Wednesday, June 11, 2014

වර්ණ සංයෝජනය ගැන විස්තරයක් - 1

දුර අතීතයේ සිටම මනුෂ්‍යයාගේ ක්‍රියාකාරිත්වය ඇරඹුනු මුල් අවධියේ සිටම ජෝතිෂ්‍යය කටයුතු වලට නැඹුරු වූ බව අප සියලුම දෙනා දන්නා කරුණකි.
එය බොහෝවිට මනුෂ්‍ය පරිණාමය සිදුවූ දාසිට වි ඇති බව නිගමනය කල හැක. ග්‍රහයන් 9 දෙනාට අයත් වර්ණ ඇත. එසේම 7 දිනට අයත් වර්ණද ඇත.
මේ අතරින් ලග්න වලට හිමි වර්ණද දින වලට හිමි වර්ණද සඳහන් කිරීම අපගේ දයාබර පාඨක ඔබට මහඟු තුටු පඬුරක් යැයි අප සිතමු.

වර්ණ උපයෝගි කරගෙන එදිනෙදා ජිවිතයෙදි සහ විශේෂ අවස්ථා වලදි ඔබට අවශ්‍ය වන ඇදුම් ආයිත්තම් සකසා ගැනීමද අද කාලයේ ව්‍යාපාරික නාම පුවරු එනම් ඩිජිටල් නාම පුවරු, ඩිජිටල් ප්‍රින්ටින් ආදියෙදි වර්ණ සමායෝජනයට උපයෝගි කරගත හැකි මෙම ලිපිය ඉතාම ප්‍රයෝජනවත් බව අපගේ මතයයි.

සත් දිනට අයත් වර්ණ මෙසේය.

ඉරු දින - රන්වන් පාට

සඳු දින - ඇත්දළ සුදුපාට

අඟහරුවාදා - රතු පාට

බදාදා - කොළ පාට

බ්‍රහස්පතින්දා - කහ පාට

සිකුරාදා - ලා නිල් පාට

සෙනසුරාදා - තද නිල් පාට

ඊලග ලිපියෙන්,
(දැන් වර්ණ සමායෝජනයෙන් පෙරකී ඇඳුම් ආයිත්තම් සහ නාම පුවරු වල වර්ණ ගැලපීමටද වාහනයක් තෝරා ගැනීමේදි වර්ණ ගලපා ගැනීමටද නිවසේ වර්ණ ගැන්වීම සහ කාර්යාලයේ වර්ණ ගැන්වීමේදීද මෙම වර්ණ ඔබගේ ලග්න 12ට අනුව සුබ වර්ණ ලෙස සඳහන් කල හැක)

No comments:

Post a Comment