ප්‍රීති උත්සව වලට සහභාගි වීමට ඔබට ඉඩ ප්‍රස්ථාව ලැබේ.


● කටක
ඉතාම ශුභයි.
2 වැන්නට සිකුරු පැමිණේ.
විශේෂයෙන්ම ව්‍යාපාරික කටයුතු වල නියුතු අය මෙම කාලය ඉතාම ප්‍රයෝජනවත් කාලයකි. මේ කාලයේ ඇති ශුභ පල නිසාම ඔබ සමාජයට ප්‍රිය වේ. මුහුණ ඇඟපත රූප සොබාවෙන් අනූන වේ. රසවත් ආහාර පාන, ප්‍රීති උත්සව එසේම වටිනා ඇඳුම් පැළදුම් ලැබේ.
2 වැන්නේ රාහු සිටි නම් ඔබට හදිසි ධනලාභ පවා හිමිවිමට ඉඩ ඇත. ඔබගේ වචනය අන් අයට ප්‍රියමනාප වනු ඇත. ඒ මගින් ඔබට විශාල ජනප්‍රියත්වයක් ලැබේ. නළු-නිළියන්ට ඉතාම ශුභ කාලයකි.


● සිංහ
ඉතාමත්ම හොඳ කාලයකි.
1  වැන්නට සිකුරු පැමිණේ.
ලග්නයට පැමිණෙන සිකුරා කට වචනයෙන් කියන්නේ සිකුරු නළලේ කියාය. ඔබ සමාජයට වඩාත් ප්‍රියමනාප පුද්ගලයෙක් වෙනවා සේම, විරුද්ධ ලිංගිකයන්ගේ ඇල්ම බැල්මද ඔබ කෙරෙහි නිරායාසයෙන්ම හිමි වේ. කම් සැප බෙහෙවින් අවශ්‍ය වේ.
එසේම සැපයට අවශ්‍ය කරන යාන වාහන, මුදල් හදල්, අලංකාර නිවාසද මේ කාලයේදී ලැබේ. එසේ වාහන මිලදී ගැනීමට සිතනවා නම් මේ කාලය හොඳ බව කිව හැක.
උපතේදි ගුරු ලග්නයේ සිටි නම් මේ කාලයෙදි ප්‍රබල මංගල යෝග උදා වේ.


● කන්‍යා
එතරම්ම ශුභ නැත.
12 වැන්නට සිකුරු පැමිණේ.
මන්ද ස්ත්‍රින් කරණ කොටගෙන මුදල් නාස්ති කරයි. එසේම 10දි ගැනීමට යන භාණ්ඩය කන්‍යා ලග්න ඔබ මිලදී ගන්නා විට එය 1000 දක්වා ඉහල යයි. නිස්කාරණයේ මුදල් හදල් වියදම් විමට හේතුවකි. මෙය ඔබ බරපතල ලෙස තේරුම්ගත යුතුයි. මාසයක් ඇතුලත කාලයෙදි අනිවාර්ථයේ මුදල් වියදම් විමට හේතු ඇත.
රෝග ඇති අය පරිස්සම් වන්න.
නමුත් යුගදිවි සැපත සම්බන්ධව ගැටළුවක් නොමැත, ඒ ගැන ප්‍රශ්න ඇති නොවන බව විශ්වාසයි.


● තුලා
ඉතාම ශුභයි.
11 වැන්නට සිකුරු පැමිණේ.
තමා ආශ්‍රය කරන සමාජයෙන් වටපිටාවෙන්, තමන්ට හොඳ ඵල ප්‍රයෝජන ලැබේ. එසේම තමා ජනප්‍රිය වන්නේ සමාජය තුලයි. දේශපාලකයන්ට ඉතාම හොද කාලයකි. එසෙම ව්‍යාපාරික කටයුතු වල නියැලෙන ඔබට එම කටයුතු පුළුල් කරගැනිමට අවස්ථාව ලැබේ. දේශ දේශාන්තර වල සංචාරයට වාසනාව ලැබේ. ශරිරයද වර්ණවත් වන ශුභ කාලයකි.
11 රාහු උපතෙදි සිටියේ නම් අනිවාර්යෙන්ම හදිසි ධනලාභ වාසනාව ඇත.


● වෘශ්චික
ඉතාම ශුභයි.
10 වැන්නට සිකුරු පැමිණේ.
රැකියා කරන අයට රැකියා වල දියුණුව, අභිවෘද්ධිය හිමි වේ. ප්‍රමෝෂන් සහ ඉන්ක්‍රීස්මන්ට් ලැබෙන කාලයකි. එසෙම බොස්ගෙන් හොඳ නම ඇසිමට පුලුවන්. ව්‍යාපාරික කටයුතු කරන අයට විශේසයෙන්ම ආහාර, රසකැවිලි, එසේම ඇඳුම් පැලදුම් සහ කාන්තාවන්ට අවශ්‍ය ද්‍රව්‍ය වෙලදාම් කරන මෙම කාලය ඉතාම ශුභඵලදායකයි.


● ධනු
නිසැක වශයෙන්ම ප්‍රතිඵලදායකයි.
9 වැන්නට සිකුරු පැමිණේ.
පෙර පින් මතුවෙන බව කිව යුතුයි. එසේ නම් ඔබ, ඔබගේ කේන්දරය පරික්ෂා කරවා උපතෙදි සිකුරු සිටින රාශිය අසා දැනගෙන ඒ අනුව වැඩ කටයුතු කලහොත් ඔබට නිසැක වශයෙන්ම දියුණු විය හැකිය. වැඩිහිටියන්ට ප්‍රිය වන මේ කාලයෙදි ඔවුන්ගෙන් පවා ආධාර උපකාර හිමි වෙයි.
තමා හොඳ මනුෂ්‍යයෙක් යැයි මිනිසුන් අතර ප්‍රිය වෙයි.


● මකර
සමඵලයි.
8 වැන්නට සිකුරු පැමිණේ.
විවාහ වි සිටින අයෙකු නම්, විවාහ පාර්ශවකරුවන්ගෙන් උරුමහරුමකම් ලැබේ. එනම් දෑවැදි හිමි වේ. රහසිගත සතුරන්ගෙන් ප්‍රවේසම් විය යුතුයි. ඇස්වහ-කටවහ දෝෂ වලට නිරායාසයෙන්ම ගොදුරු විය හැකියි.
ශුක්‍ර ධාතුව ඉතාම ප්‍රබලව උත්පාදනය වන මේ කාලයදෙි රහසිගත කම්සැප සොයා ඔබව වල්මත් කිරිමට ඉඩ ඇත. ප්‍රවේසම්ව කටයුතු කරන්න, හැඟිම් පාලනය කරගෙන බුද්ධිමත්ව කටයුතු කරන්න.


● කුම්භ
ඉතාම ශුභයි.
7 වැන්නට සිකුරු පැමිණේ.
මෙම ග්‍රහ මාරුව සිදුවන්නේ ඔබගේ කේන්දරයේ විවාහ ස්ථානය වූ 7 වැන්න ඇසුරු කොටගෙනය. මංගල යෝග ප්‍රබලව උදාවන මේ කාලයෙදි ප්‍රේම සම්බන්ධතා සම්බන්ධයෙන් හොඳ ප්‍රතිචාර ලැබේ. ඔබට විරුද්ධවාදිකම් කල අය ඔබට පක්ෂව කටයුතු කරනු ඇත. ඔබගේද කාම ආශාවන් ප්‍රබල වෙයි. එසේම විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ෂණය වැඩි වැඩියෙන් හිමිවන කාලයකි. හවුල් ව්‍යාපාර කටයුතු වල දියුණුවක් හිමි වේ.
ගනුදෙනු කරුවන් අතර ජනප්‍රිය වේ. රැකියා කරන අයටද මේ කාලය හොඳයි.


● මීන
සමඵලයි.
6 වැන්නට සිකුරු පැමිණේ.
මේ කාලයේදී සතුරු කරදර ඇතිවිමට හේතුයි. මකර ලග්නයේ අයට මෙන්ම ඔබටද ඇස්වහ කටවහ දෝෂ ඇතිවිය හැක. තමන්ගේ ක්‍රියා කලාප ගැන කයිවාරු ගැසිය යුතු නැත. තමාගේ රහස් පිටට දුනහොත් ඇස්වහ කටවහ දෝෂ ඇතිවිමට හේතුයි.
අමියා අජීර්ණ රෝගද ඇතිවිමට ඉඩ ඇත. එසේම ශුක්‍ර ධාතුව විනාශ නොකරගෙන සිටිම, විවාහයට සූදානමින් සිටින ඔබට අප දෙන මාහැඟි අවවාදයකි.


සැ.යු :- පොදුවේ ගත්කල සිකුරුගේ ග්‍රහ ගමන අනුව මෙම පලාපලය සකසා ඇත.

මෙහිදිද උප්පත්තියේදි සිකුරු සිටින තැන අනුව ඔබට අඩු වැඩි වශයෙන් සුභ හෝ අශුභ පැත්තට ගමන් කල හැක.

සමස්තයක් වශයෙන් ගත්කල මෙම සිකුරු මාරුව, මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, තුලා, වෘශ්චික, ධනු සහ කුම්භ ලග්නයට ඉතාම විශිෂ්ඨ ප්‍රතිඵල ඇති කරන බව පර්යේෂණාත්මක ජ්‍යෝතිෂ්‍ය මත ඉදිරිපත් කරන අපගේ අදහසයි !

තෙරුවන් සරණයි !