Wednesday, June 11, 2014

කුඩා දරුවන්ට බලපාන්නාවූ රතගායට බලගතු ඖෂධයක් !

අපගේ ඉරු සේවයේ අති මහත් පාඨක සමාජයේ ප්‍රබල ඉල්ලීමක් අනුව පාරම්පරික ඖෂධ ක්‍රම සදහන් කිරීමට ඉටා ගත්තෙමු. 

නමුත් පසුගිය කාල වකවානුවේදී ඇතිවූ අධික කාර්යබහුලත්වය නිසා නොහැකිවිය.

කුඩා දරුවන්ට බලපාන්නාවූ රතගායට අත්දුටු බලගතු ඖෂධයක් සඳහන් කරමි.

රත ගායට බලපාන ප්‍රධාන හේතු,

1. දරුවා කුස තුල වැඩෙන විට මවගේ ලේවල ඌෂ්ණය දරුවාට බලපෑම. 

2. ඉපදී පලමු සතියේදී දරුවාට ඇතිවන මල බද්ධය.

3. හරි ආකාරයට දරුවාගේ ආමාශය පිරිසිදු නොවීම.

4. මව්ගේ කිරි වල ඇති අධික උෂ්ණය

5. දරුවාගේ ඇඳුම් වල ඇති අපිරිසිදු බව.

මෙහි රෝග ලක්ෂණ _

රත් පැහැති සහ කුඩා බිබිලි රැසක් හට ගැනීම. එම බිබිලි වල වේදනාව නිසා දරුවා හැඩීම. ලප බිබිලි කැසීමට ලක්වීම. දහඩිය සමග දැවිල්ලක් හට ගනී. 

මෙම රත ගායට ප්‍රතිකාර මේ ආකාරයෙනි. 

* රත්මල් පොතු ලුණුවිල සමග තම්බා ග්ලුකෝස් දමා පෙවීම.

* රස කල්කය වරකට මදටිය ඇටය පමණ මව්කිරි සමග බීමට දීම.

* තවද රස කල්කය දවසට වරක් කොත්ත මල්ලි සමග පෙවීම.

* රස කල්කය ඇගේ ගෑම. 

* මව අපත්‍ය ආහාර පාන සහ උෂ්ණාධික ආහාර පාන වලින් වැලකීම. 

No comments:

Post a Comment