Monday, June 9, 2014

_ සතියේ ලග්න පලාපලය_ (ජුනි 9 සිට)


๑ මේෂ

මෙම සතිය ශුභාශුභ මිශ්‍ර පල දෙන සතියකි. 
සතිය මුල් භාගයෙදි රැකියා කටයුතු වලට බාධා පවතී. ඒවා මග හරවාගෙන කටයුතු කිරිමටද ඉඩ ප්‍රස්ථාව තරමකට යෙදේ. වෙලද ව්‍යාපාර කරන අයගේ ආර්ථිකය පහල වැටීමට ඉඩ ඇත. 
හිත මිතුරන් සමග කටයුතු වලදී පරිස්සම් විය යුතුය. 
සතිය මුල් කොටසේදි ගේදොර ඉඩකඩම් වාහන සම්බන්ධව යහපත්ය. ධනය ලැබීමද හොදයි. දරුවන්ටද හොදයි.
පපුව උරහිස හා දණිස ආශ්‍රිත වේදනා මතුවිය හැක, ආරක්ෂා වන්න.

๑ වෘෂභ

ශුභ පල තරමක් වැඩිව අශුභ පල තරමක් අඩුව මේ සතිය යෙදේ.
ආර්ථිකය යහපත් වන අතර රැකියා කරන අයට දියුණුව ඇතිවුවද ව්‍යාපාර කරන අයට පාඩු ආදායම් අඩුවීම් සතිය අගදී සිදුවීමට ඉඩ ඇත. 
ගෘහ ජීවිතයේ සතිය පුරාම හිතවතුන්ගෙන් ඥාතින්ගෙන් උදව් උපකාර හිමිවේ. එසේම භූමිය සහ ඉඩකඩම් සම්බන්ධ කටයුතු වලදි වාසනාව ලැබේ. 
බෙල්ලෙන් ඉහල කොටසේ රෝගාබාධ, අර්ශස් රෝගද පෙන්වයි.

๑ මිථුන

මෙම සතිය යහපත්ය. 
රැකියා සහ ව්‍යාපාර කරන අයට සුබයි. නව රැකියා ලැබීමට නියමිතයි. එසේම ඔට්ටු සූදු, රේස් ආදියෙන් ජය ලැබීමට නියමයි. 
ගෘහ ජීවිතය තුල සමගි සමාදානය, අඹුසැමි ප්‍රීතිය ඇතිවේ. 
ඕනෑම කෙනෙක් සමග කතා බහ කිරීමේදි වචනය සම්බන්ධව පරිස්සම් වන්න. 
හිසේ රෝග, ස්නායු රෝග සහ පපුව ආශ්‍රිත සෙම් රෝග ගැන විමසිලිමත් වන්න. 

๑ කටක

සතිය යහපත් සතියකි. 
රැකියා කටයුතු සම්බන්ධයෙන් හිතමිත්‍රාදීන්ගෙන් එදිනෙදා කරුණු වලට යම් සුළු බාධා මතුවීමට ඉඩ තිබේ. නමුත් මෙහිදී වෙලද ව්‍යාපාර කරන අයට එම බාධා ඇති නොවනු ඇත. 
සතියේ මුල් කාලය තුල ගමන් බිමන් අධික විය හැක. ධනය ලැබීම යහපත් වන අතර සමාජ දේශපාලන කටයුතු වලට හවුලේ කරන කටයුතු වලට විවාහ සම්බන්ධ කටයුතු වලට මේ සතිය ඉතාම සුබයි.
පාද වල සහ දණහිසෙන් පහල රෝග තත්වයන් පෙන්වයි. 

๑ සිංහ

මේ සතිය ආර්ථික අංශයෙන් එතරම් ප්‍රයෝජන නොලබන සතියකි. සතියේ මුල් භාගයෙදි වියදම් අධික වීමට ඉඩ ඇත. 
රැකියා කටයුතු අලුත් ආකාරයට කරගෙන යාමට උත්සහ ගනු ඇත.
වැඩිහිටියන්ගෙන් උදව් උපකාර ලැබේ. ආයෝජන කටයුතු වලට යහපත් වනු ඇත.
ගෘහ ජීවිතයේ එදිනෙදා කටයුතු වලදී වියදම් අධික වීමට ඉඩ ඇත. ගමන් බිමන් යෙදෙන නිසා මුදල් වැයවේ. එසේම සහෝදරයන් හෝ ඥාතියෙක් වෙනුවෙන් කැපවීමට වියදම් කිරීමට ඉඩ තිබේ. 
සෞඛ්‍ය තත්වය අනුව උරහිස සහ පපුව ආශ්‍රිත සෙම් රෝගද දණහිස සහ කොන්දේ අමාරුද වැලදීමට ඉඩ තිබේ. 

๑ කන්‍යා

මේ සතිය ඔබට ඉතාම ශුභ වන බව කිව යුතුය. 
මිල මුදල් ලැබීමද යහපත්ය.
රැකි රක්ෂා සම්බන්ධ කටයුතු වලදී යම්කිසි ආකාරයක ශුභාශුභ මිශ්‍ර පල ඇතිවිමට හැකියාව ඇතත් වෙලද ව්‍යාපාර කරන අයට ඉතාම හොදයි. විදේශ ගතවී සිටින අයට යහපත්ය. 
ගෘහ ජීවිතයෙදී සතියේ මුල් භාගය තුල ඥාති හිතවතුන් සමග අමතර වැඩ කටයුතු වල යෙදීමට ඉඩ තිබේ. ගමන් බිමන් අධික වීමට ඉඩ ඇත. 
හිසේ අමාරු, සෙම් අමාරු සෑදිමට සහ වර්ධනය වීමට ඉඩ ඇති නිසා පරිස්සම් වන්න.

๑ තුලා

මේ සතිය ඔබට තරමක කාර්යබහුල සතියක් වනු ඇත.
රැකි රක්ෂා කටයුතු වල තරමක් බාධා තිබුනද ඒවා මග හරවාගෙන කටයුතු කරයි. වෙලද ව්‍යාපාර කරන අයට ආදායම් තත්ව වල යම්කිසි අඩුවීමක් බලාපොරොත්තු විය හැක.
ගෘහ ජිවිතය සතියේ මුල් කොටසෙදි ඥාතින් හිතවතුන්ගේ කටයුතු වෙනුවෙන් කැපවීමට සිදුවේ. දරුවන්ගේ හා වැඩිහිටියන්ගේ කටයුතු වලදී ඉවසීමෙන් කටයුතු කිරීම හොදයි. 
සෞඛ්‍ය
ආමාශ ගත රෝග, වැලමිට, තුනටිය, යටිබඩ ආශ්‍රිත රෝග ගැන සැලකිලිමත් වන්න.

๑ වෘශ්චික

සතිය පූර්ණ වශයෙන්ම සුභ සතියකි.
පවුලේ සියලුදෙනා සමග කරන කටයුතු වලින් ලාබ ප්‍රයෝජන ඇතිවේ. වෙලද ව්‍යාපාර කරන අයගේ ආදායම තරමක් යහපත් වේ. ධනය ලැබීම සිදුවේ. 
ගෘහ ජීවිතය ගමන් බිමන් ප්‍රීති උත්සව අධික වීමට ඉඩ ඇත.
මේ ගමන් බිමන් වලින් ලාභ ප්‍රයෝජන ඇතිවන අතර ගේදොර ඉඩකඩම් ආදි කටයුතු වලටද මේ සතිය යහපත්ය.
සෞඛ්‍ය තත්වය
අර්ශස් අමාරු, මුත්‍රා අමාරු, යටි බඩ සම්බන්ධ රෝග ගැනද සැලකිලිමත් වන්න.

๑ ධනු

ශුභාශුභ මිශ්‍ර පල සතියකි.
හවුලේ කරන වැඩ කටයුතු වලට යම් බාධා ඇති කරන අතර රැකියාවල නියුතු අයටද යම් බාධා ඇතිවේ. වෙලද ව්‍යාපාර කරන අයට ආදායම තරමක් යහපත් වේ. 
ගෘහ ජිවිතයෙදි ගමන් බිමන් අධිකවීමත් පවුලේ අයගේ කටයුතු වෙනුවෙන් වියදම් යෙදීමටත් නියමයි. නමුත් ධනයද ලැබේ. 
මුත්‍රා අමාරු විශේෂයෙන්ම පෙන්වයි. 

๑ මකර

මේ සතිය සුබ සතියකි. 
රැකියාවන් යහපත් ආකාරයට කරගෙන යාමට වාසනාව සහ ශක්තිය ලැබේ. රැකියා අපේක්ෂාවන්හි නියුතු අයට රැකියා ලැබේ. 
විවාහ කටයුතු වලට තිබුනු බාධා ඉවත්වේ. 
ආමාශ ගත රෝග, දණිස් කැක්කුම, අත්පා දැවිල්ල ආදි රෝග වලින් පරිස්සම් වන්න.

๑ කුම්භ

මේ සතිය එතරම් ශුභ නැත. 
රැකියා වලට සතුරු කරදර ඇතිවේ. එසේම අසනීප වීම නිසා රැකියාව කරගෙන යාමට බාධා මතුවිය හැකි බැවින් පරිස්සම් වන්න. වෙලද ව්‍යාපාර වල නියුතු අයට ණය බර පැටවේ. 
ගෙදර දොර ගෘහ ජීවිතයෙදි ගැටළු ඇතිවන්නේ පවුලට පරිබාහිර කෙනෙකුට උදව් කිරීමට ගොස් අමාරුවේ වැටීමෙනි. තමන්ට අයිති දේ පමණක් කරගෙන පාඩුවේ සිටීම යහපත්ය.
විශේෂයෙන් මේ කාලයේ අයහපත් කාලගුණයෙන්ද පරිස්සම් වන්න. ලෙඩ රෝග බෝවීමට පුලුවන.
ආමාශගත රෝග හා සෙම් රෝග වලින් පරිස්සම් වන්න.

๑ මීන

ශුභාශුභ මිශ්‍ර පලයි. 
යාළු මිත්‍රාදීන්ගෙන් දියුනුවට තමාගේ කටයුතු වලට යම් යම් බාධා මතුවිමට ඉඩ තිබේ. ව්‍යාපාරික කටයුතු වල යෙදෙන අයට එය බලපාන්නේ නැත. 
ලිපි ලේඛන වැඩ කටයුතු කරන අයට හොදයි.
ගෘහ ජීවිතයේ ධනය ලැබිම මෙන්ම වියදමද ඒ හා සාපේක්ෂව ඉහල යයි. කලක් බලාපොරොත්තුව සිටි මුදලක් ලැබේ. 
පෙම් සබදතා ඇති අයට ඒවා ස්ථිර වීමද නව පෙම් සබදතා ගොඩනැගීමද මෙ සතියෙදි සිදුවේ. 
විශේෂ රෝග නැති වුවත් උෂ්ණාධික රෝග හා බඩේ දැවිල්ල ගැන අවදානමත් වන්න.

Iru Sewaya #Astrology

භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) තැබීම(නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.
0711 345 364

No comments:

Post a Comment