Monday, May 30, 2016

මේ තිබෙන්නෙ වසරේ මුල සුජිත් නිශාන්ත යෝගිතුමා විසින් කියන ලද අනාවැකියකි.

“සෙනසුරු“, වෘශ්චික රාශියේ සතුරුව සිටින විට රටටම බලපාන ආකාරයෙන් අයහපත් කාලගුණ තත්වයන් ඇතිවීම සාමාන්‍ය දෙයකි.
අප මේවා ගැන දැනුවත් කිරීම් එතරම් කර නැත. කලත් ඒවායින් මිදෙන්නට කටයුතු කරන ප්‍රමාණය ඉතා අවම බව අත්දැකීමෙන් දනිමු.

එයට හොඳම උදාහරණය සුනාමි අවස්ථාවයි. සුනාමිය ගැන දැනුවත් කර තිබු බොහෝ අය එවැන්නක් සිදුවෙන්නේ නැතැයි විශ්වාසයෙන් කල් යවා කරදරයට පත්වෙනු අපි දුටුවෙමු.
සේවයක් ලෙස අපගේ මූලික උවමනාව ලෙස ලබාදෙන සේවා නිවරදිව ලබාදීමත්, ජනතාව කුසලයට යොමු කිරීමත් දැක්විය හැක.

ඊට අමතරව අප සේවයේ ගරු සේවාවක් ලබාදෙන, වෙද මහතා විසින් අපට පැවසුවේ සියලු කාරණා ගැන දැනුවත් කලත් නැතත්, අකුසල් විපාක දෙන අයට අකුසල් විපාක දීම වලකන්නට බැරි බවය.
එනිසා තම තමන්ගේ ජිවිතය යහපත් කරගන්නට, වඩාත් කුසලයට යොමුවීම කල යුතු බවක් ගම්‍ය විය.
ගංවතුරෙන් හෝ වෙනත් ස්වභාවික පීඩාවකින් කවුරුන් හෝ පීඩාවට පත්වීම කණගාටුවකි. නමුත් ඒවාට බොහෝවිට නොදන්නා කාලය කරන ලද අකුසල කර්ම සම්බන්ධව තිබිය හැක. කර්ම විපාකයෙන් ගැලවීමට ක්‍රමයක් කිසිවෙකුට නැත.

‪#‎ඉරුසේවය‬ Iru Astrology

Sunday, May 29, 2016

ඔබත් මේ අවතාර රූපය දුටුවාද ?

සරලවම කියන්නේ නම්, මෙම රූපය දෙස මඳ වේලාවක් බලා සිටින ඕනෑම කෙනෙකුට, විශේෂයෙන් පින්තූර ගැන දැනුමක් ඇති කෙනෙකුට මෙම පින්තූරයේ අවතාරය ව්‍යාජ එකක් බව තේරෙනු ඇත.

ඒ හැරුණු කොට අප විසින් අන්තර්ජාලයේ මෙම පින්තූරය සෙවූ විට බොහෝ සබැඳි මෙම අවතාරයේ රූපයට සමාන ලෙස ලැබුනි.
Stringy-Haired Ghost Girl
http://tvtropes.org/pmwiki/pmwiki.php/Main/StringyHairedGhostGirl
තවද The Ring චිත්‍රපටයේද මීට සමාන රූපයක් දක්නට ලැබෙයි.

එවිට මුල්ම ගැටළුව සිතට එන්නේ ඇමරිකාවේ සිනමා වල සිටින අවතාරයක ස්වරූපය, ලංකාවෙ පින්කමක පින්තූරයක සිටින්නෙ කෙසේද යන්නය... ???

● ඔබ සිහියේ තබාගන්න, සංසාරයේම අප පවුල් වල ඥාතින්, සම්බන්ධ අය සිතූවිට දැන් ලෝකයේම සිටින ජනගහණයටත් වඩා දහස් ගුණයකටත් වඩා වැඩිය...

● මෙය බිය විය යුතු තත්වයක් නොවෙයි. අප පාර තොටේදි ඇවිදින විට ආත්ම භව කෝටි ගණනින් අපව දකිනු ඇත. අප ලග සිටිනු ඇත. එකම වෙනස අපට එවන් අය නොපෙනීමයි.

● පින්කමකදි කල යුත්තේ එවන් ඥාතින් ඇතුළු සියලු දෙවියන්ට, සියලු සත්වයන්ට පින් අනුමෝදන් කිරීමයි.
අපට අමතක ආත්ම භවයක ඕනෑ තරම් ඥාතින් පින් නැතිව සිටිනවා වන්නට පුලුවන. එනිසා ඔවුන්ටද පින් අනුමෝදන් කිරීමෙන් ඔවුන්ගේ වෛරී බැල්මක් තිබෙනවා නම් නැති වෙනවා සේම, ආශිර්වාදයක් පවා ලැබෙන්නට ඉඩ ඇත.

හොල්මන්, භූතයන්, අවතාර, ප්‍රේතයන් කුමන අය කිව්වද ඒ සියලුදෙනා අමුතුවෙන් බිය විය යුතු අය නොවෙති. තමන්ට අකුසලයක් තිබී,  එවන් කෙනෙකුට කරන ලද අසාධාරණයක් තිබේ නම් හැර..

සැබෑවට බය වෙනවා නම් ජිවත්ව සිටින මිනිසුන්ට බිය වෙන්න.. පරිස්සම් වෙන්න...
මක්නිසාද යත් සැබෑවට හානියක් කිරීමේ මහා හැකියාව ඇත්තේ මිනිසුන්ටම පමණක් නිසාය !

Thursday, May 26, 2016

“ කතරගම දෙවියන්, වල්ලි අම්මා සහ සෙල්ලි අම්මා දේව මෑණිවරු “

ලෝක පාලක ඊශ්වර හෙවත් ශිව දෙවිඳුන්ගේ පුත්‍රයෙකු වන මෙම දෙවිඳුන්ගේ බලය මුළුමහත් ශ්‍රී ලංකා ද්වීපයටම ඉතා වැදගත්ය.

ශිව දෙවියන් විසින් ලංකාවෙ දකුණු ප්‍රදේශ භාර දී ඇති අතර දැදුරු ඔය දක්වාම මෙම දෙවියන්ටය.
සෙල්ලි අම්මා සහ වල්ලි අම්මා දේව මෑණිවරුන්ගේ ආශිර්වාදයද ඉතා වැදගත්ව බලපායි.
කතරගම දෙවියන්ගෙ පරිපූර්ණ දේව රූපය සමන්විත වන්නෙ මෙම ත්‍රිත්වයෙනි.

සමහර අය අතර මතයක් තිබෙනවා, දෙවියන් පිහිට වන්නේ නැහැ කියලා, දෙවියන් පිහිට වෙනවා.
නමුත් කිසිවෙකුගේ අකුසල කර්ම ශක්තිය වෙනස් කරන්නට දෙවියන්ට කල නොහැකියි.

කතරගම යන්නේ නම්, මුලින්ම කිරි වෙහෙරට වන්දනාමාන කරන්න. ඉන්පසුව දේවාලය බලාගන්නා කඩවර දෙවියන්ටද වන්දනාවක් කරන්න. ඉන්පසු අනිකුත් දේවාල වලට පිවිසෙන්න - නිසි පිලිවෙල එයයි.
ඒ ඇර සීලය රැකගෙන සිටින, පින්වන්තයන්ට ආශිර්වාද කරන සුපින්වත් දේව මණ්ඩලයකි !
ඔබද පින්කම් වලදි අනුමෝදන් කරන්න.

Iru Astrology

‪#‎Kataragama‬ ‪#‎God‬ ‪#‎SelliAmma‬ ‪#‎WalliAmma‬ ‪#‎Murugan‬ ‪#‎SkandhaKumara‬
‪#‎කතරගමදෙවියන්‬ ‪#‎සෙල්ලිඅම්මා‬ ‪#‎වල්ලිඅම්මා‬ ‪#‎ලංකාව‬ ‪#‎දකුණ‬ ‪#‎මුරුගන්‬

irusewaya@gmail.com.
077 22 38041

Wednesday, May 25, 2016

“ හූනියම්, අණවින කොඩිවින ආදියට පොදු ශාන්ති කර්ම “

මූලිකව කිව යුත්තේ එම නරක ගණයේ යන්ත්‍ර මන්ත්‍ර කටයුතු කරන සහ විය හැකි බොහෝ ක්‍රම ඇති බවය.
අප මේ සඳහන් කරන්නේ ඕනෑම කෙනෙකුට පොදුවේ එවැන්නක් වී නම් කල හැකි සරල නමුත් යහපතක් වන පොදු ප්‍රතිකර්මයන්ය.
(විශේෂයෙන් එවන් කරදර නැති වුවද මේවා කිරීමේ ගැටළුවක් නැත)

● හූනියමක්, කොඩිවිනයක් වැනි දෙයක්, නොපෙනෙන බලවේග, මියගිය ආත්මයන්ගෙන් සිදුවන කරදර බොහෝමයකට මූලික හේතුවක් ලෙස අපගේම කර්ම ශක්තිය දැක්විය හැක.
පෙර ආත්ම භවයකදී වුවද අප කරන ලද අකුසලයකට මේ ආත්ම භවයේදි විපාක ඔවැනි දේ නිසා සිදුවේ.
කේන්දරය අනුව කරන ඒවාද, පොදුවේ කරන ඒවාද වෙති. සමහර අයට ගත වෙන කාලයේ යම් අපල උපද්‍රව තිබෙනවා නම්, ඒ කාලයකදී විරුද්ධව කරන අණවින කොඩිවිනයක් සාර්ථක වීමේ හැකියාවක් පවති.

● අද කාලයේ ඔවැනි හදි හූනියම් කරන සහ ඒවා ඉවත් කරන බොහෝ දෙනෙකු අතර සිටින අය අතර එම කටයුතු ගැන අපට පැහැදීමක් නැත. එනිසා එවන් තැන් ගැන ඔබට නිර්දේශ කිරිමට අපට කැමැත්තක් නැත. ( අප ඕනෑම දෙයක් කරන්නේ, කර දෙන්නේ කේන්දර සටහන අනුව අදාල කර්ම ඵල විචාරීමෙන් පමණි)
මෙවන් අවස්ථාවකදී කල පොදු යුතු දේ මෙසේය.

● තමන්ට විශ්වාසි, තම පවුලට විශ්වාසි කෙනෙකුට කියා නිවරදිව දෙහි කපා, ඇස්වහ කටහව පුච්චවා දෝෂ නාශනය කරගන්න.
● ඊට අමතරව බෝධි පූජා දින 21ක්වත් තබන්න. ඔබ නැතත් වෙනත් අයෙකුට කියා හෝ කරවන්න.
● හැකි තරම් දහමට අනුකූලව කටයුතු කරන්න. අසරණ අය සිටි නම් දන් දෙන්න. භික්ෂූන්වහන්සේලාට දන් දෙන්න. අසරණ සතුන්ට ආහාර පානාදිය ලබාදෙන්න.
● මෛත්‍රි භාවනාව උදේ සහ රාත්‍රි 2 කටම කරමින් අවම තරමින් විනාඩි 5ක්වත් වතාවකට කරන්න. එසේ කර සියලුදෙනාට මෛත්‍රිය පැතිරවීමෙන්ද මෙම අපල තත්වයන් අඩුවිය හැක.
● කරන සියලු පින්කම්, යහපත් දෑ යනාදියේ පින් සියලු දෙවියන්ට, සියලු සත්වයන්ට, සියලු ඥාතින්ට සිතින් අනුමෝදන් කරන්න.
පවතින අභාග්‍යසම්පන්න තත්වය දුරුවී යහපත උදාවන්නට ඉල්ලන්න !

- මේ පල කල සියලු කරුණු පොදු කරුණු බව සලකන්න. අපල තිබුනත්, නැතත් මෙම පින්කම් කිරිම ඉතා වටී.

‪#‎ඉරු‬ ‪#‎හූනියම්‬ ‪#‎අණවින‬ ‪#‎කොඩිවින‬ ‪#‎කේන්දර‬ ‪#‎ලංකාව‬ ‪#‎ශාන්තිය‬ ‪#‎සහනය‬ ‪#‎යහපත‬


* භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Doc. සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව 
* නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) (නම් තැබීම).
* නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය,
* කාර්යාලයට පැමිණ සේවා ලබාගැනීම ඇතුළු
සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න. 
irusewaya@gmail.com.
077 22 38041

Tuesday, May 24, 2016

අප සේවයේ සියලුමදෙනා පාහේ හැකි පමණින් උදව් කරන්නට කටයුතු කල අතර, ඒවායේදී පින්තූර ගැනීම් ආදිය නොකිරිමට තීරණය කරන ලදි.

උදව් කල පින්තූර පලකිරිමේ වරදක්ද අප දකින්නේ නැත. ඉරු සේවයේ සමස්ත අදහස අනුව එම කටයුතු වලදි පින්තූර-වීඩියෝ කිසිවක් කලේ නැත.

එම කටයුතු වලට විරාමයක් ලබා තම තමන්ගේ කටයුතු වලට අප පැමිණියේ අදයි...

Tuesday, May 17, 2016

නුවණට අධිපති “ගනේශ්වර දෙවිඳුන් “

“ අතෙහි පොත ඇති දෙවි 
නුවණට ඉසුරු ගණ දෙවි
ගත් ලොව අග පදවි
දෙන්න මට සිහි නුවණ ග්‍රහ සවි “

- ඉගෙන ගන්නා දරුවන්ට විශේෂයෙන් මෙම ගාථාව කීම හොඳයි.

* ගණ දෙවියන් ගැන විශේෂ වශයෙන් කිව යුත්තේ, ඉල්ලීමකට පවා ආශිර්වාද කරන තරම් යහපත් දෙවි කෙනෙක් බවය.
ඊට අමතරව ගණ දෙවියන්ට වඳින්නට නියමිත වෙලාවක් නැත. නියමිත දිශාවක්ද නැත.
(විශේෂ පූජා කර්ම යනාදියේදි අදාල පුද්ගලයන්ගේ කර්ම ශක්තින් අනුව දිශාව සහ වෙලාවන් තීරණය වේ)

ඔබත් ගණ දෙවියන්ට ගරු කරන්නේ නම් යහපත් සිතින් පින්කම් කර එම පින් ගණ දෙවියන් ඇතුළු සියලුදෙවියන්ට අනුමෝදන් කරන්නට කටයුතු කරන්න !

Monday, May 16, 2016

සතියේ ලග්න පලාපලය - මැයි 23 තෙක්



● මේෂ

දුරදිග සිතා බලා වැඩ නොකිරිම නිසා මුදල් නාස්ති වන ගැටළු මතුවිය හැකි කාලයකි. රැකියාවේ ගැටළු රැසක් මතුවිය හැක. රැකියාව වෙනස් වීමද සිදුවිය හැකි අතර, නව රැකියා අවස්ථා රැකියා විරහිත අයට උදාවිමේ හැකියාවක්ද පවති. බුද්ධියෙන් කටයුතු කරන්න.
පවුල් ජිවිතය තුල සිත නොසන්සුන් වන කාලයකි. පවුලේ කටයුතු වලදි අනිකාට අවනත නොවිම නිසා ගැටළු ඇතිවිමේ හැකියාව ඇත. ඉවසීමෙන් කටයුතු කරන්න.


● වෘෂභ

මූල්‍යමය කටයුතු වලින් තරමක් අවාසිදායක තත්වයන් වලට මුහුණ දීමට සිදුවිය හැක.
ව්‍යාපාර, හවුල් ව්‍යාපාර වලට තරමක් අසුභයි. බුද්ධිමත්ව කටයුතු කරන්න. ප්‍රවේසම් වන්න. රැකියාවේ දියුණුවට යම් ක්‍රියාමාර්ග ක්‍රියාවට නගන කාලයකි. රැකිරක්ෂා වල දියුණුව මෙන්ම වෙනස්කම්ද ඇති කිරිමට හොදයි.
ගෘහ ජිවිතය තුල කල්පනාකාරිව කටයුතු කිරීම තුලින් සතුටින් සාමදානයෙන් ඉදිරියට යාමේ හැකියාව පවතින සතියකි.


● මිථුන

ආර්ථික වශයෙන් යම් දියුණුවක් ලගා කර ගැනීමට සුභ කාලයකි.
ව්‍යාපාර ආදියටද නව ආයෝජන ආදියටද යහපත් කාලයකි. රැකියා කටයුතු වලදි සිතට තරමක් අසහනකාරි තත්වයන් වලට මුහුණ දීමට සිදුවිය හැක. වැඩ අධික විය හැක, ඒ අවස්ථාවන් මනාව කළමනාකරණය කරගන්න.
පවුල් ජිවිතය තුල සතුටුදායක දේ සිදුවිමට හැකියාව පවති. ගේ දොර වැඩ කටයුතු වලින් තරමක් අසුභ ඵල අත්විය හැක. කල්පනාවෙන් බුද්ධියෙන් වැඩ කටයුතු කරන්න.


● කටක

මුල්‍ය කළමනාකරණය අතින් යහපත් සතියකි.
මුදල් ඉතිරි කිරිමට, නව ආදායම් මාර්ග වලට මුදල් යෙදවීමට සිතන කාලයකි. නිවරදිව කිරිමෙන් එම කටයුතු සාර්ථක කරගත හැක. රැකියාවේ දියුණුව උදා වෙයි. රැකියාවේ දියුණුවට කටයුතු කර ගන්නා සතියකි.
පවුල් ජිවිතය තුල සමගිය - සාමකාමි බව උදාකර ගැනීමට කැපවන, වැඩිහිටියන්ගේ උදව් උපකාර ලැබෙන ශුභ සතියකි.


● සිංහ

ව්‍යාපාර ආදියෙන් සාර්ථක ප්‍රතිඵල අත්වෙයි. වෙනත් ව්‍යාපාර හෝ ආදායම් මාර්ග වලට සිත යොමුවන කාලයකි. ඒවා සාර්ථ කරගැනිමටද වාසනාව පවති. අනාගතය සාර්ථක කරගැනීමට උනන්දු වන සතියකි. රැකියාවේ දියුණුව උදාකර ගැනීමට යහපත් ලෙස කටයුතු කරගත හැකියාව පවති.
ගෘහ ජිවිතය තුල තම ගැටළු වලට සාර්ථකව විසඳුම් සොයා ගැනීමට හැකියාව පවතින කාලයකි. තමන්ගේ කටයුතු වලට නෑයන්ගේ හිත මිතුරන්ගේ උදව් උපකාර ලැබෙයි. විනෝදයෙන් සිටිමට හැකියාව ඇති කාලයකි.


● කන්‍යා

දියුණුව උදෙසා ගනු ලබන ක්‍රියාමාර්ග සාර්ථක වෙයි.
ණය ගනුදෙනු වලින් සිත අවුල් වීමට කටයුතු යෙදෙයි. කාර්යබහුල සතියකි. ඉක්මණ් තීරණ ගැනීමට සිත්වන කාලයකි. රැකියා වලට සුභයි. කාර්යශූරව වැඩ කටයුතු කරන සතියකි.
අධ්‍යාපන කටයුතු වලදි ඇතිවන කාර්යබහුලතාවය නිසා සිත තරමක් අවුල් වී යා හැක. ඒ ගැන අවබෝධයෙන් කටයුතු කරන්න. දියුණුවක් ලැබෙන කාලයකි. අවිවාහක අයට තරමක් දුරට මෙතෙක් මංගල කටයුතු වලට තිබු බාධා අඩු වෙයි. මධ්‍යස්ථ ඵල ලැබෙයි.


● තුලා

ණය ගනුදෙනු වලින් තරමක් අර්බුද නිර්මාණය වීමේ අවදානමක් පවති.
ඒනිසා බුද්ධියෙන් කටයුතු කරන්න. මුදල් පරිහරණයෙදි ප්‍රවේසම් වන්න.
ව්‍යාපාර දියුණු වෙයි. නව ආදායම් මාර්ග වල දියුණුවක් පෙන්වයි. විදේශ රැකියා වලින් යහපත් ප්‍රතිඵල ලැබිය හැක. රැකියා වල ගැටළු තරමක් විසඳා ගැනීමට සුභ සතියකි.
ගෘහ ජිවිතයේ තරමක් උදාසීන ගති වැඩි වෙයි. වෙනදාට වඩා අනාගතය ගැන සිතයි. විවාහ වීමට සිතන අයට තම ගැටළු විසදෙන සතියකි.


● වෘශ්චික

ආදායම් මාර්ග වලින් මතුවන ගැටළු වලදි හිත්‍ර මිත්‍රයන්ගෙන් සහය ලැබෙයි.
රැකියා කටයුතු වලදී වෙනදාට වඩා වගකීම් වැඩි වන කාලයකි. ප්‍රධානින්ගේ විශ්වාසය දිනා ගැනිමට හැකියාව ලැබෙන කාලයකි. රැකියාවේ තිබු ගැටළු නිරාකරණය වන සුබ සතියකි.
ගෘහ ජිවිතය තුල තමන්ගේ බලය පෙන්විමට උත්සහ දරන ස්වභාවයක් මෙන්ම වගකීම් පැහැර හරින ස්වභාවයක්ද පෙන්වයි. ඒ තත්වයන් තේරුම් අරගෙන කටයුතු කරන්න.
අවිවේකී බව නිසාම  ශරීර සෞඛ්‍ය තරමක් දුර්වල විය හැක. ඒ ගැනද අවදානමත් වන්න.


● ධනු

ආදායම් අඩු වන, කෙසේ වුවද තමන්ගේ වැඩ නිසි ලෙස ඉටු කරන, ඉක්මණ් තීරණ ගැනීමේදී නීතිමය ගැටළු පැන නගින  සතියකි. විවේකය අඩු සතියකි. රථවාහන සම්බන්ධ රැකියා වල නියුතු වන අයට නීතිමය ගැටළු පැන නැගීමට ඉඩ ඇත. රැකියා විරහිත අයට රැකියා ලැබීමේ වාසනාව පවති.
ඉවසීමෙන් කටයුතු නොකලහොත් තමන්ට ගැටළු මතුවිය හැක.
පවුල් ජිවිතයේ කටයුතු වලදීද ඉවසීම අනිවාර්ය වෙයි. කල්පනාවෙන් වැඩ කල යුතු සතියකි.


● මකර

ආදායම් මාර්ග වලින් සුභ ඵල අත්කරගත හැක.
නව ආදායම් මාර්ගයකට මුදල් යෙදීමට සිත් දෙන කාලයකි. ඉඩම් සම්බන්ධ ව්‍යාපාර වලට යහපත් ප්‍රතිඵල ලැබෙයි. ගුප්ත/රහසිගත දේ වලින් මුදල් ඉපයීමට සිතෙන සතියකි. රාජකාරි කටයුතු වලදී ප්‍රවේගකාරිව ඉදිරියට යෑමට සිතෙන එම නිසා රාජකාරි ස්ථානයේ පැසසුම් ලැබෙන සතියක් විය හැක.
ගෘහ ජිවිතයෙදි ඉවසීමෙන් වැඩ කටයුතු කල යුතුවේ. අවිශ්වාසය දළුලන සතියකි. මනා බුද්ධියෙන් යුතුව සියලු කටයුතු කල යුතු බව තරයේ සිතට ගන්න. අවිවාහක අයට මංගල යෝග උදා වෙයි. විවිධ අය ඇසුරු කිරිමට ලැබෙන කාලයකි.


● කුම්භ

යම් පියවරක් ගැනීමෙන් තම ආදායම් තත්වයන් ඉහල ගැනීමට හැකියාව ලැබේ.
අනාගතය වෙනුවෙන් ගන්නා පියවරක් සාර්ථක වෙයි. එනිසා සිතට සතුටක් ඇති වේ. රාජකාරිය පිලිබදව වැඩි සැලකිල්ලක් දක්වන, උත්සාහයට වඩා කැපවීමට සිදුවන, උසස් වීම් සම්බන්ධ ගැටළු විසදා ගැනීමට හැකියාව ලැබෙන යහපත් සතියකි.
ගෘහ ජිවිතය වෙනදාට වඩා සතුටින් සාමදායෙන් ගත වනු ඇත. සාර්ථක තීරණ වලින් ප්‍රශංසා ලැබෙනු ඇත. යහපත් ගති ගුණ ඉස්මතු වෙයි. දුර්වල ගති නැති වෙයි.


● මීන

ආර්ථික ගැටළු විසදෙයි, තත්වය යහපත් වෙයි.
ආර්ථික දුෂ්කරතා විසදෙයි. සිතට සහනයක් ලැබෙනු ඇත. වාහන මිලදී ගැනීමට සුභ සතියකි. රැකියාවේ ගැටළු විසදා ගැනීමට හැකියාව ලැබෙයි. තරමක් අවස්ථානුකූලව කටයුතු කරන සතියකි. ඉක්මණ් තීරණ ගැනීමෙන් යහපත් ප්‍රතිඵල ලැබෙන සතියකි.
පවුල් ජිවිතයේ තරමක් අර්බුද මතුවිමට ඉඩ ඇත. ආගම දහමට සිත නැඹුරු වන කාලයකි. විවේකය අඩු සතියකි.


Sunday, May 15, 2016

Facebook ෆැන් පේජය 60,000 +

පසුගිය වසර කීපය තුල ෆැන් පේජයක් විශාල පාඨක සමූහයක් මෙන්ම වැඩියෙන්ම නරඹන ජ්‍යොතිෂ්‍යයට අදාල ෆේස්බුක් ෆැන් පේජය වීමට හැකිවීමද අපගේ භාග්‍යයකි.

Iru Astrology
Iru Sewaya
https://plus.google.com/u/0/+IruSewaya/posts
https://www.youtube.com/channel/UCiCfvboe_q7nz58JRj_YppA
https://www.instagram.com/iru_astrology/
https://twitter.com/IruAstro
http://rivisanda.blogspot.com/

irusewaya@gmail.com.
077 22 38041

Wednesday, May 11, 2016

සමහර අයට කේන්දර පරික්ෂා කරගැනීමේදී මහා කලබලයක් පවති. අදම දෙන්න, පැය කීපයෙකින් ගන්නට කතා කරති.
මේ තත්වය විශේෂයෙන් ඇත්තේ විවාහයට අදාලව පරික්ෂා වලදීය.

- යම් කේන්දර පරික්ෂාවක් කල යුත්තේ යම් කාලයක් ලබාගෙනය. එයට අදාලව සූක්ෂමවද පරික්ෂා කල යුතුය. එය අප කේන්දර විස්තරයේ නොයෙදුවද සූක්ෂමව අංශක වෙනතුරු පරික්ෂා නොකර නිවැරදිවම කිව නොහැක.

- එවන් මහා කලබලයකින් සිටින අයට විශේෂයෙන් විවාහ පොරොන්දමට තත්පර ගානකින් ඒවා සාදා දෙන සේවයන්, දුරකථන ජාල හරහා ඇප් වර්ග පවා ඇත.

අපට එවන් අයට කියන්නට ඇත්තේ, කලබලයේ විවාහ වන්නා නිවි සැනසිල්ලේ පසුතැවෙන බවයි...
එය කේන්දර කරන දෙයක් නොව, තමන් විසින්ම කරගන්නා දෙයකි..

හිමි - අහිමි

* ඔබට යමක් ලැබෙන්නට තිබේ නම් - එය ලැබෙනු ඇත...
එම ලැබීම මනාව කළමනාකරණය කරගන්න....

* ඔබට යමක් අහිමි වීමට තිබේ නම් - එය ඔබට අහිමි වනු ඇත.
එම අහිමි වීම හරියට දරාගන්න...

- ජිවිතයේ සියලුදෙය මේ ආකාරයෙන් වේ. ආදර - ප්‍රේමය හිතුවත්, ධනය යනාදි ආර්ථික ප්‍රතිලාභ ගැන හිතුවත් එසේය...

‪#‎ඉරු‬

irusewaya@gmail.com.
077 223 8041

Monday, May 9, 2016

සතියේ ලග්න පලාපලය - මැයි 16 වනතුරු

● මේෂ
සමඵලයි.
ආදායම් මාර්ග වලින් තමන්ට සුළු විසඳුම් ලබාගත හැකිය. ව්‍යාපාර වල යෙදෙන අයට ඒවායේ ගැටළු විසඳා ගැනීමට හැකි වෙයි. ආදායම් මාර්ග වලට යෙදී තිබූ බාධා ඉවත් වෙයි. රැකියා වල ගැටළු තත්වයකට මුහුණ දීමට සිදුවිය හැක බුද්ධිමත්ව කටයුතු කරන්න. කාර්ය බහුල වන සතියකි. දුර ගමන් යෙදිය හැක ඒවායින් වාසි අත්විය හැක.
ගෘහ ජිවිතය තුල මතුවන කරදර වලින් ජය ගැනීමට හැකියාව ඇත. එසේ වුවත් ඉවසීම බුද්ධිය තිබිය යුතුය.
හදිසි අනතුරු වලින් පරිස්සම් වන්න. සෙම් රෝග යනාදිය ගැන අවදානමත් වන්න.


● වෘෂභ
තරමක් ශුභයි.
ආදායම් තත්වය යහපත්ය. හවුල් ව්‍යාපාර කටයුතු වලට තරමක් බාධා අඩු වේ. ණයක් ලැබීමට, බලාපොරොත්තු වූ මුදලක් ලැබීමට ඉඩ ඇත. රැකියාවේ වැඩි දියුණුව වෙනුවෙන් තම කටයුතු උනන්දුවෙන් කරනු ඇත. අන් අයගේ පැසසුම් ලැබේ. නව රැකියා වාසනාව පවති.
පවුල් ජිවිතය තුල විශ්වාසයෙන් කටයුතු කිරීමට සිදුවේ. වැඩි වශයෙන් තමන්ට වගකීම් පැවරෙන ස්වභාවය වැඩි වෙයි. යහළුවන්, හිතවතුන්ගෙන්, ඥාතින්ගෙන් පීඩාද මේ කාලයේ සිදුවිය හැක. බුද්ධියෙන් කටයුතු කරන්න.



● මිථුන
ශුභයි.
ව්‍යාපාර වලට යොමුවීමට කටයුතු කරන අයට කල්පනාකාරි විය යුතුයි, ඒ සදහා සුභදායක තත්වයක් උදාවෙයි. සති මැද වන විට සුභ ප්‍රතිඵල ලැබෙනු ඇත. රැකියා කටයුතු තරමක් සාර්ථක වෙයි. මෙතෙක් පැවති බාධා අඩුවනු ඇත. නව රැකියා අවස්ථා උදා වෙයි.
ගෘහ ජිවිතය තුල පවුලේ දියුණුව ලැබේ. සහෝදර-සහෝදරයින්ගේ දියුණුවද, ගේ දොර අලංකාරයට කටයුතු සිත දෙයි.  ප්‍රියසම්භාෂණ වලට සහභාගි වීමට, විනෝදයෙන් සිටිමට අවස්ථාව උදා වෙයි.



● කටක
ශුභයි.
නව ආදායම් මාර්ගකට ඉඩ සැලසෙයි. සැලකිලිමත්ව වැඩ කටයුතු කලොත් ජයක් ලැබේ, නමුත් මුදල් අනවශ්‍ය ආකාරයෙන් වියදම් වීමෙන් වලක්වා ගත යුතුය. ඉඩම් සම්බන්ධ ගැටළු විසඳෙයි. භූමි වාසනාව උදා වෙයි. විදේශ රැකියා, රැකියා වලට තිබුනු බාධා ඉවත් වෙයි. රැකියා කටයුතු වලට තරමක් සුභ කාලයකි.
ගේ දොර කටයුතු වලට උනන්දු වන කාලයකි. ඉගෙනීම් කටයුතු වලටද උනන්දුව වැඩි වන කාලයකි. අසල්වැසියන්ගෙන් උදව් ලැබේ. සතුටු සිතෙන කාලයකි.


● සිංහ
ශුභයි.
ආදායම් මාර්ග වලින් තරමක් සාර්ථක ප්‍රතිඵල ලැබෙනු ඇත. නව ආදායම් මාර්ග උදා කරගැනීමට හැකියාව ලැබෙන කාලයකි. අනාගතය සාර්ථක කරගැනීම වෙනුවෙන්, මුදලක් යෙදීමට ඉඩ ලැබේ. රැකියාව දියුණු කරගැනීමේ පියවර ගන්නා කාලයකි. බාධක අඩුවෙයි.
ගෘහ ජිවිතය තුල අවස්ථානුකූල බවක් පෙන්වයි. දරුවන්ගේ දියුණුව වෙනුවෙන් කටයුතු කරයි. තමා විසින් සමාජශීලි වැඩ කටයුතු වලට සහභාගි වන කාලයකි. සිතට සතුට ලැබේ.ෙ


● කන්‍යා
හොඳ සතියකි.
ආර්ථික දියුණුව ලැබේ. උනන්දුවෙන් වැඩ කටයුතු කරන කාලයකි. ආදායම වැඩි කරගැනීමට වෙහෙසෙන කාලයකි. රැකියාවේ කාර්යබහුලතාවය වැඩි වෙයි. වෙහෙසකාරිව, කැපවීමෙන් වැඩ කටයුතු කිරිමට සිදුවෙයි. නව රැකියා අවස්ථා ඇතිවිය හැක. රැකියාවේ දියුණුව ලැබේ.
ගෘහ ජිවිතය තුල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට කැපවීම, උනන්දුව අඩුවි යා හැක. දරුවන් ඒ වෙනුවෙන් යොමු කරවන්න. දරුවන්ගේ සිත් බාහිර කටයුතු වලට ඇදී යාමට හැකියාව ඇත. ඉක්මණ් තීරණ ගැනීමෙන් වලකින්න, නැතහොත් පසුතැවීමට සිදුවනු ඇත. බුද්ධිමත් වන්න.



● තුලා
සමඵලයි.
අවස්ථානුකූලව ගත් ක්‍රියාමාර්ග වලින්, දියුණුව උදා වෙයි. ණයක් හෝ අපේක්ෂිත මුදලක් ලැබෙනු ඇත. වාහන සම්බන්ධව තිබු ගැටළු විසදේ. ඒ වාසනාව පවති. රැකියාව සාමාන්‍ය පරිදි කරගෙන යා හැක. රැකියාවේ ගැටළු තරමක් දුරට විසඳා ගැනීමට හැකියාව ලැබේ.
ගෘහ ජිවිතයේ ගැටළුද විසදෙනු ඇත. තමන් නිසා අනුන්ගේ සිත් රිදෙන කාලයකි - ඒ ගැන සිතා බලා කටයුතු කරන්න. සහෝදරයින්ගේ පිලිගැනීම් වැඩි වේ.


● වෘශ්චික
ශුභ සතියකි.
ආර්ථිකය යහපත් අතට හැරේ. නව ආදායම් මාර්ග වලින් මුදල් ඉපයීමට හැකි වේ.  රැකියාව දියුණු කරගැනීමට බුද්ධිමත්භාවයෙන් වැඩ කටයුතු කරන්න, නැතහොත් ගැටළුකාරි තත්වයකට මුහුණ දීමට සිදුවනු ඇත. තමන්ගේ වැඩ කටයුතු වලට අන් අයගේ උදව් - උපකාර ලැබෙන, ආදායම් තත්වය ඉස්මතු වන කාලයකි. අනුන්ට තමුන්ගේ අගය දැනෙන කාලයකි.




● ධනු
ශුභ සතියකි.
අන් අය වෙනුවෙන්, කැපවීමට සිදුවන කාලයකි. මුදල් වියදම් කරගැනීමට සිදුවන්නට ඉඩ ඇත. ආදායම් මාර්ග වලින් මතුවන ගැටළු මෙන්ම මුදල් වියදම අධික වන කාලයකි - අරපරිස්සමෙන් කටයුතු කරන්න.
රැකියාව සාර්ථකයි, එහෙත් නිදහස අඩු වෙයි.
අසල්වැසියන් වෙනදාට වඩා හිතවත් වන කාලයකි. තමන්ගේ වැඩ කටයුතු වලින් සාර්ථක ප්‍රතිඵල ලැබෙන කාලයකි.



● මකර
සුභයි.
ආර්ථික ගැටළු විසඳෙන සතියකි. යහළුවෙක් ගෙන් උදව්වක් හෝ ණයක් වැනි ආකාරයට කුමනාකාරයකින් හෝ මූල්‍ය ගැටළු විසදෙන්නට ඉඩ තිබෙන සතියකි. රැකියාවේ වැඩ කටයුතු වලින් දියුණුව ලැබෙයි. ප්‍රධානින්ගේ ප්‍රශංසා ලැබෙන කාලයකි.
පවුලේ සමගිය - සාමදානය වැඩි වෙයි. කලබලකාරි වීමෙන් තම කටයුතු අතපසු වන්නට ඉඩ වැඩියි, ඒ ගැන සිතා බලා කටයුතු කරන්න.



● කුම්භ
ඉතා ශුභ සතියකි.
ආදායම් මාර්ග යහපත් වෙයි. ගෙදර අය වෙනුවෙන් මුදල් වැය වන කාලයකි. රාහු - කේතු දසාවන් ගත කරන අයට තරමක් ආර්ථික අපහසුතාවයන් වැඩි වීමට ඉඩ ඇත. රාජකාරිය පිළිබද වැඩි සැලකිල්ලක් දක්වන, උනන්දුවෙන් වැඩ කටයුතු කරන කාලයකි.
ගෘහ ජිවිතය වෙනදාට වඩා යහපත් ප්‍රතිඵල ලබා ගත හැක. අවිවාහක අයට මංගල යෝග උදා වන කාලයකි.  අන් අයගේ උදව් උපකාර ලැබෙන කාලයකි. මෙතෙක් පැවති උදාසීන ගති අඩු වී කඩිසර භාවයකින් කටයුතු කරන කාලයකි.



● මීන
ශුභ සතියකි.
ඵලදායි දෙයකට මුදල් ආයෝජනය කරන සතියකි. ආර්ථික ගැටළු විසඳෙයි. නව ප්‍රශ්න උද්ගත වීමේ අවදානමක් පවතියි. ව්‍යාපාර වලින් සාර්ථක ප්‍රතිඵල ලැබෙන කාලයකි.
රැකියාව සාමාන්‍ය පරිදි ගත වෙයි. නව රැකියා බලාපොරොත්තු වන අයට සුදුසුකම් වලට සරිලන රැකියා ලැබීමේ ඉඩ පවති.
පුණ්‍යමය කටයුතු වලට සහභාගි වීමට ඉඩ ලැබේ. වෙනදාටත් වඩා ලස්සනට සිටින්නට කටයුතු කරන, අලංකාරය ගැන සිතන කාලයකි.

ඉගෙනුමට, ධාරණ ශක්තියට, මතකයට ආශිර්වාද කරන සුපින්වත් සරස්වතී දේවතාවිය !


Wednesday, May 4, 2016

සෙනසුරුගේ බලපෑම විද්‍යාත්මකව පැහැදිලි කිරීම !

ජ්‍යොතිෂ්‍යයට ගරහන යම් පිරිසකගේ අදහස සෙනසුරු ග්‍රහයා දුරින් පිහිටා ඇති නිසා එයින් වල බලපෑමක් නැති තරම් යන්නය. ඒ අනුව ජ්‍යොතිෂ්‍යවේදීන් සෙනසුරු මුල් කරගෙන සියල්ල කියනා බවක් ඔවුන්ගේ කතාවෙන් ගම්‍ය කරයි !

● පෘථවියේ උපග්‍රහයෙකි චන්ද්‍රයා... ප්‍රමාණය අනුව පෘථවියට වඩා ඉතා කුඩාය.
නමුත් පුර කාලයට මුළු පෘථවියම එළිය කරන්නට චන්ද්‍රයා සමත්ය.
- එසේ කරන්නේ සූර්යයාගෙන් වැටෙන ආලෝකය පරාවර්ථනය කිරීමෙනි.


● සෙනසුරු ඈතක සිටියද, පෘථිවියට වඩා  ඉතා විශාල ග්‍රහයෙකි.
(සෙනසුරු විශාලත්වයෙන් 2වෙනි වන්නේ බ්‍රහස්පතීට පමණි.)
http://www.universetoday.com/24161/saturn-compared-to-earth/


● සූර්යයාගෙන් සියලු ග්‍රහයන්ට වැටෙන ආලෝක කදම්බයෙන් කොටසක් පරාවර්ථනය වන බව අපි සියල්ලෝම දනිමු (චන්ද්‍රයා මූණට කණ්ණාඩියක් සවි කරගෙන නැත, ආලෝකය පරාවර්ථනයෙන් සඳ එළිය පෘථිවියට වැටේ).

●  එපමණක් නොවෙයි, සූර්යයා සහ සියලු ග්‍රහ වස්තූන් භ්‍රමණය වන්නේ ආකර්ෂණ ශක්තියකට අනුවය. එය අන්තර් සබඳතාවයකි. ග්‍රහ ලෝකයන් අතරද එකිනෙක අතරද ආකර්ෂණ සබදතාවයක් තිබේ.
පෘථිවියේ සිට වෙනත් ග්‍රහලොවකට යන විට පෘථවියේ ආකර්ෂණය යම් දුරකට තිබේ. එසේ වෙනත් ග්‍රහ ලෝකයට අයත් ආකර්ෂණයක්ද පෘථවියට තිබේ..
එයින් එක ග්‍රහයෙකු හෝ ඉවත් වුවොත් සිදුවන දෙය සිතාගත හැකිද ?

- එසේ නම් සෙනසුරු සමග සබදතාවයක් පෘථවියට තිබේ... !
- එසේ නොවි නම් එකකට එකක් නොගෑවි භ්‍රමණය වන්නේ කෙසේද ?

● විශාලම ග්‍රහයා වන්නේ බ්‍රහස්පතීය. සෙනසුරු ඊට වඩා ටිකක් කුඩාය.


** සෙනසුරුට වැටෙන ආලෝක කදම්බයෙන් කොටසක් අනිකුත් ග්‍රහ ලෝක වලටද වැටේ. එම වැටෙන ආලෝක කදම්බය තමයි “ග්‍රහ දෘෂ්ටි“ ලෙස ජ්‍යොතිෂ්‍යයේ පෙන්නුම් කරන්නේ..

උපන් මොහොතේදි ග්‍රහයන් සිටි ආකාරය අනුව, ඒ ඒ ග්‍රහයන්ට වැටෙන ආලෝක ප්‍රමාණය තමයි පෙන්නල කතා කරන්නේ,

“ මේ ග්‍රහ දෘෂ්ටිය වැටෙනවා, මෙතන සෙනසුරු සිටින විතර මෙතරම් ප්‍රබල හෝ දුබල තත්වයක පිහිටිනවා “

- එම බලපෑම සැබෑවටම පවති - නැතිව අප කතා කරන්නෙ භූත ආත්ම හෝ නොපෙනන බලවේග ගැන නොවෙයි.
- ජ්‍යොතිෂ්‍යය පැහැදිලිවම සජීවිව පවතින විද්‍යාත්මක පදනමකට අනුව කතා කරන්නකි..


●  එසේ නම් හඳේ බලපෑම අනුව, වඩදිය - බාදිය ඇති වීමත් ප්‍රතික්ෂේප කල යුතු වෙයි.. ?
සූර්යයාගේ බලපෑමද පිලිගත හැකිද ?

- අප ජ්‍යොතිෂ්‍යයේදී සෙනසුරුගේ බලපෑම ඉතා විශාල බව අප පිලිගන්නේ නැත. විශාල බලපෑමක් ඇත්තේ සූර්යයාගේ සහ චන්ද්‍රයාගේය.
- අපි සියලු කටයුතු කරන්නේ රවි/සූර්යයා සහ සඳු/චන්ද්‍රයා මූලික කරගෙනයි.
චන්ද්‍රයා අනුව නැකැත් සාදන අතර, සූර්යයා අනුව ලග්න සාදයි.


● සෙනසුරුගෙන් වැඩිය ලැබෙන්නේ අපල විපත් වන අතර, එයට හේතුව සෙනසුරු විශාල ග්‍රහයෙක් ලෙස අනිත් ග්‍රහයන්ට වඩා එක්තරා අංශයක විශාල ආකර්ෂණයක් ඇති ග්‍රහයෙකි.

තවද,

දැනට වසර දහස් ගණනට පෙර, ඍෂිවරයන් වහන්සේලා විසින් අද පවතින කිසිදු දියුණු උපකරණ නැතිව, ග්‍රහ ගමනත්, සූර්ය ග්‍රහණ, චන්ද්‍ර ග්‍රහණ නිවරදිවම ගණනය කර තිබේ.
අප ඉදිරිපත් කරන්නේ පැරණි පොත් පත් වල ඇති ගණිත ක්‍රමයයි. මේ භාවිත කරන්නේ කිසිදු බටහිර විද්‍යාඥයෙකු විසින් සාදා දෙනු ලැබූවක් නොවෙයි.
එසේ නම් ඍෂිවරුන් විසින් සූර්ය සිද්ධාන්ත ගණිත ක්‍රමය ඉතා නිවරදිව ගණනය කර ඇත !

එසේ නම් ඔවුන් විද්‍යාඥයන්ම තමයි !

- ගැලිලියෝට, අයිසැක් නිව්ටන්, ඇල්බට් අයින්ස්ටයින් ආදි කිසිදු විද්‍යාඥයෙකුට සෘෂිවරුන් දෙවෙනි කල නොහැක...

● ජ්‍යොතිෂ්‍යය අනුවද අහවල් දවසේ චන්ද්‍රග්‍රහණයක් වන බව කියයි. මේ වෙලාවට පටන්ගෙන මේ වෙලාවට ගෙවෙන බව කියයි.
- නාසා ආයතනය කියන්නේද එයයි...

- නාසා ආයතනය ඉතා දියුණු විද්‍යා්මක පර්යේෂණ අනුව, තාක්ෂණික සහය ඇතිව කරන දින වකවානු ගණනය කිරිම්, එදා ඒ කිසිවක් නැතිව ආකාශය දෙස බලා කරන ලද පර්යේෂණ වල නිරවදිතාවයත් ඉතා නිවරදිව ඍෂිවරුන් විසින් කර ඇත.

තවත් කුමන කතාද ???

ඔව් !



“ ඔය එක එක ජ්‍යොතිෂ්‍යවේදින් කිව්ව වගේ නෙමෙයි,

අම්මා එපා කිව්වොත් වරදින එක වරදිනවාමයි “

ඔබට සැබෑවටම ආදර-සෙනෙහසක් ඇත්තේ, සැබෑවටම ඔබගේ දියුණුව - යහපත ගැන පතන්නේ දෙමාපියන් නිසා අන් සියලුදෙනාට සියලුදෙයට වඩා දෙමාපියන්ගේ වචනය බලපවත්වනවා...

ඒනිසා ඇහුම්කන් දෙන්න. සිතා බලා බුද්ධිමත්ව කටයුතු කරන්න !

Monday, May 2, 2016

සතියේ ලග්න පලාපලය - මැයි 8 දක්වා

● මේෂ

ව්‍යාපාර වලින් ආදායම් ලැබේ. ජිවිතයේ මෙතෙක් පැවති බාධක ඉවතට යන කාලයකි. ආර්ථිකය සරු වන අතර ආර්ථික දුර්වලතා මග හැරෙනු ඇත. රැකියාවට යම් බාධා පෙන්වයි. දැනට කරන රැකියාව වුවද ඉවසීමෙන් බුද්ධියෙන් කල යුතුය.
ගෘහ ජිවිතය යහපත්ව ගත කිරිමේ හැකියාව ඇත. මඳක් සිත් පීඩා ඇති වනු ඇත.


● වෘෂභ

දියුණුව උදෙසා කරන වැඩ යහපත් වෙයි. ආදායම් තත්වය දියුණු වෙයි. ගමන් බිමන් අධික වෙන කාලයකි. එම ගමන් බිමන් වලින් ආර්ථික වාසි අත්වෙයි. රැකියා සොයන අයට රැකියා හිමි වෙයි. ප්‍රධානීන්ගේ පැසසුම් ලැබෙන කාලයක් වන අතර තමන්ගේ රාජකාරිය හොදින් කරන කාලයකි.
පවුලේ අය සමග ගමන් වැඩි විය හැක. විනෝදයෙන් සිටිය හැක. තම වැඩ වලදි අධිකව ඊට කැපවන, මහන්සි විමට සිදුවන කාලයකි. පෙම් සබදතා වලට මංගල යෝග යෙදේ. ප්‍රේම කටයුතු වලට සුභයි.


● මිථුන

ආදායම් තත්වය සරු වෙන්නට වැඩ වැඩි වන කාලයකි, එහෙත් වැඩ නිසා ආදායම තරමක් අඩු වීමටද ඉඩ ඇත. කල්පනාකාරි වන්න. රැකියා විරහිත අයට නව රැකියා ලැබෙන සතියකි.
ගෘහ ජිවිතය සතුටින් ගත වේ. දරුවන්ගේ දියුණුව අපේක්ෂිතය. දරුවන් උදෙසා කැපවීම් කල යුතුය. විනෝදයට මෙන්ම ආගමික කටයුතු - පිනට දහමට බර කටයුතු කරන සතියකි.




● කටක

ආර්ථිකය තරමක් දුර්වල විය හැක. රාහු මහ දසාව ගත කරන්නේ නම් අධිකව විය පැහැදම් වීම් සිදුවිය හැක, එනිසා බුද්ධිමත් වන්න. රැකියාවේ කටයුතු වලට යම් බාධා තත්වයන් පෙන්වයි. ඉවසීම අඩු, දබරයට බර කටයුතු සිදුවිය හැකි කාලයකි. රැකියාවේ වෙනස් වීමක්ද විය හැක.
කතාවෙන් ජයගත හැකි සතියකි. අන් අයගේ උපකාරයෙන් ජයග්‍රහණ ලැබෙන්නට හැකියාව ඇත. පදිංචිය වෙනස් වීමටද උදව් ලැබේ. සහෝදරකාරකාදීන්ගෙන් උදව් ලැබේ.



● සිංහ

ආදායම් තත්වය යහපත් වෙයි. නව ආදායම් මාර්ග පෑදෙන, උත්සාහය නිසාම ජය ගත හැකි සතියකි. බුද්ධියට වඩා ක්‍රියාශීලි වන, රැකියාවේ වගකීම් වැඩිවන අනුන්ගේ වගකීම්ද තමාට පැවරෙන සතියකි.
පවුල් ජිවිතය සතුටින් ගත වේ. කඩිසරව වැඩ කරන, විනෝදයෙන් සිටින බුද්ධියෙන් කටයුතු කරන සතියකි.


● කන්‍යා

ආර්ථිකය දුර්වල විය හැක. ධන හානි අපේක්ෂිතය. මුදලට වඩා මහන්සිය වැඩියෙන් කරන්නට සිදුවන නිසා මුදල් භාවිතයෙදි අරපරිස්සම් වීමද වැදගත්ය. අන් අය නිසා මුදල් හානි, වියදම් ආදිය අධික වන සතියක් විය හැක. රැකියාව සාර්ථකව කරගෙන යා හැක, නමුත් ඉවසීම එහිදි එහිදි වැදගත් වනු ඇත. සිතේ නිදහස, සාමය අඩුවිය හැක.
ගෘහ ජිවිතය එදිනෙදා කටයුතු සාර්ථව කරගෙන යා හැක. අසල් වැසියන්ගේ උදව් උපකාර ලැබේ. එසේ වුවද දරුවන්ට සිත් පීඩඩා ආදිය ඇතිවිය හැක.



● තුලා

ආර්ථික තත්වය එතරම් යහපත් නොවේ, එයම සිත් පීඩා ඇතිවිමට හේතු විය හැක. ණය ගනුදෙනු වලින් ප්‍රශ්න නොවිසදෙන සතියක් විය හැක. නීතිමය ගැටළුද ඇතිවිය හැක. රැකියාවේ කටයුතු මනා කැපවීමකින් කරන සතියකි. සියලු කටයුතු වලදි මූලිකත්වය ගෙන කටයුතු කල හැක.
පවුලේ අය අතර තමා ඉදිරියට පැමිණේ. වෙනදාට වඩා අලංකාර වන සතුටක්ද තිබෙන සතියක් වන අතර, වෙනදාට වඩා නම්‍යශීලිත්වයක් පවුලේ අය සමග කරන කටයුතු වලදි විද්‍යාමාන වෙයි.



● වෘශ්චික

ආර්ථිකය යහපත් කරගත හැක. ඵලදායි දේකට ආයෝජනය කිරිමේ හැකියාව ලැබෙනු ඇත. ආර්ථික ගැටළු විසදා ගැනීමට හැකියාව ඇත. එසේ වුවද වියදම් අධික විය හැකි නිසා ඒවා බුද්ධිමත්ව කරන්න, නැතහොත් ගැටළු ඇතිවනු ඇත. රැකියාවේ කටයුතු වලට බාධා පෙන්වයි.
පවුලේ ජිවිතයේ සමගිය සාමදානය යම් තරමක් අඩුවිය හැක. පවුලේ කටයුතු වලට තමන්ගේ කාර්යබහුලකම නිසා යම් වෙලාව මදිවීමක් විය හැක. ඒවා මනාව පාලනය කරගෙන කටයුතු කරන්න.


● ධනු

ආදායම් ලබා ගැනීමට ගනු ලබන පියවර සාර්ථක වේ. එනිසාම සිතට සහනයක්, සතුටක් ලැබේ. රැකියාවේ වෙනසක් අපේක්ෂිතය. රැකියාවේ දියුණුව යනාදිය වෙනුවෙන් පුහුණු වීම් ආදියට යා හැක. රැකියාවේ සහ තත්වයේ උසස් වීමක් අපේක්ෂා කල හැක.
ගෘහ ජිවිතය යහපත්ව ගත කල හැක. අවිවාහක අයට මංගල යෝග උදා වේ. බුද්ධිමත්ව තීරණ ගන්නා කාලයක් වන අතර එම තත්වය ශුභයි.


● මකර

දියුණුවට ක්‍රියාමාර්ග ගැනීමට සිදු වෙන කාලයකි. ආර්ථිකය දුර්වල නොවුවද වියදම් තත්වය අවම කරගන්නට කටයුතු කරන්න. පොලව සම්බන්ධ විශේෂයෙන් මැණික් වැනි කටයුතු කරන අයට සුබයි. රැකියා කටයුතු සාමාන්‍ය ආකාරයට ගතවනු ඇත.
ගෘහ ජිවිතය සතුටින් ගත කල හැකි වුවද තමන්ගේ අහංකාර ගති නිසා අන් අයගේ සිත් රිදවිය හැක. සහෝදරයන්ගේද සිත් රිදවිය හැක. ආදරය ප්‍රේමයක් ඇතිවිමට ඉඩ ඇත.



● කුම්භ

දියුණුවට කටයුතු සැලසෙන සතියකි. මෙතෙක් පැවති බාධා තත්වයන් දුරුවනු ඇත. ණය මුදල් ආදිය තිබෙන්නේ නම් ඒවා ගෙවා නිදහස් වීමට හැකියාව ලැබෙන කාලයකි. රැකියාවේ දියුණුව ඇතිවන කාලයකි. එසේ වුවද යම් යම් සිත් රිදිම් ඇතිවිය හැකියි. නව රැකියා අවස්ථාද හිමිවනු ඇත.
ගෙදර දොරෙ ජිවිතය අදාලව දරුවන් වෙනුවෙන් කැපවන සතියකි. රාහු සහ කුජ අතුරු දසා ගත කරන අයට යම් අපලකාරි තත්වයක් පෙන්වයි, ඉගෙන ගන්නා වයසේ දරුවන් නම් අවධානය ගිලිහිමට සිදුවනු ඇත. ගුරු-සිකුරු-බුධ දසා ගත කරන අයට සුඵ ඵල ගෙන දෙන සතියකි.


● මීන

ආර්ථික අපහසුකම් වලින් මිදෙන සතියකි. නව ආදායම් මාර්ග පෑදෙන සිතට සහනය ලැබෙන කාලයකි. නව රැකියා අවස්ථාද උදා වනු ඇත. උනන්දුවෙන් තරගකාරි තැන් වල මනාව කටයුතු කරන, තමන්ට මතුවන ගැටළු වලට සාර්ථකව විසදුම් ලැබෙන සතියකි.
පවුලේ අය සමග සමගියෙන් සාමදානයෙන් කටයුතු කිරිමට හැකියාව ලැබේ. වැඩිහිටියන්ගේ අවවාද-අනුශාසනා මෙන්ම උදව් උපකාරද ලැබේ. සුභ සතියකි.

ලොවම රකින - සුරකින මහ දෙවි පවුල !




කතරගම දෙවියන්, ශිව දෙවියන්, පාර්වතී/දුර්ගා මෑණියන් සහ ගණ දෙවියන් පවුලට අයත් වෙති.