Thursday, October 29, 2015

“ වාලම්පුරි කතාව “ -2

විශේෂයෙන්ම සඳහන් කල යුතු කාරණාවක් නම්, අප මීට කලින් අවස්ථාවක අප ඉදිරිපත් කලා වාලම්පුරි සම්බන්ධව විශේෂ කතිකාවක්.
(https://www.facebook.com/photo.php?fbid=296403773887967&set=)
එනම් එම කතිකාව අනුව සඳහන් කල යුතුයි, අද කාලයේ වාලම්පුරි ගැන කතා කරන කාලයක් නොතිබුනු තරම්ය.

එසේම රූපවාහිනි චැනල වල වාලම්පුරි සම්බන්ධව පලවන දැන්වීම් සම්බන්ධව යම් අවස්ථාවක කල්පනාකර බලන විට, එම දැන්වීම් දමන පුද්ගලයන් වැඩසටහන් වලට පැමිණ පවසන්නේ සිතූ පැතූ දේ දෙන, දේවල් දෙන ඇලඩින්ගේ පුදුම පහන මෙන් දෙයක් කියාය.

● වාලම්පුරියක් යනු, බෙල්ලෙකුගෙන් හට ගන්නා යම්කිසි කැල්සියම් ප්‍රධාන සංඝටකය ප්‍රතිඵලයකි.
එම සත්වයා ගැඹුරු මුහුදේ ජිවත් වේ. එම සත්වයා කිසියම් ආකායරයකට මිය ගියහොත්, එම තත්වයෙන්(කට්ටෙන්) ගැලවුනොත් වාලම්පුරියක් නැමති එම දේ වෙරළට ගොඩ බැසීමට ඉඩ ඇත. එය කිසියම් ආකාරයකට කලාතුරකින් සිද්ධ වන දෙයකි.
එහි වාසනාවක් ඇති බවත්, සත්‍යතාවයක් ඇති බවත් පිලිගැනිමට තරමක් දුරට පුලුවන.
මේ අයුරට කල්පනා කර බලන කල, විශේෂයෙන්ම කිව යුතුයි, වාලම්පුරි වර්ග අද කාලයේ වශයෙන් ගත්කල සොයාගැනීමත් ඉතා දුර්ලභ කටයුත්තකි.

●  අප දකින වාලම්පුරි අලෙවිකරණ අයගේ හැකියාවන් සහ ශිල්පීය ඥානය සම්බන්ධව කිසිම ගැටළුවක් නැත.
ඔවුන්ට ඒ සම්බන්ධව ඉතා හොද දැනුමක් හැකියාවක් තිබේ. එම අයට ඇති දක්ෂතාවය, හැකියාව සහ අත්දැකීමෙන් කියන කරන දේ ගැන නම් එතරම් ගැටළුවක් නැත්තේ අපට ඒ ගැන අවබෝධයක් ඇති නිසාය.

නමුත් මේවා දෙන්නට ලේසියෙන් බැරිය. උදාහරණයක් විදියට අප පල කල පින්තූරයේ ඇති වාලම්පුරිය දෙස බලන්න.

* මෙම වාලම්පුරිය ව්‍යාජ එකක් බව බැලු බැල්මට ඔබට පසක් වෙනවාද ?

●  මෙය අච්චුවක දමා සෑදු කෘතිම වාලම්පුරියකි. එක එක ප්‍රමාණ වලට වාලම්පුරි තිබෙනවා යැයි පැවසිමද ජනතාව මුලා කරන පව්කාර වැඩකි. එනම් පොඩි වාලම්පුරි එක ගණනකටත්, ලොකු වාලම්පුරි ඊට වඩා වැඩි ගණනකටත් යනාදි වශයෙනි.
මෙම වාලම්පුරිය තනිකරම වාලම්පුරියේ ඇති සංඝකට වලට සමාන ද්‍රව්‍ය උණු කර අච්චුවකට දමා සෑදු කෘතිම වාලම්පුරියකි.

● නියම වාලම්පුරියකට, නියමිත බරක්, හැඩයක් සහ ස්වභාවිකත්වයක් ඇත.
නියම වාලම්පුරියක් දැනගැනීමටත් සාමාන්‍යයෙන් ලේසි වන්නේ නැත. එනිසා එයට නිසියාකාර දැනීමක් ඇති එම විෂය ගැන අවබෝධයක් ඇති අයෙක් සිටිය යුතුය.

● බොහෝදෙනෙකු අපෙන් විමසනවා නිවරදිව වාලම්පුරියක් තනිවම අඳුනා ගන්නා ක්‍රමය ගැන.

* ඔබ වෛද්‍යවරයෙක් ලගට ගිය විට බෙහෙත් දෙන ක්‍රමය අසනවාද  ? - එසේ සිතන්න.

● අපගේ තහවුරු දැනුම අනුව, කන්ටේනර ගණන් දෙන්නට තරම් වාලම්පුරි සොයාගැනීම අතිශයින් දුෂ්කර බවයි.
අද විකිණෙන බොහෝ වාලම්පුරි ව්‍යාජව සකස් කරන ලද ඒවා බව අපට අනාවරණය වී ඇත.

● පසුගිය කාලයේ ලංකාවෙ රාජකීය දෛවඥයා ලෙස කියාගෙන සිටි එක්තරා මහත්තයෙක් අපගෙන් සේවා ලබාගන්න මහතෙකුට නියම වාලම්පුරියක් කියා, ලබාදී තිබුනේ චීනයෙන් සාදවා ගෙන්වාගන්නා ලද විශේෂ ප්ලාස්ටික් වලින් තැනු ව්‍යාජ එකකි.
රාජකීය දෛවඥයා යන නම කෙසේ වෙතත් එයින් කරදර නොවි බේරුනේ බොහෝ අපහසුවෙන් වන්නේ අපගෙන් සේවා ගත් මහතාද සම්භාවනීය මහතෙකු නිසාය.

● එවන් පට්ටම් කියාගත් රටටම තමන් මෙවන් කෙනෙකු බව කියාපාමින්, රූපවාහිනි චැනල, පත්තර වල පවා නම රැන්ඳූ අයත් වාලම්පුරි කියා වංචා කලා නම් තවත් කවර කතාද...

වාලම්පුරියක් ලග තබාගැනීමේ වරදක් නැත. එය යම් වාසනාවක් ලැබෙන දෙයක් ලෙස කිව හැක.
● ඊට වඩා වාසනාවක් ආශිර්වාදයක් ප්‍රතිපත්ති රැකගෙන, සීලවන්තව සිටින අයට දහම විසින් ලබාදෙන බවද කිව යුතුය.

බුදු සරණයි !

#ඉරුසේවය

No comments:

Post a Comment