Monday, October 26, 2015

සතියේ ලග්න පලාපලය - ඔක් 26 - නොවැ 2 දක්වා


● මේෂ
ඉතාම ශුභ සතියකි.
වෙනදා මෙන්ම කරන කියන කටයුතු වල දියුණුව අනිවාර්යෙන්ම ලැබේ. ආර්ථික තත්වය යහපත්ය. විශේෂයෙන්ම ඔබ උත්සාහයෙන් මහන්සියෙන් කරන කටයුතු වල ප්‍රතිඵල ලැබේ. පිට පලාත් වල රැකියා, ව්‍යාපාර කරන අයට සුබයි. සියලුම ගනුදෙනු වලින් කුමක් හෝ වාසි ලැබෙන කාලයකි.
ගෘහ ජිවිතයෙදි ඔබගේ කටයුතු සාර්ථක වනවා සේම වෙනදා මෙන්ම ප්‍රබෝධයෙන් සිටිය හැක.
සතියේ මුල් දින 1 හමාරෙදි පමණ යම් යම් මානසික අවුල්, ගැටළු ඇතිවුවද ඒවා හරියයි. පවුලේ අය සමග ධනෝපායන මාර්ග සම්බන්ධව කතිකා ගොඩනැගේ.
සෙම් අමාරු සහ ඇඟපත වේදනා සෞඛ්‍ය තත්වය අනුව ප්‍රධානයි.


● වෘෂභ
සමඵල සතියකි.
ආර්ථික තත්වය, මුල් දින 1 හමාරෙන් පසු දින 2කට පමණ තරමක ව්‍යාකූල තත්වයක් පවති. එය චන්ද්‍ර චාරය අනුවයි. නමුත් මේ තත්වය ක්‍රමානුකූලව හරියනු ඇත. සතිය අගට වෙන්නට ඔබගේ ආර්ථික තත්වය දියුණු කරගැනීමට ඔබටම යම් අදහසක් එනු ඇත.
ගෘහ ජිවිතය ඉතාම හොඳයි. නිවසට නෑදෑ හිතමිතුරන් එන සතියකි. නමුත් එමනිසාමද කොහෙදෝ යම් මුදලක් වැයවීමේ තත්වයක් පවතී.
සෞඛ්‍ය තත්වය සෙම් අමාරු, දණිස්, කකුල් වල වේදනා, ඇඟපත වේදනා මේ අතර ප්‍රධානයි.


● මිථුන
හොඳ සතියක් වශයෙන් කිව හැක.
වැඩි වැඩියෙන් ආදායම් මාර්ග ලැබේ. නව ධනෝපායන මාර්ග ලැබේ.
ව්‍යාපාරයට අලුත් දේ මිලදී ගැනීමට හැකියාව තිබෙනවා, විශේෂයෙන්ම යාන වාහන මිලදී ගැනීම ඒ අතර ප්‍රධානයි.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව ගතවන අතර, අතමිට මුදල් ගැවසෙන නිසා සහ බාහිර සහයෝගය නිසා ඔබ ප්‍රීති ප්‍රමෝදයෙන් සිටින කාලයකි. පවුලේ අය සමග දුරබැහැර විනෝද ගමන් ආදිය යෙදීමට පුලුවන්.
සෞඛ්‍ය තත්වයේ විශේෂ වරදක් නැහැ. නිදන්ගත රෝග ඇති අය ආරක්ෂා වන්න.


● කටක
ඉතාම ශුභ සතියකි.
විශේෂයෙන්ම ඔබට මේ සතියදෙි ආදායම් මාර්ග නොයෙකුත් විදියෙන් පෑදෙයි. ඒවා නිසි ආකාරයට කළමනාකරණය කරගැනීමට බුද්ධිමත්ව කටයුතු කල යුතුය. කරන කියන ව්‍යාපාරික කටයුතු සාර්ථක වෙයි. පිටපලාත් වල කරන රැකියා සාර්ථක වන අතර, විදේශ රැකියා වල නියුතු අයගේ කටයුතුද දියුණු වේ.
ගෘහ ජිවිතය ඉතා හොදින් ගත වේ. වැඩිහිටියන් සමගද හොද සහයෝගයක් ගොඩනගා ගැනීමට පුලුවන්. විශේෂයෙන්ම පවුලට එකතු වී සිටින කාන්තා පක්ෂයේ අයගේ සහයෝගය ලැබේ. උරුමහරුමකම් ලැබීමට නියමිතයි.
සෞඛය තත්වයේ සෙම් අමාරු ප්‍රධානයි. පාද වලට යම් වේදනා ඇත්නම් ඒ ගැන සැලකිලිමත් වන්න.


● සිංහ
ඉතාම ශුභ සතියක් !
චන්ද්‍රචාරයේ ගමන දිහා බැලුවාම ඔබට නව ආදායම් මාර්ග ලැබෙනවා. එසේම සතියේ මුල් දින කීපයේදී ඔබට වැඩිහිටියන්ගෙන් දියුණුවට උදව් උපකාර ලැබෙනවා. බැංකු ණය එහෙම අයදුම් කර ඇත්නම් ඒවා ලැබෙනවා. කරන කියන කටයුතු වලට හොද ආරම්භයක් මේ සතියෙදි ලැබෙනවා.
ගෘහ ජිවිතය ඉතාම හොදින් ගත වෙන සතියකි. ඔබගේ නිවසට නෑදෑ පිරිවර එන සතියක්. අලුත් ඥාති හිතමිත්‍රකම් ගොඩනැගෙනවා. පෙම් සබදතා ස්ථිරසාර වෙනවා. මංගල යෝග උදා වෙනවා.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැහැ, නිදන්ගත රෝග ඇති අය ආරක්ෂා වන්න.


● කන්‍යා
එතරම් ශුභ නෑ, සමඵලයි.
විශේෂයෙන්ම ඔබ ණයතුරුස් වලට හසුවීමට ඉඩ තිබෙනවා. කරන කියන කටයුතුවල යම් බාධක කරදර ඇතිවිමට පුලුවන්. එසේම ඔබගේ දියුණුවට යම් බාධක තිබේ. එනිසා ඉවසීමෙන් බුද්ධියෙන් කටයුතු කරන්න, ප්‍රවේසම් වන්න. සතිය අගදී මේ තත්වයෙන් බැහැර වීමට පුලුවන්.
ගෘහ ජිවිතය අතින් ගත්කල මේ සතියෙදි යම් අභියෝග රාශියක් එල්ල වේ. පවුලේ සමගිය සම්බන්ධව බාධක එල්ල වන්නේ පවුලේ ඇති යම් ගැටළු නිසාය. අඹුසැමියන් අතරද මත ගැටුම් ඇතිවිය හැක. ඒවායින් ආරක්ෂා විය යුතුයි.
සෙම් අමාරු, ඇඟපත වේදනා සහ නිදන්ගත රෝග ඇති අය ඒවා උත්සන්න වීම් ආදිය ගැන කල්පනාකාරී වන්න.


● තුලා
මේ සතිය සමඵලයි.
විචල්‍ය සතියකි. ආදායම් මාර්ග එක ආකාරයට පවතින්නෙ නැහැ.
කරන කියන කටයුතු වල දියුණුවේ උස්පහත් වීම් තියෙනවා. විශේෂයෙන් ණය තුරුස් වලින් පරිස්සම් වන්න. ව්‍යාපාර වලදි හවුල්කාර පාර්ශව, ඔබගේ ගනුදෙනුකරුවන් සමග අවබෝධාත්මක සම්බන්ධයක් තිබිය යුතුයි. කල්පනාකාරි වන්න.
ගෘහ ජිවිතය තුල ඔබගේ භූමිකාව මේ සතියෙදි බොහෝ ගැටළුකාරි තත්වයක් තියෙන්නෙ, ප්‍රවේසම් විය යුතුයි. අඹුසැමි භේද, පවුලේ අය සමග හිත් නොහොදකම් ඇතිවන්නට ඉඩ තිබෙනවා. බුද්ධිමත්ව කටයුතු කරන්න. වචන භාවිතයෙදි කල්පනාකාරි වන්න.
සෞඛ්‍ය තත්වය සෙම් අමාරු, ආමාශගත රෝග, ජීර්ණ පද්ධතියේ රෝග ඇතිවිය හැක.


● වෘශ්චික
ශුභ සතියක් කියන්නට බැහැ.
ඔබද ණය තුරුස් වලින් පරිස්සම් විය යුතුයි. ණය ගැනීමේදි හා ණය දීමේදී ඔබ ප්‍රවේසම් විය යුතුයි. එසේ නොමැති වුවහොත් ඔබ ඇත්තටම කරදරයට වැටෙන්න පුලුවන්. ඒ ගැන විමසිලිමත් වන්න. හවුල්කාර පාර්ශව සමග අවබෝධයෙන් කටයුතු කරන්න.
ගෘහ ජිවිතය තුල ඔබට විචල්‍ය සතියකි. අඹුසැමි භේද, ඥාතින් සමග ගැටළු, මානසික තැවුල් ආදිය ඇතිවන්නට පුලුවන්. යුග දිවිය ගැන සැලකිලිමත් විය යුතුයි. ආර්ථික ප්‍රශ්න නිසාද පවුලේ සමගියට යම් බාධාවක් ඇතිවන්නට පුලුවන්, සැලකිලිමත් වන්න.
සෙම් අමාරු, අතපය වේදනාව ආදිය ගැන සැලකිලිමත් වන්න, ආරක්ෂා වන්න.


● ධනු
ශුභ සතියකි.
මුල් දින 4 ඉතාම හොදයි. කරන කියන නව ව්‍යාපාර වලට මේ තත්වය ඉතාම හොදයි. අලුත් ආදායම් මාර්ග ලැබීමද, උරුමහරුමකම් ලැබීමෙන් දියුණු වීමටද හැකියාව ලැබෙ. ව්‍යාපාර කටයුතු නව මානයකට ගෙනයාමට පුලුවන්, ඊට අවශ්‍ය වන යානවාහන මිලදී ගැනීමේ හැකියාව ඔබට තිබේ.‍ෙගෘහ ජිවිතය තුල ස්වාමියා, භාර්යාව සමග සතුටින් සිටිය හැක. නිවසට අවශ්‍ය වන අලුත් බඩුමුට්ටු ගැනීමේ හැකියාව තිබෙනවා. තවත් දෙයක් ලෙස, පවුලේ අය සමග වැඩි කාලයක් ගතකිරිමටත්, දරුවන්ගේ කටයුතු වෙනුනේ වෙහෙසීමටත් හැකියාව ලැබේ.
ප්‍රබල ගැටළු නැත, ආමාශගත රෝගාබාධ ගැන සැලකිලිමත් වන්න.



● මකර
ඉතා සුභයි.
පිටපලාත් වල රැකියා කරන අයට විදේශ රැකියා කරන අයට අලුත් ආදායම් මාර්ග ලැබේ. දියුණුවට ඉතාම හොදයි. ඔබටද නව දේපල ලාභ, යානවාහන ලාභ මේ සතියෙදි පවතිනවා. ඒවා මිලදී ගැනීමට පුලුවන්, ඒ භාග්‍යය පවති.
ඉතා හොදින් ගෘහ ජිවිතය ගත වේ. සහෝදර සහෝදරියන් සමග සතුටින් සිටිය හැක. නව මිතුරන් ඥාතින් ඇතිවේ. ඔවුන් නිවසට පැමිණේ. සතිය අගදී දරුවෙකුගේ ජයග්‍රහණයක් වෙනුවෙන් සිතේ සතුට පැමිණේ.
සෞඛ්‍ය තත්වය ප්‍රබල ගැටළු නැහැ. පපුවේ සෙමෙන් පරිස්සම් වන්න.


● කුම්භ
මේ සතිය ඉතාම හොද සතියක් !
ඔබට පසුගිය සති වලදි අතපසු වූ බොහෝදේ කරගැනීමේ හැකියාව පවති. විශේෂයෙන්ම කිව යුතුයි, අලුත් ව්‍යාපාර ආරම්භ කිරිමට සුබයි. පවතින ව්‍යාපාර දියුණු කරගැනීමටත්, දියුණුවටත් උපදෙස්ද ලැබෙන කාලයකි. ඔබගේ දේපල ලාභ, වාහන ලාභද පවතින කාලයකි.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව ගත වේ. අඹුසැමියන් ඔවුනොවුන් සතුටු වේ. හිතේ සතුට සතිය පුරාම තිබේ. දේපල ලාභ ලැබේ. සතියේ අගදි දරුවෙකුගේ දියුණුව වෙනුවෙන් කැපවීමට සිදුවිය හැක. සතුටින් සිටින කාලයකි.
සෙම් අමාරු, සෙම් ගෙඩි, ජලාශ්‍රිත රෝග වැලදිය හැක, කුඩා දරුවන් ආරක්ෂා කරගන්න.


● මීන
ඉතාම හොඳ සතියකි.
පසුගිය කාලයෙදි අතපසුවූ බොහෝදේ කරගැනීමේ හැකියාව පවති. ඔබට බොහෝ වාසිදායක තත්ව මේ සතියේදි ඇතිවේ. විදේශ රැකියා කරන අයටද, ව්‍යාපාර කරන අයටද සුබයි. ඔබගේ කීර්ති නාමය පැතිරෙන කාලයකි.
ගෘහ ජිවිතය ඉතාම හොදයි. වෙනදාට වඩා පවුලේ අය සමග ගැවසෙන කාලයක් මේ කාලය. අලුත් ප්‍රබෝධයක් ඇතිවන කාලයකි. නව ඥාති හිතමිතුරන් ඇතිවන කාලයකි. විවාහ ප්‍රේම සබදතා වලට සුභ කාලයක්. නව නිවසක් තැනිමට ඔබට සිත් පහල වෙන කාලයකි.
සෙම් අමාරු ප්‍රධාන රෝග, ජලාශ්‍රිත රෝග වලින් ආරක්ෂා විය යුතුයි.


* පොදු පලාපල පමණකි.
ඔබගේ කේන්දර සටහන අනුව, ගතවන මහ දසා, අතුරු දසා ආදිය මෙන්ම තමන්ගේ තීරණ වල ඇති බුද්ධිමත්බව අනුව මෙම පලාපලයන් වෙනස් වනු ඇත.

No comments:

Post a Comment