Monday, June 16, 2014

මේ සතිය ලග්නෙට කොහොමද ? (ජුනි 16 සිට)

මේෂ 
මේෂ ලග්නයෙන් උපන් අයට මේ සතිය මධ්‍යස්ථ පල සහිතයි. 
මුදල් ඉපයීමට පැවති බාධාවන් අඩුවන කාලයකි. හවුල් ව්‍යාපාර වලදී තරමක් ඉවසීමෙන් කටයුතු කල යුතුය. ණය තුරුස් වලින් නිදහස් වීමට පුලුවන්. තමාට අලාභ පාඩු වූ දේ ගැන හොයා බැලීමට කාලයක් පැමිණේ. 
පවුල් ජිවිතය ගත කිරිමෙදි ඉවසීම අවශ්‍යයි. අවිවාහක අයට මංගල යෝග යෙදේ. 
ශනි දසා රාහු දසා ගත කරන අයට යම් අපල සිදුවිය හැකි බැවින් ඒ ගැන සැලකිලිමත් වන්න.
සෙම් අමාරු සහ තරබාරු වීම ආදි සෞඛ්‍ය ගැටළු ගැන අවදානමත් වන්න.

වෘෂභ
මිශ්‍රපල සහිත සතියකි. 
සිකුරු ග්‍රහයා 11 වැන්නේ තැන්පත්වීම සහ බුධගේ බලවත්වීම නිසා මේ සතියේ බොහෝ දියුණුව උදෙසා කරන කටයුතු වල ශුභ පල ඇතිවේ. නිවාස භූමි ලාභ සහිතයි. ලැබෙන මුදල් ආරක්ෂා කරගැනීමට සිත් ඇතිවේ. 
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වේ. අඹුසැමි ප්‍රීතිය ඇතිවේ. අවිවාහක අයට මංගල යෝග සහිතයි. තමාගේ සිත සතුටු කෙරේ. 
උදරය සම්බන්ධ රෝග පීඩා වර්ධනය වීමට ඉඩ ඇත.

මිථුන
ශුභ සතියකි.
කරන කියන කටයුතු යහපත්ව පවතී. 
මෙම ලග්නයටද භූමි ලාභ හිමියි. 
ගෘහ ජීවිතයේ සාර්ථකත්වය ඇතිවේ. දියුණුව ඇතිවන කාලයකි. 
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැති වුවද සතිය මැදදී සෙම් අමාරු සහ උදරාබාධ ගැන සැලකිලිමත් වන්න.

කටක
ශුභාශුභ මිශ්‍ර පල සතියකි. 
මිල මුදල් පරිපාලනයෙදි තමන්ගේ දුර්වලකම් නිසා ධනය අනවශ්‍ය ලෙස වියදම් විය හැක.
දුන් අයගෙන් නොලැබීමට ඉඩ ඇත. 
ගෘහ ජීවිතයෙදි කේන්ති ගතිය අඩුවනු ඇත. ඥාතින් ඇසුරට ඉඩ ඇත. 
විවාහාපේක්ෂක අයගේ විවාහයන් ප්‍රමාද වීමට ඉඩ ඇත.
හිස සම්බන්ධ රෝග සහ ශ්‍රවණාබාධ ඇතිවිමට ඉඩ ඇත. 

සිංහ
සිංහ ලග්න අයට මේ සතිය මධ්‍යස්ථ පල සහිතයි.
ධන ධාන්‍ය තත්වය යහපත් වේ. ආදායම් මාර්ග සරු වන අතර උපයන මුදලින් නිසි ඵල ප්‍රයෝජන ලැබේ. විශේෂයෙන් බුද මහ දසාව ගත කරන සියලුම අයට මෙය එසේමයි. 
දේපල භූමි ලාභ, ඉඩකඩම් ලැබීමට ඉඩ තිබේ. 
ගෘහ ජීවිතයේ අවුල් වියවුල් නිරාකරණය වේ. සතුරුව සිටි අය මිතුරු වේ. ඉගෙන ගන්නා වයසේ දරුවන්ට හොඳයි. අලුත් දේ ඉගෙනීමට ලැබේ. පෙම් සබදතා සඵල වේ.
සතිය මැදදී සෙම් අමාරු සහ උදරාබාධ වලින් පරිස්සම් වන්න.

කන්‍යා
ශුභාශුභ මිශ්‍රපලයි.
ධනෝපායන මාර්ග වල බාධක අවම වේ. තමන්ගේ ඥාන ශක්තියෙන් ඇතිවන ආදායම් මාර්ග වලට නිසි ඵල ප්‍රයෝජන ලබාගත හැක. බොහෝ කාලයක් පීඩා විඳි ණය තුරුස් වලින් නිදහස් වේ. 
ගෘහ ජීවිතය තුල කලක් තිස්සේ මුහුණු පෑ යම් යම් ගැටළු වලින් නිදහස් වේ.
විවාහ අපේක්ෂිත අයට විවාහ යෝජනා ඉදිරිපත් වේ. පුරුෂ ශක්තිය අධික වන කාලයකි. 
රෝගපීඩා වලින් අත්මිදේ. උෂ්ණය නිසා ඇතිවන නිසා ඇතිවන රෝගද, අක්ෂි ආබාධද ඇතිවිමට ඉඩ ඇත.

තුලා
මධ්‍යස්ථ පල සහිතයි.
ආදායම් මාර්ග වලදී යම් ගැටළු විසඳා ගැනීමට ඉඩ තිබේ. වැඩිහිටියන්ගෙන් උදව් උපකාර ලැබේ. ප්‍රබල දියුණුවක් නැති වුවද එදිනෙදා කටයුතු යහපත්ව කරගෙන යෑමට පුලුවන. ගොවිතැන් කරන අයගේ ගැටළු නිරාකරණය වේ. 
ගෘහ ජීවිතයෙදි දෙදෙනා අතර යම්කිසි එකඟතා ඇතිවේ. ආගම දහමට නැඹුරුවීම දක්නට ලැබේ. 
වැඩිහිටි පැවිදි උතුමන්ට සත්කාර කිරීමට සිත්වේ. 
ඉගෙන ගන්නා අයට උසස් අධ්‍යාපනයට වාසනාව ලැබේ.
සෙම් රෝග සහ අක්ෂි ආබාධ ගැන සැලකිලිමත් වන්න.

වෘශ්චික
මේ සතිය සුභ සතියකි.
අතමිට ආදායම් මාර්ග සරුවන කාලයකි. 
විශේෂයෙන් බුද, ගුරු මහ දසා ගත කරන අයට ආර්ථික වාසි හිමිවේ. 
කලා කටයුතු හා විවිධ නිර්මාණශීලි කටයුතු වල නියුතු හා ඒ සම්බන්ධ රැකියා කරන අයට වාසනාවන්ත සතියකි. විශේෂයෙන්ම ආයතන ප්‍රධානින් හා කටයුතු කිරිමෙදි ප්‍රවේසම් විය යුතුයි. 
ගෘහ ජිවිතය තුල යම්කිසි ආකාරයකට බාධා කිරිම් මතුවිය හැක. 
විශේෂයෙන්ම මේ දිනවල විවාහස්ථානාධිපති සිකුරු සහ පාපියෙක් වන රවි 7 සිටීම නිසා විවාහ ජිවිතයේ ලිංගික කටයුතු වල යම්කිසි ප්‍රශ්න ඇතිවිමටත් එයින් යුගදිවි සතුට අඩුවිමටත් හේතුවිය හැක. දරුවන් බලාපොරොත්තු වන අයගේ යම්කිසි ආකාරයකට ප්‍රමාදයක් සිදුවිය හැක. 
දෙපාවල යම් අසනීපත් සිරුර ස්ථුල වීමට යම් කරුණු කාරණාත් යෙදේ.

ධනු
මේ සතිය ශුභයි.
ආදායම් මාර්ග සරුවේ. කලක් තිස්සේ පැවතී යම් යම් මුදල් අඟහිගකම් දුරුවේ. විශේෂයෙන් හවුල් ව්‍යාපාරික කටයුතු වලින් වාසි අත්වේ. කීර්තිය ප්‍රශංසාව ඇතිවේ. 
නව පාරිභෝගිකයන් ව්‍යාපාරික අංශයේ අයට මුණ ගැසේ. රැකියා කරන අයටද හොඳ බව කිව යුතුය.
යුග දිවි සැපත හිමිවේ. සමගියට තිබූ බාධා නැතිවේ. වැඩිහිටි අය සමග නම්‍යශීලිව කටයුතු කරන්න. යහපත් අය ඇසුරට එන අවස්ථාව වැඩිවේ. 
උදරය ආශ්‍රිත රෝගද සතිය මැදදී සෙම් සහිත රෝගද ඇතිවිමට ඉඩ ඇති නිසා පරිස්සම් වන්න.

මකර
මිශ්‍රපලයි.
තමන්ට ලැබෙන පල ප්‍රයෝජනවත් ආකාරයට මුදල් යෙදවීම අවම විය හැක. 
නමුත් භූමි ලාභ සහ රථවාහන ලාභ සම්බන්ධව ශුභ පල ඇතිවිමට ඇත. විශේෂයෙන්ම අලුත් ආදායම් මාර්ග ලැබේ. කෙසේ වෙතත් තත්කාල ග්‍රහචාරයේ හැටියට රැකියාවේ ප්‍රබල බාධක දුරුවේ. 
ගෘහ ජීවිතය සාමාන්‍ය පරිදි ගතවේ. ප්‍රීති උත්සව වලට ආශාවක් ඇතිවේ. සිත සැහැල්ලුවෙන් සිටින නිසා ප්‍රීතිමත්ව ගත කිරීමට පුලුවන. 
විශේෂයෙන්ම සෙම් අමාරු ගැන ප්‍රවේසම් වන්න.

කුම්භ
ශුභාශුභ මධ්‍ය ඵලයි.
ආදායම් මාර්ග වල කිසියම් ආකාරයක අඩුවීමක් තිබුනද වියදම් කිරිමට අවශ්‍ය මුදල් ලැබෙන කාලයකි. සතිය මුල් කාලය තරමක අසීරුතා මතුවිය හැක. තමන්ගේ ගෙදර දොර ආශ්‍රිතව හෝ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් දියුණුවට වැය කිරිමට පුලුවන. 
ගෘහ ජිවිතය තුල යම්කිසි ශුභ තත්වයක් මේ අතර උදාවේ. විවාහපේක්ෂක තරුණ තරුණියන්ට මංගල යෝජනා ලැබේ. ප්‍රේම සබදතා ඇති අයගේ එම සබදතා ස්ථිරසාර වනු ඇත. වැඩිහිටියන්ගේ ආශිර්වාදය ලැබෙනු ඇත. පවුලේ අය සමග විනෝදවීමට හැකියාව ඇත.
විශේෂ සෞඛ්‍ය ගැටළු ඇතිවන්නේ නැත.

මීන
මේ ලග්නයට මිශ්‍රපල සහිත බව කිව යුතුයි.
ආදායම් මාර්ග වල යම්කිසි ප්‍රතිලාභ අඩුවිමක් දකින්නට පුලුවන. 
නමුත් භූමි ලාභ, ඉඩකඩම්, රථවාහන ගැනිමට අවස්ථාව ලැබේ. ගුරු මාරුව ලග නිසා යම්කිසි වාසනාවට මෙන් සමහර දේවල් ඇතිවිමට ඉඩ ඇත, ඉදිරි සතියෙදි. 
ගෘහ ජිවිතය අවබෝධයෙන් ගත කිරිමට අවස්ථාව ලැබේ. දෙමාපිය වැඩිහිටි අය සමග යහපත් සබදතා වර්ධනය වේ. සැමියාගේ හෝ බිරිදගේ ඥාති පවුල් ආදියට උදව් උපකාර කිරීමට පෙළඹේ. දෙදෙනා අතර සමගිය සමාදානය ඇතිවේ. 
විසේසයෙන්ම අසාත්මික රෝගාබාධ වලින් පරිස්සම් වන්න. නිදන්ගත රෝග ඇති අය පාලනයට යොමු වන්න.

_ Iru Sewaya _ Iru Astrology _

භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) තැබීම(නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.
0711 345 364

No comments:

Post a Comment