Monday, June 30, 2014

සතියේ ලග්න පලාපලය - ජුනි 30 සිට

● මේෂ ලග්නය
සුබදායකය.
අතිමහත් දුෂ්කරතා හමුවේ ඔබ පෙරට යනු ඇත. විසේසයෙන්ම හෝටල්, ජලය ආශ්‍රිත කටයුතු කරන අයට, දේපල වෙලදාම් කරන අයටද සාර්ථක සතියකි. ‍
එසේම ඔබට විවිධ කටයුතු වලින් ආදායම් මාර්ග සාක්ෂාත් වනු ඇත. රැකියා කරන අයටද සුබයි.
ගෘහ ජීවිතය වාසනාවන්ත ලෙස ගතවේ.
ගෙදරට අලුත් බඩු මුට්ටු මිලදී ගැනීමට පුලුවනි.
සෞඛ්‍ය ගැටළු ප්‍රබලව නැත. සෙම් අමාරු, වාත අමාරු ගැන සැලකිලිමත් වන්න.

● වෘෂභ ලග්නය
ශුභාශුභ මිශ්‍ර පල සතියකි.
ආර්ථික තත්වය ගැන විසේසයෙන් බිය විය යුතු නැත. රැකියාවල නියුතු අයටද එසේම ව්‍යාපාරිකයන්ටද සුබ සතියකි. වර්තමානයෙදි ලග්නය මාලවි යෝග බලයෙන් සන්නද්ධ නිසා ප්‍රබල ගැටළු නොමැත.
ගෘහ ජිවිතයද ප්‍රීතියෙන් ගත කිරිමට පුලුවන. නමුත් වැඩිමල් පිරිමි දරුවාට සම්බන්ධවය යම් ගැටළු ඇතිවිමට පුලුවන.
සෞඛ්‍ය තත්වයේ උදරාබාධ ගැන විමසිලිමත් වන්න. ගැබිණි මව්වරුන් පරිස්සමින් කටයුතු කරන්න.

● මිථුන ලග්නය
ශුභදායක සතියකි.
නුවණ මෙහෙයවා කටයුතු කරන අයට ආර්ථික වශයෙන් වාසිදායකය. ව්‍යාපාරික කටයුතු කරන අයට අලුත් තාක්ෂණික දැනුම මගින් වෙලදාමේ යම් යම් අඩුපාඩු මගහරවා ගත හැක.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගත වන්නේ ගුරු බලවත්ව ධනයෝගයක් ක්‍රියාත්මක වන බැවිනි. එසේම නඩුහබ ආදිය තිබෙන අයගේ එම ගැටළුද ක්‍රමානුකූලව නිරාකරණය වී යනු ඇත.
ප්‍රබල සෞඛ්‍ය ගැටළු නැත. උදාරාබාධ සහ අසාත්මිකතා ගැන බලන්න.

● කටක ලග්නය
ශුභ සතියකි.
මේ සතිය වාසනාවන්තව ගත වන්නේ ලග්නයට පැමිණි ගුරුගේ ආශිර්වාදය නිබඳව ලැබෙන බැවිනි. තමාගේ හොඳ හිත සහ හොඳ නම නිසා ආර්ථික, සමාජීය වාසි ඇතිවේ. ආරවුල් සහ ගැටළු මතු නොමවේ.
ගෘහ ජිවිතය වාසනාවන්තව ගතවේ. භූමි ලාභ ගැටළු තිබු අයට අනාගතයෙදි ඒවා නිරාකරණයට දැන් කටයුතු කාරණා යෙදේ. එසේම පපුවේ දැවිල්ල සහ ගෑස්ටික් අමාරු ගැන බලාගන්න.

● සිංහ ලග්නය
මේ සතිය තරමක අභියෝගාත්මක සතියකි.
මුදල් හදල් ගැවසෙන්නේ බොහොම අල්පවය. කරන ආයෝජන ගඟට කැපූ ඉනිමෙන් නිෂ්ඵල විය හැක. රු. 10 වියදම් කරන තැනට 1000ක් වියදම් කරන්නට සිදුවේ. සුබ තත්වයක් නම් නැති බව කිවයුතුය. එහෙත් බුද්ධියෙන් කටයුතු කර ඒවා පරාජය කල හැක.
ගෘහ ජිවිතයේ ගැටළු නැති වුවද වියදම් අධික වීම ආරවුල් ඇතිවිමට හේතු විය හැක.
දන්තාබාධ, හිසේ කැක්කුම් සෞඛ්‍ය ගැටළු ලෙස කිව හැක.

● කන්‍යා ලග්නය
වාසිදායක සතියකි.
විසේසයෙන්ම සමාජ කටයුතු, බ්‍රෝකර් වැඩ, නියෝජිත ධූර, වෙලදාම්, රැකියාවට සමගාමිව ව්‍යාපාර කරන අයට ඉතාම සුබපල දායකයි. ආර්ථිකය දියුණු වේ.
සහෝදරයන්ගෙන් ඥාතින්ගෙන්, ප්‍රධානීන්ගේන් දියුණුවට උදව් ලැබේ.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වුවද සෙනසුරුගේ හා රාහුගේ බලපෑම මත වචනය නිසා ගැටුම් ඇතිවිමට ඉඩ ඇත, පරිස්සම් වන්න.
සෞඛ්‍ය ගැටළු ඇතිවන්නේ තදබල හිසේ කැක්කුම ආදියෙනි. ඉරුවාරදය තිබෙන අය ඒ ගැන විසේස සැලකිල්ලක් දක්වන්න.

● තුලා ලග්නය
ශුභාශුභ මිශ්‍රපලයි.
ආර්ථික වාසි ලැබේ. එසේම ඒවා වියදම් වීමටත් කරුණු කාරණා යෙදේ. මුදල් හම්බ කිරිමට ගොස් නීතිමය ගැටළු ඇතිවිය හැකි නිසා ව්‍යාපාර කරන අය නෛතික රාමුව තුල ආරක්ෂාවිම යහපති.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි වේ. හොදකුත් නැත, නරකකුත් නැත.
හිසේ බරගතිය සහ හිස කැක්කුම ඇතිවිමට හැක.

● වෘශ්චික ලග්නය
ශුභ සතියකි.
කාලාන්තරයක් තිබූ ප්‍රශ්න නිරාකරණය වී ඔබට සෙතක් ශාන්තියක් අත්වනු ඇත. ඔබට දේවකරුණාව සහ පිහිටාරක්ෂාව නිරන්තරයෙන්ම හිමිවේ.
සතිය මැදදී අලුත් ආදායම් මාර්ග හිමිවේ. එසේම ව්‍යාපාරික කටයුතු කරන අයට, නාවුක කටයුතු කරන අයටද වාසනාවන්ත සතියකි.
ප්‍රීතියෙන් ගෘහ ජිවිතය ගත වේ. ප්‍රබල ගැටළු නොමැත.
පාදාශ්‍රිත රෝග සහ ඇ‍ඟේ උෂ්ණය ගැන සැලකිලිමත් වන්න. කේතු මහ දසා ගත කරන අය විසේසයෙන්ම පරිස්සම් වන්න.

● ධනු ලග්නය
සමඵල සතියකි.
මා එසේ පැවසූවේ සතියේ මුල් දින 2ක මත චන්ද්‍ර චාරය අනුවයි. යහපත් නොවන නිසාය.
මුදල් ලැබීම අතින් බොහෝම ගැටළුකාරියි. නමුත් සතිය මැදදී මේවා පාලනය වී යහපත සහනය උදාවේ.
ගෘහ ජීවිතය තුල සාමාන්‍ය පරිදි කටයුතු කරගැනීමට පුලුවන.
උදාරාබාධ සහ ආහාර නොදිරවන රෝග ගැනද සෙම් කෝපවිමෙන් ඇතිවන රෝග ගැනද සැලකිලිමත් වන්න.

● මකර ලග්නය
මිශ්‍රපල සතියකි.
සතිය මුලදී ඇතිවන ආර්ථික දියුණුව සතිය මැදදී ඔබගෙන් ගිලිහී යාමට පුලුවන. ණය දුන් අය තමාට නොදීම නිසා ඒ අය සමග හිත් අමනාපවීම් ඇතිවිමට ඉඩ ඇත. ඒ ගැන කල්පනාවෙන් කටයුතු කල යුතුයි.
ගෘහ ජීවිතයෙදි සාමාන්‍ය පරිදි කටයුතු වේ.
සතිය මුලදී අවිවාහක අයට මංගල යෝග ඇතිවේ. පෙම් සබදතා ස්ථිර වේ. බොහෝවිට ඒවාට වැඩිහිටියන්ගේ ආශිර්වාදය ලැබිමට ඉඩ ඇත.
ප්‍රබල සෞඛ්‍ය ගැටළු නොවුනද සතිය මැදදි සෙම් කෝපවීම, සෙම් අමාරු, හන්දි වල වේදනා ඇතිවිය හැක.
* විසේසයෙන්ම පාසල් යන වයසේ දරුවන් අධ්‍යාපන චාරිකා වලදී වතුරින් පරිස්සම් කරගැනිම යහපත්ය.

● කුම්භ ලග්නය
සදුගේ ගමන 6වැන්නේ සිදුවන සතියේ මුල් කොටස ඉතා අයහපත්ය.
ඔබට හවුලේ වැඩ කටයුතු කිරීමෙන් පාඩු සිදුවේ. එම පාර්ශව සමග ගැටුම් ඇතිවිමෙන් ලැබිය යුතු ආදායම් අඩුවේ. ව්‍යාපාර හා රැකියා කරන අයටද යම් අපහසුතාවයක් සතියේ මුලදි දැනෙනු ඇත.
ගෘහ ජිවිතයේ එතරම් කරදරයක් නොමැත.
සෞඛ්‍ය ගැටළු ලෙස පපුවේ දැවිල්ල සහ ලේ කෝපවීම්, කුජ 8 නිසා ශල්‍යකර්ම කල අය පරිස්සම් වීමද, උදරාබාධද ජලය මගින් ඇතිවිය හැකි රෝග වලින් ආරක්ෂා විමද ඉතාම යහපත්ය.

● මීන ලග්නය
ශුභාශුභ මිශ්‍රපලයි.
සතිය මුලදී ඇති වාසනාව සතිය මැදදී යම්කිසි ආකාරයකට ගිලිහී යාමක් දක්නට ලැබේ. ආර්ථික වශයෙන් ඔබ ශක්තිමත්වීමට නම් රැවටිලිකාරයන්ගෙන් ඇත්විය යුතුය, ඒ අය තේරුම් ගත යුතුය. මන්ද 6 වැන්නට සඳු පැමිණි විට ඔබට ව්‍යාපාර වලින් විසේසයෙන්ම අලාභ-හානි ඇතිවිමටද ගැටුම් ඇතිවිමටද පුලුවන.
රැකියාවල නියුතු අයට මේ තත්වය එතරම්ම බල නොපායි.
ගෘහ ජිවිතයේ ප්‍රබල වෙනසක් නොවුවත් දරුවන් වෙනුවෙන් යම් දෙයක් කරගැනිමට හැකි බව විසේසයෙන් කිව යුතුය.
සෞඛ්‍ය තත්වය ගැන විමසීමෙදි උෂ්ණාධික රෝග ගැන පරිස්සම් වන්න. සෙම් අමාරු ගැනද පරිස්සම් වන්න.

#ඉරුසේවය = Iru Astrology

භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) තැබීම(නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න. 
0711 345 364

No comments:

Post a Comment