Sunday, June 1, 2014

~ සතියේ ලග්න පලාපලය - ජුනි 2 සිට

මේෂ
ඔබට මේ සතිය තරමක් ශුභපලදායක බව කිව යුතුය.
ආර්ථික තත්වය යහපත් වන අතර සහෝදර සහෝදරියන් මාර්ගයෙන් හෝ තමාගේ විශේෂ දක්ෂතා උපයෝගි කරගෙන අලුත් ආදායම් මාර්ග සෙවීමට සහ ලැබීමට හේතුවන සතියක්ය. විශේෂයෙන්ම ජලය ආශ්‍රිත රැකියා, විදේස ගත කටයුතු සහ සන්නිවේදන කටයුතු කරන, අන්තර්ජාලයේ කටයුතු කරන අයට සුභ දායක සතියකි.
ගෘහ ජීවිතයේ මෙතෙක් කල් පැවති යම් යම් ගැටළු නිරාකරණය වේ. අඹු සැමියන් අතර යම් සමගි සමාදානයක් ගොඩ නැගේ. ගෙදර දොරට නව බඩුමුට්ටු ලැබෙන කාලයකි. දරුවන් බලාපොරොත්තුවෙන් සිටින මේෂ ලග්න හිමි ගර්භණී මව්වරුන්ට මේ සතිය මැදදි වාසනාවන්ත දරු උපත් ඇතිවේ.
ගැහැණු දරුවන් ලැබේ.

වෘෂභ
යහපත් සතියකි.
මේ සතිය ඔබට දුර ගමන් යෙදෙන සතියකි. දුරබැහැර ගමන් හේතු කරගෙන යම්කිසි විශේෂ ලාබ ප්‍රයෝජන ලැබීමේ වාසනාව ඇත. එමගින් ආදායම ලැබේ.
ගෘහ ජීවිතය ප්‍රීතිමත්ව ගත වේ. දරුවන් සම්බන්ද කටයුතු වලදි යම් කිසි ප්‍රවේසමකින් වැඩ කල යුතුය.
සෞඛ්‍ය
උදාරාබාධ සහ පාද වල කැක්කුම් ඇතිවේ. ඒ ගැන සැලකිලිමත් වන්න.
ගර්භණී මාතාවන් තමාගේ සෞඛ්‍ය තත්වය සම්බන්ධව නිතරම සැලකිල්ලෙන් සිටිම හොදයි.

මිථුන
මේ සතිය ඔබට වාසනාවන්ත සතියකි.
ආර්ථිකය පෙර තිබූ ආකාරයටම නොවෙනස්ව පවතී. ඔබට ගුරුගේ ග්‍රහ ගමන 2වැන්නට පැමිණීමට ආසන්න නිසා දවසින් දවස ඔබ යම් කිසි ධනාත්මක තත්වයකට යනවා මිසක් වෙන අයහපත් ග්‍රහ බලපෑම් ඇති නොවන බව විශ්වාසයි.
සියලුම ක්ෂෙත්‍ර වල රැකියා, ව්‍යාපාර කරන මිථුන අයට වාසනාව නිරතුරු ලැබේ, ආර්ථික වාසි ඇතිවේ.
ගෘහ ජීවිතය යහපත්ව ගත වේ. නමුත් කරදරකාරයන් සිටිනවා පරිස්සම් වන්න. අසල්වාසින් සමග රණ්ඩුවල පැටලීමට ඉඩ ඇත. පරිස්සම් වන්න.
සෞඛ්‍ය තත්වය
ආහාර නොදිරවීමේ රෝග තවද උෂ්ණාධික රෝග බඩේ අමාරු ඇතිවිමට ඉඩ ඇත. සතිය මුලදි සෙම් අමාරු පැවතියද පසුව ඒවා හරියයි.

කටක
මේ සතිය ඔබට තරමක ශුභ සතියකි. ඔබට වාසනාව තරමක් ප්‍රමාද වී ලැබුවා කියා සිතිය හැක.
ආර්ථිකය යහපත් වේ. විශේෂයෙන්ම විදේශ රැකියා වල නියුතු ස්ත්‍රි පුරුෂ දෙපාර්ශවයටම මේ තත්වය පොදු බව කිව යුතුය. එය බලවත්වූ ග්‍රහ යෙදුමකි.
ඔබට මේ සතිය තුලදි ගෘහ ජීවිතයේ සතුට සමාදානය ඇතිවේ. නිවසට අලුත් දේ මිලදී ගැනීමට සිත්වේ. දුරබැහැර ගමන් යාම නියමයි.
සෞඛ්‍ය තත්වයේ පපුවේ දැවිල්ල, ගැස්ට්‍රයිටීස් රෝග වැනි දේ සෙම් අමාරුත් ගැන විශේෂ අවදානය යොමු කරන්න.

සිංහ
මේ සතිය ඔබට සමඵල සතියකි.
සදුගේ චාරය අනුව, ඔබට සතිය මැද හොදයි. ආර්ථික දියුණුව ඇතිවේ. ධන ධාන්‍ය තත්වයේ වෙනසක් නොවූවත් ඔබගේ ලැබෙන මුදල් නාස්තිවිමට ඉඩ ඇත. ඒ ගැන වග බලා ගන්න.
ගෘහ ජීවිතයද වෙනදා මෙන් සාමාන්‍ය මට්ටමක පවති. ඒ ගැන කලබල විය යුතු නැත. විශේෂ අගුණ දෝෂ නොමැත.
සෞඛ්‍ය තත්වයේද ප්‍රබල දෝෂ නැත, නමුත් අනතුරු වලින් පරිස්සම් විමට වග බලා ගන්න, විශේෂයෙන්ම අගහරු/කුජ මහ දසා අතුරු දසා ගත කරන අය.

කන්‍යා
මිශ්‍රපල සතියකි.
මේ සතිය ඔබට තරමකට සුබ බව කිව යුතුය. ඒ ආර්ථික පැත්තෙන් වේ.
ආර්ථික තත්වය බොහෝ යහපත් වේ. රැකියා හිමි අයට නව රැකියා තවත් ලැබීමටද වෙලදාම් කරන අය එම වෙලදාම් තවත් දියුණු කරගැනීමටද වාසනාවන්ත කාලයක් වෙයි. විවිධ පලාත් වල ගොස් ව්‍යාපාර කරන කන්‍යා ලග්න අයට ඒ ගමන් නිසා ආදායම් මාර්ග දියුණු වේ.
ගෘහ ජීවිතය තුල විමසීමෙන් කටයුතු කරන්න. ආවේග පාලනය කිරීමට යුහුසුළු වන්න. විශේසයෙන්ම ලොකු වගකීම් ඇති කන්‍යා ලග්න කරුවන් ගෘහ ජීවිතයෙදි ප්‍රවේසම් වීම සුබයි.
සෞඛ්‍ය සම්බන්ධව පරිස්සම් විය යුත්තේ හිස සම්බන්ධ රෝග සහ උගුරේ සෙම් ගෙඩි වැනි රෝග වලිනි.

තුලා
සුබ සතියකි.
ආදායම් මාර්ග වැඩි දියුණු වෙන සතියකි. එසේම අලුත් ආදායම් මාර්ග ඇතිවීමට පුලුවන. ජලය ආශ්‍රිත දේවල් වලින් වෙළහෙලදාම් කරන අයටත් ආපන ශාලා සහ ආහාර ද්‍රව්‍ය වෙලදාම් කරන අයටත් මේ සතිය සුබයි. එසේම හිතවතුන් අසල්වාසින් සමග මුදලින් ණය තුරුස්වීමෙන් වැලකිය යුතුය, මන්ද එම ණය දුන්නොත් ආයෙ ලැබෙන්නෙ නැති බැවිනි.
ගෙදර දොරේ වාසනාව සමගිය ඇතිවන සතියකි.
එසේම වැඩිහිටියන්ගෙන් උදව් උපකාර ලබාගැනීමට හැකියාව ඇත.
සෞඛ්‍ය සම්බන්ධව සෙම් අමාරු සහ හිස සම්බන්ධ රෝගත් උෂ්ණාධික රෝගාබාධ ගැනත් සැලකිලිමත් වන්න.

වෘශ්චික
මේ සතිය එතරම් වාසනාවන්ත සතියක් නොවනු ඇත.
ආර්ථික තත්වයේ එතරම් යහපත් නොවේ. මන්ද සියලුම ග්‍රහයන් එක් පැත්තකට ඇතිවී මේ සතියේ තත්කාල ග්‍රහචාරය දුර්වල කරන බැවිනි.
ගෘහ ජීවිතය සාමාන්‍ය පරිදි පවතී. ඒ අතර කාලයක් ඈත්ව සිටි වැඩිහිටියෙක් නිවසට පැමිණීමට ඉඩ ඇත. පවුලේ අයට දුරබැහැර වන්දනා ගමන් යෙදීමට ඉඩ ඇත.
සෞඛ්‍ය තත්වය ගැන අවදානමත් විය යුතු සතියකි. උෂ්ණ්‍ය නිසා හටගන්නා රෝග, හිසේ කැක්කුම්, නිදන්ගත රෝග ඇති අය පරිස්සම් වන්න.

ධනු
මේ සතිය සාමාන්‍ය සතියකි.
ධන ධාන්‍ය තත්වය හොදයි. හවුල් ව්‍යාපාර කරන අයට මේ කාලය හොද බව කිව යුතුය. ස්වාමි භාර්යා දෙදෙනා එකතු වී කරන ව්‍යාපාර කටයුතු ඉතාම හොදින් සාර්ථක වේ.
විශේෂයෙන්ම ගෘහ ජීවිතය ඇතුලත සමාදානය සහ ප්‍රීතිය ඇතිවේ. දරුවන්ගේ විශේෂ දක්ෂතා නිසා ඔබ ප්‍රමෝදයට පත්වන සතියකි. පෙම් සබදතා සපල වන අතර, අවිවාහක අයට මංගල යෝග බලවත් වෙයි.
ඉගෙන ගන්නා වයසේ දූපුතුන්ට හොදයි.
සතියේ මුල් දවස් 3දි පමණ වැස්සෙන් පින්නෙන් ජලයෙන් බෝවෙන ලෙඩ වලින් පරිස්සම් වන්න.

මකර
මේ සතිය මකර ලග්න හිමි ඔබට පෙරට වඩා හොද බව කිව යුතුය.
ධන ධාන්‍ය තත්වය යහපත්ය. විශේෂ අවාසි සිදු නොවේ.
ගෘහ ජීවිතය තුල ප්‍රීතිය ප්‍රමෝදය ඇතිවේ. අඹුසැමියන් අතර සමාදානය වර්ධනය වේ. නිවසට සහ ඔබට අලුත් බඩුමුට්ටු සහ ඇඳුම් පැළදුම් ලැබෙන සතියකි. එයින් ඔබට සතුට ලැබේ.
සෞඛ්‍ය තත්වය නම් සාමාන්‍යයි. සතියේ අන්තිම දවස් 2 තුල ජලය ආශ්‍රිත රෝග වලින් පරිස්සම් වන්න.

කුම්භ
මේ සතිය ඔබට ශුභ පල සහ අසුභ පල මිශ්‍රව දෙන සතියකි.
මුදල් අගහිගකම් තරමකට ඇතිවිමට ඉඩ ඇත. රවි දුර්වලව 4 වැන්නේ සතුරුව සිටිම නිසා ගෙදර සිටින වැඩිහිටියෙකුට අපල වන අතර යම් වටිනා වස්තුවක් යම් වෙලාවකදී සොරා ගැනිමට ඉඩ ඇත. ඒ ගැන සැලකිලිමත් වන්න. ඔබගේ මහන්සිය අනුව මුදල් හම්බ කරගැනිමට ඔබට පුලුවන. ඒ ගැන කලබල විය යුතු නැත.
ගෘහ ජීවිතය සාමාන්‍ය පරිදි ගත වේ.
සෞඛ්‍ය තත්වය පපුවේ සෙම තිබෙන අය පරිස්සම් වන්න. එසේම ශල්‍යකර්ම වලට භාජනය වි ඇති කුම්භ ලග්න අය එම තුවාල පරිස්සම් කරගැනිම බොහෝම වටිනවා ඇත.

මීන
ඔබටද මේ සතිය ශුභාශුභ මිශ්‍රව ලැබේ. සිකුරු කේතු ධනස්ථානයේ පිහිටා සදුද 5 වැන්නේ පිහිටිම නිසා ආදායම් මාර්ග ඇතිවිමට ඉඩ තිබේ. නමුත් සියලුම ලග්න වලට බලපාන කාල සර්ප යෝග බලය ඔබටද පොදු බව කියමි. ධන ධාන්‍ය තත්වය සාමාන්‍ය පරිදි පවතින අතර, ලැබෙන මුදල් පරිස්සම් කරගැනිම තරමක අපහසු බව කිව යුතුය.
ගෘහ ජීවිතය තුල සාමාන්‍ය සතුට සමාදානය පවතී.
සෞඛ්‍ය තත්වය
තුන්දොස් කෝප වීම නිසා සෑදෙන ලෙඩ රෝග වලින් පරිස්සම් වන්න.

Iru Astrology

No comments:

Post a Comment