Friday, June 20, 2014

~ ගුරු මාරුව - 2014 ~

නව ග්‍රහයන් අතර විශිෂ්ඨම සුභ පල දෙන ග්‍රහයා වන්නේ, ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයාය. මෙම ග්‍රහයා ඉතාම විශ්වාසවන්තම ග්‍රහයෙකි. කෙනෙකුට අපල උපද්‍රව ඇති කරන්නෙ කලාතුරකිනි. 
එසේම මෙම ග්‍රහතාරකාව මෙම 19 වන දින කටක රාශිගත වේ. 
ස්වකීය උච්ච භවනයට පැමිණෙන බ්‍රහස්පති හෙවත් සුරගුරු තාරකාව සියලු සත්වයන්ට කෙබදු ඵල අත්කර දේදැයි මුළු ලොවම බලා සිටී. විශේෂයෙන්ම සියලුම ආශ වල මෙන්ම රාජ්‍ය තාන්ත්‍රිකන් දේශපාලකයන් සහ සියලුම අය මේ සම්බන්ධව උනන්දුවෙන් ඉන්නා බව පැහැදිලිය. 
මෙම අතිසුවිශේෂි ග්‍රහ මාරුව ලග්න 12ට කෙසේ බලපාවිදැයි අපි විමසා බලමු. 

මේෂ 

4 වැන්නේ ගුරු උච්ච වීම ඉතාම ශුභදායක තත්වයකි. මේෂ ලග්න හිමියන්ගේ ගේ දොර ඉඩකඩම් වාසනාව මතුවෙන බව කිව යුතුය. 
අලුත් යාන වාහන මෙන්ම සුඛෝපභෝගි දිවියට අවශ්‍ය වන සියලුම උපකරණ ලැබෙනු ඇත. එය හොඳයි. 

වෘෂභ

වෘෂභ ලග්න අයට 3 වැන්නේ ගුරු උච්ච වීම එතරම් සුබපලදායක නොවනු ඇත. මෙම ලග්නයේ සහෝදරකාරකාදීන්ට සහ ඥාතින්ට යම් සුබ පලයක් අත්විමට ඉඩ ඇතත් පොදුවේ ලග්න හිමියාට මේ වරප්‍රසාදය නොලැබෙන බව කිව යුතුය. අසනීප හා ලෙඩ රෝග වලට හේතුයි. 

මිථුන

2 වැන්නේ උච්ච වීම ඉතාම ශුභපල දායකයි. ධන ස්ථානයේ උච්ච වීම නිසා ආර්ථික පැත්තෙන් ධනයෙන් උසස්වීම, නව රැකියා අවස්ථා ලැබීම, වස්තුව දේපල ලැබීම නියමයි. 
අවිවාහක අයට මංගල යෝග උදාවේ. 

කටක

1 වැන්නේ ගුරු උච්ච වේ. කටක ලග්නයෙන් උපදින දරුවන්ට ගුරු හංස යෝගය නැමති ප්‍රබල රාජ යෝගය යෙදේ. විශේෂයෙන්ම ඉගෙන ගන්නා දරුවන්ටද පසුගිය කාලයේ ගෘහ ජීවිතයේ සහ විවිධ ප්‍රශ්න නිසා හෙම්බත් වූ කටක ලග්න අයටද බොහෝ සැනසිලිදායක ග්‍රහ මාරුවකි ගුරු මාරුව. පුද්ගලයාගේ හැටි හැටියට සුබ පල ලබාදීමට නියමිතයි. 

සිංහ 

12 වැන්නේ/ වැය ස්ථානයේ ගුරු ග්‍රහයා උච්ච වීම අලුත විවාහ වූ අයගේ අඹුසැමි ප්‍රීතිය වර්ධනය වීමට හේතුවකි. සිංහ ලග්න හිමි තරුණයන්ට උසස් වනිතා පක්ෂයේ කායික ඇසුර ලැබීමට ඉඩ ඇත. එසේම පිනට දහමට නැඹුරු වන කාලයකි. ඥාතියෙකුගේ හෝ වෙනයම් පාර්ශවයකට මැදිවී එයට මුදල් වැය කිරීමට ඉඩ ඇත. එසේ බලන කල සිංහ ලග්නයට මේ ග්‍රහමාරුව මධ්‍යස්ථ බව කිව යුතුය.

කන්‍යා

11 වැන්නේ ගුරු උච්ච වේ. මෙම බලපෑම නිසා කන්‍යා ලග්න හිමියන්ගේ ආදායම් තත්වය ඉහල යයි. විවාහ අපේක්ෂකයන්ට මංගල යෝජනා ලැබීමද ප්‍රේම සබදතා ඇති අයගේ එම තත්වයන් ස්ථිර වීමද සිදුවේ. 
රටතොට තුල ජනප්‍රිය විමද මේ කාලය තුල සිදුවන කාරණාවකි. රැකි රක්ෂා, වෙලද ව්‍යාපාර වලින් ඉහල මට්ටමකට පැමිනේ. බොහෝ ශුභයි.

තුලා

තුලා ලග්න අයගේ 10 වැන්නේ ගුරු උච්ච වේ. තුලාවට ගුරු පාපියෙක් වුවද 10 වැන්නට පැමිණිම යහපත්ය. විසේසයෙන්ම ව්‍යාපාරික ක්ෂෙත්‍ර වල අයට සහ බැංකු වල වැඩ කරන අයට මේ ග්‍රහමාරුව හොදයි. අනෙක් අයට එතරම්ම සුබ පල නොලැබෙන බව කිව යුතුය.

වෘශ්චික

වෘශ්චික ලග්නයට ගුරු ග්‍රහයා 9 වැන්නට පැමිණ උච්ච වන්නේ වසර 12කට පසුවය. එම නිසා කාලයක් තිබුනු විවිධාකාරයේ ප්‍රශ්න රාශියක් මගහැරේ. විදේශ රටවල සිටින අයට සහ විදෙස්ගත වීමට බලාපොරොත්තු වන අයට එම කරුණු කාරණා ඉෂ්ඨ සිද්ධ වේ. 
දියුණුව උදෙසා වැඩිහිටියන්ගේ උදව් උපකාර ලැබෙන අතර ආගමික භක්තිය ඇතිවේ. නිවි සැනසිල්ලේ සිටිමට කාලයක් උදාවේ. 

ධනු

8 වැන්නේ ගුරු උච්ච වීම විපරීත භාවයකි. විවාහයේ සැප සම්පත් හිමිවේ. දායාද ආදිය ලැබීමට ඉඩ තිබේ. එසේම වැඩිහිටියන්ගෙන් උදව් උපකාර හිමිවේ. 

මකර

7 වැන්නේ ගුරු උච්ච වීම නිසා මංගල යෝග ස්ථිර වේ. එසේම හවුලේ කරන ව්‍යාපාර කටයුතු වලට හොද බව කිව යුතුය. ප්‍රීතියෙන් සතුටින් සිටීමට ඉඩ ලැබේ. 

කුම්භ 

6 වැන්නේ ගුරු උච්ච වීම මහත් සාධනීය ආකාරයට බල නොපාන බව කිව හැක. 
මෙම උප්පත්තියේ ගුරු දුර්වල අයගේ 6 වැන්නට ගුරු පැමිණිම නිසා විවිධ රෝගාබාධ වලට ගොදුරු විය හැක. එසේම උදාරබාධ, බෝවන ලෙඩ රෝග ඇතිවිමට ඉඩ ඇත. රෝග පීඩාම විශේෂයි. 

මීන

5වැන්නේ ගුරු උච්ච වීම සැබවින්ම හොඳයි. වාසනාවන්ත කාලයක් උදාවේ. උපන් දරුවන්ගේ අධ්‍යාපන තත්වය යහපත් වේ. එසේම අධ්‍යාපන තත්වය යහපත් වන අතර විදේශ ගතවී ඉගෙන ගැනීමට එම ශිෂ්‍යයන්ට පුලුවන. මංගල යෝජනා සඵල වේ. ප්‍රේම සබදතා ඇතිවේ. දරු සම්පත් බලාපොරොත්තු වන මීන ලග්න අයට වාසනාවන්ත දරු සම්පත් ලැබේ. 
මෙය ප්‍රබලම ග්‍රහ තත්වයකි. 
___
Iru Sewaya
ජූලි 11 වනදා සිදුවන රාහු කේතු මාරුව ගැනද විසේස ලිපියක් බලාපොරොත්තු වන්න.

No comments:

Post a Comment