Sunday, June 15, 2014

අපගේ අදහස් !

* අන්තර්ජාලයේ මුහුණු පොත් සංස්කෘතියේ නව මානයන් විවර කර දෙමින් තරුණ තරුණියන් සියදිවි නසා ගැනීමට මෙය තුන්ඩුවක්ව භාවිත කරන යුගයකදී මුහුණු පොත සැබෑවටම සියලුම ජනී ජනයා අතර, විශේෂයෙන් තරුණ පරපුර අතරට මාහැඟි ඔවදන් වලින්ද සාරගර්භ ජෝතිෂය සංයුතියකින්ද සන්නද්ධව වටිනා මිලකල නොහැකි සේවයක් කරුණු වස් දිවා රෑ 2දී Iru සේවය සහ අපගේ සහෝදර wwww.rivisanda.blogspot.com, Iru Astrology ආයතනය සහ හිතෙන දේවල් - Our Feelings , අනුබද්ධිත පේජයන් හා එක්ව දූෂිත වූ යම් මුහුණු පොතේ යම් යම් තැන් නිවරදි කිරීමට උත්සහ කරමින් සිටින්නෙමු.

අප මෙම කාර්යයන්ද කරන්නේ බොහොම අසීරු තත්ව වල ඉදගෙනය.
මන්ද දිනෙන් දින මුහුණු පොතට එකතු වන වංචාකාරි, ද්වේෂකාරි සහ සමාජ විරෝධි පුද්ගලයන්ගෙන් එල්ල වන අතිමහත් කටුක ප්‍රතිරෝධතා ඉවසාගෙන මේ ගමන යන්නෙමු.
සැබෑවටම අප ආයතනයන්ට අවශ්‍ය වන්නේ පන්සිල් සුරකින සමාජයක් හා ආගම දහමට නැඹුරු වන සමාජයක්ද රටට ජාතියට ආගමට සහ අපගේ සංස්කෘතියට හිතෛශී මතු පරපුරක් මුහුණු පොත් සංස්කෘතියෙන් හෝ ප්‍රතිනිර්මාණය කිරීමටය.

එය යථාර්ථයක් කරගැනිමට අපගේ සියලුම පාඨක ජනතාව වෙත ඉතාම ගෞරවාදරයෙන් යුක්තව ඇරයුම් කරන්නෙමු.
මන්ද අද දින මෙම ලිපිය පල කිරීමට ප්‍රධානම හේතුව වන්නේ බහුතර තැනක ජෝතිෂ්‍යය නමින් බොරු වංචා ඇති බැවිනි. එසේම ජෝතිෂ්‍යය පුවත්පත් වලද වැරදි සහගත ජෝතිෂ්‍යය කරුණු අඩංගු වේ. ලංකාවේ නමගිය ජෝතිෂය පුවත්පත් වල සමහර කරුණු කාරණා විග්‍රහ කිරීමේදි බොහොමයක් වැරදි බව තේරුම් යයි.

* මා එක්තරා වැරදි ජෝතිෂ්‍යය කරුණක් සම්බන්ධව එම පත්‍රයට ලියූ ජෝතිෂ්‍යවේදියාට ඇමතුමක් ගත් අතර එම පුවත්පතේ සඳහන් වූ දෙය නම් සඳු උච්ච වූ විට ‘සස යෝගය‘ යෙදෙන බවය. මා එය එම ජෝතිෂ්‍යවේදියාගෙන් ඇසූ විට එතුමා කීවේ අනේ මහත්තයා මම ඒක කිව්වෙ ‘යස යෝගය‘ කියල. නමුත් මෙයාල වැරදියට කරලා ප්‍රින්ටින් මිස්ටේක් එකක් නිසා සස කියල ඇවිල්ල කියල.
මා වැඩිදුර සාකච්ඡා කල විට ඔහු දුන් පිලිතුර මෙයයි,
“ අනේ මහත්තයා අපි ඒ තරම ප්‍රසිද්ධ අය නෙමෙයි. ඒත් අපි කේන්දර බලන්න දන්නවා. ඒත් ඔය පත්තරයේ සිටින කතෘවරුන් තැන ගන්න දෙන්නේ 2ක් 3ක්ට විතරයි. ආධුනික කෙනෙක් හෝ ප්‍රවීණ කෙනෙක් යම් ලිපියක් දැම්මොත් එයාල ඒක උවමනාවෙන්ම වරද්දනවා. මෙයාල මේක කරන්නේ අපිව පත්තරයෙන් කොන් කරල දාන්න. එයාලගේ ඒව හරියට ලියනව“.
මා සැබවින්ම බොහෝ කම්පා වුනෙමි.
තවත් ජෝතිෂශාස්ත්‍රඥයෙක්ට ජනමාධ්‍ය වලින්ම මෙසේ කෙනෙහිලිකම් කරන්නේ නම් අපගේ ජනතාවට කුමක් සිදුවේද ?

එය මට හැගුනු බොහෝ සංවේදි කාරණාවකි. එසේම අන්තර්ජාලයේ මුහුණු පොත තුලද නොයෙක් ආකාරයේ විශේෂයෙන්ම මෑතක සිට දේශීයව සහ ඉන්දියානු ව්‍යාජ සාමිලා ලංකාවේ අපගෙන් ලයික් හිඟා කෑමට පටන් අරගෙන ඇත.
ඔවුන්ට මුදල් ගෙවිය යුත්තේ ක්‍රෙඩිට් කාඩ් වලිනි.

විවිධ නම් වලින් පෙනී සිටින ඊනියා ජෝතිෂවේදින් කිසිම සංවරකමක් නැතිව කාන්තා පාර්ශව වලින් ආදරය ඉල්ලීමට ව්‍යංගයෙන් කටයුතු කරයි. ඒ සම්බන්ධයෙන් කල්පනා කරන විටද ඇතිවන්නේ මහත් සංවේගයකි.

මේ සමාජ දූෂණ රැල්ල නැති කිරීමට අප ගන්නා උත්සාහයට ඔබගේ ආශිර්වාදය ලබාදෙනුඇතැයි අපි අපගේ වටිනා පාඨකයන්ගෙන් බලාපොරොත්තු වෙමු.

තවද මේ සියල්ලම සඳහන් කිරීමේදී පුරාණ අතීතයේ කවි පද 4ක් මට සිතුනේ නිතැත්තෙනි.

“ බළලා නැති ගෙදර මීයා තනිමතයා ...
දිවියා නැති වනේ ගවයා හිතුමතයා...
සැමියා නැති ගෙදර අනෙකෙක් රතිමතයා...
ලූලා නැති වලට කනයා පණ්ඩිතයා....

_ කිසිවෙකුට යෙදූ ඇනුම් පදයක් නොවන බව විශේෂයෙන් සඳහන් කරමු_

තෙරුවන් සරණයි !

No comments:

Post a Comment