Monday, December 7, 2020

 




 සමහර ජ්‍යොතිර්වේදින් කියන අය විසින්, ගැහැණු දරුවෙකුට ලග්නය සහ නවාංශකය 2ම පිරිමි වූ විට, අදාල උපන් වෙලාව වෙනස් කරමින් ඊලගට ගැහැණු නවාංශකයක් එන අවස්ථාවට කේන්දරය හදති. ලග්නයටද මෙසේමය. මෙය පිරිමි දරුවාටද අදාලය, ගැහැණු නවාංශකයක් ආවොත් පිරිමි නවාංශකයකට වෙනස් කරති.
තර්කය වන්නේ, ගැහැණු දරුවන්ට පිරිමි නවාංශකද, පිරිමි දරුවන්ට ගැහැණු නවාංශකද තිබිය නොහැකි බවයි.

- මෙය බරපතල වරදකි. දැනුවත්ව හෝ නොදැනුවත්ව කරන අකුසලයකි.


 ඔබට මතක ඇති “ ඉසුරු යෝගය“ කියල ඉතා ජනප්‍රිය ටෙලි නාට්‍යයක් විකාශනය උනා වසර ගණනාවකට පෙර ජාතික රූපවාහිනියෙ..

● ඉසුරුයෝගය ටෙලි නාට්‍යයේ “මුතුමිණ“ ජ්‍යොතිර්වේදියාද කිව්වේ,  ගැහැණු දරුවෙකුට පුරුෂ ලග්නයක් සහ පුරුෂ නවාංශකයක් යන 2ම පැමිණිය නොහැකි බවය.

නමුත් එය වැරදිය.

● පුරුෂ ලග්නයක් සහ පුරුෂ නවාංශකයක් හිමිව ගැහැණු දරුවන් උප්පත්තිය ලබති.
එසේම ස්ත්‍රි ලග්නයකින් සහ ස්ත්‍රි නවාංශකයකින් පිරිමි දරුවන්ද උප්පත්තිය ලබති.
මෙහිදි ගැහැණු දරුවෙකුට ලග්නය සහ නවාංශකය 2ම පුරුෂ වූවිට එම දරුවා පිරිමි ලක්ෂණ යම් තරමක් පෙන්වයි.
* එනම් පිරිමි මෙන් ශක්තිමත් ධෛර්යවන්ත කැපවීමෙන් කටයුතු කරන අය වෙති. ඔවුන්ගේ සියුමැලි ගතිය මඳක් අඩුය.. විටෙක දරදඬුය..
* මෙවන් කාරණා තේරුම් ගැනිමට පෙර ඉගෙනීමෙන් පමණක් බැරිය.
● ඉගෙනීම යනු න්‍යායාත්මක දැනුම සහ ප්‍රායෝගික යන කාරණා 2ම සපිරි 1කි.
ප්‍රායෝගික දැනුම නැතිව න්‍යායාත්මක දැනුමෙන් ඵලක් නැත.

Monday, November 30, 2020

“ මතු බුදු බව පතන ගම්භාර සිද්ධ සූනියම් දෙවියන් “

 


යක්ෂ සම්භවයක් ඇති, යකුන් දමනයෙනි අති සමර්ථ දෙවි කෙනෙකි. නමේ කොටසක් ලෙස ඔඩ්ඩිස යන නමද ඇති නිසා ඔඩ්ඩි නම් යක්ෂ සම්බන්ධයද පවති. කෙසේ වුවද ඔඩ්ඩිස දෙවියන් කෙනෙක්ද සිටින අතර, එම ඔඩ්ඩිස දෙවියන්ද සිටින්නෙ සිද්ධ සූනියම් දෙවියන්ගේ සේනාවේය.

- සිද්ධ සූනියම් දෙවියන් අයත් වන්නේ කතරගම දෙවියන්ගේ සේනාවටය..
- මතු බුදු බව පතමින් ජනතාවට උදව් කරමින් කටයුතු කරමින් සිටින දෙවි කෙනෙකි.

- ඔබද, නිසි ලෙස සීලය රැකගන්න. පැවැත්ම රැකගන්න.
ප්‍රතිපත්තිය රකින්න ! ආශිර්වාද ලැබේවි !

#ඉරු #ගම්බාරදෙවියන් #දෙවියන් #ගම්භාර #සිද්ධසූනියම්

Wednesday, November 25, 2020



 රට පාලනය කරන අයගේ සිට සාමාන්‍ය පුරවැසියා දක්වාම අකුසල විපාක බහුල අය වෙති. මේ ගත වන කාලයද, ග්‍රහ ගෝචරයන් අනුව යහපත් කාලයක් නොවේය. කොරෝනා රෝග තත්වයද, ඒ හා සමගාමීව බිද වැටී ඇති ජන ජීවිතය, ආර්ථික තත්වයන්, රැකියා - අධ්‍යාපන කටයුතු වල සිට සියලූම දේ ගැනද ගැඹුරින් සිතා බලන කල මෙය කර්මයේ විපාකයක්මය.

- කෙසේ වුවද, සියලු තත්වයන් සලකා බැලීමේදී, බුදුන්වහන්සේ වැඩිය මේ රට, අනාගතයේ මෛත්‍රී බුදුන් වහන්සේද වඩින මේ රට ආරක්ෂා කරන්නට උතුම් ගුණ ඇති, අධ්‍යාත්මිකත්වයෙන් දියුණු ගුණවතුන් විසින් මේ රටට ආශිර්වාද කරති.
සමස්ත ලෝක පාලක දේව මණ්ඩලයම ආශිර්වාද කරති.
ලෝකයේ වෙන කිසිම රටකට වඩා එම ආශිර්වාදය අප රටට ලැබෙයි !!!

- තාක්ෂණයෙන් හෝ වෙනත් දේ වලින් ඉතා දියුණු රට වලට නැති ආශිර්වාදයක්
ලංකාවට ලැබේ !
එය එසේ වන්නේ, දේශපාලකයන් හෝ විශ්ව ශක්තිය කියමින් වෙනත් දේ කරන අය නිසා නොව, සර්වඥ ධාතුන්වහන්සේලා බොහෝ වැඩ සිටින රට සහ බුද්ධ ස්පර්ශයෙන් පවිත්‍ර වූ බිම මේ රට නිසාය..
- එනිසා ක්‍රමිකව මෙම නරක තත්වයන් පහව යනු ඇති බව අප විශ්වාස කරමු. ඒ වෙනුවෙන් දානමය පූණ්‍ය කර්ම වල සිට බොහෝ පූණ්‍ය කර්ම වල අපිද යෙදෙමු.
ඔබද, සීලය - ප්‍රතිපත්තිය රැකගෙන කටයුතු කරන්න.

සම්බුදු සරණයි !

#ඉරු #lka




Thursday, November 19, 2020

 ඔබ දන්නවාද ?



- බුදුන්වහන්සේගේ වටාපත් ධාතුවද, කේශ ධාතුන් වහන්සේලාද ( බෝධිසත්ව කාලයේ බුදු වෙන්නට පෙර කෙස් කළඹද, බුදු වුන පසුව කේශ ධාතුන්ද) ද,
දන්ත ධාතුවද, සළු ධාතුව (බෝධිසත්ව කාලයේ ඇදි සළුද, බුදු වුන පසුව සිවුරද) ද යන ධාතුන් 4ම ඇත්තේ තව්තිසා දෙව් ලොවේය.
- කේශ ධාතුන්ද, වටාපත් ධාතුවද, සළු ධාතුවද යන ධාතුන්වහන්සේලා ඇත්තේ සළුමිණ සෑයේ වන අතර,
දන්ත ධාතුව ඇත්තේ සිළුමිණ සෑයේය !
- දෙවිවරු වන්දනාමාන කරත් !
- එසේම අප කතා කරන්නේ සතර දන්ත ධාතුන්වහන්සේ ගැන උවද, සැබෑවටම අට දන්ත ධාතුන්වහන්සේ වැඩ හිඳිති.
එයින්, සෝමාවතිය රජමහා විහාරයේ පවතින දන්ත ධාතුන්වහන්සේද, දළදා මාලිගාවේ වැඩ හිඳින දන්ත ධාතුන්වහන්සේ ගැනද පමණක් අප දනිමු..
නිසි පැවැත්මෙන් කටයුතු කරමින්, දන්පින්කම් වල යෙදෙන්න. ආශිර්වාද ලැබෙනවා නොඅනුමානය..
 

#ඉරු #lk
irusewaya@gmail.com

Saturday, September 19, 2020

සිහිනෙන් බිය වීම

 හීනෙන් භූත - යක්ෂ - ප්‍රේත යනාදි අමනුෂ්‍ය ආත්ම දැක කුණුහර්පයෙන් බැන්න විට, එම ආත්මයන් නොපෙනී යාම. හීනෙන් හෝ සැබවින් යන කුමන අවස්ථාව වුවද, කුණුහර්ප වචන භාවිතය අයහපත්ය. තිත්ත කුණුහර්පයෙන් බැන මම හොල්මන එලෙව්වා - බය කලා ලෙස උජාරුවට කියන අය සිටිති.
නමුත් සැබෑව නම්, කුණුහර්ප වැනි දේ කියා අමනුෂ්‍ය ආත්මයන් එලවීම වැරදි සහගත ක්‍රියාවකි. අදාල අමනුෂ්‍ය ආත්මයන් යන්නේ, ක්‍රෝධයක්ද සහිතවය.
* කල යුතු දේ වන්නේ, එවන් අවස්ථාවක බුදු ගුණ සිහි කිරීමයි. එනම් “ ඉතිපිසෝ ගාථාව“ සජ්ජායනය කිරීමයි. එවිට මෛත්‍රියෙන් යුතුව එම ආත්මයන් එතනින් ඉවත් වීම සිදුවේ.

#තේරුම්ගන්න.

#Dhamma


Tuesday, September 15, 2020

 අප ජිවත් වන ලෝකයද කොටස් 3කි.

අහස් තලය = දිව්‍ය - බ්‍රහ්ම - ගාන්ධර්ව වැනි

මැද අහස් තලය = භූත - ප්‍රේත - යක්ෂ - පිසාච කුම්භාණ්ඩ

භූමි තලය = භූත වැනි ආත්ම භව සහ මනුෂ්‍ය ලෝකයට ආසන්නව ජිවත් වන ආත්ම භවයන්.


Sunday, August 23, 2020

නව ග්‍රහයින්ට අධිපති සිරි විෂ්ණු දිව්‍ය රාජයා 🙏

 

- විශේෂයෙන් සෙනසුරුට සහ කේතුට අධිපති, සදුදා, බදාදා, සෙනසුරාදා දින වලට මූලික ආශිර්වාද දෙන, මතු බුදු බව පතන දෙවි කෙනෙක්ය..

සම්බුදු සසුන, සිරි ලංකාව බලා ගැනීමට සක් දෙව් රජගේ අණින් කටයුතු කරයි..
රටට වින කරන බලවේග, කර්මය අනුව, කල්යල් බලා විනාශ කරන්නට අවැසි කටයුතු වල මූලිකත්වය දරන්නෙ මෙම දෙවියන්ය. දැනට දුෂ්ට බලවේග වලට රිසිසේ තම කර්මය අනුව අකුසල පුරවා ගැනීමට ඉඩ දී බලා හිදී..

#විෂ්ණු #ලංකාව #බුදුදහම #vishnu #srilanka #buddhism

Saturday, August 1, 2020

වැසි සළු පූජාව - 2020


මේ වසර තුළ උතුම් වස්සාන කාලය තව සතියකින් උදාවෙනවා.
සෑම වසරකම උදාවෙන වස් කාලය බෞද්ධ ඔබට ඉතාමත්ම පින්බර කාලවකවානුවක් වෙනවා.

● වස් කාලයේ ආරම්භය සනිටුහන් වන්නේ ගිහි අප විසින් මහා සංඝරත්නය උදෙසා පෙර වස් සමාදන්වීමට සිදුකරනා ආරාධනාවත් සමඟින්.මෙහිදි ගිහි අප විසින් මහා සංඝරත්නයට වැසි සළුවක් පූජා කිරීම සිදුකරමින් වස් සමාදන්ව අදාල ස්ථානයේ වස් තුන් මාසය වැඩ වසන මෙන් ආරාධනා කිරීම සිරිතයි.

මොකක්ද මේ වැසි සළු පූජාව....?

● වස් වසන භික්ෂූන්වහන්සේලාට ජලස්නාන කරන අවස්ථාවල දී භාවිතා කිරීම සදහා වස්ත්‍රයක් පූජා කිරීම, වැසි සළු පූජාව නමින් හැඳින්වේ. එය ආරම්භ වී ඇත්තේ විසාඛාවගේ ඉල්ලීමක් නිසාය.
'ඉච්ඡාමහo භන්තේ සoඝස්ස යාවජීවo වස්සික සාටිකo දාතුo' ,
ස්වාමිනි,මම දිවි ඇති තාක් භික්ෂූන්ට වැසි සළු පූජා කරන්න කැමැත්තෙමි යයි විසාඛාව විසින් කරන ලද ඉල්ලීම, බුදුරජාණන් වහන්සේ විසින්,
'අනුජානාමි භික්ඛවේ වස්සික සාටිකo' යයි අනුමත කළහ. ඒ අනුව දායකයන් විසින් භික්ෂූන් වහන්සේලාට වස් ආරාධනා කරන අවස්ථාවේදි ජල ස්නානය සදහා භාවිතා කළහැකි වස්ත්‍රයක්(නානකඩයක්) වැසි සළුවක් වශයෙන් පූජා කරනු ලබයි.එය පූජා කෙරෙන්නේ බුලත්වලින් සකස්කරන ලද දැහැත් ගොටුවක් සමගය.

● භික්ෂූන් වහන්සේලාට වස් තුන්මාසයක්, චීවර මාසයත් යන මාස හතරක් සදහා වැසි සළුව අධිට්ඨාන කළ හැකිය. එනම්,
'ඉමo වස්සිකසාටික චීවරo වස්සානo චතුමාසo අධිට්ඨාමි' යනුවෙනි.

● ඇසළ මස පුරපසළොස්වක දින පෝය කිරිමෙන් පසුව (මෙවර නම් නිකිණි පුරපසළොස්වක දින), භික්ෂූන් වහන්සේලාට දායකයෝ වැසිසළු පූජාකර වස් ආරාධනා කරති..වස් ආරාධනා කරන අවස්ථාවේ දි සංඝයා ඉදිරියට පැමිණි දායකයෙක් වැසි සළුව අතැතිව,
'ස්වාමින්වහන්ස, මේ වස් කාලයේ අපගේ ආරණ්‍යයේ වස් වසන ලෙස අපි ඔබ වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරන්නෙමු. වස් කාලයේදි ඔබ වහන්සේලාට චීවර, පිණ්ඩපාත, සේනාසන සහ ගිලන්පස යන සිවුපසයෙන් උපස්ථාන කරන්නෙමු. අපටත් දාන, සීල, භාවනාදි පින්කම් කරගැනීමට අනුග්‍රහ පිණිසත් මෙහි වස් වසන ලෙස සියලුදෙනා වෙනුවෙන් ආරාධනා කරන්නෙමු' යැයි කියා වැසිසළු භික්ෂූන් වහන්සේලාට පූජා කරනු ඇත.

● ඉතින් ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේ මාර්ගඵල නිවන් අවබෝධය උදෙසා වීර්ය වඩන ආරණ්‍යවාසි, ඒකවිහාරිය සහ ග්‍රාමවාසි මහා සංඝරත්නය ඇසුරින් බොහෝ පින් රැස් කර ගැනීමට ඔබටද අවස්ථාව මෙලෙසින් උදා වෙනවා.ඒ නිසා ඔබගේ සාංසාරික දුක් පිපාසාව සංසිදවා ගැනීම වෙනුවෙන්, ආර්ය අෂ්ඨාංගික මාර්ගය පෝෂණය කර ගැනීම උදෙසාම මේ උතුම් වස් කාලය ප්‍රයෝජනයට ගන්න. එසේනම් අප්‍රමාදිව මේ උත්කෘෂ්ට අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් උතුම් ශීලයක් අඛණ්ඩවම ආරක්ෂා කරගනිමින්, උපරිම අයුරින් සංඝෝපස්ථානයේ නිරතවන්න.

තෙරුවන් සරණයි....!!!

උපුටා ගැනීම - @Hiniduma Sarada හාමුදුරුවන්ගෙනි.

Thursday, March 19, 2020

කොරෝනාව බොහෝවිට ඉදිරි සති කීපය ඇතුලත ක්‍රමිකව රටෙන් බැහැර වනු ඇත. කෙසේ වුවද නිසි අධ්‍යාත්මික ගුණ වගාවක් සම්පූර්ණ නොකිරීම තුල ජනතාව බොහෝ පීඩාවට පත් වන බව කිව යුතුය. පාලකයන්ට සහ ජනතාවට ක්‍රම 2කින් සලකන අතර, රටේ ආර්ථිකය සහ ජනතාවගේ ආර්ථිකය අතිශයින් අනතුරේය.
එයට කලකට පසුව තවත් වෙනත් ලෙඩක් බොහෝවිට ඇතිවන්නට හේතු ඇති අතර, එය මුස්ලිම් අයට වැඩියෙන් ආසාදනය වීමේ හැකියාවක්ද ඇත ( එය වසර ගණනාවකට පසුව සිදුවන දෙයකි)
2020 වසර පුරාම යම් යම් ආකාර වලින් විපත් සහ ලෙඩ රෝග ඇතිවිමේ අවදානමක් තිබේ.

රටේ පාලකයන් ධර්මිෂ්ට නොවන්නේ නම් ජනතාවට දුක් පීඩා - කරදර බාධක ආදිය දිගින් දිගටම ඇති වීමේ අවදානමක් තිබේ.
මේ තුල ආණ්ඩුවෙ පැවැත්ම අභියෝගයට ලක්වනු ඇත.

Friday, February 21, 2020

බෝධි පූජා කරන්නට පන්සලට ගිය විට සාමාන්‍ය ලෙස කරන දෙයකි බෝමළුව ඇමදීම. එය මහත්ඵල මහානිසංස පින්කමක් ලෙස කුඩා කල සිට ඔබ අසා ඇතිවාට සැක නැත. මෙහිදී වැදගත් වන්නේ, ඔබගේ සිත සන්සුන් වීමය. පන්සලක තිබෙන පරිසරය සැනසිලිදායකය. ඒතුල ඔබ විසින් යහපතක් ජිවිතයට එක්කර ගැනීමට ගොස් සිටින විටෙක, බෝමළුව ඇමදීම ඉතා වටිනා කටයුත්තකි.
- බෝමළුව ඇමදීම, බෝධි පූජා කටයුතු වලට පෙර පැයක පමණ කාලයක් ගෙන ඉවසීමෙන් කිරීම ඉතා වැදගත්ය.

●  බෝධියකට බොහෝ අය පැමිණෙති. බොහෝ අය බෝධියට පූජා පවත්වති. එනම් බෝධිය පොදු තැනකි. පොදුවේ භාවිත වන තැනක් පිරිසිදු කිරීම ඉතා වටිනා පින්කමකි. වෙරළ පිරිසිදු කිරීම, බස් ස්ටෑන්ඩ් පිරිසිදු කිරීමද, අවට පරිසරය පිරිසිදු කිරීමද එවන් වැදගත් කටයුතු වේ.
සක්දෙව් රජ පදවිය ලැබූ මාඝ ගැන කතාවෙන් පොදු ජනතාව වෙනුවෙන් සේවා කිරීමේ වටිනාකම අපට පෙන්වා දී ඇත.
ඉතින් හිත සනසාගෙන, බුදුන්වහන්සේට බුද්ධත්වය ලැබෙන්නට උදව් කල බෝධින්වහන්සේ අවට පිරිසිදු කිරීම ඉතා හොද පින්කමකි !

තවද බෝධි පූජාව අවසානයේ, සියලු බෝධින්වහන්සේලා රැක බලාගන්නා “ කළු දේවතා බණ්ඩාර දෙවියන්ට“ පින් අනුමෝදන් කිරීමද වැදගත්ය.

බෝමළුව ඇමදීමේ ආනිසංස මෙසේය.
(අපදාන පාලි 421 වන අපදානය)


01) සමාධිගත සිත් ඇත්තෙකු වේ.
02) නිර්මල පුද්ගලයෙක් වේ.
03) ශෝක නො දැනේ.
04) චිත්ත පීඩා දැවිලි ඇති නොවේ.
05) කුෂ්ඨ රෝග, ගෙඩි රෝග, කැසිලි රෝග නොසෑදේ.
 06) මී මැස්මොර යනාදි ලෙඩ නොසෑදේ.
07) වැලපීම් නැත්තෙක් වේ.
08) තැති නොගන්නා සිතක් ඇති වේ.
09) සෘජු සිත් - පැහැදිලි සිත් ඇත්තෙක් වේ.
10) කැමති සමාධීන් ලැබීමේ ශක්තිය ලැබේ.


#ඉරු