Monday, June 23, 2014

සතියේ ලග්න පලාපලය (ජුනි 23 සිට)

• මේෂ
ශුභාශුභ මිශ්‍ර සතියකි.
රැකියා වල නියුතු අයට උසස් වීම් ලැබේ. රැකියාවේ බාධා නැතිවේ. ව්‍යාපාරිකයන්ට ව්‍යාපාරික ස්ථාන වලට අවශ්‍ය කරන නවීන උපකරණ මිලදි ගැනිමට හැකිවේ.
ඉගෙන ගන්නා දරුවන්ටද බොහෝ හොදයි. තරග විභාග වලින් ජය ලබයි.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගත වේ. විසේසයෙන්ම නිවසට අවශ්‍ය කරන අලුත් බඩුමුට්ටු ලැබේ. එසේම අඹුසැමි ප්‍රීතිය වර්ධනය වේ. විවාහ අපේක්ෂිත අයට මංගල යෝග උදාවේ.
සෞඛ්‍ය තත්වයේ නම් තරමක දුර්වලතා ඇත. උදරාබාධ සහ ජලය හිගකම ඇතිවිමෙන් වන රෝග වලින් පරිස්සම් වන්න. 

• වෘෂභ 
එතරම්ම කිවයුතු සුභ පලයක් නොමැත.
ආර්ථික තත්වයේ එතරම් වාසිදායක බවක් නැත. නිස්කාරණයේ මුදල් වැයවීමට සතිය මුලදී හේතුයි. 
සතිය මැදදි මේ තත්වය වෙනස්වෙයි. අලුත් ආදායම් මාර්ග ලැබේ. රැකියාවල නියුතු අය කට පරිස්සම් කරගන්න. උසස් ප්‍රධානින්ගෙන් බැණුම් මෙන්ම යම්කිසි දුෂ්කරතා වලට ලක්විමට ඉඩ ඇත.
ගෘහ ජිවිතයේ එතරම් ප්‍රශ්න නැති උනත් ගේදොර අගහිගකම් ඇතිවිමට ඉඩ ඇත. ඒ මගින් අඹුසැමි දෙදෙනාගේ සමගියට බාධා එල්ලවිය හැක. 
වෘෂභ ලග්නයේ ගර්භණී මාතාවන් තමාගේ යටි බඩ, එසේම ප්‍රජනන සෞඛය විසේසයෙන් ආරක්ෂා කරගැනිම වටී.

• මිථුන
බොහෝ වාසනාවන්ත සතියකි. 
ගුරු මාරුවත් සමග බොහෝ සතුටින් සිටීමට පුලුවන. ආර්ථික වාසි මුදල් ලැබිම් ඇත. අලුත් ඥාතින්, මිතුරන් හිතවතුන් මුණ ගැසේ.
ව්‍යාපාරිකයන්ට හා සියලුම ක්ෂෙත්‍ර වල අයට සුබයි. 
ගෘහ ජිවිතයෙදි තමාට අවශ්‍ය කරන සියලුම උපකරණ ලැබේ. එසේම අඹුසැමි ප්‍රීතිය ඇතිවේ. විවාහ අපේක්ෂිත අයට මංගල යෝග උදාවේ. පෙම් සබදතා ස්ථිර වේ. සිත ප්‍රීතියෙන් පිරෙන කාලයකි. 
සෞඛ්‍ය ගැටළු නොමැත. නිදන්ගත රෝග ඇති අය ඒවා පාලනය කරගන්න. අධික සැප සම්පත් වැළදිම නිසා රෝගාබාධ ඇතිවිමට පුලුවන.

• කටක 
මේ සතිය සුබදායකයි.
තමාගේ ගුණයහපත්කම ඉස්මතුවී පෙනෙන අතර තමන්ට එය ඉතාම හිතටද හොදයි. 
රැකි රක්ෂා බලාපොරොත්තුවෙන් සිටින අයට ඒ රැකියා ලැබෙන අතර ජලය ආශ්‍රිත කටයුතු කරන අයට වාසි අත්වේ. විදෙස්ගත අයටද මේ කාලය සුබයි. එසේම නිවසින් පිට ගතකිරීමට ඉඩ ඇතිමුත් ආර්ථික වාසි ලැබේ. 
ප්‍රබල සෞඛ්‍ය දෝෂ නොමැත. නමුත් අත් පා වල දැවිලි, ගැස්ට්‍රයිටීස් ආදි රෝග වැලදීමට ඉඩ ඇත.

• සිංහ
මේ සතිය ශුභපලදායක බව කිව යුතුයි. 
සඳුගේ පිහිටිම අනුව, දේව භක්තිය හා ආගමික භක්තිය ඇතිවේ. විශේෂ ආර්ථික අපහසුතා වලට පත් නොවේ. උත්සාහයෙන් උනන්දුවෙන් ධනය හම්බ කිරීමට පුලුවන. 
රැකි රක්ෂා වල ප්‍රබල ගැටළු නොමැත. රැකියා බලාපොරොත්තු වන අයට සතිය මැදදි රැකියාවන් ලැබේ. 
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගතවන අතර අඹුසැමි සබදතා ශක්තිමත් වේ. පවුලේ සාමාජිකයන්ට මුදල් වැයකිරීමට පසුබට නොවේ. 
ප්‍රබල සෞඛය ගැටළු නොමැත. උෂ්ණාධික රෝගාබාධ සහ සෙම් ගෙඩි ආදියෙන් පරිස්සම් වන්න.

• කන්‍යා 
සතියේ මුල් කොටස ගතවන්නෙ තරමක ව්‍යාකූල ස්වභාවයෙනි.
අයස්ථානාධිපති සඳු 8 පිහිටිම නිසා මුදල් අවහිරකම් සහ කරන කියන කටයුතු වලින් පාඩු ඇතිවිමට ඉඩ ඇත. ඒ කියන්නෙ සතිය මුලදි ඔබට මුදල් අගහිගමක් ඇතිවිමට ඉඩ ඇත. සතිය මධ්‍යය කාලයෙදි මේ තත්වය පහව යයි.
සතිය මැද සිට රැකියා කරන අයටද හොදයි. ඉගෙන ගන්නා දරුවන් විභාග වලින් සමත් වේ. එසේම සතිය මැදදී හිතවතෙක්ගෙන් ඥාතියෙකුගේ උදව්වෙන් යම්කිසි නිමකර ගැනීමට පුලුවන.
ගෘහ ජිවිතය තුල ප්‍රීතිය සමාදානය සතුට ඇතිවේ. ඒවා වලට බාධා නැත.
සෞඛ්‍ය තත්වය හිසේ කැක්කුම සහ ලේ කෝපවීම්, ඉරුවාරදය ආදියෙන් පරිස්සම් වන්න. 

• තුලා
එතරම් සුබ යැයි කීමට නොහැක. 
ආර්ථික අපහසුතා ඇතිවේ. කලබලකාරි බව සහ මේ සතිය ඔබට පාඩු සිදුවීමට ඉඩ ඇත. විදේශ ගතවී සිටින අයට නම් එතරම් ප්‍රශ්නයක් නොවේ. 
ගෘහ ජිවිතයේ සාමාන්‍ය සමාදානය ඇත. නමුත් ගැටුම් සහ බහින්බස්වීම් දුරදිග නොගෙන යාමට ඔබ වගබලා ගත යුතුය. ඒ ගැන විසේස සැලකිල්ලෙන් පසුවන්න. 
සෞඛ්‍ය තත්වයේ හිසේ අමාරු සහ, කලකිරිම්, වේදනාව දුක ආදිය ගැන සැලකිලිමත් වන්න.

• වෘශ්චික
මේ සතියේ මුල් කොටස තරමක අවාසි සහගතයි.
සතුරු කරදර සහ පීඩා ඇතිවිමට ඉඩ ඇත. ඒ ගැන විමසිල්ලෙන් පසුවන්න. 
ව්‍යාපාරික සහ විවිධ වෘත්තින් වල නියුතු අයට මේ සතිය මධ්‍ය කාලයේ බොහෝ වාසනාවන්තයි. රැකියා වල නියුතු අයට ප්‍රධානින්ගෙන් ගරු සම්මාන ලැබීම, අලුත් වගකීම් සහිතව වැටුප් වර්ධක ලැබිම සිදුවේ. 
කෙසේ වෙතත් ජිවිතය ප්‍රීතියෙන් ගත වේ. 
ගෘහ ජිවිතය තුල තම අඹුසැමි ප්‍රීතිය වර්ධනය වන්නෙ 7 වැන්නේ සිකුරු සිටින නිසාය. එමනිසා දෙදෙනා අතර කායික ආශාවන් සපුරා ගැනිමට බොහෝ ඉඩකඩ ලැබේ. 
සෙම් අමාරු සහ බඩේ අජීර්ණ ගැන පරිස්සම් වන්න.

• ධනු
වාසනාවන්ත සතියකි. 
රැකියා කරන අයට සහ ව්‍යාපාරික අංශයේ අයට හොදයි. හවුල් වයාපාර කරන අයගේ දියුණුව වැඩිවේ. ඔබ කෙසේ වෙතත් ඉතාම සුපිරි අයුරින් තමාගේ වැඩකටයුතු මේ කාලයෙ ඇතිවු ග්‍රහ මාරු සමග ඉදිරියට ගෙනයයි. 
ඉගෙන ගන්නා දරුවන්ටද තරග විභාග වලින් සමත්විමට ප්‍රබල හැකියාවක් ඇත.
විදෙස් ගතව සිටින අයට හොදයි. 
අඹුසැමි ප්‍රීතිය වර්ධනය වේ. 
ආහාර අජීර්ණ රෝගාබාධ සහ යක්ෂ භූත ප්‍රේත භය ආදිය ඇතිවිමට ඉඩ ඇත.

• මකර
සුභ සතියකි. 
නිවසේ ප්‍රීති උත්සව පැවැත්වේ. ධන ධාන්‍ය තත්වය වර්ධනය වන්නේ නිරායාසයෙන්ය. විදෙස් රැකියා වල නියුතු අයටද ක්ෂෙත්‍ර වල ඇවිදිමින් රස්සා කරන අයටද සුබයි, නව පිලිගැනීම් ඇතිවේ. 
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගත වන අතර, හවුල් ව්‍යාපාර කරන අයටද මේ කාලය හොදයි. අඹුසැමි ප්‍රීතිය වර්ධනය වේ. දරුවන් බලාපොරොත්තු වන අයට දරුවන් ලැබේ. 
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැති වුවත් සෙම් අමාරු සහ උෂ්ණාධික රෝගාබාධ ගැන විමසිල්ලෙන් පසුවන්න.

• කුම්භ
ශුභපලදායක සතියකි. 
රැකියාවේ ප්‍රබල ගැටළු නොමැති වුවත් බුද්ධිමත්ව සහ ඉවසීමෙන් කටයුතු කරන්න. ව්‍යාපාරික ක්සෙත්‍රයේ සිටින අයට හොදයි. කුම්භ ලග්න දරුවන් විභාග ආදියෙන් සමත්වීම සහ විදෙස් ගත අධ්‍යාපන කටයුතු වල යෙදෙන්නේ නම් ඒ කටයුතු සඵල කරගත හැක. 
ගෘහ ජිවිතයේ ප්‍රබල ගැටළු ඇති නොවේ. 
පපුවේ සෙම් ගතිය ගැන විමසිලිමත් වන්න සහ ශල්‍ය කර්ම වලට භාජනය වි ඇති අය ඒ තුවාල ගැන විසේසයෙන් සැලකිලිමත් වන්න.

• මීන 
ශුභ සතියකි. 
ධන ධාන්‍ය තත්වය අයහපත් නොවේ.
ඉගෙන ගන්නා දරුවන්ට විසේසයෙන් මේ සතිය සුබයි. ජලය ආශ්‍රිතව කටයුතු කරන අයටද මේ සතිය සුබයි. 
ලග්නාධිපති ගුරු උච්ච වූ මේ කාලයේ පවුලේ සාමාජිකයන්ට ජය ලැබෙන සුබ කාලයකි. දරුවන්ටද ඉතාම හොදයි. එසේම අඟහරු 7 වැන්නේ සිටින බැවින් සහකරු හා සහකාරිය අතර අන්නෝන්‍ය අවබෝධය පවත්වා ගැනිම අවශ්‍යයි. 
සෞඛ්‍ය තත්වය ගත්කල සෙම් රෝග ගැන විසේස අවධානයෙන් සිටින්න.

No comments:

Post a Comment