Friday, October 23, 2015

අතීතයට දොර වහන්න !


ඔබගේ මනසෙන් අතීතය ගැන සිතමින් සිටිනවාට වඩා, එම අතීතය ගැන සිතන එක නතර කොට, අතීතයෙන් ලැබූ අත්දැකීම් අනාගතය වාසනාවන්ත කරගැනීමට භාවිත කරන්න.
● දැන් ඔබ කුමන තත්වයක සිටියද, සමහරවිට එය අභාග්‍යසම්පන්න තත්වයක් විය හැකියි. එසේ වුවද, සෑම කරදර බාධකයකම වෙස්වලාගත් ආශිර්වාදයක්ද ඇති බව සිතේ තබාගන්න.
* අප අතීතය ගැන උවමනාවට වඩා සිතන්නට ගියොත්, සිතට ඇතිවන්නේ කණගාටුව පමණි !
එනිසා සියලු යහපත් දේ ගැන මිස අයහපත් දේ ගැන නොසිතන්න.

● ඔබ විසින් එම දුක්බර, කණගාටුදායක සිදුවීම් ගැන සිතීම නතර කල විට... කාලය විසින්ම ඔබට වඩා යහපත් අනාගතයකට මග සලසනු ඇත.

● ලෝකයේ බොහෝමයක් කරදර බාධක ජයගෙන ලෝකප්‍රසිද්ධ වූ සියලුදෙනාම අතීතයේ කරදර බාධක වලින් පන්නරය ලැබ ජිවිතය දියුණු කරගත් අයයි !
* වසර ගණනාවක් එංගලන්තයේ අගමැති පදවිය දැරූ John Major, වතාවක් ‘කොන්දොස්තර‘ විභාගයද ෆේල් වූ කෙනෙක් බව ඔබ දන්නවාද ?
* Knut Hamsun නෝවීජියන් සංක්‍රමණිකයෙක් වූ අතර, ඇමරිකාවට ඇතුළු වීමට කල සියලු උත්සහයන් අසාර්ථක වූවෙක් විය.
තමා විඳි කරදර බාධක සහිත අරගලය ගැන ග්‍රන්ථයක් ඔහු ලියූ අතර, එයට නොබෙල් ත්‍යාගය පවා හිමිවිය( Hunger).
* රැකියා ගණනාවක් කර ඒවායින් අසාර්ථක වී තමා අසාර්ථක කෙනෙක් බව පිලිගත් Harry S. Truman, ඇමරිකාවේ 33වන ජනාධිපතිවරයා විය,
මේ ආකාරයටම ඉංජිනේරුවෙක් වන්නට උත්සහ කල, ගබඩා පාලකයෙක් වන්නට උත්සහ කල, යුද්ධයට බැඳී කපිතාන්වරයෙක් වූ ආදරය කර පසුව විවාහ වූ කාන්තාව අකාලයේ මරණයට පත්වූ, දේශපාලනයට පිවිස මුලින් පරාජය වූ Abraham Lincoln අදටද ලෝකයේම පිලිගැනෙන ජනාධිපතිවරයෙකි !
ලෝකයේ ඉහලටම පැමිණි කිසිවෙක් සරල සුන්දර ජිවිතයකට හිමිකම් කියා ඒ තැන්වලට පැමිණ නැත.

● මතක තබාගන්න ජිවිතය මෙහෙමයි....

අප ඔබ කල යුත්තේ ජිවිතය ගැන කම්පා වීම හෝ දොස් තැබීම තමන් ගැන කණගාටුවට පත්විම නොව, ඉදිරිය යහපත් කරගැනීමට සහ තිබෙන යහපත ඇති කරගැනිමට, තිබෙන යහපත රැකගැනීම උනන්දුවෙන් බුද්ධියෙන් යුතුව කටයුතු කිරීමයි..

No comments:

Post a Comment