Saturday, June 21, 2014

වර්ණ සංයෝජනය ගැන විස්තරය - 2

දුර අතීතයේ සිටම මනුෂ්‍යයාගේ ක්‍රියාකාරිත්වය ඇරඹුනු මුල් අවධියේ සිටම ජෝතිෂ්‍යය කටයුතු වලට නැඹුරු වූ බව අප සියලුම දෙනා දන්නා කරුණකි. එය බොහෝවිට මනුෂ්‍ය පරිණාමය සිදුවූ දාසිට වි ඇති බව නිගමනය කල හැක. ග්‍රහයන් 9 දෙනාට අයත් වර්ණ ඇත. එසේම 7 දිනට අයත් වර්ණද ඇත. මේ අතරින් ලග්න වලට හිමි වර්ණද දින වලට හිමි වර්ණද සඳහන් කිරීම අපගේ දයාබර පාඨක ඔබට මහඟු තුටු පඬුරක් යැයි අප සිතමු. 
වර්ණ උපයෝගි කරගෙන එදිනෙදා ජිවිතයෙදි සහ විශේෂ අවස්ථා වලදි ඔබට අවශ්‍ය වන ඇදුම් ආයිත්තම් සකසා ගැනීමද අද කාලයේ ව්‍යාපාරික නාම පුවරු එනම් ඩිජිටල් නාම පුවරු, ඩිජිටල් ප්‍රින්ටින් ආදියෙදි වර්ණ සමායෝජනයට උපයෝගි කරගත හැකි මෙම ලිපිය ඉතාම ප්‍රයෝජනවත් බව අපගේ මතයයි. 

සත් දිනට අයත් වර්ණයන් ගැන ලිපිය
(https://www.facebook.com/photo.php?fbid=242823409246004&set)

දැන් මා සඳහන් කරන වර්ණ සමායෝජනයෙන් පෙරකී ඇඳුම් ආයිත්තම් සහ නාම පුවරු වල වර්ණ ගැලපීමටද වාහනයක් තෝරා ගැනීමේදි වර්ණ ගලපා ගැනීමටද නිවසේ වර්ණ ගැන්වීම සහ කාර්යාලයේ වර්ණ ගැන්වීමේදීද මෙම වර්ණ ඔබගේ ලග්න 12ට අනුව සුබ වර්ණ ලෙස සඳහන් කල හැක.

_ මේෂ ලග්න අයට සුදුසු වර්ණ _

රතු පාට, තැඹිලි පාට සහ ඇත්දළ පාට සුදුසුයි. 

_ වෘෂභ ලග්න අයට සුදුසු වර්ණ _

රෝස පාට සුදු පාට ශුභ ව අතර කොළ පාටද ශුභයි. 

_ මිථුන ලග්න අයට සුදුසු වර්ණ_

කොළ පාට, ලා නිල් පාට, කහ පාට හොදයි. රතු වර්ණය ඔබට ශුභ නැත.

_ කටක ලග්න අයට සුදුසු වර්ණ_

ඇත් දළ සුදු පාට සහ කහ පාට, රතු පාට ශුභයි. මෙහිදී කොළ වර්ණය ශුභ වන්නේ නැත. 

_ සිංහ ලග්න අයට සුදුසු වර්ණ_

රතු, කොළ සහ කහ වර්ණය ශුභයි. නිල් සහ සුදු ශුභ නොවේ.

_ කන්‍යා ලග්න අයට සුදුසු වර්ණ_ 

කොළ සහ කහ වර්ණයද, ලා නිල් පාටද ශුභයි. බුධට අයත් ලග්නයක් නිසා රතු පාට හොද නැත.

_ තුලා ලග්න අයට සුදුසු වර්ණ_

දොඩම් පාට, සුදු හා රතු හොඳයි. 

_ වෘශ්චික ලග්න ඔබට සුදුසු වර්ණ_

කහ, රතු සහ ඇත්දළ පාට හොඳයි. තද නිල් පාට අත්හරින්න. 

_ ධනු ලග්න අයට සුදුසු වර්ණ_

තැඹිලි පාට, රන්වන් පැහැය, කොළ හා රතු පාට සුබයි. සුදු පාට එතරම් හොඳ නැත. 

_ මකර ලග්න ඔබට සුදුසු වර්ණ _

කොළ පාට සහ ලා නිල් පාට හොඳයි. 

_ කුම්භ ලග්න අයට සුදුසු වර්ණ_ 

තැඹිලි පාට, කහ පාට, ලා නිල් පාට හොඳයි. 

_ මීන ලග්න අයට සුදුසු වර්ණ_ 

කහ පාට සහ රතු පාට හොඳයි. නිල් පාට, තද නිල් පාට සුභ නොවේ.

* මේ ආකාරයට වර්ණ සමායෝජනය තුලින් තමාගේ එදිනෙදා කටයුතු කිරීම තමාගේ කටයුතු වලට නව ජවයක් සහ පිලිගැනීමක් සමග ආකර්ෂණයක් ඇතිවිමට අනිවාර්යෙන් හේතු වනු ඇත. 

ඔබත් ඔබගේ කටයුතු ඉහත ආකාරයට සැලසුම් කරන්න. වෙනසක් දැනේවි. 

No comments:

Post a Comment