Tuesday, June 3, 2014

- නව ග්‍රහ අපල වලට කල යුතු දෑ -

මෙලොව උපදින සියලුම ජන්මින්ට ලග්නයක් හා නැකතක් පිහිටයි.
එය තමන් උපදින වෙලාව අනුව ලග්න 12න් එකකුත් නැකැත් 27න් 1 නැකතකුත් හිමිවේ.

උපන්දා සිට මරණය තෙක් ජීවත් වන සත්වයා කාලානුරූපව විවිධාකාර ග්‍රහ බලපෑමට බදුන් වේ. එය ජෝතිෂ්‍යය විශ්වාස කරන්නාටද නොකරන්නාටද පොදුවේ බලපායි. නමුත් අප සියලු දෙනාගේම බලාපොරොත්තුව ග්‍රහ අපල නිවාරණය කර ග්‍රහයන්ගේ ආකර්ෂණය ලැබ සුඛිත මුදිත ජිවිතයක් ගත කිරිමටය.

මේ ආකාරයෙන් කල්පනා කරන විට අපට ග්‍රහ අපල වලින් බේරී සිටිමට විවිධාකාර උපාය මාර්ග සහ ශාන්ති කර්ම ජෝතිෂ්‍යයේ දක්වා ඇත.
මේ නවග්‍රහයන් ප්‍රධාන ග්‍රහයන්ගේ අපල වලට ඕනෑම ග්‍රහයෙක්ගේ මාරක අපල වලට මෘතුංජය යන්ත්‍රය සුබයි. තවද ප්‍රබල අපල පිහිටා ඇතිවිටදී සත්ව අභයදාන පිංකම් සහ බෝධි පූජා පැවැත්වීම ඉතාම යහපත් බව දක්වමු. ඔබ සියලු දෙනාටම දැනගැනිමට පහත පරිදි ශාන්ති කර්ම කල යුතු ආකාරය දක්වමු.

● රවි ග්‍රහයාගේ අපල දුරුවීමට

* දරුවන් සිටින පියවරුන්ට උදව් උපකාර කිරීම, උපස්ථාන කිරීමද,
සූර්ය මණ්ඩල යන්ත්‍රය, ඊශ්වර දෙවිදුන්ට භාරවීම, සෙත්කවි කිම, පද්මරාගයක් මුදුවක් අල්ලා දකුණු අතේ වෙඳගිල්ලේ පැළදීම.
ඉඹුල් වෘක්ෂයට සාත්තු කිරීම හොඳයි.

● සඳු ග්‍රහයාගේ අපල වලට,

කිරි මව්වරුන්ට දානය දීම,
ගැබිණි මව්වරුන්ට දානය දීම,
කිරි ආහාර පූජාව,
සමන් දෙවියන්ට හා පත්තිනි මෑණියන්ට භාරවීම,
සෙත්කවි කීම
රතන යන්ත්‍රය, අභිසම්පිධාන යන්ත්‍රය හෝ චන්ද්‍ර මණ්ඩල යන්ත්‍රය පැලදීම
මුතු කැටයක් බැදි ආභරණයක් දකුණු අතේ සුලැගිල්ලේ පැලදීම සුභයි.
දිඹුල් වෘක්ෂයට සාත්තු කිරිම.

● කුජ ග්‍රහයාගෙන් ඇතිවන අපල දුරුවීමට

ස්කන්ද කුමාර යන්ත්‍රය, සීලම්බර යන්ත්‍රය පැලදීම ගුණයි.
කතරගම දෙවියන් උදෙසා භාරවීම සහ සෙත්කවි කීමද කොරල් ගලක් පැලදීමද සුබයි.
කොලොන් වෘක්ෂයට සාත්තු කිරිම අපල අවම වීමට හේතුවකි.

● බුධ ග්‍රහයාගේ අපල දුරුවීමට

ශ්‍රී විෂ්ණු සහ දැඩිමුණ්ඩ දෙවිවරුන්ට භාරවිම, සෙත්කවි කීම ඉතා යහපති.
යන්ත්‍ර පැලදිය යුත්තේ විෂ්ණු මණ්ඩලය, සීලම්බරය, ශිව සිඩම්බරය පැලදීම හොදයි.
මරකත පච්ච ගලක් පලදින්න.
කුඩා දරුවන්ට දානය දීම අපල දුරුවිමට මහගු පිටුවහලකි.

● ගුරු ග්‍රහයාගේ අපල දුරුවිමට

මහා විෂ්ණු දෙවියන්ට භාරවිමද උන්වහන්සේගේ නාමයට පින් අනුමෝදන් කිරිමද ඉතාම යහපති.
නරසිංහ සහ බුදුගුණ යන්ත්‍ර පැලදිම ගුරුගේ අපල දුරු කිරිමට හේතුවකි.
පුෂ්පරාග ගලක් ඇල්ලූ මුදුවක් පලදින්න.
බෝධි පූජා කටයුතු කිරීමෙන් අපල උපද්‍රව මග හැරේ.

● සිකුරු ග්‍රහයාගේ ඇතිවන අපල දුරුවීමට,

පත්තිනි මෑණියන්ට භාරවීම, දුගී දුප්පත් තරුණ ගෑණු දරුවන්ට ආධාර උපකාර කිරීම සහ ආහාර පාන ලබාදීමද
ශිලම්බර, ඊශ්වර නව කුණ්ඪ රාජ යන යන්ත්‍ර වලින් එකක් පැලදීමද
සුදු නිල් ගලක් පැලදීම හොදයි.
කරඹ වෘක්ෂයට සාත්තු කරන්න.

● ශනි ග්‍රහයාගේ අපල දුරුවිමට

ශ්‍රි විෂ්ණු නාමයට භාරහාර වීම, සෙත්කවි කීම ඉතාම යහපත්ය.
ශනි මාතුංජය, නීල මණ්ඩලය පැලදිය යුතුය.
කාක නිල් ගලක් පැලදිය යුතුය.
නුග ගසකට භාරවී නුග ගසකට ආවතේව කිරිම සුබයි.

● රාහු ග්‍රහයාගේ අපල දුරුවිමට

විෂ්ණු දෙවියන්ට භාර වීම.
උමතු අය සහ මානසික රෝග ඇති අයට දානය දීමෙන් අපල දුරුවෙයි.
ගම්භාර සිද්ධ සූනියම් දෙවියන් වහන්සේ වෙනුවෙන් භාර වීම හොදයි.
නාගර්ජුන යන්ත්‍රය පැලදිය යුතුය.
ගෝමේද ගලක් ඇල්ලූ මුදුවක් පැලදිය යුතුය.
වැටකෙයියා ගසකට සාත්තු කල යුතුය.

● කේතු ග්‍රහයාගෙන් අපල දුරු වීමට

කතරගම දෙවියන්ට භාර වන්න.
ගණ දෙවියන්ටද භාර වන්න.
මණ්ඩල ශිලම්භරය, විෂ්ණු ආගෝරය, නාග මාලාව පැලදීම හොදයි.
වෛරෝඩියක් පැලදීම සුබයි.

_ ඔබට ඇති සියලුම ග්‍රහ දෝෂ නිවාරණය කිරීමට මෙය මහගු පිටුවහලක් වනවා නිසැකය.
දයාබර ප්‍රේක්ෂක හා පාඨක ඔබට මෙයින් පල ප්‍රයෝජනයක් අත් වන්නේ නම් අපටද එය මහගු පිනකි.
______________ Iru Astrology ___________________

No comments:

Post a Comment