Sunday, June 1, 2014

Narendra Modi - Indian Prime Minister කේන්දර සටහන් විග්‍රහය

_ ලොව ශිෂ්ටාචාර අතරින් දීර්ඝතම ඉතිහාසයක් ඇති ශිෂ්ටාචාරය ලෙස ඉන්දු නිම්න හැදින්විය හැක_

එය බුද්ධ කාලින ඉතිහාසයේ සිට ඊටත් වඩා අතීතයකට දිව යයි. මෙවන් අතීතයක් ඇති ප්‍රෞඪ ඉතිහාසයක් ඇති ඉන්දියාව අපටද සබදකම් ඇති රටකි අතීතයේ සිටම.
අපගේ ගෞතම බුදු රජාණන් වහන්සේගෙ පාද ස්පර්ශය ලද භාරතය අද දේශපාලනික වශයෙන් මහා පෙරලියකට ලක්වී ඇත. ඒ කවර දෙයක් නිසාවත් නොව ප්‍රජාතාන්ත්‍රික ජනරජයක් ලෙස පත්වූ දා සිට අද දක්වාම පැවැත්වූ මැතිවරණ ඉතිහාසයේ නව පෙරලියක් සහ නව යුගයක් සනිටුහන් කරමින් නව අග්‍රාමාත්‍ය වරයෙක් භාරතයට මැතිවරණයකින් ජනිත වීමය.

ඒ කවරෙකුවත් නොව ඉන්දියාව හෙවත් භාරතයේ සුක්කානම අතට ගත් ඔහු ගරු නරේන්ද්‍ර ධර්මෝදාස් මෝඩි මැතිතුමාය.

මෝඩි මැතිතුමා මෙලොව උපදින අවස්ථාව වන විට නැගෙනහිර අහසේ ඔහුගේ කර්මයට අනුව කෝටි 121ක ජනතාව පාලනය කිරීමට සහ ප්‍රබල රාජ්‍යතාන්ත්‍රිකයෙක් වීමට හේතු වූ ග්‍රහ බලය විමසා බලමු.

● 1950 වසරේ 9 මස 17 ඉරිදා දවසේ දහවල් 11ට ඉන්දියාවේ උපත ලබා ඇති මෙතුමා කුජ හිමි වෘශ්චික ලග්නයෙන් උපත ලබා ඇත.
මෙතුමාගේ ලග්න භාවයේ කුජ චන්ද්‍ර යෝයක් ඇත. බ්‍රහස්පති හෙවත් ගුරු 4 සිටියදි රාහු 5ය. සෙනසුරු සහ සිකුරු ග්‍රහයන් 2 දස වැන්නේය. රවි බුද කේතු යන ග්‍රහයන් 11 වැන්නේය. මෙතුමාගේ ජන්ම පත්‍රයට අනුව නිසර්ග ග්‍රහ බලයක් පාලනයටම රැගෙන ආවා මෙනි.
සදහන් කල යුතු ප්‍රධානම තත්වය නම් මෙතුමන්ගේ ජන්ම පත්‍රයේ හැටියට ලග්නයේ පිහිටා ඇත කුජ චන්ද්‍ර යෝගයයි.

● එසේම 5 වැන්නාධිපතියා 4 වැන්නේ සිටිම නිසා පුද්ගලයා ස්ථාවර මනසකින් හෙබි අයෙකි. මෙතුමා අපගේ ගමේ ගොඩේ භාෂාවෙන් කියනවා නම් සුපිරි වැඩ කාරයෙකි. එයට හේතුව රුචක යෝග බලය මිශ්‍රව සිටියදි අගහරුගෙන් 10 සිකුරු සිටීමත්ය.

● කුඩා කල සිටම දුක්බර දිවියක් ගත කල මෙතුමාගේ අතීත කතා දැන් කිම එතරම් සුදුසු නොවේ. කොහේ සිටියත් කොතැන සිටියත් රන් කඳ බබලනවා කියන්නේ මෙවැනි දේවල් වලටය.
මෙතුමා රවි බුද කේතු 11 වැන්නේ සිටින විට උප්පත්තිය ලබා ඇති නිසා මෙතුමා දිල්ලි විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකි. ගුජරාටි විශ්ව විද්‍යාලයේද උපාධිධාරියෙකි.
එය උගත්කම පිහිටා සිටින යෝගයක් ආකාරයට ස්වක්ෂෙත්‍ර බලයෙන් සිටින බුද රාජ්‍යකාරක රවි සමග 11 පිහිටා ඇත. කෝටියක් දෝෂ භංග වී ඇත.

●රාහු 5 සිටින මෙතුමා උපතින්ම චාන්ස් කාරයෙකි. ඔට්ටු ඇල්ලීමෙන් සහ සූදු ක්‍රීඩාවෙන් දිනීමට පවා රාහු 5 සිටිම අතිශයින් වැදගත් වේ.
කෝටි 121කින් කෙනෙක් අගමැති ලෙස පත්වීම ඒ වගේ දැයි පාඨක ඔබ කල්පනා කර බලන්න. මෙතුමාගේ පෞද්ගලික ජීවිතය ගැන සලකා බැලීමෙදි මෙතුමා තැලී පෑගි පොඩිවි සිටින මිනිසුන්ට උපකාර කරයි. ඉතිහාසයේ එවන් අවස්ථා එමටයි. ඒ ශනි ග්‍රහයාගේ 10 වැනේ පිහිටිමය.
එය දේශපාලනයට පිහිටා තිබිය යුතුම යෝගයකි.
ඉන්දියාවේ පීඩිත පන්තියේ ජනතාව බහුතරයක් මෙතුමාට ඡන්දය ලබාදී ඇත. ඉන්දියාවේ සාමාන්‍ය වංශවත් නොවු කුලයක උපන් ශ්‍රීමත් නරේන්ද්‍ර මෝදි මැතිතුමා දුප්පතුන් අතරින් මතුවූ ආකාරය බලන්න.

● මෙතුමාගේ විවාහය මතභේදයට තුඩුදෙන විවාහයකි.
එය වයස අවුරුදු 18දි දෙමාපියන් උපන් වර්ෂය, කුලය වර්ගය අනුව කරදුන් විවාහයකි. එතුමා එයින් ඉවත් වන්නෙ එයින් ප්‍රයෝජනයක් නොමැති නිසා බැවිනි.
ලග්නයේ සිටින චන්ද්‍ර මංගල යෝගය විවාහ ස්ථානයට එල්ල වීමත් විවාහය ප්‍රේමය ආලිංගනය වැනි කරුණු කාරණා වලදි රාහු 5 සිට ප්‍රබල කඩා බිඳ දැමීමක් කර ඇති බව ජෝතිෂයට අනුව මනාවට පැහැදිලි වේ.

● මෙතුමා නිර්මාංශ ආහාර ගන්නා උතුමෙකි. මෙතුමා ආගම දහමට සහ බුදු දහමට ඉතාම කිට්ටුවන්තව කටයුතු කරන උතුමෙකි. උපතින්ම දෙවියන් කෙරේ අචල භක්තියක් ඇති නරේන්ද්‍ර මෝදි මැතිතුමා සියලුම ආගම් වලට සමානව සලකයි. එසේම හින්දු භක්තිකයෙක් වුවත් බුදු දහමට මනාව ගරු සරු දක්වන්නේ සහ ඒ ගැන සොයා බලන්නේ ගරු අගමැතිතුමාට ශනි - සිකුරු යෝගයක් 10 වැන්නේ පිහිටා තිබිමයි. එය පැවිදි යෝගයක් බව කිව යුතුය.

● එතුමාගේ යම් යම් ඉරියව් ලක්ෂණ බැලීමේදි එතුමා විටෙක ආගමික පැත්තෙන් ගොස් එවන් ඇඳුම් ආයිත්තම් ඇඳ ගත් ඡායාරූප අප දැක ඇත්තෙමු.
ඒවා ශ්‍රී ලංකාවේ සම ‘හරක්‘ දේශපාලනඥයන් මෙන් ජනතාව ගොනාට ඇන්දීමට ගත් උපාය මාර්ග නොවන බව අපට මේ හදහන බැලීම තුලින් නිගමනය කල හැක. එසේම ගරු මෝදි මැතිතුමා නිකන්ම නිකන් මනුෂ්‍යයෙක්ද නොවේ.
රවි බුධ කේතු බලවත්ව පිහිටා සිටින මෙතුමා හොඳ උගතෙකි. ඒ ගැන කලින් සඳහනේ දක්වා ඇත.

● විශේෂයෙන්ම දේශපාලනයෙන් ඉහලට මෙතුමා එන්නේ 1985 වසරේ සිටය.
එම මහ දසාව 2005 දක්වාම පැවතුනි. සිකුරු මහ දසාව ප්‍රබලවම බලපා ඇත. මෙහිද පෞද්ගලිකව එතුමා විඳි දේවල් එතුමාගේ ජන්ම පත්‍ර විග්‍රහයෙදි අප මුලින් සදහන් කර ඇත.

2011 වසරේ සිට මෙතුමාට ගත වන්නේ සදුගේ මහ දසාවය. උප්පත්ති කේන්දරය අනුව සෙනසුරුගෙන් පීඩා විදි මෙතුමා අනුර නැකතින් උපත ලබා ඇත. දැනට ඒරාෂ්ඨක අපලයක් ගත වෙද්දිත් මෙතුමාට රාජ්‍ය බලය ලබාදි ඇත. මෙතුමා ඒ බලය නිසා වැජඹේ. මෙතුමාගේ ඉදිරි කාලයද ඉතාම සුභ බව කිව යුතුය. මෙතුමාගේ කේන්දරයේ ඇති ජනතාවාදි බවත් උපරිම වාසනා මහිමය නිසාත් භාරතයට ඉදිරියෙදි සුභ කාලයක් ගත වනු ඇත.

** සැබවින්ම බුදු දහමත් හින්දු ආගමත් සමාන්තර රේඛාවක අදහන මෙතුමා අප ශ්‍රී ලංකාවටද ආදරය කරන රාජ්‍ය තාන්ත්‍රිකයෙක් බව කිව යුතුය. අපගේ එදිනෙදා සාමාන්‍ය විශ්වාසය අනුව භාරතයේ එදා පහල වූ පින්වත් රජතුමෙකුගේ පුනර්භවයද හැඟේ.
අප රට සමග මනා රාජ්‍යතාන්ත්‍රික සබදතා ගොඩ නගා ගනු ඇති බව අපට විශ්වාසයි. පසුගිය කාලයෙදි අපගේ ජිනිවා මානව හිමිකම් ප්‍රශ්නයෙදි අපට දිගින් දිගටම කෙනෙහිලිකම් කල කලින් තිබූ රජය බිද වැටීම අපගේ ශ්‍රී ලංකාවේ ආනුභාවයකටම සිදුවූවා දැයි සිතේ. මෙතුමාගේ හදහන ගැන කියන්න තිබෙන කරුනු බොහෝය. නමුත් මෙතුමා සම්බන්ධව බොහෝ කරුණු මේ විස්තරය තුල අන්තර්ගතවි ඇත. අප රටටද හිතවත් මෙතුමා බොහෝ කාලයක් රාජ්‍ය බලය හොබවා අසල්වැසි භාරතයද දියුණු කොට අප රටද විදේශ බලවේග වලින් ආරක්ෂා කරන උතුම් පුද්ගලයෙක් වන බව ජෝතිෂ්‍යය අනුව පැහැදිලි වේ.

ශ්‍රීමත් නරේන්ද්‍ර මෝදි මැතිතුමාට චිර ජීවනය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් එතුමාට සුභාශිංසන පුද කරමින් ඉරු සේවයේ මේ ලිපිය අවසන් කරමි.

No comments:

Post a Comment