Monday, June 9, 2014

ලගදී අධ්‍යයනය කල කේන්දර සටහන් ගැන

පසුගිය කාලයේ අධ්‍යයනය කල කේන්දර සටහන් වල බොහෝ සුබ පිහිටීම් තිබුනි.
රාජ යෝග, නීච භංග රාජයෝග පමණක් නොව පරිවර්ථන යෝග ආදියද තිබුනි.

කේන්දර සටහනේ කුමන සුභ පිහිටීම් තිබුනද ඒවා පලදීම සිදුවන්නේ නිවරදිව ඒ ගැන දැන හදුනාගෙන කටයුතු කිරීමෙනි.
ඔබට සුප්‍රසිද්ධ කතාවක් වූ “ ඉසුරු යෝගයේ“ මුතුමිණ මහතාව මතක ඇතැයි සිතමු. ඔහු කියූ පරිදි රාජ යෝග තිබුනද ඒවා පලදුන්නේ නැත. ඒවා පලදීමද විය යුතුය නැත්නම් වැඩක් නැත.

සමහර අයට යහපත් කේන්දරයක් තිබුනට වෙනත් බලපෑම් නිසා ඒවා අහිමි කරගෙන ඇත.
ඒවා අතර මූලික දෙයක් වන්නේ තමාගේ කටයුතුය.
ඊට අමතරව තමන්ට කරන හදි හූනියම් ආදියද බලපෑමට ඉඩ ඇත.
සමාජීය වටපිටාවේ ඇසුරු කරන අය නිසා තමන්ගේ දියුණුව ඇතිනොවීමට ඉඩ ඇත.
එසේම තව සමහරක් වාසනාවන්ත කේන්දර සටහන් ඇති අයට ජිවිතයේ වටිනාම කාල වලදි ගතවන්නේ අයහපත් දසාවන්ය. එවිටද කටයුතු වලට බාධා සිදුවිය හැක. අදාල පැවැත්මෙන් සහ ශාන්ති කර්ම කිරීමෙන් එම අපල තත්වයන් දුරුකර ගත යුත්තේ එබැවිනි.

හෙටින් අපල කාලය ඉවර නම් අද අපලය උග්‍රව තිබීමට ඉඩ ඇති අතර අද දිනයේ හදිසි අනතුරකින් අතක් පයක් කඩාගත්තොත් එය තව මාස 3ක් එක්තැන්වී සිටීමට හේතුවනු ඇත.
ඒනිසා කේන්දරය කුමක් වුවද ජය ලැබෙන්නේ නිසි කටයුතු නිසි ලෙස කිරීමෙනි. කළමනාකරණය යන වචනයේ තේරුමද නිසි කලට නිසි දේ කිරීමයි.

No comments:

Post a Comment