Friday, June 20, 2014

__ රුහුණු පුරේ තෙද බල හිමි කතරගම කන්ද ස්වාමීන්වහන්සේට නිවරදිව පූජාවක් තබන්න__

කතරගම දෙවියන් සිහියට එන විට බෞද්ධ අබෞද්ධ බොහෝමයකට යම්කිසි භක්තියක් නිරායාසයෙන්ම එයි. එසේම උන්වහන්සේට පුද පූජා පවත්වා භක්ති ආදරයෙන් සලකන්නේ ජාති ආගම් භේදයකින් තොරවය.

ස්කන්ද කුමාර, සුබ්‍රමනියම්, මුරුගන් යන සංස්කෘතික දමිල නාමයන් වලින්ද සිංහල බෞද්ධ ජනතාව අතර මහා සේන නමින් ප්‍රසිද්ධ වූ කතරගම දෙවියන් වහන්සේ දර්ශනය වූ පමණින්ම සිතට මහත් ප්‍රමෝදයක් නිරන්තරයෙන්ම එයි.

එසේම උන්වහන්සේ දේව පුරාණයේ සඳහන් ආකාරයට ශූර වීරය, වික්‍රමාන්විතය. එසේම උන්වහන්සේ තරමක් දඟකාර කෙලිලොල් දේවාත්මයකි.
වල්ලි සහ තේවානි නැමති සුරූපි දිව්‍යාංගනාවන් වහන්සේ දෙදෙනාගේ ස්වාමියාය.

උන්වහන්සේ ප්‍රසිද්ධ වන්නේ අසරණ දුගී දුප්පත් අයට පිහිට වන දෙවි කෙනෙකු වශයෙන්ය. රණ මොණරා වාහනය වෙයි.
එසේම මා පෙර සඳහන් කල ආකාරයට විනෝදයට නැටුමට ගැයුමට උන්වහන්සේ ආශා කරන බව පුරාණ පොත් පත් වල සදහන්ය.
උන්වහන්සේව ප්‍රමෝදයට පත්කිරීමට කාවාඩි නැටුම පවත්වන බව පොත්පත්වල සඳහන් වේ.

එසේ උතුම් වූ මේ දිව්‍ය රාජයාණන් වහන්සේගේ නිවරදිව පූජාවක් තබන අයුරු අපි ඉගෙන ගනිමු.

● ඔබ ප්‍රථමයෙන් කල යුත්තේ සුදු රෙදි කැබැල්ලකින් හිස හා මුහුණ ආවරණය වන සේ වසා ගත යුතුය.

● පිරිසිදු මුට්ටියක් ගෙන මුං ඇට තම්බා ගත යුතුය. 
මුං ඇට තම්බාගත් වතුර ගෙන එයට උක් පැණි, මුද්දප්පලම් 3ක්, හකුරු, වියළි ඉඟුරු, සූදුරු කුඩු හා මී පැණි එකට කවලම් කර දේව පූජාවට පානයක් සාදා ගන්න. එම පානය වෙනම තබන්න.

● මුං ඇට තම්බාගෙන එයට හකුරු හා උක් හකුරු යෙදූ මුං ඇට කිරිබතක් පිලියෙල කරගන්න. 
එයට මුද්දරප්පලම්, කජු, රට ඉඳි, උක් හකුරු යෙදීම ඉතාම යහපත්ය. 
මෙය ද්‍රවිඩ භාෂාවෙන් ‘පොංග සෝරු‘ යනුවෙන් හැඳින්වේ.

● මෙය උතුම් වූ කන්ද ස්වාමි දේව ස්වාමින්වහන්සේට පිලිගැන්වීමට පෙර බෙලිමල් සහ බෙලි කොළ යෙදූ මාලයක් ගෙන එය දේව පිළිමයට හෝ රූපයට පැලදවීම ප්‍රශස්තයි. 
● පහන් හඳුන්කූරුද දල්වන්න. 

● එසේම පූජාසනයේ මෙම ද්‍රව්‍ය තබා ඔබගේ දුක මෙනෙහි කොට ඔබගේ කන්නලව්ව කරන්න. 
එසේම තවද ඔබ දිනපතා බුදුන් වැඳ රාත්‍රි 10න් පසුව කොහොඹ තෙල් පහනක් කතරගම දෙවියන් උදෙසා දල්වන්න. 

● අචල වූ භක්තියකින් කිරීම ඔබගේ ප්‍රතිඵල වැඩි කිරීමට හේතු වේ. 

උන්වහන්සේට කරන දේව කන්නලව්ව අප අමතා දැනගන්න.

Iru Sewaya > Iru Astrology

භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) තැබීම(නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.
0711 345 364

No comments:

Post a Comment