Tuesday, June 17, 2014

අනාගතයේ ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂෙත්‍රයේ බැබලෙන නායකයෙක්ගේ කේන්දර සටහන _

* දේශපාලනය යනු බොහෝ සංකීර්ණ මාතෘකාවකි. එහි මූලික පදනම වන්නේ ජනතාව තුලින් ඉස්මතු වීමය. ශ්‍රී ලාංකික දේශපාලනය කෙරේ බැලූ කල අපගේ රට පාලනය කලඅතීත නායකයන් දෙස බැලූ කල විවිධාකාර මානව හිතවාදී චරිත දකින්නට ලැබී ඇත. 

අප ඒවා නම් වශයෙන් සදහන් කිරීමේදී මහාමාන්‍ය ඩී.ඇස් සේනානායක, ඩඩ්ලි සේනානායක, එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක, සිරිමාවෝ බණ්ඩාරනායක, ජේ ආර් ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, චන්ද්‍රිකා කුමාරතුංග, රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ මේ ආදි ජන නායකයන් එදා මෙදාතුර ශ්‍රී ලංකාව පාලනය කර ඇත. 

මේ අපගේ රට පාලනය කල මේ සියලු ජන නායකයන් එතුමන්ලාගේ සහ එතුමියන්ලාගේ යම්කිසි දේශපාලන න්‍යාය පත්‍රයන් සහ අනන්‍යතාවයන් නිසා විවිධ කාලවලදී ජනතාවගේ ප්‍රසාදය මගින් සිංහාසනාරූඪවී ඇත. 
එසේම එම සියලුම ජනනායකයන් ඔවුන්ගේ දක්ෂතාවයන් අනුව කුමක් හෝ දෙයක් රට දැයට සේවයක් ඉෂ්ඨ කර ඇත. 

* මා දැන් සදහන් කරන්නේ අනාගතයේ දේශපාලන ක්ෂෙත්‍රය තුල බැබලෙන තාරකාවක් බඳු ජන්ම පත්‍රයක් හිමි පුත්‍ර රත්නයක් ගැන විග්‍රහයක් ගෙන ඒමටය.

● මේ ජන්ම පත්‍රය හිමි පුත් කුමරු උප්පත්තිය ලබාඇත්තේ 1998 ජනවාරි 01ය. 
බ්‍රහස්පතින්දා දිනක එකල පැවති නව සංශෝධිත වෙලාවෙන් උදේ 9.24ට ඉතාම වැදගත් දෙමාපියන්ට දාව අම්පාර ප්‍රදේශයෙදි උප්පත්තිය ලැබූ මේ කුමරු පරම්පරාගතව දේශපාලනයට නෑකම් කියන පරපුරකින් පැවත එන්නෙකි. 

● මේ දරුවා උපත ලබා ඇත්තේ ශනි හිමි මකර ලග්නයෙනි. 
ලග්නයේ කුජ, ගුරු, සඳු, සිකුරු යෝගය පිහිටා ඇත. කේතු ධනස්ථානය වන 2 වැන්නේ වන අතර සෙනසුරු වික්‍රමස්ථානය වූ 3වැන්නේය. 
රාහු 8 වැන්නේ පිහිටා සිටින අතර බුද 11ද රවි 12 වැන්න වූ ධනුවේද පිහිටා ඇත.

● මේ දරුවා අඩි 6කට ආසන්න උසකට හිමිකම් කියයි. ලග්නයේ බලගතු චතුර්ග්‍රහ යෝගයක් පිහිටා ඇත. 

● * එසේම මේ දරුවා නීච භංග රාජයෝගයක්ද සහිතව උපත ලබා ඇත. 
● මෙහි ඇති අති සුවිශේෂි ග්‍රහ සංකලනය නම් 7 වැන්නාධිපති සඳු ලග්නගතව(1) පිහිටීම, එම සඳු බලගතු සුවණ නැකතේ ගමන් කිරීම, ලග්නයට වැදගත්ම ග්‍රහ තාරකාව වන සිකුරු ග්‍රහයා කේන්දර ගතවී ලග්නගත වීම 

● එසේම දේශපාලනයට සහ පරිපාලනයට සහ සංවිධාන ශක්තියට අවශ්‍ය වන්නාවූ අගහරු/කුජ උච්ච වීම, එම කුජ ගුරු සමග යෝගවීම. ප්‍රබලම ග්‍රහ සාධක සංයෝගයකි.

● මේ ග්‍රහ යෝගය නිසා මේ දරුවා විදුහලේද කීර්තිමත් ශිෂ්‍යයෙකි. දේශපාලනයට අවශ්‍ය කරන සංවිධාන ශක්තිය මේ දරුවා තුලින් ගම්‍ය වේ. 
එසේම පෞද්ගලිකව දන්නා හඳුනන පරිදි මේ දරුවා දැනටම වත්පොහොසත්කම් වලින් අනූන දරුවෙකි. 

● එහෙත් මොහු තැලෙන පෑගෙන පීඩිත පන්තියේ අය සමග ආශ්‍රය කර ඔවුන්ට හැකි පමණ උදව් උපකාර කරමින් සිටී. 
● චාම් සරල නිහතමානි දරුවෙකි. එසේම බුද ග්‍රහයා 11 වැන්නේ තැන්පත්වීම නිසා අතිමහත් ජනප්‍රසාදයක් සමග බහුතර ජනතාවක් ආශ්‍රය කරයි. ජනප්‍රිය පුද්ගලයෙකි. 
ශ්ලෝකයකට අනුව බුද 11 මෙසේ පවසා ඇත.
“ අයස්ථාන ලැබුවොත් බුද වමිනා
සියස්ථාන ලැබ සුපිරි සමානා “ 

● එසේම මේ දරුවාගේ රවි 12 සිටීම නිසා තැලෙන පෑගෙන අතිමහත් සමාජ ස්ථරය වෙනුවෙන් තමාගේ කාලය ධනය ශ්‍රමය වැය කරයි. 

● දැන් බලමු නැකත සම්බන්ධව.
සුවණ නැකතින් උපත ලබා ඇත. අපගේ පෙර ප්‍රසිද්ධ අයගේ හඳහන් බැලීමෙදි සුවණ නැකත ගැන අප සදහන් කර ඇත්තෙමු. ශාරුක් ඛාන් සහ රජිනි කාන්ත් යන අය සුවණ නැකතින් උපත ලබා ඇත. 
මේ නැකත වඳුරු යෝනියට අයත් වන බැවින් මේ අය දිවා රෑ ක්‍රියාශීලිව කටයුතු කරයි. මේ දරුවාට අවු. 29 වනවිට ගුරු මහ දසාව ලබයි. 
නීච භංග රාජ යෝගයක් සමග පිහිටා ඇති ගුරු මේ දරුවාව අනිවාර්යෙන්ම දේශපාලනයට යොමු කරන බව මාගේ විශ්වාසයයි. 

● එසේම මේ දරුවාට 2019 ආසන්න වනවිට ප්‍රාදේශිය දේශපාලනය තුලින් දේශපාලනයට ඒමට යම්කිසි පෙළඹීමක් වන බව මාගේ ඒකායන විශ්වාසයයි.

● කුමක් හෝ පක්ෂයකින් දේශපාලනයට මෙවන් කේන්දර හිමි අය පැමිණියොත් සැබවින්ම ජනතාව වාසනාවන්ත වන බව කිව යුතුය. 

** මේ දරුවා සැබවින්ම මානව හිතවාදී දරුවෙකි. මොහුට අනාගතයට ශුභාශිංසන එක් කරමින් මේ ලිපිය අවසන් කරමි. 

ඔබගේ කේන්දරයේ, දරුවන්ගෙ කේන්දරය තුල මෙවන් ග්‍රහ පිහිටිම් ඇත්ද බලන්න. ඇත්නම් ඔබටත් මෙම වාසනාව කෙදිනක හෝ හිමි වේවි. 

තෙරුවන් සරණයි !

Iru පර්යේෂණ අංශයේ වැඩක් !

No comments:

Post a Comment