Showing posts with label මූලික කරුණු. Show all posts
Showing posts with label මූලික කරුණු. Show all posts

Sunday, March 15, 2015

මොනවද මේ දිග්බල ස්ථාන ?



1, 4, 7, 10 කේන්දර සටහනක වැදගත්ම ස්ථාන වෙයි. දිග්බල ස්ථාන ලෙස හඳුන්වන්නේද ඒවාය.
එනම් නැගෙනහිර, දකුණ, බස්නාහිර සහ උතුරය.

● කේන්දර සටහනේ 1 වැන්නේ එනම් ලග්නයට,
ගුරු/බ්‍රහස්පතිද, බුධ ග්‍රහයාද දිග්බල වෙයි.

● කේන්දර සටහනේ 4 වැන්නට,
සඳු/චන්ද්‍රයාද, සිකුරු/ශුක්‍රද දිග්බල වෙයි.

● කේන්දර සටහනේ 7 වැන්නට,
ශනි/සෙනසුරු දිග්බල වෙයි.

● කේන්දර සටහනේ 10 වැන්නට,
රවි සහ කුජ/අගහරු දිග්බල වෙයි.

* 1 වැන්න හෙවත් ලග්නයෙන් කියවෙන්නේ හිස සහ මොලය ගැනය. එහිදී සූක්ෂමව සිතීම යනාදි ඥානයට අදාල කටයුතු තීරණය වෙයි. එවිට ලග්නයේ බුධ හෝ ගුරු බලවත් කෙනෙකු එසේ නොවන අයට වඩා ඥානාන්විත වීමට ඉඩ වැඩිය.
නිසිලෙස දිග්බල වන්නට නම් එම ග්‍රහයන්ගේ බලය සහ අදාල දෘෂ්ඨි, නැකැත් ආදියද නිවරදිව පිහිටිය යුතුය.
බුධ ලග්නයේ සිටින කෙනා වැඩි පිරිසක් නැතිව බුද්ධිය භාවිත කරන අතර, ගුරු ලග්නයේ සිටින කෙනා පිරිස් බලය සහිතව බුද්ධිය භාවිත කරයි.
මෙහිදි නිසි ලෙස ගුරු හෝ බුධ පිහිටා සිටිම අතිශයින් වැදගත්ය.

* 4 වැන්නෙන් සිත ගැන මූලිකව කියවෙයි.
පොදුවේ 4 වැන්නේ සඳු හෝ සිකුරු සිටින අය මෘදු සිතක් ඇති යහපත් අය වෙති. මව සහ මවගේ ඥාතීනුත්, ඉඩකඩම් දේපල, යාන වාහන ගැනත් එයින් කියවෙයි.
සදු නිතරම සිතන චංචල සිතිවිලි ඇති කරයි. සිකුරු සිතුවත් එම සිතිවිලි චංචල භාවයෙන් තොරයි.
ඊලග ලිපියකින් තව විස්තර සවිස්තරව, බලාපොරොත්තු වන්න

Iru Astrology

* භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Doc. සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව 
* නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) (නම් තැබීම).
* නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය,
* කාර්යාලයට පැමිණ සේවා ලබාගැනීම ඇතුළු
සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න. 
irusewaya@gmail.com.
0711 345 364

Tuesday, September 2, 2014

_ දවස් 7 ඉපදුනු අයගේ ගතිගුණ _

දින 7 උපත ලබන අයගේ ගතිගුණ දන්නවාද ?

ග්‍රහ තාරකා රාශි වළල්ල හැරුණු විට උපන් දිනයෙන්ද උපන් දවසින්ද යම්කිසි ගතිගුණ සහ යම් යම් දේවල් කරුණු කාරණා ප්‍රකාශ කල හැක.

ග්‍රහයන් 9 දෙනාගෙන් ඡායා ග්‍රහයන් වන රාහු කේතු නොමැතිව ඉතිරි 7 දෙනාට දින 7 වෙන්වී ඇත.
දින 7දි උප්පත්තිය ලබනවා හැරුණු විට ඒ ඒ දිනවලදි සුභ කටයුතු සොයා බලා කරන්නේ අනාදිමත් කාලයක සිටය. විශේෂයෙන්ම විවාහ කටයුතු සිද්ධ කිරීම, මල්වර චාරිත්‍ර ඉටු කිරීම, එසේම සියලුම සුභ කටයුතු වලටද දින 7න් දින වැදගත් වේ.
දැන් අප සොයා බලමු දින 7න් උපත ලබන අයට ඇති පොදු ලක්ෂණ මොනවාදැයි කියල.

→ සඳුදා

සඳුට අයත්වන සඳුදා දින උපන් ස්ත්‍රි පුරුෂ දෙපක්ෂයම සෞම්‍ය ගතිගුණ ඇත්තෝ වෙති. එසේම මොවුන්ගේ ශරීරද බොහෝසෙයින්ම සියුමැලිය. ලා කහ පාටට සහ සුදු පාටට යම් රුචිකත්වයක් දක්වති.
මවට ඉතාම ඇල්මක් දක්වන අතර, අදහස් සහ සිතුවිලි යම් ආකාරයකට චංචලය.
එසේම නිතර නිතර ආහාර ගැනීමටත්, පැණි රස ආදිය කෑමටත් මේ අය ආශාවක් දක්වති.
ශිල්ප ශාස්ත්‍ර මැනවින් හදාරයි. එසේම මෙම අයගේ රැකියාව බොහෝවිට ජලය ආශ්‍රිත හෝ කිරි ආශ්‍රිත, නාවුක, ගුවන් ගමන් ආදියේ රැකියා විය හැක.
එසේම ආහාර පාන සම්බන්ධවද යම්කිසි දායකත්වයක් දරයි.

→ අඟහරුවාදා

ග්‍රහලොව සෙන්පති කුජට අයත් වන මේ දවසින් උපන්නෝ වීර්යවන්ත, එඩිතර පුරුෂයෝ වෙති. නොනැමෙනසුළු ගතිය හා පෙරට යාමේ ගතියද ඇත.
මේ දිනයෙදි උපන් අයට කාය බලය ඉතාම බලගතුව පිහිටයි. විශේෂයෙන්ම අඟහරු ග්‍රහයා මෙම අයගේ කේන්දරයේ නරකට පිහිටා තිබුනොත් ඒ අය මැරවර ගණයට අයත් වේ.
ඉක්මණ් කේන්තියද පවති. තරහ නොඉවසවයි. මෙම දිනයෙදි උපන් ස්ත්‍රින් බොහෝ ශක්තිමත්ය. ස්ත්‍රින්ගේ පියයුරු තද ඝනකමකින් පිහිටයි.
තරමක රාගාධික ගතියක්ද ඇත. පුළුල් උකුලක්ද පිහිටයි.
මේ දිනයෙදි උපන් අය සන්නද්ධ සේවා, කාර්මික සේවා වල රැකියා වලට නෑදෑකම් කියයි.

→ බදාදා

බුද්ධිමතාට අයත් බුධහුගේ දවස වන මේ දිනයෙන් උපන් අය කෙලි කවට සිනාවෙන්ද එසේම විහිළුවෙන් තහළුවෙන්ද විශේෂ වූ වාග් චාතුර්යයයෙන් අනූනවද සකලවිධ භාෂා ඥානයෙන් සන්නද්ධවද උපදිති.
මේ අයට බොහෝ සෙයින් මිත්‍රයන්ද අධික වෙති.
පැණි රස කෑමට ඉතාම ගිජුය. ප්‍රිය වචනයෙන් අන් අය ප්‍රබෝධමත් කරයි. අපගේ පර්යේෂණ වලට අනුව බුද්ධිමතුන්, දේශකයින්, විශේෂඥයින් මෙම දිනයෙදි උපදිති. දින 7න් එක්තරා සුභ දිනයකි බදාදා දිනය.

→ බ්‍රහස්පතින්දා

දින 7න් සුපිරිම දිනය මේ දිනයයි. මෙම දිනයෙදි උපන් තැනැත්තේ රටතොට සියලු දෙනා දන්නා කීර්ති නාමයෙන් බබලන ප්‍රඥාවන්තයෙක් ගුණවන්තයෙක් වෙයි. මෙදින උපදින අයට ගුරුගේ දෘෂ්ඨිය සුභව ලග්නයට වැටේ නම්, වැඩුනු ආරෝහ පරිනාහ දේහයක් හිමිය.
මේ දිනයෙදි උපන් කාන්තාවන්ද තමන්ගේ ගෞරවය ආරක්ෂා කරගන්නා චරිතවත් අය වෙති. එසේම උපතින්ම සහජ දැනුම ගෙනා අය වෙති. බොහෝ සෙයින් ආගම දහමට ලැදිවන අතර අනුන්ගේ දුකේදි කම්පා වන මානසික තත්වයක් මේ අයට ඇත. උසස් පූජ්‍ය පක්ෂයේ අය සහ ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරිකයන් මේ දිනයෙදි උපදී. මේ අයට වඩාත්ම ගැලපෙන්නේ ව්‍යාපාරික ක්ෂෙත්‍රය බව කියමි.

→ සිකුරාදා

විලාසිතාවෙන්ද, ලක්ෂණ ඇඳුම් පැළදුම් වලින්ද, අලංකාර වූ ගමනින් බිමනින්ද සම්පූර්ණ වූවෝ වෙති. නිතරම අලංකාරව සිටිමට කැමතිය. බොහෝ වෙලාවට මේ දිනයෙදි උපදින අයට සිකුරුගේ බැල්ම ඇත්නම්, නව යොවුන් විය ආසන්නයෙදිම ප්‍රේම සබදතා වලට පැටලෙති.
ස්ත්‍රි පුරුෂ දෙපක්ෂයේම කාම ආශාව ඉතා ප්‍රබලය.
මේ දිනයෙදි උපන් අයට වෙලද කටයුතු, රෙදිපිළි, ආහාර පාන, අලංකාර කටයුතු වලට සම්බන්ධ දැ කිරිමෙන් මහත් ධනයක් උපයා ගත හැක.

→ සෙනසුරාදා

ජිවිතයේ මධ්‍ය කොටසෙදි හෝ මුල් කොටසේ අග භාගයෙදි දැඩිව දුක් කරදර වලට මුහුණ දෙයි. මෙම නිසා බොහෝ වෙලාවට ඒ කාලයෙදි කනස්සලු ස්වභාවයෙන්ම සිටී. කාලාන්තරයක් අතේ මිටේ රුපියලක්වත් නැතිව දුක් විඳී. පසුකාලීනව ලබන අත්දැකීම් හේතුවෙන් මේ අය දියුණු වන්නේ නිරායාසයෙනි. ජීවිතයට ලබන කම්කටොලු සම්බන්ධව මනා වැටහීමක් තිබෙන නිසා පින් දහම් වලට වැය කරන කාලය අධික කිරීමට සිත් පහල වේ.
රැකියාව බොහෝවිට යකඩ ආශ්‍රිතව, නැව් ආශ්‍රිතව, ගොඩනැගිලි ද්‍රව්‍ය ආශ්‍රිතව, පොලිසිය, බන්ධනාගාර ආදිය සෙනසුරුගේ දිනයට අයත් සේවා ස්ථානයි.

→ ඉරිදා

ස්වභාවයෙන්ම මේ දිනයෙදි උපන් සියලුම දෙනා උද්යෝගිමත්ය. ධෛර්යසම්පන්නය. නොනැමෙනසුළුය. අන් අය පාලනය කිරීමට සිතයි. එසේම ස්ත්‍රි පුරුෂ දෙපක්ෂයේම ඇඟ ඉතාම ඌෂ්ණය. මේ දිනයෙදි උපන් අය පියාට ඉතාම හිතවත් වේ. එසේම ඕනෑම තැනකදි තමන් කැපි පෙනීමට සහ පාලන බලය අතට ගැනීමට කල්පනා කරයි. යුක්තිය වෙනුවෙන් පෙනී සිටී. අයුක්තියට කතා කරන්නේවත් නැත. විශේෂයෙන්ම මේ දිනය පිරිමි දරුවන්ට ඉතා හොදයි.
සංචාරක ක්ෂෙත්‍රය, රජයේ රැකියා, දේශපාලනය රවිට අයත් ඒවාය.

Saturday, August 16, 2014

කලබල, කරදර “ රාහු “


“ රාහු “ ඡායා ග්‍රහයෙකි.
එසේ වුවද ජෝතිෂ්‍යයට අනුව රාහුගේ බලපෑම ඉහලය.
රාහු අසුරයන්ගේ නායකයා හෙවත් රජුය. “රාහු අසුරේන්ද්‍රයා“ ලෙස සැලකේ.
අසුරයන් සුරයන් තරම් බුද්ධිමත් කොටසක් නොවේ. රාහුද එසේම ලෙස සලකයි.

රාහුට ඇත්තේ නයි ඔළුවකි. මිනිස් දෙත් සහ දෙපාය. දෙපා බොහෝ දිගය. අශ්වයා පිටින් යන්නේද වේගයෙනි.
ඒ අනුව රාහු, බුද්ධිය අඩු කටයුතු වලට මූලික වේ. ඒනිසාම කරදර ඇති කරයි. ඥානය අඩු ක්‍රියාශීලිත්වය වැඩි කෙනෙක් ලෙස සැලකේ.

රාහු කටයුතු රහසේ කරන්නේ නැත, එයම ප්‍රසිද්ධියට හේතුවේ. පොදුවේ රාහු කපටිකම් කරන්නේද නැත.
රාහු අනුවණ වුවද නුවණැති අයගේ ආශ්‍රය ලැබේ නම් රාහුගෙන් යහපත් බුද්ධිමත් කටයුතු දක්නට ලැබේ.
එසේම නරක අයහපත් අය හා ඇසුරට වැටුනොත් නරක් වේ.
විශේෂයෙන් මත් වතුර වලට ඇබ්බැහියට, දුම්බීමට, විශාල තුවාල ආදියට, හදිසි අනතුරු, අමාරු ආදියටද රාහුගේ සබදතාවක් ඇත.

රාහුගේ විශේෂත්වය නම් ඕනෑම දෙයක් අතැර දමා යාමට සූදානම්ව සිටීමයි. යුද්ධ කටයුතු වලට රාහු සුදුසු නැත. බොහෝවිට මෝඩකම් කිරීමට දක්ෂය. එසේ වුවද අතිශයින් වේගවත්ය.

රාහු කටයුතු අවුල් කරන ග්‍රහයෙකි. කුජ තරම් නොවුනද එසේ කරයි. රාහු රූපසම්පන්න ස්ත්‍රීන්ට කැමතිය. රාහු 7 සිටීම පොදුවේ එතරම් සුබ නැත්තේ එය භාර්යාවට අපල දිය හැකි නිසාය.
රාහු බලවත් නම් ඉපයීමට දක්ෂය.

රාහු 3, 6, 11ට බලවත්ව, යහපත් දෘෂ්ඨි සහිතව පෙනේ නම් ඉතා සුබයි.

5, 9, 12 තැන් වලට රාහු පොදුවේ අපල දෙයි. 5 වැන්න ඥානය ගැනද, 9 වැන්න ආගම් භක්තිය ගැනද 12 වැන්න වාසස්ථානය සහ වියදම ගැනද කියවේ.

කුමන ග්‍රහයා සමග එක්වුවද රාහු එම ග්‍රහයාව වේගවත් කරවයි.
රාහු සිටින තැන අනුව කටයුතු කරයි, රාහුගේ මහ දසා අතුරු දසා වලදි රාහු කේන්දර සටහනේ සිටින තැන සහ දෘෂ්ඨි අනුව ශුභාශුභ පලදෙයි.

Tuesday, July 29, 2014

ධන යෝග සහ....



කෙනෙකුට ජීවිතයේ ධනය අත්‍යාවශ්‍ය සාධකයක් වෙයි. එයින් කියන්නෙ ධනවත්වීම හෝ මුදල් තිබීම ජිවිතයේ සතුටට හේතුව බව නොවේ.
ධනය තිබීම බොහෝ කටයුතු වලදී පහසුවක් වේ. 

ජීවත් වන ඕනෑම කෙනෙකුට ධනවත් වීමට ක්‍රම බොහෝ තිබේ. 

1. දෙමාපිය ධනයෙන්, විවාහයෙන්.
2. තම මහන්සියෙන් කැපවීමෙන්.
3. වාසනාව 

කරුණු 3ම මගින් ධනවත්විය හැක. 1ක් මගින් වුවද විය හැකි අතර මිශ්‍රව වුවද විය හැක.

කේන්දර සටහනක මූලිකව ධනය ගැන කියවෙන්නෙ 2 වැන්නෙනි. එය ධනස්ථානය ලෙස හැඳින්වේ. එසේම ධනය ගැන කතා කිරීමේදී 11 වැන්න වන අයස්ථානයද ඉතා වැදගත් වේ. 
එසේම අධ්‍යාපනය සහ දරුවන් ගැන මූලිකව කියවෙන 5 වැන්නද ධනය සම්බන්ධව වැදගත් වේ.
10 වැන්න වන කර්මස්ථානය එනම් කරන රැකියාව ගැන කියවෙන තැනද ධනයට අදාලව වැදගත් වේ.

* මීට අමතරව ධනය ගැන කතා කිරීමේදී 8 වැන්නද සුවිශේෂි වේ. එය බොහෝ දෙනෙක් අමතක කලද 8 වැන්නේ ඇති වැදගත්කම් බොහෝය.
8 වැන්නේ විපරීත බලයකින් සිකුරු බලවත් වීමෙන් බොහෝ ධනයට හිමිකම් කිව හැක.
8 වැන්නේ ඇති වැදගත්කම් ලෙස 8 වැන්න විවාහයෙන් 2 වැන්න වේ. එනම් විවාහයේ ධනය ගැන කියවෙන්නේ 8 වැන්නෙනි. සිකුරු වැනි ග්‍රහයෙකු 8 බලවත්ව සිටීම විවාහයෙන් දායාද ලැබීම හෝ විවාහ වන කෙනා අනුව ධනවත් බලවත් වන පිහිටීමකි.

Tuesday, June 3, 2014

- නව ග්‍රහ අපල වලට කල යුතු දෑ -

මෙලොව උපදින සියලුම ජන්මින්ට ලග්නයක් හා නැකතක් පිහිටයි.
එය තමන් උපදින වෙලාව අනුව ලග්න 12න් එකකුත් නැකැත් 27න් 1 නැකතකුත් හිමිවේ.

උපන්දා සිට මරණය තෙක් ජීවත් වන සත්වයා කාලානුරූපව විවිධාකාර ග්‍රහ බලපෑමට බදුන් වේ. එය ජෝතිෂ්‍යය විශ්වාස කරන්නාටද නොකරන්නාටද පොදුවේ බලපායි. නමුත් අප සියලු දෙනාගේම බලාපොරොත්තුව ග්‍රහ අපල නිවාරණය කර ග්‍රහයන්ගේ ආකර්ෂණය ලැබ සුඛිත මුදිත ජිවිතයක් ගත කිරිමටය.

මේ ආකාරයෙන් කල්පනා කරන විට අපට ග්‍රහ අපල වලින් බේරී සිටිමට විවිධාකාර උපාය මාර්ග සහ ශාන්ති කර්ම ජෝතිෂ්‍යයේ දක්වා ඇත.
මේ නවග්‍රහයන් ප්‍රධාන ග්‍රහයන්ගේ අපල වලට ඕනෑම ග්‍රහයෙක්ගේ මාරක අපල වලට මෘතුංජය යන්ත්‍රය සුබයි. තවද ප්‍රබල අපල පිහිටා ඇතිවිටදී සත්ව අභයදාන පිංකම් සහ බෝධි පූජා පැවැත්වීම ඉතාම යහපත් බව දක්වමු. ඔබ සියලු දෙනාටම දැනගැනිමට පහත පරිදි ශාන්ති කර්ම කල යුතු ආකාරය දක්වමු.

● රවි ග්‍රහයාගේ අපල දුරුවීමට

* දරුවන් සිටින පියවරුන්ට උදව් උපකාර කිරීම, උපස්ථාන කිරීමද,
සූර්ය මණ්ඩල යන්ත්‍රය, ඊශ්වර දෙවිදුන්ට භාරවීම, සෙත්කවි කිම, පද්මරාගයක් මුදුවක් අල්ලා දකුණු අතේ වෙඳගිල්ලේ පැළදීම.
ඉඹුල් වෘක්ෂයට සාත්තු කිරීම හොඳයි.

● සඳු ග්‍රහයාගේ අපල වලට,

කිරි මව්වරුන්ට දානය දීම,
ගැබිණි මව්වරුන්ට දානය දීම,
කිරි ආහාර පූජාව,
සමන් දෙවියන්ට හා පත්තිනි මෑණියන්ට භාරවීම,
සෙත්කවි කීම
රතන යන්ත්‍රය, අභිසම්පිධාන යන්ත්‍රය හෝ චන්ද්‍ර මණ්ඩල යන්ත්‍රය පැලදීම
මුතු කැටයක් බැදි ආභරණයක් දකුණු අතේ සුලැගිල්ලේ පැලදීම සුභයි.
දිඹුල් වෘක්ෂයට සාත්තු කිරිම.

● කුජ ග්‍රහයාගෙන් ඇතිවන අපල දුරුවීමට

ස්කන්ද කුමාර යන්ත්‍රය, සීලම්බර යන්ත්‍රය පැලදීම ගුණයි.
කතරගම දෙවියන් උදෙසා භාරවීම සහ සෙත්කවි කීමද කොරල් ගලක් පැලදීමද සුබයි.
කොලොන් වෘක්ෂයට සාත්තු කිරිම අපල අවම වීමට හේතුවකි.

● බුධ ග්‍රහයාගේ අපල දුරුවීමට

ශ්‍රී විෂ්ණු සහ දැඩිමුණ්ඩ දෙවිවරුන්ට භාරවිම, සෙත්කවි කීම ඉතා යහපති.
යන්ත්‍ර පැලදිය යුත්තේ විෂ්ණු මණ්ඩලය, සීලම්බරය, ශිව සිඩම්බරය පැලදීම හොදයි.
මරකත පච්ච ගලක් පලදින්න.
කුඩා දරුවන්ට දානය දීම අපල දුරුවිමට මහගු පිටුවහලකි.

● ගුරු ග්‍රහයාගේ අපල දුරුවිමට

මහා විෂ්ණු දෙවියන්ට භාරවිමද උන්වහන්සේගේ නාමයට පින් අනුමෝදන් කිරිමද ඉතාම යහපති.
නරසිංහ සහ බුදුගුණ යන්ත්‍ර පැලදිම ගුරුගේ අපල දුරු කිරිමට හේතුවකි.
පුෂ්පරාග ගලක් ඇල්ලූ මුදුවක් පලදින්න.
බෝධි පූජා කටයුතු කිරීමෙන් අපල උපද්‍රව මග හැරේ.

● සිකුරු ග්‍රහයාගේ ඇතිවන අපල දුරුවීමට,

පත්තිනි මෑණියන්ට භාරවීම, දුගී දුප්පත් තරුණ ගෑණු දරුවන්ට ආධාර උපකාර කිරීම සහ ආහාර පාන ලබාදීමද
ශිලම්බර, ඊශ්වර නව කුණ්ඪ රාජ යන යන්ත්‍ර වලින් එකක් පැලදීමද
සුදු නිල් ගලක් පැලදීම හොදයි.
කරඹ වෘක්ෂයට සාත්තු කරන්න.

● ශනි ග්‍රහයාගේ අපල දුරුවිමට

ශ්‍රි විෂ්ණු නාමයට භාරහාර වීම, සෙත්කවි කීම ඉතාම යහපත්ය.
ශනි මාතුංජය, නීල මණ්ඩලය පැලදිය යුතුය.
කාක නිල් ගලක් පැලදිය යුතුය.
නුග ගසකට භාරවී නුග ගසකට ආවතේව කිරිම සුබයි.

● රාහු ග්‍රහයාගේ අපල දුරුවිමට

විෂ්ණු දෙවියන්ට භාර වීම.
උමතු අය සහ මානසික රෝග ඇති අයට දානය දීමෙන් අපල දුරුවෙයි.
ගම්භාර සිද්ධ සූනියම් දෙවියන් වහන්සේ වෙනුවෙන් භාර වීම හොදයි.
නාගර්ජුන යන්ත්‍රය පැලදිය යුතුය.
ගෝමේද ගලක් ඇල්ලූ මුදුවක් පැලදිය යුතුය.
වැටකෙයියා ගසකට සාත්තු කල යුතුය.

● කේතු ග්‍රහයාගෙන් අපල දුරු වීමට

කතරගම දෙවියන්ට භාර වන්න.
ගණ දෙවියන්ටද භාර වන්න.
මණ්ඩල ශිලම්භරය, විෂ්ණු ආගෝරය, නාග මාලාව පැලදීම හොදයි.
වෛරෝඩියක් පැලදීම සුබයි.

_ ඔබට ඇති සියලුම ග්‍රහ දෝෂ නිවාරණය කිරීමට මෙය මහගු පිටුවහලක් වනවා නිසැකය.
දයාබර ප්‍රේක්ෂක හා පාඨක ඔබට මෙයින් පල ප්‍රයෝජනයක් අත් වන්නේ නම් අපටද එය මහගු පිනකි.
______________ Iru Astrology ___________________

Thursday, May 29, 2014

කේන්දර සටහන් ගැන තවදුරටත්...

කේන්දර සටහනක ඇති යෝග සහ පලාපලයන් සැලකීමෙදි එක්කෙනෙක්ගේ කේන්දරයක් තව කෙනෙකුගේ කේන්දරයට වඩා සුභද යන්න කීම එතරම් සාර්ථක නැත. එක් එක් අයගේ කර්ම ඵලයන් වෙනස් බැවිනි.

කේන්දර සටහනක් ගත්විට මූලික ලෙස ග්‍රහයන්ගේ බලවත් භාවයන්, අවස්ථාවන්, අදාල වන නැකත, පිහිටා ඇති ආකාරය සහ හතර කේන්දරයේ ග්‍රහයන් සිටීම ගැන සලකා බලනු ලැබේ.

ගුරු, සිකුරු, බුධ, චන්ද්‍ර යන ග්‍රහයන් 4 දෙනා සුභ ග්‍රහයන් වන අතර මේ අය බලවත් වීම යහපත් පිහිටීම්ය.
එසේ වුවද අනිකුත් ග්‍රහයන් බලවත් වීමද යහපත පිණිස හේතු වෙයි.

ඕනෑම කේන්දර සටහනක, ලග්නාධිපති බලවත් වන්නේ නම් එය එම කේන්දර සටහන හිමියාට බලවත් පිහිටීමකි.
ඒ අනුව එක් එක් ලග්නයට අනුව ලග්නාධිපති මෙසේය.

මේෂ - කුජ, වෘෂභ - සිකුරු, මිථුන - බුධ, කටක - සඳු,
සිංහ - රවි, කන්‍යා - බුධ, තුලා - සිකුරු, වෘශ්චික - කුජ,
ධනු - ගුරු, මකර - ශනි, කුම්භ - ශනි, මීන - ගුරු

තවද වැදගත් වන කරුණක් නම් 1, 4, 7, 10 යන ස්ථාන 4න් බලවත්ම ස්ථානය වන්නේ 10 වැන්න හෙවත් කර්මස්ථානයයි.
5, 9 ස්ථාන වලින් බලවත් වන්නේ 9 වැන්න හෙවත් පුණ්‍යස්ථානයයි.

10 වැන්නේ අධිපති ග්‍රහයා 9 වැන්නේද, 9 වැන්න අධිපති ග්‍රහයා 10 වැන්නේද සිටිමින් “ධර්මකර්මාධිපති රාජ යෝගය“ සෑදේ.

1, 4, 7, 10 යන කේන්දර ස්ථාන වල කුජ, සිකුරු, ගුරු, බුධ, ශනි යන ග්‍රහයන් බලවත්(උච්ච, ස්වක්ෂෙත්‍ර) වීමෙන් “පංච මහා පුරුෂ යෝග“ නම් රාජ යෝග ඇතිවේ.

Wednesday, May 14, 2014

උපන් නවාංශකය අනුව පොදුවේ, ලක්ෂණ මෙසේය.

මේෂ නවාංශකය

නිර්භීත ගති ඇති කාර්යශීලි කෙනෙකි. ඉතා වේගවත් තීරණ ගනී. ඒ අනුව ක්‍රියාත්මක වෙයි. යමක් ඇරඹුවොත් අවසානය දක්වාම කරයි. ලෞකික ජීවිතයේ සෑම සැපතම ලබයි. සතුරන්ද ඇති කරගනී. සතුරන් පරදයි.
උෂ්ණාධික රෝගාබාධ ඇතිවිය හැක. හෙමින් කටයුතු රුස්සන්නේ නැත. මාරක කාල වලදි බොහෝ පරිස්සම් විය යුතුයි.

වෘෂභ නවාංශකය

ස්ථිර අදහස් ඇත. ආගම දහමට බරය. අන් අය අතර කැපී පෙනෙන අය වෙති. කතාව හොදයි. මාරක කාලයන් පසු කලොත් පරමායුෂ අත්විදිය හැක. සතුරන් ඇතිවේ. සතුරන් මැඩ ඉදිරියට යයි.
කලාවට කැමති අය වෙති.

මිථුන නවාංශකය

විනෝදයට බර, රූපසම්පන්න කෙනෙකි. නිතර විහිළු තහළුවෙන් කල් යවයි. වික්‍රමයට කැමතිය. ධනය වියදම බොහෝ වෙයි. සමාජ සේවය කරයි. උපක්‍රම ශීලිය. සතුරන් පරදයි.

කටක නවාංශකය

ඉක්මන් කෝපය ඇති අය වෙති. කලබලකාරිය. චංචල ගති ඇත. විදෙස් ගතවිමට භාග්‍ය ඇත. අලාභ කරගනී. හිතවතුන්ට හිතවත් වුවද යහපතක් නැත. උදරාබාධ වලින් පරිස්සම් වන්න.

සිංහ නවාංශකය

ආත්මාර්ථකාමි ගති ඇත. ආඩම්බරය. ගති ස්ථිරය. අන් අය ගැන සැක කරයි. යහපත් කටයුතු වල නිරත වේ. ගුණ යහපත්කම් ඇත. සතුරන් පරදයි. අදාල අපලකාල වලදි ශාන්තිකර්ම අනිවාර්ය වෙයි.

කන්‍යා නවාංශකය

බුද්ධිමත්ය. ස්ථානෝචිත ප්‍රඥාව ඇත. පරිත්‍යාගශීලිය. අන් අයට අනුකම්පා කරයි. දේපල ලාභ ලබයි. සතුරු බලවේග ඇතිවුවද බුද්ධියෙන් ඒවා විසදගනී. හොද රැකියා ලබයි. කෘෂිකාර්මික ජිවිතයකට බර විය හැක.

තුලා නවාංශකය

සිතිවිලි නිතර වෙනස්වේ. කලාවට බරය. විනෝද වන්නට කැමතිය. විරුද්ධවාදින්ගෙන් කරදර ඇතිවේ. සැප සම්පත් පිරි දිවියක් තිබුනද නිතර බාධා ඇතිවේ. සොර සතුරන්ගෙන් පරිස්සම් විය යුතුය.

වෘශ්චික නවාංශකය

කලබලකාරි ගති ඇත. නිතර කෝප ගනී. කටයුතු ඇරඹුවොත් විවිධ බාධා මධ්‍යයේ වුවද එය කරගෙන යයි. වැරදි සිතේ තබාගෙන සිටිමට දක්ෂය.

ධනු නවාංශකය

විනයගරුකය. නීතියට ගරු කරයි. පාලන කටයුතු වලට දක්ෂය. බොහෝ කටයුතු එක්වර කල හැක. කතාවට දක්ෂය. සංවිධාන ශක්තිය ඇත. ජය ගනී.

මකර නවාංශකය

බොහෝ දේ ගැන දනී. අන් අයගේ මතයට එතරම් ගරු නොකරයි. තම හැගිම් අනුන්ට නොපෙන්වයි. තම සමීපතමයන් ගැන පවා වැඩි විශ්වාසයක් නොතබයි. කලාවට සංගීතයට ප්‍රියයි.

කුම්භ නවාංශකය

තමා දන්නා දේට වඩා දන්නා බව පෙන්වයි. ප්‍රයෝග වලට දක්ෂය. අන් අයගේ කපටිකම් වලට හසුවේ. ආඩම්බරය. අනවශ්‍ය ගැටළු ඇති කරගෙන දුක් විදින්නට හැකියාව ඇත.

මීන නවාංශකය

අන් ස්ත්‍රින්ට හා අන් පුරුෂයන්ට ලෙංගතුකම් පායි. කාමාධික ගති ඇත. දෙගිඩියාව බල පවත්වයි. අපල කාල වල ශාන්ති කර්ම අනිවාර්ය වේ. සතුරු කරදර වලදි පරිස්සම් විය යුතුයි.

Sunday, March 2, 2014

දෛව අංකය අනුව පැළදිය යුතු මැණික් වර්ගය...

අංක විද්‍යාව සම්බන්ධව පූර්ණ පලාපල සහ අංක විද්‍යාවේ ඇති වැදගත්කම ගැන අපගේ සේවයේ ඔබතමුන්නාන්සේලාට විශේෂ උපදේශන අපගෙන් ලබාගත හැක. විශේෂයෙන්ම අංක 1 සිට 9 දක්වා දෛව අංක හිමි අයට පළඳවන්නා වූ අති සුවිශේෂී මැණික් ගල් ඔබ්බ වූ මුදු, සම්බන්ධ විග්‍රහයකි පහත සඳහන් වන්නේ.

පහත ඡායාරූපයෙන් දැක්වෙන්නේ කොරල් ගලක් ඇල්ලූ මුදුවකි. එම මැණික් ගල අයත් වන්නේ දෛව අංක 9 හිමි අයටය.
අපි දැන් බලමු දෛව අංකය කෙනෙකුට හිමි වන්නේ කෙසේද කියා ..

උදාහරණයක් ලෙස, 1976 පෙබරවාරි 18 හිමි අයට උපන් දිනය 18 බැවින් එහි එකතුව 9 හිමිවේ.
එමෙන්ම උපන් දිනය 9 වන දින උපන් අයටත්, 27 වන අයටත් අංක 9 හිමි වේ.
එසේම අංක 9 දක්වා ඇති දෛව අංක හිමියන්ට අයත් මැණික් ගල් පහත පරිදි වේ.

අංක 1 - රවිට අයත් පද්මරාග

අංක 2 - සඳුට අයත් මුතු

අංක 3 - ගුරුට අයත් පුෂ්පරාග

අංක 4 - රාහුට අයත් ගෝමේද

අංක 5 - බුදට අයත් මරකත පච්ච

අංක 6 - සිකුරුට අයත් සුදු නිල්

අංක 7 - කේතුට අයත් වෛරෝඩිය

අංක 8 - ශනිට අයත් කාකනිල

අංක 9 - කුජට අයත් කොරල්(රතු කැටය)

* අදාල මැණික නිසියාකාරව ජප කරන ලද මුදුවකට අතිවිශේෂ ක්‍රමයකට පළදවා ගැනීමෙන් වාසනාව උදා වේ.

Iru Astrology :> #Irusewaya

දෛව අංකය හා බැඳුනු චරිත ලක්ෂණ ගැන දැනගන්න,
(https://www.facebook.com/photo.php?fbid=215172638677748&set)

_ භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) තැබීම(නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.
0711 345 364

Sunday, January 26, 2014

උපන් නැකත අනුව හිමි දෙවියන් කවුද.. ?

අප කාට උවත් ඉෂ්ඨ දේවතාවෙක් සිටින බව අපි විශ්වාස කරමු. උපන් නැකත අනුව ඉෂ්ඨ දේවතාවෙක් හිමිවේ.  සුභ ඕනෑම කටයුත්තක් පටන් ගැනීමට ප්‍රථමත්, දිනයේ ආගමික කටයුතු වල යෙදුනු පසුත් තම ඉෂ්ඨ දේවතාවාට පුද පූජා කිරීම, පින්දීම කිරීම මැනවි. එසේ කිරීමෙන් විශිෂ්ඨ ප්‍රතිඵල ලැබෙන බව ලැබිය හැක.

1. අස්විද - අශිමිනි                2. බෙරණ - යම

3. කැති - අග්නි                    4. රෙහෙණ - ප්‍රජාපතී

                                                                       5. මුවසිරස - සෝම

6. අද - රුද්‍රා                         7. පුනාවස - අදිති

8. පුෂ - අංගිර                      9. අස්ලිස - සර්ප

10. මා - පිතෘ                       11. පුවපල් - භර්ග්‍යීර්‍

12. උත්‍රපල් - ආයර්මා           13. හත - අර්ත

14. සිත - බ්‍රහ්ම                    15. සා - වායු

16. විසා - ඉන්ද්‍රාත්                17. අනුර - මිත්‍ර

18. දෙට - ඉන්ද්‍ර                    19. මුල - නෛරු

20. පුවසල - ජල                   21. උතුරුසල - විහ්ව

22. සුවණ - විෂ්ණු                 23. දෙනට - වාසුදේව

24. සියාවස - වරුණ              25. පුවපුටුප - අජපා

26. උත්‍රපුටුප - අභිර්බුදන        27. රේවතී - පුෂ්ණ

Tuesday, January 14, 2014

උපන් යෝගය අනුව ඔබට ( අවසාන යෝග 9)

(යෝග 18-27 දක්වා)

19) පරිඝ

වැඩිහිටියන්ට, ගුරුවරුන්ට ගරු කරයි. උපන් තත්වයටත් වඩා දියුණු වේ. කාව්‍යකරණයට දක්ෂ වේ. වචන වලින් දිනයි. බුද්ධිමත් කටයුතු ඇති කෙනෙකි. බුද්ධිමත්ය.

20) ශිව

ඉගෙනීමට දක්ෂය. ආගමට ගරු කරයි. සතුරන් ඉතා අඩුය. සතුටින් සැපෙන් දිවි ගෙවිය හැක. ප්‍රසිද්ධ වේ. තම ගෞරවය රැක ගනී.

21) සිද්ධ

ඥානය ඇති කෙනෙකි. ධාරණ ශක්තියද ඇත. ජිවිතය සැපවත් කරගනී. ස්ත්‍රි පාර්ශවයෙන් උදව් ලැබේ. බාධක මැඩගෙන ඉදිරියට යයි.

22) සාධ්‍ය

සමාජයේ ගරුත්වයට පාත්‍ර වේ. දෙමාපියන්ට ගුරුවරුන්ට ගරු කරයි. ප්‍රියමනාපය. ආර්ථිකය සවිමත්ය. උසස් මනසක් ඇත. අන් අයට පිහිට වේ. රැකියාවෙන් දියුණු වේ.

23) ශුභ

යහපත් මාර්ග වලින් ආදායම් ලබයි. උගත්ය. සමාජයේ අන් අය අතර කැපී පෙනෙන කෙනෙකි. කැපවීමෙන් ජය ලබයි.

24) ශුභ්‍ර

චින්තන ශක්තියෙන් අනූනය. රූමත්වය. කාර්යශූරය, ධනවත්ය. කුමන කටයුත්තක් වුවද කිරීමට හැක. දැනුම ඇත.

25) බ්‍රහ්ම

බොහෝ ශිල්ප දන්නා කෙනෙකි. තම හැකියාවෙන් කැපවීමෙන් දියුණු වේ. උසස් අය ඇසුරට ලැබේ. සමාජ ගෞරවයට පාත්‍ර වේ.

26) මහෙන්දා

මනස උසස්ය. උපන් තත්වයට වඩා උසස් වේ. ගුණවත්ය. සතුරන් පරාජය කරයි. සංවරය. අධ්‍යාපනයෙන් ජය ලබයි.

27) වෛධෘති

අලස ගති ඇත. නිරෝගීකම රැකගැනිමට එතරම් තැකීමක් නොකරයි. එතරම් සුබ නැත.

Sunday, January 12, 2014

“ උපන් යෝගය “ අනුව ඔබ කොහොමද ? (9-18)



10) ගණ්ඩ

උනන්දුවෙන් කටයුතු කරයි. නිදහස අගයන කෙනෙකි. වීර්යය ඇති කෙනෙකි. අසනීප ගතිද ඇතිවේ. ගැටළු විසඳිමේ හැකියාව ඇති කෙනෙකි.

11) වෘද්ධි

යහපැවැත්මෙන් යුතු පවුලක උපදී. පිරිස අතර කැපි පෙනේ. කලා කටයුතු වලට දක්ෂය. අන් අය සමග හවුලේ කටයුතු වලට බොහෝ දක්ෂය

12) ධෘම

සැප විඳින කෙනෙකි. අන් අයට ප්‍රධාන වේ. ආත්ම ශක්තිය ඇත. ආදායම් මාර්ග ඇත. උපන් තත්වයට වඩා උසස් වේ. ශක්තිමත් සිරුරක් හිමිය.

13) ව්‍යාඝාත

නායකත්වය වෙනුවෙන් කටයුතු කරයි. බොහෝ දෑ දනී. තම ගෞරවය රැකගනී. අන් අයගේ ගෞරවයට බඳුන්වේ. තමා ගැන දැඩි ආත්ම අභිමානයකින් පසුවේ.

14) හර්ෂණ

විනෝද වීමට කැමති කෙනෙකි. ප්‍රසිද්ධ වේ. යහපත් ගතිගුණ ඇත. රජයෙන් ආදි උසස් අයගේ උදව් ලැබේ. උසස් තනතුරු ලැබිය හැක. බොහෝ දේ දන්නා කෙනෙකි.

15) වජ්‍ර

තත්වය උසස් කරගැනීමට කටයුතු කරයි. ඉගෙනීමට දක්ෂය. දියුණු වේ. අන් අය සමග සුහදව සිටිමට උත්සහ දරයි.

16) සිද්ධි

පින්වන්තය. පෙර පින්ද ඇත. අන් අය වෙනුවෙන් කැපවේ. නිර්භීතය. රෝගාබාධ තිබේ. වීර්යය ඇත.

17) ව්‍යාතිපාත

විවිධාකාර බාධා ඇතිවෙන කෙනෙකි. සිතට පීඩා ඇතිවිය හැක. කරන කටයුතු වලට බොහෝ බාධා ඇතිවේ. තීරණයන් වෙනස් කරන සුළුය.

18) වාරියන්

කවි ලිවීමට දක්ෂ වෙති. චිත්‍ර ඇඳිම, සංගීතය ආදි කලා, නිර්මාණ කටයුතු වලට දක්ෂ කෙනෙකි. ප්‍රසිද්ධ විය හැක. නීති ගරුකය. කරන කටයුත්තට දැඩි ඇල්මක් දක්වයි.

“ උපන් යෝගය “ අනුව ඔබ කෙසේද ? (මුල් යෝග 9)

යෝග 27ක් ඇත. ඒ අනුව මුල් යෝග 9ට මෙසේය.

1 විෂ්කම්භ

දැඩි කැපවීමෙන් කටයුතු කරන කෙනෙකි. මනා ආත්ම විශ්වාසයක් ඇත. දියුණුවට පත්වීමට උවමනාව ඇත. ආගමට ගරු කරයි. තීක්ෂණ බුද්ධියක් ඇත. රූපසම්පන්නය. අන් අයගෙන් ගරු බුහුමන් ලබයි.

2 ප්‍රීති

උසස් සිතුවිලි ඇත. කාර්යයෙහි දක්ෂයෙකි. අලංකාරවත්ව සිටීමට, විනෝදවීමට කැමතිය. ස්ත්‍රි පක්ෂයට ලැදිය. තම අදහස ගැන දැඩිව සිතයි. විවිධාකාර කටයුතු වල නිරත විය හැක.

3 ආයුෂ්මන්

කලා කටයුතු වලට දක්ෂය. නොපසුබස්නා වීර්යයක් හිමිය. ධනවත් විය හැක. සැප විඳිය හැක. තම ගෞරවය රැක ගැනීමට කටයුතු කරයි. ප්‍රසිද්ධ වේ.

4 සෞභාග්‍ය

අන් අයගේ ගරු බුහුමන් ලබයි. කටයුතු කීපයක් කිරීමේ දක්ෂයෙකි. පොදු කටයුතු වලට දක්ෂයෙකි. තම දියුණුව ගැන පමණක් සිතන ගතියක්ද ඇත. ශක්තිමත්ය.
අන් අයගේ උදව් ලබයි.

5 ශෝභන

ඉගෙනීමට කැමතිය. තම යුතුකම් වගකීම් නොපිරිහෙලා කරයි. ඉක්මන් කෝපය ඇත. කරදර වලදි නොසැලේ. තීරණ ගැනීමේදි දුර දිග සිතා බලා කරයි. අන් අය අතර කැපී පෙනේ.

6 අතිගණ්ඩ

තනිව සිටීමට ප්‍රිය කරන කෙනෙකි. විවේකය, නිදහස අගය කරයි. සමහරවිට මෙම යෝගයෙන් උපත ලද අය නිසා දෙමාපියන්ට අපල සිදුවේ.

7 සුකර්ම

සමාජය තුල කැපී පෙනෙන කෙනෙකි. අන් අයගේ ගරුත්වයට පාත්‍ර වේ. අන් අයට උදව් කිරීමට නිතරම සූදානම්ය. යුක්තිගරුකය. සරාගීය. දහමට එකඟව කටයුතු කරන්නෙකි. ආදායම් යහපත් මාර්ග වලින් ලබයි.

8 ධෘති

බුද්ධිය ඇත. දේපල ලාබ, වස්තු ලාබ ලබන්නෙකි. සැපසේ ජීවත් වීමට කැමතිය. සමාජයේ ගරුබුහුමන් ලබයි. ගුණවත්ය.

9 ශුල

උගත්කම ලැබිය හැක. බුද්ධිමත් වේ. ආගම දහමට නැඹුරුය. සෞඛ්‍ය ගැටළු ඇතිවිමේ ඉඩක් ඇත.

Sunday, January 5, 2014

ඔබගේ ලග්නයට අනුව.. විවාහ ස්ථානය අයිති වන ග්‍රහයන්

මේෂ ලග්න හිමියන්ගේ 7 වැන්නාධිපති වන්නේ සිකුරු/ශුක්‍ර ය

පාප දෘෂ්ඨි නැතිනම් සිකුරුට අදාල ගති ඇති බිරිඳක් ලැබෙන බව කියවේ.

වෘෂභ ලග්න හිමියන්ගේ 7 වැන්නාධිපති වන්නේ කුජ/අඟහරු ය

මිථුන ලග්න හිමියන්ගේ 7 වැන්නාධිපති වන්නේ ගුරු/බ්‍රහස්පති ය.

කටක හා සිංහ ලග්න හිමියන්ගේ 7 වැන්නාධිපති වන්නේ ශනි/සෙනසුරුය.

කන්‍යා ලග්න හිමියන්ගේ 7 වැන්නාධිපති වන්නේ ගුරු/බ්‍රහස්පති ය.

තුලා ලග්න හිමියන්ගේ 7 වැන්නාධිපති වන්නේ කුජ/අඟහරු ය.

වෘශ්චික ලග්න හිමියන්ගේ 7 වැන්නාධිපති වන්නේ සිකුරු/ශුක්‍ර ය.

ධනු ලග්න හිමියන්ගේ 7 වැන්නාධිපති වන්නේ බුදය.

මකර ලග්න හිමියන්ගේ 7 වැන්නාධිපති වන්නේ සඳු/චන්ද්‍රයාය.

කුම්භ ලග්න හිමියන්ගේ 7 වැන්නාධිපති වන්නේ රවි ය.

මීන ලග්න හිමියන්ගේ 7 වැන්නාධිපති වන්නේ බුද ය.

Sunday, December 22, 2013

කේන්දර කොටු 12 වගතුග




1. හිස, මොළය

2. ධනය, තත්වය, පවුල

3. ධෛර්යය, වීර්යය

4. දේපල, යාන වාහන

5. දරුවන්, ඥානය

6. සතුරන්, ලෙඩ රෝග

7. විවාහය, හවුල් කරුවන්

8. මරණය, බාධා, ආයුෂ

9. ආගම, වාසනාව

10. වෘත්තිය, කර්ම

11. ආදායම, ලාබ, වාසනා ගුණය

12. වියදම්, පාඩු